Monday 4 September 2017

කිම් ජොන්ග්-උන්ගේ පියවරු



ඒ 1990 වසරේ අගෝස්තු මාසයයි. ජෝර්ජ් බුෂ් (ජේෂ්ඨ) ගේ ඇමරිකානු හමුදා වැලි කුණාටු මෙහෙයුම (Operation Desert Storm) අරඹා තිබුණි. රටවල් කිහිපයක් තම විරුද්ධත්වය ප්‍රකාශ කර සිටියදී ඇමරිකාව ප්‍රමුඛ රටවල් 35කින් සැදුම් ලත් මාරක හමුදාව සදාම් හුසේන්ගේ ඉරාකය ආක්‍රමණය කරමින් බෑක්ඩෑඩ් නගරය වෙත ගමන් කළේය. ඇමරිකාව එවර කියා සිටියේ ඉරාකය කුවේටය ආක්‍රමණය කිරීමට එරෙහිව තමන් ක්‍රියාත්මක වන බවයි.  

ඉන් වසර 13කට පසු ඇමරිකාව නැවතත් ඉරාකය ආක්‍රමණය කළේය. එවර ඇමරිකාව ප්‍රකාශ කලේ සදාම් හුසේන් න්‍යෂ්ටික සහ රසායනික අවි නිපදවන නිසා ඔවුන් මෙම ආක්‍රමණය සිදු කරන බවයි. ඉන් දශකයකට පමණ පසු ඔවුන් මෙම ප්‍රකාශය වැරදි නිගමන මත කරන ලද බව සඳහන් කළේය. ඒ වැරදි නිගමනයට දහස් ගණනකගේ ජිවිත අහිමි කිරීමටත්, වසර ගණනාවක් ගතවන තුරු (අදටත්) එවකට නොයෙකුත් දුර්වලතා මධ්‍යයේ වුවද සශ්‍රිකව පැවතී ඉරාකය අපායක් බවට පත්කිරීමටත් හැකිවිය.

මගේ පෞද්ගලික මතය නම් එදා පළමු ආක්‍රමණ අවස්ථාවේදී සදාම් හුසේන් වෙනුවට කිම් ජොන්ග්-උන් කෙනෙක් ඉරාකයේ සිටියා නම් අද ඉරාක වැසියන් මීට වඩා බොහෝ සෙයින් යහපත් ජීවන තත්වයක් ලබන බවයි. 

සදාම් හුසේන්ට එක තැනකදී හොඳටම වැරදුනි. ඒ වැරැද්ද ආපසු හැරවීමට ඔහුට තම මරණය තෙක්ම නොහැකි විය.

1990 වසර වන විට අසල්වැසි පකිස්ථානය සහ ඉරානය තම න්‍යෂ්ඨික වැඩපිළිවෙලවල් වේගයෙන් ඉදිරියට ගෙන යමින් තිබුණි. ඒ අනුව අනිවාර්යයෙන්ම ඉරාකයේද යම් න්‍යෂ්ඨික වැඩ පිළිවෙලක් තිබෙන්නට ඇත. එවකට ඉන්දියාව න්‍යෂ්ටික අවියක් නිපදවීමේ ක්‍රමවේදයට අවතීර්ණ වී තිබුණු අතර ඔවුන් රුසියන් කදවුරට කිට්ටුවෙන් සිටියේය. මෙය ඇමරිකන් කඳවුරට පක්ෂපාති වූ පකිස්ථානයට තම න්‍යෂ්ඨික වැඩපිළිවෙල සාධාරණීකරණය කර ගැනීමට කදිමට ඉවහල් විය. ඉරානය ප්‍රභල ඇමරිකන් විරෝධී ස්ථාවරයක සිටි අතර ඔවුනට පහර දීමට ඇමරිකාව හේතුවක් සොයමින් සිටියේය. එය ඔවුනට මෙතුවක් නොලැබුණි. දැන් ලැබුනත් පමා වැඩිය. 

කලක් ඇමරිකන් හිතවාදී වූ සදාම් රජය, ඇමරිකාව විසින් මැද පෙරදිග තෙල් නිධිය මංකොල්ල කන බව එක් අවස්ථාවකදී අවබෝධ කරගත්තා යැයි මට සිතෙයි. මන්ද ඔහු ක්‍රමයෙන් ඇමරිකාව අතින් තම රටේ තෙල් වල අධිකාරිය තමාටම පවරා ගැනීම සිදු කරමින් සිටි බැවිනි. මේ නිසා බුෂ් රජයට සදාම් හුසේන්ගේ අවසානය දැකීමට අවශ්‍යවී තිබෙන්න ඇත. 

ඉරාකයට යාබද මැදපෙරදිග කලාපයේ තෙල් නිධිය ඇත්තේ තිරසට තරමක් ඇලවුනු බිත්තරයක ආකාරයෙනි. බිත්තරයේ එසවුණු තෙල් අඩු ප්‍රදේශය කුවේට් රාජ්‍ය දෙසටත් තෙල් පිරුණු පහල කොටස ඉරකය දෙසටත් වන පරිදි මෙම ආකරය පිහිටා ඇත. ඉරාකයට රිදවීම සඳහා ඇමරිකාව සිදුකලේ බටහිර ගැති කුවේටයේ තෙල් ආකර තුලින් තිරස් අතට විදීමෙන් ඉරාක කොටසේ ඇති තෙල් ඉවතට ගැනීමයි.

මෙහිදී සදාම් හුසේන් ඇමරිකානු ඇමට හසු විය. 

එවකට ඉරානය ඇමරිකානු විරෝධී කදවුරක් තනාගෙන දස වසරක් ඉක්ම ගොස් තිබුණි. රටේ තිබූ දැඩි නීති රීති යටතේ ඔවුන් සැක සහිත සියළු විදේශිකයන් පළවා හැර තිබුණි. එහෙත් ඉරාකය එවන විට එසේ දැඩි ඇමරිකන් විරෝධී ස්ථාවරයක සිටියේද නැත. එබැවින් ඇමරිකන් ඔත්තුකරුවන් සහ ආධාරකරුවන් ඕනෑ තරම් ඉරාකයේ සිටින්නට ඇත. එසේම ඉරාකය න්‍යෂ්ඨික අවියක කිට්ටුවටවත් එළඹ සිටින්නට නැත. තවද කුර්දි ජාතිකයන්ට නොයෙකුත් සාපරාධි හිරිහැර කිරීම නිසා රට තුල ඔහුට එරෙහිව එක් ජන වර්ගයක වෛරය ඔහු විසින්ම අවුළුවා තිබුණි.

මෙහිදී සදාම් හුසේන්ට කල යුතුව තිබුනේ කුවේටයට සහ ඇමරිකාවට එරෙහිව ජාත්‍යන්තරයේ ප්‍රබල හඬක් නැගීමයි. එම හඬට කිසිසේත්ම ඇමරිකාව හොරෙන් තෙල් ඇදීම නැවත්වීමට නොහැකි වනු ඇත. එහෙත් එය ඇමරිකාව තම රටට අත දැමීමට එරෙහිව ජාත්‍යන්තරය තුල යම් මතයක් ගොඩ නංවනු ඇත. ඉරාකය සතු තෙල් සම්පතට සාපේක්ෂව මෙම තෙල් සොරකම නොගිනිය හැකි තරම් කුඩාය. 

ඇමරිකාවට එරෙහිව හඬක් නගමින්, හෙමින් සීරුවේ තම න්‍යෂ්ඨික වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයාම පසෙක තබා සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කළේය. ඇමරිකාව බලා සිටියේ මේ අවස්ථාව සදාම් හුසේන් විසින්ම උදා කරගන්නා තෙක්ය. ඉතිරිය ඉතිහාසයට එක්වී ඇත.

න්‍යෂ්ඨික බලය නොමැතිව ඇමරිකාවට එරෙහිව "චන්ඩි පාර්ට්" දැමීමට ගිය ලිබියාව, ඊජිප්තුව, සිරියාව, ඉරාකය වැනි රටවල් අද අන්ත ආගාධයකට වැටී ඇත. ඇමරිකන් ගැතිව එහෙත් ස්ව උත්සාහයෙන් හිස එසවූ දකුණු කොරියාව, ජපානය වැනි රටවල තත්වය ගැනද හොඳ තක්සේරුවක් පසුගිය දින කිහිපයේදී දැක ගත හැකි විය. උතුරු කොරියාවේ තර්ජන හමුවේ තමන් කියන විදියට වැඩ කරන්නේ නැතැයි කියමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ රටවල් දෙකටම ගර්ජනා කළේය. අසරණ වූ දකුණු කොරියාව මිසයිල් කිහිපයක් උඩු ගුවනට විදිමින් තම රූකඩ ස්වභාවය ලොවට පෙන්විය. න්‍යෂ්ඨික බලය සහිත ආර්ථික යෝධයෙක් වන චීනය ඇමරිකාවේ ප්‍රකාශන තුට්ටු දෙකකට මායිම් කරන පාටක් පෙනෙන්නට නැත. 


මේ අනුව පෙනී යන්නේ කිම් ජොන්ග්-උන්ගේ පියවරු වන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය බවයි. කිම් ජොන්ග්-උන් නැමැති නායකයා සහ ඔහුගේ විඥානය බිහි කරන්නේ මෙම ආක්‍රමණවාදී බටහිර ආධිපත්‍යයි. 

මා සිතන ආකාරයට කිම් ජොන්ග්-උන් පිස්සෙකු හෝ නුවණ මද පුද්ගලයෙකු නොවේ. සමහර විට ඔහු දැනට ලෝකයේ සිටින ඥානවන්තම නායකයා විය හැක. ඔහු පසුගිය දශක කිහිපයේ ලෝකයේ ගමන් මග මැනවින් හදාරා ඇති බව පෙනෙයි. ඇමරිකන් ක්‍රීඩාව කිම් ජොන්ග්-උන් හොඳින් අධ්‍යනය කර ඇත. තම න්‍යෂ්ඨික සහ මිසයිල් බලය ඉහල මට්ටමකට ගෙනෙන තෙක් ඔහු වැඩි ශබ්දයක් නොමැතිව සිටියේය. තම රටට පැනවූ ආර්ථික සම්බාධක ඔහු ජයගෙන ඇත. මේ සඳහා ඔහු රට තුල ඉතා දරුණු පාලනයක් ගෙන යන්නට ඇත. එහෙත් මා සමග අදහස් හුවමාරු කරගත් උතුරු කොරියාවට ගිය සංචාරකයන් පැවසුවේ එරට දකුණු කොරියාවට වඩා ඉහලින් සිටින බවයි. 
මේ ලිපිය කියවීමෙන් පසු මා හට කිහිපදෙනෙකුම, දන්වා සිටියේ මෙම වාක්‍යයේ "එරට දකුණු කොරියාවට වඩා ඉහලින් සිටින බවයි" යන්න වැරදි බවයි. ඇත්තෙන්ම මට මුලින් තොරතුරු ලබා දුන් අය පවසා ඇත්තේ බොරු නොවේ. එහෙත් මෙහිදී සිදුව ඇත්තේ ඔවුන් තම ගමන් රාජ්‍ය මට්ටමෙන් සිදු කිරීමයි. මේ අවස්ථාවලදී උතුරු කොරියානු රාජ්‍ය නිලධාරින් සිදු කරනුයේ සංචාරකයන්ට රටේ ඇති සීමිත සෞභාග්‍ය පෙන්වන අතර අභාග්‍ය වසන් කිරීමයි. කෙසේ නමුත් රටේ ඇතුලාන්තයට ගමන් කර ඇති කිහිප දෙනෙකුම පැවසුවේ ජනතාවගේ ජිවන තත්වය සහ රටේ යටිතල පහසුකම් දකුණු කොරියාවට වඩා බොහෝ පහලින් ඇති නමුත් ලංකාවට සාපේක්ෂව බොහෝ දේ ඉතා යහපත් මට්ටමක තිබෙන බවයි. ලංකාවේ ඇති උතුරු කොරියාවේ නැති ප්‍රධානම දේ ලෙස ඔවුන් දකින්නේ ජනතාවගේ සිතීමේ සහ කතා කිරීමේ නිදහසයි. 

අපිට ලැබෙන බටහිර ප්‍රවෘති බොහෝ විට බටහිරට අවශ්‍ය පරිදි විකෘති කල නාටකයන්ය. 

දැන් කිම් ජෝන්ග්-උන් කරන මේ විප්‍රකාර කුමකටද? 

ඇත්තෙම්ම මෙය ඔහුගේ දීර්ඝ කාලීන ව්‍යාපෘතියේ කුඨ ප්‍රාප්තියයි. ඔහුගේ රටට ජාත්‍යන්තරය විසින් ආර්ථික සම්බාධක රාශියක් පනවා ඇත. ජාත්‍යන්තරය යැයි පැවසුවාට එය ඇමරිකාවේ වුවමනාවට සිදු වූ දෙයක් බව නොරහසකි. එම සම්බාධක අර්ථ ශූන්‍ය බව ඔහු ලොවට පෙන්වා ඇත. කිම් ජොන්ග්-උන් පිස්සෙකු බැවින් ඔහු ලොවට කල හැකි මහා ව්‍යසනයක් වලක්වා ගත හැකි එකම ක්‍රමය උතුරු කොරියාවට පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කර එය තවත් න්‍යෂ්ඨික බලවතෙකු ලෙස පිළිගනිම බව නුදුරේදීම ජාත්‍යන්තරය පවසනු ඇත. 

ඉන් පසු උතුරු කොරියාව සතුටින් සිටිනු ඇත. 

ඊළඟට ඉරානය මෙම මාර්ගයට පිවිසෙනු ඇත. 


15 comments:

  1. බොහොම ස්තූතියි චන්දිම...

    හැමදාම වගෙ අපි නොහිතන දිසාවක් ඔස්සේ හිතන්නට මෙහෙයවන සටහනක්....Off the beaten track in a sense...:)

    ReplyDelete
  2. කදිම විග්‍රහයක්! ඔබේ ලිපිය කිම් ජොන්ග්-උන් ගැන වෙනස් කෝණයකින් සිතා බැලීමට අපව පොළඹවනවා. ස්තුතියි!

    ReplyDelete
  3. කිම් ජොන් උන්ග් ඔතනට එන්නේ එයාගේ පියා සහ සීයා දෙන්නමත් එතනට එයාව ගෙනා නිසා කියල මම හිතන්නේ. ඒ ගොල්ලන්ගේ ඇමෙරිකන් විරෝධය නිසාම ඔවුන් හමුදාව ගොඩ නැගුවා චීනයේ සහාය ඇතිව. ඒ කාළේ සෝවියට් සහය ඇතිව.
    ඔය ඔබ කියන සංචාරකයෝ උතුර දකුණට වඩා ඉහලින් කියල කියන්නේ මොන සාධක මතද ?
    මට වරක් සංචාරකයෙක් කිව්ව දෙයක් තමයි විශාල ගොඩනැගිලි, තට්ටු නිවස හා මාර්ගවල පිරිසිදු කම. නමුත් මර් පිරිසිදු වාහන අඩු නිසා. මාකට් අඩු නිසා.
    සෝවියට් දේශයේ විශාල ගොඩ නැගිලි තිබ්බ. විශාල යනත්රෝපකරණ ඔවුන් හැදුවා. නමුත් සාමාන්‍ය මිනිසාට සුඛ්පභෝගිව ඉන් දේ තිබුන. උතුරු කොරියාවත් ඒ වගේ කියල මට හිතෙන්නේ.
    මිනිස්සු පිටරටවල් ගැන දන්නවා අඩුයි.
    ඔබ කියන තර්කයට නම් සම්පුර්නයෙන්ම එකඟයි. ඇමෙරිකාව ඉරාකයට ගැහුව එකට ඒ මිනිස්සු තවම විඳවනවා . සද්දම් හා ගඩාෆි දෙන්නම් ඒ අතින් කිම් ට වඩා බොළඳයි.

    ReplyDelete
    Replies
    1. Thanks Ajith for the comment

      මා මෙහිදී අදහස් කලේ සමස්ත උතුරු කොරියානු නායකත්ව විඥානයේ බිහිවීම ඇමරිකන් කඳවුරේ උපාය මාර්ග සහ ක්‍රියා දාමයන් හේතුවෙන් සිදු වූ බවයි. කිම් ජෝන්-උන් එහි නිරූපණ චරිතය පමණකි. ඔහු පමණක් නොව සදාම් හුසේන්, ගඩාෆි, හොස්නි මුබාරක්, කැස්ත්‍රෝ, චාවේස් ආදී බොහෝ චරිත වල පියවරු වන්නේ මේ බටහිර ආධිපත්‍යයි (මගේ මතයට අනුව). 1950 ගණන් වල සිට පවතින ඇමරිකන් කඳවුරේ ආක්‍රමණකාරී පිළිවෙත නොවෙන්න මේ එකම නායකත්ව විඥානයක් වත් බිහි වන්නට ඉඩ නොතිබෙන්න තිබුණි. එක් එක් නායකයාගේ බුද්ධිය හා විශ්ලේෂණ හැකියාව අනුව ඔවුන් ගේ පුද්ගල චරිත තුලින් බිහිවූ නායකත්ව ප්‍රපංච වෙනස් විය.

      උතුරු කොරියාවේ අභ්‍යන්තර තත්වය පිළිබඳව අප දෙදෙනාගේම ඇත්තේ දෙවන පෙළ කරුණු (second-hand information) බව පෙනේ. යම් අයෙක් තමාගේම අත්දැකීම් මෙහි පල කරයි නම් අපිට ඒ පිළිබඳව නිවැරදි නිගමනයකට එළබිය හැක. මා උතුරු කොරියාවේ සංචාරය කල දෙදෙනෙකු හා වෙන වෙනම දීර්ඝ වශයෙන් සාකච්චා කල අතර ඔවුන් පළ කල අදහස වුයේ උතුරු කොරියානුවන් සමස්තයක් ලෙස දකුණට වඩා සැපවත් ජිවිත ගත කරන බවයි. ඔවුන් දෙදෙනාම දකුණු කොරියාවටද සංචාරය කර ඇත. එහෙත් මෙහිදී කිවයුතු වන්නේ මේ දෙදෙනාම "රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්" තම සංචාරයන් කර ඇති බවයි. ඔබට මා කියන දේ වැටහෙනවා ඇත.

      Delete
    2. I may be one of countable number of Sri lankans who have seen North Korea uisng the naked eyes. I saw North from the other side of Yalu river bridge located in Dandong in Liaoning province, China. North people come to Dandong and sell foods on their stalls and go back to north in the evening. I got to know in Dandong, the condition in North is not so good as some people exaggerate.

      However, I do not believe this will so simply end as the writer is saying. Even after H bomb test, specialist said me, if US-SK-JP forces attack together the war will be finished in half day. This complex situation may not be just about North. It may be about the people who need North as a territorial buffer zone.

      I don't know much things. This is what I learnt from that specialist.

      Delete
  4. https://www.cnbc.com/2017/08/14/nuclear-tests-could-generate-aid-money-for-north-korea.html

    ReplyDelete
  5. //කිම් ජොන්ග්-උන් පිස්සෙකු බැවින් ඔහු ලොවට කල හැකි මහා ව්‍යසනයක් වලක්වා ගත හැකි එකම ක්‍රමය උතුරු කොරියාවට පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කර එය තවත් න්‍යෂ්ඨික බලවතෙකු ලෙස පිළිගනිම බව නුදුරේදීම ජාත්‍යන්තරය පවසනු ඇත.

    ඉන් පසු උතුරු කොරියාව සතුටින් සිටිනු ඇත.

    ඊළඟට ඉරානය මෙම මාර්ගයට පිවිසෙනු ඇත. //

    LOL.....should be included in Kids story books :D

    How could be this much childish ?

    ReplyDelete
    Replies
    1. Washington (CNN)President Donald Trump's stunning decision to meet Kim Jong Un sets up the prospect of the most mind-boggling diplomatic summit in modern history.
      https://edition.cnn.com/2018/03/09/politics/donald-trump-kim-jong-un-north-korea/index.html

      When kids rule the world.... kid's stuff comes true... One needs a third eye to see this. I don't blame a two-eyed person.

      Delete