Sunday 20 May 2012

යුද්ධයක ජයග්‍රහණය සැමරීම


යුද්ධයක ජයග්‍රහණය සැමරීම 




යුද්ධයක ජයග්‍රහණය කුමක්ද?
මා දකින එකම ජයග්‍රහණය නම් යුද්ධය නමැති කරුමය නිමවීමයි

යුද්ධයක ජයග්‍රාහකයෝ කව්ද? 
එහෙම කෙනෙක් අර්ථ දැක්විය නොහැක..

මිතුරෝ, සතුරෝ මෙන්ම දෙකටම නැති අහිංසකයෝද 
දහස් ගණනින් මියගිය, සදා අබ්බගාතයන් වූ, අතුරුදන් වූ   
වැන්දඹුවන්, අනාථ දරුවන්  මවන මැෂිමක් වූ 
කරුමක්කාර යුද්ධය .................

තුවක්කු ඔසවා, බර අවි විදහා, සිනා දසන් පෙන්වා 
සැමරීමට තරම්, අපි මානසිකව වැටි සිටිමුද?

බිඳුණු හදවත් සුවපත් කිරීම අසීරුය..
අඩු ගන්නේ අපි ඒ හදවත් තව තවත් නොපාරවා ඉමු !!! 

මිනිසුන් ලෙස සිතමු
මිනිසත් බව අනාගතයට උරුම කර මිය යමු 






No comments:

Post a Comment