Sunday, 5 July 2026

වී වගාව ගැන


වී වගාවේ sastainability එක ගැන අදහස් දක්වපු සැමට ස්තුතියි.

මට හිතෙන විදියට නම් අපි ගත යුතු පියවර ...

1. සියළු සැකසුම් නිමවී සහල් කිලෝවක් පාරිභෝගිකයාගේ අතට පැමිණෙන විට පිරිවැය සහ සහල් කිලෝවක් ආනයනය කර ලබාදීමේදී වැය වන මුදල ප්‍රධාන සහල් වර්ග කිහිපය සඳහා ගණනය කිරීම.

2. දේශීය සහල් කිලෝවක් සඳහා වැයවන මුදල අධික නම් එය සිදුවන්නේ කුමන අදියරවලදී දැයි සොයා ගැනීම.

3. එම අදියර සඳහා පිරිවැය අඩුකරගැනීමට පිළියම් යෙදීම.

4. ඉන්පසුද ආනයනිත සහල් මිළ අඩු නම් දේශීය වී වගාව වෙනුවට වෙනත් ආදේශක ආයෝජනයක් කිරීම තුලින් ඊළඟ වසර 50 ක පමණ කාලයක් සඳහා සිදුවන වාසි සහ අවාසි (මූල්‍යමය සහ මූල්‍යමය නොවන) පිළිබඳව තක්සේරුවක් කිරීම.

5. ඉහත තක්සේරුව අනුව සුදුසු පියවරක් ගැනීම.