Saturday 3 June 2023

මට හමු වූ බෞද්ධයන්


චීනයේදී, මැලේසියාවේදී මම නිදහස් චින්තකයන් ලෙස තමන් හඳුන්වා ගන්නා බෞද්ධයන් හමු වීමි. ඔවුන් බුදුදහම දකින්නේ සියළු මානසික බැමිවලින් ඔවුන්ට නිදහස් විය හැකි මාර්ගය අවබෝධ කරදුන් දර්ශනය ලෙසයි.

නේපාලයේදී, භූතානයේදී සහ උතුරු ඉන්දියාවේදී මම බෝසත් ආත්මයක් පතන බෞද්ධයන් හමුවීමි. තමා යන මග සකස් කරගැනීමට ඔවුන් හැකිතාක් බෝසත් චරිත ගැන කියවෙන කතාවල ඇති බෝසත් ගුණ දම් අනුව දිවි පෙවෙත ගත කිරීමට උත්සහ කරති. එයින් සතුට සහ සැනසුම පතති. 

ජර්මනියේදී සහ ස්වීඩනයේදී මට බුදු දහමේ ගැඹුර සහ හරය පිළිබඳව ගවේෂණ කරන බෞද්ධයන් හමුවිය. ඔවුන්ට බුදුන් පිළිබඳව විශේෂ සැලකීමක් නැත. ඔවුන්ගේ එකම අරමුණ බුදු දහම යථාවබෝධ කරගෙන එමගින් ආත්ම තෘප්තියක් ලැබීමයි.

මට උගන්ඩාවේදී ලේබල් නැති බෞද්ධයන් හමුවිය. සියවස් ගණනාවක්  ගෝත්‍රිකව බෙදී එකිනෙක අතර ගැටුම් ඇති කරගනිමින් ජිවත් වූ ඔවුන් අද බුදු දහම තුලින් එකිනෙකා කෙරෙහි කරුණාව, මෛත්‍රීය, සෙනෙහස වැඩීම, අන් මත ඉවසීම, සරළ දිවි පෙවෙතක් ගතකිරීම ප්‍රගුණ කරති.

කුඩා කල සිටම මගේ ප්‍රියතම ගායිකාව වූ ටීනා ටනර් මට කිසිදාක හමු වී නැත. නමුත් ඇයගේ ජීවිත තොරතුරු පිළිබඳව කවදත් උනන්දු වූ මට ආගමක් නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන සතුට වඩා ගන්නේ කෙසේදැයි ඇයගෙන් යම් මගපෙන්වීමක් ලැබුණි. ඇය විශාල වශයෙන් මුදල් ගෙවා ලබා ගන්නා මානසික චිකිත්සකයාගේ උපදේශන වලට වඩා නොමිළේ ලැබුණු බුදුදහමේ  මගපෙන්වීම් කෙරෙහි විශ්වාසය තැබුවාය. 

ලංකාවේදී මට බුද්ධාගම ඇඟ පුරාම හලාගත් බෞද්ධයන් හමුවිය. ඔවුන් බුදුන්ට අපහස කරන්නේ කවුද, බුදු දහම රැකගන්නේ කෙසේද, බුදුන්ගේ උප්පැන්න සහතිකය වෙනස් කල හැකිද, ආදී නොයෙකුත් කාරණා හිස මත දරාගෙන අසතුටින්, වෛරයෙන්, කෝපයෙන් පසුවෙති. ඔවුන් තම මනසට ආගමේ නාමයෙන් තමන්ම දමාගත් විලංගුවල යතුර පවා ඈත දියඹට විසිකර ඇත. 

මා කීවේ මා දුටු දේ මිස මේ කිසිම බෞද්ධයෙකුගේ හොඳ-නරක නොවේ. සතුටින් සිටීම හෝ අසතුටින් සිටීම ඕනෑම අයෙකු සතු අයිතියකි. සමහරුන් අසතුට තුලින් වින්දනයක් ලබති. මේ නිසා මම විනිශ්චයශීලී (judgemental) නොවෙමි. එසේ වීමට මට අයිතියක්ද නැත. 


                    

9 comments:

  1. අජිත් ඩී කීර්ති - ලන්ඩනය3 June 2023 at 01:13

    ගෝමස් ක්‍රිස්තියානිකාරයෙක් නේද?
    සිංහල බෞද්ධයා කෙරෙහි මෙතරම් වෛරයක් දක්වන්නේ එම නිසාද?

    තමුන් උපන්රටට මිනිසුන්ට ගරහන්නද ඉගෙන ගත්තේ?

    ReplyDelete
    Replies
    1. මම බලන් හිටියේ පිස්සා මොන නමින් මේ ජෝක් එක දායිද කියල. ඇත්තටම පිස්සෝ උඹට වෙන වැඩක් නැද්ද?
      මෝඩ පිස්සා

      Delete
  2. මමත් ආටිකල් නෝටිස් එක ආව ගමන් ආටිකල් එක කියවන්න කලින් දුවගෙන එන්නේ පිස්සාගේ කමෙන්ට් එක කියවන්න. මූ කොහොම මානසික අසහනයක ඇත්ද ප්රෝෆ් ආටිකල් එකක් දාපු ගමන් හැරෙන තැපෑලෙන් මේ ගොන් කමෙන්ට් එක දාන්න.

    මූට අපිවත් අලුත් කොමඩියක් හොයල දෙමු මූ මේ එකම පට්ට ගහනවා තියාගෙන.

    ප්රෝෆ් ආටිකල් ලියන්නේ පිස්සව ෆෝම් කරන්නමද කියල හිතෙන්නේ මට විතරද?

    ReplyDelete
  3. So I'm proud to say I'm Buddhist...

    ReplyDelete
    Replies
    1. Are religions for being proud of?

      Delete
  4. Jagath Pathirana3 June 2023 at 07:20

    ශුද්ධ බයිබලයට අනුව බුදුහාමුදුරුවෝ කියන්නේ නපුංසකයෙක්.
    වයස 29දී නලඟනන්ගේ විකාර දැක එතුමා තමාව නපුංසක කරගත්තා. ඊටත් අමතරව තම පුතාද නපුංසකයෙක් කලා.
    ඒත් යෙෂුවා වහන්සේ නපුංසකයෙක් නෙමේ. යුදෙව් සිරිතට අනුව එතුමා වයස 40දී විවාහ වෙනවා. එතුමාගේ බිරිඳ වන්නේ කිතුනු සභාවයි.

    ReplyDelete
    Replies
    1. ඒ පාර පිස්සා තවත් නමකින් තවත් මෝඩ චූං එකක් දෙනවා. හැබෑටම පිස්සු උට්ටෝ උඹලගේ අම්මට තවමත් හොයාගන්න බැරි වුනාද තාත්තා මොන එකාද කියල

      Delete
  5. ගෝමස් මල්ලි මෙහෙ එන්න
    බුදුදහමට හොදටම දෙන්න
    ඩොලර් කුට්ටි ආ මෙන්න
    කොටියට කඩයට යන්න

    ReplyDelete
  6. මගේ පුද්ගලික මතය තමයි ලංකාව නිකන් වත් බෞද්ධ රටටක් නොවුනා නම් මෙහෙ ඉන්න මැටි මෝල් වහන්සේලාගේ හැටියට මේක නතර වෙන්නේ ඇෆ්ඝනිස්ථානෙටත් එහා තැනක කියන එක. ඒ අතින් බුද්ධාගම පැමිණීම මේ රටට ලොකු වාසනාවක්.

    මම මේ කියන්නේ මේකේ පිස්සා නමින් බොහෝ දෙනෙක් හඳුන්වන පුද්ගලයා ගැනම නොවේ.

    ලංකාවේ ඉන්න ළිං මැඩියෝ වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නේ පෙන්ටගන් එකේ උන්ට ලංකාවට කෙලින විදිය ප්ලෑන් කරනවා ඇරෙන්නේ වෙන වැඩක් නැහැ කියල.

    තවත් එවුන් හිතන් ඉන්නවා උන්ගේ ගොන් කන් වලට විරුද්ධව කතාකරන හැම එකාම වෙන රටවලින් ඩොලර් ලැබෙන NGO කාරයෝ කියල.
    මේ හරක්ට තේරෙන්නේ නැහැ ඒක එහෙම නම් මුන් බඩට පාන් කාලක් දාගන්නේ, අද නොමැරී ජිවත් වෙන්නේ ඔය NGO කාරයෝ හින්ද කියල. ආණ්ඩුව ඩොලර් හිඟා කන්න ලෝකේ වටේ යද්දී රටට ඩොලර් ගෙනත් තියෙන්නේ NGO කාරයෝ.

    මෙහෙම මෝඩ පනික්කියෝ ඉන්න රටක් මම නම් දැකල නැහැ.

    ReplyDelete