ඩඩ්ලි සිරිසේනගේ බොහෝ කතා අතර යම් ගත යුත්තක් දුටුවෙමි.
ලංකාව වැනි වගා ඉඩම් ප්‍රමාණය අඩු රටක අප අක්කරයක් සඳහා ලබා ගත හැකි පලදාව උපරිම කරගත යුතුය. ඒ සඳහා නුතන තාක්ෂණය උපරිම මට්ටමින් යොදාගත යුතුය.
ඊශ්‍රායලය එදා සිටම මේ "maximum harvest per hectare" සංකල්පයට අනුගත වී සිටින අතර මේ වන විට තායිවානය, තායිලන්තය, මැලේසියාව, වියට්නාමය මෙන්ම බංගලාදේශය සහ ඉන්දියාවද මේ පිළිබඳව තම උපරිම අවධානය යොමු කර ඇත. උදාහරණයක් ලෙස මැලේසියාවේ වසර 3-4 කින් සාර්ථක පලදාවක් ගත හැකි පොල් වර්ග වගා කරන අතර එහි පලදාව ලංකාවේ පොල් ගසක මෙන් 5-6 ගුණයකින් වැඩිය.
වී වගාව පමණක් නොව සියලුම වගාවන් සඳහා "අක්කරයට උපරිම අස්වැන්නක්" සංකල්පයට අප පිය නැගිය යුතුය.
මේ සඳහා අදාළ භෝග සංවර්ධන මණ්ඩල මූලිකත්වය ගත යුතුය. මෙතෙක් තම bureaucratic කට්ට ඇතුළට වී නිදා ගෙන සිටි කෘෂි නිලධාරීන්ට අවදිවී ලෝකය දෙස බලන්න කාලය පැමිණ ඇත.
++++++++++++++👌🙏💐
ReplyDelete