Saturday 2 June 2018

යුගයක අවසානය (The End of an Era)


අවුරුදු 3000ට අධික කාලයක් මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ ආධිපත්‍ය දැරූ පාරාවන්ගේ මිසර අධිරාජ්‍ය පසු කලෙක දුහුවිල්ලෙන් සැඟවුණු සුන්බුන් ගොඩක් බවට පත්විය. වසර 500 පමණ පැවතුනු ග්‍රීක අධිරාජ්‍යටත්, එහි බිඳ වැටීම හා සමපාතව  නැගී සිට තවත් වසර 1500 පමණ පැවති රෝම අධිරාජ්‍යටත් මේ ඉරණමම අත්විය. සියල්ල නැසෙන සුළුය. සියල්ල අනිත්‍යය. මේ බව සනිටුහන් කරමින් වඩා මෑතකදී බිහිවුන ඔටෝමාන්, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය වැනි අධිරාජ්‍ය සියවස් කිහිපයකින් දියවී ගියේය. සමාජවාදී සෝවියට් කඳවුර රැකුණේ ශත වර්ෂයකටත් අඩු කාලයකි. 

මේ කියන්න යන්නේ ඊළඟට පුපුරා යාමට නියමිත අධිරාජ්‍යය ගැනය. 

කෙටියෙන්ම පැවසුව හොත් ඇමරිකාව යනු රුධිරය මතින් ගොඩ නැගූ අධිරාජ්‍යයකි. පෙර පැවති බොහෝ අධිරාජ්‍යය රුධිරය වගුරවන්නේ තම ආධිපත්‍යය ස්ථාපිත කිරීමෙන් අනතුරුවයි.  ඇමරිකානු භූමි භාගයේ මීට ශතක තුනකට පමණ පෙර ඇරඹි, භූමියේ මුල් පදිංචි කරුවන් ඝාතනය අවසාන වන්නේ 1970 තරම් මෑත කාලයකදීය. වෙනත් වචන වලින් කිවහොත් ඇමරිකාව ශිෂ්ටාචාරයක් බවට පත්වී තවමත් අඩසියවසකට වඩා කල් ගතවී නැත. 

මට මේ ලිපිය ලියන්න සිත් වන්නේ පසුගිය දිනක මගේ පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන් කිහිප දෙනෙකු සමග සමග ඇතිවූ සුහද කතා බහකි. මගේ ඉරාක සිසුවකුගේ ආචාර්ය උපාධි විභාගයෙන් (thesis defence) අනතුරුව අපි සැහැල්ලු කතා බහකට වන්නෙමු. එතැන ඉරක, ඉරාන, පලස්තීන, ජෝර්දාන, ලිබියානු සහ සුඩාන සිසුන් විය. කොතැනකදී හෝ ඇමරිකාව මාතෘකාවක් බවට පත්විය. මැද පෙරදිග රටවලට පසුගිය වසර 40 ක පමණ කාලයක් ඇමරිකාව කරන නොපනත් කම් සහ ඇමරිකාවේ සුපිරි බලය හමුවේ ඔවුන් අසරණ වී ඇති ආකාරය කිහිප දෙනෙක් විස්තර කළේය. 

මෙහිදී සිනහවකින් මුව සරසා ගත් ඉරාන ජාතික සිසුවකු මෙලෙස පැවසීය.

"ඕනෑම බලවතෙක් විනාශ වන කරුණු දෙකක් ඇත. ඉන් පළමු වැන්න පිටත සිටින සතුරන් ඇතුලත සිටින තම මිතුරන් හරහා ඇතුලත විනාශයට ලක් කිරීමයි. දෙවැන්න පිටත සිටින මිතුරන් නිකරුනේ සතුරන් බවට පත් කරගැනීමයි. පළමුවැන්න ඉක්මනින් සිදුවනු ඇත. දෙවැන්න දැනටමත් සිදු වෙමින් පවතී". 

ලොව ඕනෑම රටකට පහර දිය හැකි ආයුධ සහ යුධෝපාය ඇමරිකාව සතුව පවතී. එබැවින් ඔවුන් කිසිවෙකුටත් බය නැත. අද වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය තනිකරම විහිළුවක් බවට පත්වී ඇත. ඇමරිකාවම මුල්වී අත්සන් කල ගිවිසුම් වලින් ඔවුන් හිතෙන හිතෙන විට ඉවත්වෙයි. ලොව අසරණව බලා සිටියි. එහෙත් ඇමරිකාව අසරණ කල හැකි පිරිසකුත් මේ අතරතුරම තම අවස්ථාව පැමිණෙන තුරු බලාගෙන සිටින බව දන්නේ ටික දෙනෙකි. 

ඉරානය සතුව ප්‍රබල අවියක් පවතී. එය ඩොනල්ඩ් ට්‍රම්ප් හිතා ගැනීමටවත් බැරි තරම් බරපතල අවියකි. ඒ ඇමරිකාවේ වෙසෙන මිලියන එකහමාරකට වැඩි ඉරාන ජනතාවයි. මෙයින් අඩුම තරමින් දහසක් වත් ඉරානය වෙනුවෙන් ඕනෑම දෙයක් කෙරීමට සැදී පැහැදී සිටිනු ඇත. 

රටක් අස්ථාවර කිරීමට අධි බලැති බෝම්බ, මිසයිල හෝ ටෝර්පිඩෝ අවශ්‍ය නොවේ. උදාහරණයක් ලෙස ගතහොත් කැලයක් ගිනි තැබීම එතරම් අපහසු කාර්යයක් නොවෙයි. ශිත ඍතුවේ දිනක සිගරට් කොටයක් වියලි පඳුරකට විසි කිරීමෙන් හෙක්ටෙයාර දහස් ගණනක් පුරා පැතිරෙන ගින්නක් තප්පර කිහිපයකදී ඇති කල හැක. එකවර මෙවැනි නොනවතින ලැව්ගිනි රැල්ලක් ඇති වුවහොත් රටකට ඇතිවන තත්වය සිතන්න. 

පෙට්රෝල් බවුසරයක් ඉන්ධන පිරවුම් හලකට පැමිණ ගබඩා ටැංකි වලට ඉන්ධන පොම්ප කරන අවස්ථාව සලකන්න. මේ අවස්ථාවේ විශාල මෝටර් රථයක් පදවාගෙන විත් එයට ටැංකිය පිරෙන තෙක් පෙට්රෝල් පුරවා ටැංකිය තුලට රෙදි තිරයක් (පහන් තිරයක් වැනි) ඇතුල් කර ගිනි තැබුවා හොත් කුමක් සිදුවේද? මෝටර් රථය ගිනිගෙන පුපුරා යන්නේ මුළු ප්‍රදේශයම අග්නි ජාලාවක් කරමිනි. 

ඉහත සංසිද්ධිය  ප්‍රතිරූපනය කිරීම නැවැත්විය හැකිද? බෝම්බ සහිත වාහනයක් ඉන්ධන පිරවුම් හලකට ඇතුළු වීම තියුණු වාහන පරීක්ෂාවකින් අවම කරගත හැක. එහෙත් එයද ඉන්ධන පිරවුම්හල් වල විශාල තදබදයක් ඇතිකරනු ඇත. නමුත් වාහනයකට ඉන්ධන පුරවා එය පුපුරවා හැරීම වලක්වා ගත හැකි ක්‍රමයක් ඇත්දැයි මට නොතේරෙයි. මේ සඳහා අවශ්‍ය ලීටර 100ටත් වඩා ධාරිතාවය ඇති ටැංකි සහිත විශාල පරණ මෝටර් රථ ඇමරිකාවේ එමට ඇත.  මෙය නිතර නිතර සිදු වුවහොත් මුළු රටේම ජන ජීවිතය සහ මුලින්ම අවුල් වෙයි.

කිසිවෙකුටත් නොදැනෙන ලෙස සමාජය මුළුමනින්ම අස්ථාවර කල හැකි  (ප්‍රහාරයෙන් පසුව පවා ප්‍රහරකයාව සැක කල නොහැකි) එකම ක්‍රමවේදය ලෙස මා එතෙක් දැන සිටියේ විද්යුත්චුම්භක ප්‍රහාරයයි. එය මාගේ ද්වීතික විශේෂඥතාවයයි (secondary expertise). නමුත් එදා අප අතර මෙවැනි ක්‍රමෝපාය රාශියක් පිළිබඳව සාකච්චා විය. ඒ එකක්වත් අදාළ ක්‍රියාව සිදුවනතෙක් කිසිසේත්ම නීතිවිරෝධී ක්‍රියාවන් නොවන්නේය. එබැවින් මෙබඳු ප්‍රහාරයන් වලක්වා ගැනීම කිසිසේත්ම පහසු නැත. 

රට අභ්‍යන්තරයෙන් ගිනි ගැනීමට ඉතා පහසු වාතාවරණයක් තිබියදී ඇමරිකානු වැසියෝ ඉතා මුග්ධ නායකයෙකු තෝරා ගත්තේය. මා එදා සිටම දුටු පරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් යනු ජාතිකවාදී නායකයෙකු නොවේ. ඔහු අහංකාරයෙන් හිස උදුම්මාගත්, අමන ව්‍යාපාරිකයෙකි. ඔහු ධවල මන්දිරයේ මුළුතැන් ගෙයි සිට ඈත එපිට චීනය දක්වා සියලුම රාජ්‍ය අමනාප කරගෙන ඇත. පසුගියදා ඔහු තම පිලේ කිට්ටුවන්ත බලපුලුවන්කාරයන් වූ කැනඩාව සහ යුරෝපයටද කෙනෙහිලිකම් කළේය. අන්තිමේදී ඇමරිකාවට ඉතිරිවන්නේ ඊශ්‍රායලය පමණකි. සමහර විට ගොලායත් කෙනෙකු වන ඇමරිකාව ඊශ්‍රායල් ඩේවිඩ් ඉදිරියේ දණ නමනු ඇත.

මට හිතෙන ආකාරයට ඩොනල්ඩ් ට්‍රම්ප් වසර හතරම ජනධිපති ධූරයේ සිටීම අවිනිශ්චිතය. බොහෝ විට ඔහුගේ අමනකම් ඉවසා ගත නුහුණු කල නියෝජිත මණ්ඩලය දෝෂාභියෝගයක් මගින් ඔහුව පලවා හරිනු ඇත. එහෙත් එවන විට ඇමරිකානුවෝ පමා වී වැඩි බව මගේ වැටහීමයි.

ඔබ 60 හෝ 70 දශක වල (හෝ ඊට පෙර) උපන්නෙක් නම් තම ජිවිත කාලයේ දැනුම් - තේරුම් ඇති අවධියක අධිරාජ්‍යයන් දෙකක්ම කඩා වැටෙනවා දුටු දුර්ලබ පරපුරකට ඔබ අයිති වනු ත.