Follow this Blog

Monday, 21 March 2016

බුද්ධිය ඔහේ ගැලුවාවේ ......




ඒ පර්වේෂ් මුෂාරෙෆ් මහතා පකිස්ථානයේ ජනාධිපති පදවිය හෙබවූ සමයයි. එවකට මම පකිස්ථානු ගුවන් හමුදාවේ විද්‍යුත් චුම්බක ආරක්ෂණය පිලිබඳ උපදේශකයෙකු වශයෙන් කටයුතු කල බැවින් නිතර පකිස්ථානයට ගියෙමි. ඔවුන් ඒ දිනවල බෙල් හෙලිකොප්ටරයට ආදේශක යානයක් තැනීමට ව්‍යාපෘති සැලසුමක් ගොඩ නගා තිබුණි. ඒ වන විට පකිස්ථානයට කිසිම බල කඳවුරක් සමග හොඳ සම්බන්ධතාවයක් තිබුනේ නැත. එබැවින් මෙම ව්‍යාපෘතියට තාක්ෂණික දැනුම ලබා ගැනීම ඔවුන්ට බලවත් ගැටළුවක් විය. 

මේ අවස්ථාවේදී මුෂාරෙෆ් මහතා ව්‍යපෘති නියමුවන් සමග විශේෂ හමුවක් කැඳවිය. එහිදී එළඹී තීරණයකට අනුව ලොව පුරා රටවල දර්ශනපති (PhD) උපාධිය ආසන්නයේ සිටින හෝ පශ්චාත් දර්ශනපති ධුරවල සිටින හෙලිකොප්ටර් හා ගුවන්යානා ආශ්‍රිතව පර්යේෂණ කරන පකිස්ථානුවන් 100ක් පමණ තෝරාගෙන ඔවුන් හා පෞද්ගලිකව අදහස් හුවමාරු කරගන්න ලදී. පසුව ඉන් 20ක් පමණ තෝරා ගත් අතර ඉස්ලාමාබාද් හි පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට ලොව පුරා අයදුම්පත් කැඳවන ලදී. මෙහිදී තෝරා ගැනුනේ කලින් සඳහන් කල පකිස්ථානුවන් පමණි.

වසර දෙකක් තුල පකිස්තානු ගුවන් හමුදාව සැලසුම් කල හෙලිකොප්ටර් යානය සාදා නිම කළේය.

ඉන් දශකයකටත් පසුව අපි ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීමට පකිස්ථානය සහ ඉන්දියාව දෙස බලමින්, බලවතුන්ගේ ගෝරනාඩු වලට බියේ හැකිළෙමින් සිටිමු. ඉන්දියාව සහ පකිස්ථානය යන දෙරටම ලංකාවට වඩා අඩු ඒක පුද්ගල ආදායම් සහ අධ්‍යාපන ව්‍යුහයන් සහිත රටවල්වේ.

අපිට කොතනකදී හෝ වැරදී ඇත. භූමියෙන් කුඩා වීම අප ප්‍රශ්නයක් කරගෙන ඇත. නමුත් භූමි ප්‍රමාණයෙන් මෙන්ම ජනගහනයෙන්ද අපට වඩා කුඩා සශ්‍රීක රාජ්‍යයන් ලොව බොහෝ ඇත (සිංගප්පුරුව, බෙල්ජියම, හොංකොං, ඩෙන්මාර්ක්, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය ආදී). සිදුවී ඇත්තේ අපි වර්තමානය පිළිබඳව කුඩාවට සිතමින්, සුවිසල් අතීතයක සිහින අතර ජීවත්වීමයි.

අතීතය ඇත්තේ පාඩම් ඉගෙන ගැනීමට මිස එය සදාතනික නිවහන කරගැනීමට නොවේ.

අපි යුක්රේනයෙන් ඇන්ටනොව් ප්‍රහාරක යානා 30 කට වඩා මිලදී ගන්න ඇත. ඊශ්‍රායලයෙන් කෆීර් යානා රාශියක් මිළදී ගෙන ඇත. එම නව ප්‍රහාරක යානා දෙකක මිල පර්යේෂණ කටයුතු සඳහා යොදවා තව යානාවක් මිළදී ගන්නා මුදලින් ලොව සිටින ශ්‍රී ලාංකික ගුවන් යානා විශේෂඥයන් කිහිප දෙනෙකුගේ සහය තාවකාලික පදනමක් යටතේ ලබා ගත්තා නම් අපිට අද ප්‍රහාරක යාන මිළදී ගැනීමට රට රටවලට වැඳ වැටෙන්න අවශ්‍ය වන්නේ නැත.

මා ඉහත තත්වය විග්‍රහ කරන්නේ මනෝමය සංකල්පයක් ලෙස නොව ඉතා යතාර්ථවාදීව භෞතික සහ මුල්‍යමය කරුණු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි.


ලිපියේ මේ කොටස ලියන මොහොතේ මා සිටින්නේ ඉන්දියාවේ බැංගලෝර් නගරයේය. ඒ ඉන්දීය මධ්‍යම බලශක්ති ආයතනයේ (CPRI) පිරිසකට අධිවෝල්ටීයතා තාක්ෂණය පිළබඳව වැඩමුළුවක් පැවැත්වීම සඳහාය. 1960 ගණන්වල කුඩා පර්යේෂණාගාරයක් ලෙස ඇරඹුන මෙම ආයතනය අද වනවිට ලෝකයේ ඇති විශාලතම අධිවොල්ටියතා පර්යේෂණාගාර වලින් එකක් බවට පත්ව ඇත. ඔවුන් බොහෝ සෙයින් ඉදිරියට ගොස් ඇත.

මම අතීතය දෙස හැරී බලමි.

ලංකාවේද පේරාදෙණිය සහ කටුබැද්ද සරසවි වල සෑහෙන කලකට පෙර අධිවොල්ටියතා පර්යේෂණාගාර ඇරඹුණි. වසර 2000 ගණන්වල මුල් භාගයේ මට පර්යේෂණ මාලාවක් පැවැත්වීම සඳහා අධිවොල්ටියතා පහසුකම් අවශ්‍ය විය. එවකට මා සේවය කලේ කොළඹ සරසවියේ භෞතික විද්‍යා අංශයේය. එහි මෙම පහසුකම් නොතිබූ බැවින් කටුබැද්ද සරසවියේ හිතවත් මහාචාර්ය රොහාන් ලූකස් මහතාගෙන් මම මේ සඳහා අවසර ඉල්ලුවෙමි.

"කිසිම ප්‍රශ්නයක් නැහැ චන්දිම, ඔයාට ඕනෑම වෙලාවක ඇවිත් වැඩේ කරගන්න" කවදත් පරිත්‍යාගශීලී මහාචාර්යතුමා මට පැවසුවේය.

දිනයක් නියම කරගෙන, මගේ සිසුවාද කැටුව කටුබැද්ද සරසවියට ගිය මා දුටුවේ වළලු කරට පමණ වතුර ගලා තිබු අධිවොල්ටියතා පර්යේෂනාගාරයයි.

"සර්ලට ඕනෙ නම් මේකේ වතුර අස්කරගෙන පොඩ්ඩක් ඔයිල් කරලා වැඩේ පටන් ගන්න පුළුවන්" එම පර්යේෂණාගාරය බාරව සිටි තාක්ෂණ නිලධාරියා පැවසීය.

පෙනෙන විදියට අපගේ කාර්යය හය මාසයකින් වත් නිම කල නොහැක. අපි දෙදෙනා කිසිත් නොදොඩා හැරී ආවෙමු.

අපට අවශ්‍ය පහසුකම් ඇති ඊළඟ සහ අනෙක් එකම ස්ථානය පේරාදෙණිය සරසවියයි. එවකට එහි සේවය කල තවත් මගේ ඉතා කිට්ටු ජෙෂ්ඨයෙකු වූ මහාචාර්ය ජීවන් හූල් මහතාට මම අවශ්‍යතාවය පැවසුවෙමි. එවකට එතුමා එහි අධිවොල්ටියතා පර්යේෂණාගාරය බාරව සිටියේය.

"හරි චන්දිම, ඔයා මේකේ ටෙක්නිකල් ඔෆිසර් එක්ක වෙලාවක් කතා කරගෙන ඇවිත් වැඩේ කරගන්න".

මගේ ගෝලයාත් මාත් උදෑසනින්ම පේරාදෙණිය බල පිටත් වුනෙමු. තාක්ෂණ නිලධාරියා කලින් පොරොන්දු වූ ආකාරයෙන් විද්‍යාගාරය අසල නොසිටි බැවින් අපි ඔහු ගැන විපරම් කිරීමට විද්‍යුත් ඉංජිනේරු අංශයට ගියෙමු. අපගෙන් පැමිණි කාරණය විමසු එතන සිටි නිලධාරියෙක් අපව අංශ ප්‍රධානියා වෙත යවන ලදී.

"ඔයගොල්ලන්ට එහෙම ප්‍රොෆෙසර් හූල් එක්ක විතරක් කතා කරගෙන ඇවිල්ලා මෙතන වැඩ කරන්න බැහැ. එකට මගෙන් පර්මිෂන් ගන්න ඕනේ".

ඒ පර්මිෂන් එකට තව පැය තුනක් ගියේය. ඉන් පසු එම ලියවිල්ල රැගෙන පර්යේෂණාගාරය වෙතට ගිය අපිට එහි තාක්ෂණ නිලධාරීන්ගෙන් ලැබුණේද සීතල ප්‍රතිචාරයකි. එදා වැඩක් කෙරුනේ නැත.

අපගේ මුළු පර්යේෂණ මාලාවටම යන්න ඇත්තේ පැය 3-4 කාලයකි. එහෙත් මාත් මගේ සිසුවාත් දින ගණනාවක් පේරාදෙණියට ගියෙමු. හැමදාමත් පැය ගණනක් පර්මිෂන් එක දෙන තෙක් අපිට බලා සිටින්නට සිදු විය. පර්යේෂණය අවසන් වන විට පර්යේෂණද අපිට එපාවී තිබුණි. මගේ සිසුවා අද ඇමරිකාවේ PhD උපාධිය ලබා එහිම සේවය කරන බව ආරංචිය. ඔහුට ලංකාව එපා වුනේ මේ නිසාදෝ වත් දැයි නොදනිමි.

අපට මුහුණ පෑමට සිදු වූ සියලුම අතවරයන්ට හේතුව මහාචාර්ය හූල් සහ පරිපාලනය අතර වූ අසමගියක් බව පසුව අපට දැන ගන්න ලැබුණි. මේ අපේ රටේ සැබෑ තත්වයයි.

එකම ප්‍රමාණයෙන් ඇරඹුන CPRI සහ ලංකාවේ සරසවි වල අධිවොල්ටියතා පර්යේෂණාගාර අද අහසට පොලව වැනි තල දෙකකය. ලංකාවේ හැටි එහෙමය.   

ඉන්දියාව විද්‍යා හා තාක්‍ෂණ කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ඉතා දුර දැක්මක් ඇති ප්‍රතිපත්තියකි. ජාත්‍යන්තර දැනුම සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කරන්නේ පහත දැක්වෙන උපාය මාර්ගයයි.

යම් ව්‍යාපෘතියක් සඳහා තාක්ෂණ දැනුම අවශ්‍ය වූ විට ඔවුන් මුලින්ම ඉන්දියාවේ සිටින විද්‍යාඥයන්ගේ සහය ලබාගනී. ඔවුන් තුල දැනුම නොමැති විට තෝරාගත් පිරිසකට වෙනත් රටක පුහුණුව ලබා දී කෙටි කලකින් අවශ්‍යතාවය සපුරා ගත හැකිදැයි ඔවුන් සොයා බලයි. මෙම විසඳුම නොතිබේ නම් ඔවුන් වෙනත් රටවල සිටින ඉන්දියානු සම්භවයක් ඇති අදාළ උගතුන්ගෙන් අවශ්‍ය තාක්ෂණය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරයි. එයත් අපහසු කල ඔවුන් පකිස්ථානය හැර කළාපයේ වෙනත් රටවල සිටින විද්‍යාඥයන්ගෙන් තම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට උත්සහ කරයි. එම විකල්පයත් නොමැති කල පමණක් ඔවුන් බටහිරට යොමු වේ. 

ඉන්දියාව බුද්ධි ගලනය නවතාලන්න උත්සහ කලේ නැත. ඒ වෙනුවට ඔවුන් ගැලූ බුද්ධිය ප්‍රවර්ධනය වන තුරු සිට එහි ඵල නෙලා ගැනීමට උත්සුක විය.

ලංකාවේ අපි

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු උදෙසා පිටරට සිටින විද්‍යාඥයන්ගේ දායකත්වය ලබාගැනීමට යැයි පවසමින් ජාතික විද්‍යා පදනම (NSF) මගින් වසර 2011 දී "Global Forum of Sri Lanka" නමින් පදනමක් පිහිටවිය. 2011 දෙසැම්බරයේදී  මේ පදනම මගින් විශාල මුදලක් වැය කරමින් කොළඹදී දැවැත්ත සමුළුවක් පැවැත්විය. ඉන් පසු එම පදනමේ සාමාජිකත්වය ලබා ගත් අයට යම් යම් ව්‍යාපෘති ගැන විස්තර දන්වමින් ඉඳහිට ඊ මේල ලැබෙන්න විය. වසරක් පමණ යන විට මෙම විද්‍යුත් තැපෑල සාමාජිකයන්ගේ උපන් දින සැමරුම් දන්වා එවීමට පමණක් සිමා විය. අද එයත් නැත.

කුණු ප්‍රශ්ණය එතැනමය, රජරට වකුගඩු ප්‍රශ්ණය වෙනත් ප්‍රදේශ වලටද පැතිරෙමින් පවතී, බලශක්තිය අර්බුධයක් බවට පත්ව ඇත, නාය යාම් වලක්වා ගැනීමේ මනා ක්‍රමවේදයක් හෝ නුතන තාක්ෂණයක් අපිට නැත, ඩෙංගු මදුරුවාගේ ව්‍යාප්තිය සහ ක්‍රියාකාරිත්වය තීරණය කරන්නේ ඩෙංගු මදුරුවාමය, සියවස් දෙකක පමණ පටන් තේ වැව්වත් නිමි තේ තාක්ෂණයක් අපිට නැත. තව කියාගෙන යන්න හැකි මුත් එමගින් සිතට දැනෙන දුක වැඩි වනවා පමණි.

ගිනි ගොඩේ දැවෙන විට එයට බනිමින් අපි මඩ ගොඩට පනිමු. මඩ ගොඩේ දුගඳ උහුලන්නට නොහැකි විට අපි නැවතත් ගිනි ගොඩට පනිමු. දශක ගණනාවක් තිස්සේ මේ තේරීම් දෙකෙන් ඔබ්බට යා ගත නොහැකිව, එකිනෙකාටත්, අසල්වැසියාටත් බැන වදිමින් අපි සදා දුක් ගොඩක සිටින්නෙමු.

නිල් වන් තණ බිමකට පිය නගන්න ජාතියට වාසනාව ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා හැර වෙන කරන්න දෙයක් නැත.





26 comments:

  1. Inspiring story but there is nothing I could find about a Pakistani made helicopter. Some link to that would be great. Also the comparison of SL to Singapore, HK, and other countries shows a complete lack of understanding about geopolitics by this author. Also remember India and Pakistan have even developed nuclear technology and there are Nobel prize winning Pakistani physicists. One thing I can agree is the dysfunctional nature of SL but everything else is so sensationalized.

    ReplyDelete
    Replies
    1. If you focus on the core purpose of this article rather than worrying on fringe matters, you would have got a better understanding. Reminds me a popular statement of Mr. Auura Kumara Disanayaka "මම ඔවුන්ට සඳ පෙන්වමි. ඔවුන් මගේ ඇඟිල්ල දෙස බලා එහි ඇදය හා වකය ගැන වාද කරති ".

      Delete
    2. Sometimes the "finger" can point in the wrong direction. But I am in full agreement with focusing on our local problems such as energy issue, mosquito issue, kidney issue etc. Not the Bell and Kfir!

      Delete
    3. Thanks for your debate, which I see as a healthy one. As the writer of the article, I thought of intervening at this stage.

      Regarding helicopters, you don't get it in any public domains. Its a classified project that involved several reverse engineering tech and the outcome has not even baptized as far as I know. But the units are in full utilization. I cannot give any further details and even the bit I revealed, was possible only due to the expiring of 10-year NDA I signed with them, last year.

      It is everyone's right to decide the extent of believing in him/her self. Within my knowledge peripherals, with regard to the ability of SL, I do not believe in only Bells and Kafirs but even in anti-ballistics.

      Most of you may not know that during the last stages of war in SL, the biggest headache for the Navy, the attacks by super-fast LTTE suicidal boats, was solved ingeniously. The solution was to have even faster boats with heavy weapons that could destroy the attackers before they reach defense lines. A team of our Navy guys (proud to say that a main character of the team was one of our UoC Physics product and his bro) modified cheap boats to suit this situation. The cost was 1/1000 the amount that ........ (a country famous for selling such warfare items) asked for. Thus, at the cost of buying one unit from this country, our people could build 1000 units. The 'ability' does not mean that you are going to make a Bell V-280 Valor from the scratches. It is the capability of starting from whatever you have and produce what you want, probably with some reverse engineering as well. We should act smart.... rather than hard.

      Regarding the small countries; None of them were rich for the total age of civilization. If you talk to an old Singaporean or Taiwanese you will understand how pathetic their situations were just 50 years ago. They came up simply because they believed in themselves. Political, geographical, strategical... whatever the term you use, will come behind that. For an example, if it is not for the determination of LKY, Singapore could have easily been another Haiti or even worse.

      Delete
  2. පාලකයන් නම් කිසිම වෙනසක් නොපෙන්වන කල ඔබේ දැනුවත් කිරීම පවා බොහෝ වටී.
    ජයවේවා..!!

    ReplyDelete
  3. කාලීන ලිපියක් ආචාර්ය චන්දිම. මෝඩ දේශපාලකයන්ට සහ අහංකාර නිලධාරිවාදයට යටවුන රටක් මේක.

    ReplyDelete
  4. වටිනා ලිපියක් ... ස්තුතී

    ReplyDelete
  5. Nice article on the bitter truth .... Attitude matters a lot...

    ReplyDelete
  6. අර සිංදුවකත් තියෙනව වගෙ "ප්‍රඥාවන්තයින් සිංහාසනාරූඪ කල මැනව" කියල දෙවියන්ට කියන්ට විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ..

    වෙනදා වගේම බොහොම අපූරු ලිපියක් චන්දිම..ස්තූතියි ඔබට!

    ReplyDelete
  7. කටුබැද්දෙන් පිටවූ මා හට ලංකාවේ සිටීමට තිබූ උන නිසා මෙහි සිටම ව්‍යාපාර කිරීමට තීරනය කෙලෙමි පසුගිය වසර 15 තුල මා තේරුම් ගත් දෙය නම් , රටට යමක් කල හැකි සෑම වෘත්තිකයෙක්ම තනියෙන් පටන් ගත යුතු බවයි. දේශපාලනය කිසි විට ගවා නොගත යුතු බවයි, සිය බුද්ධිය මෙහෙයවා හැරී ජයවර්ධන කෙනෙකු හෝ ධම්මික පෙරේරා කෙනෙකු වීමට සිතා ගතයුතු බවයි. දේශපාලනය යනු මෝඩයින් fun ගන්නා තැනක් මිස අන් යමක් නොවේ.

    ReplyDelete
  8. අපේ මවුරටට සිද්දවෙලා තියන අභාග්‍ය ගැන මේ විදිහට හඬක් නගන එක ගැන ශීර්ෂ ප්‍රණාම ස්තුතිය පුදකරන්නට කැමතියි පළමුවෙන්ම..

    උගත්කම සහ උගත් බුද්ධිමත්කම අතර තියන වෙනස ඔබතුමා මට වඩා හොඳින් දන්නවා ඇති කියල මම හිතනවා. ලංකාවේ ඉන්න උගතුන්ගෙන් 75% ක් හෝ ඊට වඩා අගයක් බුද්ධිමත් නැහැ කියලයි මම හිතන්නේ.. ඒ බුද්ධිමත් නොවෙන උගතුන්ගෙන් කවදාවත් රටට වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒ කොට්ඨාශය ඒ උගත්කම පාවිච්චි කරන්නේ තනතුරු ලාභ, මුදල් ලාභ සහ වරප්‍රසාද , බලය වගේ දේවල් ගොඩගහගන්න විතරයි. ලංකාවටම සුදු චිත්‍රයක් මවල පෙන්නන ශ්‍රීලාංකීය විශ්වවිද්‍යාල පද්ධතියේ ඇතුලේ තියන කුලල් කා ගැනිලි, කකුලෙන් ඇදිලි, හැංගිලා ගැහිලි, කැපිලි කෙටිලි නිසා කොන්ද පන තියන සහ රටේ අනාගතය වෙනුවෙන් යමක් කළහැකි පිරිසට ඒ ආයතන ඇතුලේ දිග ගමනක් යන්න පරිසරයක් නැහැ කියල මට වඩා හොඳට ඔබතුමා දන්නවා ඇති කියලයි මගේ අදහස. ඒ තත්වයන් එහෙමම තියෙද්දී බුද්ධි ගලනයට ප්‍රතිකර්ම නැතිවෙයි සර්..

    උගතුන් යයි කියාගන්නා බහුතරයක් දහසින් බැඳී පියලි වෙනුවෙන් ඇන කොටාගන්නා අල්ලපනල්ලේ පහටවත් ඉස්කෝලේ නොගිය එකෙක් චන්දෙ ඉල්ලලා ඇමති උනාම එතනින් එහා රටකට ගමනක් තියෙන්න විදිහක් නැහැ.. මොකද ඇමති දන්නේ නැහැ බුද්ධි ගලනය කියන්නේ මොකක්ද කියලවත්.. උගත් මෝඩයින්ට අවශ්‍ය තනතුරු තානාන්තර, විදේශ ගමන්, මුදල් බලය නිසා ඔවුන්ට වැඩක් නැහැ රටේ අනාගතය සහ දරුවන්ගේ අනාගතය කොයිබලටද කියන එක. ඔවුන්ගේ අරමුණ තමා බුද්ධි ගලනය දිගින් දිගටම සිදුවීම.. එහෙම උනාම ඒ උගත් මෝඩයින්ට ඒ පුටුවල විරාජමාන වෙන්න පහසුයි..

    රටට මේ සිදුවෙලා තියන සියලුම ව්‍යසන වලට මම චෝදනා කරන්නේ ඔබතුමා වගේ කොන්ද පන තියන සහ හර්ද සාක්ෂියක් තියන උගත්+බුද්ධිමත් පිරිසටම තමයි. රට සහ ජාතිය ගලවාගැනීමේ හැකියාව වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ ඔබතුමා වගේ උගත්+බුද්ධිමත් පිරිස අතේ නෙවෙයිද.. ඒ වෙනුවෙන් ලිපි ලිවීම ප්‍රසංසනීයයි.. රට ගැන අනුකම්පාවෙන් ඊට වඩා දෙයක් කරන්න ඉදිරිපත් උනොත් ලොකු පිනක් නේද ..
    වැස්සටවත් ඉස්කෝලේ නොගිය එවුනුයි සහතික මිටි ගණන් තියන බලයට කෑදර උගත් මොඩයිනුයි පාර්ලිමේන්තු යන්න යන්න මේ තත්වය තවත් උග්‍ර අතට හැරීම නෙවෙයිද වෙන්නේ ???

    ReplyDelete
  9. obathumage lipiya kiya u pasu ma hata athi uye balawath wedanawaki.lankawata henagahala thiyenne okathamai.obathunala waniaya jathiye pinata pahala u buddiye keerthi kadambayanya,awasanawata obathumanlagena pala prayojana ganeemata nolabeema abagyaki.

    ReplyDelete
  10. විදේශවල ඉන්නා ලාංකිකයින් ඉලක්ක කරන සමුළුව මෙවරත් පැවැත්වුනා. එහි ඕස්ටේ‍ර්ලියාවේ ප්‍රචාරක කටයුතු සඳහා මට සහය දිය හැකිදැයි විමසමින් මට පණිවිඩයක් ද ලැබුණා. නමුත් මා දෙසැම්බර් 15 පමණ ලංකාවට යනතුරුත් ඒ කිසිම ඬිස්තරයක් මට ලැබුණේ නෑ. පසුව මා ලංකාවේදී දැක්කා ඒ සමුළුව 28 වෙනිදා පැවැත්වෙන බවට මිතුරෙකු විසින් ෆෙස්බුක් එකේ යොදා තිබුණු සටහනක්.

    ඒ සමුළුවලට කවුරු සහභාගී වෙනවාද, ඒවායින් කවර ප්‍රතිඵලයක් ලැබී ඇත්ද යන එක ගැන නම් මට කිසිම අදහසක් නෑ.

    ReplyDelete
  11. අගනා ලිපියක්...ඇත්තටම අපේ රට ගැන දුකයි. මේ තරම් සම්පත් ලොව ජයගත් උගත් බුදුධිමත් මිනිසුන් සිටියදි රටක් විදිහට අපි දවසින් දවස පහලට යනවා... අපි අඩම්බරයෙන් කථාකරන අතිතය මිසක් අපිට වර්ථමානයගැන සතුටු වෙන්න බෑ... අනාගතයක් ගැන හිතන්න බෑ... රට හරිපාරට ගන්න පුළුවන් පරමාදර්ශි නායකයෙක් ඕන පවතින ක්‍රමය වෙනස්කරන්න

    ReplyDelete
    Replies
    1. නායකත්වයට වඩා අවශ්‍ය අපේ මිනිසුන්ගේ ඔලු ගෙඩි ටිකට හොද පොහොරක් දින එකයි...

      Delete
  12. This is one of the most informative sites that I have come across today. It is no doubt that you are a very talented writer. I can't wait to read what you will post next. Reliable Article Critique & Review Service

    ReplyDelete
  13. ව‍ටිනා අදහස් ඇති ලිපියක්. තවත් ලියන්න‍ට සුභ පැතුම්

    ReplyDelete
  14. //සිදුවී ඇත්තේ අපි වර්තමානය පිළිබඳව කුඩාවට සිතමින්, සුවිසල් අතීතයක සිහින අතර ජීවත්වීමයි. //
    //ගිනි ගොඩේ දැවෙන විට එයට බනිමින් අපි මඩ ගොඩට පනිමු. මඩ ගොඩේ දුගඳ උහුලන්නට නොහැකි විට අපි නැවතත් ගිනි ගොඩට පනිමු//

    ++++++++++++++++++++

    ReplyDelete
  15. great article sir. as my view the problem is with attitudes of sri lankans. non other than that. even they think that they are modernized with their physical resources but still the minds are the same. so before changing the physical environment have to replace their minds.

    ReplyDelete