ලංකාවේ මේ සිදුවුණ විපතේදී මා අන්තිම තක්කඩි විදියට ක්‍රියාකරනවා දැක්කේ රජයේ ආයතන කිහිපයකි. විපක්ෂයත් පෙන්නුම් කලේ ඊට වඩා අඩු තක්කඩිබාවයක්.
විපක්ෂ ගැති වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නේ රජය කියන්නේ ජනාධිපති ඇතුළු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටික කියල (දැන් ඉන්න අය විපක්ෂයේ ඉන්න කොටත් එහෙමයි). මම උදාහරණයක් විදියට මේ දවස්වල පැතිරෙන අති ගොබ්බ කතාවක් ගන්නම්. ඒ තමයි BBC එක කිව්ව අනාවැකියක් මේ රජය තුට්ටු දෙකකට මායිම් කලේ නැහැ කියන එක.
පළමු කාරණේ තමයි BBC එක කාලගුණ අනාවැකි ගැන අධ්‍යනය කරන ආයතනයක් නොවෙයි. ඔවුන් ප්‍රවෘත්ති මධ්‍යස්ථානයක් පමණයි. ඔවුන් කරන්නේ යම් කාලගුණ ආයතනයක් මගින් ලබාදෙන තොරතුරු ප්‍රචාරණය කිරීම පමණයි. ලෝකයේ කිසිම ආණ්ඩු පක්ෂයක් ප්‍රවෘත්ති ආයතනයක් කියන විදියට වැඩ කරන්නේ නැහැ. සාමාන්‍ය ක්‍රියාපටිපාටිය තමයි එවැනි ආරංචියක් ලැබුනා නම් එවිට මුලින්ම ක්‍රියාත්මක විය යුත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. ඔවුන් එවිට රුපවාහිනි සම්මුඛ සාකච්චා පැවැත්වීම නෙවෙයි වැදගත්. ඇතිවිය හැකි තත්වය පිළිබඳව DMC එක, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, water board එක, airport aviation සහ අනෙකුත් අදාළ ආයතන දැනුවත් කිරීමයි. ඉන්දියාවේ සහ පකිස්ථානයේ නම් ඔවුන් මුලින්ම දැනුවත් කරන්නේ ත්‍රිවිධ හමුදාවයි (මම එය පෞද්ගලිකවම දනිමි). මීට අමතරව අමතර ප්‍රතිපාදන අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ පහසුකම් සපයා දීමට ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය දැනුවත් කල යුතුය.
මේ දැනුවත් කිරීම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් කළා දැයි මම නොදනිමි. කළා නම් ඊළඟට ක්‍රියාත්මක විය යුතුව තිබුණේ අදාළ ආයතනයි.
"Evacuation under a forecasted disaster" යනු ඕනෑම අයෙකුට හිතුන හිතුන ආකාරයෙන් කළ හැකි සරල කටයුත්තක් නොවේ. ඒ සඳහා ජාත්‍යන්තරය පිළිගත් ක්‍රමවේදයක් ඇත. මේ බව දැන හෝ නොදැන සමහර උගත් යයි කිව හැකි ඔළමොට්ටලයන් පවා පලකරන අදහස් චමත්කාරජනකය.
මේ අවස්ථාවේදී මේ කිසිම අදාළ ආයතනයක ලොක්කෙක් මේ ගැන කට හොල්ලන්නෙ නැත. ඉතා මන්ද බුද්ධික ආකාරයෙන් හැසිරෙන විපක්ෂ හිතවාදීන් මේ ඔක්කොම කුණු ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයට හරවා යවනු බලාගෙන ඔවුන් නිහඬව සිටියි.
මෙම විපත සම්බන්ධයෙන් අනාවැකි පලවීමේදී පියවරක් ගැනීමට කාලයක් නොමැති තරම් ප්‍රමාදයක් සිදුවීද එසේ නැත්නම් යම් අතපසුවීමක් සිදුවී දැයි අදාළ අංශ විසින් කට්ටෙන් එලියට විත් ජනතාවට පැවසිය යුතුය. අපට ඉදිරියේදී මේ තත්වය නැවතත් ඇති නොවීමට යම් පියවරක් ගත හැක්කේ එවිටයි.

No comments:
Post a Comment