Saturday 28 January 2023

දුෂණය ජාලගත වූ විට



මැලේසියාවේ දස වසරක් ගෙවූ සුව පහසු සුන්දර දිවි පෙවෙත අතහැර අප ජොහැන්නස්බර්ග් නුවරට පැමිණියේ දකුණු අප්‍රිකානු රජයෙන් ලැබුණු ආරාධනයක් මතය. ඔවුන් මට ධූර ත්‍රිත්වයක් බාර දුන්හ. ඉන් ප්‍රධානතම කාර්යභාරය වුයේ EPPEI-HAVC නැමැති ESKOM කොම්පැනිය මගින් Wits සරසවියේ පවත්වාගෙන යනු ලබන පර්යේෂණ ආයතනයේ ප්‍රධාන මහාචාර්යවරයා (chair professor) ලෙස කටයුතු කිරීමයි. 

ESKOM යනු දකුණු අප්‍රිකාවේ විදුලිබලය නිපදවීම සහ බෙදා හැරීමට ඒකාධිකාරය පවතින රජයේ ආයතනයයි (ලංකාවේ CEB එක වැනි). වසර 2005 පමණ වන විට ලෝකයේ ඇති 5 වෙනි ධනවත්ම විදුලිබල ආයතනය වුයේ ESKOM එකයි. ඉන් පසු ඇති වූ අධි-දුෂිත පාලනයත් සමගම එය වසර කිහිපයකදී බරපතල ලෙස කඩා වැටුනේය. ලෝකයේ විශාලතම ගල් අඟුරු නිධි ඇති රටක, පරමාණුක බලශක්තිය පවා ජනිත කරන ESKOM ආයතනයට තමන්ගේ ඇති නාමික විද්‍යුත් ජනන හැකියාව මත සැබවින්ම මුළු දක්ෂිණ අප්‍රිකාවටම බලශක්තිය ලබා දිය හැක. එහෙත් අද වන විට එයට තම රටේ විදුලි බල අවශ්‍යතාවය පැය 24 පුරා ලබා දීමටද නොහැකි වී ඇත. මේ ගැන වෙනමම ලිපියකින් කතා කල යුතුය.

------------------------------

දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාව අනුව බලශක්ති ක්‍ෂේත්‍රයේ යම් ධූරයකට විදේශිකයෙකු පත් කිරීමට නම් ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබාගත යුතුය. මේ සදහා සේවයට බඳවා ගන්නා තැනැත්තා සමග සම්මුඛ පරීක්ෂණයක් පැවැත්විය යුතුය. මේ පෙර-කොවිඩ් සමයයි. Online platform පිළිබඳව ලෝකයේ එතරම් විශ්වාසයක් තිබුණේ නැත. මේ නිසා ඔවුන් දින තුනකට මා මැලේසියාවේ සිට දකුණු අප්‍රිකාවට කැඳවිය. 

සම්මුඛ පරීක්ෂණය ඉතා සුහදව පැවතුනි. මට විනාඩි 20ක presentation එකක් කල යුතු විය. ඉන් පසු ප්‍රශ්න ඇසීම ඇරඹුණු අතර මුලින්ම කතා කලේ ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් සහභාගී වූ එහි අතිරේක ලේකම්වරයාය. 

"ඔබ මේ වන විටත් දන්නවා ඇති ESKOM යනු ඉතාමත්ම දුෂිත නිලධාරීන් සිටින ආයතනයක් බව (එතන ESKOM නිලධාරින් 20 ක් පමණ සිටියෝය). Academic කෙනෙක් විදියට ඔබට මෙවැනි දුෂිත පරිසරයක වැඩ කල හැකිද?" 

මෙය මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ පැනයකි. කුමක් කියන්නදැයි සිතාගත නොහැකිව මම තත්පර කිහිපයක් සිටියෙමි. එවිට කොහෙන් හෝ මට යම් කල්පනාවක් පහල විය. සිනහවක් මුවට නගා ගත් මම 

"ඔබ මේ වන විටත් දන්නවා ඇති මම උපතින් ලාංකිකයෙක් බව". ඔහුගේ පැනය ඇසූ රිද්මයටම මම පිළිතුරු දුනිමි. 

සියළු දෙනාම සිනාසුනු අතර "ඔබ මගේ පැනයට ඉතා පැහැදිලි පිළිතුරක් දුන්නා" යයි අතිරේක ලේකම්වරයා පැවසීය.

---------------------------------------

ඉහත අතීත කතාව මගේ මතකයට නැගුණේ මීට දින දෙකකට පෙර මා සහභාගී වූ සම්මන්ත්‍රණයකදී හමුවූ තැනැත්තෙකු නිසාය. අඩි හයක් පමණ උස සුවිසල් කාල වර්ණ දේහයකින් සහ දිලිසෙන තට්ට හිසකින් යුත් පුද්ගලයෙක් සිනහමුසු මුහුණින් මා කරා පැමිණ 

"සුබ උදෑසනක් මහාචාර්ය චන්දිම. ඔබට මාව මතකද?" යයි ඇසීය. 

දැක පුරුදු වුවත් මට ඔහු පිළිබඳව පැහැදිලි මතකයක් නොවීය. 

"මම ඔබව මුලින්ම interview කල panel එකට ආරක්ෂක අමාත්‍යංශය නියෝජනය කරමින් සහභාගී වූ කෙනා, ලෝරන්ස් .... (ඔහුගේ වාසගම නම් මට අල්ලගන්නම බැරිවිය). ඔබෙන් corruption ගැන ප්‍රශ්නයක් ඇසුවේ". මට එකවරම ඉහත කතාව මතකයට නැගුණි.

සම්මන්ත්‍රණයේ ඊළඟ සැසිය පසෙකින් තැබූ අප දෙදෙනා කෝපි කෝප්පයක්ද සමග අසල තිබු සෝපාවකට බර දෙමින් දීර්ඝ කතාබහකට වැටුනේය. මේ එහිදී කතා කල වැදගත්ම කරුණකි.

------------------------------

"ඔබ සිතනවාද සංවර්ධිත රටවල දුෂණය නැහැ කියා" මම ඔහුගෙන් ඇසුවේ ඔහු නොනවත්වාම කතා කල දකුණු අප්‍රිකාවේ දුෂිත වාතාවරණයට යම් සංසන්දනයක් ඉදිරිපත් කිරීමටයි.

"චන්දිම, දියුණු රටවල සහ නොදියුණු රටවල දුෂණය වෙනස්. ඒ රටවල පවතින්නේ හුදෙකලා දුෂණයක් (isolated corruption). බොහෝ විට දේශපාලකයෙක්, ව්‍යාපාරිකයෙක් හෝ සමහර විට කිහිප දෙනෙක් එකතු වී දුෂණ, වංචා, සොරකම් කරනවා. ඒවා සමහර විට විශාල සම්පත් ප්‍රමාණයක් විය හැකියි". 

ඔහු මට කලකට පෙර ස්වීඩනයේ දේශපාලකයෙකු අතින් සිදු වූ වැරද්දක් සහ ජර්මනියේ දේශපාලකයෙක් ව්‍යාපාරිකයෙක් සමග එකතුව කල වංචාවක් උදාහරණ ලෙස ඉදිරිපත් කළේය. .

"මේ හුදෙකලා දුෂණ සමහර විට හසුවන්නේ නැහැ. නමුත් හසුවූ විට එය පිළිබඳව පරීක්ෂණ පවත්වා වගකිව යුතු සියලු දෙනාම නීතිය හමුවට පැමිණවිය හැකියි. එය අනන්තවත් සිදුවී තිබෙනවා. දුෂණය හසු නොවූ විට එයින් සමාජයට විශාල පාඩුවක් විය හැකියි. එහෙත් එය chain reaction එකක් වෙමින් සමාජයේ ඔඩුදුවා යන්නේ නැහැ. හරියට හෘදයාබාදයක් හැදෙනවා වගෙයි". ලෝරන්ස් දිගටම කතා කරයි. 

"නමුත් අපේ රටවල ඇත්තේ ජාලගත දුෂණයක් (networked corruption). සමාජයේ සෑම ස්ථරයක්ම මේ දුෂණයට හවුල්. මම උදාහරණයක් කියන්නම්, අපේ බලශක්ති ආයතනය ගත්තොත් එකේ දුෂණය පටන් ගන්නේ ගේට්ටුවේ සිටින security guard ගෙන්. ඔහුට මුදලක් දුන්නොත් ඔබට ඕනෑම දෙයක් වාහනයේ දමා ගෙන ගේට්ටුවෙන් පිට කරන්න පුළුවන්. එතැන් සිට ඔතන CEO දක්වා සියලු දෙනාම දුෂණයේ යෙදෙනවා. තනතුර ඉහල යන විට දුෂණයේ පරිමාවත් වැඩි වෙනවා".

"මේ දුෂණය නිසාම මෙම ආයතනය සමග ගනුදෙනු කරන ව්‍යාපාරික ප්‍රජාවත් දුෂිත වෙනවා. උදාහරණයක් ලෙස ඉතා බාල වර්ගයේ ගල් අඟුරු ඔවුන් A ශ්‍රේණියේ ගල් අඟුරු ලෙස විකුනනවා. එයින් මෙම ව්‍යාපාරිකයාට ලැබෙන ලාබය වසරකට රෑන්ඩ් (දකුණු අප්‍රිකානු මුදල්: 1USD = 15R) බිලියන කිහිපයක් ඉක්මවනවා. මෙයින් සැහෙන ප්‍රමාණයක් CEO ගේ ඉඳල security gurdට යනකම් ලැබෙනවා".

"බාල ගල් අඟුරු නිසා විදුලි ජනන යන්ත්‍ර නිතරව කැඩෙනවා. එවිට ඒවා නිරීක්ෂණයට උපදේශක සේවාවන් ලබා ගන්නවා. මේ උපදේශකයන් සුවිශේෂිත දැනුමක් ඇති පුද්ගලයන් ලෙස වර්ගීකරණය කරන නිසා ටෙන්ඩර් කැඳවීමක් නැහැ. මේ නිසා ඔවුන්ට විශාල මුදලක් ගෙවනවා. එයින් සෑහෙන කොටසක් නැවතත් ආයතනයේ තීරණ ගන්නා ස්ථරයට ලැබෙනවා. උපදේශකයන් බාල ගල් අඟුරු ගැන සඳහන් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් replace කල යුතු කොටස් සහ අංගවල ලිස්ට් එකක් දෙනවා. ඒවා සපයා ගත හැක්කේ ජනන යන්ත්‍ර මිලදී ගත් චීන සමාගම් වලින් විතරයි. මේ නිසා ඔවුන් ඒ සඳහා විශාල මුදලක් quote කරනවා. එයින් කොටසක් ආයතනයේ විධායකයන්ටත්, උපදේශකයන්ටත් ලැබෙනවා". 

"ඊළඟට පොලිසිය, රහස් පොලිසිය, අමාත්‍යංශය ආදී සියල්ලම මේ ජාලයට සම්බන්ධ වෙනවා. ඔවුන් සියලු දෙනාටම හොරකමෙන් යම් කොටසක් යනවා. ඔබ මේ දුෂණ පිළිබඳව පොලිසියට හෝ අමාත්‍යංශයට පැමිණිලි කල හොත් ඔවුන් වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණ ආරම්බ කරනවා. ඒ පරීක්ෂණ අතරතුර බොහෝ විට ඔබ හදිසි අනතුරකින් හෝ වෛද්‍යවරයෙකුගේ බෙහෙත් වැරදීමෙන් මිය යනවා. පරීක්ෂණයට පැමිණෙන CID මහතුන් සහ auditවරුන් වැඩේට වසර කිහිපයක් ගන්නවා. ඔවුන් කිසිම වැදගත් දෙයක් සොයාගන්නේ නැහැ. කාලය අද්දමින් සිට ෆයිල් වසා දමනවා".

"මෙවැනි පරීක්ෂණයක් ඇරඹුන විට මාධ්‍ය ආයතන ඉතා උද්‍යෝගයෙන් මේ පිළිබඳව හාරා අවුස්සනවා. චූදිතයන්ගෙන් ඉතා දරුණු ලෙස ප්‍රශ්න කරනවා. ප්‍රවෘති සිරස්තල පළකරනවා. ටික කාලෙකින් ඔවුන් හීන් සීරුවේ හඬ අඩුකර එය නැති කර දමනවා. කලින් ප්‍රවෘතිය වෙනුවට වෙන එකක් උඩට ගේනවා. මේ මාධ්‍ය කරුවන් මෙන්ම ආයතන හිමියන්ද ඉතා ධනවත් පුද්ගලයන් බවට පත්වෙනවා". 

"නොදියුණු රටක දුෂණය කෝවිඩ් වගේ".

----------------------------------------------

දුෂණය ජාලගත වූ රටක් මොන ජගතා ආවත් ගොඩගත හැකි සුත්‍රයක් ඇත්දැයි මම තවම කල්පනා කරනවා. 



7 comments:

  1. ප්රෝෆ්, මේක ආටිකල් එකට අදාළ ප්‍රශ්ණයක් නෙවෙයි. ඔබතුමා ඇයි කවදාවත් කැනඩාව වගේ රටකට ඇවිත් පදිංචි වෙන්න හිතුවේ නැත්තේ?

    ReplyDelete
  2. ප්රෝෆ්, පිස්සා අයෙමත් ඇවිල්ල නේද? මට නම් මිනිහව අඳුනගන්න AI algorithm ඕනේ නැහැ.

    ප්රෝෆ්ව හොඳට දන්නා කෙනෙක්. ප්රෝෆ් ගැන ජෙලසිය නහයටත් උඩින් ගිය හාදයෙක්. ලියන style එකේ විදියට ගෑනියෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගෑණියෙක් වගේ පිරිමියෙක්. ගෑණියෙක් නම් කැම්පස් යන කාලේ ප්රෝෆ්ව දාගන්න හෙන ගේමක් දීල බැරිවුණ බඩුවක්. පිරිමියෙක් නම් එහෙම try කරපු කෑල්ලකගේ හබිය. ෂුවර් එකටම පවුල අවුල්. දෙන්න දෙතැනක. බොහෝ විට ළමයි නැති පුස්සෙක් වෙන්න ඉඩ තියෙනවා. මෙන්ටලි අවුට් කේස් එකක්.

    ප්රෝෆ්ට වෙලාවක් තියෙනවා නම් හෙණ නයා පාරක් දාල ආර්ටිකල් එකක් ලියන්න. මූ (හෝ මේකි) ජෙලසිය වැඩි වෙලා නහරක් පුපුරලා මැරෙනවා. Ha ha haa

    ReplyDelete
  3. චන්දිම මම ඔයාට උගන්නපු කෙනෙක්. නිතරම මේ බ්ලොග් එක කියවනවා. පහුගිය කාලේ මාත් notice කළා ඔය odd comments දාන මනුස්සය ගැන. David නමින් ලියන්නේ බොහෝ විට ඔයාගේ batchmate කෙනෙක් වෙන්න ඇති. නැත්නම් ඔය තරමට හොඳින් ගෙස් කරන්න බැහැ. ඔය කියන මිනිහ නම් අමු පිස්සෙක්. මාර eccentric case එකක්. නෑදෑයෝ හැමෝම එක්ක වළි. රාජපක්ෂලයි බුද්ධාගමයි ඔලුව උඩ තියාගෙන එක එක පිස්සු උපාසකයෝ පස්සේ දුවන හැම එකාටම ඔය මැන්ටලේ තියෙනවා. මේ යෝධයාට on top of that දරාගන්න බැරි ජෙලසියක් තියෙනවා. සමහර විට දෙමව්පියන්ගෙන් එන අව්ලක් වෙන්න ඇති. පූරුවේ පවට අහුවෙන මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. අයියෝ මාව එච්චර වයසට අරින්න එපා hahaha (sorry Prof.!)

      Delete
  4. Mokakda Chandima uda yana waliya? Pudgalayawa nam hithaganna puluwan. Osi case neda?

    ReplyDelete
  5. මෙච්චර කතා කරන්න දේවල් තියෙන ලිපියක් පැත්තකින් තියල කොහෙවත් යන පිස්සෙක්ව අල්ලන් දගලන්නේ ඇයි

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔයත් කරන්නේ එකමනේ.

      Delete