tag:blogger.com,1999:blog-70574824078048877062024-03-18T08:21:19.332-07:00Chandima GomesTowards the betterment of man-kind and the animal kingdom Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.comBlogger367125tag:blogger.com,1999:blog-7057482407804887706.post-59272954798122813432024-03-06T05:04:00.000-08:002024-03-06T05:12:33.674-08:00 අකුණු සන්නායකයේ රේඩියම්
"පරණ අකුණු සන්නායක වල අර්ත් එකේ වටිනා ලෝහ තියෙනවා කියන්නේ ඇත්තද?" මේ පසුගිය දෙවසර තුල මට නිරන්තරයෙන් ලැබුණු පණිවිඩයකි. මේ ලෝහය රේඩියම්, ඉරේඩියම් මෙන්ම පොසිට්‍රෝන තැන්පතුවක් ලෙසත් තිබෙනවාදැයි පැනය මතු කල අය අසා තිබුණි. මගේ පිළිතුර වූයේ අපට දැනට ඇති දැනුම අනුව මෙවැනි දෙයක් සිදු වීමට කිසිඳු ඉඩකඩක් නැති බවයි. එය සම්පුර්ණයෙන්ම අභව්‍ය දෙයක් බව මම ඔවුනට පැවසුයෙමි. මගේ පිළිතුර බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු සුන් කල බව ඔවුන්ගේ ඊළඟ කතාබහෙන් හැඟී ගියේය. මේ අතර මාධ්‍වේදීන්ද විය. සමහරෙක් මගේ දැනුම පිළිබඳව උද්වේගකරව ප්‍රශ්ණ කරන තරමට තත්වය වියවුල් විය.
මේ ගැන නැවත නැවතත් පැමිණෙන පණිවිඩ නිසා මම ලෝකයේ වෙනත් රටවලත් මෙවැනි විප්‍රකාර සිදුවී ඇත්දැයි විපරම් කලෙමි. අවසානයේදී මට ඉන්දීය මිතුරෙකුගෙන් සමාන සිදුවීමක් පිළිබඳව අසන්න ලැබුණි.
මීට වසර 20-30ට පමණ පෙර උතුරු ඉන්දියානු ප්‍රාන්ත කිහිපයකම බ්‍රිතාන්‍ය සමයේදී සවි කල කොඩි ගස් සඳහා මිලියන ගණනින් මුදල් දෙන බවට රාවයක් ගොස් ඇත. මේ ලෙස කොඩි ගස් මිළදී ගන්න බව කියූ පුද්ගලයන් ඒ සඳහා අවට සාරා කොඩි ගස ඉවතට ගෙන එම වල අවට සහ කොඩි ගසේ පාදම යම් පරීක්ෂණයකට ලක් කල යුතු බව කියා ඇත. පුද්ගලයන් ගණනාවක්ම තම පෞද්ගලික ඉඩම්වල ඇති පැරණි කොඩි ගස් මේ ආකාරයට විකිණීමට උත්සහ කර ඇත. කොඩි ගස ඉවතට ගෙන පස් ඉවත්කළ වලෙහි සහ කොඩි ගසේ පාදමෙහි යම් නිරීක්ෂණයක් (බොහෝ විට ඔවුන් metal detectors භාවිතාකරන්න ඇත) කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයන් අවශ්‍ය ලෝහ එහි නොමැති බව පවසා යන්න ගොස් ඇත. මිලියන ගණනකට කොඩි ගසක් විකුණු හෝ මිළදී ගනු ලැබුවෙකු පිළිබඳව කිසිඳු වාර්තාවක් පලවී නැත.
ටික කලකට පසු ආරංචි වී ඇත්තේ මෙබඳු කතාවකි. යටත් විජිත සමයේදී බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකු විසින් මහරජාවරුන්ගේ මාලිගාවලින් සහ කෝවිල්වලින් කොල්ලකන ලද විශාල වස්තු සම්භාරයක් බ්‍රිතාන්‍ය කිරීටයේ ලාංඡනය සහිත කොඩි ගසක් යට වළදමා ඇත. යම් ලියවිල්ලක ඔහු මේ පිළිබඳව සඳහන් කර ඇති අතර පසු කලෙක බ්‍රිතාන්‍යයට රැගෙන යාමට අදහස් කරගෙන සිටි බැවින් ඔහු එම කොඩි ගස ඇති නිශ්චිත ස්ථානය පිළිබඳව සඳහනක් කර නැත. නමුත් මෙම නිලධාරියා අනපේක්ෂිත ලෙස මැලේරියාව වැළඳීමෙන් ඉන්දියාවේදී මිය ගොස් ඇත. පසු කලෙක මේ ලියවිල්ල කිසිවෙකු අතට පත්ව ඇත.
බ්‍රිතාන්‍යයන් සිදුකල කොල්ලකෑම් සහ සොරකම් සලකා බලන විට ලංකාවේදී මෙබඳුම සිදුවීමක් වීමට ඇති ඉඩකඩ වැඩිය.
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com0tag:blogger.com,1999:blog-7057482407804887706.post-19011555741972166862024-03-03T02:46:00.000-08:002024-03-03T02:46:01.196-08:00 ඇදහීම මිත්‍යාව සහ විද්‍යාව
"ඇදහීම" සඳහා විවිධාකාර අර්ථ දැක්වීම් ඇත. මේ අතරින් වඩාත්ම පිළිගත් නිර්වචනය නම් "තමාට ප්රත්යක්ෂ නොවූ යමක් වෙන කෙනෙක් පැවසූ නිසා සර්ව සත්‍යයක් ලෙස පිළිගැනීමයි".
මෙම නිර්වචනයට අනුව පව්-පිං වල විපාක ඇති බව, උපතට පෙර සහ මරණින් මතු පැවැත්ම, නිර්වාණය හෝ මෝක්ෂය, සර්වබලධාරී දෙවි කෙනෙකු සිටින බව, දෙවිවරුන්, දිව්‍යතල, භූත-ප්‍රේත ආත්ම සහ ලෝක, අපාය ආදී සංකල්ප සියල්ලම ඇදහිම්ය.
මිත්‍යාව යන සංකල්පය ඇතිවන්නේ ඇදහීම නිසාය. යමක් අදහන්නාට ඉන් පරිබාහිර වූ සියල්ල මිත්යාවන්ය. මේ අනුව මිත්‍යාව පුද්ගල-සාපේක්ෂ කරුණකි. කෙනෙකුගේ පරම සත්‍ය තවත් අයෙකුගේ මිත්‍යාවක් විය හැක.
බොහෝ අය මගෙන් අසන ප්‍රශ්ණයක් වන්නේ මේ අර්ථ දැක්වීමට අනුව විද්‍යාවත් ඇදහීමක් නොවන්නේද යන්නයි. මෙම ගැටලුවට හේතුව බොහෝ දෙනෙකුට විද්‍යාවේ මූලික සංකල්පය පිළිබඳව අවබෝධයක් නැති වීමයි. විද්‍යාව නමැති සමස්ත ක්රියාවලියේම කිසිවක් සර්ව-සත්‍යයක් ලෙස පිළිගැනෙන්නේ නැත (තමාටම ප්රත්යක්ෂ වුවත්). මෙහිදී සිදු කෙරෙන්නේ යම් කාල රාමුවකදී යම් යම් තත්ව යටතේ යමක් තාවකාලිකව නිවැරදියයි සැලකීමයි. ඉන් පසු එම මොඩලය (නිවැරදි යැයි සැලකූ සංකල්පය) යොදාගෙන විශ්වයේ නොයෙකුත් සංසිද්ධීන් තේරුම් ගැනීමට අපි උත්සහ කරමු. එය කිරීමේදී ගැටළු මතුවන විට අපි මොඩලය වෙනස් කර ගනිමු.
"විද්‍යාවෙන් මිත්‍යාව බිඳීම" ආදී ප්‍රකාශවල කිසිඳු පදනමක් නැත. මිත්‍යාව ඇදහීම මත පදනම් වූ සංකල්පයකි. විද්‍යාවේ ඇදහීමක් නැත. මේ නිසා විද්‍යාවෙන් කිසිවක් මිත්‍යාවක් ලෙස දැකිය නොහැක. විද්‍යාව තුල ඇත්තේ දෙනු ලබන කාල රාමුවක් තුල අපගේ බුද්ධි මට්ටමට සහ දැනුම් සම්භාරයට ගෝචර වන සහ නොවන කාරණා පමණකි. වෙනත් කාල රාමුවක මේ තත්වයන් වෙනස් විය හැක.
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com0tag:blogger.com,1999:blog-7057482407804887706.post-86886136538252787702024-02-29T08:53:00.000-08:002024-02-29T08:53:46.555-08:00 මැරීගෙන වැඩකිරීම සහ හරියට වැඩකිරීම
ලාංකික දරුවන්ගේ පාසැල් සමය පිළිබඳව පැනයක් විමසමින් මා දැමූ පෝස්ට් එක බොහෝ දෙනෙකුගේ සත්‍ය හැඟීම් පිට කිරීමට අවස්ථාවක් වූ බව comments කියවන විට ඔබට වැටහෙනු ඇත. මෙය කිසිසේත්ම ලඟදි viral වූ කුඩා සිසුවකුගෙන් සිදුහත් උපත පිළිබඳව විමසන වීඩියෝවට අදාළ නැත. මෙය ඊට වඩා බෙහෙවින් සංකීර්ණ සමාජ ගැටළුවක් පිලිබඳවය.
ගුරුවරියන් කිහිප දෙනෙකුගේ සිත් මේ කරුණ නිසා බිඳී ඇති බව ඔවුන්ගේ comments සහ පෝසට් වලින් මට හැඟී ගියේය. ඔවුන්ගේ හැඟීම් මම මැනවින් අවබෝධ කරගනිමි. මම ඔවුන් සමග එකඟ වෙමි. පාසැල් සාමය බොහෝ දෙනෙකුට කටුක වී ඇති බව සමස්ථ අදහස් මාලාවෙන් ගම්‍ය වේ. ඒ අතරම සමහර ගුරුවරුන් පවසන "අපි මැරිලා වැඩ කරනවා, ඒත් ඇගයීමක් නැත" හෝ " අපි අනවශ්‍ය කැපකිරීම කරනවා ඒත් ඒවා අනෙක් අයට පෙනෙන්නේ නැහැ" යන ප්‍රකාශද වලංගු බව මගේ දැක්මයි.
එසේ නම් අපිට වැරදුණේ කොතනද?
මා පසුගිය දින කිහිපයේ අප දීර්ඝ කාලීනව ජිවත් වූ රටවල් තුනක (දකුණු අප්‍රිකාවේ, මැලේසියාවේ සහ ස්වීඩනයේ) පාසැල් අධ්‍යාපන ක්ෂේත්රයට ගුරුවර ගුරුවරියන් බඳවා ගැනීම පිළිබඳව දන්නා හිතවතුන්ගෙන් විමසීමක් කලෙමි.
මේ රටවල ගුරුවරුන් බඳවා ගැනීමේදී වෘත්තියට අදාළ මූලික කාර්යභාරය ඇතුලත් (සංක්ෂිප්තය) දැන්වීමක් මාධ්‍යවල පළකරයි. තමන්ට සුදුසුකම් ඇත්නම් සහ රැකියාව තමන්ගේ රුචිකත්වයට අදාළ නම් එයට අයදුම්පත් යොමු කිරීම ජනතාවගේ පුරුද්දයි. රැකියාවට තෝරාගත් පසු ඔවුන්ට තමන් රාජකාරියේදී ඉටුකළ යුතු දෛනික අත්‍යවශ්‍ය කටයුතු මෙන්ම ඉඳහිට කල යුතු අමතර කටයුතු පිළිබඳවද දීර්ඝ විස්තරයක් ලබාදෙයි. දකුණු අප්‍රිකාවේ නම් මේ අමතර කටයුතුවලට යොමුකළ යුතු උපරිම පැය ගණන්ද සටහන් වේ. අදාළ ගුරුවරයා හෝ ගුරුවරිය තම පත්වීම ලබා ගන්නේ තමන් මේ වැඩ ලැයිස්තුව ඉටු කිරීමට කැමති නම් පමණකි.
මේ අනුව පත්වීම ලබන ගුරුභවතා ලැබෙන වැටුපට සරිලන්න තමන් කල යුතු රාජකාරියේ වපසරිය කුමක්දැයි හොඳින් දනී. මීට අමතරව ඔහුට වැඩ පැවරීමට කිසිවෙකුට හැකියාවක් නැත. මේ නිසා ඔහු සතුටින් වැඩ කරයි. දරුවන්ද ගුරුවරයා පිළිබඳව සතුටු වෙයි. යම් අවස්ථාවක තමන්ට එම රාජකාරිය කිරීමේ අකමැත්තක් දැනුන හොත් ඔහු හෝ ඇය වෙනත් රැකියාවකට මාරු වෙයි. වරක් ස්වීඩනයේදී ගුරු වෘත්තීය අතහැර රාත්‍රී සමාජ ශාලාවක ගායිකාවක ලෙස වෘත්තීය තෝරාගත් තරුණියක් මට හමුවිය. ඇය පැවසුවේ ගුරු වෘත්තියෙන් මෙන්ම මේ රැකියාවෙන්ද ඇය උපරිම තෘප්තියක් ලබන බවයි.
ලංකාවේ මෙවැනි පිළිවෙතක් ඇත්දැයි මම නොදනිමි. නමුත් මට හමු වූ බොහෝ ගුරුවරුන්ගෙන් ලැබුණේ වෘත්තීය පිළිබඳව දැඩි මැසිවිලිය. ඔවුන් බලාපොරොත්තු වූ රැකියාව සහ ඔවුන්ට කරන්න සිදුවී ඇති වැඩ භාරය අතර බරපතල පරතරයක් ඇති සේය. බොහෝ දෙනෙක් පැවසුවේ පෝර්ම පිරවීම, කොළ පත්තර එකතුකිරිම, සිසු සිසුවියන්ගේ බාහිර ක්‍රියාකාරකම් නියාමනය කිරීම, සිසුන්ගේ හොර ඇල්ලීම, පාසැලේ ආරක්ෂාව පිළිබඳව සොයාබැලීම ආදී මෙකි නොකී දහසකුත් කටයුතු මැද සිලබස් කවර් කරන්න කියා ඉහලින් එන පීඩනය දරන්න නොහැකි බවයි. මේ අනුව දරුවන්ට මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව ඉගෙනුම සඳහා පහසුකම් සැපයීම ඔවුන්ගේ අන්තිම පහල priority එක බවට පත්වේ. ඔවුන් කරන්නේ හැකි වැර යොදා (ඔවුන්ගේම වදනින් නම් මැරීගෙන) සිලබස් කවර කිරීමට උත්සහ කිරීමයි.
ඉහත පරිසරය තුල ගුරුවරුන්ට නිතරම හැඟෙන්නේ තමන් මැරීගෙන දරුවන් වෙනුවෙන් වැඩ කරන බව සහ අනවශ්‍ය කැප කිරීම් පවා කරන බවයි. මේ නිසාම ඔවුන් වෙනත් රැකියාවකට වඩා වෙනස් ආකාරයේ ගරු සැලකීම් දරුවන්ගෙන් සහ දෙමව්පියන්ගෙන් බලාපොරොත්තු වෙයි.
බහුතරයක් ගුරුභවතුන් ගුරු වෘත්තීය තොර ගන්නේ වෙනත් රැකියාවක් නොලැබීම නිසා මිස ගුරු වෘත්තියට ඇති ලැදියාව නිසා නොවන බව නොරහසකි. එම වෘත්තියට කැමැත්තෙන් පැමිණෙන අත්ලොස්සද මුහුණ දෙන්නේ හරියට වැඩකිරීමට නොව මැරීගෙන වැඩ කිරීමට බල කරන කළමනාකරණ යාන්ත්රණයකට ගොදුරු වීමටයි. අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ අතෘප්තිකර ගුරු සේවයක් සහ ඉගෙනීම කරුමයක් වූ සිසු පරපුරකි.
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com4tag:blogger.com,1999:blog-7057482407804887706.post-62485038987591231162024-02-03T03:45:00.000-08:002024-02-03T03:46:29.267-08:00MEDITATION
It is a widely accepted fact that individuals can regulate their metabolism by practising self-focusing techniques such as meditation. In psychology, hypnosis is used to help people break bad habits by influencing their subconscious mind. These are established facts.
I have encountered individuals who claim to possess the ability to perceive past and future lives, communicate with divine entities, and even visit hell.
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com1tag:blogger.com,1999:blog-7057482407804887706.post-31816445418851214292024-01-30T13:30:00.000-08:002024-03-18T00:59:38.055-07:00ගෝස්ට්බස්ටර්ගේ මරණය සහ භූත ප්‍රේත චැලේන්ජ් බාරගැනීම
ඊයේ දිනය අලංකාරය. ඒ මගේ විෂය පථයෙන් ඈත්වූ විද්වතුන් කිහිප දෙනෙකු සමග රසවත් කතාබහ කිහිපයක්ම ඇතිවූ නිසාය. ඉන් එකක් ඔබ සමග බෙදාගැනීමට සිතුනි.
මෙය පැවසුවේ සැම්බියාවේ ලුසාකා නුවර සිට පැමිණි සමාජ විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙකි. නමින් ඔහු සෑම් ය. සෑම් හොඳින් හඳුනන පුද්ගලයෙක් (භෞතික විද්‍යා උපාධියක්ද සහිත) ඉතා තදින් මිත්‍යා මත විවේචනය කරන්නෙකු ලෙස සමාජයේ කතා බහට ලක්වී ඇත. යක්ෂයන්, භූතයන් වැනි ගුප්ත සංකල්ප මුළුමනින්ම බැහැර කල ඔහු එවැනි විශ්වාස බිඳ හෙලීමට ප්‍රභල උත්සහයක් ගෙන ඇත. මේ නිසාම ඔහුට දන්නා හඳුනන අය ගොස්ට්බස්ටර් යන නම පටබැඳ තිබුණි.
මේ අතර සැම්බියාවේ ලිවින්ස්ටන් නගරයේ (ඉතා දැකුම්කළු වික්ටෝරියා ඇල්ල ඇත්තේ මෙම නගරයේය) තිබූ භූත බංගලාවක් යයි ප්‍රසිද්ධ නිවසක හැකිනම් රැයක් ගතකරන ලෙස යම් පුද්ගලයෙක් ගෝස්ට්බස්ටර්ට අභියෝග කර ඇත. ඒ ඩොලර් 100ක ඔට්ටුවකටය.
මෙම විශාල නිවස බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සතුවී තිබී ඇති අතර 1970 ගණන් වල ඔහුගේ බිරිඳ මෙම නිවසේ කාමරයක ගෙල වැළලාගෙන මියගොස් ඇත. මෙම කාන්තාව සැමියා විසින් මරා එල්ලන ලදැයිද ඒ දිනවල කතාවක් පැතිර තිබී ඇත. කෙසේ නමුත් එම මරණයෙන් පසු ටික දිනක් ගතවන විට නිවසේ නොයෙකුත් ශබ්ද ඇසෙන්න සහ අද්භූත සිදුවීම් ඇතිවන්න පටන්ගත් බව කියවේ. මේ නිසා ගෙදර වැඩපල කර දුන් කළු ජාතික කාන්තාවද, වතු පල්ලාද (gardener) සේවයට යෑම නවතා ඇත. ටික කාලෙකින් නිවස වසා දමා සුදු ජාතිකයා දරුවන්ද සමග එංගලන්තයේ පදිංචියට ගොස් ඇත. එතැන් සිට වසර 50 කටත් වඩා මෙම නිවස වසා දමා තිබී ඇති අතර රෑ අඳුර වැටීමෙන් පසු ඒ අසලින් වැරදීමකින් වත් කිසිවෙකු නොයන බව සෑම් පැවසීය. මෙම නිවස තුලින් රාත්‍රියට භූත එලි පෙනෙන බවද බොහෝ දෙනාගේ විශ්වාසය විය.
ගෝස්ට්බස්ටර් ඉතා කැමැත්තෙන් මෙම අභියෝගය බාරගෙන ඇති අතර නියම කරගත් දිනෙක සන්ධ්‍යාවේ ඔහු සිය නිදන ආම්පන්න සහ රාත්‍රී ආහාරය රැගෙන එම නිවසට ඇතුළු වී ඇත. පසුදා උදෑසන නියමිත වෙලාවට නිවසින් පිටතට ඔහු නොආ බැවින් අභියෝගය කල පුද්ගලයා පොලිසිය සහ ගම්වැසියන් කිහිප දෙනෙකු සමග නිවසට ඇතුළු වී ඇත. එහිදී ඔවුන්ට දැකගත හැකිව ඇත්තේ කාමරයක් තුල මියගොස් සිටි ගෝස්ට්බස්ටර්ගේ මෘතදේහයයි. ඔහුගේ සිරුර නිල්වී ඉදිමී තිබී ඇත. මේ සමගම ගම්වැසියන්ගේ භූතයන් පිලිබඳ බිය දෙගුණ තෙගුණ වන්නට ඇත.
කෙසේ නමුත් ගෝස්ට්බස්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සොයාගෙන ඇත්තේ ඔහු විෂ වායුවක් අඝ්‍රාණය කිරීමෙන් මියගොස් ඇති බවයි. මේ පිළිබඳව උනන්දු වූ සෑම් ඔහුගේ සරසවියේම රසායන ඉංජිනේරු විද්‍යා අංශයේ සේවය කරන සඟයෙක් සමග එකතුවී එම නිවසේ ගෝස්ට්බස්ටර් මියගොස් සිටි කාමරය තුල වායු සංයුති අධීක්ෂකයක් (air composition monitor) සවිකර ඇත. දින පහකට පමණ පසු එහි දත්ත නිරීක්ෂණය කරන විට පෙනී ගොස් ඇත්තේ එම නිවස තුල ඇමෝනියා, මීතේන්, සල්ෆර් ඩයොක්සයිඩ් වැනි උග්‍ර ගණයේ විෂ වායු සාන්ද්‍රණය ඉතා අධික බවයි. දහවල් කාලයේදී මෙම සාන්ද්‍රණය අඩු මට්ටමක පවතින අතර අඳුර වැටීමත් සමග ක්‍රමයෙන් වැඩි වී මධ්‍යම රාත්‍රීය පසුවන විට උපරිම සාන්ද්රණයකට ළඟාවේ. මෙය විනාඩි කිහිපයක් තුල වැඩිහිටි පුද්ගලයෙකු මරණයට පත් කිරීමට තරම් ප්රමාණවත්ය. වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙය නිවසේ බිත්ති මත සහ දිරාගිය ලී කොටස් මත වර්ධනය වන දිලිර සහ බැක්ටීරියාවල ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන්නක් බවයි. එහි තිබූ සමහර දිලීර ජෛව දීප්තිය (bioluminescence) මගින් නොයෙකුත් ආලෝක ධාරා මවන බවද ඔවුන් සොයාගෙන ඇත. ඕනෑම නිවසක් කාලයක් තිස්සේ පරිහරණයට නොගෙන වසා දමා ඇතිවිට මේ තත්වය ඇතිවිය හැකි බව සෑම් පැවසීය.
අපි තව දුරටත් මේ ගැන කතා කල අතර වසා දැමු නිවාසවල පමණක් නොව නුග (banyan tree), විලෝ වැනි අධික තෙතමනය ඇති ස්ථානවල සැදෙන දැවැත්ත රුක්ෂ වලද මුල් ආශ්‍රිතව මෙම විෂ වායු ඇතිවන බව සෑම් පැවසීය. මෙය බොහෝ විට මීතේන් වායුව මුල් කොටගත් විෂ වායු සංකලනයකි. පසේ ඇති කුහරවල දිලිර සහ බැක්ටීරියා මගින් ඇතිකරන මෙම වායු බුබුළු ක්‍රමයෙන් වර්ධනය වී එක් අවස්ථාවක අධික පීඩනය නිසා වායු ගෝලයට මුදා හැරේ. මේ අවස්ථාවේදී එම ස්ථානය අසල සිටින පුද්ගලයෙක් දැඩි අනතුරකට මුහුණ දෙයි. එය විකාර රූපී මායාවන් දැකීමේ (hallucinations) සිට මරණය දක්වා පරාසයක විපතක් විය හැක. මෙවැනි ශාකවල කන්දෙහි සහ පත්‍රවල රාත්‍රී කාලයේ ජෛව දීප්තිය ඇති කරන දිලීරයන්ද වර්ධනය වේ. මට ලාංකිකයන් දකින භූත, ප්‍රේත, දේවතා එළි මතකයට නැගුණි.
අප තව බොහෝ දේ කතා කලත් මගේ ලිවීම මම මෙතෙකින් නවතමි. මට දිය යුතුව තිබූ පණිවිඩය නම් ඔබ ගුප්ත කාරණා පිළිබඳව විශ්වාස කලත් නැතත් ඒවා ප්‍රයෝගිකව ඇතැයි හෝ නැතැයි ඔප්පුකිරීම සඳහා අභියෝග බාරගැනීමට තරම් අනුවණ නොවන්න.
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com1tag:blogger.com,1999:blog-7057482407804887706.post-81324532401246251142024-01-29T09:01:00.000-08:002024-01-29T09:01:59.247-08:00 Why JVP was passive on the Online Safety Bill?
As I evaluate, the SL Government brought the social media regulatory bill at the wrong time for them. It’s clear that the intention of the bill is to silence the critics of the government. However, who will be the beneficiaries of this bill?
Oppositions need no false accusations or fake news to bring down this government and its allies. It is a government that brought the country to bankruptcy exposing the public to utter hardships. The majority had to suffer in many miles-long queues just to buy a few litres of fuel, a cylinder of LPG, a packet of powdered milk, and many other essentials, due to its corruption, idiocracy, wastage, and inefficiency. Finally, in November 2023, the Supreme Court, the apex legal institute of the country, ruled that the three Rajapakshas; Gotabhaya, Mahinda and Basil, were responsible for the downfall of the country (SC/FRA/212/2022). Thus, it is legally proven that these culprits and their party destroyed, once a quite stable economy. In such a situation it is hardly required for anyone to make fake news to destroy the image of already ruined personalities and a party.
On the other hand, the emerging force JVP is the worst affected due to such allegations and accusations at present (true or false is not known yet). They are being attacked from all corners including the fractions of the opposition. The bill will get them some protection and blanket cover.
They should have vehemently opposed this bill rather than thinking of their own benefits.
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com0tag:blogger.com,1999:blog-7057482407804887706.post-2973363214473627302024-01-27T02:48:00.000-08:002024-01-27T04:45:40.840-08:00 සනත් නිශාන්තගේ මරණය
තවත් එක් මැර තක්කඩියෙක් ලෙස ප්රකටව සිටි සනත් නිශාන්ත නම් දේශපාලකයා මිය ගියේය. එය බිහිසුණු මරණයකි. එනමුත් එහි විශේෂ යමක් මම නොදකිමි. එහෙත් ඔහුගේ පසු-මරණ සමාජ ප්‍රතිචාරය සමස්ථ ලාංකීය දේශපාලනයම තැති ගැන්වූ බව තතු දන්නෝ හොඳින් දනිති. පොහොට්ටුවන්ට හෝ ඔවුන් වටේ සිටින හෙන්චයියන්ට මෙය තැති ගැනීමක් පමණකැයි මට සිතෙයි. එයින් ඔබ්බට යමක් අවබෝධ කරගත හැකි පිරිස දැන් එහි ඇත්තෙම නැති තරම්ය. එහෙත් රනිල් වික්‍රමසිංහ, සජබයේ සිටින උගත් කිහිප දෙනා මෙන්ම ජූලි චංග්ද මෙය ගැඹුරින් කියවන බව මට සහතිකය. ජවිපෙ ඇතුළු NPP ය මෙය කෙසේ කියවනවාදැයි මම නොදනිමි. තාවකාලික උත්තේජනයකින් බොහෝ ඈතට ගිය යථාර්තයක් එහි ඇති බව පමණක් මම ඔවුන්ට මතක් කර දෙමි.
සනත් නිශාන්තගේ මරණය ගැන පළවූ බොහෝ අදහස් හුදු වෛරයකින් ඔබ්බට ගිය සංකීර්ණ මානසික පිපිරීමක් විය. කෙනෙකුගේ මරණයේදී සතුටු නොවිය යුතු යයි පළකල අදහස් තුලද ගැබ් වුයේ උපහාසයකි. එසේම සනත් නිශාන්තගේ කිට්ටුතම හිතවතුන් ඔහු වෙනුවෙන් පළකල සැබෑ ශෝක ප්‍රකාශ වලද "ඔහුගේ දේශපාලනය කුමක් වුවත්", "ඔහුගේ සමාජ හැසිරීම කුමක් වුවත්", වැනි වගන්ති ඇතුලත් කර තිබුණි.
පසු-මරණ කාලය තුල පොහොට්ටු දේශපාලකයන් අතර වූ අන්ද මන්ද ස්වභාවය ඉතා පැහැදිලිව පෙනෙන්නට විය. ඔවුන් සියල්ලෝම අතිශයින් තැති ගෙන සිටි ආකාරයක් පෙන්නුම් කරයි. එය සනත් නිශාන්තගේ මරණය නිසා සිදුවූවක් යයි මම නොසිතමි. ඔවුන්ට සනත් නිශාන්ත තවත් එක් මැර සඟයෙක් පමණි. නමුත් ඔවුන්ගේ තිගස්සිමට හේතුවන්නේ පසු-මරණ සමාජ ප්රතිචාරයයි. මෙහිදී එක් ඇමති වරයෙක් ඉතා අමනෝඥ කතාවක් කීය. එනම් මේ සමාජ ප්‍රතිචාරය දක්වන්නේ එක් පක්ෂයකට අයත් පුද්ගලයන් බවයි. මෙය සත්‍ය නම් ලංකාවේ අති බහුතරයක් එම පක්ෂයට අයත් රටවැසියන් විය යුතුය.
මනෝවිද්‍යාවේ "සාමුහික සමාජ ප්‍රතිචාර" පිළිබඳව හදාරා ඇති අයෙකුට සනත් නිශාන්තගේ මරණයත් සමග ඇති වූ තත්වය පැහැදිලිව අවබෝධ කරගත හැක. කෙනෙකුට මෙය සමාජ මාධ්‍ය සහ ජාතික පුවත්පත්වල මෙම ප්රවෘතියට සමගමිවූ "comments" පමණකැයි ලඝු කොට තැකිය නොහැකිය. අරගලයක් තුලින් ජනාධිපතිවරයෙක් නෙරපා දැමුවේද මෙලෙසම සමාජ මාධ්‍ය බලවේගයක් තුලිනි. මෙය පහල මට්ටමේ බොහෝ පාක්ෂිකයන්ට නොතේරුණාට ඉහල මට්ටම හොඳින් අවබෝධ කරගනියි.
ලෝක දේශපාලනයේ අතීතය කියවා ඇති කෙනෙකුට සැප්තැම්බර් ඔක්තෝම්බර් වන විට "force majeure" තත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ අධික බව වැටහෙනු ඇත. කල්පනාවෙන් සිටිමු.
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com4tag:blogger.com,1999:blog-7057482407804887706.post-87874847972553158642024-01-17T09:39:00.000-08:002024-01-17T09:39:27.898-08:00නපුරුය වියපත් විය
රිදුම් දෙන අත පය මුමුණන දුක් ගීතය
මතකයට නංවයි වියැකුණු තුරුණු විය
සිහිනයකි බොඳ වුන ඒ සොඳුරු යාමය
මෙපමණ කලින් ආවෙ ඇයි ඔබ
නපුරු වියපත් විය
තොල් පෙති තෙත් කල පිනිබිඳු වියලී
නළ මත විසිරී ඈතට පාවී
කොහේ ගියාදැයි තවමත් සොයමී
අතීතයේ දුටු දයාව මිහිරී
කුමක්ද වුයේ සොඳුරිය
වියපත් ලය මත මුහුණ හොවන්නට
ඔබටත් දැන් නොසිතෙන බව දනිමි
මළහිරු බසිනා සැන්දෑ යාමේ
පෙම්සුව අකැපද අබලන් හදකට
තවමත් පිළිතුරු සොයමි
තුරුණු වියේ බැඳි තිමිර පට ඉරී
මැවෙනා දෙහදක සැබෑම සිතුවම
පවසන කථාව සවනට සුව නැත
ඉකිබිඳිනා හදවත මම සනසමි
භවයක හැඩරුව කියා දිදී
බැසයන හිරු නවතා ගන්නට ඔබ
වෙර දරන්නේ අදුරට බය හින්දද?
අගයක් නැති වූ දා දිවි අරණට
ලබැඳි සබඳ කම් වියැකී යන බව දනිමී
පහන් සිතින් එය විඳිමී
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com1tag:blogger.com,1999:blog-7057482407804887706.post-18006276713290893742023-11-18T04:18:00.000-08:002023-11-18T04:19:10.300-08:00බුදුදහම පාවිච්චි කරමු
මැලේසියාවේ වාසය කරන සමයේ එහි ථේරවාද මැලේසියා සංසදයේ සාමාජිකයන් සමග සුහඳ සාකච්චා කිහිපයකටම සහභාගී වීමේ අවස්ථාවන් මට උදාවිය. මේවාට ගිහි - පැවිදි දෙපක්ෂයම සම්බන්ධ වෙයි. මේ සාකච්චාවන්ට බොහෝ විට පාදක වන්නේ බුදුදහම ප්‍රයෝජනයට ගන්නා ආකාරයන් පිළිබඳවයි. මෙහිදී බොහෝ දෙනෙක් පොතපතෙන් ලබාගත් දැනුමට වඩා ප්‍රයෝගිකව තමා ලද අත්දැකීම් සහ තමා යොදාගත් ක්‍රමවේදයන් පිළිබඳව කරුණු ඉදිරිපත් කරති.
උදාහරණයක් ලෙස එක් අවස්ථාවක සංවාදය පැවතුනේ තමා රැකියාව කරන ස්ථානයේ සඟයෙක් ගෙන් තමාට එල්ල වන මානසික පීඩනයෙන් මිදීමට බුදුදහමින් උගත හැකි ක්‍රමවේදයන් මොනවාද යන්නයි. මෙය ඇත්තටම එහි සිටි කාන්තාවකට ඇතිවී තිබූ ගැටළුවකි.
මෙහිදී බොහෝ දෙනෙක් සමාන අවස්ථාවල තමන් අනුගමනය කල ක්‍රමවේද පිළිබඳව කතා කළහ. බුදු දහමින් පමණක් නොව නූතන මනෝ විද්‍යාවෙන්, හිප්නොටිසම් තුලින්, හින්දු ආගමික සංකල්ප වලින් පවා අදට ගැලපෙන රාමුවක් තුල මෙම ගැටළුවට සාර්ථක විසඳුම් සෙවිය හැකිදැයි සාකච්චා විය. ඒවායේ සාර්ථක-අසාර්ථක බාවය මෙන්ම sustainability එක ගැනද සංවාද ඇතිවිය. කිසිවෙකුත් තමාගේ මතය පමණක් නිවැරදි යන මතයේ හෝ බුදුදහම තමයි ශ්‍රේෂ්ඨම දහම සහ කෝකටත් තෛලය වැනි මතවල එල්ලී සිටියේ නැත. කතා බහ අවසන් වන විට අපේ දැනුම් සම්භාරයන් පුළුල් වී තිබුණි. එකම ගැටළුවට විසඳුම් කිහිපයක් සහ සාර්ථක ක්‍රමවේද දෙක තුනක් තිබිය හැකි බව අපට අවබෝධ විය. බුදුදහම පිළිබඳවද මම සෑහෙන යමක් අළුතින් ඉගෙන ගතිමි. පසු කලෙක මම මේ ඉගෙනගත් ක්‍රමවේදයක් මගේ ගැටළුවලදී සාර්ථකව යොදාගතිමි.
මේ ලිපියට ප්‍රවිෂ්ඨයක් ලෙස මා බුදුදහම පාවිච්චි කිරීම ගැන දැමූ පෝස්ට් එකට පළවුණු සමහර අදහස්වලින් සිංහල බෞද්ධයා පිළිබඳව යම් සිතුවමක් රූපගත විය. කෙනෙකු පණිවිඩයක් කියවා ගන්නේ තමන්ගේ බුද්ධි මට්ටමට අනුවය. මේ නිසා මට කෙනෙකු මා කියන දෙයක් අවබෝධ කරගන්නා ආකාරය පිළිබඳව විනිශ්චයක් දිය නොහැක. කෙසේ නමුත් සමහර අයගේ අදහස් දුටු විට මට හැඟී ගියේ ඔවුන් මා කියන දෙය ප්‍රයෝගිකවම සනාථ කරන බවයි. ඔවුන් බුදු දහම භාවිතා කිරීම පසෙකලා බුද්ධාගම රැකගැනීමටත් එය defend කිරීමටත් සටනට පිවිස සිටියහ. එය බොහෝ කාලයක් ලාංකික දේශපාලනය ඔවුන්ගේ මනෝභාවය සකස් කල ආකාරය විය හැක. ඒ අතරම පණිවිඩය අවබෝධ කරගැනීමට නොහැකි වූ සමහර දෙනා මතු කරන "යන්නේ කොහේද මල්ලේ පොල්" වැනි කතා විනෝද ජනකය.
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com7tag:blogger.com,1999:blog-7057482407804887706.post-71679122726169740912023-11-07T23:10:00.001-08:002023-11-07T23:18:34.205-08:00Time out, Bubble of Concept සහ සුද්දාගේ සදාචාරය
මැතිව්ස්ගේ time out දැවී යාම හා සම්බන්ධ සාකච්චාවට සහභාගී වූ සැමටම ස්තුතියි. මෙය මේ සිද්ධියෙන් බොහෝ ඈතට විහිදුනු සංවාද ප්රස්තුතයකි. ඔබ කිසිවකුගේ අදහස් ඔබේ රාමුව තුල වැරදි යයි මම නොදකිමි. මේ මගේ රාමුව තුල මා දකින ආකාරයයි.
මා දකින ආකාරයට බොහෝ දෙනෙක් "මහත්මා ගතිගුණවලින් පිරි ඉතා සුන්දර වූ ක්‍රීඩා ලොවක්" නම් සංකල්ප බුබුලක් (bubble of concept) තනාගෙන ඇත. මේ මහත්මා ගුණය සීමා demarcate කරගත නොහැකි භූතාර්ථයකි. මේ බුබුල තුලදී අපට බොහෝ මහත්මා සංකල්ප පිළිබඳව සිහින දැකිය හැක. නමුත් යථාර්තය ඉන් බොහෝ දුරස්ය.
පාසැලේ නිවාසාන්තර තරඟයකදී අපට "ජයග්‍රහණය නොව වැදගත් සහභාගිත්වයයි" ආදී bla bla bla පැවසිය හැක. නමුත් වර්තමානයේ ජාත්‍යන්තර තරඟයක ජය රටක ආර්ථික-දේශපාලන අනාගතයට මෙන්ම ගෝලීය සහ කලාපීය භූ දේශපාලනයටද ඍජුවම බලපායි. ලෝක බලවතුන් බොහෝ දෙනෙක් මේ යථාර්තය තේරුම් ගෙන ඇත. BCCI එකෙන් SLC නිලධාරීන්ට ඉහල සැලකීමක් කරනවා යයි කවරෙකු හෝ පැවසුවොත් මම එය එකවරම ප්‍රතික්ෂේප නොකරමි.
"Cricket is a gentleman's game" යනුවෙන් සියවසකට පෙර සුද්දා පැවසු කතාවක් කරපින්නාගෙන "ඔය ගොඩේ බයියෝ ඕව දන්නේ නැහැ" කියන අයද සිටිති. නමුත් පසු කලෙක බොඩි ලයින් බෝල් කලේද, ටොනික් පියන් වලින් බෝල පහුරු ගෑවේද, under-arm දමා තරඟ ජයග්‍රහණය කලේද, විකට්ටුව පිටුපස සිට කළු වදුරන් යයි අපහාස කරමින් අපේ ක්‍රීඩකයන් මානසිකව වැට්ටීමට උත්සහ කලේද මේ සුද්දාම බව ඔවුන්ට අමතකය.
පෙර මහත්මා ගතිගුණ පෙන්වූ ක්‍රිකට් ලොවේ පතාක යෝධයන්ට අදාළ සංසිද්ධි දකින විට මට මේ ඔවදන සිහියට නැගෙයි.
"තරඟයක ජයග්‍රහණය ඔබගේ පස බව 100% තහවුරු වූ පසු ඔබගේ මහත්මා ගුණ නොමසුරුව පෙන්වන්න".
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com4tag:blogger.com,1999:blog-7057482407804887706.post-79224950889116448002023-11-02T13:10:00.002-07:002023-11-02T13:11:57.577-07:00ලංකාවේ ඉදිරිය පලිඟු බෝලයෙන්
ලංකාවේ ඊළඟ මැතිවරණය අනිවාර්යයෙන්ම ජවිපෙ ජයග්‍රහණය කරනු ඇත.
එසේ කියන්නේ මා ජවිපෙ පාක්ෂිකයෙකු නිසාවත්, ජවිපෙට කැමති නිසාවත්, ජවිපෙ පිළිබඳව දන්නා නිසාවත් නොව මා ඇමරිකාව පිළිබඳව මැනවින් දන්නා නිසාය. මේ වන විට ලංකාවද ඇතුළු රටවල් 70ක පමණ ජනමතය සහ දේශපාලනය ගමන් කරන දිශානතිය පිළිබඳව ඉතා නිවැරදි ලෙස අනාවැකි පලකල හැකි AI algorithm ඇමරිකාව විසින් ගොඩනගා ඇත. ඒ සඳහා දත්ත සපයමින් දායක වන්නේද දැන හෝ නොදැන අදාළ රටවලම විද්‍යාඥයන් සහ තාක්ෂණිකවේදීන්ය.
පසුගිය සති කිහිපයේ ජූලි චංගේ හැසිරීම අපට බොහෝ දේ පවසයි. අනුර කුමාරගේ ඇමරිකානු සංචාරය පිළිබඳව ජවිපෙ විරෝධීන් අතර මහත් කැළඹීමක් සහ ව්‍යාකූල බවක් දකින්න ලැබෙන්නේ ඔවුන්ගේ නායකයින් මෙය කියවාගෙන ඇති නිසාය. නායකයන්ගේ ඉඟියට පහල කේඩර, පාක්ෂිකයන් සහ දෙලොවටම නැතිව කඩේ යන්නන් සමාජ මාධ්‍යවල ඩෙඟා නටයි. මෙය වෙනත් අවස්ථාවලදී ජවිපෙටද පොදුය.
අනුර කුමාරගේ ඇමරිකානු සංචාරය බොහෝ ජවිපෙ විරෝධීන්ට දරාගත නොහැකි බවක් පෙනෙයි. ඒ පොහොට්ටු-එජාප-සජබ එකමුතුවේ පොදු සතුරා ජවිපෙ නිසාම නොවේ. එය ඊට වඩා ගැඹුරින් වූ පංති-ස්ථරීකරණය (social stratification) හා බැඳුනු මානසික ව්යකුලතාවයකි. ලංකාවේ දුප්පතුන් ගැන නිතර කතා කරන සම්ප්‍රදායික වාමාංශිකයන්, දේශමාමකත්වය ගැන නිතර දොඩන ජාතික චින්තකයන් ඇතුළු පොහොට්ටු-එජාප-සජබ එකමුතුවේ පොෂ් ඇත්තන් කුඩා කණ්ඩායම් ලෙස මුණ ගැසුණු විට තම පාසැල, උපන් ප්‍රදේශය හා පන්තිය පිළිබඳව ගසන පම්පෝරි අසා ඇත්නම් ඔබට මා කියන දේ වැටහෙනු ඇත.
වෙන්නේ කුමක්දැයි අපි බලාගෙන හිඳිමු.
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com1tag:blogger.com,1999:blog-7057482407804887706.post-25321638625660418102023-10-31T07:16:00.000-07:002023-10-31T07:16:00.352-07:00 ආගමට විද්‍යාවෙන් කූන්ඤ ගැසීම
ඊයේ ආගම් කිහිපයකට අයත් පිරිසක් අතර තම ආගම මගින් "Big-bang" තියරිය මනාවට ඉදිරිපත්කර ඇති බවට තියුණු වාදයක් ඇතිවෙනු දැක මෙය ලිවීමට සිතුනි.
තම ආගම (දහම, දර්ශනය ආදී ලෙස හැඳින්වීමට යොදන පදය කුමක් වුවත්) විද්‍යාත්මක බව කීමට බොහෝ ආගමිකයන් ඉතා කැමතිය. ඒ සඳහා ඔවුන් නොයෙකුත් උදාහරණ ලබා දෙයි. මේවා බොහෝ විට විද්‍යාව මෙන්ම තම ආගම පිළිබඳවද මෙලෝ හසරක් නොදන්නාකම ලොවට විදහා පෑමකි. කිසිම ආගමක් විද්‍යාත්මක නැත. ඊට හේතුව ආගම සහ විද්‍යාව අතර උපන් ගෙයිම ඇති විරසකයයි.
ආගමක් බිහිවන්නේ යම් කාල-අවකාශ රාමුවක අවශ්‍යතාවයකටයි. එය චිරාත් කාලයක් පැවතීමට නම් එය ඉදිරිපත්කල ශාස්තෘවරයා සියල්ල-දත් විය යුතුය. මේ නිසා ආගම කාලය-දේශය මත වැරදීමට ඉඩකඩ නැත. සියලුම ආගමිකයන්ට තම ආගම අකාලික වන්නේ මේ නිසාය. ආගම යනු කාල ලක්ෂයක freeze වූ මොඩලයකි.
නමුත් විද්‍යාව පදනම් වන්නේම සංකල්පයක් වැරදීමට ඇති හැකියාව පිළිගැනිම මතය. විද්‍යාඥයා යම් මතයක් ඉදිරිපත්කරන විට "මෙය වැරදීමට ඉඩ ඇත" යන ලේබලය එහි එල්ලෙයි. විද්‍යාවේ නාමයෙන් මිනිසා කරන්නේ යම් කාල ලක්ෂයකදී පවතින දැනුම් සම්භාරය මත පරිසරය විස්තර කිරීමට ගතික මොඩලයන් තනා ගැනීමයි. තාක්ෂණය නමින් සිදුකරන්නේ එම මොඩලයන් මගින් අදාල අවස්ථාවේ මිනිසාගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමයි. යම් මොඩලයක් මගින් තවදුරටත් නිරීක්ෂණ විස්තර කිරීමට හෝ එයින් නව අවශ්‍යතා සපුරාගත නුහුණු කල විද්‍යාඥයා මොඩලය වෙනස් කරයි. නැත්නම් අතහැර දමයි. මිනිසා රෝදයේ සිට අභ්‍යවකාශ යානා දක්වා පැමිණෙන්නේ මේ "විද්‍යාව වැරදීමට ඇති ඉඩකඩ" මතය.
ඔබේ ආගම Big-bang තියරිය පැහැදිලි කරන නිසා අද ඔබ ඔබේ ආගම උතුම් ශ්‍රේෂ්ඨ දහමක් බව කියයි. අද මේ Big-bang මොඩලය නිවැරදියි කියූ විද්යාඥයාම හෙට එය සම්පුර්ණයෙන්ම වැරදි යයි කීමට ඉඩ ඇත. ඒ විද්‍යාවේ හැටිය. එවිට ඔබ ඔබේ ආගමත් වැරදි යයි කීමට ලැහැස්තිද?
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com2tag:blogger.com,1999:blog-7057482407804887706.post-59831458777716103822023-10-30T07:02:00.003-07:002023-10-30T07:03:44.182-07:00ලලිත් කොතලාවල, සමන්ත භද්‍ර සහ අපි හිතන හැටි
මහාචාර්යවරුන්, ව්‍යාපාරිකයන් සහ ලලිත් කොතලාවල පටලවා මා පළකල පෝස්ට් එකට ධනාත්මකව සහ ඍණාත්මකව අදහස් දැක්වූ ඔබ සැමට ස්තුතියි. කිහිප දෙනෙක්ම මට පෞද්ගලිකවද ලියා තිබුණි. මේ ලිපිය ඒ ඔබ සියල්ලන් වෙනුවෙනි. මීට ටික කලෙකට පෙර මම සමන්ත භද්‍ර හිමිගේ බිස්නස් මොඩල් එක ගැන පළකල පොස්ට් එකකටද මෙවැනිම ප්‍රතිචාර ලැබුණි.
රටක දැවැත්ත ව්‍යාපාරිකයෙක් බිහිවන්නේ කලාතුරකිනි. එය මහාචාර්යවරයෙකු බිහිවනවාට වඩා බොහෝ සෙයින් විරලය. රටේ විශාල කුසවල් ප්‍රමාණයක් පුරවන්නේ මේ ව්‍යාපාරික අතලොස්සයි. මදක් කල්පනා කර බලන්න, ඔබගේ නෑදෑ හිතමිතුරන් අතරින් මිනිසුන් දස දෙනෙකුට වඩා රැකියා ලබාදී ඇති ව්‍යාපාරිකයන් කීදෙනෙක් ඇත්ද? එවන් ව්‍යාපාරිකයන් යටතේ සේවය කරන ඔබ දන්නා අය කී දෙනෙක් ඇත්ද?
අපේ මුළු අධ්‍යාපන පද්ධතියම සකස් වී ඇත්තේ employees ලා බිහි කිරීමට මිස employers ලා බිහිකිරීමට නොවේ. AI, robotics, automation තුලින් වඩ වඩාත් වේගයෙන් රැකියා අවස්ථා ගිලිහී යන්නේද මෙවන් පසුබිමකය. ව්‍යාපාරිකයා පිළිබඳව ඔබ දැන් අලුතින් සිතිය යුතු කාලය එළඹ ඇත.
මහා පරිමාණ ව්‍යාපාරිකයන් අතින් බොහෝ වැරදි සිදුවෙයි. යහපත් රජයකින් සිදුවිය යුත්තේ නීති රාමුව තුල මේ පිරිස නියාමන කර වැරදි ඇත්නම් සුදුසු දඬුවම් ලබා දීමයි. නමුත් ලංකාවේ දශක ගණනාවක් තුල සිදුවුනේ පවතින රජයට ආවඩන ව්‍යාපාරිකයන්ගේ වැරදි වසා ඔවුන්ට තව තවත් වැරදි කිරීමට අනුබල දීමයි. ඊළඟට එන රජය මේ පිරිස සම්පුර්ණයෙන්ම විනාශකර දමා තමන්ට ආවඩන තවත් පිරිසක් බිහි කරයි.
ඔබ පවතින දේශපාලනය වෙනස් කල යුත්තේ මේ ක්‍රමවේදය බිඳ දැමීමට මිස ව්‍යාපාරිකයා කුඩු කර දැමීමට නොවන බව සිහි තබා ගත හොත් රටේ අනාගතයට එය බොහෝ සෙයින් යහපත් වනු ඇත.
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com2tag:blogger.com,1999:blog-7057482407804887706.post-10805584264613346022023-10-13T06:01:00.009-07:002023-10-14T01:41:26.311-07:00අපට ආගමක් ඇවැසිද?
"ඔබට මගේ පෙර ආත්මය කිව හැකිද?" ශ්‍රාවිකාවක් සද්ගුරුගෙන් අසයි.
මද සිනහවකින් මුව සරසා ගන්නා සද්ගුරු ඇයට පිළිතුරු දෙයි.
"මට දැන් ඔබට ඕනෑම පිළිතුරක් දිය හැක. ඔබට කල හැක්කේ එක්කෝ එය පිළිගැනීමයි නැත්නම් නොපිළිගැනීමයි".
ආගම නම් සංකල්පයේ මුළු සන්දර්භයම මේ පිළිතුරෙහි ගැබ්වී ඇති බව මට සිතෙයි.
මම මේ මාතෘකාව යටතේ ලිපි පෙළක් ඉංග්‍රීසි බසින් ලිව්වෙමි ඒවා යහපත් සංවාද-විසංවාද වලට බඳුන් විය. එහෙත් සිංහලෙන් ඒ ගැන ලිවීමට මෙතෙක් මම අදිමදි කලෙමි. ඒ කුමක් නිසාදැයි සමහර විට ඉදිරියේදී ඔබට වැටහෙනු ඇත.
සමහර දෙනෙක් තමන් පිළිපදින්නේ ආගමක් නොව ධර්මයක් බව පවසති. තවත් සමහරුන්ට එය දර්ශණයකි. මේ මොන නමින් හැඳින්වුවත්, විශ්වකෝෂවල මොන අර්ථ දැක්වීම් තිබුණත් අති බහුතරයක් කරන්නේ එකම දෙයකි. එනම් තමාට නොතේරෙන දෙයක් කවුරුන් හෝ පැවසූ නිසා සත්‍ය ලෙස පිළිගැනීමයි. එනම් කාගේ හෝ ආකෘතියක් (මොඩලයක්) හරියැයි උපකල්පනය කිරීමයි. එහි වරදක් නැත. එහෙත් මේ අති බහුතරය එය පිළිගන්නේ නැත. විද්‍යාව යනු එබඳුම ආකෘති තැනීමකි. එකම වෙනස විද්‍යාඥයා තමා ගොඩනගන්නේ ආකෘතියක් බව අවබෝධයෙන් පිළිගැනීමයි.
ලොව මෙතෙක් පහළවී ඇති ආගමික සංකල්ප අති බහුතරයක මම පොදු ලක්ෂණ දෙකක් දකිමි. එකක් එම ආගම්-දර්ශන ඒවා බිහිවන කාල-අවකාශ රාමුවේ අවශ්‍යතාවයන් සපුරා ලීමයි. දීර්ඝ කාලීනව (in the long run) සලකා බලද්දී මෙම ආගම් ඒවාට අදාළ ක්‍රියාදාම තුලින් එම කාල-අවකාශ රාමුව තුල ශිෂ්ඨාචාරය පවත්වාගෙන යාමට විශාල සේවයක් කර ඇති බව පෙනෙයි.
දෙවැන්න, මිනිසුන්ට නොදැනෙන, නොපෙනෙන, නොතේරෙන අත්‍යන්තයක් (ultimatum) පවතින බව ආගමිකයා අනිවාර්යයෙන් පිළිගත යුතු වීමයි. පළමු ලක්ෂණයේ ඇති ක්‍රියාකාරකම් කිරීමට සහ යුතුකම් ඉටු කිරීමට ආගමිකයා යොමුකරවන්නේ මේ අත්‍යන්තය මගිනි. ඔවුහු තමන් නොදන්නා යමක් පවතින බව 100% පිළිගන්නා අතර (ඇදහීම යනු මෙයයි) එය අනෙක් අයද පිලිගන්නවා දැකීමට ප්‍රිය වෙති. මේ අනුව ආගම-දර්ශනය-දහම ආදී කුමන නමකින් ඇමතුවත් සියළුම ආගමිකයෝ අදහන්නෝය.
ආගම බිහිවන්නේ යම් කාල-අවකාශ රාමුවක අවශ්‍යතාවයකට අනුවය. මම එහි කිසිඳු වරදක් නොදකිමි. නමුත් සියළු ගැටළු මතුවන්නේ එම වැඩ පිළිවෙල ඒ ආකාරයෙන්ම තවත් කාල-අවකාශ රාමුවකට ඔබන්න ගිය විටයි. සියළුම ආගමිකයෝ තම ආගම-දහම අකාලික බව තරයේ පිළිගනියි. සියළුම ආකාරයේ අවුල් ජාලයන් ඇතිවන්නේ මෙතනදීය.
ආගමක් කුමටද? මේ පිළිබඳව මම කිහිප දෙනෙකුගෙන් ඇසුවෙමි. ඔවුන් විවිධාකාර පිළිතුරු දුන්නේය. විමුක්තිය ලැබීමට, සමාජය යහපත් ලෙස හැඩගැසීමට, දෙවියන්ගේ මග පෙන්වීම සහ ආශිර්වාදය ලැබීමට, හොඳ-නරක දැනගැනීමට ආදී පිළිතුරු රාශියක් එහි විය. පසුව මම මේ පිළිබඳව සමාජ විද්‍යා මහාචාර්යවරුන් දෙදෙනෙකුගෙන් සහ මහාචාර්යවරියකගෙන් විමසුවෙමි. ඔවුන් තිදෙනාගේම පිළිතුරු සමපාත විය.
ඒ "මිනිසාට ආගමක් අවශ්‍යවන්නේ සමුහයක් තුල ආරක්ෂිත වීමට සහ නොතේරෙන විශ්වයෙන් රැකවරණය පැතීමට" යන්නයි.
සත්ව ලෝකයේ බොහෝ තැන්වල සමුහගතවීමේ-මානසිකත්වය (herd mentality) නිරතුරුවම දක්නට ලැබේ. තනිව වාසයට වැඩ යම් කුලකයකට ඇතුළුවීම බොහෝ සත්වයන්ට ආරක්ෂිත-මානසිකත්වයක් ලබා දෙයි. වානර මානවයා තුල ජීවමාන වූ මේ සමුහගතවීමේ මානසිකත්වය මිනිස් වර්ගයා තුල අද මෙන්ම තව චිරාත් කාලයක් පවතිනු ඇත. ළදරු වියේ සිට අප පසුකරන සෑම අවධියකම අපි සමුහගතවීට උත්සහ කරමු. ගමේ, ඉස්කෝලේ, කුලයේ, ජාතියේ, රටේ, ආගමේ ආදී වශයෙන් මානවයා කුලක,උප කුලක වලට ඇතුලත්වෙමින් සමාජ ආරක්ෂාව සොයයි.
ලොව ආගමික ඇදහීම් බිහිවන්නේ මීට වසර ලක්ෂ තුනකට පමණ පෙර බව නවතම සොයාගැනීම් අනාවරණය කරයි. වසර 60,000 පමණ පෙරදී මානවයා ආගමික විශ්වාස මැටි, පාෂාණ සහ දැව පිළිම බවට පරිවර්තනය කල බවට සමහර කෞතුක භාණ්ඩ සාක්ෂි දරයි. මෙම ආගමික සංකල්ප බිහිවන්නේ ස්වභාවික විපත් සහ සතුරු උවදුරු වලින් බේරීමේ මාර්ගයක් ලෙස නොදන්නා විශ්වයෙන් රැකවරණ පැතීමට බව අපට උපකල්පනය කල හැක.
මීට වසර 20,000 පමණ පෙර ලෝකයේ ස්ථාන කිහිපයකම මානවයා ශිෂ්ඨාචාර ගතවීමේ ලක්ෂණ පහළවන්න විය. ශිෂ්ඨාචාරයක මූලික ලක්ෂණයක් නම් මිනිස් සමුහයක් යම් නායකත්වයක අණසක යටතේ තම පැවැත්ම තහවුරු කරගැනීමයි. මෙහිදී නායකත්ව අණසක අනුව සමුහයේ ක්‍රියා පිළිවෙත් පවත්වා ගැනීම සඳහා මනුෂ්‍යත්වය ඉක්මවා ගිය බල අධිකාරියක අවශ්‍යතාවය දැනෙන්නට ඇත. මේ අනුව නොදන්නා විශ්වයේ බලයක් පිළිබඳව සංකල්පයක් මවා ගෙන තමා එම බල අධිකාරිය සහ මානවා සමුහයා අතර මධ්‍යම පුරුක බවට නායකත්වය පත්වෙමින් මුලින්ම ලොව ව්‍යුහගත ආගම් බිහිවූ බවට උපකල්පනය කල හැක.
ඊළඟ වසර 10,000 ක පමණ කාලයේදී මේ ශිෂ්ඨාචාරය බෙහෙවින් පුළුල් හා සංකීර්ණ වන්න විය. මීට සමගාමිව ආගමික සංකල්පද වඩ වඩාත් සංකීර්ණ වන්න ඇත. මේ ඉතිහාස කතාවේ යම් ස්ථානයකදී අවශ්‍යතා සහ කරුණු කාරණා කිහිපයක් මත සමූහ පාලනය සහ ආගම් පරිපාලනය කොටස් දෙකකට බෙදී ඇත. නමුත් රාජ්‍ය පාලනය සඳහා අත්‍යවශ්‍ය ආයුධයක් වූ ආගම, වර්තමානය දක්වාම නායකත්වය සමග තදින් බැඳී ඇති බව පෙනෙයි. මේ අනුව නායක-පූජක බල තුලනය වසර දහස් ගණනක් ශිෂ්ඨාචාර විසින් අඩු-වැඩි වශයෙන් පවත්වාගෙන ගොස් ඇත.
මුල් ව්‍යුහගත ආගම් බොහෝ විට බහුදේව වාදී විය. ආදී කල්පිතයන් දෙවිවරුන් ආදේශ කලේ ගස්, පර්වත, කඳු, ගිනිකඳු, ගංගා, ආදී තම පරිසරයේ තිබූ ස්වභාවික වස්තුන්ටය. පසු කලෙක මෙම දෙවිවරුන් නොයෙකුත් ස්වභාවික සංසිද්ධීන්, මිනිස් අවශ්‍යතා සහ ක්‍රියාදාමයන්ට අධිපති විය. සුර්යයා, චන්ද්‍රයා, වර්ෂාව, අකුණ, පොලව, කෘෂිකර්මය, යුද්ධය, කලාව, ලිංගිකත්වය ආදිය මේ අතර විය. ප්‍රාථමික අවධියේ හින්දු, ඊජිප්තු, ග්‍රීක, රෝම, චීන ආදී බොහෝ ශිෂ්ඨාචාර කේන්ද්‍ර කොට ගත් ආගමික සංකල්පවල මෙම ලක්ෂණය විය. ශිෂ්ඨාචාරය වැඩි දියුණු වෙමින් ජනගහනය ව්‍යාප්ත වෙද්දී සියල්ලන්ටම ඉහලින් සිටින ප්‍රධාන දෙවියෙක් සහ ඊට පහල නොයෙකුත් තරාතිරම්වල (hiarchy) දේව මණ්ඩලයක් බිහිවිය. මෙය රජුගේ පැවැත්ම වඩාත් තහවුරු කරගැනීමට අත්‍යවශ්‍ය මොඩලයක් විය. ශිව, අමොන්රා, අනුනාකි, සියුස්, ජුපිටර්, අහුරා මස්ඩා ආදී ඒ ඒ ශිෂ්ඨාචාරය විසින් නම් කරන ලද දේව ලොක්කන් බිහිවන්නේ මේ අනුවය.
මෙහි ඊළඟ පියවර වන්නේ රජුගේ බලතල අසීමිත කිරීමට (බොහෝ අවස්ථාවල ඔහු අධිරාජ්‍යයකුගේ තත්වයට ඔසවා තැබීමට) මොඩලයක් තැනීමයි. ඒක දේවවාදය මෙහි ප්‍රතිඵලය යැයි මට සිතෙයි. මේ සංකල්පය බිහිවන්නේ හා ව්‍යප්තවන්නේ මූලික සම්පත් (basic resources) සඳහා දැඩි තරඟයක් පවතින මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව ආශ්රිත ප්‍රදේශවල බව සඳහන් කිරීම වැදගත් වේ. මුලින්ම මෙම සංකල්පය ගෙන එන්නේ සොරෝස්ට්‍රියන් දහම බිහිකරන සරතෘෂ්ට්රා විසිනි. ඔහුගේ ප්රයත්නය වුයේ අහුරා මස්ඩා එකම දෙවියන් ලෙස නම් කරමින්, එතෙක් පැවති අනෙකුත් දේව ප්‍රපංච දේව දුතයන්ගේ තත්වයට ඇද දැමීමයි. ඉන්පසු බිහිවන එබ්රහමීය ආගම් තුනේම මෙම මොඩලය ඉතා අපූරුවට ගොඩනගා තිබුණි.
සියළුම ඒක දේවවාදී ආගම්වල සිටින සර්වබලධාරි දේව මොඩලයේ මට නම් සංකල්පීය වෙනසක් නොපෙනේ. මෝසස්ගේ සිට සියළුම වක්තෘවරුන් එකම සංකල්පය භාවිතා කර ඇත. ඔවුන් සෑම දෙනාම ඔවුන්ට අදාළ කාල-දේශ රාමුවේ වූ සමාජ අසාධාරණය එරෙහිව සමුහයක් එක් රැස් කිරීම සඳහා මෙම දේව සංකල්පය යොදාගෙන ඇත. අදාළ රාමුවෙහි අවශ්‍යතාවය මත දේව නියම වෙනස් වී ඇත. මේ සඳහා මම පහත දැක්වෙන උදාහරණය ගනිමි.
මෝසෙස් ගේ අරමුණ වුයේ පාරවන්ගෙන් පීඩිත වූ තම පිරිස නිදහස් පරිසරයකට රැගෙන යාමයි. ඔහුට පාරවන්ගෙන් පළිගැනීමේ චේතනාවක් නොවූ බව සාහිත්‍ය පොතපතෙහි දැක්වෙන කරුණු අනුව අවබෝධ කරගත හැක. මේ නිසා ඔහුට අනුව දේව නියමය වුයේ යමෙකු ඔබට පහර දුන හොත් තමනුත් සමානව ප්‍රතිප්‍රහාර දෙන ලෙසයි. එය සාහිත්‍යමය භාෂාවේදී සඳහන් වන්නේ "ඇසට ඇසක්, දතට දතක් ලෙසය".
ජේසුස් වහන්සේගේ කාලය වන විට සමාජ අසාධාරණය ඔඩු දිවූ කෲර මානසිකත්වයකින් හෙබි මිනිස් සමුහයක් එම ප්‍රදේශයේ සිටි බව පැහැදිලිය. ජේසුස් වහන්සේව කුරුසියේ තබා ඇණ ගැසිමම මේ සමාජයේ වූ විෂමතාවයට නිදසුනකි. සමහර විට මෝසස්ට තම සමුහය ගලවා ගැනීමට උදව් වූ දේව නියමයම ජේසුස් සාමය වනවිට සමාජය විසින් විකෘති භාවිතයකට යොදාගෙන තිබෙන්නට ඇත. මේ නිසා ජේසුස් වහන්සේට දෙවියන් සමග වූ ගිවිසුම අලුත් කරන්නට සිදුවිය. තමාට යමෙක් පහර දුන්නත් ඉවසාගෙන සිටින ලෙස දෙවියන් අණ කරන බව ඔහු පවසන්නේ මේ අනුවය. එය සාහිත්‍යමය ආකාරයෙන් කියවෙන්නේ "තමාගේ වම් කම්මුලට යමෙක් පහර දුන හොත් දකුණු කම්මුලද ඔහුට පාන්න" ලෙසිනි.
මොහොමඩ් නබිතුමා බිහිවන්නේ සමාජය සිවිල් ගැටුම් ගහන වූ සහ නීතිය වල් වැදුණු කාලයකයි. එම කාල වකවානුව පිළිබඳව ගවේෂණය කරන විට පෙනී යන්නේ එය මිනිස් ජීවිතය ඉතාමත්ම අන්තරායකර තත්වයකට පත්වූ පරිසරයක් බවයි. එහි මානව දයාව පිරිපුන් ගමනක් යාමට අවශ්‍ය වටපිටාවක් නොවීය. එහෙයින් තම සමුහය රැකගැනීමට සහ ව්‍යාප්ත කිරීමට ඔහුට කාරණා රාශියක් සපුරාලන්නට සිදු විය. ඔහු දෙවියන්ගේ නාමයෙන් අණ පනත් පැනවීය. මත්පැන් වලින් මිදීම, හැකිතාක් තම වර්ගයා බෝ කිරීම, තම දෛනික ජීවිතය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සහ මුළු සමාජයම එකම වෙලාවකට එකම අණකට වැඩකිරීම (යාඥාව), ගැටුම් නිසා සැමියන් අහිමිවූ කාන්තාවන් රැකගැනීම ආදී කරණා රාශියක් එහි විය. මේ සියල්ලම දක්ෂ හමුදා නායකයෙකුගේ උපාය මාර්ග බව ඔබ තේරුම් ගත යුතුය. මේ සමගම ඔහු තවත් නීතියක් පැනවීය. "සතුරා හඳුනාගත් විට සැගවී සිට ඔහුට කලින්ම පහර දෙන්න". මේ ඔහුගේ සමුහය සඳහා වූ යුගයේ අවශ්‍යතාවයයි.
මට පසුගිය කාලයේ පතල වූ FB post එකක් මතකයට නැගේ.
"කොවිඩ් රෝගයට එරෙහි එන්නත්කරණය දේව කැමැත්ත බවට පුජක පක්ෂය හරහා මතයක් ගොඩ නගන්න. කිසිවෙකුත් එන්නතට විරෝධය නොදක්වනු ඇත". මෙය සැබෑවකි. ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම ආගම සිදුකලේ මේ කාර්යභාරයයි. අදටත් එය වලංගු වෙයි.
මිනිස් බුද්ධිය ඉතා ඉහල මට්ටමකට පැමිණෙන තෙක් අත්‍යන්තයක් මගින් මිනිස් හැසිරීම් රටාව පාලනය කල යුතුම යයි මම සිතමි. මේ අනුව තවත් සහශ්රයක්වත් යන තෙක් ලෝකයට ආගම් අවශ්‍ය බව මගේ හැඟීමයි. ඒ මට්ටමට මිනිස් බුද්ධිය පැමිණෙන තෙක් අපි අවම වශයෙන් පවතින කාල-අවකාශයට අපත්‍ය වූ ආගමික මතවාද සහ ක්‍රියාකාරකම් අවම කරගැනීමට උත්සහ කරමු.
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com1tag:blogger.com,1999:blog-7057482407804887706.post-71650873716531823412023-10-08T07:56:00.003-07:002023-10-08T08:05:56.317-07:00There are No Natural Disasters
After seeing a post by Sanjaya Elvitigala on the responsibilities of NSF I thought of writing this short note.
For the last 12 years even after leaving Sri Lanka for good, I wrote several articles in both languages, on the serious risk of natural extreme events in Sri Lanka. If anyone is interested I can give the links to my blog articles (I lost track of newspaper articles). Even last month returning from Sri Lanka after a 3-week visit, I tweeted on FB that there is a danger that climate disaster will soon overtake political catastrophe in Sri Lanka. Several asked whether it is about the prolonged drought but I said that the issue is much graver than that.
Despite being a person not involved with disaster management, I could sense the approaching nature's wrath. Then why couldn’t the responsible people of the country take reasonable action?
As I always say there is nothing called “natural disasters”. There are “natural extreme events” and “human disasters”. We can’t stop nature but minimize human catastrophe if we are wise and smart.
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com0tag:blogger.com,1999:blog-7057482407804887706.post-57694436354424788132023-10-08T03:12:00.003-07:002023-10-18T03:19:19.555-07:00අපේ මොළේ මොට්ට වුණේ ඇයි?
මීට දශක දෙකකට පමණ පෙර, ලංකාවේ බාල දක්ෂ වැඩමුළුවකට සහභාගී වෙමින් සිටි කුඩා දරුවන් 30 දෙනෙකු පමණ සිටින කණ්ඩායමක් සමග, ලද අස්වැසිල්ලක අපි පිළිසඳරක යෙදුනෙමු. අපි එහෙදි ඔවුන්ගෙන් සරල ප්‍රශ්නයක් ඇසුවෙමු. ඒ ඔවුන් අධ්‍යාපනික කටයුතු වලදී මුහුණ දෙන අපහසුම කටයුත්ත කුමක්ද කියාය. දරුවන් 17 දෙනෙකු එකවිටම පැවසුවේ චක්කර පාඩම් කිරීම බවයි. තවත් සිසුන් 8 දෙනෙකුගේ ගැටලුව වුයේ ගාථා පාඩම් කිරීමයි. මෙම සිසුන් අපගේ පැනයට පිළිතුරු දුන් ආකාරය ඔබ දුටුවේ නම් ඔවුන්ගේ මුහුණුවල තිබූ කලකිරීම, වේදනාව සහ සියුම් කෝපය ඔබට මැනවින් වටහා ගත හැකි වනු ඇත.
අපගේ මුළු අධ්‍යාපන ක්රමයම සකස් වී ඇත්තේ තොරතුරු එකතුකිරිම සහ ධාරණය කිරීම මුල් කරගනිමිනි. මෙය වසර දහස් ගණනක සිට අප රටේ පවත එන සම්ප්රදායකි. තොරතුරු වනපොත් කිරීම යනුවෙන් මෙය හැඳින්විණි. මෙය බොහෝ විට සිදුවුයේ පිරිවෙන් අධ්‍යාපනය ආශ්‍රිතවය. කරුණු ලේඛන ගත කිරීමේ තාක්ෂනය ඉතා පහල මට්ටමක තිබුණු එකල තොරතුරු මිනිස් මතකයෙන් ඔබ්බෙහි වූ භෞතික භූතාර්ථයක් තුල ගබඩා කිරීම විශාල අභියෝගයක්විය. මේ නිසා සියලු දත්ත මිනිස් මොළයෙහි එනම් මතකයෙහි ගබඩා කරන ලදී. මා සිතනා ආකාරයට, සීමිත ක්‍රියාන්විත වපසරියකින් යුත් මිනිස් මනසට තොරතුරු ගබඩා කිරීම සඳහා විශාල ශක්තියක් වැය කල පසු තොරතුරු විශ්ලේෂණයට වැඩි ඉඩකඩක් නොවීය. සමහර විද්වතුන් දක්වන ආකාරයට පැරණි ලාංකික උගත් විඥානය තුල වියුක්ත දැනුම පුළුල් ලෙස ව්‍යාප්ත නොවීමට මෙය හේතු වන්න ඇතැයි අපට සිතෙයි.
අනෙක් අතට අපගේ පෞරාණික තාක්ෂණික කලාවන් සම්පුර්ණයෙන්ම පදනම් වන්නේ අත්දැකීම් මෙන්ම තැත සහ දෝෂය (trial & error) ඇසුරින් කරන නිරීක්ෂණ මත ගොඩනැගුණු දැනුම තුලය. මේ ලැබූ දැනුම සහ කලින් සඳහන් කල තොරතුරු එකිනෙකට වෙනස්ය. උදාහරණයක් ලෙස කම්මල්කරුවා හොඳම කඩුව සෑදීම සඳහා දෙන ලද යකඩ පතුරක් රත් කල යුතු සුදුසුම උෂ්ණත්වය දනියි. එය ඔහු පරම්පරාවෙන් ලද දැනුම මත පදනම් වෙයි. මේ අතරම ඔහු අලුතෙන් ලැබෙන ලෝහයක් අඩු හෝ වැඩි උෂ්ණත්වයකට රත් කිරීමෙන් අඩු කඩතොළු ප්‍රමාණයක් සහ වැඩි සවි ශක්තියකින් යුත් නිමාවක් ලබාගත හැකි බව අත්දකියි. මෙය ඔහු බොහෝ විට තැත සහ දෝෂය ඇසුරින් ලබන දත්ත විශ්ලේෂණය කර ගොඩනගා ගන්නා දැනුමකි. එය ඔහු තම අනුප්‍රප්තිකයාගේ දැනුම් සම්භාරයට එකතු කරයි. ඒ දැනුම මොලයේ කොටසක ගබඩාවන තොරතුරු ගොන්නකට වඩා ශරීරයේම ඇති සියළුම සෛල වල ගබඩාවන මතක රටාවක් ලෙස හැඳින්විය හැක. ගල් වඩුවා, රන් කරුවා, කැටයම් සහ මුර්ති ශිල්පියා ආදී බොහෝ ප්‍රයෝගික තාක්ෂණයන්ගේ පිය සටහන් අදටත් අප රටේ නොනැසී පවතිද්දී වියුක්ත දැනුම මත පදනම් වූ විඥානයක් රට තුල ගොඩ නැගී නැත්තේ මේ හේතුවෙනි.
බුදු දහම සම්බන්ධයෙන් පවා අපට ඇත්තේ තොරතුරු සම්භාරයක් මිස දැනුම් සම්භාරයක් නොවන බව මාගේ හැඟීමයි. පිරිවෙන් ආශ්‍රිතව අප විශාල තොරතුරු පද්ධතියක් රැස් කරගෙන ඇත. එහෙත් එතුල දැනුම සහ විශ්ලේෂණයේ මූලිකාංග වත් ඇත්දැයි සැක සහිතය.
දහනම වන සියවසේ සහ විසිවන සියවසේ නව අධ්‍යාපන ක්‍රමයක් ඉංග්‍රීසින් විසින් හඳුන්වා දෙද්දී අප අත්දැකීම් සහ ප්‍රායෝගික විශ්ලේෂණයට මූලිකත්වය දුන් තාක්ෂණික ජන විඥානයෙන්ද ඈත්වී 100%ම තොරතුරු රැස් කිරීම සහ ගබඩාකිරීම මත පදනම් වූ අධ්‍යාපනික ක්‍රමවේදයකට පිය මැන්නේය. මෙය එවකට පැවති බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමයට සමගාමී විය. අද වන විට ලංකාවේ සිටින වෘත්තිකයන්, ජනප්‍රිය බෞද්ධ කථිකයන්, ගුරුවරුන් ආදී වියත් යයි සම්මත සියළු දෙනාම පාහේ තොරතුරු මත පදනම්ව තම පාණ්ඩිත්‍ය විදහා දක්වයි.
නමුත් යුරෝපය, ඇමරිකාව,කැනඩාව, ජපානය, කොරියාව, චීනය වැනි රටවල් දෙවන ලෝක යුද්ධයෙන් පසු දශක කිහිපය තුල මෙම රටාව වෙනස් කළේය. එය අද ඔබට ජපානයේ, ස්වීඩනයේ, කැනඩාවේ පාසලක හෝ සරසවියක මැනවින් නිරීක්ෂණය කල හැක.
අපි සියවසකටත් පෙර සුද්දා අපට දුන් දේ තවමත් කරගසාගෙන යමු.
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com3tag:blogger.com,1999:blog-7057482407804887706.post-69728169063364562352023-10-02T09:40:00.004-07:002023-10-02T09:56:13.269-07:00පෝලිමෙන් කොතැනටද?
ලංකාවේ පැවති සියලුම රජයන්ගේ නොහැකියාව මත පැටවුණු ගෝඨාභය ආණ්ඩුවේ උද්දච්ච තක්කඩි ඔලමොට්ටලකම ලංකාව බංකොලොත්බාවයට පත්කළ බව යම් හෝ බුද්ධියක් ඇති සැමටම මේ වන විට වැටහේ. බලශක්ති අහේනිය සමගම ඇති වූ පෝලිම් යුගය මිනිසුන් මහමගට කැඳවිය. එය දැන් අතීතයට එක්වූ කතාවකි.
රනිල් ජනපති විය. "ඔබට රනිල් කියවාගත නොහැකි වුනාට රනිල් ඔබව කියවගෙන ඇත" යැයි මම ලිව්වෙමි. බොහෝ දෙනෙක් මෙයට උපහාසාත්මක comments දමා තිබුණි. එය සාධාරණය.
ඔහු සියළු ණය ගෙවීම් සම්පුර්ණයෙන්ම නවත්වා ඒ බර අනාගත පරපුරේ කර මත තැබීය. ඉන් පසු විදුලි බිල අසීමිත ලෙස වැඩි කළේය. විදුලිය සඳහා පෝලිම් නැත. ජනතාවට මේ වැඩි වූ බිලෙහි බර දැනෙන්නේ සති කිහිපයකට පසුවය. එවිට එහි උණුසුම අහවරය. බිල ගෙවා ගත නොහැකි නම් විදුලිය විසන්ධි වේ. එසේ නැති නම් යන්තම් එක් විදුලි පහනකින් රැය ගත කිරීමට ජනතාව හුරු වේ. මේ ක්‍රියා සිදුවන්නේ සාමුහිකව නොවේ (තෙල්, ගෑස් නොමැතිව පෝලිමේ සිටිනවා මෙන්). මේ නිසා රජයට මෙහි සාමුහික බලපෑම අඩුය.
මේ අතර IMF ප්‍රථම ණය වාරිකය ලැබුණි. ඉන්ධන සහ ගෑස් මිල සුලු වශයෙන් අඩුවිය. එය මිනිස්සුන්ට එදිනෙදා ජිවිතයට දැනුනි. ඔවුන් සතුටු විය. රනිල් වාදීන් උදම් ඇනීය.
දැන් දිනෙන් දින තෙල්, ගෑස් මිල මෙන්ම විදුලි බිලද වැඩිවෙයි. ඒ හා සාපේක්ෂව සියළුම භාණ්ඩ මිලද ඉහල යයි. රටෙහි ණය බරද දිනෙන් දින වඩ වඩාත් ඉහලට ගොඩ ගැසෙයි.
පෝලිම් නැත. එහෙත් බඩු මිළදී ගැනීමට මුදල් නැත. ඇති හැකි අතලොස්ස කා බී ජොලියේ සිටිති. නැති බැරි බහුතරය ලෙවකමින් බඩගාගෙන යති. මා පසුගිය වර ලංකාවට පැමිණි විට දුටුවේ ජනතාව වේගයෙන් මේ ජිවන රටාවට හුරු වෙමින් තිබෙන බවයි.
පීඩකයාටම ආවඩන ලංකාවේ වෙසෙන සමහර උදවිය දුටුවිට මට හැඟෙන්නේ රටේ ජනතාවගෙන් බහුතරයක් ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම් එකට අනුගත වුවහොත් ඔබ පුදුම විය යුතු නැති බවයි.
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com1tag:blogger.com,1999:blog-7057482407804887706.post-7750138289802274892023-09-30T05:21:00.003-07:002023-09-30T05:41:22.853-07:00CEB එකෙන් නිදහස්වීමේ මග: Urban Microgrid
මේ වන විට ලංකාව දැඩි විදුලි බල අර්බුදයකට මුහුණ දෙමින් පවතී. වරද කා අත වුවත් ඉන් දුක් විඳින්නේ මහජනතාවයි. පාලකයා ගැටළුව නොදුටුවා සේ සිටින විට එයට පිළියම් සෙවීමේ බලතල තමන්ගේ අතට ගැනීමට ජනතාවට සිදුවේ. අපි දකුණු අප්‍රිකාවේ මේ සඳහා පියවර රාශියක් තබා ඇත. Urban microgrid ඒ අතර මුල් තැන ගනියි. ඒ ගැන ලංකාවේ ඔබටත් යම් පණිවිඩයක් දිය යුතු යයි සිතුවෙමි.
මේ කටයුත්ත ලෙහෙසියෙන්ම ඇරඹිය හැක්කේ නිවාස සංකීර්ණ තුලය. Microgrid සැකැස්ම සහ මෙහෙයුම (design & operation) කිහිප ආකාරයකින් කල හැක. ඉන් එක් ආකාරයක් නම් සංකීර්ණයේ සියළුම නිවාසවලට සුර්ය කෝෂ පද්ධති සවිකර එක් ස්ථානයක රඳවන විශාල battery bank එකක් charge කිරීමයි. මෙයට ප්‍රදේශයේ ස්වභාවය අනුව සුළං මෝල් හෝ කුඩා ජලවිදුලි උත්පදකයන්ද එක් කල හැක. අත්‍යවශ්‍යම අවස්ථාවලදී ක්‍රියාත්මක කිරීම සඳහා ඩීසල් ජෙනරේටරයක්ද standby තැබිය හැක. මේ සියල්ල ප්රශස්ත ලෙස කළමනාකරණය කිරීමට power management system (PMS) එකක් යොදාගත හැක.
ඉහත සැකැස්මෙදී අවශ්‍ය වන්නේ එක inverterයක් පමණි. විදුලිබල මණ්ඩලය මේ සඳහා සහයෝගය දෙයි නම් නිවාස සංකීර්ණයට විදුලිය ලබාදෙන distribution board එකේදී auto changeoverයක් මගින් මෙම පද්ධතිය නිවාස සඳහා සම්බන්ධ කල හැක. එම නිවාසවලට smart meter සම්බන්ධ කර ඇති නම් ඉතා පහසුවෙන් මෙම පද්ධතියෙන් විදුලි බලය ගන්නා අවස්ථාවල භාවිතා කරන ඒකක ගණන CEB එකට බැරවීම නවත්වා PMS එක මගින් පාලනය වන පුවරුවක ඇති එක් එක් නිවසට අදාළ ගිණුමකට බැරකල හැක. මාසිකව මෙම පද්ධතියේ නඩත්තුව සඳහා කිසියම් මුදලක් අය කරගත හැකි අතර විදුලි බලය භාවිතා කිරීමේ ප්‍රමාණය අනුව එම මුදල අඩු-වැඩි කල හැක (PMS එක මගින්ම එය ගණනය කල හැක). මෙම මුදල විදුලිය සඳහා කරන අයකිරීමක් නොවන බැවින් ඒ පිළිබඳව නීතිමය ගැටළුවක් ඇති වන්නේ නැත.
තවත් microgrid සැකැස්මක් නම් සෑම නිවසකම සුර්යකෝෂ පද්ධතියක්, බැටරි පද්ධතියක්, ඉන්වටරයක් සහ චේන්ජ් ඕවරයක් සම්බන්ධ කිරීමයි. ඉන්වටරයෙන් පසු සියලුම නිවාස PMS එක හරහා ජාලගත කරනු ලැබේ. අවශ්‍ය නම් මධ්‍යගත battery bank එකක් සහ ඩීසල් ජෙනරේටරයක්ද මෙම ජාලයට සම්බන්ධ කල හැක. මෙහිදී CEB එකෙන් ස්වායත්තව ඔබට microgrid එක ක්‍රියාත්මක කල හැක.
නිවාස සංකීර්ණ වලින් ඔබ්බට microgrid සංකල්පය ගෙනයාමේදී අදාළ පළාත්පාලන ආයතනවල අනුග්‍රහය අත්‍යවශ්‍ය වෙයි. දකුණු අප්‍රිකාවේ අප බලාපොරොත්තු වන්නේ PMS එකේ ක්‍රියාකාරිත්වය සහ මුදල් පරිපාලනය පලාත්පාලන ආයතනයට බාරදීමටයි. වසර 2020දී මේ රටේ පලකල ගැසට්ටුවක් මගින් විදුලිය විකිණීමේ බලතල පලාත්පාලන ආයතන වෙතටද පැවරුණි.
මෙම microgrid පැකේජයක් ලෙස සැපයීම ඉතා ලාබදායි ව්‍යාපාරයක්ද වෙයි. මෙයට රජයේ අනුග්‍රහය ලැබේ නම් ටික කලකින් විදුලි බල ගැටළුව සාර්ථකව නිමකළ හැකි වනු ඇත. ලංකා විදුලිබල මණ්ඩලය මේ සංකල්පය දෙස කුමන ඇසකින් බලයිද කියා අපි බලාගෙන ඉඳිමු.
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com2tag:blogger.com,1999:blog-7057482407804887706.post-35416638796568629722023-09-17T06:37:00.003-07:002023-09-17T06:37:49.404-07:00ඇත් මවට පිං අනුමෝදනා කරමු
අද අපට මොලමුරේලාගේ කාලේ මෙන් වන ඇතුන් කොටු කර මදු ගසා අල්ලා ගැනීමට නීතියෙන් ඉඩක් නැත. මා දන්නා තරමට ලංකාවේ හීලෑ ඇතුන් අභිජනනය කිරීමේ තාක්ෂණයක්ද නැත. එසේ නම් හීලෑ කරගැනීමට අලි ඇතුන් ලබා ගත යුත්තේ වනාන්තරයෙන් අලි පැටවුන් හොර රහසේ රැගෙන ඒමෙනි.
තම පැටවා ස්ව කැමැත්තෙන් මිනිසුන්ට ලබා දීමට කිසිම ඇත් මවක් කැමති නොවන බව යම් හෝ බුද්ධියක් ඇති සැමටම වැටහෙනු ඇත. එසේ නම් අලි පැටවුන් ලබා ගත යුත්තේ කිරි එරෙන මව් ඇතින්න මරා දමාය.
කෙසේ හෝ ආගමික සංස්කෘතිය රැකගත යුතු බවට බහුතරයක් සිතනා රටක මව් ඇතින්න ඝාතනය කර ඇත් පැටවුන් පැහැරගැනීමේ වරදක් නැති විය හැක. ඒ නිසා මම එහි ගුණ දොස් විචාරීමට නොයමි.
ඊළඟ දවසේ පෙරහැරේ ඉතා ආඩම්බරයෙන් සහ ස්ව කැමැත්තෙන් කරඬුව රැගෙන වඩින පිංවත් ඇත් රජා දෙස බලාගෙන බුද්ධාලම්බන ප්‍රීතිය ලබන ඔබ තම ජීවිතය සහ දරුවා දන් දුන් මව් ඇතින්නටද පිං අනුමෝදනා කරන්න.
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com0tag:blogger.com,1999:blog-7057482407804887706.post-59154752193703421962023-09-09T03:08:00.002-07:002023-09-09T03:14:02.173-07:00නැට්ටෙන් අල්ලා ගත් පෙරහරේ අලි
පෙරහැරේ අලි ඇතුන් ගෙන යාම පිළිබඳව මගේ අදහස කිහිප දෙනෙකුම මගෙන් අසා ඒවා තිබුණි. අලි ඇතුන් නිසා සමාජය ගිනියම් වන අගෝස්තුවේ ඒ ගැන කිසිවක් ලිවිය නොයුතු යැයි මම සිතුවෙමි. ලංකාවේ අනෙක් බොහෝ කාරණා මෙන්ම පෙරහැරේ අලි පිළිබඳවද පක්ෂ විපක්ෂ දෙපිරිසම නැට්ටෙන් අල්ලාගෙන ඇති බව මට හැඟුනි.
ලොව වැඩිම අලි ඇතුන් ප්‍රමාණයක් සිටින අගනගරය බැංකොක් නුවරයි. ඒ සංචාරකයන් පිනවීම සඳහාය. වසර 2021 මේ අලි ඇතුන්ටත් ඇත් හිමියන්ටත් තදබල අපල කාලයක් විය. කෝවිඩ් සීමා හේතුවෙන් තායිලන්තයට සංචාරකයන් පැමිණීම ශුන්‍ය විය. මේ නිසා ජීවන වියදම අධික බැංකොක් නගරයේ තව දුරටත් තම අලි ඇතුන් නඩත්තු කිරීම බොහෝ ඇත් හිමියන්ට ඉතා අපහසු කාරණයක් විය. තම අලි ඇතුන්ද රැගෙන ඈත එපිට ගම්බද ප්‍රදේශ වලට යාමට බොහෝ දෙනා තීරණය කළහ. ඒ දිනවල අලි ඇතුන් සිය ගණනක් පාර දිගේ ගමේ යනු සුලබ දසුනක් විය. මේ අලි ඇතුන් බොහෝ දෙනෙකුට විලංගු දමා තිබුණේ නැත. ඇත් ගොව්වන් (ඔවුන් ඔහු හඳුන්වන්නේ ඇත් බාරකරු ලෙසයි) අත තියුණු උල් ආයුධ තිබුනේවත් ඇතුන්ට නොයෙකුත් ආකාරයෙන් තාඩන පීඩන කරනවාවත් කිසිවෙක් දුටුවේ නැත.
ලංකාවේ පෙරහැරේ යන අලියාට මෙන්ම පන්සලේ සිටින අලියාටද දෙපය ඈත් කල නොහැකි පරිදි යෝධ දම්වැල් දමා ඇත. බොහෝ අලි ඇතුන්ගේ දෙපාවල මෙන්ම සිරුරේ වෙනත් තැන්වලද දම්වැල් වලින් සහ හෙණ්ඩුවෙන් ඇනීමෙන් වූ තුවාල රාශියක් ඇත. ඇත්ගොව්වන් අලින්ට ඉතා කෲර ආකාරයෙන් සලකන වීඩියෝ පටි ගණනාවක් යූ ටියුබයේ සැරිසරයි. ඔවුන් බොහෝ විට සිටින්නේ අධික බීමතිනි.
වරද කොතනද?
ලංකාවේ ඇත් හිමියා සහ ඇත්ගොව්වා අතර ඇත්තේ ආර්ථික-සමාජීය වශයෙන් අහසට පොලව වැනි වෙනසකි. බොහෝ ඇත්ගොව්වන්ගේ ජීවන තත්වය ඉතා දුක්ඛිතය. ඔවුන් ඇත්ගොව්වන් වී ඇත්තේ එක්කෝ පරම්පරාවෙන් ලද රැකියාව නිසාය. නොඑසේ නම් වෙනත් රැකියාවක් නැති නිසාය. බොහෝ ඇත් හිමියන්ට ඇත්ගොව්වා ප්‍රවේණිගත දාසයකු පමණි. ඇත් ගොව්වාගේ ජීවන තත්වය ඉහල දැමීමට ඇත් හිමියන් කිසිවිටක උත්සහ නොගන්නේ මේ නිසාය.
ගෘහස්ත කරගත් අලි ඇතුන් හෙණ්ඩුවෙන් ඇන, තලා පෙලා වැඩ කරගැනීම තායිලන්තය වැනි රටවල නවත්වා දැන් දශක ගණනාවකි. ඒ වෙනුවට අලි ඇතුන් හීලෑ කර පුහුණු කිරීමේ තාක්ෂණය ප්‍රගුණ කිරීම සඳහා පාසැල් සහ ආයතන ඇරඹිණි. සතුන්ට වද හිංසා නොකර ඔවුන් කීකරු කරගැනීමේ කලාව එහිදී ඔවුන් ඉහලටම ඉගෙන ගනියි. මෙම සමහර පාසල් විශ්ව විද්‍යාල තත්වයට උසස් කිරීමට දැන් තායි රජය කටයුතු කරයි. බොහෝ අවස්ථාවල ඇත් ගොව්වා සහ ඇත් හිමියා එක් පුද්ගලයෙකි. මේ නිසා ඔහු ඇතාව ආදරයෙන් රැක බලා ගනියි. දැන් මෙම පාසල් වලින් පුහුණුව ලැබු කාන්තා ඇත් ගොව්වන්ද ඔබට තායිලන්තයේදී දැකගත හැක.
පෙරහැරේ අලි ඇතුන් ගෙනයාම තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවෙන් සමාජ මාධ්‍යවල මාරාන්තික සටන් කරන පිරිසටද ඊට එරෙහිව මහා දිග පදවැල් රචනා කරන පිරිසටද මම මෙසේ කියමි.
ඔබට හැකිද රජයට බලකරන්න ඇත්ගොව්වකු වීමට නම් ඒ සඳහා අනිවාර්ය පුහුණුවක් තිබිය යුතු බවට නීති ගෙන ඒමට
ඔබට හැකිද ඇත් හිමියන්ට බලකර සිටින්න තම මුදලින් ඇත්ගොව්වන් තායිලන්තයට හෝ යවා පුහුණු කරවිය යුතු බවට
ඔබට හැකිද ඇත්ගොව්වන්ගේ සේවය වෙනුවෙන් ඉහල වැටුපක් ගෙවා එය ගෞරවාන්විත රැකියාවක් කිරීමට බලකරන්න
පෙරහැරේ ගියත්, පන්සලේ සිටියත්, සංචාරකයන් පිටේ තබාගෙන ගියත්, අලි ඇතුන් අවම සත්ව කරුණාවක් යටතේවත් ජීවත්වෙනවා දකින්න ඔබ කැමති නැද්ද? එසේම ඇත්ගොව්වා ඔබත් මාත් මෙන්ම සමාජයේ පිළිගත් රැකියාවක් කරන යහපත් ජීවන තත්වයක් තිබෙන පුද්ගලයෙකු විය යුතු යැයි ඔබට සිතෙන්නේ නැද්ද?
ඔබ සටන් කල යුත්තේ මේ සඳහා නොවේද?
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com0tag:blogger.com,1999:blog-7057482407804887706.post-37661841617585035712023-09-03T08:14:00.002-07:002023-09-03T22:33:09.109-07:00මහරගම පිළිකා රෝහලේ ඛේදවාචකය
මීට වසර 10ට පමණ පෙර මම ගිලන්ව සිටි මගේ සමීපතම ඥාතියකු බැලීම සඳහා මහරගම පිළිකා රෝහලට ගියෙමි. එවකට අප මැලේසියාවේ පදිංචි වී සිටි අතර රෝගියා වෙනුවෙන්ම අපි සති දෙකකට මැලේසියාවේ සිට ලංකාවට පැමිණියෙමු. ඥාතියා බැලීමෙන් පසු මගේ බිරිඳ නෑදෑ හිතමිතුරන් කිහිප දෙනෙක් සමග කතාබහට වැටුණු අතර මම හදිසි දුරකථන ඇමතුමක් දිය යුතුව තිබුණු බැවින් මෝටර් රථය වෙත පැමිණියෙමි.
රියඳුරු අසුනේ හිඳ දුරකථන ඇමතුමෙහි යෙදී සිටින විට මට අසල බිත්තියක වූ දසුනක් නෙත ගැටුණි. වහා වාහනයෙන් පිටතට පැමිණි මම එහි ඡායාරූපයක් ලබා ගතිමි. එහි වුයේ ගොඩනැගිල්ලේ අකුණු සන්නයකයේ සිට පැමිණෙන down conductor එක ආධාරකය ලෙස ගෙන සවි කර ඇති විදුලි රැහැනකි. බැලූ බැල්මට එම විදුලි රැහැන අළුතෙන් සවි කරන ලද්දකි. මෙය අකුණු ආරක්ෂණයේ මූලික සිද්ධාන්තයක් කඩ කරන ඇතුලේ ඇති උපකරණ වලට බලවත් හානි පැමිණිය හැකි ක්‍රියාවකි.
නිවසට පැමිණි විගස මම එවකට එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කල මගේ බිරිඳගේ නැගණිය අමතා මේ බව පැවසුයෙමි. ඇය පවසා සිටියේ බාහිර පෙනුමෙන් බොහෝ විට මේ ගොඩනැගිල්ල ඊට ටික කාලයකට පෙර ඉතා අධික මිලක් ගෙවා මිලදී ගත් sychrotron යන්ත්‍රය සවිකළ ස්ථානය විය හැකි බවයි. ඉන් පසු මම සියලු වැඩ පසෙකලා ඇය ලබා දුන් ඊමේල් කිහිපයකට මේ සිද්ධිය සහ එහි බරපතල කම පිළිබඳව දන්වා යැව්වෙමි. ඒ එම ආයතනයේ ඉහලම නිලධාරින් කිහිප දෙනෙකුටය. ඒ කිසිවෙකුගෙන් මට පිළිතුරක් හෝ ලැබුණේ නැත.
අප මැලේසියාවට යාමට දිනකට පෙර පුවත්පත් සිරස්තලය වුයේ පෙරදින කොළඹ ප්‍රදේශයට බලපෑ ප්‍රබල අකුණු කුණාටුව නිසා මහරගම පිළිකා රෝහලේ ඉතා වටිනා උපකරණයකට රුපියල් කෝටි ගණනක හානි සිදුවී ඇති බවයි. මගේ නෙතට කඳුලක් මෙන්ම හිතට යම් වරදකාරී හැඟීමක්ද මතුවිය.
මේ අනතුර පිළිබඳව අදටත් මහරගම පිළිකා රෝහලේ නිලධාරීන්ට මතක ඇතැයි මම සිතමි. කිසිවෙකුට වරද පැටවිමටවත් කිසිවෙකු අපහසුවට පත් කිරීමටවත් මට අවශ්‍ය නැත. මේ පිළිබඳව මෙතෙක් ආරක්ෂණ පියවරක් ගෙන නැත්නම් ඒ පිළිබඳව අවධානය යොමුකරන්නැයි පමණක් මම ඉල්ලා සිටිමි.
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com0tag:blogger.com,1999:blog-7057482407804887706.post-44550155838162015362023-08-26T03:16:00.002-07:002023-08-26T08:04:08.770-07:00සිංගප්පුරු වැසියෙකු සේ සිතමු
"ඔබට ලංකාව සිංගප්පුරුවේ මට්ටමට දියුණු කල යුතු නම් මුලින්ම සිංගප්පුරු වැසියකු සේ සිතන්න". මේ පෝස්ට් එකට ඉතාම වටිනා අදහස් (එහෙත් විවිධ කෝණ වලින්) පලවී තිබෙනවා. විය යුත්තේ මෙයයි.
විසිකළ යුතු අදහස කෙටි විය යුතු නිසා මම පලකලේ "thought provoker" එකක් විතරයි. නමුත් මෙය අප යම් ගැඹුරකට හැදෑරිය යුතු කාරණයක්.
සිංගප්පුරු වැසියන්ගේ චින්තනය තේරුම් ගැනීමට නම් අප සිංගප්පුරුවේ ඉතිහාසය ගැඹුරින් අධ්‍යනය කල යුතුයි. මම මේ ගැන කලකට පෙර ඉංග්‍රීසි බසින් ලිපියක් පලකලා. මම එහි සඳහන් කරුණු කෙටියෙන් ලියන්නම්.
මැලේසියානු ෆෙඩරේෂණයට අයත් වූ චීන සම්භවය ඇති බහුතරයක් සිටි සිංගප්පුරු ප්‍රන්තයත් මුස්ලිම් බහුතරයක් ඇති අනෙකුත් ප්‍රාන්තත් අතර 1920 ගණන්වල සිට විශාල අර්බුද මතුවී තිබුණා. 1965 දී එක රැයකින් මැලේසියාව සිංගප්පූරුව තම ෆෙඩරේෂණයෙන් එලවා දැමුවා. බොන්න ජලය නැති, අන්නාසි හැර වෙන යමක් වගා කල නොහැකි, කිසිම ආර්ථික වටිනාකමක් ඇති වත්කමක් නොමැති බිම කඩක නූගත් මිලියන කිහිපයක බඩගිනි හමුදාවක් සමග ලී ක්වාන් යූ නැමැති නායකයා තනි වුනා.
එවකට පලවූ පුවත්පත් වාර්තා අනුව LKY කාමරයකට වී දින ගණනාවක් ආහාර නොගෙන හැඬු කඳුලින් සිටි බව පැවසෙනවා. මේ අවස්ථාවේදී ඔහුගේ ඉතාම හිතවත් මිතුරෙකු වූ එවකට මැලේසියාවේ සිටි බ්‍රිතාන්‍යය තානාපති වරයා LKY හමුවී "ඔබ නැගිටින්න අපි ඔබට ආධාර කරන්නම්" යයි කී බව පැවසේ. එහිදී LKY කියා ඇත්තේ අපට අවශ්‍ය ඔබගේ ආධාර නොව ආයෝජන බවයි. ඒ වෙනුවෙන් තමන් ලෝකයට ආයෝජන සඳහා ඉතා සුදුසු වූ රටක් ලබා දෙන බවට සහතික වී ඇත.
පසුදා ජාතිය ඇමතු LKY ජනතවට කියා ඇත්තේ ජනතාව කොන්දේසි දෙකකට කැමති නම් තමන් රටේ නායකත්වය දිගටම පවත්වාගෙන යාමට එකඟ වන බවයි.
1. රටේ ආගම්-ජාති බේදය ශුන්‍ය විය යුතුය.
2. රටේ දුෂණය-වංචාව ශුන්‍ය විය යුතුය.
ජනතාව එයට එකඟවිය. සිංගප්පුරුවේ ගමන පටන් ගන්නේ එතැන් සිටය. මේ කරුණු දෙක වෙනුවෙන් LKY ඉතා දැඩි තීරණ ගත්තේය. ඔහුගේ සමීපතම සඟයන් පවා දඟ ගෙයි දැමිය. ආගම ඇදහීම නිවසට හෝ පන්සලට-පල්ලියට සීමා විය. සංස්කෘතිය රටටම පොදු වූ විනෝදාශ්වාදය ගෙන එන කටයුත්තක් විය. රටේ නිල භාෂාව ඉංග්‍රීසි විය. කන්තෝරුවේ කොලයක් අයථා ලෙස පරිහරණය කල කාර්ය සහයකයටද සිපිරිගෙට යාමට සිදුවිය. රථවාහන වරදක් කළහොත් මුළු මාසික වේතනයම දඩ මුදල් ලෙස ගෙවීමට සිදුවිය. පාරේ කෙල ගැසීම පවා සිපිරිගෙට යාමට හැකි වරදක් විය. නූගත් අලස ජනතාවක් දශක දෙකකදී විනයානුකූල කඩිසර අවංක සමාජයක් බවට පත්විය. ඔබ අද සිංගප්පුරුවේ පොලිස් රාජ්‍යයක වැසියන් ලෙස දකින්නේ මෙලෙස ගොඩනැගුනු සමාජයයි.
LKY යනු සුර දුතයෙක් නොවේ. සිංගප්පුරුව ලොව දියුණුතම රාජ්‍යයක් වන විට LKY ඇතුළු නෑදෑ පිරිවරද ලෝකයේ ධනවත්ම පවුලක් විය. එසේම ඒ පවුලේ සාමාජිකයන් ලෝකයේ ඉහලම සරසවි වලින් උපාධි ලද උගතුන් සහ වෘත්තිකයන් විය. කෙසේ නමුත් මේ ගැන අදටත් කිසිඳු සිංගප්පුරු වැසියෙකු ඔහුට දොස් කියන්නේ නැත.
අප මැලේසියාවේ සිටි සමයේදී සිංගප්පුරුවට යාමට තිබුණේ අපගේ නිවසේ සිට පැය 4 පමණ drive එකකි. මේ නිසා මැලේසියාවට පැමිණෙන නෑදෑ හිත මිතුරන් සමග කිහිප වරක් අපට එහි යාමට සිදුවිය. සිංගප්පුරුව මම යාමට අකමැතිම රටකි. හේතුව එහි මිනිසුන්ගේ රොබෝ-වැනි හැසිරීමයි. ඔවුන් ඉතා විනය ගරුකය. එහෙත් ඔවුන් බොහෝ දෙනෙකු තුලින් මම මානුෂ්‍ය බැඳීමක් නොදකිමි. එය සමහර විට මගේ වරදක් විය හැක.
අපට ගමනක් යනවා නම් 1965 සිංගප්පුරුවෙන් එය පටන් ගත යුතු නැත. ලාංකිකයා සාක්ෂරතාවයෙන්, දැනුමෙන්, මානසික මට්ටමින් එදා සිංගප්පුරු සමාජයට වඩා බොහෝ ඉදිරියෙන් ඇත. එහෙත් අවාසනාවකට ඉරිසියාව-කුහකකම-ලේබල්ගතවීම යන ඍණාත්මක කරුණු තුනෙන් ඔවුන් යා හැකි උපරිම දරුණු මට්ටමට ලඟා වී ඇත.
ලාංකිකයා හිතන්න පුරුදු වූ දිනෙක ඔවුන් තම මනසට තමන්ම දමා ගෙන ඇති විලංගු වලින් මිදෙනු ඇත. ඒ සඳහා LKY කෙනෙක් අවශ්‍යද? ඔබ ඒ තරමටම දුර්වලද?
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com0tag:blogger.com,1999:blog-7057482407804887706.post-51210652593893507142023-08-25T09:32:00.004-07:002023-08-28T03:39:01.946-07:00බිඳුණු සිහින
ලංකාවේදී මා දුටු ඉතා ව්‍යාකූල සමාජ-ආර්ථික වාතාවරණය තේරුම් ගැනීමට මම කිහිප ආකාරයකින් උත්සහ ගතිමි. නමුත් එය නිෂ්ඵලය. පසුගිය වසර කිහිපය තුල ලංකාවේ නිෂ්පාදන හෝ ආදායම් මාර්ග කිසිවක වර්ධනයක් නැත. ඒ වෙනුවට ඇත්තේ අවගමනයකි. උද්ධමනය යම් පමණකට පාලනය කර ගෙන ඇත්තේ ආනයන සඳහා පනවා ඇති සම්බාධක මගින්ය. නමුත් ජනතාව අතරින් යම් කොටසක් අසීමිතව වියදම් කරති. මෙය සිදුවිය හැකි එකම ක්‍රමය ලෙස මා දකින්නේ අදිසි තුන්වන පාර්ශවයක් මගින් සිදුකරන කෘතීම කළමනාකරණයකි. ඒ ගැන මම තවම දැනුවත් නැත. නොදන්නා දේ කතා කල යුතුද නැත.
මෑත ඉතිහාසයේදී ලාංකීය සමාජය බොහෝ සිහින ගොඩ නැගීය.
අම්පිටියේ සුමන හිමි දේවගතිවරයෙකුගේ කනට ගසන විට, ඥානසාර හිමි, ඩෑන් ප්‍රියසාද් වැන්නවුන් චන්ඩින් සේ හැසිරෙන විට, වචනයක් අල්ලාගෙන නටාෂලා, සේපාල්ලාව දඟගෙයි දමන විට, තම දූ දරුවන් වෙනුවෙන් බුදු දහම රැකේවී යයි ඔබ සිහින දැකීය.
පිටුපසින් සිටි දේශපලුවා රැකගැනීමට ආයුධ පෙන්වන නාඩගම පෙන්වා මාකඳුරේ මදුෂ්ලාව මරා දමන විට, සිපිරි ගෙයි කලබල ඇති කර සිරකරුවන් සමූහ වශයෙන් ඝාතනය කරන විට රටේ පාතාලය නැතිවේ යයි ඔබ සිහින දැකීය
විමල් වීරවංශලා වැනි අවස්ථාවාදී මුග්ධයන් ඉදිරියේ පොලිසිය අසරණ වන විට, පොලිසියේ කෲර හස්තය අහිංසක ජනතාව තලා පෙලා දමන විට, හමුදාවේ මර්ධන හස්තය ඔබේ විරුද්ධවාදියා වෙත යොමුවන විට ඔබේ පස ජයපැන් වඩන අයුරු ඔබ සිහින දැකීය.
ඇවිදින මංතීරුවක ගල් ඇල්ලීමෙන් ඔබ්බට සංවර්ධන ව්‍යපෘති කිසිවක් හා සම්බන්ධ නොවූ, භූ - සමාජ දේශපාලනය ගැනද මෙලෝ හසරක් නොදන්නා මෝඩ පන්නයේ උද්දච්ච මිනිසෙක් රාජාසනයේ හිඳුවා, දියුණු රටක් පහල වෙතැයි ඔබ සිහින මැවීය.
මේ කිසිවක් කිසිඳු පදනමක් ඇතිව ගොඩනග ගත් සිහින නොවේ. මේ නිසා ඒවා පැවතුනේ ඔබ නින්දෙන් ඇහැරෙන තුරු පමණි. සිහින යථාර්තයක් වනතුරු ඒ තුල ජීවත්වන මිනිසුන් මා අනන්තවත් දැක ඇත. එහෙත් ඔබ ගොඩනගා ගත්තේ යථාර්තයට ආලෝක වර්ෂ ගණනාවක් ඈත පිහිටි අභව්‍ය සිහිනය. ඒවා ඇහැරෙන විටම බිඳ වැටුනේ ඒ නිසාය.
ලංකාවේදී මා දුටුවේ රටින් පිටවන සහ පිටවීමට පෙරුම් පුරන බහුතරයක් (සියල්ලන් නොවේ) කලකට පෙර මේ සිහින වෙනුවෙන් සිහිනවලට නතු නොවූවන් සමග සටන් කල උදවියයි. එදා යම් යම් දේශපාලකයන් වෙනුවෙන් "කන්න නැතත් ඉන්න රටක් තියෙනවා" යයි කියමින් කෑගැසූ මිනිසුන් මුලින්ම රට දමා දුවගොස් ඇත. මුදල් ගෙවා ලබන අධ්‍යාපනයට එදිරිව විලාප නැගූ අය තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රටින් ඉවතට සංක්‍රමණය වෙමින් පවතී.
රටවල් කිහිපයකම විවිධ සංවර්ධන ව්‍යපෘති වලට සහභාගී වී මා ලද අත්දැකීම් අනුව මට පහත නිගමනය කල හැක.
බහුතරයක් මිනිසුන් සිය ආකල්ප වෙනස් කරගැනීමට සුදානම් නම් කවුරු රටින් පිට වුනත් කෙටි කලකදී ලංකාව ලෝකයේ ධනවත්ම රාජ්‍යයක් කල හැක.
ඒ සඳහා
නීතියේ ආධිපත්‍යට හිස නමන්න
පාලකයන් පත්කරගැනීමේදී නිවැරදි තීරණ ගන්න
දුෂණය-වංචාව පිටු දැකීමේ පළමු පියවර ඔබ වෙතින් පටන් ගන්න
ඉරිසියාව සහ කුහකකම ඔබගෙන් ඈත් කරන්න
තමා වෙත තමා විසින්ම ගසා ගෙන ඇති ලේබල් ගලවා දමන්න නොහැකි නම් අඩුම ගණනේ බොඳ කර දමන්න
අපි ඉන් පසු ලංකාව ගොඩගන්න මාර්ග සිතියම සාදමු
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com0tag:blogger.com,1999:blog-7057482407804887706.post-54473429050842768492023-08-19T04:51:00.002-07:002023-08-19T04:53:16.730-07:00මා දුටු ලංකාව
ලංකාවේ ගත කල සති තුනක කාලය තුලදී මට නිරීක්ෂණ කිහිපයක් සිදුකල හැකි විය. ඒවා මම මෙසේ පෙලගස්වමි. මා කතා බස් කල සමාජ රාමු අතර තරමක් පිටිසර දුප්පත් ගැමි පරසරයක්, නගරයේ පහල ආර්ථික ස්ථර කිහිපයක්, ත්‍රිරෝද රථ සමාජය, මධ්‍යම පන්තියේ අප සාමාන්‍යයෙන් ඇසුරු කරන නෑ සිය මිතුරන්, holiday resort හතරකදී සහ තරු පහේ හෝටල් දෙකකදී මුණ ගැසුණු පිරිස් සහ රටේ ඉතාම ධනවත් කිහිප දෙනෙකුගේ නිවෙස් වලදී හඳුනා ගත් පිරිස් විය.
ලංකාවේ පවතින්නේ අතිශයින්ම කෘතීම වූ සමාජ-ආර්ථික ව්‍යුහයකි.
රටේ භාණ්ඩ සහ සේවා මිළ නොසිතිය හැකි තරම් ඉහල අගයක ඇත. එළවලු මස් මාළු ඉතා මිල අධිකය. කුලී රථයක ගමනක් යාමට කිලෝ මීටරයකට රුපියල් 120-160ත් අතර මුදලක් අය කරයි. ත්‍රිරෝද රථයක නම් කිලෝමීටරයට රුපියල් 80-100ත් අතර මුදලකි.
එහෙත් ආර්ථික මධ්‍යස්ථාන සහ සුපිරි වෙළඳ සැල් වල බඩු භාණ්ඩ පිරී ඉතිරී ඇත. රෙදිපිළි විකුණන සාප්පු සංකීර්ණ වලද සෙනග අඩුවක් පෙනෙන්න නැත. Pick Me හෝ Uber රථයක් ගෙන්වා ගැනීමට සෑහෙන වෙලාවක් ගතවේ. ත්‍රිරෝද රථ බොහෝමයකද පාරිභෝගිකයෙකු නැති අවස්ථාවක් සොයා ගැනීම අසීරුය.
පන්ති බේදයකින් තොරව මා කතා බස් කල බොහෝ දෙනා රටේ ජීවත්වීමට ඇති අපහසු තත්වය පිළිබඳව දිගින් දිගටම කරුණු ඉදිරිපත්කරන්න විය. බොහෝ දෙනා තමන්ගේ ආදායම සහ වියදම පිළිබඳව ගණන් හිලව් පවා ඉදිරිපත් කරනු ලැබීය. ඇත්තෙන්ම ඔවුන්ට තම සමාජ පංති රාමුව තුල සැනසුම් සහගත ජිවිතයක් ගත කිරීමට නොහැකි බව ඉතාමත්ම පැහැදිලිය. පහල පන්තියේ සියළු දෙනාම කියා සිටියේ මීට වසර දෙකකට පෙර තමන් පරිභෝජනය කල දේ දැන් 50% ට වඩා අඩු කර ඇති බවයි.
අනෙක් අතට holiday resort සහ තරු පහේ හෝටල්වල අවන්හල් පිරී ඇති සේයකි. කොළඹින් බැහැර ප්‍රසිද්ධ නිවාඩු නිකේතනයක කාමරයක් සති අන්තයේ book කරගැනීමත් පහසු නැත. බොහෝ මධ්‍යම පාන්තිකයන් රට පුරා විනෝද ගමන්වල යෙදෙති.
වෘත්තිකයන් පවුල් පිටින් රට හැරයාම ඉතා දරුණුවට සිදුවෙමින් පවතී. අප සිටි සති තුන ඇතුලත පමණක් අප ඇසුරුකරන පවුල් 6 ක් ලංකාවෙන් නික්ම ගියහ. ඔවුන් අතර වෛද්‍ය, හෙද, සහ IT විශේෂඥයන් විය. මීට අමතරව තවත් අප හා කතා බස් කල විශාල පිරිසක් නුදුරු අනාගතයේදී රටින් නික්ම යාමට පිඹුරුපත් සකස් කර අවසානය. ඔවුන් සියළු දෙනාම පැවසුවේ රටේ ජීවත්වීමට නොහැකි තරම් ජිවන වියදම ඉහල ගොස් ඇති බවත් විශේෂයෙන්ම තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන් එම තීරණය ගන්නා බවත්ය. සියලු දෙනාගේම ඇත්තේ එකම මැසිවිල්ලකි. ඔවුන් ඉදිරිපත් කරන කරුණු අතිශයින්ම සාධාරණය.
මේ පිටරට පදිංචියට සංක්‍රමණය වන බව කී වැඩි පිරිසක් මට හමු වුණේ තරුපහේ හෝටලයක හෝ නිවාඩු නිකේතනයක විවේක සුවය වෙනුවෙන් පැමිණ සිටින විටකදීය.
මා මෙවර ලංකාවේදී කල කිසිසේත් බලාපොරොත්තු නොවූ නිරීක්ෂණයක් ඇත. එනම් ජනතාව තුල දේශපාලනය කෙරේ ඇති ඉතා පහල උනන්දුවයි. වෙනදා අප හමු වූ විට කතාබස් කරන මුළු කාලයෙන් 80%ට වඩා දේශපාලන මාතෘකා සඳහා කැප කරන බොහෝ නෑදෑ - මිතුරු සමුහ මෙවර ඒ ගැන කිසිම උනන්දුවක් දැක්වුයේ නැත. මා දේශපාලනය පිළිබඳව මාතෘකාවක් බලෙන් ඇද ගත්තත් "ඕව කතා කරලා වැඩක් නැහැ චන්දිම, පුලුවන්නම් අපිට ජොබ් එකක් සෙට් කරලා දෙන්නකෝ ඔයා දන්න රටකින්" කියා කතාව නිම කරයි. සියළු දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් පිළිබඳව ඔවුන්ට ඇත්තේ ඉතා උදාසීන කලකිරීම් සහගත ආකල්පයකි.
ජවිපෙ පිළිබඳව ඇති සමාජ ආකල්ප පිළිබඳව මම වැඩි උනන්දුවකින් අධ්‍යනය කලෙමි. සමාජ මාධ්‍ය තුල ඔවුන්ට ඇති තැන රට තුල ඔවුන්ට නැති බව මගේ නිරීක්ෂණයයි. අමාරුවෙන් කතාවට අල්ලා ගත බොහෝ දෙනා කියා සිටියේ "රටට යමක් කරනවා නම් කල හැක්කේ ජවිපෙට පමණයි. නමුත් ඒ අයටත් දැන් ඇවිල්ලා කිසිදෙයක් කරන්න බැහැ" වැනි ප්රකාශයි. එසේම උසස් අධ්‍යාපනය වැනි මාතෘකා වලදී ජවිපෙ කිසිඳු ස්ථාවරයක නොමැති බවත් මේ නිසාම ඔවුන් බලයට පැමිණීම තුල යම් අන්තරායදායක තත්වයක් පවතින බවත් ප්‍රකාශ විය.
මා දකින ආකාරයට ජවිපෙ තමන් මෙතෙක් කල ඓතිහාසික වරදක් repeat කරමින් සිටියි. එනම් ඔවුන් චන්දදායකයන් එකතුකරනවා වෙනුවට පාක්ෂිකයන් එකතුකිරීමට උත්සහ දරමින් සිටීමයි.
මේ කෘතීම සමාජ-ආර්ථික රාමුව කාගේ නිර්මාණයක්ද? එහි අරමුණ සහ ගමනාන්තය කුමක්ද? ජනතාවට කල හැකි දෙයක් ඇත්ද? මා කල නිරීක්ෂණ තුලින් මා ගොඩනැගූ නිගමන නැවත කාලවේලාවක් ලැබුණු විට ඉදිරිපත් කරන්නම්.
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com0tag:blogger.com,1999:blog-7057482407804887706.post-87092200961552778332023-07-19T00:53:00.007-07:002023-07-19T01:35:01.907-07:00ගැටළුව කුමක්දැයි නොතේරීමේ ගැටළුව
වෘත්තිකයන් රට හැර යාමේ ගැටළුව නොතේරෙන අයට එය තේරුම් කර දීම අපහසුය. මන්ද ඔවුන්ට අවශ්‍ය ගැටලුව තේරුම් ගැනීමට නොවන නිසාය. මේ ලියන්නේ යමක් සිතීමේ හැකියාව ඇති අය වෙනුවෙනි.
බොහෝ අයට ඇති ලොකුම ගැටළුව වෘත්තිකයා define කර ගැනීමට නොහැකි වීමයි. වෘත්තිකයෙක් (professional) යනු යම් ක්ෂේත්රයක නිසි පුහුණුව, කුසලතා වර්ධනය, අත්දැකීම් සහ පළපුරුද්ද ලැබූ නිපුණයෙකි. මේ අනුව වෘත්තිකයෙක් බිහි වීමට සෑහෙන කාලයක් ගතවේ. එසේම ඒ සඳහා ජේෂ්ඨ වෘත්තිකයන් සිටීමද අවශ්‍යවේ. ඔවුන් අපි "trainers of trainers" යනුවෙන් හඳුන්වමු. වෘත්තිකයන් වෛද්‍ය හෝ ඉංජිනේරු වෘත්තියේ සිට පෙදරේරු හෝ මැටි කර්මාන්තය දක්වා විශාල පරාසයක විහිදී ඇත.
සමහර ලාංකිකයන්ගේ ඊළඟ අවුල තවත් ලාංකිකයෙක් රටින් නික්ම ගොස් ඇත්නම් ඔහු හෝ ඇය ගියේ කුමක් නිසාද, යන්න පෙර සහ පසුව එම පුද්ගලයා රටට කල සේවය, දැනටත් කරන සේවය, විදේශ ගත අයෙකුට තමන්ගේ උපන් රට වෙනුවෙන් කල හැකි සහ නොහැකි දේ මොනවාද ආදී වූ කිසිම දෙයක් නොදැන කියවීමයි. එය සමහර විට සමහර ලාංකිකයන්ගේ පාරම්පරික ගතිය විය හැක.
ඊළඟ කරුණ, මේ වෘත්තිකයන් රට හැර යාමේ ගැටළුව පිළිබඳව මා නැවත නැවත පවසන්නේ එසේ රට හැර යන වෘත්තිකයන්ට දෝෂාරෝපණය කිරීමට නොවේ. එම වෘත්තිකයන් රට හැර යන තත්වයට රට බංකොලොත් කල දේශපාලකයන්ට බැනිමටද නොවේ. ඒ තබා ඒ දේශපාලකයන් පත් කර ඔවුන් හොර මැර තක්කඩිකම් කරද්දී ඔල්වරසන් දෙමින් ප්රශස්ති ගී ගැයූ අබුද්ධික ජනතාවට දොස් පැවරීමටද නොවේ. සිදු වූ දේ සිදුවී හමාරය. ඒ ගැන තව දුරටත් අදෝනා නැගීමෙන් පලක් නැත. සිදුවෙමින් පවතින දේ වලකා ගත යුතුය.
වෘත්තිකයෙකුගෙන් උපන් රටට සේවය ලබා ගැනීමට ඔහුගේ භෞතික පදිංචියේ බලපෑම විවිධාකාරය. සමහර වෘත්තිකයන්ගේ පදිංචි දේශය මීට කිසිසේත් අදාළ නොවේ. IT විශේෂඥයන්, සහ බොහෝ consultant ලා මේ ගණයට වැටේ. සමහර වෘත්තිකයන්ට ලෝකයේ කොහේ සිටියත් අවශ්‍ය නම් උපන් රටට සෑහෙන යමක් කල හැක. පර්යේෂකයන්, උසස් අධ්‍යයනිකයන්, බොහෝ ව්‍යවසායකයන් මීට අයිති වේ. සමහර වෘත්තිකයන්ට උපන් රටේ උන්නතිය වෙනුවෙන් යම් සීමිත දායකත්වයක් ලබා දිය හැක. විශේෂඥ වෛද්‍යවරුන්, ඉහලම පෙලේ නීතිඥයන්, ඉංජිනේරු විශේෂඥයන්, ඇතුළු අවශ්‍යතාවයකදී ලංකාවට කෙටි කාලීනව පැමිණ දායකත්වය ලබා දීමේ හැකියාව ඇති අය මීට ඇතුලත් වේ. නමුත් රටේ අති බහුතරයක් වෘත්තිකයන් ඉහත කිසිම කුලකයකට අයත් නොවේ. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන්, හෙදියන්, ගණකාධිකාරීවරුන්, පොත් තබන්නන්, නීතිඥයන්, විද්‍යුත්-මෝටර්-වඩු ඇතුළු සියළුම පුහුණු කාර්මිකයන්, පෙදරේරුවන්, බස් රථ රියදුරන් ආදී විශාල පරාසයක් මීට ඇතුලත් වෙයි. ඔවුන් රට හැර ගියොත් ඒ අඩුව පිරවීමට ඉතා අසීරුය. සමහර විට ඊට අඩ සියවසක් හෝ සියවසක් ගතවිය හැක.
භාරතයේ බුද්ධිමය තෝතැන්න ලෙස හැඳින් වූ බෙංගාලයේ (පසුව නැගෙනහිර පකිස්ථානය හා බංගලාදේශය) 1970-71 සමයේදී සිදු වූ වෘත්තික සංහාරය සහ ඉන් අනතුරුව සිදු වූ වෘත්තිකයන් විශාල ගණනක් කෙටි කාලයකදී රට හැර යාම (exodus of professionals) පිළිබඳව හදාරා බලන්න. ඔබට වැටහේවි බංගලාදේශය අන්ත දුප්පත් රටක් වුයේ ඇයිද කියා. අදටත් ඔවුන් මේ තත්වයෙන් ගොඩ ඒමට දැඩි ලෙස උත්සහ දරයි.
එදා බොහෝ වෘත්තිකයන් රටින් නික්ම ගියේ යම් මුදලක් උපයාගෙන නැවතත් ලංකාවට පැමිණ සුව පහසු ජීවිතයක් ගත කිරීමටයි. නමුත් අද කොරියාවට යන තරුණයාගේ සිහිනයත් වෙනත් රටකට කෙසේ හෝ පදිංචිය සඳහා පැනගනිමටයි. අනතුර ඇත්තේ මෙතැනයි. මෙය වෙනස් කරන්නේ කෙසේදැයි මම නොදනිමි. නමුත් අඩුම ගණනේ අපි ඒ ගැන සාකච්චා කල යුතු නොවේද?
Chandima Gomeshttp://www.blogger.com/profile/10898417978894632059noreply@blogger.com0