Sunday 17 April 2022

හෝරාවේ ඉලක්කය

අප බොහෝ දෙනෙක් ජන අරගලය සමග හදවතින් බද්ධය. මේ අරගලය ඕපපාතික නැත. එය බිහිවන්නේ වසර ගණනාවක සිට කෙමෙන් වැඩී පසුගිය දෙවසර තුල අතිඋත්ක්‍රමනයකට බඳුන් වූ දේශපාළුවාගේ දුෂණය, භීෂණය වංචාව හේතුකරගෙනය. සමහර දේශපාලන පක්ෂ මෙන්ම පුද්ගලයන්ද මේ තත්වය පිළිබඳව සෑහෙන කලක සිට අනාවැකි පළකළත් බහුතරයක් ජනතාවට එය වැටහුණේ තම එළිපත්තට ව්‍යසනයේ ඵල වැටෙන්න වූ විටයි. එහි අවුලක් නැත. එය ලොව කොතනත් ස්වභාවිකව සිදුවෙන සංසිද්ධියකි. සමහර උදවියට තවමත් වැටහීමක් නැත. මානසික අන්ධයන් කොහෙත් සිටීමද ස්වභාවිකය. 

අරගලයකට පසු රටක අනාගතය තීරණය වන්නේ අරගලය ඇරඹි ආකාරය මත නොව එය නිම වූ ආකාරය අනුවයි. එබැවින් ආරම්බය කොතනකින්, කොයි ලෙසකින් සිදු වුනත් අප අර්ථවත් අවසානයක් කරා යා යුතුය. යහපත් අවසානය නාගානන්ද-ජවිපෙ-43 සේනාංකය ආදී පාර්ශව විසින් ගෙනවිත් ඇති ව්‍යවස්ථා හෝ ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතු කාරණා මත පාදක විය හැකි නව ලේඛනයක් බව මගේ හැඟීමයි. මෙහිදී ඉදිරිපත් කිරීම මිස ඉදිරිපත් කරන්නා දෙස බැලීම අනුවණ කමකි. 

රටක් බුන්වත් කල රාජපක්ෂ පන්නයේ රෙජිමයක් රාජ්‍ය මර්දන යාන්ත්‍රණය හරහා ප්‍රචණ්ඩත්වය මුදා නොහැර බලය අතහැරි රටක් ඇත්දැයි මම නොදනිමි.  මේ අනුව ප්‍රචණ්ඩත්වය අරගල භූමියට කුමන මොහොතක හෝ අවතීර්ණය වීමේ අවදානමක් පවතී.  

ඉහත කරුණු දෙක මත මට පැවසිය හැක්කේ මෙයයි. මේ අවස්ථාවේදී රාජපක්ෂ විරෝධී සියළු පාර්ශවයන්ට සමාන්තර අරගල භූමි ගොඩනැගීමට සහයෝගය දීමත්, හැකි සෑම කරුණකදීම ක්‍රියාවලියන් සමපාත කිරීමත් අත්‍යවශ්‍ය කරුණකි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට මෙන්ම රාජ්‍ය මර්දන ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගී සිටීමටද මේ සියළු පාර්ශවයන්ගේ සමාන්තර නැගී සිටීම ඉතා වැදගත් බව මගේ හැඟීමයි. 

මතක තබාගන්න දුෂිතයා බිහි කලේ පවතින ක්‍රමවේදයයි. එම ක්‍රමවේදය වෙනස් කල විට දුෂිතයා ඉබේටම නිශේධ වී යයි. 


  

5 comments:

  1. පවතින ගැටළු සම්බන්ධයෙන් ආර්ථික හා දේශපාලනික කාරණා බොහෝ ලියවුනත්, සාමාජීය කාරණා, සමාජයේ හැසිරීම සම්බන්ධ දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ඒ අඩුව පිරවීම ගැන ඔබට ස්තුතියි, මේ ලිවීම් සියල්ලම දේශපාලනික, සාමාජීය වශයෙන් වගේම, අධ්‍යාපනික වශයෙනුත් හරි වැදගත්.

    ReplyDelete
  2. "දුෂිතයා බිහි කලේ පවතින ක්‍රමවේදයයි. එම ක්‍රමවේදය වෙනස් කල විට දුෂිතයා ඉබේටම නිශේධ වී යයි" මෙන්න මේක තමයි සැටිපිකේට් ඇත්ත චන්දිම. අරගලයට තිබෙන මූලිකම අභියෝගය මට හිතෙන හැටියට මේ ප්‍රශ්නය රාජපක්ශ රෙජිමයේ දෝසයක්ය, මුන් ටික අල්ලා පරසක්වල ගැසූවිට සියලු දෝස නිරාවරනය වන්නේය යන තැනට ලඝු කර නොගැනීමට පරිස්සං වීමටයි. එසේ කිරීම පලමු පියවරක් වියහැකි වුවත් අවසානය නොවිය යුතුය.

    ReplyDelete
  3. රාජපක්ෂ රෙජිමයාධිපති
    රෙජිමයාධිපති රාජපක්ෂ
    රාජපක්ෂ රෙජීමයේ හමුදා ජුන්ටාවට එරෙහිව
    රාජපක්ෂ රෙජීමයේ රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව අභීත සටනට

    ගෝමස්ගේ සටන වැදගත් වන්නේ මක්නිසාද

    ReplyDelete
  4. @ Prof. Gomez,

    මේ ලංකාවේ තිබෙන අරගලය 2020 වසරේ ට්‍රම්ප් එලවීමට ඩිමොක්‍රටික් සහ ලිබරල් කණ්ඩායම් සී අයි ඒ සහය සහිතව සැලසුම් කළ ඇමරිකන් ජෝජ් ෆ්ලොයිඩ් සටනේ ශ්‍රී ලංකන් වර්ෂන් එක වුණත් මේක 2011 ඇරෑබ් ස්ප්‍රින් එකේ අභාශයත් යම් තරමකින් කැටිවූ වඩා නිරයුධ වමට බර සටන්ක්, ට්‍රම්ප්ගෝ ප්ලෑන් එකේදී බ්ලැක් ලයිවුස් මැටර් එක බළල් අතක් විදිහට යොදා ගත්තා වගේ මේකෙදි ලංකාවේ පෙරෙටුගාමී සෙට් එකේ සංවිධාන ශක්තිය සහ නිර්මාණශීලීත්වය මෙහි මෙහෙයවන්නන් වන ඇමරි-න්දියන් කණ්ඩායම් හොඳින් යොදාගෙන තියෙනවා, නමුත් බැසිල් සහ සෙන්ද-නාන යටින් ඇමරිකන් ඩිමොක්‍රැටික් ලිබරල් න්‍යායාචාර්යයන් සමග ශක්තිමත් ලෙස ඩීල් දමාගේන ඇති නිසාත් අරගලය ඇතුලේ ආණ්ඩුවේ සෙට් එක විශාලම සෙට් එක නිසාත් කෙමෙන් කෙමෙන් විදුලි කප්පාදුව සහ ගෑස්/ බෙහෙත් හිඟය අඩුවී යාමත් මිනිස්සු කෙමෙන් කෙමෙන් පොළිම් වැනි අසීරු තත්ව වලට හුරුවීමත් බයෝ ගෑස්/ සොලර් පවර් ආදී ඉනොවේටිව් දේවල් නිසාත් මෙයෙ කෙමෙන් කෙමෙන් දියාරු වෙමින් ගියත් ඒ සේරටම වඩා මේ අරගලය දියාරු වීමට ආකර්ෂණීය කැරිස්මැටික් ලීඩර් කෙනෙක් යටතේ නායකත්වයක් නැති වීම ප්‍රධාන හේතුවක්. මේ හේතුව නිසාම විවිධාකාර බන්කොළොත් දේශපාළණික අහර කුක්කන් මෙහි පල නෙලා ගැන්මට කුරුමානම් ඇල්ලීම අරුමයක් නොවේ. එමෙන්ම තරුණ සංහාරයක් සිදු කල ප්‍රේමදාසගේ මන්ද මානසිකයෙක් බඳු වූ සිඟිති මනසක් සහිත ප්‍රේමදාස පුත්‍රයා මේ අරගලයට නායකත්වය දෙන්නට සූදානම් බව ප්‍රකාශ කිරීමෙන් එය සනාථ වන අතරම ඔහුගේ මරිමෝඩකමද ඒ සමගම ප්‍රදර්ශණය කර ඇත​. එසේම ඔහු ජාතික මට්ටමේ විහිළු කරුවෙක් බවද සනාථ කර ඇත​. මේ අරගලය මෙසේ දිග්ගැස්සීමෙන් ජන ප්‍රසාදය අහිමිව කුණු බක්කියට විසි වූ ත්‍රාඩ පක්ෂ හොර පවුලේත් උන්ගේ අතවැසියනුත් වන අපත දේශපාළකයින් අළු ගසා දමා තව කෙටි කලකින් ජන මනස වෙනස් වීමත් සමග සිංහ හම් පොරවාගෙන නැවත කරළියට එනු ඇත​. ඒ නිසා ඔවුන් හඳුනා ගැන්මද අරගල කරුවන්ගේ ඉතාම වැදගත්ම කාර්‍යය වෙයි. ඒ නිසා ප්‍රමුඛතාවය දිය යුතු කරුණු ඉදිරියට ගැන්මද අතීශය වැදගත්. මේ සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක කියලා තිබුනු අදහසක් මේ අරගලයට වටිනවා. එනම් ආණ්ඩුව සහ අරගලකරුවන් අතර සාකච්ජාවට මැදිහත්කරුවන් ලෙස

    1. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMC)
    2. ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL)
    3. ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය

    යන ස්වාධීන ආයතන වලින් වෘත්තීකයන් කණ්ඩායමක් පත්කරගැනීමයි. නැත්නම් අරගලය කප්පිත්තෙක් නැති නැවක් වෙනවා. ඇමරිකන් ලිබරල් ඩිමොක්‍රටික් සම්පත් දායකයින්, ඉන්දීය සහ ලාංකීය ලිබරල් සෙට් එක ඇතුළු න්‍යායාචාර්ය මෙහෙයුම්කරුවන් මොනවා කිව්වත් මේක මාස ගනන් අල්ලං ඉන්න පුලුවන් කෙලියක් නෙමෙයි නේ,මේ නිසා අප ප්‍රායෝගික විය යුතුයි, ඔබෙගේ මෙය සබැඳි ඇමරිකන් ඩිමොක්‍රටික් ලොක්කන්ට ලංකාවේ ප්‍රායෝගික දේශපාලන තත්වයන් ගැන තොරතුරු අපේ අත්දැකීම් ආදිය බෙදා හදාගැනීමට ඔබගේ ඊ මේල් ලිපින/ කන්ටැක්ට්ස් මෙහි සටහන් කරන්න, අපි මේ ගැන සාකච්ඡා කරමු !

    ReplyDelete
  5. Gen Z පැහැදිලිව ඔබ කියනදේ තේරුම් ගෙන තිබුනත්, සමහර සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ පවා තවමත් ලංසු තබන්නේ බල අරගල ව්‍යාප්ෘති සඳහායි. ඒ කරුණ අර්ගල භුමියේ මතුවු සම්හර කරුණු ( එක්සත්,ජාතික ගීය දෙමල බසින් ගැයීම) සම්බඳයෙන් ඉදිපත් වන තර්ක විතර්ක වලින් පැහැදිලිය. ඉදිරි පත්වු ප්‍රධන කාරණා අතර #gohome gota2022 ගමනේ අඩකට වඩාදුරක් ගොස් ඇති අතර අහමැති ඉවත් වියයුතුයි ව්‍යාප්ෘතිය ගාටමින් ඇත.එය පාර්ලිමේන්තුව තුලින් ක්‍රියාත්මක වියයුතු දෙයක් වන තර ඒ සඳහා සටකපට රාජපක්ෂය අසලටවත් එන්න මහජන නියෝජිතයන් යයි කියා ගන්නා අසාර්ථක වී ඇත. කණගාටුවට කරුණ නම් ජජබ පවා යම් වැඩපිලිවෙලක් මේ සඳහා ක්‍රියාත්මක් කොට නැත. මගේ අදහස් දැක්වීමකදී කලුතරින් ඇ‍රඹි විරෝධතා මල් පෙරහැර වල් තත්වයට පත් නොකොට ගාලුමුවදොර අර්ගලය gate crash අගමැති කාර්‍යාලය අසල හෝ සමගාමී අරගලයක් අරඹන්න යැයි ඉල්ලීමක් කලෙමි.දෙවැන්න. රජය පවත්වා ගෙන යන්න උදව් කරන මහජන නියෝජිතයන්ට හුදෙකලා කොට බල පෑම් කිරිමත් විපක්ෂව සිටින දේශපාලකයන් තුලින්ම සිදුවිය යුත්තකි.අද පවතින තත්වය සියලුම බලය අයියා සහ මල්ලී අත රැදී ඇති අතර න්‍යෂ්ටිය වන්නේ 2015 ජනතාව ගෙදර් යැවු රාජපක්ෂයි මේ අරයලය ජනතාව අතට පත්වීමට ඉඩ හැරීම අතිශයින්ම විනාශකාරීය

    ReplyDelete