Wednesday 4 January 2023

සේපාල් අමරසිංහට වැරදුන තැන


මෙය නුදුරු අනාගතයේ කියවීම උදෙසා ලියන ලදී. 

ඔහු විසින් පහර දෙන පැවිද්දන් සියල්ලම පාහේ රාජපක්ෂ දේශපාලනය මත පරායත්ත වූ විචල්‍යයන්ය. එම තක්කඩි දේශපාලනයේ අභාවයත් සමගම මේ පැවිද්දන්ගේ පැවැත්මද බිඳ වැටෙමින් පවතී. මේ නිසා ඇපල් විජේ, යුරියා සමන්ත, yellow pets ආදී යෙදුම් වලට එරෙහිව කිසිවෙක් නැගිටීවි යයි මම නොසිතමි. සමහරුන් මේ නාමකරණයන් සතුටින් බාරගෙන ව්‍යාප්ත කරමින් පවතී.

එහෙත් දළදා සංකල්පය (දළදාව යන භෞතික වස්තුව නොවේ) දේශපාලනයෙන් ස්වායත්ත වූ නියතයකි. අනෙක් අතට දේශපාලනය දළදා සංකල්පය මත පරායත්ත වූ විචල්‍යය සමුහයකි. අනුරලාට වාසුලාට පවා මල් වට්ටි උස්සගෙන දළදා මාලිගාවට ගාටන්න සිදුවන්නේ මේ නිසාය. 

සේපාල් අමරසිංහට මේ වෙනස අඳුනාගන්න නොහැකි වූ සැටියකි. සියවස් ගණනාවක් වර්ධනය වන සාමුහික ජන විඥානය (සේපාල්ගේ වදනින්ම නම් ජන අවිඥානය) කෙටි කලකින් වෙනස් කිරීම ඉතා අසීරුය. ඒ වෙනුවට කල යුතුව තිබුණේ එම ජන විඥානය අවභාවිතයේ යෙදවීම පමණක් අරමුණු කරගෙන පහර දීමයි. නමුත් සේපාල් මෙය ටපලවා ගත් සැටියකි. 

මෙම පටලවා ගැනීමෙන් පවතින රජය කෙසේ වෙතත් බලයේ සිටින රාජ්‍ය නායකයා උපරිම වාසියක් නෙලාගනු ඇත. ලාංකික ජනතාව තවමත් නින්ද්‍රාශීලිය. අරමුණු කෙසේ වෙතත් රට බංකොලොත් කිරීමට එරෙහිව පෙරට ආ වසන්ත මුදලිගේලා ඉතා අසාධාරණ ලෙස සිරගත කොට තැබීමට එදිරිවද ජනතාවගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නැත. එවන් පරිසරයක සේපාල් අමරසිංහ මාස ගණනාවක් සිර කොට තැබුවද ඔහුගේ Youtube නාලිකාවට ඉතා ඉහලින් comments දමන්නන් පවා පාරට බසී යයි සිතිය නොහැක. 

පහර දීමේ කලාව මැනවින් ප්‍රගුණ නොකොට අවි අයුධ ගෙන යුද පිටියට බැසීම ඉතා අනුවණ ක්‍රියාවකි. 



5 comments:

  1. මේ කාරණයේදී මට තියෙන්නේ විරුද්ධ මතයක්. වතිකානුවට, දළදා මාළිගාවට හෝ මක්කමට (අනිත් ආගම් ඕනෙම එකකට) ඕනෑම දෙයක් කීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී සහ civilized රටක තියෙන්න ඕනේ. සේපාල කියල තියෙන්නේ අසභ්‍ය වචනයක් නෙවෙයි, එළවලුවක නමක් නේද? මෙතැනදී සේපාලට දඩුවම් කරනවා නම් එකෙන්ම පේනවා ලංකාව මොනතරම් civilized ද කියල.

    ReplyDelete
  2. සේපාල් අමරසිංහගේ සීයායි ජෙවිපේ හිටපු නායක සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ තාත්තයි අයියයි මල්ලියි.

    නෑ කම අනුව සේපාලගේ බාප්පා කෙනෙක් තමයි සෝමවංශ.

    ReplyDelete
  3. Prof, is he your classmate? He seems a Royalist from 85 batch

    ReplyDelete
    Replies
    1. Can't remember a person with such name. Have to chek with other batchmates.

      Delete