Sunday 19 December 2021

ඒකයි ලාංකිකයා වෙනස් කියන්නේ


ගෑස් ලීක්වීම සහ අහිමි වූ ජීවිත, ලංකාවේ බොහෝ දෙනෙකුට "අනේ අනිච්චං - වෙච්ච දෙයක්" ප්‍රවෘතියක් පමණක් බව කතා බහ කරන අයගේ හඬ තුලින් (tone) පිළිඹිබු වෙයි. දියුණු රටක නම් ගෑස් සමාගම් අයිතිකරුවන් සිපිරි ගෙදරය. අදාළ ඇමති තනතුරෙන් ඉල්ලා අස් වෙලාය. සමහර විට ආණ්ඩු පෙරලියක්ද විය හැක. 

එහෙත් ලංකාව වෙනස්ය. ආණ්ඩුව ගොළු, බිහිරි, අන්ධ අඳබාලයන් සේ කටයුතු කරයි. විපක්ෂයට සහ ආණ්ඩු විරෝධී "මධ්‍යස්ථ" මතධාරීන්ට  එය මයික් තැලීමට හොඳ මාතෘකාවක් පමණි.

මෙවන් බරපතල තත්වයක් සිදුවන විට ඊට එරෙහිව නීතියේ සරණ පැතීම ජනතාවගේ අයිතිවාසිකමකි. නොසැලකිලිමත්කම සහ ව්‍යාපාරික ලාබ වෙනුවෙන් ජිවිත බිලි දුන් වගකිව යුත්තන්ට දඬුවම් ලබා දී නැවතත් මෙබඳු තත්වයක් ඇතිවීමට ඉඩ නොතැබීම ජනතාවගේ යුතුකමකි. 

එහෙත් ලාංකික ජනතාවට ඒ ගැන වගේ වගක් නැත. තම යුතුකම් - අයිතිවාසිකම් නොදත් ඔවුහු .... ඔහේ ජීවත්වෙති.

ඉන්දියාවේ, බංගලාදේශයේ හෝ පකිස්ථානයේ ජනතාවද මෙලෙසමය. ඔවුන්ද බහුතරයක් බුද්ධිහීනයන්ය. නමුත් මේ රටවල් තුනේම මෙවන් අවස්ථාවක ජනතාව දැනුවත් කරමින් සාමුහිකව වරදට එරෙහිව නීතිය ඉදිරියට යාමට ඉදිරිපත් වන මානව හිතවාදී බුද්ධිමතුන් අඩුම ගණනේ දහදාහක්වත් රටේ ඇත. නමුත් ලංකාවට ඇත්තේ එබඳු එකම එක පුද්ගලයෙකි.

ඒකයි ලාංකිකයා වෙනස් කියන්නේ. 

- නාගානන්ද කොඩිතුවක්කු මහතා වෙනුවෙන් තැබූ සටහනකි. 

5 comments:

  1. නිකම්ම මෙහෙම වෙන්නෙ නෑ, ඒකට ගොඩක් හේතු තියෙනව. එකක් තමයි ජේ වී පීය මගින් ඇති කරපු භීෂණයේ ටෞමා එක, මිනිස්සු පණ බයයි ටයර් සෑය වල් පැහැරගැනීම් සහිත භීෂණයකට, තව එකක් තමයි බුද්දාගම කියල ඔළුවට දාල තියෙන ගොන් අදහස්, මොන අයුක්තියක් අසාදාරනයක් උනත් ඒක තමන්ගෙ කර්මය නිසා ඉවසපල්ලා, චීවරයට ගරැ කරපල්ලා ආදී මරි මෝඩ අමන ඉගැන්වීම් වලින් මොළ ශෝධනය කරල කියෙන්නේ, තුන් වෙනි එක විකල්පයක් නොමැති කම, ගිය පාර ගොනෙක් සහ හොරෙක් අතරින් එකෙක්ව තෝරන්න මිනිස්සුන්ට සිද්ද උනා, ඉතින් මිනිස්සු හොරාව තේරැවා. ජේ වී පීය ඔබ කියන නාගානන්ද වගේ කිසිම තුන්වන බලවේගයකට මතු වෙන්න දෙන්නෙ නැතුව ප්‍රධාන පක්‍ෂ දෙකේ මුර බල්ලගෙ වැඩේ කරනවා. බහුතරයක් මිනිස්සු පට්ට දුප්පත් නිසා දේශපාලනය ගැන නෙමෙයි එදා වේල ගැනයි වද වෙන්නේ. මේ ප්‍රශ්නය විෂම චක්‍රයක්, චක්‍රය බිඳින තැන තමා හිතා ගන්න අමාරැ

    ReplyDelete
    Replies
    1. ඔය 1,2,3 තුනම ඩයස්පෝරාවගේ සිතළු පමණයි. ඇරියස් කවර කිරීමත් එයටම අදාලයි.
      නමුත් නියම හේතුව අන්තිමේදී කියනවා. "බහුතරයක් මිනිස්සු පට්ට දුප්පත් නිසා දේශපාලනය ගැන නෙමෙයි එදා වේල ගැනයි වද වෙන්නේ. මේ ප්‍රශ්නය විෂම චක්‍රයක්, චක්‍රය බිඳින තැන තමා හිතා ගන්න අමාරැ"

      Delete
    2. ඇත්ත නමෙන් එන්න බැරි එකම අවුල් නේද

      Delete
    3. ඔව්නේ. ඇත්ත නමින් නියම photo එක profile picture එකටත් දාල!!
      නමේ ප්‍රශ්නයක් මෙතන නැහැනේ. Facts ගැන නේ ප්‍රශ්නේ තියෙන්නේ. අනික නියම නමෙන් එන්න කියල නියමයකුත් නැහැ නේ.
      Sri Lankan-African Angel කියන්නේ උප්පැන්නේ නමනේ නේද ඩොන්කර් හාමිනේ.

      Delete
    4. හරි මචන් ඔහොම යන් ජය වේවා

      Delete