හියුගෝ චාවේස් යනු ලංකාවේ වෙසෙන බොහෝ දෙනෙකුට දේශපාලන වීරයෙකි. අපේ සමහර ඇත්තන් චාවේස් යනු නුතන චේ ගවේරා යයි කියනුද මම අසා ඇත්තෙමි.
මේ ලාංකිකයන්ගෙන් කී දෙනෙක් වෙනිසියුලානු ජාතිකයෙකු හා කතා බස් කර ඇද්ද? පිළිතුර බොහෝ විට බින්දුවට ආසන්න වනු ඇත.
එසේනම් ඔවුන්ට චාවේස් වීරයකු වුයේ කෙසේද.....?
එය තනිකරම මාධ්‍ය හරහා ගොඩනැගුව ප්‍රතිරූපයකි.
මා පසුගිය වකවානුවේ, වැනිසියුලානු ජාතිකයන් බොහෝ දෙනෙකු හා සමීප කතා බහේ යෙදී ඇත. ඔවුන් අතරින් කීපදෙනෙක් පශ්චාත් උපාධිය හදාරන මගේ සිසු සිසුවියන්ය. අනෙක් අය මගේ වෘතීය මිතුරන්ය. ඔවුන් සියලුදෙනාම (සියලු දෙනාම යන්න මම නැවත අවධාරණය කරමි) දරණ එක් මතයක් ඇත. එනම් හියුගෝ චාවේස් යනු වැනිසියුලාව විනාශ කරන්න පැමිණි යක්ෂයකු බවයි. චාවේස් රටේ ආර්ථිකය විනාශ කරන අයුරු ඔප්පු කිරීමට ඔවුන් නිදසුන් රාශියක් ලබාදෙයි. ඔවුන්ගේ තර්ක විතර්ක හා කරුණු කාරණා බොහෝ සෙයින් සාධාරණ යයි මට හැඟේ.
එසේ නම් චාවේස් ජාත්‍යන්තරවද, රටේ සාමාන්‍ය ජනයා අතරද වීරයකු වුයේ කෙසේද?
වැනිසියුලාව ලෝකයේ සම්පත් අතින් පොහොසත්ම රටකි. ඔවුන් සතුව විශාල ඛනිජ තෙල් නිධි රාශියක් ඇත. මීට අමතරව නොයෙකුත් ලෝහ වර්ගද ඛනිජයන්ද එහි ඇත. චාවේස් සහ ඔහුගේ සහචර කණ්ඩායම මේ සම්පත් විකුණා රටට ලැබෙන මුදලින් බිලියන ගණනක් සොරා ගත්තෝය. අදටත් සොරා ගනිමින් සිටිති.
රටේ පාලන අධිකාරිය බිලියනපතියන් වනවිට ඔවුන්ගේ පැවැත්ම වඩ වඩාත් තහවුරු වෙයි. මක්නිසාද යත් ඔවුන්ට සියලු දෙයම මුදලට ගත හැකි බැවිනි........... විරුද්ධ පක්ෂය, නීතිය, පොලිසිය, හමුදාව සහ මාධ්‍ය ඔවුන් ලෙහෙසියෙන්ම මුදලට ගනියි...... මෙයින් වඩාත්ම වැදගත් වන්නේ මාධ්‍යයයි. මගේ වෙනිසියුලානු මිතුරන් කියන්නේ මේ වනවිට CNN සහ BBC මාධ්‍ය ආයතන පවා චාවේස් ගේ සාක්කුවේ සිටින බවයි.
චාවේස් ඇමරිකාවේ පරම හතුරා ලෙස හඳුන්වන්නේ මාධ්‍යයි. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් චාවේස් සහ වැනිසියුලාව විනාශ කිරීමට කැසකවන බව පෙන්වන්නේද මාධ්‍යයි. චාවේස් ඇමරිකාව ඇතුළු බටහිර ධනවාදයට විරුද්ධව සටන් කරන පතාක යෝධයකු ලෙස පුම්බන්නේද මාධ්‍යයි.
ගරිල්ලා මාකටින් යනු කලාවක් නම් චාවේස් එහි පිකාසෝය. මන්ද ඔහු බොහෝ විට මුදල් ගෙවන්නේ ඇමරිකානු සහ බටහිර හිතවත් මාධ්‍ය හරහා ඔහුට මඩ ගසා ගැනීමටයි. මෙය ඔහුට රට තුල ඉහල වීරත්වයක් ආරෝපණය වීමට ප්‍රධාන සාධකයක් වෙයි.
ගරිල්ලා මාකටින් යනු කලාවක් නම් චාවේස් එහි පිකාසෝය. මන්ද ඔහු බොහෝ විට මුදල් ගෙවන්නේ ඇමරිකානු සහ බටහිර හිතවත් මාධ්‍ය හරහා ඔහුට මඩ ගසා ගැනීමටයි. මෙය ඔහුට රට තුල ඉහල වීරත්වයක් ආරෝපණය වීමට ප්‍රධාන සාධකයක් වෙයි.
වැනිසියුලාව තුල චාවේස්ගේ පාලන තන්ත්රයට විරුද්ධව කවරකු හෝ නැගී එයි නම් චාවේස්ගේ සඟයන් එම බලවේගයන්ට නිර්දය ලෙස පහරදෙයි. ඒවා කුඩු පට්ටන් කොට විනාශ කර දමයි. මහපාරේ දෙනෝ දාහක් ඉදිරිපිට බෙල්ල මිරිකා මරාදමන මිනිසා ඊළඟ පැයේදී ගෙල වැළලාගෙන දිවි නසාගත්තෙකු බවට පත්වෙයි. දාමරිකයන් සියයක් වටවී අත් කකුල් කඩා දමන මිනිසා ඊළඟ දිනයේදී තමා තමාටම පහරදී ගත්තෙකු බවට පත්වෙයි. මේ සියල්ල රටේ ජනතාව පිළිගන්නා තැනට වැඩ සිදු කිරීම මාධ්‍යයේ කාර්ය භාරයයි.
චාවේස්ගේ හෙන්චෙක් තම බිරිඳ දුෂණය කලවිට සැමියාට ටික දිනකින් එය අමතකවෙයි. එක්කෝ මරබිය, නැත්නම් මුදල මීට හේතුවෙයි.
චාවේස් පාලනයට විරුද්ධව පෙළපාලි සංවිධානය කරන්නවුන් අතුරුදහන් වෙයි. පසුව ඔවුන් ඇමරිකාවේ රැකවරණ ලබන බව මාධ්‍ය පවසයි. රටවැසියන්ට එය සත්‍යකි. මන්ද ඇමරිකාව හැමවිටම වැනිසියුලාවට වින කරන්න බලා සිටින බැවිනි. එය කියන්නේද මාධ්‍යයයි. මාධ්‍යයට මෙම සංකල්ප ලෙහෙසියෙන්ම ජනතාවට විකුණා ගත හැක්කේ ඇස් පනා පිට පෙනෙන බටහිර-ඇමරිකන් දුර්දාන්ත ක්‍රියාදමයන් නිසාය. බටහිර-ඇමරිකන් පාලකයන්ගේ අවලන්, නොමිනිස් ක්‍රියා පටිපාටියන් චාවේස් ට වෙස්වලාගත් ආශිර්වාදයකි.
රටේ කොතනකින් කුමන වීරෝධයක් මතු වුනත්, මිනිසුන් පාන් ගෙඩියක් ඉල්ලා වැඩවර්ජන කලත් ටික දිනකින් මේ සියලු විරෝධ පාන්නන් සහ වර්ජකයන් ජනතා විරෝධි ගොඩකට බැර කිරීමට චාවේස්ගේ මාධ්‍ය යන්ත්‍රය සමත් වෙයි.
බලයේ සිටීම සඳහා වූ චාවේස් ගේ ක්‍රමවේදය ඉතා සුක්ෂමය. ඔහු රටේ සුළුතරයක් වන බුද්ධිමතුන් සහ යමක් කලපනා කල හැක්කන් මර්දනය කරන අතරම රටේ බහුතරයක් වූ දුප්පත් ජනතාවට අල්ලස් ලබා දෙයි. එනම් රජයේ සහන දීමනා ලෙස නම් කරමින් බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමිලේ බෙදා දීමයි. මේ නිසා රටේ මුග්ධ ජනතාව අතර චාවේස් වීරයෙකි. මේ නිකන් දෙන දේ සඳහා ඔහු පෙට්‍රෝලියම් අපනයනයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් වැය කරයි. මේ "නිකන් කෑම" ජනතාව ඵලදායක ක්‍රියාවලියෙන් ඈත් කර රටට බරක් වන බේබන්දන් රැසක් බවට පත් කර ඇත. ඔවුන්ට දුප්පත් කම ආභරණයකි. මෙහි අහිතකර ඵල විපාක ඔවුන්ට ඉක්මනින්ම විඳගත හැකි වනු ඇත.
වැනිසියුලාවේ මකරාක්ෂයා ගොඩනැගු ජනතාව අද මකරාක්ෂයාගේ ගොදුරු බවට පත්වෙමින් සිටියි. ඔවුන්ට ගැලවීමක් නැත. බිලියනපතියන් වූ යාන්ත්‍රණය එතරමටම බලවත්ය.
චාවේස් සහ සහචරයන් හොරකම් කරන්නේ රටේ සම්පත් විකුණා ලැබෙන ධනයයි.
ගත් ණයෙහි පොලිය ගෙවීමට, පොලියට ණය ගන්නා රටක .........
*******************************
මේ 2018 වසරයි.
වසර 6 කට පසු.........
අද චාවේස් නැත. ඛනිජ තෙල් සම්පතෙන් අනූන වූ වැනිසියුලාව වර්තමානයේ ලොව ඇති දරුණුම ලෙස ආර්ථික අහේනියෙන් පෙලෙන රටකි. නිකන්ම කන්න පුරුදු වී සිටි වැනිසියුලානු ජනතාව නත්තලට නිකන් දෙන ඌරුමස් ගාතය නොලැබුණා කියා ගිය වසරේදී රට පුර විශාල හර්තාලයක් දියත් කළේය. රජයට එවර එය නිකන් දෙන්න බැරිවුනේ ඌරු ගාත ආනයනය කිරීම සඳහා ස්පාඤ්ඤයට වසර ගණනාවක් තුල ගෙවා නොමැතිව එකතුවී ඇති නය මුදල පියවන තෙක් ඔවුන් වැනිසියුලාවට ඌරු ගාත සැපයීම නැවතූ බැවිනි.
පසුගිය මාස කිහිපය තිස්සේ වැනිසියුලානුවෝ ලක්ෂ ගණනින් යාබද කොලොම්බියාවට සරණාගතයන් ලෙස සංක්‍රමණය වෙමින් පවතී. චාවේස් ගේ සමාජවාදය රජකළ වැනිසියුලාව සමග සසඳන විට වසර ගණනාවක් මත්ද්‍රව්‍ය අධිරාජ්‍යයන්ගේ පීඩනයට ලක්ව ආර්ථික වශයෙන් බැටකා සිටින කොලොම්බියාවද සුරපුරක් වී ඇත.
Another classic article. The special quality of Prof. is his ability to present things in so artistic manner that even who do not agree with his points will appreciate his presentation skills. Read the last sentence and the picture that follows to learn something unique about prof. The impact is simply out of this world.
ReplyDeleteMay be this the future of Sri Lanka, today some people say "I am proud to be a Sri Lankan" but they do not know reason for that because it is just an image drawn by someone or himself.
ReplyDeleteThis story brings a familiar scent. Are we heading for this? Yes indeed. We are a nation who never learn from the past or mistakes. Lot of lessons are there. We have gone through two Uprisings, a thirty year War and a Tsunami. Now Covid 19. Had our governments found and understand reasons for that...? Had they found solutions for those...? NO! Even our people are not interested. They're just political worshipers. Really sad...
ReplyDelete