Follow this Blog

Monday, 29 December 2014

The Gravest Mistake



The Gravest Mistake


I have seen politicians make errors during the election campaigns. In the last presidential election, SF declined exponentially after his "Kalawadda" outburst. 

However, it was never like this before.... Inviting Salman Khan for the election campaign of MR. 

Experienced campaigners such as Nimal Siripala, Dalas Alahapperma or even Basil Rajapaksha could never have even thought of such stupidity. However, the organizing powers, now in the hands of inexperienced and unintelligent youths like Namal Rajapaksha, such grave mistakes are inevitable.

There are many serious drawbacks of getting someone like Salman Khan for the election campaign, which may trigger a massive erosion not only in the educated urban vote base but also in the rural die-hard support base as well. 

Sensing blood, the opposition camp has already started posting many heart-touching banners in FB, which will be converted into posters and stage climaxes by tomorrow.

* At the first place, No Indian should have been up on a political stage in Sri Lanka irrespective of his/her celluloid popularity. The anti-Indian sentiment among the Sri Lankans is much stronger than their love for the movie scenes.

* As the country is severely hit by floods, inviting sexy film stars for show-off makes a mockery out of the plight of the affected people.

* Everyone knows that these Bollywood Stars charge in millions or billions of Rupees for campaigns and shows. Thus, it is proven beyond doubts now that MR and the family has robbed the public money. 

* Opposition can convincingly tell the public that MR is wasting money that could have been used to give relief to the affected people in the flooded areas.

* Salman Khan is a notorious person in India with two murders and several other criminal offences which include killing of deer in a sanctuary, tagged on his neck. 

* Salman Khan has no reason for promoting MR or Sri Lanka other than simply gaining "MONEY".

* At the same time that these Indian actors stepped into the country, a group of local artists who were performing a street drama in support of the opposition has been assaulted.

* So far MR regime has successfully used "throw the bomb and let them defend" technique at every election. Once "Batalanda" was thrown at Ranil's campaign, the total UNP energy was wasted on clearing themselves. Recently the Ranil-MS agreement was thrown, keeping the common candidate on defence.  Now MR's silly sons have pocketed their own bomb, so that for the next 10 days they will be busy clearing-off themselves.





Wednesday, 24 December 2014

Why should he be defeated?



ඔහු පැරදිය යුත්තේ ඇයි ? 

විධායකයේ විධානය

මට මතක් වන්නේ ජේ ආර් ජයවර්ධන පාලන සමයේ අවසන් වසර කිහිපයයි. ජේ ආර් පාලන තන්ත්‍රය විසින්ම ආරම්භ කල 83 කෝලාහල වල පව් යැවුනේ සමාජවාදී පක්ෂවල කරපිටිනි. පොලිසිය හිතුමතේ මහජනතාවට, විශේෂයෙන්ම සරසවි සිසුන්ට සිය මර්ධන හස්තය දිගු කරන්න විය. ආණ්ඩුවට අවාසි වන ලෙස තීන්දු දෙන උසාවි විනිසුරුවන්ට හූ තබමින් විප්‍රකාර කරන මැරයන් බිහිවිය. තරු හතේ සුපිරි පන්තියක් රටේ සම්පත් කොල්ල කන ගමන් මහජනතාවට විසුළු කරන තත්වයක් ඇතිවිය. රටේ මෙගා ව්‍යාපෘති මෙහෙයවුවෝ ඕස්ට්‍රේලියාවෙන් ඇපල් වතු මිලදී ගැනීමට සමත් විය.

නීතියට පවා හිස නොනමන විධායක ජනාධිපති ධුරයක අරුම එහෙමය.

වසර තිහකට පසු මා දකින්නේ දස ගුණයකින් ඉහළ ගිය ඒ අරුමයේම කූඨ ප්‍රාප්තිය යැයි මට සිතේ. අද විනිසුරුවන්ට හූ කියන්නේ නැත. මන්ද පත් කර ඇති  සියළු විනිසුරුවන් එහෙයියන් වන බැවිනි. එක තීන්දුවක් රජයට අවාසි වුවොහොත් විනිසුරුවා ගෙදරය. ඒ තීන්දුව දුන්නේ අගවිනිසුරු වුවද ඔහුට හෝ ඇයට සමාවක් නැත. ගෙදර එලවන්නේ අක්‍රෝෂ පරිභවද සහිතවය. ප්‍රංශයේ රැජිණක් කුසගින්නේ කෑගසන මිනිසුන්ට පාන් නැත්නම් කේක් කාපං කීවාය. අද එය “වතුර නැත්නම් වෙඩි කාපන්” ලෙස වෙනස්විය යුතුය. එළිවන රහස් මකා දැමීම පිණිස කලෙක ආණ්ඩුවට සේවය කල මැරයෝ සහ පාතාලයෝ එක් අවස්ථාවක මෙලොවින් නික්ම යා යුතුය. ඒ සඳහා පොලිසියට ඕනෑම වාර ගණනක් රඟ පෑ හැකි තිර නාටකයක් ලබා දී ඇත. ඒ "ආයුධ පෙන්නන්න යෑමේ නාටකයයි". උපතිස්ස ගමනායකගෙන් ඇරඹුන මෙම නාටකය අද ජනතාවටද කිසිඳු ප්‍රවෘතියක් නොවන තරම් සාමාන්‍ය සිද්ධියක් වී ඇත. පොලියට ගන්නා ණය බරින් රටම මිරිකෙද්දී දේශපාලුවගේ කුට්ටිය රුපියල් කෝටි ගණන් වල සිට ඩොලර් කෝටි ගණනක් දක්වා වර්ධනය වී ඇත.

විධායක ජනපති ක්‍රමය අපව රැගෙන යන්නේ කොතැනටදැයි ඇස් හැර බලන්න.

මහින්ද රාජපක්ෂ යනු මේ විධායක බල යන්ත්‍රය මගින් DNA විකෘතියකට භාජනය කල එක් අවාසනාවන්ත චරිතයක් පමණි. විනාශ කල යුත්තේ ඒ කළු පැහැ වූ අළු පැහැ මනුෂ්‍යයාව නොවේ. එම විකෘති සාදන යන්ත්‍රයයි.

විධායකය මනරම්ද?

යුද්ධයක් දිනන්න විධායක ජනාධිපති ක්‍රමයක් අවශ්‍යද?

වින්ස්ටන් චර්චිල් දෙවන ලෝක යුද්ධයට කරදී ජයග්‍රහණය කලේය. ඉන්දියාව, අවට රටවල් සමග කිහිපවිටක් යුධ වැදිණි. ෂික් අන්තවාදීන්, කාශ්මීර බෙදුම්වාදීන්, නැක්සලයිට්වදීන් ආදී ත්‍රස්තවාදී සංවිධාන රාශියක් සමග නිරන්තර ගැටී ඔවුන් යටපත් කර දමා ඇත. සිරිමාවෝ රජය 71 කැරැල්ලට සාර්ථකව මුහුණ දුන්නාය. මේ කිසි අවස්ථාවක විධායක ජනාධිපති ක්‍රමයක් තිබුනේ නැත.

විධායක ජනපති ක්‍රමයද දායක වෙමින් ඉහලට එසවුණු කොටි ත්‍රස්තවාදය මර්ධනය කිරීමට, විධායක ජනාධිපති ක්‍රමය තිබියදීත්, දසක දෙකක් ඉක්ම යන තුරු නොහැකිවිය.

දරුණු පිළිකාවක් වූ පාතාලයේ නැගී ඒම නැවතීමට හෝ, රටම විනාශ කර දමන වසංගතයක් වූ මත් ද්‍රව්‍ය උවදුර මැඩලීමට හෝ අසීමිත දුෂණය සීමා කිරීමට විධායක ජනපති ක්‍රමය අසමත්විය. ඇත්තෙන්ම ඒ සියළු ව්‍යසනයන් රටේ වර්ධනය වුයේ විධායක ජනාධිපති ධුරයේ ආරම්භයෙන් පසුවය.

විධායක ජනාධිපති ක්‍රමයට පෙර හා පසුව රටේ පැවතී හා පවතින තත්ව අතර විශාල පරතරයක් ඇත.

සුළු උදාහරණයක් මම මේ සඳහා ඉදිරිපත් කරමි. විධායක ජනාධිපති ක්‍රමයට පාර කැපූ 77 චන්දය පැවති සමයේ මා කුඩා කොලු ගැටයෙකි. මට තවමත් හොඳින් මතක ඇති ආකාරයට එදා පැවතී සිරිමා රජයට එරෙහිව එල්ලවුණු බලවත්ම දුෂණ චෝදනාවක් වුයේ, එවකට ප්‍රබල ඇමතිවරයෙකුව සිටි ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා තම පෞද්ගලික කුකුළු ගොවිපොලකට රජයේ කිරිපිටි තොගයක් සත්‍ව ආහාර ලෙස ලබා දීමයි. විධායක ජනපති ක්‍රමයට පින්සිදු වන්න අද වන විට මෙවැනි දුෂණ හාස්‍යජනක තත්වයකට ඇද වැටී ඇත.

කළු සහ සුදු බව නොදකින දෑස්

ලංකාවේ මිනිසුන් බොහෝ දෙනෙකු තුල පවතින දුර්වලතාවයක් නම් ලෝකය කළු හෝ සුදු ලෙස පෙනීමයි. හොඳ දේ සහ නරක දේ එකම පුද්ගලයෙක් හෝ ආයතනයක් තුල තිබෙන බව දකින්නට බොහෝ දෙනා මැලිවෙති. ලංකාවේ හොඳ පාලකයන් හෝ නරක පාලකයන් කියා වර්ග කල හැකි දෙකොටසක් සිටි බවක් මට නම් නොපෙනේ. රට පාලනය කල සියලු දෙනා තුලින් යම් යම් යහ කාර්යයන් සිදුවී ඇත. නො එසේ නම් වසර 30 ක යුද්ධයකුත් ඇදගෙන පැමිණි අප මේ වන විට අසල්වාසීන් වන පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, ඇෆ්ගනිස්ථානය හා බොහෝ අප්‍රිකානු රාජ්‍යයන්ට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින්නේ නැත. එසේම එම පාලකයන් අතින් යම් යම් අයහපත් ක්‍රියාද සිදුවී ඇත. නො එසේ නම් අප මේ වන විට සිංගප්පුරුව, මැලේසියාව, තායිවානය වැනි තැනකවත් සිටිය යුතුය.

එසේම "කළගුණ සැළකීම" යන යෙදුමද අප ලංකාවේ කාලගුණය සේම ව්‍යාකුල කරගෙන ඇති සේයකි. අපගේ නිවස ඉතා අලංකාර සහ ශක්තිමත් ලෙස කදිමට නිම කර දුන් මේසන් බසුන්නැහේට කළගුණ සැළකීම සඳහා අප ඔහුට ගෙදර කෑම පිසීමත්, දරුවන් රැකබලා ගැනීමත්, මුදල් පාලනය කිරීමත්, ලෙඩට දුකට බෙහෙත් නියම කිරීමත් පවරන්නේ නැත.

ඔබ මැතිවරණයකදී චන්දය භාවිතා කලයුත්තේ මේ පිළිබඳව සිතා බලාය.

මහින්ද සංවර්ධනය

හම්බන්තොට වරාය මා ඉතා අගය කරන සංඛල්පයකි. එහෙත් එබඳු මෙගා ව්‍යාපෘතියකදී අනුගමනය කලයුතු බොහෝ වාණිජමය සහ තාක්‍ෂණික උපාය මාර්ගයන් රජය දැනුවත්ව හෝ නොදැනුවත්ව අතපසු කළේය. වරායක් තැනීමේදී ඉතා මුලික අංගයක් වන ගැඹුර පිලිබඳ ශක්‍යතා ඇගයීමක් කර තිබුනේ නැත. නොඑසේ නම් වරාය ජලයෙන් පුරවා මාස කිහිපයක් යනතෙක් රජයේ ඇමතිවරු විශාල නැව් වරාය තුලට ගැනීම සඳහා මුවදොර පතුලේ ඇති ගල් පරය ඉවත්කළ යුතුයැයි පිලි නොගෙන සිටින්නේ නැත. ඉන් පසු යම් යම් හාස්‍යජනක හේතු දක්වමින් ඩොලර් මිලියන 48 ක වියදමින් එය ඉවත් කරන ලදී.

අදටත් මෙම වරායේ ඇත්තේ ඇස් බැන්දුමකි. කොළඹ වරායෙන් ගොඩබා රජයට විශාල ලාබ ලැබීමට තිබු වාහන නැව් හම්බන්තොට වරායට බලහත්කාරයෙන් හරවා යැවේ. එහිදී ඉතා අඩු මුදලකට හෝ නොමිළේ සියලු පහසුකම් නැව්වලට සැපයේ. වරායෙන් ගොඩබාන පටවන වාහන ගැන කයිවාරු ගැසුවත්, ලැබෙන ආදායම, කොළඹ වරායට අහිමිවන ආදායම හා වරාය නඩත්තුවට යන වියදම පිළිබඳව රජය මුනිවත රකී. කළයුතුව තිබුණේ සිදුවූ අතපසුවීම් නිහතමානිව පිළිගෙන මෙතැන් සිට කල හැකි පිළියම් පිළිබඳව සොයා බැලීමයි.

නොරොච්චෝලේ තාප බලාගාරයද එලෙසම සැලසුම් කල අගනා ව්‍යාපෘතියකි. එහෙත් එය ආරම්භ වී දෙවසරක් තුල  30 වතාවකට ආසන්න වාර ගණනක් අකර්මණ්‍ය විය. ඒ පිළිබඳව නිසි ඇගයීමක් නොකර රජය ඊළඟ අදියර වලටද ගියේය. මෙහි ප්‍රතිඵල ඔබට තව නොබෝ දිනකින් ඇසීමට හැකිවනු ඇත. මේ ගැන මත පළකරන මගේ මිතුරෙක් රජයේ වෙබ් පිටුවල පළවන විස්තරවලින් මගේ වතපොතේ කොමෙන්ටු වපුරයි. එහෙත් ඔහු මෙන්ම රටේ බොහෝ දෙනෙක් නොදන්නා ඇතුළත විස්තර, විද්‍යුත් ඉංජිනේරු මහාචාර්යවරයෙකු වන මට දැනගන්න ලැබේ. මෙය එක අතකින් මගේ අවාසනාව යයි මම සිතමි. නොදැනීම සමහර විට භාග්‍යයකි.

කොළඹ නගරය දැන් සුන්දරය. රටේ අධිවේගී මාර්ග කිහිපයක් ඇත. මේවා අගය කල යුතුය. එහෙත් ඒ වෙනුවෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය දකින විට ඇඟ කිළිපොලා යයි. මේ රජය සිටින්නේ මහජනතාවගේ සිතිවිළි පරම්පරාවට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. ගමේ සෝමවතිට හෝ කඩේ සිරිපාලට පෙනෙන්නේ ඇස් කඩාගෙන යන නෙලුම් පොකුණු සහ වතුර මල් පමණක් බව රජය දනී. ඒ වෙනුවෙන් තම දූ දරුවන්ගේ පමණක් නොව පරම්පරා ගණනාවක අනාගතයද උකස් කර ඇති බව සඳහන්ව ඇත්තේ භාණ්ඩාගාරයේ කොළ පත්‍ර වලය. ඒවා ගැන දැනීමක් නැතිවම සෝමාවතී සහ සිරිපාල මිය යනු ඇත. ඒ ගැන කාටත් වඩා දන්නේ රටේ පාලකයාය. රටේ මිනිසුන්ට දුක දැනෙන විට පාලකයාගේ පරම්පරා ගනනාවකට වස්තුව රැස්වී ඇත. එවිට ඔවුන්ට මේ රට තිබුනත් නැතත් කම් නැත. 

මා දකින ආකාරයට මේ රටේ ජනතාවට සැබෑ සහන ලබාදී කරදරයක් නැතුවම මැතිවරණ දිනීමට රජයට කළ යුතුව තිබුණේ ඉතා පහසු කටයුත්තකි. එනම් මිහින් ලංකා, ශ්‍රී ලන්කන්, මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය ආදී මෙගා ප්‍රොජෙක්ට් කිසිවක් නොකර සිටීමයි. එසේ නම් රටට ප්‍රකෝටි ගණනක ආදායමක් ලැබුනා සේය. එහෙත් වෙනස නම් එවිට දේශපාලුවාගේ සාක්කු පිරෙන්නේ නැති වීමයි. 

අද අපි කොතැනද?

විධායකය තම අලංකාර සළු පිළි එකින් එක ගලවන්න වූයේ ජයවර්ධන සමයේ සිටමය. මේ වන විට එය පුර්ණ නිරුවතට ආසන්න වී ඇත.

මුලදී අකටයුතු කම් කෙරෙන්නේ සැඟවී ගෙනය. ඉන්පසු එළිපිට කල අයුතුකම් සැඟවීමට තැත් කරයි. ඊළඟට පැමිණෙන්නේ අකටයුතුකම් සාධාරණීකරණය කරන යුගයයි. අවසානයේ එළබෙන්නේ අකටයුතු කම් සිදුකර එයට එරෙහි වන්නන් මර්ධනය කරන යුගයි.

ඒකාධිපති වියරුවේ ස්වභාවය එයයි.

අපි අද සිටින්නේ මේ අවසාන යුගයේ එළිපත්තේය.

හිටපු හමුදාපතිවරයා හිරභාරයට පත්කළේ දේශපාලන පළිගැනීමකට බව කුඩා දරුවෙකුට වුවත් තේරෙන සත්‍යයකි. එහෙත් මිනිසුන් නිහඬව සිටියේය. අගවිනිසුරුවරිය ඉවත්කලේ රජයට එරෙහිව තීන්දුවක් දුන් පසුවය. මිනිසුන් නිහඬව සිටියේය. තම අයිතීන් ඉල්ලා හඬ නැගූ මිනිසුන් මරාදමා එය ජවිපෙ ක්‍රියාකාරකම්වලට බැර කළේය. මිනිසුන් නිහඬව සිටියේය. එතනෝල් සහ මත්ද්‍රව්‍ය කන්ටේනර් පිටින් හසුවන විට, ඒවාට රජයේ මැති ඇමතිවරු සම්බන්ධ බව හෙළිවන විට රජය නිහඬව සිටියේය. මිනිසුන්ද නිහඬව සිටියේය. චන්දයක් පවතින නිසා නොවේ නම් සිසුන්ට සලකන හැටි දනී යැයි ඇමතිවරයෙක් වහසිබස් දෙඩීය. මිනිසුන් නිහඬව සිටියේය.

අද ප්‍රථම වරට මැතිවරණයක් පවතින අවස්ථාවක සරසවි සිසුන්ට එලව එළවා පහර දුන්නේය. චන්ද අයිතිය ඉල්ලා සාමකාමිව උද්ඝෝෂණ කල ගැමියන් පිරිසකට නිරුවත් කර පහර දෙමින් ඇදගෙන ගියේය. මිනිසුන් නිහඬව තමාට චන්දය දෙතැයි රජය සිතයි.

මහින්ද දිනුවොත්........ හෙට..................!!!!!

සිරිසේන කරයිද?

මා මෛත්‍රිපාල සිරිසේනගේ දේශපාලනය පිළිබඳව දන්නේ නැත. මන්ද ඔහු රටේ ප්‍රබල ඇමති ධුරයක් හෝ දරා සිට නැති බැවිනි. නමුත් ඔහුගේ දිනුම තුල රටේ යම් හෝ බලාපොරොත්තුවක් ඇත.

සිරිසේන දිනුවොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හෝ නොකිරීමට පුළුවන. එහෙත් ඔහුගේ සම්ප්‍රාප්තියේ මූළික සාධකය වුයේ විධායකය අහෝසිකිරිම බැවින් ඔහුට ඉන් මිදීම අසීරුය. මහින්ද දිනුවහොත් විධායකය එසේම පවතිනු නොඅනුමානය. මක්නිසාද යත් ඔහුට එය කිරීමට අවශ්‍ය නම් ඊට කිසිඳු අවහිරයක් නොතිබුන බැවිනි.

සිරිසේන දිනුවොත් රට සැබෑ සංවර්ධනයකට යනු හෝ නොයනු ඇත. එහෙත් මහින්ද දිනුවොත් මේ පොලියට ණය-ණය පියවන්න පොලියට ණය සංවර්ධනය තව බොහෝ කලක් පවතිනු ඇත. මක්නිසාද යත් එය වෙනස් කිරීමට වුවමනා නම් ඔහුට ඒ සඳහා තව වසර දෙකක් කිසිඳු බාධාවකින් තොරව පැවතුන බැවිනි.

සිරිසේන දිනුවොත් රටේ භිෂණය නවතිනු හෝ නොනවතිනු ඇත. එහෙත් මහින්ද දිනුවොත් එය දිගටම පවතිනු ඇත. මක්නිසාද යත් චන්දය සමයේ වත් එය නතර වී නොමැති බැවිනි.

සිරිසේන දිනුවොත් දූෂණය නවතිනු හෝ නොනවතිනු ඇත. එහෙත් මහින්ද දිනුවොත් එය තවත් දෙගුණ තෙගුණ වනු ඇත. මක්නිසාද යත් පසුගිය වසර කීපයේදී දුෂණයේ ශීඝ්‍රතාවය අතිධාවනකාරී ගමනකට ප්‍රවිෂ්ඨ වී තිබීමයි.

අවසානය

මා දකිනා ආකාරයට මහින්ද රාජපක්ෂ යන චරිතය වේදිකාව මත ඉතා සාර්ථකව වීරයාගේ චරිතය රඟදැක්වීය. ඉන් පසු ඔහු ප්‍රේක්ෂක අත්පොළසන් වර්ෂාවක් මැද නික්ම යා යුතුව තිබුණි. අවාසනාවකට මෙන් ඔහු නාටකය අවසාන වූ පසුවත් බලහත්කාරයෙන්ම දුෂ්ඨයාගේ සිට විකටයා දක්වා සියලු චරිත රඟපෑමට පටන් ගත්තේය. දැන් හොරු සමග හෙළුවෙන් පසු කර ඒකා-අධිපති හරහා ධවල භීෂණ යුගයකට පැමිණ ඇත.

සියළු දෙනා වෙනුවෙන්...............සියළු දෙනා එකතුවී...........විරාමයක් තැබිය යුතු කාලය එළඹ ඇත !!!!!


Monday, 11 August 2014

Tax on Potato and Onion: Who benefits..?





අල සහ ලොකු ලූණූ බදු වල වාසිය කාටද?


ආණ්ඩුව විසින් අගෝස්තු මැද භාගයේ සිට අල සහ ලොකු ලූණු සඳහා පැවති බද්ද 150% පමණ වැඩි කර ඇත. මෙහිදී රජය ගෙනෙන තර්කය නම් මෙමගින් ගොවියා ආරක්ෂා කරගත හැකි බවයි. එහෙත් සත්‍ය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. 

ලංකාවේ අල වගාව පෙබරවාරි-මැයි සහ සැප්තැම්බර්-දෙසැම්බර් කාලවල නුවර එළියේද මැයි-අගෝස්තු අතර බදුල්ල දිස්ත්‍රික්කයේද සිදු කෙරේ. මේ අනුව වෙවන විට අල වගාවේ අස්වැන්න නෙලාගෙන හමාරය. ලූණු වගාව සාමාන්‍යයෙන් අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කල හැකි අතර සැප්තැම්බරයේ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල අගෝස්තු මුල් සතිය වන විට ලූණු අස්වැන්න නෙලා ගනී. ලංකාවේ සාමාන්‍ය ක්‍රමය නම් මේ බෝග දෙක සඳහාම අස්වැන්න නෙලීමට පෙර මිළ ලකුණු කරගෙන තොග වෙළෙන්දාට විකිණීමයි. එවිට තොග වෙළෙන්දා ගොවි පොලට ගොස් අස්වැන්න එකතු කරගනී. මීට අමතරව සුළු පරිමාණ වගා කරුවෝ අස්වැන්න නෙලූ විගසම ලොරිවලින් තොග වෙළදසැල් කරා තම අස්වැන්න ගෙනියති. ඊට හේතුව ඔවුන්ට ගබඩා පහසුකම් නොමැති වීමය.

ඒ අනුව මෙම බදු වැඩි වීම ප්‍රකාශ කරන විට අල සහ ලොකු ලූණු යන නිෂ්පාදන දෙකම තොග වෙළෙන්දා ළඟය.

මේ අනුව මෙම බදු වැඩි කිරීමෙන් විශාල වශයෙන් වාසි ගන්නේ රජය සහ තොග වෙළෙන්දාය.

විඳවන්නේ ගොවියා සහ පාරිභෝගිකයාය. 



Saturday, 26 July 2014

අපට වැරදුන තැන





වෛද්‍ය පාරේ අතීතය  

දෙහිවල වෛද්‍ය පාරේ නොම්මර 41 දරණ නිවෙස මට කිසිදා අමතක නොවේ. එය මා කුඩා කල හැදුනු වැඩුණු  නිවෙසයි. එම නිවස අපට පිය උරුමයෙන් ලැබුණකි. එවකට, එනම් 70 දශකයේ මැද භාගය වන විට වෛද්‍ය පාරේ කුඩා මුස්ලිම් ජනපදයක් පැවතුනි. එය පරණ වෛද්‍ය පාරේ සිත්තියා පෙදෙසට සීමා විය. මීට අමතරව තව මුස්ලිම් පවුල් කිහිපයක් වෛද්‍ය පාරේ විසිරි තිබුණි. අපගේ නිවසට මෙම මුස්ලිම් ජනපදය ඉතා ආසන්න වූ හෙයින් මගේ කුඩා කල සිටි බොහෝ යහළුවන් මොහොමඩ්ලා, රෂීඩ්ලා විය. මේ නිසා මට ඉස්ලාම් සමාජය අදටත් නුහුරු නොවේ.

වෛද්‍ය පාරේ පදිංචිව සිටි මෙම මුස්ලිම් ප්‍රජාවගේ නිල නොලත් ප්‍රධානියා වුයේ රසාක් හජ්ජියාර් නමැත්තෙකි. මට තේරෙන කාලය වන විටත් ඔහු ප්‍රදේශයේ සිටි ධනවතෙකි. ප්‍රදේශයේ ජීවත්වූ බොහෝ මුස්ලිම් අයට රසාක් මුදලාලි (මගේ පියා ඔහුව හැඳින්වුයේ ඒ ලෙසය) සමග යම් ලෙසකින් ඥාති සම්බන්ධතාවයක් තිබුණි.

මට මතක ඇති විදියට නම් රසාක් මුදලාලි කලේ මස් සහ සම් ව්‍යාපාරයයි. ඔහු සිංහ සමාජයේද ප්‍රබල සාමාජිකයෙකු විය. ඔහුගේ ව්‍යාපාරය වෛද්‍ය පාරේ පදිංචි මුළු මුස්ලිම් ප්‍රජාවටම රැකියා සැපයිය. 

මා වියපත් වන වේගයෙන්ම මෙම මුස්ලිම් ප්‍රජාවද විශාල වනවා මට මතකය.නොයෙකුත් අලුත් මුස්ලිම් මුහුණු හැමදාමත් දකින්න ලැබුණු අතර ඒ අය අපේ මස්සිනා, බාප්පා, අක්කා කෙනෙක්, ඇන්ටිලාගේ ගෙදර සර්වන්ට් ආදී වශයෙන් මගේ මුස්ලිම් යහළුවෝ මට හඳුන්වා දුන්නෝය. මෙම යහළුවන් සියලු දෙනාම පාහේ රසාක් මුදලාලිගේ මුණුපුරෝය. 

කුමක් හෝ හේතුවක් නිසා 77 චන්දයෙන් පසුව මෙම මුස්ලිම් ප්‍රජාවගේ සෞභාග්‍ය වේගයෙන් වැඩි දියුණු විය. 80 දශකය වන විට අවට ගෙවල්වල සිටි සිංහල පවුල් එක දෙක තම නිවෙස් මුස්ලිම් මිනිසුන්ට විකුණා වෙනත් පැති වලට සංක්‍රමණය විය. මුස්ලිම් උදවිය ඉතා හොඳ වටිනාකමක් ගෙවල් වලට දෙන බව මගේ පියා දිනක් පවසනු මා අසාගෙනය. මේ සඳහා පල්ලියෙන් විශාල සහයක් ලැබෙන බව අපේ පවුලේ සිංහල හිතවතුන් කතා වෙනු මා අසා ඇත. අපේ ගෙදරට ඉඳ හිට ආ ගිය ප්‍රාදේශීය දේශපාලකයෙක් පැවසුවේ දෙහිවල පල්ලියේ ඇති විශේෂ ගිණුමකට අරාබියේ සිට විශාල වශයෙන් මුදල් ගලා ගෙන එන වගයි. එම මුදල් බෞද්ධ ජනතාවගේ නිවාස මිලදී ගැනීමට ඉතා අඩු පොලියට මුස්ලිම් අයට ලබා දෙන බව ඔහුගේ අදහස විය.....

අවසානයේ අපේ පවුලත්, කාරණා කිහිපයක් නිසා මුස්ලිම් මුදලාලි කෙනෙකුට තම පාරම්පාරික ඉඩම විකුණා දෙහිවල වෙනත් ප්‍රදේශයකින් ඉඩමක් මිලදී ගෙන වෛද්‍ය පාරෙන් ඉවත් විය. 

අද දින වෛද්‍ය පාරේ හැඩ රුව කව්රුන් හෝ පවසනවා නම් (මෙය කියවන කිහිප දෙනෙක්ම ඒ ප්‍රදේශයෙන් බව මම දනිමි) යෙහෙකි............................


ස්වීඩනයේ කථාවක් 



මා ආචාර්‍ය උපාධිය නිම කර ස්වීඩනයෙන් පිටවන කාලය, එනම් 1999 වන විට, ගොත්සුන්ඩා යනු උප්සලා ප්‍රදේශයේ පිහිටි සුදු, දුඹුරු, කළු ජාතික සම්මිශ්‍රණයක් සහිත කුඩා නගරයක් විය. එහි බහුතරය එවන විටත් ස්වීඩන් ජාතිකයෝය. ආගමික සිද්ධස්ථානයක් ලෙස නගරයේ තිබුනේ එක් ඔතඩොක්ස් ක්‍රිස්තියානි පල්ලියකි.

ඊට දස වසරකට පසු, 2009 දී මා නැවතත් උප්සලා නුවරට ප්‍රවිෂ්ඨ වුයේ මාස කිහිපයක් උප්සලා සරසවියේ පර්යේෂණ කටයුතු කිරීමටයි. එහි ගත කල කාලය අතර තුර මගේ මිත්‍රයෙකු වූ ශිරාන් ලියනගේ සමග මට ගොත්සුන්ඩා නගරයට යාමට අවස්ථාව ලැබුණි. 

එහිදී ඇස ගැටුණු ප්‍රථම දසුනින්ම මා පුදුම වුනි. බොහෝ මං මාවත් වල හිජාබයෙන් සිරුරම වසා ගත් කාන්තාවන් සහ සුදු තොප්පිය පැළඳ රැවුල වවාගත් තරුණයන්ය. 

ඇතින් ගුවන සිසාරා ලංකාවේ හොඳට අසා පුරුදු  "අල්ලාහු අක්බර්....." ඉස්ලාම් පාඨ ඇසෙයි. 

"මොකද ශිරන් මේ"

"ඔවු බන් උන් දැන් ගොත්සුන්ඩා ඒරියා එකම අල්ලලා" ශිරන් පවසයි. 

අප ඇත්තටම එහි ගියේ ඊට වසර කිහිපයකට පෙර සිට ගොත්සුන්ඩා හි පවත්වාගෙන යන ඉරාන සුපිරි වෙළඳ සැලකින් බඩු කිහිපයක් මිලට ගැනීමටය. 

නගරය කෙලවර තරමක විශාල වෙළඳ සැළකී. පෙර අප ස්වීඩනයේ ගත කල කාලයේදී ඉරාන කඩවලින් බඩු ගත්තේ යුරෝපීය නොවන විදේශිකයෝ පමණකි. සුදු හමක් දකින්නේ කලාතුරකිනි. එහෙත් දැන් තත්වය වෙනස්ය. වෙළදසැලේ වැඩිපුර ඉන්නේ ස්වීඩන් ජාතිකයෝය. 

"මේකනේ මචන්, මුන්ගේ බඩු ලාබයි,  ඕනෙම ජාතියක් තියෙනවා, එළවලු පලතුරු එහෙමත් සැහෙන ෆ්‍රෙෂ්, උදේ ඉඳන් රෑ 12 වෙනකන් කඩේ ඇරලා. ඉතින් ඕන කෙනෙක් එනවා" මගේ සිතේ ඇතිවූ ප්‍රශ්න කියෙව්වා මෙන් ශිරාන් මා කිසිවක් නොඅසාම පැහැදිළි කරයි. 


මතුරා පුර ක්‍රිෂ්ණා ගේ උපන්බිම  



මීට වසර 15 ට පමණ පෙර මට ඉන්දියාවේ මතුරා පුර පිහිටි ක්‍රිෂ්ණා දෙවියන්ගේ උපන් ස්ථානයට යාමට හැකිවිය. නව දිල්ලියේ සිට උදැසනම බස් රථයට ගොඩවූ අප පැය 2-3 ක ගමනකින් පසු මතුරා පුරයට පැමිණියේය. සුවිසල් හින්දු දේවස්ථානයක් දකින තෙක් දෑස යොමාගෙන ගිය අපට දැකගත හැකිවුයේ විශාල මුස්ලිම් පල්ලියකි. පල්ලියට යාබදව ක්‍රිෂ්ණ දේවස්ථානය පිහිට ඇත. ක්‍රිෂ්ණා මාලිගාවේ බොහෝ ස්ථාන අද ඇත්තේ මුස්ලිම් පල්ලියේ පාදමටත් පහලිනි.  ඒ කරා යායුත්තේ ක්‍රිෂ්ණා දේවස්ථානය ඇතුලෙන් පහතට බැසීමෙනි.

අප සමග සිටි මග පෙන්වන්නා මෙහි ඉතිහාසය අපට කියා දුන්නේය. ක්‍රිෂ්ණා සිටියා යැයි සැලකෙන්නේ මීට වසර 5000-6000 අතර කාලයකට පෙරය. ඔහුගේ මාලිගයත් ඔහු වෙනුවෙන් තැනු සුවිසල් දේවස්ථානයත් කාලයාගේ අවෑමෙන් වැලි සහ පස් තලාවෙන් යටවී ක්‍රි.ව. 1000 පමණ වන විට තිබී ඇත්තේ කුඩා කෝවිලකි. 

උතුරු ඉන්දියාව මුස්ලිම් ආක්‍රමණයට යට වීමත් සමගම එවකට හමුදා මෙහෙයවූ ගස්නි හි මුහම්මද් නැමැත්තා මෙම කෝවිල බිමට සමතලා කරන ලෙස අණ දී ඇත. ඉන් වසර 500 ට පමණ පසු දිල්ලිය පාලනය කල ඉස්ලාම් භක්තික මෝගල් අධිරාජ්‍යයා ක්‍රිෂ්ණා ගේ සලකුණු සියල්ල යට කරමින් මෙම සුවිසල් පල්ලිය තනා ඇත. ඔහුගේ අණ පරිදි උතුරු ඉන්දියාවේ පැවති  බොහෝ හින්දු දේවස්ථාන සම්පුර්ණයෙන්ම විනාශ කර දමන ලද බව ඉතිහාසයේ කියවේ. 

මෙම ක්‍රිෂ්ණා දෙවිඳු උපන් භූමිය මුස්ලිම්වරුන් අතින් නැවත බේරා ගැනීමට තවත් වසර 500 ක් ගෙවී ගියේය. 1950 ගණන් වලදී, වසර ගණනාවක නීති අරන්ගලයකින් පසු මෙම භූමියේ අයිතිය නැවතත් හින්දුන් අතට පත්විය. ඔවුන් පවතින මුස්ලිම් පල්ලියටද හානි නොකර අද පවතින ක්‍රිෂ්ණ දෙවොල ගොඩනගා ඇත. කාලයේ වැලි තලාවන්ට පින් සිදු වන්න වසර පන්දහසක් පමණ පැරණි නටබුන් අදටත් එහිදී දැකිය හැක.


ඉස්ලාම් ආගමට බයද?



මීට දෙවසරකට පමණ පෙර මම පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර සිට පැයකින් පමණ යා හැකි තක්ෂිලාවේ නටබුන් බැලීමට ගියෙමි. තවමත් ඉතිරිව ඇති නටබුන් දකින විට මෙම ගොඩනැගිලි සංකීර්ණයේ විශාලත්වය මට අනුමාන කළ හැකි විය. බොහෝ විද්වතුන් පිළිගන්නා ලෙස එය ලොව මෙතෙක් පැවති විශාලම සරසවිය බව නොඅනුමානය. 

සියවස් ගණනාවක් පුරා ගොඩනැංවුන මේ මහා දැනුම් සම්භාරය දින කිහිපයකින් දවා අළු කිරීමට මුස්ලිම් ආක්‍රමණිකයා සමත් විය. ඊජිප්තුවේ සිට ඉන්දියාව තෙක් මුස්ලිම් ආක්‍රමණිකයා ගමන් කලේ තමාට විනාශ කල හැකි සියලුම දැනුම මුළුමනින්ම මෙලොවින් තුරන් කිරීමෙනි. ඒ ගමන මුළු ලෝකයම වසර දහස් ගණනක් පිටු පසට ගෙන ගියේය. 

ඉස්ලාම් භාක්තිකයාගේ දැනුමට ඇති බිය මට අද දිනයේද මැනවින් පෙනේ. නවීණ බටහිර විද්‍යාවේද පදනම වූ හේතු-ඵල මුලධර්මය (Principle of cause and effect) ගැන කතා කිරීමටත් මගේ ඉස්ලාම් ගෝලයෝ බිය වෙති.

ඉස්ලාම් ධර්මයෙහි අන්තර්ගතය හෝ එහි මුලධර්ම පිළිබඳව කතා කිරීමට මට දැනුමක් හෝ අයිතියක් නැත. එහෙත් ඉස්ලාම් ධර්මය හා බැඳුනු ඓතිහාසික කරුණු විග්‍රහ කිරීමට මට පැහැදිලි අයිතියක් ඇත. ඉස්ලාම් පත පොතෙහිද පිළිගත් ඉතිහාස ග්‍රන්ථ වලද සඳහන් වන අයුරින් මිනිස් ඉතිහාසය තුල  මුස්ලිම් ආක්‍රමණිකයන් අතින් මියගිය මිනිසුන්  සංඛ්‍යාව ගනින්නේ කෝටි ගණන් වලිනි. 

මුස්ලිම් භක්තිකයන් ප්‍රදේශයක් ආක්‍රමණය කල පසු මුලික සංහාරයෙන් අනතුරුව ඉතිරිවන ජනතාවට ලැබෙන තේරීම් ගණන සාමාන්‍යයෙන් දෙකකි. එනම් මරණය හෝ ඉස්ලාම් ආගමට හැරීමයි. ඉස්ලාම් ආගමට හැරුන පසු මරණය මිස නැවත ඉන් මිදීමක් නැත. අදටත් එය එලෙසමය.  

ඉඳ හිට අවස්තාවලදී, දරුණු කමින් මදක් අඩු ආක්‍රමණ නායකත්වයක් තුල, තුන් වෙනි තේරිමක්ද යටත් වන ජනතාවට ලැබුණි. එනම් ඉතා විශාල බද්දක් ගෙවා ස්වකීය ආගම ඇදහීමයි. මෙය බොහෝ විට මිනිසුන් නොමරා මරණ ක්‍රමයක් විය. ජීවිත ආශාව ඇති බොහෝ දෙනා ටික කලකින් මුස්ලිම් ආගමට හැරෙන්නේ බද්ද ගෙවූ පසු හාමතේ මිය යාමට සිදුවන නිසාය.

ඉහත තත්වය මුලින්ම ඇසෙන්නේ ඉස්ලාම් ධර්මය බිහිවී ටික දවසකිනි. අවසන් වරට ඇසෙන්නේ මීට දින කිහිපයකට පෙරයි. එනම් ඉරාකයේ වෙසෙන ක්‍රිස්තියානි ජනතාවට මෙම තේරීම් ලබා දීම ගැනයි.

මධ්‍යතන යුගයේදී ක්‍රිස්තියානිවරු අතින් බලවත් අපරාධ බොහෝ සෙයින් සිදුවිය. එහෙත් නොයෙකුත් කරුණු කාරණා මත ඔවුන් ක්‍රමයෙන් ශිෂ්ඨ සම්පන්න විය. 21 වන ශතවර්ෂය ලබන විට ඔවුන්ගේ තත්වය මීට වසර 1000 ට පෙර පැවතියාට වඩා හාත් පසින්ම වෙනස්ය. එහෙත් ඉස්ලාම් භක්තිකයා එදා සිට අද මේ මොහොත වන තෙක් කිසිසේත්ම වෙනස් වී නැත. පවතින පරිසරය අනුව ඔවුන්ගේ දරුණු බව අඩු වැඩි ආකාරයෙන් පවතී.

මැලේසියාව හැරුණු කොට ලෝකයේ වෙන කිසිම මුස්ලිම් රටක සාමාන්‍ය ජනතාව හිතේ සුවයකින් පසු නොවේ. මෙහි වරද කොතැනක දැයි මට නොතේරේ. ලොවම මුස්ලිම් වුවහොත්  ප්‍රශ්න නැතිවේ යැයි කෙනෙක් මා සමග තර්ක කළේය. මට ඔහුගේ තර්කය බිඳ හෙලීමට ගත වුයේ නිමේෂයකි. 

මේ වනවිට ලෝකයේ වැඩිම මිනිසුන් ප්‍රමාණයක් මැරෙන්නේ මුස්ලිම්-මුස්ලිම් සටන් වලිනි. මේ අනුව ලෝකයම මුස්ලිම් ජනපදයක් වුවහොත් එහි මිනිසුන් කිහිප දෙනෙකු වත් ඉතිරි වේදැයි සැකයක් පහලවේ.

අද වනවිට බහුතරය මුස්ලිම් වන බොහෝ රටවල් මීට සියවස් කිහිපයකට පෙර බෞද්ධ රාජ්‍යයන්ය. වෙනත් ආගම් වලට අයත් පිරිස බහුතරය වන රටවලට වඩා විශාල වේගයකින් ථෙරවාදී බෞද්ධ රටක් මුස්ලිම් කරණය කිරීම පහසු බව ඉතිහාසය පෙන්වා ඇත. මීට හේතුව බොහෝ විට ථෙරවාද බෞද්ධයා තුල ඇති යුධ හා අරගල විරෝධී ආකල්ප වන්න ඇත.

මේ සියලු කරුණු එක තැන කල විට මෙම කොටසේ මාතෘකව වන ප්‍රශ්නයට පිළිතුර ලැබෙනු ඇත...


අහිමි වීම සහ රැක ගැනීම 



පරම්පරා ගණනාවක් තුල සිදුවන සිතුම් පැතුම් රටාවන්ගේ සැකසීම පෘථග්ජන සියලු දෙනා යම් යම් චෛතසික සංකල්පයන්හි එල්වා තබයි. මේ මතවාද වලින් මිදීමට මනස දක්වන අකමැත්ත "psychological inertia" ලෙස අපි ඉංග්‍රීසි බසින් හඳුන්වමු. ආගම හා සමාජය සම්බන්ධව අපට "අහිමි වීම" යන භීතියත් "රැක ගැනීම" යන තෘෂ්ණාවත් තදින් පවතී. කුමන ආගමකට අයත් වුවත් මෙම තත්වය එලෙසමය. 

බෞද්ධ පරිසරයක ජීවත් වන්නෙකුට ඉස්ලාම් ධර්මයේ පැතිරීමත් සමග අහිමි වෙතැයි සිතෙන බොහෝ දේ ඇත. රැකගත යුතු යැයි සිතෙන කාරණාද රාශියකි. එසේ සිතීමට පාදක වන හේතු කාරණාද  ඇත. 


මා මෙතෙක් සඳහන් කළ අතීත හා වර්තමාන සිදුවීම් සමුහය දෙස බලන විට මේ අහිමි විය හැකි සහ රැක ගත යුතු දේ කුමක් දැයි ඔබට වැටහිය යුතුය. මෙහිදී මා උත්සහ ගන්නේ ආගම් අතර සාමාජියව ඇති වෙනස තේරුම් කිරීමට මිස කුමන ආගම හරිදැයි තර්ක කිරීමට නොවේ. 

අහිමි වීම සහ රැක ගැනීම පිළිබඳව කාරණය මතු වෙන්නේ ඉස්ලාම් සහ බෞද්ධ ආගම් අතර ඇති පරතරය නිසාය. මෙම පරතරයන් පැහැදිලිව පෙනෙන අවස්ථා ගණනාවක් ඇත. සිතීමේ සහ අදහස් පල කිරීමේ නිදහස, සත්ව කරුණාව, මානව දයාව, පවුල් සංස්ථාවේ හැසිරීම, කාන්තාවට පවුලේ සහ සමාජයේ ඇති ස්ථානය, නම්‍යශිලිත්වය මේ අතරින් කිහිපයකි. 


මෙහිදී අප පැහැදිලිව තේරුම් ගත යුත්තේ නූතන සමාජය තුල මිනිසාට වෙනස් වීමට හෝ වෙනස් නොවී සිටීමට ඇති අයිතියට අප ඉහලින්ම ගරු කල යුතු බවයි. එය බෞද්ධයාටද මරක්කලයාටද පොදු විය යුතුය. 


මා මේ ලිපියේ ඉතිරි කොටසට යන්නේ මේ අදහස පෙරදැරි කරගෙනයි.  


ආක්‍රමණවාදය  සහ ව්‍යාප්තවාදය


මුස්ලිම්වරයා පසුගිය සහශ්‍ර එකහමාර තුල වෙනසකට භාජනය වී නැති බව මා පෙර ප්‍රකාශ කලත් එයට යම් ඌන පුර්ණයක් සිදු කල යුතු බව මට හැඟෙ. ඇත්තෙම්ම එහි යම් වෙනසක් සිදුවී ඇත. 

ඉස්ලාම් ධර්මය බිහිවුදා සිට එයට අයිති වූ සදාතනික ගති ලක්ෂණය නම් ව්‍යාප්තවාදයයි. මෙම සහශ්‍රක එකහමාර තුල ඔවුන් දැඩි ආක්‍රමණ ව්‍යාප්තවාදයක සිට ආර්ථික හා දාරක ව්‍යාප්තවාදයක් කරා සංක්‍රමණය වී ඇති බව මගේ හැඟීමයි. 

ආක්‍රමණ ව්‍යාප්තවාදය යනු අවි බලයෙන් හෝ වෙනත් භීෂණ ක්‍රමවේදයකින්  අන් දේශයක් හෝ භූමියක් යටපත් කරගෙන එහි මුල් හිමිකරුවන් බලහත්කාරයෙන් තම පසට හරවා ගැනීම හෝ ඔවුන් විනාශ කර දමා ඔවුන් සතු වස්තුව හා දේපල තමා සන්තකයට ගැනීමයි. මෙය වසර දහස් ගණනක් පුරා ලොව බොහෝ තැන්වල සිදුවිය. 

ලෝකයේ ශිෂ්ඨාචාරාමය දියුණුවත් සමගම මෙම ආක්‍රමණවාදය යම් ප්‍රමාණයකට අඩුවී ආර්ථික ව්‍යාප්තවාදයත්, දාරක ව්‍යාප්තවාදයත් එම ස්ථානය අරගත්තේය. 

සමුහයක් ලෙස ක්‍රියා කොට අන් සමාජයන් තම ආර්ථික බලයෙන් යටපත් කිරීම ආර්ථික ව්‍යාප්තවාදයයි. මේ මගින් අන් ජාතින් සහ ආගමිකයන් ක්‍රමයෙන් සිය නිජබිම් වලින් ඉවත් කිරීම සිදුවේ. දාරක ව්‍යාප්තවාදයකදී සිදුවන්නේ හැකිතරම් දරුවන් බෝ කිරීම මගින් තම වර්ගයා ව්‍යාප්ත කිරීමයි. වෛද්‍ය  පාරෙත්, ගොත්සුන්ඩා නගරයේත් සිදු වන්නේ මෙම ක්‍රියාවලියනුයි. 

මුස්ලිම් ප්‍රජාව යම් අවස්ථාවක ආර්ථික සහ දාරක ව්‍යාප්තවාදයේ සිට ආක්‍රමණ ව්‍යාප්තවාදයකට නැඹුරු නොවෙතැයි කිසිවෙකුටත් සහතිකයක් දිය නොහැක. නයිජීරියාවේ, පකිස්ථානයේ, බංගලාදේශයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ඉහල මුස්ලිම් ඝනත්වයක් ඇති ප්‍රදේශ වලද යම් යම් ප්‍රමාණ වලින් 
ආක්‍රමණවාදය ක්‍රියාවේ යෙදෙනවා අප දැක ඇත. 

මේ කාරණා වලින් පැහැදිලි වන්නේ, ක්‍රමයෙන් ලංකාවේ බෞද්ධයා වාසය කිරීමට අකමැති, අබෞද්ධ පරිසරයක් නිර්මාණය වීමට ඉඩ කඩ ඇති බවයි. මෙය බෞද්ධයෙකුට දැරීමට අපහසු තත්වයක් බව අප අමතක නොකළ යුතුය. 

               

මෙතැන් සිට



මේවන විට අප ප්‍රශ්නයක් (most appropriate word is "issue")  ඇති බව අවබෝධ කරගෙන ඇත. එය එසේ නොවේ යැයි තර්ක කිරීම පහසු නොවන බව මගේ හැඟීමයි.

ලංකාවේ සිංහල බෞද්ධයා අනා ගන්නේ මෙතනින් පසුවයි. අපි මොනතරම් බෞද්ධ යැයි කෑගැසුවත් සමාජීය, ආර්ථික සහ දේශපාලනික යන ත්‍රිවිධ අංගයන්ගෙන්ම අපි බුදු දහමින් ගව් ගණනක් ඈත්ව ඇත. 


යමෙක් තම නිවසට පහර දෙන්න සතුරන් පැමිණෙන විට වහලේ ඇති උළු, පරාල, ජනෙල්, දොරවල්, බඩුමුට්ටු වලින් සතුරාට පහර දෙන්නේ කෙසේද සිංහල බෞද්ධයා බුදු දහම රැකගන්න හදන්නේද එලෙසමය. 

රැකගැනීමේ ක්‍රමෝපාය කල්පනා කිරීමට පෙර රැක ගත යුත්තේ කුමක්දැයි අවබෝධ කර ගත යුතුය. නොඑසේ නම් බුදු දහමට සිදුවන්නේ මෝඩ පුතාට ලැබුන පරම්පරාවේ මුට්ටියට අත්වූ ඉරණමයි.

බුදු දහම අනුව යන ගිහියෙක් අඩුම වශයෙන් පංචශීලය රැක ගත යුතුය. පැවිදි බිමට පිළිපන් තැනැත්තෙක් කෝටියක් සංවර ශීලය රැක ගත යුතු යැයි කියැවේ. කෝටිය කෙසේ වෙතත් සිත කය වචනය සංවර කර ගැනීම භික්ෂුවකගෙන් අපි මූලික වශයෙන් බලාපොරොත්තු වෙමු. 

මෙයින් හැගෙන්නේ භික්ෂුව හෝ ගිහි බෞද්ධයා නිවටයෙකු විය යුතු බව නොවේ. එහෙත් කුමන රාමුවක කටයුතු කලත් බුදු දහමේ හරයන් රැක ගන්නේ නැතුව බුදු දහම රැක ගැනීම යනු විහිළුවක් පමණි.

බල්ලකු සපා කන්න පනින විට මිනිසෙකු කලයුත්තේ හතර ගාතෙන් දපා බල්ලාව සැපීමද......?


අබන්ගාට පියා දුන් උපදෙස් 




මම මේ වන විට ලියා නිම කළ එහෙත් පල කර නොමැති පොතකින් කතා පිංචක් මෙහි ලියන්නට සිතුවෙමි.

අප්‍රිකාවේ කඳුකර කැළෑ පෙදෙසක වෙසෙන ලුගුරු නම් කුඩා දේහධාරී ගෝත්‍රයකට කඳු පාමුළ සැවාන පහත් බිම් වාස භූමිය කරගත් වෙනත් ගෝත්‍රයකින් නොසිතු ලෙස ප්‍රහාරයක් එල්ල විය. එයින් ගම් වාසින් කිහිප දෙනෙකු මිය ගිය අතර ලුගුරු නිවාස කිහිපයක්ම ගිනි තබා විනාශ කිරීමට සැවානාවේ සිට පැමිණි ගෝත්‍රිකයෝ සමත් විය.

මෙම සැවාන භූමියේ වැසියන් විසල් දේහධාරින්ය. ඔවුන් යුධ වැදුනේ තියුණු තුඩු සහිත දිගු හෙල්ල විශේෂයකිනි.

ලුගුරු ගෝත්‍රික නායකයා දිනක් දුටුවේ තම තරුණ පුත් අබන්ගා දිගු ලීයක කෙලවරට තියුණු තලයක් තබා සවිමත් ගස් පට්ටයකින් එය බඳිමින් සිටින ආකාරයයි. ගෝත්‍ර නායකයා තම පුත්‍රයාගෙන් ඔහු කරන කාර්ය පිළිබඳව විමසීය.

සිය පියා දෙස බලු අබන්ගා මෙසේ පැවසුවේය.

"ඔවුන් ළඟ මේ ආයුධය තියෙනවා. ඒ වගේම ඔවුන් බොහොම ශක්තිමත්. ඊළඟ වතාවේ ඔවුන් ආවොත් මුහුණ දෙන්න නම් මේ හෙල්ලයක් හැම ලුගුරු තරුණයෙක් ලඟම තියෙන්න ඕනේ. ඒ වගේම තමයි, අපි පුළුවන් තරම් හොඳින් කාල බීල ඔවුන් වගේ උස් මහත් වෙන්න ඕනේ"

දිගු සුසුමක් ගත් ගෝත්‍ර නායකයා මෙසේ කිවේය.

"අබන්ගා, මේ අහන්න, ඔවුන් පරම්පරා ගණනාවක ඉඳන් හෙල්ලෙන් සටන් කරන්න පුරුදුවෙලා තියෙන්නේ. උඹලට තව අවුරුදු ගණනක් පුරුදු උනත් ඔවුන් වගේ හෙල්ල හසුරුවන්න පුළුවන් වෙන එකක් නැහැ. ඒ වගේම තමයි ඔවුන් උස මහත නිසා ඔවුන්ට සැවානා බිම් වල වේගයෙන් දුවන්නත් සතුන් සමග පොර බදන්නත්  පුළුවන්".

අබන්ගාට අසල තිබු සුවිසල් ගසක් පෙන්වූ ගෝත්‍ර නායකයා,

"අපිට තියෙන කුඩා ඇඟවල් නිසා අපිට අර වගේ විශාල ගස් නගින්නත් ගස් අතර වේගයෙන් ගමන් කරන්නත් පුළුවන්. නමුත් ඔවුන්ගේ උස මහත ඇඟවල් එක්ක ඔවුන්ට එහෙම කරන්න අපහසුයි. ඒ වගේම තමයි අපි මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳන්ම දක්ෂයි ඈත ඉඳන් බට හීයෙන් විදින්න. ඒක  තමයි අපේ සටන් කලාව".

"කලින් පාර අපිට පහර දීලා ඉවත් වෙන්න සැවාන මිනිසුන්ට හැකි වුනේ අපි එහෙම පහර දීමක් කොහොමවත්ම බලාපොරොත්තු වෙලා තිබුනේ නැති නිසයි. දැන් අපි ඒකට සුදානම්. ඔය හෙල්ලවල් හදන එක පැත්තකට දාල හී බට අරන් ලැහැස්ති වෙමු. ඔවුන් නැවත පැමිණුනොත් ඔවුන්ව ගස් අතරට රැගෙන යන්න උපායක් කල්පනා කරමු".

"අබන්ගා, මේක හොඳට අහගන්න, කිසිම අවස්ථාවක සතුරාගේ සටන් කලාවට අනුකුලවත්, සතුරාට හුරු භූමියේත් සටනක් පටන් ගන්න එපා. හැම විටම සතුරා අපට හුරු භූමියකට රැගෙන් විත් අපේ සටන් කලාවෙන් ඔහුට පහර දෙන්න"


බෞද්ධයාගේ සටන් කලාව



මේ වන විට මා කිහිප ආකාරයකින්ම උත්සහ කලේ බෞද්ධයකු ලෙස ප්‍රශ්නයට පිළිතුර සෙවිය යුත්තේ ඥාන ශක්තියෙන් මිස කාය ශක්තියෙන් නොවන බව පෙන්වීමයි.  බුදු දහමේ ශක්තිය ඇත්තේ ඒ හා කැටිවූ ඥාන සම්භාරය තුලයි. වසර දහස් ගණනක් තුල බුදු දහම රැකුණේ බුද්ධියේ බලයෙන් මිස අවියේ බලයෙන් නොවේ.

එහෙත් ඉස්ලාම් ධර්මය බිහිවූ දා සිට එය මුලිකවම පැතිරුනේ අවියේ ශක්තියෙනි. මේ නිසා අද ඔවුන් රණ ශක්තියෙන් බෞද්ධයාට වඩා වට ගණනාවක් ඉදිරියෙන් සිටියි. බෞද්ධ සමාජයේ තරුණ ජවය මෙය වටහා ගැනීමට අකමැතිය. එහෙත් අකමැත්තෙන් වුනත් අප වටහා ගත යුතු යථාර්තය මෙයයි.

අනෙක් අතට අන් බොහෝ ආගමිකයන්ට වඩා බුද්ධිමය ශක්තියෙන් බෞද්ධයා ගව් ගණනක් ඉදිරියෙනි. තමන්ගේ ශක්තිය වටහා නොගෙන අනුන්ගේ ශක්තිය වැඩි මාධ්‍ය යුද්ධය සඳහා තෝරා ගන්නේ අඥානයෙකි.


අපි ඉන්නා තැන කොතැනා



මොහොතකට අපගේ ජාතික ප්‍රෞඩත්වය පසෙක තබා අප අද ලෝක ගෝලයේ කොතැනක සිටීදැයි විමසා බලමු. දශක 6ක් තිස්සේ සිදු වූ යම් යම් වැරදි දේශපාලනික තීරණ හේතුවෙන් ලාංකිකයා අද සිටින්නේ පුලන්නකුගේ තත්වයෙනි. පුලන්නා යනු හොඳින් හැඳ පැළඳ ගත් තමා හිගන්නෙක් යැයි පෙන්වීමට අකමැති හිගන්නෙකි.

අප රටට වැඩිම (හෝ දෙවැනි වැඩිම) ආදායම ලැබෙන්නේ මැද පෙරදිග සිටින කම්කරු-ගෘහ සේවිකා රකියාවන්ගෙනි. මැද පෙරදිග බළධාරීන් ශ්‍රී ලංකිකයන්ට රැකියාව කල නොහැකි යැයි හෝ ශ්‍රී ලාංකික බෞද්ධයන්ට සේවය සඳහා තම රටට පැමිණීමට නොහැකි යැයි අණ පනත් පමුණුව හොත් රටට යන කල දසාව කුමක් ද? අණ පනත් නැතත් මෙම රටවල වැඩි ප්‍රතිශතයක් සිටින මුස්ලිම් භක්තිකයින්, ලාංකික බෞද්ධයන්ට හිරිහැර සිදු කරන්න පටන් ගත්තොත්? එය ලක්ෂ ගණනක් මැද පෙරදිග රැකියා කරන සිංහල බෞද්ධයන්ට මාරාන්තික පහරක් වනු ඇත. දැනටත් මෙවන් අවදානමක සේයා මතුවෙමින් පවතින බව මැද පෙරදිගින් ලැබෙන ආරංචි මාර්ග පවසයි.

මුහුණු පොතේ යටිගිරියෙන් හඬ නගන මුස්ලිම් විරෝධී බලකාය මේ අපේම සහෝදර සහෝදරියන්ගේ අනාගතය ගැන බිඳුවක් වත් සිතනවාද? ඔවුන්ට රැකියා නැති  වුනොත් ඔවුන්ගේ පවුලකට කන්න බොන්න දෙන්න එක් එක් මුහුණු පොත් වීරයා බාර ගන්නවාද?

පැවති හැම රජයක්ම කලේ ජනතාව රවටමින් ඔවුන් තුල බොරු ආඩම්බරයක් ජනිත කොට ලොව පුරා හිගා කෑමේ යාමයි. ඒ අතින් පවතින රජය මා දකින විදියට බිහිවූ දක්ෂතම පුලන්නාය. 

මේ වන විට රටේ බහුතරයක් සිතා සිටින්නේ රජය සහ ජනාධිපති වරයා ඉදිරියේ ලෝකයම දණ ගසන බවකි. එහෙත් රටින් පිටතදී අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ ඔවුන් ඉතාම නිවට නියාලු ස්වභාවයක් පෙන්වයි. ජනාධිපතිවරයා සමග විදේශ ගතවන පිරිවරෙන් කෙනෙකු සමග අවංක කතා බහක යෙදෙන කෙනෙකුට මා කියනදේ මැනවින් වැටහෙනු ඇත.

අප පැහැදිලිවම වටහා ගත යුත්තේ ලෝකයෙන් පරිබාහිරව අපට පැවැත්මක් නැති බවයි. ලෝක බැංකුවෙන් ගත්තත්, චීනෙන් ගත්තත්, රුසියාවෙන් ගත්තත්, බ්‍රික් බැංකුවෙන් ගත්තත් අපේ රට දුවන්නේ පොළියට ගන්නා ණය වලිනි. අප පොළිය ගෙවන්න, පොලියට ණය ගන්නා රටක් බව අමතක නොකළ යුතුය.

අප බෞද්ධයා වෙනුවෙන් අරඟල කල යුත්තේ මෙම පසුබිම මැනවින් තේරුම් ගෙනයි.


හරක් බේරීම 



මීට වසර දහයකට පමණ පෙර මට ලංකාවේ පවතින යම් වගා කර්මාන්තයකට අදාළ ව්‍යාපාරික හමුවකට සහභාගී වීමට අවස්ථාව ලැබුණි. කොළඹදී පැවති මෙම සුහද හමුවට 90% ම සහභාගී වුයේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ය. 

දහවල් ආහාර ගන්නා විට මට ඉඳගන්න ලැබුනේ මුස්ලිම් ව්‍යාපාරිකයන් පමණක්ම සිටි මේසයකය. ඔවුන් අතර විශාල ගව ඝාතනාගාර කිහිපයක හිමි කරුවෙක්ද සිටින බව මට කතාවෙන් වැටහුණි. ඔවුන්ගේ කතා බහ සිදුවුයේ  දෙමළෙන් සහ ඉංග්‍රීසියෙනි. මට දෙමළ භාෂාව තරමක් වැටහේ. ටික වේලාවකදී මෙම ව්‍යාපාරිකයන්ට මා පිළිබඳව (මුස්ලිම් නොවන කෙනෙක් මේසයේ ඉන්නා බව) හැගීමක් නැතිව ගියා සේ විය. 

මේසය මතට පැමිණුන මස් දීසියක් සමගින් කතා බහ ගව මාංශ කර්මාන්තය වෙත ඇදී ගියේය. මෙතනදී ගව ඝතනාගර හිමිකරු කථා නායක විය. පහතින් මා පළකරන්නේ ඔහුගේ කථාවක් මට වැටහුණු අයුරින් ඔහු කියූ විලාසයෙන්මය.

"බුද්ධාගමේ මිනිස්සු හරිම මෝඩයි. දවසකට දෙන්නෙක් තුන්දෙනෙක් එනවා අපේ ස්ලෝටර් හවුස් එකට හරක් බේරාගෙන යන්න. කපන්න ඉන්න හරකට තමයි වැඩිම ඩිමාන්ඩ්. හරකා අහිංසක ලුක් එකක් දැම්මොත් ඌවම ඉල්ලනවා. එතකොට අපේ ඉන් චාර්ජ් කෙලින්ම තුන් ගුණයකින් ගාණ වැඩි කරලා කියනවා. මේ මෝඩ මිනිස්සුත් ගාණ ගෙවල හරකව දක්කාගෙන යනවා. අපි ඒකෙන් තව හරක් තුනක් අරන් මස් කරනවා". 

මේසයම මහා හඬින් සිනහා විය..... මට මා ගැනම දුකක් ඇතිවිය.

නොගැලපෙන සේ පෙනෙන ස්ථානයකට මා මෙම කථාව ඇතුල් කලේ ඊළඟ මාතෘකාවට යාමට පෙර අප හැම අමතක නොකළ යුතු පාඩමක් මතක් කරන්නටයි. 

අරමුණ කෙතරම් උතුම් වුවත් මෝඩකම රජ වුන තැන වන්නේ අවැඩමය. 


දුබලම පුරුක



සිංහල බෞද්ධයාට ආර්ථික, දාරක හෝ ආක්‍රමණ ව්‍යාප්ත වාදයන්ට මුහුණ දීගත හැකි නොවන ප්‍රධානම කාරණය තේරුම් නොගෙන කුමන මතවාද, ක්‍රියාමාර්ග ඉදිරිපත් කලත් ඵලක් නැත. 

අප හොඳින් තේරුම්ගත යුතු සිංහල බෞද්ධයාගේ දුබලම පුරුක නම් ආර්ථික තත්වයයි. දැවෙන ආර්ථික තත්වය හේතුවෙන් මධ්‍යම පන්තිය හා ඉන් පහළ සිංහල බෞද්ධ ජනතාව ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරයි. අද අපි සාකච්ඡා කරන බොහෝ කාරණා වලට පාදක වන්නේ මේ තත්වයයි.

බෝබසේ ඇතුළු පසුගිය සමයේ බිහිවූ බෞද්ධාගම වෙනුවෙන් සටන් කරනවා යයි කියා ගන්නා බොහෝ දැඩි මතවාදීන් මුලික වශයෙන්ම සෝම හිමියන්ගෙන් වෙනස් වන්නේ මේ කාරණයේදීය (වෙනත් කරුණුද රාශියක් ඇත).

සිංහල බෞද්ධයාගේ එකම ගැලවුම් කරු යයි කියා ගන්නා බොහෝ පරපුටුවන් ප්‍රශ්නයේ මුල, මැද, අග පටලවාගෙන දගලද්දී සෝම හිමිපාණෝ පමණක් ඉතා නිවැරදිව හා තර්කානුකුලව කලයුතු දෙය ඉදිරිපත් කළෝය. සෝම හිමියන්ගේ අකල් නික්ම යාමත් ඒ වෙනුවට කරලියට බට චීවරධාරින්ට නොර්වේ ආදී රටවලින් නොමසුරුව කාසි ලැබීමත් අප තේරුම් ගත යුත්තේ මේ පසුබිම තුලයි. 

අදටත් බෝබසේ, රාවණා බලකාය වැනි සංවිධාන වලට වෙබ් පිටු පුරා සහය පල කරමින් කොමෙන්ටු වැටෙන්නේද, ඔවුන් පසු පස ඉබාගාතේ දිවයන පිරිසක් සිටින්නේද සෝම හිමියන් ප්‍රශ්නයේ ස්වභාවය තේරුම් කරදුන් නිසාවෙනි. සිංහල බෞද්ධයා අද පත්ව ඇති දුක්ඛිත තත්වයත්, සමහර ප්‍රදේශ වලදී මුස්ලිම් වරුන් අතින් ඔවුන්ට සිදුවන ගැහැට පිළිබඳවත් ඥානසාර හිමි මයික්‍රෆෝනය දෙදරන්න කෑගසන විට "අනේ ඇත්ත නෙන්නම්", කියා වැඩි දෙනෙකුට සිතෙන්නේද සෝම හිමි කල සිත් අවදිය හේතුවෙනි.

එහෙත් මෙම සංවිධාන එතැන් සිට රටේ තරුණ පෙළ රැගෙන යන්නේ හිතා මතා හෝ නොසිතා උතුර දකුණ මාරු කල දිශාවකටයි. නැවත පැමිණීමක් නොපෙනෙන අගාධයක් වෙතටයි.

සිංහලයාගේ ආර්ථිකය වැටුණේ ඇයිදැයි සොයා බැලීමට පෙර, පවතින බෞද්ධ යයි කියා ගන්නා සංවිධාන සහ ඒවායේ නායකත්වය දරණ චීවරධාරීන් රටට දෙන පණිවිඩවල යථාර්ථය තේරුම් ගන්න උත්සහ කරමු. 


දන් දීමට දරුවන් හැදීම   



ආර්ථිකය දුර්වල වන විට දරුවන් සැදීම ප්‍රශ්ණයකි. දරුවන් නඩත්තු කිරීමද ප්‍රශ්නයකි. මේ නිසා සිංහල බෞද්ධයා දරුවන් ගණන සීමා කිරීමේ ව්‍යාපෘතිවලට ඉත සිතින් සහයෝගය ල කළේය. මේ හේතුවෙන් සිංහල බෞද්ධයාගේ ජනගහන වර්ධනය ඉස්ලාම් වර්ගයාට වඩා පස්සට ගියේය. 

බෝබසේ සහ රවණා බලකාය වැනි සංවිධාන මෙම තත්වයට දෙන විසඳුම කුමක්ද? 

හැකිතරම් දරුවන් වදන්න යැයි සිංහල පවුල් වලට අණ කරයි. කාන්තා සායන වලට කඩා පැන මවුවරුන් බිය වද්දා එළවා දමයි. භික්ෂුවකට නොතරම් පහත් භාෂාවෙන් සිංහල බෞද්ධ පියවරුන්ට බැන වදී.

ආර්ථිකය වර්ධනය නොවී පැටවුන් බෝ කිරීමෙන් බුද්ධාගමට සුගතියක් වෙයිද?

කටුබැද්දේ මොල්පේ ප්‍රදේශයේ පන්සලක (අපේ ගමේ පන්සලේ) ඉතා සුමදුරව ධර්ම දේශණා කල හැකි වයස අවුරුදු 25  පමණවූ හාමුදුරු නමක් වැඩ වාසය කළේය. දකුණේ ඉතා දිළිඳු පවුල් පසුබිමකින් පැමිණ ඇති මේ ස්වාමින් වහන්සේ ප්‍රදේශයේ කාගේත් සිත් දිනාගෙන සිටියේය. අපි සැවොම එතුමාගේ ඉගෙනීම් කටයුතු වලට හැකි පමණින් උදව් කළෙමු. 

එකවරම මෙම ස්වාමින් වහන්සේ පන්සලෙන් අතුරුදහන් විය. තමා ගැන නොසොයන ලෙස ලිපියක් ලියා තබා ගොස් තිබුනද නායක හාමුදුරුවෝ ඇතුළු දායක පිරිස මේ පිළිබඳව පොලිසියටද පැමිණිලි කළහ. මේ නික්ම යාම පිලිබඳව නොයෙකුත් කටකතා සහ රසකතා පැතිර ගිය අතර මාස කිහිපයකට පසු ගමේ වැඩිහිටියෙකුට වෙනත් ප්‍රදේශයකදී මෙම ස්වාමින් වහන්සේ (වෙනත් ස්වරූපයකින්) මුණගැසීමෙන් පසු කාගේත් දෑස් හැරෙන්නට විය.

ගමේ වැඩිහිටි තැනැත්තාට නැවත මුණගැසෙන විට ස්වාමින් වහන්සේ, ස්වාමි කෙනෙකි, නොඑසේ නම් පාශ්ටර් වරයෙකි. එතුමාගේ විවරණයට අනුව යම් ක්‍රිස්තියානි සංවිධානයක් විසින් මෙතුමාට පාශ්ටර් වරයකු වන ලෙස ඉල්ලීමක් කර ඇත. ඒ සඳහා ගමේ සිටින එතුමාගේ පවුලට මිලියනයක් පමණ වටිනා නිවසක් තනා දීමට ඔවුන් පොරොන්දු වී ඇති අතර, එතුමාගේ සොහොයුරන් දෙදෙනාට සහ සොහොයුරියට රැකියා අවස්ථා සලසා දී ඇත. මීට අමතරව පවුලේ නඩත්තුව සඳහා මසකට රුපියල් 10,000 ලබා දෙන බවද එතුමා පවසා ඇත. ඒ වන විට ඔහු ගේ පවුලේ අය පමණක් නොව එම ගමේද වැඩි පිරිසක් මෙම ක්‍රිස්තියානි ධර්මයට හැරී ඇත. 

මා හොඳින් දන්නා ආකාරයට මේවන විට බලපිටිය, කොස්ගොඩ, බෙන්තර, ඇල්පිටිය, රත්ගම ආදී නම් දැරු බෞද්ධ ප්‍රදේශ වල පවා ගම් පිටින් නොයෙකුත් ක්‍රිස්තියානි දර්ශනවලට පරිවර්තනය වෙමින් පවතී. මෙයට ප්‍රධාන සහ එකම හේතුව දරිද්‍රතාවයයි.

දැන් ඔබම සිතන්න.........

ආර්ථිකය ගොඩ ගන්නේ නැතුව ළමයි වැදීමෙන් සිංහල බෞද්ධයාට සුගතියක් වෙයිද? සිදුවන්නේ වෙනත් ආගම් වලට ළමයි හදන මැෂින් බවට බෞද්ධ මවුවරු පත්වීම නොවේද?

මීට අමතරව, බෞද්ධ යයි කියා ගන්නා, සොරු, මංකොල්ල කරුවෝ, ජාවාරම් කරුවෝ, තක්කඩියෝ, අපතයෝ බිහි වීමෙන් බුදු දහමට හෝ රටට යහපතක් වෙයිද?

ඉස්ලාම් ධර්මයට හෝ මුස්ලිම් සමාජයට මේ පිළිබඳව වගක් නැත. ඔවුන්ට අවශ්‍ය හැකි පමණ මුස්ලිම්වරුන් බිහි කිරීමටය. අද වනවිට බහුතරයක් මුස්ලිම් රටවල සිදුවන මිනිස් සංහාර සහ කෘරතර ක්‍රියාදාමයන් මෙම ඉවක් බවක් නොමැතිව පැටවුන් බෝ කිරීමේ ආදීනවය. බෝබසේ, රවණා බලකායන් කියන්නේ අපටද එතනට යන ලෙසය.


වලිගයට ගිනි තබා ගැනීම


ලංකික මුස්ලිම් ව්‍යාපාරිකයෙක් බංකොලොත් වුවහොත් එහි අවසන් අලාබය කාටද? ලාංකික මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගේ කඩයක් ගිනි තැබීමෙන් අවාසිය සිදුවන්නේ කාටද? 

පිළිතුර නම් මුළු ලංකාවටම බවයි.

හිමිකරුවන් මුස්ලිම් වරුන් වන, බ්‍රැන්ඩික්ස්, ජෆාර්ජිස්, මුසාජීස්, අක්බාර් බ්‍රදර්ස්, වැනි විශාල ආයතන ප්‍රමාණයක් හරහා සිංහල බෞද්ධ ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ලාංකිකයන් පිරිසකට රැකියා හිමිවී ඇත. එමෙන්ම මෙම ආයතන මගින් රට ලැබෙන ආදායමද සුළු පටු නොවේ. බහිරා ෆාම් කාරයාගේ සිට වලේ තම්බි කඩේ මුදලාලි දක්වා මුස්ලිම් ව්‍යාපාරිකයන් සේවය ලබාදෙන්නේ සියලුම ලාංකිකයන්ටයි. 

ඔවුන් විනාශ කිරීමෙන් විනාශ වන්නේ මුළු ලාංකික සමාජයමයි. මේ බව තේරුම් ගන්න සිංහල බෞද්ධයාට අපහසු නම් එය ජාතියේ කරුමයයි. 

මා මෙය දකින්නේ තමන්ගේ වලිගය තමන් විසින්ම ගිනි තබා ගැනීමක් ලෙසටයි.


සෝම හිමිට-ඥානසාර හිමිට බය කවුද?




මා නැවතත් ඔබව සෝම හිමි ඉදිරිපත් කල දර්ශනය වෙතට ගෙන යන්නම්. එතුමා පැවසුවේ සිංහලයා ආර්ථික වශයෙන් ශක්තිමත් වී ඉස්ලාම් ආර්ථික ශක්තිය අභිබවා යායුතු බවයි. ඉස්ලාම් ආර්ථිකය ශක්තිමත්ව පවතින අතරම සිංහල බෞද්ධ ආර්ථිකයට එය ඉක්මවා යා හැකි නම් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙක් බිම හෙළිය හැක. එක පැත්තකින් රටේ ආර්ථිකය ඉහල ගොස් සියලු දෙනාටම සැනසුමෙන් සිටිය හැකි සුබදායක පරිසරයක් බිහිවෙනු ඇත. අනෙක් අතට සිංහල බෞද්ධයාට ඉදිරියට පැමිණ තම වර්ගයා රැකගත හැකි පසු බිමක් සැකසෙනු ඇත.

සෝම හිමිගේ අනෙක් අභිප්‍රාය වුයේ ගුණ ගරුක, පන්සලට ලැදි තරුණ පරපුරක් බිහි කිරීමය. එතුමා නික්ම යන කාලය වන විට රට පුරා එතුමා පැතූ බෞද්ධ සමාජය බිහිවෙමින් පැවතුණි. 

එදා බෞද්ධයෝ මෙන්ම අන්‍ය ආගමිකයෝද එතුමාගේ බණ ශ්‍රවනය කිරීමට පුරු දු වී සිටියෝය. සාමාන්‍ය අන්‍ය ආගමික ජනතාව එතුමාට ආදරය කළේය.  එතුමා වෙතින් හමන බෞද්ධ ගුණ ධර්ම අගය කළේය. එහෙත් අන්‍යාගමික නායකයෝ එතුමාට බිය වුහ. බෞද්ධ දර්ශනය තුල ඇති හරය කෙරේ සාමාන්‍ය අන්‍යාගමික ජනතාව පැහැදෙනවාට ඔවුන් කිසිසේත් කැමති වුයේ නැත. එතුමාගේ ධවල විප්ලවය තම ආගම් වලට මරු පහරක් බව ඔවුනට දැනෙන්න ඇත.

මෙදා ඥානසාර හිමිගේ විප්‍රකාර වලට සාමාන්‍ය අන්‍යාගමික ජනතාව බියෙන් සලිත් වී ඇත. කුමන අවස්තාවක තම ගෙවල් දොරවල් වලට ගල් පහර වදී දැයි ඔවුහු  සැකයෙන් සිටිති. එහෙත් අන්‍යාගමික නායකයන්ට මේ බෝබසේ ඇතුළු අනෙකුත් සංවිධාන වල විසුක දස්සන නෙතට රසඳුන්ය. ඥානසාර බලකාය මේ විනාශ කරන්නේ බෞද්ධයාගේ ශක්ති මූලය බව ඔවුන් දනී. මේ විප්‍රකාර වලට එරෙහිව අන්තර්ජාතික ප්‍රජාවගේ පමණක් නොව රට තුලින්ම බෞද්ධ ජනතාවගේද විරෝධය පළවන බව ඔවුන් මැනවින් පසක් කරගෙන ඇත. 

මෙය ඔවුනට දෙආකාරයකින් වාසි සහගතය. එක අතකින් බුදු දහම විනාශ වනවා මෙන්ම අනෙක් අතට තම වර්ගයා තව තවත් එක් රොක් කර ගැනීමටද මෙම තත්වය ඉවහල් වේ. 

මල් වට්ටිය දෝතින් ගෙන දැහැමි සිතින් බුදු පුදට පිය නගන සිංහල බෞද්ධ තරුණයා දකින විට අන්‍යාගමික නායකයෝ සලිත වෙති. 

පොලු මුගුරු අතින් ගෙන සැහැසි බස් දොඩමින් හාමුදුරු වීරයා පසු පස දුවන සිංහල බෞද්ධ තරුණයා දකින අන්‍යාගමික නායකයෝ ප්‍රීතියෙන් පිනා යති. 

මේ යථාර්තය තේරුම් නොගන්නා තාක් කල් අප අගාධයට ඇදෙන වේගය වැඩි වනු ඇත.  





**** මෙම ලිපියෙහි දෙවන කොටස "යා යුතු මග" නමින් ඉදිරියේදී පල වනු ඇත