Tuesday 2 November 2021

හෝරාවේ තේමාව-2: ඇලඩින්ගේ පහන නොපතන්න

 


"අපි මහා ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ මහත්තයෝ. අපි කිසි දෙයක් නිකං ඉල්ලන්නෙත් නැහැ. අපිට පොහොර ටික ගන්න වැඩ සලස්සන්න. එතනින් එහාට කරන ටික අපි දන්නවා" මේ පසුගිය සතියක මා යූ ටියුබයේ නැරඹු ගොවි සටනකදී කාන්තාවක් හඬමින් පැවසූ වදන් කිහිපයකි. එය ඇත්තෙන්ම සෑම ගොවි විරෝධයකම (පක්ෂ විසින් සංවිධානය නොකළ) මා දුටු පොදු ලක්ෂණයකි. මේ වදන් මා දකින්නේ ඝන මේඝයක ඇතිවූ රිදී ඉරක් පරිද්දෙනි.

තමා පැමිණි පසු ලංකාවේ සියලුම ගැටළු අසුරු සැණෙන් විසඳනවා යයි කියන සෑම දේශපාලුවාම අමු හොර තක්කඩියෙකි. දශක ගණනාවක් ඔවුන්ට රැවටුන මෝඩ ජන ගහණය තවමත් අඩුවී නැති බව ඔවුන් සිතන අයුරකි. පිළිකා රෝගියෙක් නිට්ටාවටම සුව කිරීම අතිශයින් උගහටය. කල හැකි උපරිමය තාවකාලිකව මරණය කල් දමා ඉන්පසු රෝගියාගේ තත්වය අනුව පිළියම් යෙදීමයි. මෙය අති දුෂ්කර කාර්යයකි. එයට කෙටි කාලින මෙන්ම දීර්ඝ කාලින වැඩ පිළිවෙලක් අවශ්‍යය.

අප දශක කිහිපයක සිට විදේශ ණය සහ මුදල් අච්චු ගැසීම මත දිවි රැකගත් ජාතියකි. පසුගිය වසර දෙක තුන තුලදී මේ තත්වය අතිශයින් තීව්‍ර වී අද වන විට ඛේදවාචකයේ කුඨප්‍රාප්තියට රට පත්වී ඇත. 

චීනයේ හැසිරීම මා රටවල් ගණනාවකම හොඳින් අධ්‍යනය කර ඇත. මේ ගැන මම ලිපි කිහිපයක්ම ලියා ඇති බැවින් තව දුරටත් විස්තර කිරීමට නොයමි. චීන ණය උගුලක් නැති බව සමහරු තර්ක කරති. එය තීරණය වන්නේ ඔබ උගුල අර්ථ දක්වන ආකාරය මතය. ලෝක ආර්ථික ශ්‍රේණිගත කිරීම් වල ලංකාව පහලටම කඩා වැටීම සහ චීනය විසින් මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීම අහම්බයන් හෝ හදිසි කෝපයේ ප්‍රතිඵලයක් නොවේ. හොඳින් දෑස් හැර බැලුව හොත් ඔබට පැහැදිලිවම පෙනෙනු ඇත -චීනයෙන් හැර දැන් කිසිඳු රටකින් ලංකාවට ණයක් ගත නොහැකි බව-. අප චීනයේ වහලෙකු බවට පත්වී ඇත. මේ තත්වයට පත්වීම උගුලක්ද නැත්ද යන්න තීරණය කිරීම මම ඔබට බාර කරමි. 

ඉහත ජාත්‍යන්තර ගැටලුවට අමතරව මේ වන විට ලංකාවේ කෘෂිකර්මය කඩා වැටි ඇත. බොහෝ නිෂ්පාදන ක්‍රියාවලියන් අඩපනය. කුසලතා ඇත්තෝ (skilled force) විශාල වශයෙන් රට හැර යති. ජනාධිපති සමාව සහ නීතිපතිගේ අනිසි ක්‍රියාන්විතය මූලික කරගෙන අනීතිය රට පුරා හිස ඔසවමින් පවතී. මේ තත්වය ආපසු හැරවීමට පෙර එයට විරාමයක් තැබිය යුතුය. එයම අති දුෂ්කර ව්‍යායාමයක් වනු ඇත.  රට වෙනුවෙන් අවංකවම පෙරට එන පිරිස මෙන්ම රටේ සමස්ත ජනතාවද මේ යථාර්තය අවබෝධ කරගත යුතුය. 


9 comments:

  1. කෙටියෙන් කීවට ඔබතුමා මෙතන සෑහෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා වගේ....

    ඉස්සරහට කන්නත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ...

    පහලටම වැටිලා හරි කොහෙන් හරි නතර වුනොත් හොඳයි නැත්නම් ලංකාවක් නැති වෙයි වගේ මෙහෙම ගියොත්....

    ReplyDelete
  2. අපි ඉස්සර ඇමරිකාවට වෛර කළෙමු. දැන් ඒ වෛරය චීනයට මාරු වෙමින් පවතී.

    ප.ලි. ඇමරිකන් කාරයන්ගේ හෝ චීන්නුන්ගේ වැරැද්දක් නැත්. ඔවුන් ඔවුන්ට ලාභ විදියට වැඩ කරති. තුන් කල් දක්නා නුවණක් නැත්තේ අපේ අයටයි.

    ReplyDelete
  3. //ඔබේ රටේ හොර, තක්කඩි, මිනීමරු පාලකයන් නිර්මාණය කලේ කවුදැයි ඔබ දැන් ඔබගෙන්ම අසා දැනගන්න//
    https://chandimagomes.blogspot.com/2021/10/blog-post_8.html

    හ්ම්...🤔😞

    ReplyDelete
    Replies
    1. බස්සා මාමෙ,
      පාලකයන් කියන්නෙ ලංකාවෙ මිනිස්සු බහුතරයක්ගෙ කැමති සෙට් එක නම් එයාලට චන්දෙ දීපු උදවියත් යම්තාක් දුරකට හරි ඒ පාලකයි වගේ ම වෙන්න පුලුවන් නේද?

      ඒකියන්නෙ රටේ මිනිස්සු බහුතරයකගෙ හරස්කඩක් තමයි මේ පාලයන්ගෙන් පේන්නෙත් කියලා ගන්න බැරිද අපිට

      Delete
  4. කදිම සටහනක්. රට ගැන හරි දුකයි. ඒත් මට හිතා ගන්න බැරි ඇයි ගොවියො රසායනික පොහොර ඉල්ලන්නෙ කියල. ඇත්ත බොරු දන්නෙ නැතත් කවුරු හරි සමාජ මාධ්‍යයක ලියා තිබුණේ නෙළුම් කුළුණත් චීනයම ගන්න යනවලු කියලයි.

    ReplyDelete
    Replies
    1. ලොකේ ගල් අගුරු,ඛනිජ තෙල් දහනය කරලා බලශක්තිය නිපදවන එක පරිසරයට අහිතකරයි කියලා එක පාරම නැවැත්තුවොත් මොකද වෙන්නෙ.???
      ඒකම තමයි මෙතනත් උනේ.

      බීජ වර්ග ඔක්කොම හදලා තියෙන්නෙ රසායනික ඒවා ඕනි විදියට.

      මේ වැඩපිලිවෙල/සංකල්පය හොඳයි. කරපු විදියයි අවුල්......

      ගොවියන්ට වෙන කරන්න විකල්පයක් නෑ එක පාරම. අනික කිසිම කෙනෙකුට පුලුවන් ද එක පාරටම වෙනස් වෙන්න තමන් දරපු මතයක් උනත්....

      කාබනික නැති නිසයි ලේසියෙන් සපයන්න පුලුවන් රසායනික ඒවා ඉල්ලන්නෙ. නැතුව රසායනිකම ඕනි කියලා එකක් නිසා නෙමෙයි......

      Delete
    2. නවීන් සංදීප කුමාර දී ඇති පිළිතුර ප්‍රමාණවත් මට හිතෙන විදියට ඔබේ පිළිතුරට. තව දුරටත් කියනවා නම් ලංකාව පුරාම වගා කරන්නේ දෙමුහුන් (hybrid) බීජ. එහෙම නොවුණොත් පලදාව 1/3 කින් පමණ අඩුවෙන බව තමයි මගේ දැනුම. මේ දෙමුහුන් බීජ සඳහා රසායනික පොහොර මෙන්ම වල්පැල-දිලීර-කෘමි නාශක අත්‍යවශ්‍යයි. කාබනික වගාවට යනවා නම් පස සැකසීම, බීජ වර්ග, ජල සම්පාදන ක්‍රමවේදය, පොහොර යෙදීමේ සංයුතිය සහ ප්‍රමාණය ආදී සියළුම කාරණා ක්‍රමානුකුලව වෙනස් කල යුතුයි. මෙය එක් රයකින් කළහැකි දෙයක් නොවේ. අඩුම ගණනේ වසර දහයක්වත් ගතවන ක්‍රියාවලියක්. ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙය ඉතා නිවැරදිව සඳහන් කර තිබෙනවා.නමුත් ක්‍රියාත්මක කිරීමේදී ඔහු කාරණය හතර අතට අනාගන්නවා.

      Delete
  5. ණය ගෙවා ගන්න බැරි වුනාම නෙලුම් කුලුන හරි විතරක් අරගෙන ඉතුරු උනොත් ඇති😑😑

    ReplyDelete
  6. නවීන් සහ චන්දිම දෙන්නාටම ස්තුතියි. දැන් පැහැදිලියි.

    ReplyDelete