රුපියල් බිලියන ගණන් වලින් රාජ්‍ය දේපල වංචා කල බවට ජනතාව අතර අදහස් මුල් බැසගත් දේශපාලකයන් සහ ඉහල රාජ්‍ය නිලධාරීන් අවසානයේ සිර දඬුවම් වලට ලක්වන්නේ මිළියන කිහිපයක වංචාවකට පැහැදිලි සාක්ෂි සහිතව ඔප්පු වීමෙනි. මෙය ලංකාවේ පමණක් නොව ලොව බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල දකින්න ලැබෙන සිදුවීමකි.
මීට හේතුව මනෝවිද්‍යාත්මකව පෙන්වා දිය හැක. බොහෝ දේශපාලකයන් සහ ඉහල නිලධාරීන් පළමු සොරකම කිරීමේදී ඉතාමත්ම කල්පනාකාරී වේ. කිසිඳු සාක්ෂියක් සිදුරක් නොතබා වංචාව කිරීමට ඔවුන් උත්සුක වෙයි. මෙය බොහෝ විට සුළු හෝ මධ්‍යම පරිමාණයේ සොරකමකි. ක්‍රමයෙන් ඔවුන්ගේ සොරකම් ප්‍රමාණයෙන් ඉහල යන අතර ඔවුන් සෑම විටම ඒ සඳහා උපරිම ආරක්‍ෂිත ක්‍රමවේද උපයෝගී කරගනී. ලංකාවේ මුදලින් නම් රුපියල් බිලියන ගණනාවක සොරකමක් කර එයට අසු නොවී සිටීමේ හැකියාව ලැබුණු විට ඔවුන්ගේ මානසික ස්ථායිතාවය වෙනස් වේ. ඉන් පසු සිදු කරන රුපියල් මිලියන ගණන් වල හොරකම්වලදී ඔවුන් ආරක්‍ෂිත පියවර සඳහා අවධානය යොමු කරන්නේ ඉතා අඩුවෙනි. නමුත් ඔවුන්ට නොතේරෙන්නේ ඔවුන්ගේ පෙර සොරකම්වලට සාපේක්ෂව මේ වංචා ඉතා සුළු වුවත්, රටේ අපරාද නීති වලට අනුව ඒවා දශක කිහිපයක් සිපිරිගෙට යාමට තරම් ප්‍රමාණවත් වන වැරදි බවයි.
මනෝ විද්‍යාවේදී මේ සංසිද්ධිය ""Success Breeds Overconfidence-Effect" සහ "Hubris Syndrome" යන තත්වයන්ගෙන් පැහැදිලි කෙරෙයි.
කෙසේ වූවත් සිර දඬුවමක් ලැබීම හොඳයිද නරකයිද
ReplyDelete