Monday 19 June 2023

අන්ඩ දමා පැච් ඇල්ලු සිහින


මෝසස්ගේ පොරොන්දු දේශයේ සිට සියළුම නායකයන් ජන සමුහයන්ගේ පැවැත්ම සහතික කලේ ජනතාව අතර සිහින ගොඩ නැගීමෙනි. ශිෂ්ඨාචාරයක ඉදිරි ගමන උදෙසා සිහින නැත්නම් බලොපොරොත්තු අත්‍යවශ්‍යය. සිහින බිඳ වැටුණු කල ජන සමුහ විසිරී යයි. ඔවුන් නව සිහින සොයා දේශාටනවල යෙදෙයි. ලංකාවේ දේශපාලකයන් ජනතාවගේ සිහින බොඳ කරන විට මිනිසුන් "දියසේන උප්පත්තිය", "රාවණා නැගිටීම" වැනි සංකල්ප ඔස්සේ හෝ සිහින තනන්නට උත්සහ ගත්හ. 

පසුගිය සමයේ රජය සුනු විසුණු කර දැමුවේ මේ ජනතා සිහිනයයි. ඔබ අද ගුවන් තොටුපලේ, පාස්පෝට් කාර්යාලයේ, තානාපති කාර්යාලවල දකින්නේ මේ සිහින නොමැති මිනිසුන් සිහින සොයා යාමයි. මේ එදා සිහින පොදි බැඳගෙන තාප්ප වල චිත්‍ර අඳින්න, පුරන් කුඹුරු අස්වද්දන්නට ඉදිරියට පැමිණි තරුණ පෙලමයි. 

රනිල් වික්‍රමසිංහගේ 2048 සංවර්ධනය මේ ජනතා සිහින රෙපයාර් කිරීමේ අවසාන උත්සාහය ලෙස මම දනිමි. 

නමුත් අද ලාංකිකයා රනිල්ගේ අන්ඩ දමා පැච් ඇල්ලු සිහින හාස්‍යයෙන් යුතුව බැහැර කරන බව පෙනෙයි. 



10 comments:

  1. @චන්දිම ගෝමස්,

    ඔය ලංකාවේ හීන බිඳ වැටීම අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි රජකාලේ ඉඳලා ලෝකය පුරාම තියෙන දෙයක්. හැත්ත එකේ කැරැල්ල මෑත කාලීනව හීන බිඳ වැටුණ සිංහල තරුණ පරපුර විසින් සහ දමිල තරුණ තරුණියන් විශේෂයෙන් කුලහීන අය 76 වඩුක්කෝඩ්ඩෛ සමුළුව සමග උතුරේ කැරැල්ල ඇතිකලේ තමන්ගේම වෙනමම වූ ඊළාම් නම්වූ පරිපූර්ණ පොරොන්දු දේශයක් බලාපොරොත්තුව ඇතුවයි, මෙයත් මෝසෙස් ඊජිප්තුවේ ජනතාව රැගෙන ගිය පොරොන්දු දේශයේ බලාපොරොත්තුව හා සමානයි.

    ලංකාවේ රජය ජනතාව රැවටීමට උත්සාහ කලේ හතලිස් ගණන් වල ගොවි ජනපද ව්‍යාපාර වලින් ලොව සාරවත්ම කෘෂිකාර්මික රට, පණස් හයේ සිංහල රාජ්‍ය භාෂාව කිරීමෙන් දැවැන්ත බුද්ධි ප්‍රබෝධයක් සමග ඉංග්‍රීසි උගත් පරපුරේ වරප්‍රසාද සාමාන්‍ය ජනතාවට ලැබෙන බව ආදී වශයෙන් ඇවිත් ඊට පසුව වැදගත්ම කාරණයක් තමයි 1976 විතර ආපු පේසාලේ තෙල් වලින් රට සුපිරියි ගොඩ යනවා කියපු බයිලා කතාව, ඉන්දියාව දිගටම හාරලා ලංකාවේ තෙලුත් එක්කම අරගන්නව තාමත්, අපි සෝවියට් රුසියාව නොමිලේ හාරලා දුන්න තෙල් ගවේෂනය නැවැත්වීමට කටයුතු කරා 1977 ඇමරිකානු බලපෑම මත

    ඊට පසුව දිගටම ඔය වගේ අනූ ගණන්වල චබකු විහාරමහා දේවිය, රනිල් වික්‍රමසිංහගේ යලි පුබුදමු මයිනාගේ චින්තන බයිලා යහපාලන හොර ප්‍රෝඩාව ඇත්ත දේශපාලනේ තිත්ත මිනිස්සු, තනි සිංහල බෞද්ධ ආණ්ඩු රටබයිලාව ඊට පසුව 2022 අරගල හොර ප්‍රෝඩා විගඩම, මාලිමා රැල්ල කියන ජල්තරය සහ රනිල්ගේ ඔය 2048 විහිළුව ඔය සේරම එකවගේ විහිළු කතන්දර ගොඩක් විතරයි මිනිස්සු රවටන්නට ගොතපු, ඔය කැම්පේන් කරපු උන් නම් බිලියන ගණනින් හැම පාරම විශාල වශයෙන් මුදල් හම්බ කර ගත්තා ඒක දැන් හැමෝම දන්න සාමාන්‍ය කාරණයක්නේ

    ඊට අමතරව ඔබ නොදුටු තවත් හීන බිඳ වැටීමක් ගැන කතා කරන්න ඕන ඒ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් නරඹන, ලියන, කියවන ක්‍රිකට් රසිකයෙක් විදියට අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන මම බය වුනු තැනක් ගැන

    අපි ඉතාම කුඩා වූ 1995 - 2007 කාලේ වෙනකම් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයො විදියට අපිට සටනක් තිබුනේ ඕස්ට්‍රේලියාව එක්ක. ක්‍රිකට් අධිරාජ්‍යයක් ගොඩනගා ගෙන හිටපු ඕස්ට්‍රේලියාව හැමදාම ශ්‍රී ලංකාව සීරියස් ගත්තා.

    එකාලේ අති ප්‍රබල ඕස්ට්‍රේලියාවට බය නැතුව සටනක් දුන්නේ ශ්‍රී ලංකාව. 1996 ලෝක කුසලානයේදී අපි ඕස්ට්‍රේලියාවට අවසන් මහා තරගයට අභියෝග කරලා ඔවුන් පරදවලා ජයගත්තා. ශ්‍රී ලංකාව හැරෙන්න වෙන කිසිම ක්‍රිකට් ක්‍රීඩා කරන රටකට ඒ හයිය තිබුනේ නැහැ.

    එමෙන්ම ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේ අපි ඕස්ට්‍රේලියාවට පරදින්නේ දශමයකින්. එදා අරවින්ද රන් අවුට් නොවුනා නම් ශ්‍රී ලංකාව 2003 ලෝක කුසලානයත් උස්සනවා. නමුත් එදා ඕස්ට්‍රේලියාව දින්නා.

    හැබැයි ඒ අවසන් මහා තරගයේ ඉන්දියාව පැරැද්දුවා වගේ ලේසියෙන් නෙවෙයි, බොහොම අමාරු ලඟ සටනකින්. 2003 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ ඉන්දියාවට ඕස්ට්‍රේලියාව ලකුණු 359ක් ගහද්දි, සෙමි ෆයිනල් එකේ ලංකාව ඉදිරියේ ඔවුන් 212කට දැවී ගියා. අනිත් අතට ශ්‍රී ලංකාව පැරදුනේ වැහැලා. ඒ මොහොතෙත් සංගා එක්ක වාස් විකට් එකේ හිටියා.

    පසුව 2007 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේත් ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට පැරදුනේ වැස්ස එක්ක. එදා සංගක්කාර, සනත් එක්ක විකට් එකේ ඉද්දි ඕනම දෙයක් වෙන්න තිබුනා.

    ඔය 2007 න් පස්සේ අපේ ක්‍රිකට් ප්‍රතිවාදියා වුනේ ඉන්දියාව. IPL තරගාවලිය, අසීමිත ධනස්කන්දයත් එක්ක ඕස්ට්‍රේලියාව අභිබවමින් ඉන්දියාව ක්‍රමිකව ක්‍රිකට් අධිරාජ්‍යයක් හදමින් සිටියා.

    ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වුනේ ඕස්ට්‍රේලියාව නෙවෙයි, ශ්‍රී ලංකාව. එනිසාමදෝ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නිතරම තරගාවලි වැටුනා. එකක් අපි දිනද්දි එකක් ඉන්දියාව දින්නා.

    එම 2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව පරාජය කරලා ඉන්දියාව ජයග්‍රහණය කළා. 2014 T20 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව පරාජය කරලා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා. ඔහොම 1995 ඉදලා 2015 වෙනතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන ප්‍රතිවාදියා වුනේ ඒ මොහොතේ ක්‍රිකට් ක්‍රීඩාවේ බලවත්ම කණ්ඩායම. එය නඩත්තු කිරීමට ඉතාම අපහසු, ඉහළ තත්ත්වයක්.

    වැදගත්ම දේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය අවුරුද්ද 2014 අපි ආසියා කුසලානය දින්නා. T20 ලෝක කුසලානය ජයගත්තා. එංගලන්තයේදීම එංගලන්තය පරාජය කළා. මේ ජයග්‍රහණ පහසු ඒවා නෙවෙයි.

    හැබැයි අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම ආරම්භ වුනෙත් 2014 වසරේ අග භාගයේ. ඒ ඉන්දියාවේ ඉල්ලීමක් මත එවකට ක්‍රිකට් පරිපාලක වූ බූකිකරු සුමතිපාලගේ පුද්ගලික මැදිහත්වීමකින් ලැබුනු හදිසි ඉන්දීය සංචාරයෙන්. සුමතිපාල පසුව පැමිණි යහපාලන රජයේ බලවතෙක් වුණේ ඉන්දීය සහයෝගයෙන් ඡන්දෙන් පැරදිලා ගිහිල්ලත්...

    ReplyDelete
    Replies
    1. සුමතිපාලලා තරගාවලියට සහභාගී කළේ අර්ධ ශ්‍රී ලංකා කණ්ඩායමක්. 2015 ලෝක කුසලාන පුහුණුවීම් වලටත් කචල් ඇදලා ඇතැම් ක්‍රීඩකයො විවේක ගත්තා බලෙන්මවගේ. මේ තරගාවලිය ලංකාව 5 - 0 ක් විදියට පරාජය වුනා. එතනින් පටන් ගත්තු කඩා වැටීම යහපාලන රජය කාලයේ බරපතල විදිහට වැඩිවෙලා එම කඩාවැටීමෙන් ගොඩ එන්න මේ වෙනතුරුම ශ්‍රී ලංකාවට නොහැකි වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයෙක් විදියට මම බය වුනු දවස උදා වුනේ ඊටපස්සේ.

      ඒ මෙතෙක් කාලයක් ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ප්‍රධාන ප්‍රතිවාදියා වූ අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන ප්‍රතිවාදියා බංග්ලාදේශය වූ දවසේ.2015 වෙනකම් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයො ක්‍රිකට් මීම් පේජ් වල විවාද කළේ ඉන්දියානුවො එක්ක.

      අපි සචින් ද, සනත් ද මාස්ටර් බ්ලාස්ටර් කියලා විවාද කළා. වැඩිපුරම ලස්සන සංගා ගේ කවර් ඩ්‍රයිව් එකද, කෝලි ගේ කවර් ඩ්‍රයිව් එකද කියලා අපි වාද කළා. හොදම නායකයා දෝනි ද, මහේල ද කියලා අපිට ප්‍රශ්නයක් තිබුනා.

      2015 වෙනතුරු එක් ආසියා කුසලානයක හැර සෑම ආසියා කුසලානයකම ශ්‍රී ලංකාව අවසන් මහා තරගය ක්‍රීඩා කරලා තිබුනා. ඒ කාලේ බංග්ලාදේශය වගේ රටක් එක්ක තරගයක් බලන්නත් අපි ඒ තරම් උනන්දු වුනේ නැහැ.

      බංග්ලාදේශය එක්ක ටෙස්ට් තරගයක් නම් ඉනිමක ජයක්, එක්දින තරගයක නම් පහසු ජයක් නොලැබුනු දවසක් අපිට මදිපුංචිකමක් වුනා.

      2015 වෙනතුරුම ඉන්දීය - ශ්‍රී ලංකා මහා විවාදයේ, බංග්ලාදේශය අපිට හුරේ දාපු පොඩි රටක් වුනා. බංග්ලාදේශයේ පැවතුනු 2014 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදීත් බංග්ලාදේශ රසිකයො අපිට චියර් කළා.

      අපිට ඔවුන් ගැන තිබුනේ අනුකම්පාව මිශ්‍ර වෙච්ච හැගීමක්.

      ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් දුරකින් සිටි බංග්ලාදේශය අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ විට ඒක පසුපස සිටින අය ගැන දැනුන නිසා මම බය වුනා.

      අපේ රසිකයො ක්‍රිකට් මීම් පිටු වල බංග්ලාදේශ රසිකයො එක්ක වාද කර ගනිද්දි, අපේ ක්‍රිකට් ක්‍රීඩාව බංග්ලාදේශයට සැසඳෙද්දි බොහෝ ශ්‍රී ලංකා රසිකයන්ට මේ හැඟිම දැනෙන්නට ඇති. ඒක අතීතයේ ඉදලා ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්කෘතියට හුරු වුනු රසිකයන්ට දරා ගැනීමට අපහසු කඩාවැටීමක්.

      කාලයත් එක්ක එවකට අපේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ඉන්දිය රසිකයො අපි දිහා අනුකම්පාවෙන් බැලුවා.

      මේ කඩාවැටිමේ උපරිමය 2018 නිදහස් කුසලානයේ සටහන් වුනා. තරගාවලිය පැවැත්වුනේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර. 1998 වසරේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නවසීලන්තය අතර ක්‍රීඩා කළ නිදහස් කුසලානයේ ආකෘතියටම මේ තරගාවලියත් සැකසිලා තිබුනා.

      ශ්‍රී ලංකාව බංග්ලාදේශයට පැරදුනා. ඉන්දියාව සහ බංග්ලාදේශය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

      ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පවතින එදිරිවාදිකමේ සලකුන ලෙස "අළු බඳුන" කුසලානය පවතිනවා වගේ, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එදිරිවාදිකමේ සලකුන වූ "නයි නැටුම" කරළියට ආවේ මේ තරගාවලියේදි.

      අවසන් මහා තරගයේදී ඉන්දීය ජර්සි ඇඳ ගෙන, ඉන්දීය කොඩි ඔසවා ගත්තු ශ්‍රී ලාංකිකයන්ගෙන් ප්‍රේමදාස පිටිය පිරුනා.

      අපිට කරන්න බැරි වුනු "බංග්ලාදේශය පරාජය කිරීම" කරලා දෙන්න කියලා ඉන්දියාවෙන් ඉල්ලන තරමට අපේ ක්‍රිකට් කඩා වැටිලා තිබුනා. ඒ අපි ලැජ්ජා විය යුතු දිනයක්.

      ක්‍රිකට් අධිරාජ්‍යයක් ගොඩනගා ගෙන සිටි ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ ප්‍රධාන ප්‍රතිවාදියා වීමේ සිට බංග්ලාදේශයේ ප්‍රධාන ප්‍රතිවාදියා වීම දක්වා අපි කඩා වැටුනා.

      2023 ලෝක කුසලානයට ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය සෘජුව සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

      1996 ලෝක කුසලානය ජයග්‍රහණය කරලා, 2007, 2011 ලෝක කුසලානය අනු ශූරතා ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ වටය ක්‍රීඩා කරනවා.

      මේ කඩා වැටීම හරියට කාලයක් බටහිර යුරෝපයේම අධිරාජ්‍ය පතුරවාගෙන හිටපු රෝම අධිරාජ්‍යය බිඳ වැටුනා වගෙයි. රෝමය ගිනි ගනිද්දි, බිඳ වැටෙද්දි රෝමයේ ස්වර්ණමය යුගය හදපු පරම්පරාවේ අවසන් පුරුක වූ නීරෝ වීනා වාදනය කරමින් සිටි බවට කියවෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් අධිරාජ්‍යයත් බිඳ වැටෙද්දී වීනා වාදනය කරමින් සිටි නීරෝ ලා නැතුවාම නෙවෙයි.

      Delete
    2. ඒ නිසා දූපත් රාජ්‍යක මිලියන 22 ක මිනිසුන්ගේ ප්‍රාණ සම ක්‍රීඩාව, ශ්‍රී ලංකාවේ ගෞරවය සහ අභිමානය රඳාපවතින ක්‍රීඩාවේ වගකීමක් දැරීම සුලුපටු නැහැ. පරිපාලන වගකීමක් දැරුවත්, රට වෙනුවෙන් කණ්ඩායම නියෝජනය කළත් ඒ සැමට පැවරෙන්නේ විශාල වගකීමක්.

      මේ ක්‍රීඩාවෙන් යහමින් මුදල් ඉපැයිය හැකි බව ඇත්ත. හැබැයි මේ ක්‍රීඩාවට සම්බන්ධ හැමදෙනාටම ඉන් එහා ගිය මහා ජාතික වගකීමක් පැවරෙනවා. සිංහ ජර්සිය තවත් එක් රැකියා නිල ඇඳුමක් නෙවෙයි.

      අරවින්දලා මුරලිගේ සනත්ගේ වාස්ලා අර්ජුනලා ගොඩ නගලා, සංගා ලා, මහේල ලා, ඩිල්ෂාන් ලා ඉහළින්ම තියපු මේ ක්‍රිකට් ක්‍රීඩාවට උර තැබීම, ජාතික කණ්ඩායම නියෝජනය කිරීම ජාතික වගකීමක්.

      ඒ වගකීම ඉටු නොවීම තුල සමස්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මෙලෙස කඩාවැටීම පිළිබඳව පුදුම විය යුතුත් නැහැ.

      කාලයක් ලෝක කුසලානයක් එද්දි ශ්‍රී ලංකා රසිකයන්ට තිබුනේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව ජය ගනිවීද, පරාජය වේවිද වගේ ප්‍රශ්න. දැන් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගනීවිද නැතිද කියලා රසිකයො කල්පනා කරනවා.

      ඒ ආකාරයෙන් බැලුවම වැඩිපුරම අසාධාරණයට ලක් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයො. මේ වහාම නිවැරදි විය යුතු තත්ත්වයක්. ඔවුන්ට සාධාරණයක් ඉටු විය යුතුයි. ඒ වෙනුවෙන් කැපවීම සෑම ක්‍රීඩකයෙකුගේම හා පරිපාලකයෙකුගේම වගකීමක් නේද? මේ ගැන ලියන්න පුළුවන්ද ඔබට?

      Delete
  2. රටින් පිට සිටින නිදහස් වෙළද පොළ න්‍යාය හා භාවිතාව පිළිබඳව විස්වාසයක් ඇති කෙනෙක් විදියට ලංකාවේ නිදහස් වෙළද පොළ ක්‍රමය දියුණු free market economy එකක් ලෙස පරිවර්තනය කර රැකගැනීමේ හැකියාව ඇත්තේ රනිල් හා ඇතැම් පොදුජන පෙරමුණේ නිදහස් මතධාරීන් සහ එවැනි තවත් පක්ෂවලින් කණ්ඩායම් වලින් එක් වන අවබෝධයකින් යුත් සන්ධානයකට පමණක් බව ඉතාමත් පැහැදිලියි ඒ නිසා තනි තනි පක්ෂවලට කළ හැකි කැකිරි ගෙඩියක් නැති අතර එක්සත් ජාතික පක්ෂයට නම් කළ හැකි හොඳම දේ හානියක් නොකර සිටින එකයි. එය සමාන කළ හැක්කේ සැරව ගෙඩියක් වැනි දෙයකටයි.

    ලංකාවේ මේ මොහොත වනාහි ඉතා සීරුවෙන් තරණය කළ යුතු දේශපාලනික අවස්ථාවකි. නිදහස් වෙළද පොළ හෙවත් ධනවාදය වෙන අරාජිකවාදයකට පරිවර්තනය වුවහොත් ලංකාවට පැවැත්මක් නැහැ.

    මාලිමා ලකුණ යටතේ ඉදිරිපත් වී ඇති ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදය යනු ජවිපෙත් නොදන්නා අමුතුම දෙයකි. එය අරාජිකත්වයක් පමණක් බව ඉතාමත් පැහැදිලියි ඒ වගේම සමගි ජන බලවේගයේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යොමුව ඇත්තේත් අරාජිකවාදයක් දෙසටයි.

    ජනාධිපති රනිල් ජනාධිපතිවරණය වෙනුවට ජනමත විචාරණයක් පවත්වනු ඇතිය යන ප්‍රබන්ධය නිර්මාණය කිරීමට හේතු වී තිබෙන්නේ ඔහුගේ මුග්ධ ගෝලයින්ගෙන් කෙනෙක් වන වජිර අබේවර්ධනගේ කට කැඩිච්ච මෝඩ කතාවකි. ඔහු ඇත්තෙන්ම එවැන්නක් කියන්නේ නැති වුවත්, කරන්නේ අනවශ්‍ය කතාවකි. ජනරජය කෙරෙහි අවිශ්වාසය ඇති කිරීම සඳහා ඔහුගේ කතාව පාවිච්චි කිරීමට අරාජිකවාදී බලවේගවලට හැකියාව ලැබී තිබේ.

    ජනාධිපතිවරණය අභියෝගයක් ලෙස භාරගෙන පුළුල් සන්ධානයක් ඔස්සේ ජවිපෙ යල්පැනගිය තකත්ථු මාක්ස්වාදී අරාජිකවාදයට හා සජබ/පෙසප විසුළු අරාජිකවාදයට එරෙහිව පුළුල් පෙරමුණක් නිර්මාණය කරගත යුතුයි.

    එසේ නොකළහොත් ජනරජයේ පැවැත්මම දරුණු අර්බුදයකට ලක්වේ. මැතිවරණ වෙනුවට ජනමත විචාරණ කිසි සේත්ම විකල්පයක් නොවේ. එහෙත්, කොමියුනිස්ට්වාදීන් හා අරාජිකවාදීන් රැවටීමට නම් එවැනි කතා නරකත් නැත.

    මේ මොහොත තුල ලංකාවේ ආර්ථිකය වගේම දේශපාලනික නායකත්වය ද සම්ප්‍රදායික පක්ෂ දේශපාලන රාමුව තුළ සිට කළමනාකරණය කරගත හැකි අවස්ථාවක් නොවන බව ඒ ගැන ඇති කෙටිම විග්‍රහය වේ.

    ReplyDelete
  3. @ Chandima Gomez

    මේ වීඩියෝ ක්ලිප් එකේ නලීන් හේවගේ සහෝදරයා ඉතාම වැදගත්ම කාරණා කිහිපයක්ම හෙළිදරව් කරන අතර මේ පිළිබඳව ඔබට වැඩිදුර විස්තරාත්මක ලෙස පෝස්ට් එකක්ම දාන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි

    https://www.facebook.com/KayJayLanka/videos/251989710806975/?app=fbl

    මෙම ක්ලිප් එකේ අග ඔහු මෛත්‍රි වික්‍රමසිංහ රනිල් වික්‍රණසිංහ බිරිය පිළිබඳව පවසන කරුණු ඇත්ත ද යන්න පිළිබඳව ඔබට පැහැදිලි කල හැකිනම් හොඳයි.

    ඒවගේම මෙබඳු ආකාරයට ආකර්ෂණීය ලෙස කථා පැවැත්වීමට හැකි නම් ජවිපෙට පොහොට්ටුව ඡන්ද පදනම අතික්‍රමණය කර විශා. ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට ලැබෙන බවත් පේනවා නේද?

    ReplyDelete
  4. ගෝමස් අයියේ මේ කෙටි වීඩියෝ ක්ලීප් එකේ ගෝමස් අයියලා එක්ක සම්බන්ධ වෙලා එකට රට ගොඩනැගීමට ගිය වසරේ අරගලයේ නිරත වූ සහෝදර සටන් කාමිනියක වූ දමිතා අබේරත්න මහත්මිය හීන පිළිබඳව ඉතා වැදගත්ම කරුණු කීපයක් දක්වන බව පේනවා, ඇයගේ සිහිනය සාක්ෂාත් කරගන්නට ඇය කැප වූ ආකාරය පිළිබඳව විස්තර කරනවා, මෙහි ප්‍රශ්න අසන පුද්ගලයා රට මාතෘත්වයට සමාන කිරීම පිළිබඳව යම් තරමකට අනවශ්‍ය කරුණක් දෙකක් සඳහන් කළත් ඇයගේ පිළිතුරු ඉතාම ලස්සනට තියෙනව

    https://www.facebook.com/100083005164532/videos/183825541018374/?sfnsn=wa&mibextid=8Bs6kp

    මේක බලලා ඔබටත් යමක් එකතු කරන්න පුළුවන්ද මෙයට?

    ReplyDelete
  5. නමුත් අද ලාංකිකයා රනිල්ගේ අන්ඩ දමා පැච් ඇල්ලු සිහින හාස්‍යයෙන් යුතුව බැහැර කරන බව පෙනෙයි. //
    Agreed 100%...

    ReplyDelete
    Replies
    1. ලලිත් අංකල්

      ගෝලීය තරගකාරී වෙළඳපොළ පීඩනයන්, කොවිඩ් වසංගතය, විශේෂයෙන්ම වත්මන් යුක්‍රේන යුදමය තත්ත්වය යනාදී කරුණු නිසා එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් මෙන්ම චීනය සහ එහි මිත්‍ර රටවල් අතර සිඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ගෝලීය ධ්‍රැවීකරණයක් නැත්නම් ගැටුම්කාරී තත්ත්වයක් අපට මේ කාලයේ දැකගන්න පුළුවන්.

      ආර්ථික වර්ධනයේදී ලංකාවේ උපායමාර්ගික සබඳතා ප්‍රධාන වශයෙන් ස්ථාපිත වී තිබෙන්නේ දකුණු ආසියානු කලාපය මූල් කරගෙනයි. ප්‍රධාන වශයෙන් ආසියානු කලාපීය රටවල් වන ඉන්දියාව, ජපානය, මැදපෙරදිග, සහ විශේෂයෙන්ම නව ලෝක බලවතා බව පැහැදිලිව පෙනෙන චීනය සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීමටත් ඒ සමගම පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ඇතුළු, යුරෝපය සමඟ ද සබඳතා ද එමෙන්ම පුළුල් කර ගැනීමට මූලික වශයෙන්, අපි ගෝලීය දකුණේ සහ ආසියාවේ ස්ථාවරය සමඟ සිටිනවා. එක්සත් ජනපදය හා චීනය යන ලෝක බලවතුන් දෙදෙනාම ලංකාවට අවශ්‍යයි.

      ඉන්දු-පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් රටවල ඉදිරි දැක්ම යන කරුණ සැලකිල්ලට ගැනීමේදී පැසිෆික් සහ අනෙකුත් කලාප අතිශයින්ම වැදගත්. චීනයේ නැගීම, කලාපයේ රටවල දියුණුව සඳහා ප්‍රධාන හේතුවක් වී ඇති බැවින් චීනයේ ආර්ථික සංවර්ධනය ලංකාවට ඉතා වැදගත්.

      ඒ,වගේම තවත් ලෝක බලවතකු බවට පත්වෙමින් තිබෙන ඉන්දියාව සහ ආසියාන් (ASEAN) කලාපිය රටවල්වල මෙන්ම මැදපෙරදිග බලවතා වන සෞදි අරාබිය ප්‍රමුඛ අරාබි ආර්ථික බලවේග වන රටවල අඛණ්ඩ තිරසාර වර්ධනයක් දැකීමට තවත් වසර 20 – 25 ක් වත් ගතවනු ඇති බව ආර්ථික විශේෂඥ මතයයි.

      මේ නිසාම බහුපාර්ශ්වීය සබඳතා ශක්තිමත්ව ස්ථාපිත කරන අතර, පවත්නා ද්විපාර්ශ්වීය ශ්‍රී ලංකා එක්සත් ජනපද සබඳතා වර්ධනය කර පවත්වාගෙන යා යුතුයි. මේකට ලංකාවට නුවණැති දක්ෂ දැනුමක් තියෙන දැක්මක් සහිත නායකත්වයක් අවශ්‍ය බව පැහැදිලියි, මෙහිදී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නෙවෙයි වැදගත් වන්නේ.

      ලංකාව ආරම්භයේ සිටම එක්සත් ජනපදයට සහාය ලබා දුන්නා. ඉන්දියන් සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහා ඉන්දියන් සාගරයේ රිම් සංගමය (IORA) තුල බලවත් ශක්තිමත් නියෝජනයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට කටයුතු කල යුතු අතරම අනෙක් රටවල් සහාය ඇතිව ගෝලීය නාවුක කටයුතුවල නිදහස වෙනුවෙන් ද පෙනී සිටිය යුතුයි.

      ඇමරිකානු ඉන්දියානු අත පෙවීම් සහ ඒවගේම විසඳාගත යුතු තවත් ප්‍රශ්න තිබෙනවා. ඒවා අප සාමුහිකව විසඳාගත යුතුයි. සියල්ල එක බලවතෙකුගේ ආධිපත්‍යයට නතු කර ගැනීමෙන් එය කළ නොහැකියි. මිත්‍රශීලිව සහයෝගයෙන් කටයුතු කිරීමෙන්, අර්බුදකාරී තත්ත්වයන් අවම කරගැනීමට හැකියාව ලැබෙනවා.

      මේකට ලංකාවට නුවණැති දක්ෂ දැනුමක් තියෙන දැක්මක් සහිත නායකත්වයක් අවශ්‍ය බව පැහැදිලියි, නමුත් එහෙම කවුද ඉන්නේ? ලංකාවේ විපක්ෂ නායක සජිත් කියන්නේ කකුල් දෙකේ හරකෙක්. ගිය වසරේ ලංකාවේ අරගල කාරයෝ එක්ක හොර ඩීල් දාපු කාලකන්නි සජිත්ට මොලය කලඳක් වත් නොමැති බව දහස් වතාවකටත් වඩා ඔප්පු කර පෙන්නුවා. ඒවා කවරදා හෝ තමන්ට විරුද්ධව පාවිච්චි කරන බව ඒ ගොන් වහන්සේට තේරුණේ නැහැ. කරපු ගොන්කම් ඇතුන් ලව්වා වත් අද්දන්න බැහැ කියන්නේ ඒකයි. සජිත් පේමදාස ලන්කාවෙ නායකත්වයට සුදුසු නැහැ කියා ලංකාවේ බහුතර ජනතාව දන්නවා. පියානෝ ගේ සටකපටි මොලේ වත් යන්තමින් හෝ ගිහින් නැහැනේ.

      ඊලගට ජාතික ජන බලවේගය එකම සටන්පාඨ ටිකක් හොයාගෙන නැවත නැවත ඒකම කියමින් ඇද කුද දකිමින් කයිවාරු ගහන එක දිගටම කරනවා විතරයි හරි හමන් දැක්මක් නෑ, දැන් නම් විමල් වීරවංශ වගේ යටිගිරියෙන් හූ හඩ නගන හිවල්ලු රැලක් වෙලා ඉන්න බව පේනවා රැස්වීම්වල. කලවැද්දා වෙල්විදානේත් අමු ගොන් කතා කියවමින් ඌ නන්දසේනටත් අන්ත පොල් බූරුවෙක් බව ඔප්පු කරලා පෙන්වලා තියෙනවා.

      ඊලගට ඔබ සහාය දක්වන පොදුජන පෙරමුණට නායකයෙකු නෑ. නාකි මයිනා ඇවිදින මළකඳක්, කපුටටත් කොරන්න පුළුවන් දෙයක්ද නැත, නාමලා ගත්තම සජිත් වගේ මන්දමානසික රට බූරුවෙක්ට සාපේක්ෂව බුද්ධිමත් බවක් තියෙන බව ඔබ කියාවි ඒක ඇත්ත තමයි ඒත් ඌටත් ඇමති ධුරයක් දරනවට වඩා දෙයක් බෑනේ රටකට ජාතික නායකත්වයක් දෙන්න පුළුවන්ද?

      ඊළඟට 43 කල්ලියේ පච රණවක යම් දැක්මක් සහිත කෙනෙක් වුණත් මිනිස්සු පෙරටත් කැමති නෑ අනික පොරට හොඳ ටීම් එකක් වත් නෑනේ, වෙන ඩලස්ල කාංචනල අමරවීරල වගේ අය ජාතික නායකත්වයකට එන බව පේන්නේ නෑනේ, මොකක්ද ඒ අනුව ඔබේ යෝජනාව මේකට?

      Delete
  6. ජාතික උන්නතියට නොව බලය සඳහා සිහින replace කිරීම තමයි වඩා ම භයානක.

    ReplyDelete
  7. යම් කෘතියක කතෘත්වය සම්බන්ධව තීරණය කිරීමේදී සලකා බැලිය යුතු කරුණු අඩංගු වැදගත් තීන්දුවක් ලාංකිය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නා..

    මෙම නඩුවට පාදක වුණේ "ගල්කිස්ස හෝටලයේ පබ්ලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම්" කියන කෘතිය.

    මේ පොත ප්‍රකාශනයට පත් කරපු සරසවි ප්‍රකාශකයන්ට එරෙහිව ධර්මා සමරනායක මහත්මිය වාණිජ මහාධිකරණයේ නඩු පැවරීම කළේ..මේ පොතේ කතෘ ඇය බවත්, පළමු සංස්කරණයෙන් පස්සේ සරසවි ප්‍රකාශකයන් තමන්ට කතෘභාගය නොගෙවූ බවත්, ඒ නිසා ඇගේ ආර්ථික අයිතිවාසිකම් කඩවූ බවත් පවසමින්

    මේ නඩුකරය ගොනු කරමින් ඈ ගේන තර්කය තමයි පබ්ලිස් සිල්වා මහතාට ලිවීමට නොහැකි නිසාත්, මේ කෘතිය පබ්ලිස් සිල්වා මහතා සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡා ඔස්සේ සහ ඔහුගේ සාධනීය සහයෝගය ඇතුව ඇය විසින් ලියන ලද කෘතියක් නිසා මෙහි කතෘ ඇය බව..

    වාණිජ මහාධිකරණය විසින් සාක්ශි මෙහෙයවීමෙන් අනතුරුව ඇයගේ මේ තර්කය පිළිගනිමින් මේ කෘතියේ කතෘ ඇය බවත්, සරසවි ප්‍රකාශන් විසින් ඇයගේ අයිතිවාසිකම් කඩකර ඇති බවත් ප්‍රකාශයට පත් කරමින් ඇයට වන්දි වශයෙන් රු 837,500ක මුදලක් සරසවි ප්‍රකාශකයන් විසින් ගෙවිය යුතු බවටත් නියම කරමින් තීන්දුවක් ලබා දෙනවා..

    මේ තීන්දුවෙන් අගතියට පත්වුණ සරසවි ප්‍රකාශකයන් විසින් මේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කරනවා.ඔවුන්ගේ ස්ථාවරය වෙන්නේ මෙම කෘතියේ කතෘ වන්නේ පබ්ලිස් සිල්වා මහතා බවත්, ඔවුන් ගිවිසුම්ගතවූ පරිදි ඒ මහතාට නිසි පරිදි කතෘභාගය ගෙවා ඇති බවත්, ධර්මා සමරනායක යනු හුදෙක් ඒ කෘතියේ සංස්කාරක පමණක් වන බවත් ඇයට නිසි පරිදි සංස්කාරක ගාස්තු ගෙවා ඇති බවත්...

    මුර්දු ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුමා විසින් කෘතිය සම්බන්ධව පහත කරුණු වලට අවධානය යොමු කරමින් තීන්දුවක් ලබා දෙනවා..

    ⭕ මෙම කෘතියේ 'title page' එකේ "© Publis Silva" ලෙස සඳහන් වීම නිසා මෙම කෘතියේ ප්‍රකාශන අයිතිය පබ්ලිස් සිල්වා මහතා සතු බව

    ⭕ කෘතියේ පිටු අංක 3 හි සහ සංස්කාරකගේ සටහනෙහි පැහැදිලිවම ධර්මා සමරනායක යනු කෘතියේ සංස්කාරක ලෙස හඳුන්වා තිබීම නිසා ඇය මෙම කෘතියේ සංස්කාරක පමණක් බව

    ⭕ කෘතියේ පිටු අංක 7හි (සංස්කාරකගේ සටහනෙහි) "මේ සත්ක්‍රියාවේදී පලමුවෙන්ම මාගේ ස්තුතිය පිරිනමන්නේ මේ ග්‍රන්ථයේ සැබෑ හිමිකරුවා වන පබ්ලිස් සිල්වා මහතාටය" ලෙස ඇය විසින්ම සටහන් කර තිබෙන බව

    ⭕ කෘතියේ පිටකවරයේ අදාළ කෘතිය පබ්ලිස් සිල්වාගේ ප්‍රථම කෘතිය බවට සඳහන් කර තිබෙන බව

    ⭕ කෘතිය දොරටවැඩුම සඳහා වූ උත්සවයෙහි ආරාධනා පත්‍රයෙහි "Publis Silva launches his book" ලෙස සඳහන්ව තිබීම

    ⭕ අධිකරණයට ගොනු කර ඇති කෘතියේ පලමු සංස්කරණ පිටපතේ පබ්ලිස් සිල්වාගේ සමරු අත්සණ සටහන් කර තිබීම

    ⭕ වාණිජ මහාධිකරණයේ සාක්ශි දෙමින් ධර්මා සමරනායක යන අය "ඔහුට රචනා ශෛලියක් නැහැ,ලියන්නත් බැහැ" යනුවෙන් සාක්ශි ලබා දුන්නද හරස් ප්‍රශ්න ඇසීමේදී "ලිව්වේ මම.එයා කිව්වම මම ගැලපෙන විදියට ලිව්වා" යනුවෙන් සාක්ශි ලබාදීම. "ඒක සංස්කාරකගේ කාර්‍යභාර්‍ය? " යන ප්‍රශ්නයට පිළිතුරක් නොදි සිටීම

    ⭕ සරසවි ප්‍රකාශකයන් විසින් ඇය විසින්ම රචිත වෙනත් කෘතින් ප්‍රකාශනයට පත් කර ඇති බවත් ඒවායේ © ලකුණ සහිතව සඳහන්ව ඇත්තේ ඇයගේ නම බවත් ඒවාට නිසි පරිදි කතෘභාගය ලැබී ඇති බවත් ඇය විසින්ම නඩු විබාගයේදි පිළිගෙන තිබීම

    ⭕ කෘතියේ පළමු පරිච්ඡේද දෙක (පබ්ලිස් සිල්වා මහතාගේ චරිතාපදානය අඩංගු) උත්තම පුරුෂ කෝණයෙන් ලියවී තිබීම

    ⭕ නඩු විභාගයේදී සිංහල පිළිබඳ විශාරදවරයෙකු සාක්ශි ලබාදෙමින් "කර්තෘ" සහ "සම්පාදක" යන වචන දෙකම සමානාර්ථ දෙන බවට ප්‍රකාශ කලද මහා සිංහල ශබ්දකෝශයට සහ බුද්ධදාස හේවගේ මහතා විසින් සම්පාදිත සි‍ංහල ඉංග්‍රීසි ශබ්දකෝශයට අනුව එම වචන වලට වෙනස් වූ තේරුම් දෙකක් ඇති බව.

    ⭕ බුද්ධිමය දේපළ පනතේ ප්‍රකාශන අයිතිය හිමිකාරත්වය සම්බන්ධව ප්‍රතිපාදන දක්වා ඇති 14(3) සහ 14(4) වගන්ති කෙරෙහි නිසි අවධානය යොමු කළ යුතු බව

    ඉහත කරුණු ඇතුළුව පෙත්සම්කරු වෙනුවෙන් ඉදිරිපත් කරන ලද සියලු කරුණු සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල කෘතියේ කතෘ වන්නේ පබ්ලිස් සිල්වා මහතා බවත්, මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුව වැරදි බවත් තීරණය කරනවා.

    මෙලෙස තීරණය කළ නඩු තීන්දුව තුළ පහත ප්‍රකාශකයත් අඩංගු වෙනවා.

    "In my view, such recognition could extend to a chef too,like in the instant case and his creations and copyright safeguarded for generations,regardless of him being able to read or write, educated or not so educated, a cook rising up from humble beginnings or a chef who has made an indelible mark in the culinary field here and overseas"

    මෙහි සරල අදහස වෙන්නේ කිසිම දෙයක් නැති තැනකින් තමන්ගේ ගමන ආරම්භ කරලා සූපශ්‍රාස්ත්‍ර ක්ශේත්‍රයේ නොමැකෙන ලකුණක් තබන්නට සමත්වුණ සූපවේදියකුට හෝ අරක්කැමියකුට ලිවීමට කියවීමට නොහැකි වුවත්, උගත් වුවත් එතරම් උගත් නොවුණත් ඔවුන්ගේ නිරිමාණයන්ට ආරක්ශාවක් ලැබිය යුතු බවයි.

    -පමුදි අනුත්තරා වීරසූරිය-

    ReplyDelete