Sunday 25 December 2022

කුරක්කන්


මීට වසර 5000 ට පමණ පෙර නැගෙනහිර අප්‍රිකාවේ රටවලින් ආහාරයක් ලෙස එලි දුටු කුරක්කන්, අදද උගන්ඩාව, ඉතියෝපියාව ආදී රටවල හැඳින්වෙන්නේ කුරකනා (coracana) යනුවෙනි. ඉන්දියාවේ සහ මැලේසියාවේ රාගී ලෙසද ලොව අනෙකුත් රටවල African millet, finger millet ආදී නම්වලින් හැඳින්වෙන කුරක්කන් රටවල් කිහිපයකම ප්‍රධාන ආහාර අතරට පැමිණෙයි. 

ලංකාවට කුරක්කන් හඳුන්වා දෙන්නේ කුමන කාලයකදැයි මම නොදනිමි. සමහර විට එය අරාබි වෙළෙන්දන් හෝ යුරෝපීයයන් රැගෙන එන්නට ඇත. කෙසේ නමුත්, ඉතාමත්ම පෝෂ්‍යදායක ආහාරයක් වන කුරක්කන් නුදුරු අනාගතයේදී රටේ ඇතිවිය හැකි සාගතය සමහන් කිරීමට හැකි එක් විශේෂ ආහාරයක් බව කිවමනාය. කුරහන් යනු ඉතා පහසුවෙන් වැවිය හැකි එමෙන්ම කටුක කාලගුණයට ඔරොත්තු දිය හැකි භෝගයක් ලෙස සැලකේ.

මේ ගැන වගකිව යුත්තන්ගේ අවධානය යොමු වේවා. 



            


5 comments:

  1. අහස් නමයේ බෝක්කුව

    ReplyDelete
  2. ලංකාවේ මිනිස්සු අතරේ ග්ලුටන් නැති පිටි වර්ග ප්‍රොමෝට් කරන්න අමාරුයි. මීට අවුරුදු 30ට විතර කලින් බතල පිටි ප්‍රොමෝට් කරන්න අපි උත්සහ කළා. බතල පාන්, බනිස්, එහෙමත් හැදුවා. හරි ගියේ නැහැ. හැබැයි ඒ කාලේ මෙහෙම සාගත බයක් තිබුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ග්ලුටන් අවශ්‍යවෙන්නේ පාන් බනිස් වගේ දේවල් හදනවා නම් නේද? ඇයි අපි හැම තිස්සෙම ඒ පැත්තටම යන්නේ. උදාහරණයක් විදියට කුරක්කන් කැඳ වගේ දෙයක් ජනතාව අතර ජනප්‍රිය කරන්න පුළුවන්. පාකිස්තානේ මිනිස්සු රෙඩ් මිලට් කැඳ බොනවා මස් කුඩා කෑලි වලට කපල දාළ හදන. මම හිතන්නේ ඒ කුරක්කන්. අපිටත් පුළුවන් මේ වගේ ආහාරයක් ජනප්‍රිය කරවන්න

      Delete
    2. මම මෙතැනදී දෙන පණිවිඩය කුරක්කන් (හෝ එවැනි) ආහාර භෝගයක් ධනය උපදවන ක්‍රමවේදයක් වියහැකි බව නොවේ. සාගතයකදී එවැනි ආහාර කෙතරම් උපයෝගිතාවයක් දරනවාද යන බවයි. සාගත අවස්ථාවක මිනිසුන් ආහාරයක රස සහ පහසුව ගැන සලකන්නේ නැහැ. ඔවුන්ට එතබදී වැදගත්වන්නේ බඩගින්න නිවා ගැනීමයි. එවැනි අවස්ථාවක අපට පෝෂ්‍යදායි ආහාරයක් සැපයිය හැකි නම් එය ඉතා වටිනවා රටේ ජනගහනය නොරෝගිමත්ව තබා ගැනීමට

      Delete
    3. චන්දිම ගෝමස් මහතා මෙහි දක්වා ඇති සංකල්පය ගැන මම නම් එකඟයි කුරහන් වගේම මුං ඇට උනත් කෙටි කලකින් අස්වැන්න නෙලීමට වැවිය හැකි දැනට ලංකාවේ පවතින කුඹුරු වල අතරමැදි කන්නයේ වගා කරන අඩුවෙන් පොහොර අවශ්‍ය පසද සරු කරන රනිල කුලයේ වගාවක් හම්බන්තොට වැනි පළාත් වල වී ගොවීන් අතරමැදි කාල වලදී මුං වවා අමතර වශයෙන් ආදායම් ලබා ගන්නා බව ඔබ දන්නවා ඇති..

      කුරහන් ආශ්‍රිත ආහාර කුරහන් තලප පිට්ටු වගේ දේවල් නිවැරදි ලෙස හදා ගන්න පුළුවන් නම් පට්ට රහයි හම්බන්තොට මිද්දෙණිය වගේ පළාත් වල රෙසිපි බලන්න දඩ මස් ආනම් එක්ක කුරහන් තලපකියලා කියන්නේ දිව්‍ය ලෝක රහක්, ලංකාවේ වහාවලට හානි කරන අධික ලෙස වැඩි වී ඇති ඌරන් මොණරුන් මස් මාංශ සඳහා හොඳ ප්‍රභවයක් ලෙස ඔබ නොසිතයිද?

      ඊට අමතරව ලංකාවේ වටේටම මුහුද තියෙන නිසා මුහුදු මාළු සහ මුහුදු පැළෑටි වලින් පවා ප්‍රයෝජනවත් ලෙස භාවිත කළ හැකි ආහාර පාන හදන්න පුළුවන් වේවි විශේෂයෙන් වයඹදිග මුහුදු වෙරළ තීරය දිගේ නොගැඹුරු මුහුදේ වැවෙන මුහුදු තෘණ ශාක ගැන ඔබේ අදහස් මොනවා ද?

      ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම ගැන සිතනවා වෙනුවට දැන් අපට සර්වයිව් වෙලා පණ බේරා ගන්නේ කොහොමද කියලා කියලා දෙන්න වෙලා තියෙන්නෙ හනේ අපේ උපන් රටට වෙච්ච දෙයක්...

      කෙසේ නමුත්තම රටේ පොදු මහජනයාට අයත් පොදු දේපළ ගිනි තබා විනාශ කරන, රටේ දේ පහත් කර සලකන ඉතාම පහත් තත්වයේ මිනිසුන් පමණක් සිටින රටක ඔබ කෙසේ දියුණුව දකින්නද?

      කීමට ඇත්තේ මෙපමණයි...

      " ඔබ ලාංකීයයෙක් නම් රටින් පිට වී සතුටින් ජීවත් වෙන්න, ලංකාව කවමදාවත් හැදෙන රටක් නොවේ"

      Delete