Tuesday 7 November 2023

Time out, Bubble of Concept සහ සුද්දාගේ සදාචාරය



මැතිව්ස්ගේ time out දැවී යාම හා සම්බන්ධ සාකච්චාවට සහභාගී වූ සැමටම ස්තුතියි. මෙය මේ සිද්ධියෙන් බොහෝ ඈතට විහිදුනු සංවාද ප්‍රස්තුතයකි. ඔබ කිසිවකුගේ අදහස් ඔබේ රාමුව තුල වැරදි යයි මම නොදකිමි. මේ මගේ රාමුව තුල මා දකින ආකාරයයි. 

මා දකින ආකාරයට බොහෝ දෙනෙක් "මහත්මා ගතිගුණවලින් පිරි ඉතා සුන්දර වූ ක්‍රීඩා ලොවක්" නම් සංකල්ප බුබුලක් (bubble of concept) තනාගෙන ඇත.  මේ මහත්මා ගුණය සීමා demarcate කරගත නොහැකි භූතාර්ථයකි. මේ බුබුල තුලදී අපට බොහෝ මහත්මා සංකල්ප පිළිබඳව සිහින දැකිය හැක. නමුත් යථාර්තය ඉන් බොහෝ දුරස්ය. 

පාසැලේ නිවාසාන්තර තරඟයකදී අපට "ජයග්‍රහණය නොව වැදගත් සහභාගිත්වයයි" ආදී bla bla bla පැවසිය හැක. නමුත් වර්තමානයේ ජාත්‍යන්තර තරඟයක ජය රටක ආර්ථික-දේශපාලන අනාගතයට මෙන්ම ගෝලීය සහ කලාපීය භූ දේශපාලනයටද ඍජුවම බලපායි. ලෝක බලවතුන් බොහෝ දෙනෙක් මේ යථාර්තය තේරුම් ගෙන ඇත. BCCI එකෙන් SLC නිලධාරීන්ට ඉහල සැලකීමක් කරනවා යයි කවරෙකු හෝ පැවසුවොත් මම එය එකවරම ප්‍රතික්ෂේප නොකරමි. 

"Cricket is a gentleman's game" යනුවෙන් සියවසකට පෙර සුද්දා පැවසු කතාවක් කරපින්නාගෙන "ඔය ගොඩේ බයියෝ ඕව දන්නේ නැහැ" කියන අයද සිටිති. නමුත් පසු කලෙක බොඩි ලයින් බෝල් කලේද, ටොනික් පියන් වලින් බෝල පහුරු ගෑවේද, under-arm දමා තරඟ ජයග්‍රහණය කලේද, විකට්ටුව පිටුපස සිට කළු වදුරන් යයි අපහාස කරමින් අපේ ක්‍රීඩකයන් මානසිකව වැට්ටීමට උත්සහ කලේද මේ සුද්දාම බව ඔවුන්ට අමතකය. 

පෙර මහත්මා ගතිගුණ පෙන්වූ ක්‍රිකට් ලොවේ පතාක යෝධයන්ට අදාළ සංසිද්ධි දකින විට මට මේ ඔවදන සිහියට නැගෙයි. 

"තරඟයක ජයග්‍රහණය ඔබගේ පස බව 100% තහවුරු වූ පසු ඔබගේ මහත්මා ගුණ නොමසුරුව පෙන්වන්න". 


   


4 comments:

  1. ප්‍රශ්ණය තමන්ගේ නොවනතාක් කල් උත්තරය දාර්ශණිකත්වයෙන් හා එඩිතරත්වයෙන් පිරුණු එකක් කියන්නෙ ඒක තමයි.

    මැච් එකක් පරදින්න ගියාම තමයි කාගේන් සුදු පිරුවට ගැලවෙන්නෙ.

    දැන් ලංකාවට මානව හිතවාදය ගැන දේශානා කරපු ඇමෙරිකාව,ඊශ්‍රායලය යුධ අපරාධ කරන කොට බණ දේශනා කරන්නේ මේ තියරියෙන්ම තමයි.

    ReplyDelete
  2. මේ ලෝකයේත් රජයන්නේ කැලෑ නීතිය ම බව දැනගන්න යම් කිසි මට්ටමකට පරිණත වෙන්න ‌ම ඔ්නෙ.

    ReplyDelete
  3. මේ ලෝකයේත් රජයන්නේ කැලෑ නීතිය ම බව දැනගන්න යම් කිසි මට්ටමකට පරිණත වෙන්න ‌ම ඔ්නෙ.

    ReplyDelete
  4. I'm grateful for the clarity and coherence of your writing. Well done!

    ReplyDelete