Follow this Blog

Saturday, 13 October 2012

හියුගෝ චාවෙස්ගෙන් පාඩමක් Lesson from Chavez




හියුගෝ චාවෙස්ගෙන් පාඩමක්  



හියුගෝ චාවේස් යනු ලංකාවේ වෙසෙන බොහෝ දෙනෙකුට දේශපාලන වීරයෙකි. අපේ සමහර ඇත්තන් චාවේස් යනු නුතන චේ ගවේරා යයි කියනුද මම අසා ඇත්තෙමි. 


මේ ලාංකිකයන්ගෙන් කී දෙනෙක් වෙනිසියුලානු ජාතිකයෙකු හා කතා බස් කර ඇද්ද? පිළිතුර බොහෝ විට බින්දුවට ආසන්න වනු ඇත. 

එසේනම් ඔවුන්ට චාවේස් වීරයකු වුයේ කෙසේද.....? 

එය තනිකරම මාධ්‍ය හරහා ගොඩනැගුව  ප්‍රතිරූපයකි.  

මා පසුගිය වකවානුවේ, වැනිසියුලානු ජාතිකයන් බොහෝ දෙනෙකු හා සමීප කතා බහේ යෙදී ඇත. ඔවුන් අතරින් කීපදෙනෙක් පශ්චාත් උපාධිය හදාරන මගේ සිසු සිසුවියන්ය. අනෙක් අය මගේ වුර්තිය මිතුරන්ය. ඔවුන් සියලුදෙනාම (සියලු දෙනාම යන්න මම නැවත අවධාරණය කරමි) දරණ එක් මතයක්  ඇත. එනම් හියුගෝ චාවේස් යනු වැනිසියුලාව විනාශ කරන්න පැමිණි යක්ෂයකු බවයි.  චාවේස් රටේ ආර්ථිකය විනාශ කරන අයුරු ඔප්පු කිරීමට ඔවුන් නිදසුන් රාශියක් ලබාදෙයි. ඔවුන්ගේ තර්ක විතර්ක හා කරුණු කාරණා බොහෝ සෙයින් සාධාරණ යයි මට හැඟේ. 

එසේනම් චාවේස් ජාත්‍යන්තරවද, රටේ සාමාන්‍ය ජනයා අතරද වීරයකු වුයේ කෙසේද?

වැනිසියුලාව ලෝකයේ සම්පත් අතින් පොහොසත්ම රටකි. ඔවුන් සතුව විශාල ඛනිජ තෙල් නිධි රාශියක් ඇත. මීට අමතරව නොයෙකුත් ලෝහ වර්ගද ඛනිජයන්ද එහි ඇත. චාවේස් සහ ඔහුගේ සහචර කණ්ඩායම මේ සම්පත් විකුණා රටට ලැබෙන මුදලින් බිලියන ගණනක් සොරා ගත්තෝය. අදටත් සොරා ගනිමින් සිටිති. 

රටේ පාලන අධිකාරිය බිලියනපතියන් වනවිට ඔවුන්ගේ පැවැත්ම වඩ වඩාත් තහවුරු වෙයි. මක්නිසාද යත් ඔවුන්ට සියලු දෙයම මුදලට ගත හැකි බැවිනි........... විරුද්ධ පක්ෂය, නීතිය, පොලිසිය, හමුදාව සහ මාධ්‍ය ඔවුන් ලෙහෙසියෙන්ම මුදලට ගනියි...... මෙයින් වඩාත්ම වැදගත් වන්නේ මාධ්‍යයයි. මගේ වෙනිසියුලානු මිතුරන් කියන්නේ මේ වනවිට CNN සහ BBC මාධ්‍ය ආයතන පවා චාවේස් ගේ සාක්කුවේ සිටින බවයි. 

චාවේස් ඇමරිකාවේ පරම හතුරා ලෙස හඳුන්වන්නේ මාධ්‍යයි. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් චාවේස් සහ වැනිසියුලාව විනාශ කිරීමට කැසකවන බව පෙන්වන්නේද මාධ්‍යයි. චාවේස් ඇමරිකාව ඇතුළු බටහිර ධනවාදයට විරුද්ධව  සටන් කරන පතාක යෝධයකු ලෙස පුම්බන්නේද මාධ්‍යයි. 

වැනිසියුලාව තුල චාවේස්ගේ පාලන තන්ත්‍රයට විරුද්ධව කවරකු හෝ නැගී එයි නම් චාවේස්ගේ සඟයන් එම බලවේගයන්ට නිර්දය ලෙස පහරදෙයි. ඒවා කුඩු පට්ටන් කොට විනාශ කර දමයි. මහපාරේ දෙනෝ දාහක් ඉදිරිපිට බෙල්ල මිරිකා මරාදමන මිනිසා ඊළඟ පැයේදී ගෙල වැළලාගෙන දිවි නසාගත්තෙකු බවට පත්වෙයි. දාමරිකයන් සියයක් වටවී අත් කකුල් කඩා දමන මිනිසා ඊළඟ දිනයේදී තමා තමාටම පහරදී ගත්තෙකු බවට පත්වෙයි. මේ සියල්ල රටේ ජනතාව පිළිගන්නා තැනට වැඩ සිදු කිරීම මාධ්‍යයේ කාර්ය භාරයයි. 

චාවේස්ගේ හෙන්චෙක් තම බිරිඳ දුෂණය කලවිට සැමියාට ටික දිනකින් එය අමතකවෙයි. එක්කෝ මරබිය, නැත්නම් මුදල මීට හේතුවෙයි. 
     
චාවේස් පාලනයට විරුද්ධව පෙළපාලි සංවිධානය කරන්නවුන් අතුරුදහන්  වෙයි. පසුව ඔවුන් ඇමරිකාවේ රැකවරණ ලබන බව මාධ්‍ය පවසයි. රටවැසියන්ට එය සත්‍යකි. මන්ද ඇමරිකාව හැමවිටම වැනිසියුලාවට වින කරන්න බලා සිටින බැවිනි.  එය කියන්නේද මාධ්‍යයයි. මාධ්‍යයට මෙම සංකල්ප ලෙහෙසියෙන්ම ජනතාවට විකුණා ගත හැක්කේ ඇස් පනා පිට පෙනෙන බටහිර-ඇමරිකන් දුර්දාන්ත ක්‍රියාදමයන් නිසාය.  බටහිර-ඇමරිකන් පාලකයන්ගේ අවලන්, නොමිනිස් ක්‍රියා පටිපාටියන් චාවේස් ට වෙස්වලාගත් ආශිර්වාදයකි. 

රටේ කොතනකින් කුමන වීරෝධයක් මතු වුනත්, මිනිසුන් පාන් ගෙඩියක් ඉල්ලා වැඩවර්ජන කලත් ටික දිනකින් මේ සියලු විරෝධ පාන්නන් සහ වර්ජකයන් ජනතා විරෝධි ගොඩකට බැර කිරීමට චාවේස්ගේ මාධ්‍ය යන්ත්‍රය සමත් වෙයි. 

වැනිසියුලාවේ මකරාක්ෂයා ගොඩනැගු ජනතාව අද මකරාක්ෂයාගේ ගොදුරු බවට පත්වෙමින් සිටියි. ඔවුන්ට ගැලවීමක් නැත. බිලියනපතියන් වූ යාන්ත්‍රණය එතරමටම බලවත්ය. 

...............................................................

චාවේස් සහ සහචරයන් හොරකම් කරන්නේ රටේ සම්පත් විකුණා ලැබෙන ධනයයි.

...............................................................
ගත් ණයෙහි පොලිය ගෙවීමට, පොලියට ණය ගන්නා රටක .........
පාලකයන් සොරාකන විට........!!!!!!!!!!!!!




Tuesday, 2 October 2012

Cheerleaders in Cricket



CHEERLEADERS AT T20



On a hot day in Sri Lanka, if you put few cats on a  takaran (tin) roof what do you expect? (For God's sake don't do that, I hate animal cruelty)

This is exactly how the performance of Sri Lankan cheerleaders for T20 WC was described by Indian media. 

This is no fault at all of the poor kids who try their best to make a good performance during the matches. It is something to do with the stinginess and lack of proper vision of ICC, as we hear now. 



American originated concept of Cheerleaders is totally mis-employed in Cricket from the right beginning, as I see. 

At the first place, cheerleaders are for boosting the spirit of a team and it's supporters in a tough contest. Crowed pulling, image building of a country, etc. are side benefits of employing cheer leaders in an international event. 

Here in Cricket, they dance and cheer when your hero hits a ball over the ropes; .............wonderful........... 

In the next over he is bowled and those girls are up on their feet again.  

Isn't it ridiculous .........................? 

It doesn't matter whether they are in skimpy bikinis or in colourful Malaysian hijab. If they dance lively at the right time and cheer for a focused cause, it will serve the purpose.  

Thus, let each team decide what type of cheerleaders they want in the ground, and let them cheer for boosting only the spirit of that team, not alternatively both teams. 

If your cheerleaders want to perform when your team is down as well, let them sing “Don’t worry…. Be Happy”. 

Isn't that meaningful........................?


Monday, 1 October 2012

Danger of Silence


Danger of Silence



They burnt Basoga Village; I kept silent
'cause Basogas were our enemies

They hacked families in the town; I kept silent
'cause those were not known to me

They raped daughters of Sylvester in my next door; I kept silent 
'casue they were not my daughters

And one day,.......
I heard that deadly knock on my door.............

- An Ugandan who lost his limbs and family during Idi Amin regime