ලංකාව මේ වන විට ආර්ථිකය අතින් මෑත ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය අභියස සිටියි. ඒ බව ජනාධිපතිවරයාගේ සිට මැති ඇමතිවරුන් හරහා අඟුණකොළපැලැස්සේ හේන් ගොවියා දක්වා බහුතරයක් වටහා ගෙන ඇති බව ඔවුන්ගේ කතා බහෙන් මෙන්ම අංග චලනයෙන්ද (body language) පැහැදිලිවේ. එය තවමත් වටහා නොගත් අතලොස්ස ගැන අප වද විය යුතු නැත. එම ආර්ථික අවපාතය පිළිබඳව තවදුරටත් කතා කිරීමෙන්ද පලක් නැත.
ආර්ථික ව්‍යසනයක් බොහෝ විට කෙලවර වන්නේ සාමාජීය ව්‍යසනයකට දොර විවර කරමිනි (මෙහි අනෙක් පස සිදු වූ අවස්ථාද තිබේ; රුවන්ඩාවේ සහ බොස්නියාවේ). සාමාජීය බිඳ වැටීමක් ඉතා බියකරුය. එහිදී නීතියේ ආධිපත්‍ය සම්පුර්ණයෙන්ම බිඳ වැටෙන අතර සමුහයක එකිනෙකා කෙරෙහි වූ දයාව, කරුණාව සහ ගරුත්වය වියැකී යයි. සමාජ ව්‍යසනයක් ඇරඹුණු පසු එය ප්‍රතිවර්තනය කිරීම ඉතා දුෂ්කරය. සමහර විට ඊට ශතවර්ෂයකට වඩා කල් ගතවිය හැක. එසේම එය විශාල ලේ වැගිරීමකින් අවසන් විය හැක (උදා. ප්‍රංශ විප්ලවය). මේ නිසා සාමාජීය බිඳ වැටීමට සෑහෙන දුරක් තිබියදී ගමන ඇරඹිය යුතුය.
මේ ගමන ඇරඹීමට විශාල පිරිසක් එකතු වීම අනිවාර්ය නොවේ. අවශ්‍යවන්නේ තර්ක ඥානයෙන් පරිණත කුඩා කණ්ඩායමකි. කෙනෙකුගේ තර්ක ඥානය කාරණා කිහිපයක් මත රඳා පවතී. බුද්ධිය, ස්වභාවික සහ සාමාජීය පරිසරය පිළිබඳව ඇති පුළුල් දැනුම, පාලනය කරගත හැකි මට්ටමකට අඩු කල මානසික අවස්ථිතිය සහ මානසික සංයමය මින් ප්‍රධාන වෙයි.
අප සියළු දෙනාටම යම් පමණකට මානසික අවස්ථිතියක් ඇත. එනම් තමන් දරන මතයෙන් පිටතට ගොස් සිතීමට මනසින් නැගෙන ප්‍රතිරෝධයයි. බුද්ධිය (උගත්කම නොව) මුහුකුරා යත්ම මෙම අවස්ථිතිය අඩුවී යයි. අඩු මානසික අවස්ථිතිය වැඩි මානසික සංයමයක් ඇති කරයි. සමහරුන්ට උත්සාහය අරඹා දින කිහිපයකින් මානසික අවස්ථිතිය ඉතා පහල මට්ටමකට ගෙන ආ හැකි අතර, සමහරුන්ට දශක කිහිපයක් ගියද එය වෙනස් කිරීම අසීරු වෙයි. මානසික අවස්ථිතිය අඩු කිරීම යනු අනෙකාගේ ඕනෑම අදහසක් පිළිගැනිම නොවන බව තරයේ වටහා ගන්න.
මූලික දේශපාලන කඳවුරු දෙකේ දේශපාලකයන් සියළු දෙනාම මේ වන විට අත්හදා බලා ඇති අතර ඔවුන් සම්පුර්ණයෙන්ම අසමත් බවට අත්දැකීම ජනතාවට ලැබී ඇත. අත්දැකීම ලැබුණාට මේ වන විට කී දෙනෙක් එය ධාරණය කර ගත්තාද යන්න ගැටළු සහගතය. එහෙත් එය බහුතරයකට වටහා දීමට දැන් ඉඩකඩ ඇත.
ඊළඟ ලිපියට පෙර මම ඔබට නැවතත් යමක් කියමි. මේ කියැවෙන්නේ ඔබගේ ගමන ගැනයි. එහි සාර්ථකව පිය නැගීමට ඔබට අත්‍යවශ්‍ය වූ සාධකයක් ඇත. ඒ මානසික සංවරයයි.
ආහාර අර්බුදයක් හා විරැකියා ප්‍රශ්නය නිසා ඔබකියූ සමාජ ප්‍රශ්න ඇති විය හැකිය බොහෝ දුරට. ගොඩක් ප්‍රදේශ වල සොරකම්, මිනීමැරුම් පවා ගොඩක් වැඩි වෙලා තියෙනවා.
ReplyDeleteමොනවා කරන්නද?
මනස සංවර උනාට ගොඩක් අමාරු වෙයි රටම එක පාර වැටුනොත් ඇෆ්ගනිස්ථානෙට උනා වගෙ......
ප්‍රශ්නයක් උනාම මිනිස්සු සිහිබුද්ධියෙන් තීරණ ගන්නව අඩුයි නෙහ්