විද්‍යාඥ පීටර් විසින් මතුපිටක ඝර්ෂණය පැහැදිලි කිරීමට මොඩලයක් ගොඩනැගීය. ඔහුගේ මතය අනුව ඕනෑම මතුපිටක ඇති සියුම් සිදුරුවල මිලියන ගණනක් වූ ඝර්ෂණ භූතයන් ජීවත්වෙයි. ඔවුන් තම වාසස්ථාන හරහා යමක් ගමන් කිරීමට දැඩිසේ විරෝධය දක්වයි. මේ නිසා මතුපිටක් මත තව මතුපිටක් ඇතිල්ලෙන විට ඔවුන් වාසස්ථාන වලින් එලියට පැමිණ ගමන් කරන වස්තුව නවතාලීමට බලයක් යොදයි. මෙය ඝර්ෂණ බලය නම් වේ.
ඔහුගේ අදහසට විරුද්ධව අනෙක් විද්‍යාඥයන් ප්‍රශ්න රාශියක් අසන්නට විය.
"එතකොට සුමට මතුපිටක ඝර්ෂණය අඩු ඇයි"
"එහෙම තැනක සිදුරු අඩු නිසා ඉන්න පුළුවන් භූතයන් ගණන අඩුයි" පීටර් ඉතා සරලව පිළිතුරු දෙයි
"එතකොට අපි තෙල් තට්ටුවක් මතුපිට ආලේප කලාම ඝර්ෂණය අඩුවෙන්නේ ඇයි"
"අපොයි එතකොට භූතයෝ වැඩිදෙනෙක් තෙල් තට්ටුවේ ගිලිලා මැරෙනවා"
"අපි මුලින් බලය වැඩි කරනකොට ඊට සමානුපාතිකව ඝර්ෂණ බලය වැඩිවෙලා උපරිමයකට ලඟාවෙන්නේ ඇයි"
"ඒක තේරුම් ගන්න හරි ලේසියි. මුලින්ම එන්නේ වසස්ඨාන වලින් එළියේ ඉන්න භූතයෝ. ඒ අයට නවත්ත ගන්න බැරි වෙනකොට ගෙවල් ඇතුලේ ඉන්න කට්ටියත් ටික ටික එකතුවෙනවා උදව්වට. ඉන්න ඔක්කොම භූතයෝආවට පස්සේ තවත් බලය වැඩි වෙන්නේ නැහැනේ"
"මුලින් යොදන බලයත් එක්ක ඝර්ෂණ බලය වැඩිවෙලා උපරිමයකට එනවා (ස්ථිතික ඝර්ෂණය). ඊට පස්සේ මතුපිට මත අනෙක් මතුපිට ගමන් කරන්න පටන් ගත්තම ඝර්ෂණ බලය ටිකක් අඩුවෙනවා (ගතික ඝර්ෂණය). ඒ මොකද?"
"ආ ඒකද? කොච්චර මහන්සි උනත් නවත්තගන්න බැහැ කියල තේරුණාම සමහර කම්මැලි භූතයෝ වැඩේ අල්ල දාල ගෙවල් වලට යනවා".
මේ ආකාරයට මොන ප්‍රශ්ණේ ගෙනාවත් පීටර් තර්කානුකුලව ඒවාට උත්තර දුන්න.
අදටත් පීටර්ගේ ඝර්ෂණ මොඩල් එක මේ නිසා වලංගුයි.
ඝර්ෂණ භූතයෝ ඉන්නවා නම් උන්ට ඨී වීල් එකක් තිබිය යුතුයි. එසේනම් එකම පෘෂ්ඨ දෙකක් අතර ඝර්ෂණ අගයයන් විටින් විට වෙනස්විය යුතුයි.
ReplyDelete+++++++++
ReplyDeleteඒක මරු කතාව... ඇත්තට ඔස්මන්ඩ් සර් හරි ජොලි විද්වතෙක්. ඒ වගේ අයගෙන් ඉගෙන ගන්න ආස හිතෙනව. විෂයට ආදරයෙන් උගන්නන ගුරුවරු ඒ විදිහයි.
ReplyDeleteNice article❤
ReplyDeleteඑළ කතාව
ReplyDeleteඔස්මන්ඩ් ජයරත්න මා දන්නා කාලයේ (මා ඔහු සජීවීව දැක ඇත්තේ එක දිනයයි) කතාකරන්නේ ඉතා දීර්ඝ ලෙස අදිමින්.
දැනුම-මිණුම තරගයක් මෙහෙයවන්න ගියාම තමයි ඒකේ රඟ තේරුණේ.