Wednesday 14 September 2016

පොලිස් කොත්තුව



චමින්ද හා හා පුරා කියල වැඩට ආවේ එදා. පන්නිපිටිය පැත්තේ දිවා රාත්‍රී කෑම සපයන කඩේක. මිනිහගේ රාජකාරිය වුනේ එන කට්ටිය කෑම කාල ඉවර වුනහම ඉඳුල් පිගන් ටික ගෙනියල සුද්ධ පවිත්‍ර කරන එක. ඔන්න මිනිහා පිගන් දෙක තුනකුයි දීසියකුයි ගෙනල්ල එකේ තියන ඉතුරුවෙච්ච කෑම ටික කුස්සිය අයිනේ තිබුණ කුණු බාල්දියට හලන්න හදනවා. 

එතකොටම කඩේ හැම වැඩකටම ඇඟිල්ල දාන මුදලාලිගේ ඥාතියෙක් වෙන ඇන්ටන් අයියා දුවගෙන ආව.

"චමින්ද මල්ලි ඕකේ ඔය මාළු කෑල්ලෙන් බාගයකටත් වඩා ඉතුරු කරලා නේද. අපෝ ඒක විසි කරන්න එපා අර පොලිස් පෙට්ටියට දාන්න". 

ඇන්ටන් අයියා කුණු බක්කිය ළඟ තිබුණ කාඩ්බෝර්ඩ් පෙට්ටිය පෙන්නුවා. එකේ අපිරිසිඳු පාට ප්ලාස්ටික් භාජන හතරක් පහක් තියෙනවා. 

"මේක ඉතුරුවෙන මාළුවලට, මේක චිකන් වලට, මේක ගෝදම්බර රොටී කෑලි වලට, මේක බත්වලට, මේක ඉතුරු වෙන කොත්තු වලට" ඇන්ටන් අයියා කියාගෙන යනවා.

"ඒ මොකටද අයියේ" චමින්ද යටහත් පහත්ව ඇහුවා.

"මේකනේ මල්ලී. රෑට පැට්ටෝල් යන පොලිස් කාරයෝ සෙට් එකක් එනවා. බඩ පැලෙනකම් කාලා සත පහක් දෙන්නේ නැතුව යනවා. සල්ලි ඉල්ලුවොත් අපිටයි කන්න වෙන්නේ. ඒක නිසා උන්ට ඕවගෙන් තමයි කොත්තු, නාසි එහෙම හදල දෙන්නේ. රෑ දහයෙන් විතර පස්සේ ඉතුරුවෙන ටී, ප්ලේන් ටී එහෙමත් එකතු කරන්න ඕනේ".

"චිකන් කොත්තු, මාළු කොත්තු එහෙම වෙන වෙනම එකතු කරන්න ඕනෙද?"

"අපෝ නැහැ මල්ලි, මික්ස් කොත්තු වලට පොලිස් මෑන්ස්ලගෙන් පුල් ඩිමාන්" 

...............................................................................................

නිළතල මගින් ඔබට බොහෝ දේ නොමිළේ ලබාගත හැක... 
ඔව් බොහෝ දේ...





3 comments:

  1. අරවින්ද් අඩිගා ගේ බිට්වීන් ඇසසිනේෂන් පොතේ පගාවක් ගන්න යන පොලිස්කාරයෙකු/නිලධාරිේ‍රකු ට විස්කි වීදුරුවක් දුන් අවස්ථාවක් සිහිවුණා.

    ඇඟිල්ලක් පස්ස පැත්තේ ගසා ඒ ඇඟිල්ල විස්කි වීදුරුවේ දිය කරලායි දෙන්නේ.

    එහේ පොලිස්කාරයෝ පගාවට ඉල්ලන්නේ වීදුරුවයි!

    ReplyDelete
  2. "දිවා-රාත්‍රී කොත්තු කඩ සේවකයින් රැසක් පොලිස් පහරදීම් වලට ලක්ව රෝහලේ" කියල හෙට පත්තරේ තිබ්බොත් පොලිස් කාරයොත් චන්දිමගෙ බ්ලොග් එක කියවනවයි කියල අපිට නිගමනය කරන්ට පුලුවන්...:)

    ReplyDelete
  3. පොලිසියේ අය මිට පස්සේ කොත්තු කන එකක් නැහැ. :)

    ReplyDelete