Friday 13 January 2023

බටොයියෝ සහ ටොබයියෝ

 


මැතිවරණයක් ආසන්න වත්ම රටක දේශපාලන උප සංස්කෘතිය තුල නොයෙකුත් උපමා, උපමේය, උපහාස, උපහාර ඇතිවීම ලෝකයේ කොතැනත් දක්නට ලැබේ. මෙය රටක භාවිතා කරන භාෂාවක ඇති විචිත්‍රත්වය පිළිබිඹු කරයි. මා දන්නා තරමින් සිංහල භාෂාව ලොව ඇති සංකීර්ණ මෙන්ම සම්පුර්ණ භාෂා කිහිපයෙන් එකකි. මේ නිසාම ලාංකීය දේශපාලන උප-සංස්කෘතිය අතිශයින්ම චමත්කාරජනකය. අවාසනාවට මෙම චමත්කාරය විඳ ගත හැක්කේ සිංහල භාෂාව තුල ජිවත්වන අයෙකුට පමණි. භාෂාව ඉගෙනගත් පමණින් මේ අත්දැකීම ලැබිය නොහැක.

ඉහත කරුණු මට සිහියට නැගුනේ පසුගිය දින කිහිපය තුල අසන්න දකින්න ලැබුණු කාරණා දෙකක් නිසාය. එකක් උපුල් ශාන්ත  සන්නස්ගල විසින් ලබ්බ පිළිබඳව ඉදිරිපත්කල වැඩසටහනයි. එය නැරඹු පසු මට වැටහුණේ සේපාල් අමරසිංහට දැන් අවශ්‍ය නීති විශාරදයෙකු නොව භාෂා විශාරදයෙකු බවයි. සේපාල්ගේ භාෂණයේ හරි-වැරදි කෙසේ වෙතත් ඔහුගේ නීතීඥයාට මනා භාෂා දැනුමක් ඇත්නම් ඔහුට නිදොස් කොට නිදහස්වීමට පමණක් නොව විශාල වන්දි මුදලක් අය ගැනීමටද හැකියාව ඇතැයි මට සිතෙයි. 

ඊළඟ කාරණය මෙතෙක් පොහොට්ටුවට සහ අලියාට වහල් මනසකින් කඩේ ගිය die-hard සපෝටර්ලාට පටබැඳි විනෝදාත්මක නම් කිහිපයක් අසන්නට ලැබීමයි. මෙයින් වඩාත්ම මගේ සිත් ගත්තේ මෙම මාතෘකාවට අදාළ වදන් දෙකයි. මම මුලින් සිතුවේ මේ නම් දෙකම එකම පිරිසකට කියන බවයි. නමුත් ඊයේ මා සමග යෙදුන පිළිසඳරකදී දුරු ඈත රටක සිටින  ලාංකිකයෙක් පැවසුවේ මෙම වදන් දෙක යෙදෙන්නේ දෙපිරිසකට බවයි. කලින් උග්‍ර රාජපක්ෂවාදින්ව සිට දැන් රනිලුත් හොඳයි කියන්නෝ ටොබයියෝය. කලින් උග්‍ර රනිල්වාදින්ව සිට දැන් රාජපක්ෂලා ගැන වචනයක්වත් කතා නොකරන පිරිස බටොයියෝය.

සිංහලයා භාෂාව හැසිරවීමේ විචිත්‍රත්වය පිළිබඳව තවත් සාක්ෂි කුමකටද? 


  

6 comments:

  1. චන්දිම බයි ටොයි දෙක ගැන දැනගෙන හිටියේ නෑ කියන එක පුදුමයි.

    බය්යෝ කියන එක මෑත කාලයේ මහින්ද වාදී කියන එකට ආදේශ කරලා තමයි ගොඩක් ටෝය්යෝ කතා කරන්නේ, එක සම්පුර්ණ වැරැදීයි. බය්යෝ තමයි වැඩ්පුර වැට උඩ ඉන්නේ, ටෝය්යෝ එකෙන්ම UNP වගේ දනවාදී පක්ෂ වලට තමයි.

    ගමකින් ආපු බය්යෙක් විදියට මම ටෝය්යෝ කියන්නේ නාගරික/දනවාදී සීමිත සමාජ/දේශපාලන දර්ශනයක් ඇති අය. ඒ කියන්නේ කෘෂිකාර්මික අර්තිකයක් දැකලා නැති, සුප්ර් මාකට් එකෙන් බදු ගන්න, නගර වල හැදුන අය සහ ගමෙන් ඇවිත් කොළඹ 7 හැදුන වගේ හිතන අය.

    බය්යෝ කියන්නේ එකේ අනිත් පැත්ත, කොළඹ 7 බැන්දත්, ඉහලම ජොබ් කරත්, පිට රට ජිවත් උනත් ටෝය්යෙක් වගේ හිතන්න බැරි, ගම න්ගරය දෙකම ගැන දන්න පළල් සමාජ/දේශපාලන දර්ශනයක් ඇති සමාජවාදයට බර JVP නොවන අය.

    ටෝය්යෝන්ගේ පටු සමාජ/දේශපාලන දර්ශනයට හොදම උදාහරණය තමයි 2006 දී මොහොමඩ් ඉම්ටියස් කියන ත්‍රී වීල් කාරයාව කොළඹ නගරදිපති කිරීම.
    බය්යෝ ගැන නොකියා ඉමු (LOL)

    හැදුනම හොඳ කරන්න බැරිම උන පිටරට ඉඳන් ලංකාව හදන උන, මේක අපි කාටත් ටික ටික තියනවනේ.

    මම විජේබාහු

    ReplyDelete
  2. @ විජේබාහු

    මුලින්ම ඔබ හා චන්දිම ගෝමස් අතර සංවාදයට හොට දැමීම ගැන කමාවන්න, කෙසේ වෙතත් නුඹලා වැනි ලංකාවෙන් පිට ඉන්න ගමන් ලංකාවේ මිනිස්සුන්ට උපදෙස් ලබා දෙන බොරු වෙන්ඩ පොශ් බලවේගවලත් නරක පුරුද්දක් තියෙනවා. එනම් ලංකාවේ ගැමි ජාතිකවාදී බලවේග වලට ජාතිවාදී මිනීමරුවෝ, ගෝත‍්‍රවාදියෝ කබ්බෝ ආදි වශයෙන් කියලා, අපහාසාත්මක කාටුන් ඇඳලා, විමල් වීරවංශ වැනි අයගේ කුලය ඇදලා, මහින්දට හිතවත් බවක් පෙනෙන්නට තියෙන ලංකාවේ ගැමි මානසිකත්වය අපහාසයට ලක්කරලා, බොරුවට ප‍්‍රහාරය එල්ල කරලා මේක පරාජය කරන්න පුළුවන්ය කියලා හිතන එක. උදාහරණයක් විදියට අන්තර්ජාලයේ තියෙනවානේ ටොයියො බයියො කියලා බෙදීමක්. ඒ බයියො කියන අනන්‍යතාව මහින්දගේ කඳවුර භාරඅරගෙන තියෙනවා. ලාංකික අනන්‍යතාවයේ දෘෂ්ටිවාදය ගැමි-ගොවි එකක්. එයින් ගැමියා උත්කර්ෂයට නංවනවා. බයියො කියන එක දන්නවා ඒ අය. ඒකනේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිවරයා 2014 දී විතර අයවැයෙන් පස්සේ අහන්නේ කොහොමද බයියන්ගේ වැඩ කියලා.

    ඔබලා ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ පසුගාමී බලවේග දුර්වල කිරීම නම්, ඇත්තටම වෙන්නේ දුර්වල වීම නෙවෙයි. මේ පසුගාමී දෘෂ්ටිවාදය පරාජය කිරීම ඉවසිලිවන්ත හා දීර්ඝකාලීන දෙයක්. ඒක බොරුවට දඟලලා කරන්න බැහැ. එහෙම කළාම ඒක තවත් ශක්තිමත් වෙනවා. ඇයි එහෙම දෙයක් සමාජයේ තියෙන්නේ කියන එක හොඳින් සලකලා බලලා කරන්න ඕනෑ දෙයක් ඒක. කනගාටුවට වගේ එවැනි ප‍්‍රයත්නයක් දරන්නට තරම් පරිණත මනසක් ඔබලාට නැති බවයි මගේ හැඟීම. මමත් මේ ලංකාවේ බහුතරයක් දෙනා අතර පවතින සම්ප්‍රදායික මධ්‍යම පන්තික දැක්ම/ දෘෂ්ටිවාදය කෙමෙන් කෙමෙන් නවීන ලෝකයේ ගෝලීය දාර්ශනික අදහස් සමග ගැටී නවීනත්වය සොයා යා යුතු බව විස්වාස කරන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන කෙනෙක් විදියට වැඩ කරන්න කැමතියි ඔබලා සමගින්.

    කෙසේ නමුත් මේ සංවාදය තුල ඉහතදී මා අතින් වැරදි වැටහීමක් වූවානම් සමාව ඉල්ලා සිටීමට කැමතියි. නැවතත් ඔබගේ සිත් රිදීමක් වූවානම් සමාවන්න.. මා ඔබ සමග තරහින් මේ අදහස්නැ පළ කළේ නැහැ, මෙහිදී මා ඔබෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ අන් මත ඉවසීමටත් පරිණත ලෙස මතවාදීව සංවාද වලට හුරුවන ලෙසත්ය. ඔබටත් බොහෝම ස්තූතියි.

    ReplyDelete
  3. ඔය බටබයි ටොබයි සජබයි ජෙබයි ආදී වචන හරඹ වලින් මම හිතන්නේ තේරුමක් නෑ නිකන් සමාජ ජාල වල කාලය නාස්ති කරන විහිළුවක් විතරයි ඊට වඩා ගැඹුරින් කල්පනා කරලා සාකච්ඡා කිරීමට ගොඩක් දේවල් තියෙනවා ලංකාවේ සමාජ ජාල වල වුණත් තියෙන දේවල් වලින්...

    චන්දිම ඔබ ලංකාවේ සමාජ ජාල වල මේ දවස්වල ජනප්‍රිය වී ඇති මේ වීඩියෝ එක දැක්කද?

    https://m.facebook.com/groups/1053445104715590/permalink/6048706231856094/?mibextid=Nif5oz

    ඔතනදි ලාල් කාන්ත සහෝගේ කතාවෙන් වැඩිපුරම අර්බුදයට පත් වෙන්නේ අපේ හිතවත් හරිනි අමරසූරියයි, මේක මේ දවස් වල සමගි ජන බලවේගයේ කට්ටිය ජවිපෙටත් වඩා අප සැබවින්ම ආදරය කරන සහ පෙනී සිටි ජාතික ජන බලවේගයේ ප්‍රතිරූපය විනාශ කරන්නයොදා ගන්න බව පේනවා.

    ඒ වගේම හැබැයි හෙදියන්ට මෙතනදි ඔහු පෙන්වා දී ඇති ආයතනයෙන්ම...Gym යාමට අවස්ථාවක් හදලා දිම නම් හොද යෝජනාවක්. නමුත් පිරිමි ඇහැ සන්තර්පනයට ඇග හැඩට තබා ගැනිම ගැන ඔහු කියන කතාව ඉතාමත් ආත්මාර්ථකාමී පුරැෂාධිපත්‍ය කතාවක්.

    ගැහැනිය.. පිරිමියාගේ ඇහැ පිනවන්න ඉන්න යටහත් ⁣කෙලි බඩුවක් නෙමෙයිනේ.

    පුද්ගලිකව මගේ නිරික්ෂණයට මෙයට පෙරත් භාජනය වෙලා තියෙන කරැණක් තමයි... විවිධ පක්ෂ වශයෙන් බෙදිලා හිටියට ගෑනු හා ගෑනුන්ගේ කාර්යභාරය කියන මාතෘකාවට ආවාම ඔය කොයි පක්ෂ වල අයත් බොහෝ අවස්ථාවල එකම සාම්පුදායික අදහස් වල හිට ගන්නවා...

    දේශපාලනය පුජාතන්ත්‍රවාදය, මානව හිමිකම්..etc..වැනි මාතෘකා ගැන බොහෝ රැඩිකල් වන පිරිමි වැඩි දෙනෙක් ගැහැනුන් වෙත පැවරී ඇති සාමිපුදායික කාර්යභාරය හා ඇය යටත් පහත් භාවයට පත්කරන පුරැෂාධිපත්‍ය අදහස් විවේව⁣නාත්මකව ප්‍රශ්න කිරිමට අසමත් වෙලා තියෙනවා. නව දේශපාලන සංස්කෘතියකදී එවැනි කරැණුද වෙනස් විය යුතුයි.. අපේ විවේචනය ජවිපෙ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් අති බහුතරය මෙබඳු යල්පැනගිය ගෝත්‍රික පිරිස් වීම නිසායි තව ජවිපෙ ජාතික ජන බලවේගය සමග අලුතින් එක් වුනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගෝත්‍රික පිරිස් වගේම ඊටත් වඩා මේ දවස්වල ජවිපෙ සමගින් එක්වන හිටපු පොදු ජන පෙරමුණේ වහල්ලු ගැන නම් කතා කරලා වැඩක් නෑ පට්ට ගෝත්‍රික අමු ජාතිවාදී සිංහල බෞද්ධ තලේබාන් අන්තවාදීන් කල්ලියක් නිසා උන්ගේ ග්‍රහණයට නතු වෙන තවත් රාජපක්ෂ කල්ලියක් පමණක් වන බවයි සේපාල් අමරසිංහ ගේ ලබු ගෙඩි කේස් එකෙන් ජාතික ජන බලවේගය පෙන්නුම් කරන්නේ... සේපාල්ව දුෂ්ට කුරිරු ලෙස කපා හැර පාවාදී ඇඟ බේරාගැනීම ඉතාමත් පහත් වැඩක් බවයි මගේ හැඟීම නම්... ඒ නිසා ජවිපෙ ජාතික ජන බලවේගය ගැනත් බලාපොරොත්තු බිඳ වැටීමක් දකින්නට පුළුවන් ලංකාවේ බහුතරයක් ප්‍රගතිශීලී ජනතාව අතර.... කෙටිකාලීන රැලි වලට අහුවෙන දෙකයි පණහේ "බයියො" සුරතල් කරන්න ගිහින් දිගුකාලීනව ජවිපෙ ජාතික ජන බලවේගයේ ප්‍රගතිය වෙනුවෙන් පෙනී සිටි අය, දුෂ්කර අවස්ථාවල ජීවිත පරිත්‍යාගයෙන් පවා කටයුතු කළ ජවිපෙ හිතවතුන් සහ ප්‍රගතිශීලී සෑබෑ පාක්ෂිකයන් අහිමි කර ගන්න බවත් පේනවා... මේ දවස්වල තියෙන ඔය තාවකාලික රැල්ල ඉවර වුණාට පස්සෙ පෙරහැර ගිහින් ඉවරයි එය ජවිපෙ මළගම වන බවත් අමතක කරන්න එපා, ඉදිරියේ දී අපේ අදහස් සහ අනාවැකි සත්‍ය වන ආකාරය ඉතා පැහැදිලිව බලා ගන්න පුළුවන් වෙයි...

    ReplyDelete
  4. @ Chandima Gomez,

    Could you please check this small video clip & explain about this? I think this what this lady express here seems to be a valid point & JVP team should learn something from herself

    https://fb.watch/i2boUspfqu/

    But unfortunately all the JVP followers just bashing her & do not get her message to the JVP team, you can check out this comments Like's etc.

    JVP team seems to be overconfident and with swallowed heads, with high heads I don't think they could impress much of the commom people, isn't it? Let's see your explanation about this when you're free.

    ReplyDelete
  5. හිතේ දුකට අහසට නෙලිම

    ReplyDelete
  6. චන්දිම ඔබට මතක ඇති ඔය බයියෝ කතාව මුලින්ම කිව්වේ මට මතක විදියට අකිල විරාජ් මොකක් හරි පොඩි රැස්වීමකදී. ඕකට උත්තර දීපු එවකට ආණ්ඩු පක්‍ෂයේ පොරක් (දයාසිරිද මන්දා)කිව්වා ජනාධිපතිතුමාට බයියා කියලා කතා කරන එක අන්තිම නරකයිය,අරකය මේකය කියලා. ඔය බයියා කතාවේ උච්චතම අවස්ථාව තමයි මහින්දගේ අන්තිම අයවැය කියවන වෙලාවේ කණ්ණාඩිය යටින් බලලා"කොහොමද බයියන්ගේ වැඩ"කියලා අහපු එක. සමාජ ජාල වල නම් බයියා - ටොයියන්ට පමණක් බනින්නේ බයියන්ය, ටොයියා - බයියන්ට පමණක් බනින්නේ ටොයියන්ය, බයිටොයියා - ටොයියන්ට වැඩියෙන්ද බයියන්ට අඩුවෙන්ද බනී, ටොයිබයියා - ටොයියන්ට අඩුවෙන්ද බයියන්ට වැඩියෙන්ද ද බනී.

    පොදු definition එක;

    බයියන් යනු ප්‍රයිවට් ජෙට් එකේ ගියද ගෝත්‍රික මනසක් ඇති සම්ප්‍රදායික මත, ඇදහීම් හා සිරිත් විරිත් පසු පස යන්නෝය..
    ටෝයියෝ යනු ඊට ප්‍රතිවිරුද්ධ පුද්ගලයන්ය.අපේ කරුමය නම් ටොයියෝ කියා හිතාගෙන උන්නාට උනුත් (මරා විරෝධී) බයියන්ම වීමය..

    මේ බයියනුත් නොවන, ටොයියනුත් නොවන අප වැනි අය සඳහා වෙනම කුලකයක් අර්ථ දක්වා එය නම් කිරීම අවශ්‍යද?

    හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් එළවා දැමූ ආකාරයට නම් කවමදාවත් රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් එලවිය නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී සමගි කාන්තා බලවේගයේ සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසූ අතර රනිල් වික්‍රමසිංහ එලවිය යුත්තේ මොලයෙන් බවද ඇය අවධාරණය කළ අතර ගෝඨාභය රාජපක්ෂ නමැත්තා ඒකාධිපතියෙක් වී මර්දනය කරනු ඇතැයි මුලින් ලංකාවේ බොහෝ දෙනෙක් කල්පනා කළ ද අවසානයේ ඔහු ඒ කිසිවක් නොකළ බවද ඉතා ඉවසිලිවන්තව කටයුතු කර අවසානයේදී ජනතා විරෝධය එල්ල වූ විට ධූරය හැර දමා ඉවත් වී ගිය බවද ඇය පැවසුවා.

    නමුත් ගෝඨාභය රාජපක්ෂ කිසිම විදිහකින් භාවිතා නොකළ සියලු භයානක මර්දනකාරී උපක්‍රම කුමන්ත්‍රණ වත්මන් ජනාධිපතිවරයා විසින් භාවිතා කරමින් ඇති බවද ඇය පෙන්වා දෙයි.

    කෙසේ හෝ මෙම ජනවාරි මස අග වෙද්දී ජනතාවගේ ආර්ථික අපහසුතා ඉහළ යනු ඇති බවත් එහිදී ජනතාව පාරට බැසීම කිසිවකුට වළක්වා ගත නොහැකි වනු ඇති බවත් ඇය තවදුරටත් කියා සිටියා.

    සමගි ජනබලවේග ජනහමුවක් අමතමින් ඇය මෙම අදහස් පවසනු දුටු විට ඇය ගැන මටනම් ඇතිවන්නේ අනුකම්පාවක්. ගෝට එලෙව්වේ තමන් යයි පිටට පෙන්නුවාට හැම කෙනෙක්ම දන්නවා ඒ plan එකේ තමාගේ කොන්ත්‍රාත්තුව මොන තරම් සොච්චම්ද කියලා. මට මතක්වෙන්නේ “හීන් සැරය” කතාවේ කටුසුහාමි කිව්ව “මේවා අලින්ගේ අපේ වැඩ තමයි” කියන දෙබස. රනිල් එලවන්න බැරි වෙන හේතුවක් නොවෙයි. රනිල් යනු තම ස්වාමිවරුන්ගේ ඉත්තා නිසා. එහෙම නේද චන්දිම?

    ReplyDelete