Tuesday 19 April 2022

මෙය අසභ්‍ය කතාවක්


බොහොම තර්කානුකුලව සිතන මේරි සහ ඇගේ යෙහෙළිය ජොසපිනා කන්‍යා සොහොයුරියන්. ඔවුන් දිනක් ඉතා වැදගත් ගමනක් ගොස් එන විට තරමක් සන්ධ්‍ය වුණා. ඒ දවස්වල කන්‍යාරාමය ඇති ප්‍රදේශයේ ස්ත්‍රී දුෂකයෙක් සැරිසරණ බවට කතාවක් පැතිර තිබුණා. ඔවුන් එක් මංසන්ධියකට පැමිණියා. මෙතැන් සිට කන්‍යාරාමයට යාමට පාරවල් දෙකක් තිබෙනවා. 

"අපි එක පාරක ගියොත්  මිනිහට අපි එක්කෙනෙක්ව අල්ල ගන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා අපි මෙතන ඉඳන් වෙනස් පාරවල්වල යමු". මේරි කිව්වා.

ජොසපිනා බියෙන් ගැහෙමින් හනි හනිකට කන්‍යාරාමය අසලට එන විට දුටුවේ, කොණ්ඩය අවුල් කරගෙන හතිලමින් කන්‍යාරාමයේ දොරකඩ සිටින මේරිවය.

"අනේ දෙයියනේ ඔයාට මොකද වුණේ" ජොසපින කෑගසාගෙන මේරි වෙත දිව ගියා. 

"මම එනකොට කන්‍යාරාමයට කිලෝ මීටරයක් විතර කලින් අර මිනිහා එකපාරටම කැලේ ඉඳන් පාරට දුවගෙන ආව"

"අපොයි දෙයියනේ"

"මම නැවතුණා. මිනිහත් නැවතුණා".

"ඉතින්"

"මම එකපාරටම මගේ ගවුම ඉනෙන් උඩට ඉස්සුවා"

"අනේ දෙයියනේ, ඒ මොන පාපයක්ද" ජොසපිනා ඇස් ලොකු කරගෙන හුස්මක් උඩට ගත්තා.

"ඒ මිනිහා කලිසමේ පටියයි බොත්තම් ටිකයි ගලවල කලිසම පහතට දැම්මා"

"අපොයි, ඉතින් මොකද වුණේ" ජොසපිනාට කලන්තේ හැදෙන්න වගේ ආව.

"ඉතින් අනේ ඔයාට ඕකවත් තේරෙන්නේ නැද්ද?" මේරි කතාව නවතා හුස්මක් ගත්තා.

"ගවුම ඉනෙන් උඩට උස්ස ගත්ත ගෑනියෙකුයි, කලිසම දණහිසෙන් පහලට ගලවගත්ත පිරිමියෙකුයි කිලෝමීටරයක් දුවන කොට මොකද වෙන්නේ කියල" 


-නොවේ-

8 comments:

  1. එහෙම නෙවෙයි මහාචාර්ය ගෝමස්, මෙහෙම දේකුත් තියනවා මම උදාහරණයක් ඇසුරින් කියන්නම්, මම දන්න කෙනෙක් හිටියා (එයාව ආස්රය කරපු බහුතරයක් කොල්ලොත් මම දන්නවා), ඒ කාලයේ හරිම ප්‍රසිද්ධයි එයා කොල්ලෝ අතරේ, පස්සේ කාලයක එයා හොද කසාදයක් කරගත්තා. (හැබැයි දැන් වසර කිහිපයකින් මම එයාව දැක්කේ නැහැ)

    මෙතනදි මේ සිද්ධිය මට කියුවේ අදාල පුද්ගලයාමයි, දවසක් මිනිහා එක්කරගන ගිහිං අර ඇත්තිට මහ කෙලියම කරන්ඩම හදලා
    උන්දැ ඉඩක් දීලම නෑ, පස්සේ බේරෙන්ඩ බැරිම තැන, අනේ අයියේ ඔයාට ඕනමනං ඒ පැත්තට එපා මේ පැත්තට කරන්ඩ කියුවාලු,

    ඒ නිසා ඔන්න ඕකයි තත්වේ, ලංකාවෙන් පිට සහ ලංකාවේ සිටි වසර 10 කින් ලංකාවේ කිසිම දේශපාලන පක්ශයකට චන්දයක් පාවිච්චි කර නැති මට හිතෙන විදියට මේ මොහොතේ ඇති එකම හා නිවැරදිම විසදුම අනුර කුමාරට රට භාරදීම හා හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ වැනි බුද්ධිමත් මිනිසුන් සම්බන්ධ කර ගැනීමයි... රට මෙතරම් විනාශයට ගෙන ගිහිල්ලත් ජ.වි.පෙ වෙත මිනිසුන් වපර ඇසින් බැලීම ඇත්තටම රටේ අභාග්‍යක්.. සාමාන්‍ය මිනිසුන්ට පක්ෂය කෙරෙහි විශ්වාසය වැඩිකිරීමට ඔවුනට සිදුවේ.. ඒ සඳහා මගේ යෝජනායි මේ;

    1.වසර 20 ට වැඩි කාලයක් මිනිස්සුන්ට දරාගත නොහැකි වරප්‍රසාද සහිතව පාර්ලිමේන්තුවේ සිටින අනුර කුමාර ඇතුලු සාමාජිකයින් එම වරප්‍රසාද එපා කීවද? වාහන පර්මිට්වලින් ලැබුනු මුදල් පක්ශයේ හෝ කිසියම් කටයුතුවලට යෙදුවේද?

    2.අනෙකුත් මැති ඇමතිවරුන්ගේ ලමයි පිටරට ඉන්නවා යැයි කියන ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ නායකත්වය සහ ඉහළ පෙලේ සාමාජිකයන් අති බහුතරය ආදර්ශයක් විදියට හෝ තමන්ගේ ලමයින් අපේ රටේ අපේ මිනිසුන් සමග යොමු නොකරන්නේ ඇයි? කසුන් දිසානායක, ලාල් කාන්තගේ දුවගේ සිට නිහාල් ගලප්පත්ති පුත් චතුර විමුක්ති ගලප්පත්ති දක්වා හැමෝම විදේශීය පෞද්ගලික විශ්ව විද්‍යාල වල විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කර ඉගෙන ගෙන ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීමට දැඩි විරෝධය සහ බාධා එල්ල කරන්නේ ඇයි?

    3 පක්ශයේ ඉහල සිටින ඔවුන් කොතරම් වැඩ්ඩො උනත් බිම් මට්ටමේ සිටින සාමාජිකයින් මොළේ කළඳක් නැති අමුම අමු ගොන්නු සේ හැසිරේනම් ඵලක් නැත... මලගෙදරකට, පාටියකට ගියවිට බොහෝදුරට සිදුවන්නෙ මෙම බිම් මට්ටමේ සාමාජිකයින්ගේ ප්‍රායෝගික නොවන ලොකූ ටෝක්, පොරටෝක්, විවිධ වර්ගයේ අවලාද සහ සමච්චල් සහගත කැත කතා අනෙකාට අසා සිටීමට සිදුවීමයි.. පක්ශයට අලුතින් සාමාජිකයින් එකතුකරගත හැකි සංවේදීතාවක් තිබෙන බුද්ධිමය සංවාද සඳහා පරිණත බවක් ඇති තරුණ කැලක් බිහිකරගැනීමට පක්ෂය අසමත්වන්නෙ ඇයි?

    4. දේශපාලන බලපෑම් දැඩි ලෙස සීමා වී රටේ නීති පද්ධතිය පිළිබදව සෑහෙන දුරට පැහැදීමක් මිනිසුන්ට ඇති මේ අවස්ථාවේ ඔවුන් සතුව මහා පරිමාණයෙන් කර ඇති හොරකම් රැසක් සොයාගෙන තිබෙනවා යයි කියන ෆයිල් එලියට නොදාන්නෙ ඇයි? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    මීට ඔබේ පැහැදිලි පිළිතුරු අත්‍යවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. මෙතෙක් මා දේශපාලන සහ ලංකාවේ වාතාවරණය ගැන කොපමණ ලිපි ලීවත් වැදගත්ම ප්‍රතිචාර ලැබෙමින් පවතින්නේ මේ හාස්‍යජනක කතාවටයි. ඔබගේ අදහස් සියල්ල මම පිලිගන්නවා. මෙයයි පෙට්ටියෙන් එලියට විත් ලොව බලනවා කියන්නේ. අපි කාට කුමකට සහයෝගය දුන්නත් එහි දිග පළල උස ගැන අපට අවබෝධයක් තිබිය යුතුයි. මෙතෙක් මේ ලිපියට පලවූ මුල් අදහස් තුනම සමාජගත විය යුතුයි.

      Delete
  2. ලස්සන කතාවක් චන්දිම, කතාවේ සැඟවුණ තේරුම මේ වෙලාවේ වඩා නරක මිනිහෙක් ගෙන් බේරෙන්න අශිශ්ට දේවල වුණත් කරන එක වරදක් නැහැ කියලා කියන එක නේද? ජනතාව ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වුනේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන සමාජයක් සහ නිදහස් මිනිස් අයිතිය සුරකින සමාජයක්. අඩුපාඩු තිබුණා තමයි. ඒත් අපි 2019 කලින් හිටිය තත්වයට ආපහු ගියේ නැහැ.

    ඒ වෙනුවට ටිකෙන් ටික බාධක මැද්දේ අපි බොහෝ සටන් කලා. කලා නිර්මාණ වාරණය කළ අවස්ථාවේ ඒකට විරුද්ධවුණා. ජාතිවාදයට විරුද්ධව අපි අරගල කලා. ඒවා කරන්න අපිට නිදහස තිබුණා. කවුරුහරි අපිට ගහයි අපිව මරයි කියන බය අපිට දැනුනේ නැහැ. නමුත් දැන් මිනිස්සුන්ට ඒ බය දැනෙනවා. මේ තත්වය යටතේ කතා කලොත් මොකක් වෙයිද කියලා බය අද මිනිස්සුන්ට ආයෙමත් මතුවෙලා. මෙතන මහා පටලවිල්ලක් වෙලා තියෙන්නෙ. ලංකාවේ ඉහලින් ඉන්න අය පිස්සු කෙලිනවා. මේකේ පව් ගෙවන්නෙ පොඩි එවුන්. අපි මේ මොහොතේ කතා කරන්නෙ පුද්ගලයෙක් හෝ පක්ෂයක් වෙනුවෙන් නෙවෙයි. අපි මේ මොහොතේ භුක්ති විදින යම් නිදහසක් තියෙනවා නම් අන්න ඒ දේ ආරක්ෂා කර ගැනීම සදහායි. මේ රට ආසියාවේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මට හිතාගන්නත් බැහැ මෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහමුලින්ම උල්ලංඝනය කිරීම ගැන. අද සියළු අදහස් දැක්වීම් යම් විදියකින් වාරණය කරලා. මාධ්‍ය පවා පක්ෂග්‍රාහී වෙලා තියෙන බව පේනවා. ලාංකියන්ගේ ජන ජීවිතය අවුලෙන් අවුලට පත්වෙලා. මිනිස්සු ඇණ කොටා ගන්නවා. මරාගන්නවා. මේ තත්වය ඉතාම භයානකයි. ඉදිරියේදි තවදුරටත් මේ මුග්ධ සහ බලලෝභී ක්‍රියාකලාපය යනවානම් තත්වය තවත් දරුණු වෙනවා. මේ මොහොතේ අපි ඉල්ලා සිටින්නේ මිනිස්සුන්ගේ අණට කන්දෙන්න කියලා. මේ රට ලේ විලක් බවට පත් නොකර පාර්ලිමේන්තුව නැවත කැඳවා අගමැතිවරයෙක් පාර්ලිමේන්තුවෙන් බහුතරය මතය විමසා පත් කර ගන්නා ලෙස අපි ඉල්ලනවා. සියළු මැර බලය තිබෙද්දි මුදල් තිබෙද්දී 2015 ඔය මහින්ද රාජපක්ෂව බිමට ඇඳලා දැම්මේ මිනිස්සු. මේ රටේ ජනතාවගේ සහයෝගයෙන්. ඒ නිසා පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතිව මේ ම්ලේච්ඡ ක්‍රමය තවදුරටත් අනුගමනය කරන්නේ නම් අත් නොහරින අරගලයක් කරන්න අපිට සිදු වෙනවා. අතීතයේදී අපි ඒ අරගලය සිද්ද කලා. අපි ගුටි කෑවා තමයි. නමුත් අපිව පරාජය කරන්න කාටවත් බැරිවුණා. මෙවරත් අපිට ගහන්නට පුළුවන්. මරන්නට පුළුවන්. නමුත් කිසි දවසක අපිව පරාජය කරන්න බැහැ. මොකද අපි නියෝජනය කරන්නෙ එක පාර්ශ්වයක් නෙවෙයි. මහජනතාව. පුරවැසියෙක් විදියට මට තියෙන පරමාදිපත්ති බලය නරකාදි තැනකට ගිහින් තියෙනවා. අපි හැමෝම දන්නවා රට අරාජිකවෙලා තියෙන මොහොතක මිනිස් බිලි දෙන්න වෙනවා. පහුගිය දවස්වල එහෙම දේවල් සිද්ද වුනා. අපි දන්නෙ නැහැ ඉදිරියට අපිට මිනිස් බිලි කියක් දෙන්න වෙයිද කියලා. ජනාධිපතිවරයා හුරුවෙලා තියෙන්නේ සප්‍රයිස් දේශපාලනයකට. හැම තිස්සේම සප්‍රයිස් දෙමින් මිනිස්සුන්ට විනෝදයක් දෙන්න තමයි ඔහු හුරු වෙලා තියෙන්නෙ. ඔහුගේ ස්ප්‍රයිස් ඇතුලේ තියෙන කුමන්ත්‍රණය මිනිස්සු දන්නවා. අපි මෝඩයෝ නෙවෙයි.

    ලංකාවේ මේ දවස්වල පවතින තත්වය මත "ගෝටා-ගෝ-ගම' ගෝල්ෆේස් සැනකෙලිය දිගටම පැවතිය යුතුයි. මොකද ලංකාවේ කොළඹ නාගරික සීමාවේ අඩු ආදායම්ලාභීන් සහ මැද පාන්තියේ අයටත් මේ දවස්වල ජීවන වියදම අධික නිසා, බූමිතෙල්, ගෑස් නැතූව කොළඹ තට්ටු නිවාසවල ඉන්න අයට උයාපිහාගන්න අමාරුයි. බඩුමිලත් හුගාක් වැඩියි. ඉතින් ඔය ඔක්කොම අමතක වෙනවා හවසට මූදූ හුලං වැදිලා, නොමිලේ කාලා බීලා ඉන්නකොට. මේ වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වියදම කරන්නේ පිටකොටුව ඇතුළු කොළඹ ආනයන ආශ්‍රිත ව්යාපාර කරලා කලින් අඩු ගානට ගෙනාපු ස්ටොක් ඉතා ඉහළ මිළ ගණන් වලට විකුණලා විශාල ලාභයක් ලබාගත් ව්යෑපාරික ප්‍රජාව, විශේශයෙන් මුස්ලිම් ජාතික ව්‍යාපාරික ප්‍රජාවේ දායකත්වය ඉතා විෂිශ්ටයි, මේ වෙලාවේ නන්දසේනයා (ගෝඨා) ගියොත් තත්වය වෙනස්. ඒ නිසා ඌව තව ටික කාලයක් මේ ප්‍රශ්න විසඳෙනකම් තියාගේන ඉන්න ගමන් සාමකාමීව උද්ඝෝෂනය කරමු,එන එන අයට කන්න බොන්න දිගටම දෙමු. විශාල අඩු අදායම් ලාභීන් මෙන්ම මැදි ආදායායම් ලාභීන්, ත්‍රීරොද රථ රියදුරන්, සංචාරක මගපෙන්වන්නන්, රැකියා අහිමි වූ තවත් විශාල පිරිසක් මේ හරහා නොමිලේ කා බී විනෝද වී හිතේ පීඩා දුරු කරගෙන සැනසිල්ලේ මහ රෑට නිදාගෙන ආයෙත් දිනපතා එනවා උද්ඝෝෂණයට, මේකේ විවිධ නැටුම්, සැනකෙළි, ප්‍රදර්ෂන වගේ අවිධිමත් කානිවල් එකක සිරියක් තිබෙනවා, එය ඉතාමත්ම වටින සහ වෙලාවේ හැටියට ලොකු දෙයක්. කොහොමටත් කවුරු නායකත්වයට ආවත් තත්වය වෙනස් කරන්න කාලයක් යනවා. ඒ නිසා මම හිතන්නේ මේක දිගටම තබාගෙන යා යුතුයි හැකි උපරිම කාලයක්, එම ව්‍යාපාරික ප්‍රජාවට සහ විදේශීය සම්පත් දායක ආයතන වලට මේක ඇදන් යන එක මහ ලොකු දෙයක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. මේ ලිපියට මෙතෙක් පලවූ අදහස් තුනම කැටි කොට ගත විට මට පෙනෙන්නේ අපි අද වේගයෙන් ඉදිරියට ගොස් ඇති බවයි. ඔබට ජය.

      Delete
  3. ගෝඨට Go home කියන්න ආපු ගොඩ දෙනෙක් හිතන් ඉන්නෙ රටට වෙච්ච දේට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ ගෝඨාභයයි, තව උපරිම ඕනෙනම් පාලිමේන්තුවේ ඉන්න 225යි කියලා.

    ඒත් මේකට වගකියන්න ඕනෙ තව පිරිසක් ඉන්නවා.

    මෙච්චර කාලයක් තමන්ගෙ බඩ ගැන විතරක් හිත හිත ඡන්ද කාලෙට දෙන උදලු මිටටයි අරක්කු බෝතලේටයි බත් පාර්සලේටයි සමන් පිච්ච පැළේටයි වහ වැටිලා මේ ගල් මූසලයන්ට කඩේ ගිය ඡන්ද දායකයො

    වෙහෙස මහන්සි වෙලා රටට ධනය උපයා දෙන මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් නිකං පඩි කකා රජයෙ ආයතනවල වල් පල් දොඩව දොඩව ඉන්න, මිනිස්සු රස්තියාදු කරවන රාජ්‍ය සේවකයො.

    ප්‍රාඩෝවලට ඩිෆෙන්ඩර්වලට එක නීතියකුයි සාමාන්‍ය මෝටර් රථ වලට බයික් වලට ත්‍රීවිල්වලට ඩීමෝ බට්ටන්ට තව නීතියකුයි ක්‍රියාත්මක කරන රථ වාහන පොලිස් නිලධාරියො

    තමන්ගෙ නිල රථයයි රියදුරයි වයිෆ්ට ෂොපින් යන්න දෙන යුධ හමුදා නිලධාරියො

    විභාග ශාලාවල ළමයින්ට බෙදන්න කියලා දෙන කටුවැඩ කොළ, ළමයින්ට නොදී මිටි පිටින් ගෙවල්වලට උස්සන් යන විභාග පරීක්ෂකවරු

    රස්සා තනතුරු ගන්න තමන්ගෙ දක්ෂකම හැකියාව මත පදනම් නොවී, ජඩ දේශපාලකයන්ගෙ කකුල් ලෙව කකා උන් ඉස්සරහ දෙකට තුනට නැවෙන හිඟන්නො

    මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් ප්ලේන්වල 1st class යන දේශපාලකයො ඉස්සරහ දෙකට නැවෙන, මැදපෙරදිග දහදුක් විඳලා රටට විදේශ විනිමය අරගෙන economic class එකේ එන මිනිස්සුන්ට ගෑස් දාන ගුවන් සේවිකාවො

    තමන්ට රස්සාවක් තියෙද්දි හොරට සමෘද්ධි ගන්න, මාසික ආදායම රුපියල් පනස්දාහටත් වැඩි ලක්ෂ ගනන් තියෙද්දි ග්‍රාමසේවකලා ලවා බොරු සහතික හදාගෙන ශිෂ්‍යාධාර, මහපොළ ගන්න දෙමව්පියො ලක්ෂ ගනන් සරසවි සිසුන්

    හැම ගෙදරකම සූර්ය පැනල භාවිතා කළොත් විදුලි බල අර්බුදය විසඳෙනවා කියලා දැන දැනත්, තමන්ගේ පෞද්ගලික ලාභය වෙනුවෙන් ඒවට අකුල් හෙළන විදුලි බල මණ්ඩලේ විදුලි නිලධාරීන්

    මිනිස්සුන්ට කන්න දෙන මිරිස් කුඩු ටිකට ගඩොල් කුඩු මිශ්‍ර කරන, කහ කුඩුවලට පාන් පිටි මිශ්‍ර කරන, ගම්මිරිස්වලට ගස්ලබු ඇට මිශ්‍ර කරන, පලතුරුවලට කාබයිඩ් ගහන, කොස් ගෙඩියත් හාපික්වල ඔබන, අහිංසක ගොවියන්ගෙන් කුණු කොල්ලෙට ගන්න හාල්, එළවළු, පලතුරු ගිනි ගණන්වලට පාරිභෝගිකයන්ට විකුණන, හොරට බඩු කිරන වෙළෙන්ඳො

    නිල ඇඳුම පපුවෙ වම් පැත්තට උඩින් රාජකාරිය ලේබල් කරලම තියෙද්දි ජාතික වනෝද්‍යානවල වෘක්ෂ සම්පත මොරටුවට අද්දන, තමන් විසින් සංරක්ෂණය කළ යුතු අයගේ මසින් ශීතකරන පුරවන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ නිලධාරියො

    මුදලින් අඩු ඔෟෂධයක් නියම කරන්න පුළුවන්කම තියෙද්දි පොඩි කොමිස් එකක් වෙනුවෙන් වැඩි මිලක් සහිත ඔෟෂධ නියම කරන, පෞද්ගලික රෝහල්වලදි අනවශ්‍ය පරීක්ෂණවලට බොරුවට වියදම් කරවන වෛද්‍යවරු

    කුණු ගෙනියන්න එන හැම වතාවකම අතේ කීයක් හරි නොතිබ්බොත් ඊළඟ වතාවෙ කුණු ටික දාලා යන නගර සභා සේවකයො

    ගෙවල්වලට වෙලා දේශපාලකයන්ට බැන බැන ඉන්නවා මිසක් අඩුම තරමෙ මිරිස් පැළයක්වත් හිටවගන්න නොහිතන විශ්‍රාමික වැඩිහිටියො, ගෘහණියො, ළමයි

    ඒ විතරක් නෙවෙයි,

    කාමරේකින් එළියට යද්දී ලයිට් එක නිවන්නැති, ටැප් එකක් හරියට වහන්නැති, අතේ තියන බස් ටිකට් එක ටොපි කොළේ බිමට අතාරින, ඉඳන් ඉන්න බංකුව යට චුයින්ගම් අලවන, තැන තැන කෙළ ගහන, බීච් සයිඩ් ට්‍රිප් ගිහින් ළමයගෙ පැම්පස් එකත් මුහුදට විසි කරන, අනිත් මිනිස්සුන්ගෙත් ආරක්ෂාවට තර්ජනයක් වෙන විදියට මාර්ග නීති අනුගමනය නොකර පාරවල්වල යන, බස් එකේ කෝච්චියෙ හිර වෙද්දි ඒ මුවාවෙන් ගෑනුන්ගෙ කරේ යන, වෙන දරුවෙකුගේ බෑග් එකක් විසි කරලා තමන්ගෙ ළමයව ඉස්සරහ පෝලිමෙන් ඉන්ඳවන, විදුලි මීටරේ වයර් මාරු කරලා පාවිච්චි කළාට වඩා අඩු ගාණක් ලයිට් බිල ගෙවන, ගෙදර අපජලය පාරේ කාණුවට වැටෙන්න හරවන, අයුතු තැන කුණු දාන, පොලිතින් ප්ලාස්ටික් පුච්චන... තවත් දහස් ආකාරයක අපක්‍රියාවල හැම දවසකම නිරත වෙන

    ඔබ හැමදෙනාත් ගෝඨා එක්කම #GoHome
    ඔයාලා පොඩි හොරු, එයාලා ලොකු හොරු කියලා හිතන්න එපා. ඔයාලා දෙගොල්ලම හොරු තමයි.

    ReplyDelete
    Replies
    1. ඉතාම නිවැරදි කියවීමක්. හැකි නම් මෙය ඔබේ නමත් සමග පලකරන්න. නැත්නම් ඔබේ සමාජ මාධ්‍ය පිටුවක පළකර මට දන්වන්න. මම share කරන්නම්.

      Delete
  4. චන්දිම මහතාට මගේ අත්දැකීම් අනුව දෙයක් කියන්න පුළුවන්, මම ඊයේ මොරටුවෙි ඉදං කලුතරට එන්ඩ බස් එකකට නැග්ගා. පානදුරේදි යන්ඩ බෑ පාර වහලා උද්ගෝසන එදිනෙදා වැඩකටයුතු කරන මිනිස්සු අනාතයි. මම බස් එකෙන් බැහැලා පාර අයිනට වෙලා හිටියා ආපහු මොරටුවට යන්ඩ. ත්‍රීවීල් එකක් ඇවිත් නැවත්තුවා අය්යේ කොහෙටද යන්නේ ඇහුවා මම කලුතර කිවාම රැපියල් 800 දෙන්ඩ අරන් යන්නමි කිවා මම ඇහුවා පාර වහලා යන්නේ කොහොමද කියලා ත්‍රිවිල් කාරයා කියනවා පාර වහලා ඉන්නේ අපේ උන් අපිට යන්ඩ පුලුවන් කියලා මම කිිවා මට 800 දෙන්ඩ නෑ කියලා එතකොට කියනවා එහෙනමි තව දෙන්නෙක් හොයා ගන්ඩ කියලා මම දැක්කා ඒවගේ ගොඩක් අසරන වෙලා ඉන්න අයගෙන් ඒවිදියට ගාන කපනවා ත්‍රිවිල් වෑන්වලින් මිනිස්සු අදිනවා අලුත්ගම දක්වා. මට පුදුම කලකිරිමක් ඇති උනා මුං අරගල මුවාවෙන් මිනිස්සු හුරං කනඑකට ගමන පැත්තක දාල මොරටුවට පයින් ආවා, ඒ වගේ ආත්මාර්ථකාමී ටික දෙනෙක් කරන දේවල් නිසා මේ රටේ සැබැවින්ම ඇතිවූ සමාජ අරගලය ගැන තියෙන මහජන ප්‍රසාදය ටික ටික හීනවී යන එක විශාල අපරාදයක් නේද?

    ReplyDelete
  5. @ චන්දිම,

    අනුර කුමාර ඇතුළු බොහෝ දෙනෙක් 2015 රාජපක්ෂ රෙජීමයේ දූෂිත දේශපාලකයන් සහ නිලධාරීන් ලෙස චෝදනා එල්ල වී තිබූ අයට එදිරිව නඩු 132 ක් විතර දාල තිබ්බ ඒත් ඒවායේ සාක්ෂි මදි කියලා අවුරුදු පහකට වඩා ඇදී ඇදී යනකොට 2021 විතර වෙද්දී ඒ කට්ටිය නඩු වලින් නිදොස් කොට නිදහස් වෙලා තියෙනවා දැන් අනුර කුමාර ඇතුළු පිරිස ආයේ ආයේ කියනවා මේ නඩු ෆයිල් ටික තව සතියක් විතර ඇතුලත එළි කරනවලු, මේ වීඩියෝ එකේ පැහැදිලි කරල තියෙන්නෙ බලන්න;

    https://youtu.be/n2Kt4O9FcNk

    මේ තමයි ඊට හොඳම වෙලාව, මොකද හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ අද දිනයේ පාර්ලිමේන්තුව තුල සිදුකල කතාවට පිළිතුරු වශයෙන් රාජපක්ෂ පවුලේ වත්කම් පිළිබඳ චෝදනා ගොනු කරමින් නඩුවක් පැවරීමට නීතීඥ සංගම් ඇතුළු නීතීඥ කණ්ඩායම සූදානමින් පසුවන බව වාර්තා වන නිසා ඒ කට්ටිය එක්ක එකතු වෙලා හරි වෙනමම හරි රටේ අධිකරණය ස්වාධීන වීමට බල කෙරී ඇති මේ වෙලාවේ අවශ්‍ය අධිකරණ විමර්ශන කටයුතු කළ යුතුමයි.

    එමෙන්ම හිටපු අමාත්‍යවරයා පැවසූ පරිදිම විදෙස් රටවල ඇති වත්කම් සම්බන්ධව සියළු තොරතුරු හෙළි කරමින් ලංකාවේ උසාවියට කරුණු දැක්වීමටත් පසුව ජාත්‍යන්තර නීතිය හමුවට අදාල තොරතුරු ගොණු කිරීමටත් සූදානම් කරමින් පවතින බව වාර්තා වන නිසා මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ නායකත්වය සමග එම පක්ෂයේ පිරිස ඊට උවමනා උපරිම සහයෝගය ලබා දිය යුතුමයි.

    මීට අදාලව නීතියෙන් ගැලවිය නොහැකි පරිදි ප්‍රබල සාක්ශි රැස් කිරීම ආරම්භ කර ඇති බවද මෙහිදී පවසන නිසා ඊට අමතරව නාමල් රාජපක්ෂගේ නීතීඥ බාවය පිළිබඳ පවතින ගැටළුද උසාවිය හමුවට ඉදිරිපත් කිරීමට එම නීතීඥ කණ්ඩායම සූදානමින් සිටින බැවින් මීට වහාම ජවිපෙ ජාතික ජන බලවේගයේ සහය දිය යුතුයි. එහෙම නොකරනවා නම් ජවිපෙ ජාතික ජන බලවේගය කියන්නේත් රාජපක්ෂ දූෂිත කල්ලිය සමග යටින් ඩීල් දාගෙන ඉන්න තවත් එක් හොර රැලක් පමණක් බව ඉතාමත් පැහැදිලිව තේරුම් ගන්න වෙනවා අපට, එහෙම නේද? ඒ වගේම අනිත් පැත්තෙන් මහපොල ගන්න කැම්පස් ඇවිල්ල ප්‍රාඩෝ එකේ ගෙදර යන අයත් ඉන්නවා ඒ කට්ටිය ගැන ඊළඟට විගණන කළ යුතුයි.

    ReplyDelete