Follow this Blog

Monday, 29 December 2014

The Gravest Mistake



The Gravest Mistake


I have seen politicians make errors during the election campaigns. In the last presidential election, SF declined exponentially after his "Kalawadda" outburst. 

However, it was never like this before.... Inviting Salman Khan for the election campaign of MR. 

Experienced campaigners such as Nimal Siripala, Dalas Alahapperma or even Basil Rajapaksha could never have even thought of such stupidity. However, the organizing powers, now in the hands of inexperienced and unintelligent youths like Namal Rajapaksha, such grave mistakes are inevitable.

There are many serious drawbacks of getting someone like Salman Khan for the election campaign, which may trigger a massive erosion not only in the educated urban vote base but also in the rural die-hard support base as well. 

Sensing blood, the opposition camp has already started posting many heart-touching banners in FB, which will be converted into posters and stage climaxes by tomorrow.

* At the first place, No Indian should have been up on a political stage in Sri Lanka irrespective of his/her celluloid popularity. The anti-Indian sentiment among the Sri Lankans is much stronger than their love for the movie scenes.

* As the country is severely hit by floods, inviting sexy film stars for show-off makes a mockery out of the plight of the affected people.

* Everyone knows that these Bollywood Stars charge in millions or billions of Rupees for campaigns and shows. Thus, it is proven beyond doubts now that MR and the family has robbed the public money. 

* Opposition can convincingly tell the public that MR is wasting money that could have been used to give relief to the affected people in the flooded areas.

* Salman Khan is a notorious person in India with two murders and several other criminal offences which include killing of deer in a sanctuary, tagged on his neck. 

* Salman Khan has no reason for promoting MR or Sri Lanka other than simply gaining "MONEY".

* At the same time that these Indian actors stepped into the country, a group of local artists who were performing a street drama in support of the opposition has been assaulted.

* So far MR regime has successfully used "throw the bomb and let them defend" technique at every election. Once "Batalanda" was thrown at Ranil's campaign, the total UNP energy was wasted on clearing themselves. Recently the Ranil-MS agreement was thrown, keeping the common candidate on defence.  Now MR's silly sons have pocketed their own bomb, so that for the next 10 days they will be busy clearing-off themselves.





Wednesday, 24 December 2014

Why should he be defeated?



ඔහු පැරදිය යුත්තේ ඇයි ? 

විධායකයේ විධානය

මට මතක් වන්නේ ජේ ආර් ජයවර්ධන පාලන සමයේ අවසන් වසර කිහිපයයි. ජේ ආර් පාලන තන්ත්‍රය විසින්ම ආරම්භ කල 83 කෝලාහල වල පව් යැවුනේ සමාජවාදී පක්ෂවල කරපිටිනි. පොලිසිය හිතුමතේ මහජනතාවට, විශේෂයෙන්ම සරසවි සිසුන්ට සිය මර්ධන හස්තය දිගු කරන්න විය. ආණ්ඩුවට අවාසි වන ලෙස තීන්දු දෙන උසාවි විනිසුරුවන්ට හූ තබමින් විප්‍රකාර කරන මැරයන් බිහිවිය. තරු හතේ සුපිරි පන්තියක් රටේ සම්පත් කොල්ල කන ගමන් මහජනතාවට විසුළු කරන තත්වයක් ඇතිවිය. රටේ මෙගා ව්‍යාපෘති මෙහෙයවුවෝ ඕස්ට්‍රේලියාවෙන් ඇපල් වතු මිලදී ගැනීමට සමත් විය.

නීතියට පවා හිස නොනමන විධායක ජනාධිපති ධුරයක අරුම එහෙමය.

වසර තිහකට පසු මා දකින්නේ දස ගුණයකින් ඉහළ ගිය ඒ අරුමයේම කූඨ ප්‍රාප්තිය යැයි මට සිතේ. අද විනිසුරුවන්ට හූ කියන්නේ නැත. මන්ද පත් කර ඇති  සියළු විනිසුරුවන් එහෙයියන් වන බැවිනි. එක තීන්දුවක් රජයට අවාසි වුවොහොත් විනිසුරුවා ගෙදරය. ඒ තීන්දුව දුන්නේ අගවිනිසුරු වුවද ඔහුට හෝ ඇයට සමාවක් නැත. ගෙදර එලවන්නේ අක්‍රෝෂ පරිභවද සහිතවය. ප්‍රංශයේ රැජිණක් කුසගින්නේ කෑගසන මිනිසුන්ට පාන් නැත්නම් කේක් කාපං කීවාය. අද එය “වතුර නැත්නම් වෙඩි කාපන්” ලෙස වෙනස්විය යුතුය. එළිවන රහස් මකා දැමීම පිණිස කලෙක ආණ්ඩුවට සේවය කල මැරයෝ සහ පාතාලයෝ එක් අවස්ථාවක මෙලොවින් නික්ම යා යුතුය. ඒ සඳහා පොලිසියට ඕනෑම වාර ගණනක් රඟ පෑ හැකි තිර නාටකයක් ලබා දී ඇත. ඒ "ආයුධ පෙන්නන්න යෑමේ නාටකයයි". උපතිස්ස ගමනායකගෙන් ඇරඹුන මෙම නාටකය අද ජනතාවටද කිසිඳු ප්‍රවෘතියක් නොවන තරම් සාමාන්‍ය සිද්ධියක් වී ඇත. පොලියට ගන්නා ණය බරින් රටම මිරිකෙද්දී දේශපාලුවගේ කුට්ටිය රුපියල් කෝටි ගණන් වල සිට ඩොලර් කෝටි ගණනක් දක්වා වර්ධනය වී ඇත.

විධායක ජනපති ක්‍රමය අපව රැගෙන යන්නේ කොතැනටදැයි ඇස් හැර බලන්න.

මහින්ද රාජපක්ෂ යනු මේ විධායක බල යන්ත්‍රය මගින් DNA විකෘතියකට භාජනය කල එක් අවාසනාවන්ත චරිතයක් පමණි. විනාශ කල යුත්තේ ඒ කළු පැහැ වූ අළු පැහැ මනුෂ්‍යයාව නොවේ. එම විකෘති සාදන යන්ත්‍රයයි.

විධායකය මනරම්ද?

යුද්ධයක් දිනන්න විධායක ජනාධිපති ක්‍රමයක් අවශ්‍යද?

වින්ස්ටන් චර්චිල් දෙවන ලෝක යුද්ධයට කරදී ජයග්‍රහණය කලේය. ඉන්දියාව, අවට රටවල් සමග කිහිපවිටක් යුධ වැදිණි. ෂික් අන්තවාදීන්, කාශ්මීර බෙදුම්වාදීන්, නැක්සලයිට්වදීන් ආදී ත්‍රස්තවාදී සංවිධාන රාශියක් සමග නිරන්තර ගැටී ඔවුන් යටපත් කර දමා ඇත. සිරිමාවෝ රජය 71 කැරැල්ලට සාර්ථකව මුහුණ දුන්නාය. මේ කිසි අවස්ථාවක විධායක ජනාධිපති ක්‍රමයක් තිබුනේ නැත.

විධායක ජනපති ක්‍රමයද දායක වෙමින් ඉහලට එසවුණු කොටි ත්‍රස්තවාදය මර්ධනය කිරීමට, විධායක ජනාධිපති ක්‍රමය තිබියදීත්, දසක දෙකක් ඉක්ම යන තුරු නොහැකිවිය.

දරුණු පිළිකාවක් වූ පාතාලයේ නැගී ඒම නැවතීමට හෝ, රටම විනාශ කර දමන වසංගතයක් වූ මත් ද්‍රව්‍ය උවදුර මැඩලීමට හෝ අසීමිත දුෂණය සීමා කිරීමට විධායක ජනපති ක්‍රමය අසමත්විය. ඇත්තෙන්ම ඒ සියළු ව්‍යසනයන් රටේ වර්ධනය වුයේ විධායක ජනාධිපති ධුරයේ ආරම්භයෙන් පසුවය.

විධායක ජනාධිපති ක්‍රමයට පෙර හා පසුව රටේ පැවතී හා පවතින තත්ව අතර විශාල පරතරයක් ඇත.

සුළු උදාහරණයක් මම මේ සඳහා ඉදිරිපත් කරමි. විධායක ජනාධිපති ක්‍රමයට පාර කැපූ 77 චන්දය පැවති සමයේ මා කුඩා කොලු ගැටයෙකි. මට තවමත් හොඳින් මතක ඇති ආකාරයට එදා පැවතී සිරිමා රජයට එරෙහිව එල්ලවුණු බලවත්ම දුෂණ චෝදනාවක් වුයේ, එවකට ප්‍රබල ඇමතිවරයෙකුව සිටි ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා තම පෞද්ගලික කුකුළු ගොවිපොලකට රජයේ කිරිපිටි තොගයක් සත්‍ව ආහාර ලෙස ලබා දීමයි. විධායක ජනපති ක්‍රමයට පින්සිදු වන්න අද වන විට මෙවැනි දුෂණ හාස්‍යජනක තත්වයකට ඇද වැටී ඇත.

කළු සහ සුදු බව නොදකින දෑස්

ලංකාවේ මිනිසුන් බොහෝ දෙනෙකු තුල පවතින දුර්වලතාවයක් නම් ලෝකය කළු හෝ සුදු ලෙස පෙනීමයි. හොඳ දේ සහ නරක දේ එකම පුද්ගලයෙක් හෝ ආයතනයක් තුල තිබෙන බව දකින්නට බොහෝ දෙනා මැලිවෙති. ලංකාවේ හොඳ පාලකයන් හෝ නරක පාලකයන් කියා වර්ග කල හැකි දෙකොටසක් සිටි බවක් මට නම් නොපෙනේ. රට පාලනය කල සියලු දෙනා තුලින් යම් යම් යහ කාර්යයන් සිදුවී ඇත. නො එසේ නම් වසර 30 ක යුද්ධයකුත් ඇදගෙන පැමිණි අප මේ වන විට අසල්වාසීන් වන පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, ඇෆ්ගනිස්ථානය හා බොහෝ අප්‍රිකානු රාජ්‍යයන්ට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින්නේ නැත. එසේම එම පාලකයන් අතින් යම් යම් අයහපත් ක්‍රියාද සිදුවී ඇත. නො එසේ නම් අප මේ වන විට සිංගප්පුරුව, මැලේසියාව, තායිවානය වැනි තැනකවත් සිටිය යුතුය.

එසේම "කළගුණ සැළකීම" යන යෙදුමද අප ලංකාවේ කාලගුණය සේම ව්‍යාකුල කරගෙන ඇති සේයකි. අපගේ නිවස ඉතා අලංකාර සහ ශක්තිමත් ලෙස කදිමට නිම කර දුන් මේසන් බසුන්නැහේට කළගුණ සැළකීම සඳහා අප ඔහුට ගෙදර කෑම පිසීමත්, දරුවන් රැකබලා ගැනීමත්, මුදල් පාලනය කිරීමත්, ලෙඩට දුකට බෙහෙත් නියම කිරීමත් පවරන්නේ නැත.

ඔබ මැතිවරණයකදී චන්දය භාවිතා කලයුත්තේ මේ පිළිබඳව සිතා බලාය.

මහින්ද සංවර්ධනය

හම්බන්තොට වරාය මා ඉතා අගය කරන සංඛල්පයකි. එහෙත් එබඳු මෙගා ව්‍යාපෘතියකදී අනුගමනය කලයුතු බොහෝ වාණිජමය සහ තාක්‍ෂණික උපාය මාර්ගයන් රජය දැනුවත්ව හෝ නොදැනුවත්ව අතපසු කළේය. වරායක් තැනීමේදී ඉතා මුලික අංගයක් වන ගැඹුර පිලිබඳ ශක්‍යතා ඇගයීමක් කර තිබුනේ නැත. නොඑසේ නම් වරාය ජලයෙන් පුරවා මාස කිහිපයක් යනතෙක් රජයේ ඇමතිවරු විශාල නැව් වරාය තුලට ගැනීම සඳහා මුවදොර පතුලේ ඇති ගල් පරය ඉවත්කළ යුතුයැයි පිලි නොගෙන සිටින්නේ නැත. ඉන් පසු යම් යම් හාස්‍යජනක හේතු දක්වමින් ඩොලර් මිලියන 48 ක වියදමින් එය ඉවත් කරන ලදී.

අදටත් මෙම වරායේ ඇත්තේ ඇස් බැන්දුමකි. කොළඹ වරායෙන් ගොඩබා රජයට විශාල ලාබ ලැබීමට තිබු වාහන නැව් හම්බන්තොට වරායට බලහත්කාරයෙන් හරවා යැවේ. එහිදී ඉතා අඩු මුදලකට හෝ නොමිළේ සියලු පහසුකම් නැව්වලට සැපයේ. වරායෙන් ගොඩබාන පටවන වාහන ගැන කයිවාරු ගැසුවත්, ලැබෙන ආදායම, කොළඹ වරායට අහිමිවන ආදායම හා වරාය නඩත්තුවට යන වියදම පිළිබඳව රජය මුනිවත රකී. කළයුතුව තිබුණේ සිදුවූ අතපසුවීම් නිහතමානිව පිළිගෙන මෙතැන් සිට කල හැකි පිළියම් පිළිබඳව සොයා බැලීමයි.

නොරොච්චෝලේ තාප බලාගාරයද එලෙසම සැලසුම් කල අගනා ව්‍යාපෘතියකි. එහෙත් එය ආරම්භ වී දෙවසරක් තුල  30 වතාවකට ආසන්න වාර ගණනක් අකර්මණ්‍ය විය. ඒ පිළිබඳව නිසි ඇගයීමක් නොකර රජය ඊළඟ අදියර වලටද ගියේය. මෙහි ප්‍රතිඵල ඔබට තව නොබෝ දිනකින් ඇසීමට හැකිවනු ඇත. මේ ගැන මත පළකරන මගේ මිතුරෙක් රජයේ වෙබ් පිටුවල පළවන විස්තරවලින් මගේ වතපොතේ කොමෙන්ටු වපුරයි. එහෙත් ඔහු මෙන්ම රටේ බොහෝ දෙනෙක් නොදන්නා ඇතුළත විස්තර, විද්‍යුත් ඉංජිනේරු මහාචාර්යවරයෙකු වන මට දැනගන්න ලැබේ. මෙය එක අතකින් මගේ අවාසනාව යයි මම සිතමි. නොදැනීම සමහර විට භාග්‍යයකි.

කොළඹ නගරය දැන් සුන්දරය. රටේ අධිවේගී මාර්ග කිහිපයක් ඇත. මේවා අගය කල යුතුය. එහෙත් ඒ වෙනුවෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය දකින විට ඇඟ කිළිපොලා යයි. මේ රජය සිටින්නේ මහජනතාවගේ සිතිවිළි පරම්පරාවට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. ගමේ සෝමවතිට හෝ කඩේ සිරිපාලට පෙනෙන්නේ ඇස් කඩාගෙන යන නෙලුම් පොකුණු සහ වතුර මල් පමණක් බව රජය දනී. ඒ වෙනුවෙන් තම දූ දරුවන්ගේ පමණක් නොව පරම්පරා ගණනාවක අනාගතයද උකස් කර ඇති බව සඳහන්ව ඇත්තේ භාණ්ඩාගාරයේ කොළ පත්‍ර වලය. ඒවා ගැන දැනීමක් නැතිවම සෝමාවතී සහ සිරිපාල මිය යනු ඇත. ඒ ගැන කාටත් වඩා දන්නේ රටේ පාලකයාය. රටේ මිනිසුන්ට දුක දැනෙන විට පාලකයාගේ පරම්පරා ගනනාවකට වස්තුව රැස්වී ඇත. එවිට ඔවුන්ට මේ රට තිබුනත් නැතත් කම් නැත. 

මා දකින ආකාරයට මේ රටේ ජනතාවට සැබෑ සහන ලබාදී කරදරයක් නැතුවම මැතිවරණ දිනීමට රජයට කළ යුතුව තිබුණේ ඉතා පහසු කටයුත්තකි. එනම් මිහින් ලංකා, ශ්‍රී ලන්කන්, මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය ආදී මෙගා ප්‍රොජෙක්ට් කිසිවක් නොකර සිටීමයි. එසේ නම් රටට ප්‍රකෝටි ගණනක ආදායමක් ලැබුනා සේය. එහෙත් වෙනස නම් එවිට දේශපාලුවාගේ සාක්කු පිරෙන්නේ නැති වීමයි. 

අද අපි කොතැනද?

විධායකය තම අලංකාර සළු පිළි එකින් එක ගලවන්න වූයේ ජයවර්ධන සමයේ සිටමය. මේ වන විට එය පුර්ණ නිරුවතට ආසන්න වී ඇත.

මුලදී අකටයුතු කම් කෙරෙන්නේ සැඟවී ගෙනය. ඉන්පසු එළිපිට කල අයුතුකම් සැඟවීමට තැත් කරයි. ඊළඟට පැමිණෙන්නේ අකටයුතුකම් සාධාරණීකරණය කරන යුගයයි. අවසානයේ එළබෙන්නේ අකටයුතු කම් සිදුකර එයට එරෙහි වන්නන් මර්ධනය කරන යුගයි.

ඒකාධිපති වියරුවේ ස්වභාවය එයයි.

අපි අද සිටින්නේ මේ අවසාන යුගයේ එළිපත්තේය.

හිටපු හමුදාපතිවරයා හිරභාරයට පත්කළේ දේශපාලන පළිගැනීමකට බව කුඩා දරුවෙකුට වුවත් තේරෙන සත්‍යයකි. එහෙත් මිනිසුන් නිහඬව සිටියේය. අගවිනිසුරුවරිය ඉවත්කලේ රජයට එරෙහිව තීන්දුවක් දුන් පසුවය. මිනිසුන් නිහඬව සිටියේය. තම අයිතීන් ඉල්ලා හඬ නැගූ මිනිසුන් මරාදමා එය ජවිපෙ ක්‍රියාකාරකම්වලට බැර කළේය. මිනිසුන් නිහඬව සිටියේය. එතනෝල් සහ මත්ද්‍රව්‍ය කන්ටේනර් පිටින් හසුවන විට, ඒවාට රජයේ මැති ඇමතිවරු සම්බන්ධ බව හෙළිවන විට රජය නිහඬව සිටියේය. මිනිසුන්ද නිහඬව සිටියේය. චන්දයක් පවතින නිසා නොවේ නම් සිසුන්ට සලකන හැටි දනී යැයි ඇමතිවරයෙක් වහසිබස් දෙඩීය. මිනිසුන් නිහඬව සිටියේය.

අද ප්‍රථම වරට මැතිවරණයක් පවතින අවස්ථාවක සරසවි සිසුන්ට එලව එළවා පහර දුන්නේය. චන්ද අයිතිය ඉල්ලා සාමකාමිව උද්ඝෝෂණ කල ගැමියන් පිරිසකට නිරුවත් කර පහර දෙමින් ඇදගෙන ගියේය. මිනිසුන් නිහඬව තමාට චන්දය දෙතැයි රජය සිතයි.

මහින්ද දිනුවොත්........ හෙට..................!!!!!

සිරිසේන කරයිද?

මා මෛත්‍රිපාල සිරිසේනගේ දේශපාලනය පිළිබඳව දන්නේ නැත. මන්ද ඔහු රටේ ප්‍රබල ඇමති ධුරයක් හෝ දරා සිට නැති බැවිනි. නමුත් ඔහුගේ දිනුම තුල රටේ යම් හෝ බලාපොරොත්තුවක් ඇත.

සිරිසේන දිනුවොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හෝ නොකිරීමට පුළුවන. එහෙත් ඔහුගේ සම්ප්‍රාප්තියේ මූළික සාධකය වුයේ විධායකය අහෝසිකිරිම බැවින් ඔහුට ඉන් මිදීම අසීරුය. මහින්ද දිනුවහොත් විධායකය එසේම පවතිනු නොඅනුමානය. මක්නිසාද යත් ඔහුට එය කිරීමට අවශ්‍ය නම් ඊට කිසිඳු අවහිරයක් නොතිබුන බැවිනි.

සිරිසේන දිනුවොත් රට සැබෑ සංවර්ධනයකට යනු හෝ නොයනු ඇත. එහෙත් මහින්ද දිනුවොත් මේ පොලියට ණය-ණය පියවන්න පොලියට ණය සංවර්ධනය තව බොහෝ කලක් පවතිනු ඇත. මක්නිසාද යත් එය වෙනස් කිරීමට වුවමනා නම් ඔහුට ඒ සඳහා තව වසර දෙකක් කිසිඳු බාධාවකින් තොරව පැවතුන බැවිනි.

සිරිසේන දිනුවොත් රටේ භිෂණය නවතිනු හෝ නොනවතිනු ඇත. එහෙත් මහින්ද දිනුවොත් එය දිගටම පවතිනු ඇත. මක්නිසාද යත් චන්දය සමයේ වත් එය නතර වී නොමැති බැවිනි.

සිරිසේන දිනුවොත් දූෂණය නවතිනු හෝ නොනවතිනු ඇත. එහෙත් මහින්ද දිනුවොත් එය තවත් දෙගුණ තෙගුණ වනු ඇත. මක්නිසාද යත් පසුගිය වසර කීපයේදී දුෂණයේ ශීඝ්‍රතාවය අතිධාවනකාරී ගමනකට ප්‍රවිෂ්ඨ වී තිබීමයි.

අවසානය

මා දකිනා ආකාරයට මහින්ද රාජපක්ෂ යන චරිතය වේදිකාව මත ඉතා සාර්ථකව වීරයාගේ චරිතය රඟදැක්වීය. ඉන් පසු ඔහු ප්‍රේක්ෂක අත්පොළසන් වර්ෂාවක් මැද නික්ම යා යුතුව තිබුණි. අවාසනාවකට මෙන් ඔහු නාටකය අවසාන වූ පසුවත් බලහත්කාරයෙන්ම දුෂ්ඨයාගේ සිට විකටයා දක්වා සියලු චරිත රඟපෑමට පටන් ගත්තේය. දැන් හොරු සමග හෙළුවෙන් පසු කර ඒකා-අධිපති හරහා ධවල භීෂණ යුගයකට පැමිණ ඇත.

සියළු දෙනා වෙනුවෙන්...............සියළු දෙනා එකතුවී...........විරාමයක් තැබිය යුතු කාලය එළඹ ඇත !!!!!