Tuesday 24 May 2022

ගෝල්ෆේස් අරගලය ගැන අවසාන වදන් පෙළ

මැයි මස 12 වන දින වන විට ගෝඨාභය රාජපක්ෂ සිටියේ තදින්ම තාප්පයට සිරවෙලාය. මේ වෙලාවේ කල යුතු දේ ගැන කිහිප දෙනෙක්ම අදහස් පළකළේය. ඒ පිළිබඳව මා ලිපියක් පළකලේ ඊට දින කිහිපයකට පෙරයි. ඒ අවස්ථාවේ #GoHomeGota පියවරක් පස්සට ගෙන යම් පැහැදිලි කොන්දේසි යටතේ ව්‍යවස්ථාවේ කළ හැකි උපරිම යහපත සිදුකර, ගෝඨාභය ඉවත්ව මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ලිඛිත පොරොන්දුවක් ගෙන ජවිපෙ ප්‍රමුඛ කෙටිකාලීන රජයක් පිහිටුවීම රට වෙනුවෙන් ගත යුතුව තිබූ හොඳම පියවර බව අදටත් මගේ හැඟීමයි. 

පාර්ලිමේන්තුවේ ආසන කිහිපයක් තබාගෙන එය කල නොහැකි බවට එකල සෑහෙන දෙනෙක් තර්ක කරනු දකින්නට ලැබුණි. ඔවුන් බොහෝ දෙනෙකුට පවත්නා වාතාවරණය අවබෝධ කරගැනීමට ඉවක් නොමැති විය. ජවිපෙට මේ යථාර්තය තේරුම් ගන්න අවශ්‍යතාවයක් නොවීය. සජිත් තම යෝජනාව ඉදිරිපත්කිරීමට පමා උනා වැඩිය. ආතක් පාතක් නැතිව පිං ආසනයකින් පාර්ලිමේන්තුවට පැමිණ සිටි රනිල් කිසිම කොන්දේසියක් නැතිව අගමැතිකමට ඉදිරිපත්විය. එය ලෝකෙන්ම වසන් වී සිටි රාජපක්ෂලාට life-line එකක් විය. 

රනිල් ආවත් නැතත් ලැබෙන්න තිබූ සිඟමන් ටිකක් ලැබුණා ඇරෙන්න රනිල් නිසා රටට ලැබුණු දෙයක් නැත. මිනිසුන් සඟවාගෙන සිටින ඩොලර් ටික මාරු කරගන්න කල් ඩොලරයේ අගය බලෙන් අඩු අගයක රඳවා ගෙන ඇත. ඉන්ධන හිගයට අමතරව එහි මිල අහස උසට ඉහල යමින් ඇත. ඊට සමගාමිව රට අති උද්ධමනයක් කරා ඇදී යමින් පවතී. සාගත කුණාටුව දැනටමත් ඇරඹී ඇත. සමාජ සංස්ථාව ගත වන සෑම දිනකම බිඳ වැටෙයි. අරගලයට උරදුන් තරුණ පිරිස් එකා දෙන්නා බැගින් දඩයම් කෙරමින් පවතී. ඒ අතරට මාධ්‍යවේදීන්ද දැන් දැන් ඇතුළත් වෙමින් ඇත. 

"ගෝඨාභය යන්නෙත් නැහැ, 21 ගේන්නෙත් නැහැ. දැන් මොනවද පඬියෝ කරන්න කියන්නේ" යයි රනිල් පසුපස යන අතලොස්ස දැන් වහසි බස් දොඩයි.  ගෝඨාභය යවන්නත්, 21 ගේන්නත්, ආණ්ඩුව කෙටි කලකින් විසුරුවා හරින්නත් කොන්දේසි පනවන්න ඉතා කදිම අවස්ථාවක් තිබෙද්දී ඒ මැද්දට කඹය කඩා ගත් හරකා මෙන් පැන්න රනිල් සියල්ල අවුල් කල බව මේ පුද්ගලයන්ට දැන් අමතකය. අවස්ථාවෙන් ඵල නෙලා නොගත් විපක්ෂයේ අනෙකුත් පක්ෂද මේ තත්වයට තදින්ම වග කිව යුතුය. 

දැන් මට පලිඟු බෝලයෙන් පෙනෙන්නේ එක දෙයකි. ඊළඟ අරගලය සැබවින්ම දාස් කැපිටාලයේ අර්ථ දැක්වෙන විප්ලවය විය හැක. තමන් බැඳි යදම් හැර තමන්ට නැතිවන්න කිසිවක් නැති විට මිනිසුන් තමන් බැඳි යදමට එරෙහිව නැගී සිටිනු ඇත. එය ගෝල්ෆේස් අරගලය තරම් සොඳුරු වන්නේ නැත. ඒ නැගිටින්නේ බඩගින්න සහ දරිද්‍රතාවයෙන් සැබවින්ම පීඩිත වූ වියරු වැටුණු මිනිසුන්ය. එය මැයි 9 වනදා සවස් වරුවට වඩා අතිශයින්ම වියරු සහ කෲර විය හැක. එයට නායකත්වය දීමට ජවිපෙට තව දුරටත් හැකියාවක් ඇද්දැයි මට බලවත් සැකයක් ඇත. 

නුදුරු අනාගතයේ අරගලයේ නාමයෙන් ලක් පොළවේ සැලෙන සෑම ලේ බිඳුවකටම රනිල් ඇතුළු මුළු පාර්ලිමේන්තුවම වග කිව යුතුය.  


2 comments:

  1. මේ ලිපිය කියවන ගමන් මට කල්පනා වුණේ:

    ඩොලර් එවන්න කියා ඉල්ලන උදවිය, තමන්ගේ දේශපාලන නායකයන්ට නොකියන්නේ ඇයි, ඒ අය උගන්ඩාවේ, සීෂෙල්ස් රාජ්‍යයේ හෝ වෙන කොහේ හෝ තැන්පත් කර ඇති ඩොලර් ලංකාවට ගේන්න කියා?

    ReplyDelete
  2. මං පේරාදෙණිය කම්මලේ ඉන්න කාලෙ අප සිටි නේවාසිකාගාරයේ හිටිය ඉකොනෝමැට්ටා බ්ලොග් එක ලියන කෙනා. මිනිහට ඒ කාලේ කාඩ් දෙක තුනක් වැදිලා තිබ්බා. මිනිහගේ තාත්තා ආර් ප්‍රේමදාස ජනාධිපතිවෙලා ඉන්න කාලේ ගම්උදාව උත්සව වල පොඩි පොඩි කඩ දාගෙන වෙලදාම් කරලා තිබ්බා. අම්මා ස්වීව් විකුනලා තිබ්බා.

    ඉතිං ඔය කියන ඉකොනෝමැට්ටා ඒ කාලේ නිදාගන්න පුරුදු වෙලා තිබුණේ උඩුබැලි අතට, කකුල් උඩ තියාගෙන. කිරලා බිත්තර රකින්නේත් එහෙමයි කියා කතාවක් තියෙනවා. මිනිහා සරම ඔලුවෙ ඉඳන් පොරවා ගන්නවා. එක් දවසක් සරම මෑත් වී තිබුණු වෙලාවක වෙනත් අයෙක් මට පෙන්වූ දෙයක් මට සිහි වෙනවා. ඔහුගේ ගුද මාර්ගයෙන් පිටතට ආ කිරි පණු රැළක් ම සුදු පාට‍ට හිටියා. මම හිතන්නේ ඔහුට තදබල විධියට ඒ ලෙඩේ තිබුණා. ඒ දවස්වල අපි හිතන් හිටියේ අපි සමාජ ක්‍රමයේ රෝගයට බෙහෙත අතැඹුලක් සේ දන්නවා ය කියලායි. හැබැයි, මේ කොල්ලාට මේ ගැන කියනවා ද, නැද්ද කියා හෝ කළ යුතු දේ ගැන හෝ අපි දැනගෙන හිටියේ නැහැ.

    ReplyDelete