ඉවුරු කඩාගෙන දෙගොඩ තලා ගිය
ගංගාවක් මැද දියෙන් වැසී යන
කුඩා දුපතක අතරමංව ඔබ
මරණය ඈතින් පිහිනා එන කල
සැඩ ජල කඳ තරණය කරගන්නට
කැඩී බිඳී සුන්බුන් වූ අතුරිති
පමණක් දකිනා මාරක මොහොතක
පහුරක් පාවී අසලට ආකල
"පහුරේ හැඩයට මා කැමතිම නැත"
"එය බැඳ ඇත්තේ පන් පට වලින්ය"
"ලී වල වර්ණය ඇසට සොඳුරු නැත"
"සැදූ කෙනාගේ වතගොත කුමක්ද?"
මේ ලෙස සිතමින් දියේ ගිලෙනවද?
දිරච්ච අත්තක එල්ලී යනවද?
සිහි නුවණින් තීරණය ගන්නවද?
පාරුව කුමක්ද වටහා ගත්තද?
පාරුවේ පුවක්
ReplyDeleteඒ හැර කිවහැකිද
යමක්.
කාදිනල් මැල්කම් රංජිත් පරංගින් ගැන කරපු ප්‍රකාශය ගැන ඔබගේ අදහස මොකක්ද චන්දිම?
ReplyDeleteමම හිතන්නේ ඔහුට හොඳටම ටැපලිලා. ඔහුට තමන්ගේ ආගම මෙරටට ආනයනය කල ප්‍රභවය පවා අමතක වෙලා. වයසත් සමග බොහෝ දෙනෙකුට ඇතිවන තර්ක ඥානයේ පිරිහීම දේශපාලකයාට මෙන්ම එතුමාටද සාධාරණව ක්‍රියාත්මකවෙමින් ඇත.
Deleteඅදාළ නැත මට දිරච්ච වේළුණ
ReplyDeleteසියල්ල දත් මම පඬියෙකි ලණු ගැන
මා පසුපස විය යුතුවේ සැම දන
දිරච්ච ලණු කැඩි වැටී මැරෙති දන