Tuesday 28 March 2023

ඔබ නොදන්නා බොහෝ දේ


ලංකාව පිළිබඳව සිතීමට ලිවීමට මිඩංගු කල කාලය තුල මට තවත් පර්යේෂණ පත්‍රිකා 50ක් වත් CV එකට එක් කරගන්න තිබුණි. නමුත් ඒ ගැන මම කම්පා නොවෙමි. එහෙත් තව දුරටත් එයම කළහොත් අනාගතයේදී කම්පා වීමට සිදුවන බව මට පෙනෙයි. 

මගේ සියළු දැනුම සහ බුද්ධි තොරතුරු එකතු කර බලන විට මට පෙනෙන්නේ ලංකාවේ මෑත ඉතිහාසයේදී සිදු වූ එකම spontaneous සංසිද්ධිය අරගලයේ ඇරඹුම බවයි.  එය එවකට පැවති පාලකයාගේ සහ සහචරයන්ගේ මුග්ධ ක්‍රියාන්විතය නිසාම ජනතාව පැවති රජයට එරෙහිව අවදිවූ විරෝධයකි. එය අවබෝධකරගෙන නායකත්වය සැපයීමට නොහැකිවීම ජවිපෙ ලද දරුණුම පරාජයකි. 

අරගලය ආරම්භ වූ පසු දේශපාලන බලවේග කිහිපයක් එහි ගාමක බලය අවබෝධ කරගෙන මුදල් පොම්ප කරන්න විය. ඉන් එක පුද්ගලයෙක් ඔබ කිසිවෙක් නොසිතන එවකට පාලන තන්ත්‍රයේ ප්‍රබල චරිතයක් විය. ඔහුගේ පළමු ඉලක්කය සාර්ථක වුවත් ඉන් පසු වුයේ ඔහු කිසිසේත් නොසිතූ ප්‍රතිදානයකි. අද ඔහු නන්නත්තාර වී ඇත. 

අරගලයේ මුල් සමයේදී එය හාස්‍යට ලක් කල ලෝක බලවතුන් එහි පළමු මස ගතවන විට ඒ කෙරේ විශාල අවධානයක් යොමු කරන්න විය. බොහෝ රටවල සමාජ විද්‍යා වියතුන් ලාංකික අරගලය පිළිබඳව තම අවධානය යොමු කරන්න විය. ඒ ඇසුරින් ආචාර්ය උපාධි පවා ඇරඹෙන්න විය. මේ සමගම ලෝක බලවතෙක් මේ ගැන සෙවීම පිළිබඳව කමිටුවක් පත්කළේය. 

අරගලයට නායකත්වයක්, අරමුණක්, ඉලක්කයක්, මාර්ග සිතියමක් අවශ්‍ය බව මම පුන පුනා කියන්න වුණේ මේ අවස්ථාවේදීය. නමුත් එය ඇසීමට සවන් නොතිබුණි. ඉන් දින කිහිපයකට පසු අරගලයේ ප්‍රතිඵලය තීරණය කිරීම අදිසි හස්තයක් වෙත පැවරුණි.

රනිල් ජනපතිවීම අහම්බයක් නොවේ. එය ආරගලයේ අවසාන කාර්තුවේදී කිසියම් තානාපති කාර්යාලයකදී තීරණය විය. මේ බව දැනගත් විට මම ලිපියක් ලියමින් ලංකාවේ අනාගත නායකයා තීරණය වී ඇති බව මුහුණු පොතේ සටහන් කලෙමි. මට බොහෝ දේ ලිවීමට නොහැකිය. මා කී දේ තේරුම්  ගත්  සමහරෙක් විය.

ලෝක බලවතුන් ගෝඨාභය කෙරේ සැහෙන විශ්වාසයක් තැබුවේ ඔහු ඇමරිකන් පුරවැසියෙකු නිසාය. නමුත් ඔහු මෝඩ ගොම තැම්බක් බව වසර දෙකකදී ඔවුන්ට අවබෝධ විය. රනිල් පිළිබඳවද ඔවුන්ට විශාල බලාපොරොත්තුවක් නොවීය. එහෙත් ඔවුන්ට වෙනත් විකල්පයක් නොතිබුණි. 

රනිල් යනු සමාර්ට් පුද්ගලයෙක් නොවේ. එහෙත් ඔහුගේ ස්වාමියා ස්මාර්ට්ය. ඔහු ලෝකයේ ඉහලම බුද්ධි ජාලය සහ දැනුම් සංකීර්ණය සතුය. ගෝඨාභයට මේ ස්මාර්ට් ස්වාමියා තේරුම් ගැනීමට තරම් මොළයක් නොතිබුණි. රනිල්ට ඊට වඩා බුද්ධියක් ඇත. මේ නිසා ලාංකිකයා ඉදිරියේ රනිල් සමාර්ට් පුද්ගලයෙකි. අන්ත මුග්ධ, ග්‍රාම්‍ය පොහොට්ටුවන් 134 ඉදිරියේ ඔහු අතිශය ස්මාර්ට් පුද්ගලයෙකි. දිවි හිමියෙන් එජාපයට කැපවුවන්ටද  ඔහු ස්මාර්ට්ය. මම එහි වරදක් නොදකිමි. එහෙත් රනිල් යනු ස්මාර්ට් ස්වාමියකුගේ අණසක අනුව වැඩ කරන රෝබෝවකි.

මා සිතන ආකාරයට දැන් ලංකාව යනු ලෝක බලවතුන්ගේ පර්යේෂණ සාම්පලයකි. රටක් අන්තර් ජාතික සමාගම් කිහිපයක පාලනයට නතු වූ විට එය ලෝක බලවතුන්ට බලපාන ආකාරය පිළිබඳව පර්යේෂණ නියැදියක් බවට ලංකාව පත්ව තිබේ. විද්‍යාඥයෙකු වශයෙන් මමද මේ පර්යේෂණයට ලොබ බඳිමි. නමුත් අවාසානාවට මමද මේ නියැදියේ අවශේෂ පර්යේෂණ සාම්පලයක් වෙමි. 

ලංකාව අද පත්ව ඇති තත්වයට සම්පුර්ණයෙන් වග කිවයුත්තේ රාජපක්ෂ පවුලයි. ඔවුන් ට්‍රිලියන ගණනින් රටේ සාරය ගසා කෑවේය. තවමත් බොහෝ මුග්ධයන්ට මෙය නොතේරෙයි. ගෝඨාභය ගසා කෑවාදැයි මම නොදනිමි. නමුත් තමන්ගේ අමන, අනුවණ, උද්දච්චකම නිසාම ඔහු ගත් උම්මත්තක තීරණ නිසා ලංකාව අද පවතින තත්වයට පත්විය. 

රනිල් හා අලඟු තැබීමටවත් රාජපක්ෂලා හෝ ඔහුගේ හෙංචයියන්ට නොහැක. ඒ රනිල් ස්මාර්ට් නිසා නොව රනිල්ගේ ස්වාමියාගේ ස්මාර්ට්කම නිසාය. 

එසේම රනිල් සමග හැප්පීමට සමත් විඥානයක් ඇති පිරිසක් ලංකාවේ නොමැති සේය. ඔබ ගන්නා සියලු පියවරයන්ගෙන් සිදුවන්නේ ජනතාව ඔබගෙන් ඈත් වීමයි. වැඩවර්ජන, අන්තරේ විරෝධතා පිළිබඳව දැන් ජනතාවගේ ප්‍රතික්‍රියා විමසා බලන්න. රනිල් පියවර ගන්නේ ඔහුට ස්වාමියාගෙන් ලැබෙන අණ සහ උපදෙස් අනුවයි. මේ උපදෙස් ලැබෙන්නේ රටවල් ගණනාවක කරන ලද පර්යේෂණ ප්‍රතිඵල අනුවයි. 

රටක ජනතාව සමස්තයක් වශයෙන් ගත් කල බුද්ධි හීන භූතාර්ථයකි. එය ඇමරිකාවටද අදාළය. සමාජ විද්‍යාඥයන් සියළු රටවල් සඳහා ජන විඥානය quantify කරයි. මෙහිදී ලංකාව ඉතා පහල අගයක් ගනියි. එහි තේරුම ලාංකික ජන විඥානය ඉතා පහසුවෙන් manipulate කළහැකි බවයි. 

මා වැනි ඉතා සුළු නොවැදගත් පුද්ගලයෙකුට කල හැකි දේ ඉතා අල්ප බව මම දැන් තේරුම් ගනිමි. ලාංකික ඔබට ඔබ අදහන ආගමක සරණයි. 



7 comments:

  1. Vikram Singh resume has to be changed by done the of the situation but Miss has to be done this is the reason of the diplomatic medals Raj done its done by Indian and capitalism of American USA propaganda the human interference done by the paramedic medical and what city authority has done by the Regime situation but we crossing and Riders region done this is the Ameen diplomatic method comic gotab Raj Baksar and government in 2015 to 20 I think this is the reason and the US billion $200 done by the Mohan Singh's book inside Indian diplomatic policy

    ReplyDelete
  2. Personally i think this is more of a fantasy except perhaps part relating to අරගලය...but its worth reading
    Surprisingly this view closely aligns with that of Nalin de Silva

    ReplyDelete
  3. What I see lacking in Sri Lankans most is the ability to analyze things. They take things at the first glance, jump to conclusions, are ever ready to believe written or spoken word of others. I'm not sure whether it is lack of intelligence or a defect in the educations system or another cause, or a combination.

    ReplyDelete
    Replies
    1. sorry
      * ..system of education..

      Delete
  4. The above is by me

    ReplyDelete
  5. චන්දිම ඔබලා පැය ගණන් තර්ක කර සමාජ ජාල වල පෝස්ට් ගණන් දාලා තරුණ තරුණියන් උසීගන්වමින් අරගල කලේ හිටපු කෙනාව පන්නලා දාන්න නේ.. ඒක හරි ගියා ඒක සමරන්න.

    ඔබලා ඒ කාලේ අරගලයට සම්බන්ධ වූ ඇතැම් කඩාකප්පල්කාරී අමන මිනිස්සු රජයේ දේපල විනාශ කරන විට පවා ඒවාත් සාධාරණයි කියලා අපට අයත් දේපල භුක්ති විඳීමට අයිතියක් තියෙනවා කියලා විහිළු සහගත හෑලි ලියලා හිනාවට ලක් වුණා නේද? ඒ වගේම තමයි අනිත් පැත්තෙන් එදා ඒ අපේද සහායෙන් මුලදී ආරම්භ කළ නිර්පාක්ශික අරගලය තුළ කෙමෙන් කෙමෙන් ලොකු චරිත බවට පත්වී ජනප්‍රිය වෙලා උන්නු බොහෝ දෙනෙක් අද ඉන්න තැනත් බලන්න. ඊට පස්සේ කිව්වේ ගෝඨා එලවපු අපිට රනිල් වැඩ්ඩෙක් නෙවේ. රනිල්... මහින්ද නාකි මයිනයි එකට තියලා දෙකට නවලා.... ගෙදර යවන්නේ කියලා. ඒ වුණාට අද ස්ලෝගන් එක විධායක ජනපතිකම අහෝසි කරන්න කියලා. ඕක පිළුනු ස්ලෝගන් එකක්.... අරගලේ ආරම්භය සටහන් කරපු අයගේ තෝරාගැනීම වූ අරගලේ අග්‍ර ඵලය වූ ලොක්කා තමයි දැන් රටේ ලොක්කා... ඒකත් මතක තියාගෙන කරන දෙයක් කරන එකයි... ඇත්තේ... මිනිහා කාඩපක්ෂ හදල පවුලට වඩා ගොඩක් භයානක අමන තක්කඩි දේශපාලන සූත්තරකාරයෙක් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ නූල් රූකඩයක් බවත් අමතක කරන්න එපා

    හැබැයි තව දෙයක් එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂය බලයට පත්වෙන කාලෙක ආපහු නන්දසේන වීරයෙක් කරන කැම්පේන් එකක් එන්න ඉඩ තියෙනවා ඔහු රිපබ්ලිකන් ටී පාටි එකේ සාමාජිකයෙකු නිසා, බොහෝ දුරට දැනට ඉතා කුජීත ලෙස කිචවී ඇති ඩිමොක්‍රටික් පක්ෂයට ඊළඟ 2024 වසරේ ඇපත් නැතිව යන බවත් පේනවා ආපහු රිපබ්ලිකන් උන් ආවොත් ඩිමොක්‍රටික් ගේම් එක අනෙක් පැත්ත හරවයි, හින්ට් එකක් දාගන්න 2019 අප්‍රේල් මාසයේ ලංකාවේ මොකද වුණේ??? අරගලය ආරම්භ කිරීමට ලංකාවේ අප්රේල් මාසය ඩිමොක්‍රටික් අය තෝරා ගැනීමට හේතුව? මේ දේවල් ගැන හොයල බලන්න

    ReplyDelete
  6. මම අරගලය ඇරඹුණු දා සිට එහි ඉදිරියෙන්ම සක්‍රියව සිටි සාමාජිකයෙකි. මම අරගල බිමෙහි ඔබ ඇතුළු විද්වතුන් රාශියක් ලියු ලිපි බෙදා හදාගෙන ඇත. නමුත් මේ ලිපිය කියෙව්වේ අදය. ඊට පලවී ඇති කොමෙන්ට්ස්ද කියෙව්වෙමි. ඔබ සාමාන්‍යයෙන් අදහස් පළකරන්නේ මුහුනුපොතේ බව දනිමි. නමුත් එහි නැතිව අද මෙහි අදහස් පළකරන්න සිතුවේ මෙහි පලවූ කොමෙට්ස් නිසාය.

    අරගලය ඇරඹෙන විට එයට සහභාගිවීමට මොලයක් සහ කොන්දක් ඇති කිසිවෙකුටත් කාගේවත් උසි ගැන්වීමක් අවශ්‍ය නොවීය. ගෝඨාභය නමැති මරි මෝඩ උද්දච්ච පුද්ගලයා සහ ඔහු වටේ සිටි හොර තක්කඩි රාජපක්ස හෙන්චයියලාගේ පාදඩ කටයුතු වලට එරෙහි නොවන්න නම් කොන්දක් සහ මොළයක් නැතිවීම අනිවාර්ය විය. එහෙම අයත් ලංකාවේ ඕනෑ තරම් ඉඳින බව පෙනේ. ස්විමින් පූල් එකේ නෑවාට හිනා වෙන්නේද ලෝකයේ අරගල ගැන මෙලෝ අලබෝලයක් කියවා නැති අර ජාතියේම සත්ව විශේෂයන්ය. උන් ලංකාවෙන් පිට මෙලෝ හසරක් දන්නේ නැත.

    අරගලය ඇරඹුණේ ගෝඨා එලවන්නය. එය එසේම සිදුවිය. කිසිවෙක් විශ්වාස නොකළ ඒ දෙය සිදුවිය. ඒත් අරගලයේ අරමුණ වී තිබිය යුත්තේ එයදැයි අද මම මගෙන්ම අසමි. අපට මාර්ග සිතියමක් නොමැති විය. කුඩාරමේ තිබු ජවය සහ ගින්න තුල අපට අරමුණු ඉලක්ක හඳුනාගත නොහැකිව තිබූ බව මට දැන් දැනෙයි. ඔබ වැනි අය අරගලයෙන් පිටත දුටු දෙය ඇතුලේ සිටි අප දුටුවේ නැත. ඇතුලේ තිබූ අප දුටු යථාර්තය පිටත සිටි ඔබ දුටුවේ නැත. මෙය අභාග්‍යයකි.

    එහෙත් මම අදටත් අරගලයට ආදරය කරමි. ජිවිතයේ ගැඹුරක් නොදන්නා තකතීරුවන් අනෙක් සුළුතරයෙන් පෙරා වෙන්කරගැනීමට අරගලය පෙරනයක් විය. හාල් කිලෝ දහයට, පාන් රාත්තලට, භූමිතෙල් බෝතලයට මුළු ආත්මයම පවා දෙන්නන් සිටින රටක් ගොඩ එන්නේ නැත.

    අපි වෙනත් දේශයක මුණ ගැසෙමු.

    ReplyDelete