Saturday 25 March 2023

ඔබගේ අදහස් අවශ්‍යව ඇත



අපේ සරසවියේ විශාල සංවාදයක් ඇරඹී ඇත.

AI වේගයෙන් ජන ජීවිතය වෙලා ගනියි. දැන් අපට ඕනෑම ගැටළුවක් AI විසඳා දෙයි. මේ වන විට ගැටළුව ඇසූ විට හෝ කෙටූ විට පිළිතුර කොලයක ලියැවෙන පෑනක් නිර්මාණය වෙමින් පවතී. ලෝකයට ඉතා සුබදායි මේ පුවත සරසවි ඇඳුරන්ට හිසරදයකි. 

"කොහොමද අපි genuine exam එකක් තියාගන්නේ?" අංශාධිපතිලා, පීඨාධිපතිලා පමණක් නොව උපකුලපතිද රැස්වීම් පිට රැස්වීම් කැඳවති.

සැමදෙනාම මේ AI තාක්ෂණය අභිබවා විභාග පැවැත්වීම පිළිබඳව ඉතා විචක්ෂණ smart අදහස් ඉදිරිපත් කරති.

වසර ගණනාවක් රටින් පිට සිටියත් මගේ විඥානය තවමත් ලංකාවේය. එබැවින් මම ඉතා ප්‍රාථමික ලෙස සිතමි. ඒ මා හුරු වූ චින්තනයයි.

"අප විභාග පවත්වන්නේ කුමකටද?"

ලංකාවේ නම් වැඩි හරියක් සිසු සිසුවියන් fail කර සරසවියට බඳවා ගත හැකි ධාරිතාවයට ආසන්න පිරිසක් filter කර ගැනීමටය. 

"සරසවියේ විභාග පවත්වන්නේ කුමටද?" ලංකාවේ නම් විභාග පැවැත්විය යුතු නිසාය. 

ඉංජිනේරු පීඨයේ රැස්වීමේදී මම ඉහත පැනය ඇසුවෙමි.

"එක හරිම සරල පැනයක්නේ. අපි විභාග පවත්වන්නේ ළමයින්ගේ දැනුම මනින්න" පීඨාධිපතිතුමාටත් පෙර විශිෂ්ඨ මහාචාර්ය පදවිය හොබවන තැනැත්තෙක් පිළිතුරු දුන්නේය.

"ඇයි අපි ළමයින්ගේ දැනුම මනින්නේ?" මගේ ප්‍රාථමික මනෝභාවයට තවමත් එය ගැටලුවකි.

"ඔවුන්ට ඉහල දැනුමක් ඇත්නම් ඔවුන් සමාජයට යහපතක් කරාවි. සරසවි ඇඳුරන් ලෙස එයයි අපගේ අභිප්‍රාය විය යුත්තේ. හිතන්න පොඩ්ඩක්, අපේ උපාධිධාරියෙක්ට හැකිනම් තම දැනුමෙන් සම්පුර්ණයෙන්ම සුර්ය බලශක්තියෙන් ක්‍රියාත්මකවන වාහනයක් නිපදවන්න, එය දකුණු අප්‍රිකාවට විශාල මෙහෙයක් සහ ආඩම්බරයක් නොවේද?" විශිෂ්ඨ මහාචාර්යවරයා තරමක උපහාසාත්මක සිනහවකින් යුතුව අසයි.

"ඔය කියන වාහනය ඇයට තමන්ගේ දැනුමෙන් තොරව වෙනත් යමක  දැනුමෙන් (මා අදහස් කලේ AI දැනුමයි) පමණක් කල හැකි නම් එහි ගැටළුවක් ඇත්ද?" මම බොහෝ අවස්ථාවල වෙනත් පුද්ගලයන් "ඔහු" යන වදන යොදන තැන්වල "ඇය" යයි භාවිතා කරන්නේ මෙහිදී පුරුෂාර්ථය යොදන්නේ කුමන හේතුවක් නිසාදැයි මට නොතේරෙන බැවිනි. ලංකාවේ කෙසේ වෙතත් මා ජිවත් වූ බොහෝ රටවල මිනිස්සු මෙය ප්‍රශ්ණ කිරීමට පැකිලෙති. 

"ඒක හරි. ඒත් එහෙනම් අපිට AI පිළිබඳව සිසුන්ගේ දැනුම පරික්ෂා කල යුතු වෙනවා"  විශිෂ්ඨ මහාචාර්යතුමා තරමක් බිඳුණු ස්වරයෙන් ප්‍රකාශ කරයි.

"ඔව්, අපි AI ඉගෙනගන්න සිසුන්ගේ දැනුම පරික්ෂා කරමු. ඒ සඳහා ඔවුන්ට projects දෙමු. අනෙකුත් විෂය හදාරන සිසු සිසුවියන්ට AI භාවිතාකරන හැටි දන්නේ දැයි පරික්ෂා කිරීමට විභාග පවත්වමු". මම කීවෙමි.

"චන්දිම කියන විදයට කලොත් කැම්පස් වහන්න වෙයි"

ඔවුන්ට විභාග මානසිකත්වයෙන් මිදීමට නොහැක. මා වැනි මෝඩයෙක් ඔවුන්ට මහත් හිසරදයකි.  



 

10 comments:

  1. ඉස්සර තමයි පොත් 10 ක් කියෙව්වද 100 කියෙව්වද කියන එක මත උගත් කම තීරනය කලේ,,,
    දෑන් දැනුම කියන එක අන්තර්ජාලයේ ඕන තරම් තියෙනවා,
    දැන් බලන්න ඔනෙ, ශිෂ්‍යාට, අවශ්‍ය වේලාවට ඒ දැනුම ගවේශණය කරලා හොයා ගන්න පුලුවන්ද කියන එක සහ ඒම දැනුම උපයෝගී කරගෙන ප්‍රායෝගිකව ප්‍රශණය විසදන්න පුලුවන්ද කියන ස්කිල් එක තමයි

    ReplyDelete
    Replies
    1. ඒ සඳහා අධ්‍යාපන පද්ධතියේ ඇති විය යුතු වෙනස්කම් පිළිබඳව ඔබගේ මතය කුමක්ද?

      Delete
  2. සිංහල ඊාෂාව ට අනුව ලිංග ඪේධය නීර්ණය කරන්න බැරිවිට පුරුෂ ලිංග ව්‍යාකරණ යොදාගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. අපි ඒක වෙනස් කල යුතු කාලය එළඹී ඇති බව නොසිතේද?

      Delete
  3. I think that's what Elon musk once said that with the development of AI technology most universities would go out of business.

    ReplyDelete
    Replies
    1. Any idea on what's the new dimension of learning system that we need for the world?

      Delete
    2. I think we need to have an education system which encourages self learning and persuade students to think outside the box rather than an education system which praises students who by heart things that are in books

      Delete
    3. I am 100% in agreement with your opinion. However, what I feel is that the situation is even more complicated (or complex) than it appears.

      Do we need to give indepth knowledge about know-how of any thing to a student? Or is it just the knowledge and skills of getting what you want through AI is enough? This is a prime question that we have to answer.

      Finally, the summary is that "Does the world need only those who develop AI and those who know how to use AI?"

      Delete
  4. ප්‍රායෝගිකව තමන් ඉගෙනගන්න දේවල් යොදන්න වෙන විදියක්.ඒ කියන්නෙ 'intern' කෙනෙක් වගේ ඉගෙනගන්න.එතකොට එයාව මනින්නෙ විභාගයක් නෙවෙයි.ඇත්ත වෙලදපල.

    ReplyDelete
  5. I work for an R1 university in USA, and recently we had a discussion on this. Someone brought up a good point.

    When they invented calculators people must have freaked out that people would use calculators to solve problems and that would be cheating. But now exams has evolved and calculators are just a tool.

    In the next decade education needs to evolve to treat the AI tools as just tools that assists your learning process.

    ReplyDelete