Friday 17 February 2023

රජුන් ගිය මග ගිය මහැඳුරු නලීන්


"නලීන් ද සිල්වා ගෙන් යමක් ගත්තේ ඔහු වටා සිටි ගෝලබාලයන් නොව ඔහුට එරෙහිව එදා මේස පුටු උඩ නැග කෑගැසූ විරුද්ධවාදීන්ය" 

මෑතකදී හිතමිතුරු සේනක වෙත්තසිංහ විසින් පලකළ තිබූ මේ අදහස දුටු විට මගේ මනස වසර 37ක අතීතය පුරා ඔබමොබ දිවයන්න විය. අපේ සරසවි අතීතය මනසේ අනිත්‍ය ස්වභාවය මනාව පිළිබිඹු කරන කැඩපතක් බඳුය. එදා නොයෙකුත් මතවාද සහ ලේබල්වලට ගොනුවී සිටි මිතුරු පසමිතුරු උදවිය අද චෙස් පෙතක ඉත්තන් සේ හැමතැනම විසීරී ඇත. මේ අතර බිෂොප්ලා කිහිප දෙනෙක්ද නොසිටින්නේම නැත. 

මහාචාර්ය නලීන් (අපිට නම් ඩොක්ටර් නලීන්) මට ජිවිතයේ හමු වූ අමතක නොකළ හැකි චරිතයකි. මා ජිවිත කාලයේදී ගුරුවරයෙකුට එරෙහිව සටනක් කල එකම පුද්ගලයා ඔහුය. එසේම මම ජීවිතයේදී තවත් කෙනෙකුගෙන් වැඩියෙන්ම යමක් ගත්තාද ඒද ඩොක්ටර් නලීන්ගෙන්මය. ඔහුගෙන් ගත යුතු දේ ගෙන නොගත යුතු දේ පෙරා දැමීමට තරම් හැකියාවක් තිබීම ගැන මම අදටත් සතුටු වෙමි.

ඩොක්ටර් නලීන්ගේ කතාවේ අපි දකින්නේ එක්තරා තැනක සිටය. ඒ කතාව ජාතික චින්තනය ලෙස ලේබල් ගත වූ (හෝ ලේබල් ගත කල) තැන සිටය. නලීන් නැමති තරුණ සමාජවාදියා ගැන අපගේ පරම්පරාව දන්නේ නැත.

ඔහුගේ දැක්ම සහ ප්‍රායෝගික හැසිරීම පිළිබඳව කෙටි ලිපියකින් සාකච්ඡා කිරීම උගහටය. එබැවින් මෙහිදී මම ඒ ගැන වැඩි ගැඹුරකට නොයමි. මට හැඟෙන ආකාරයට සියළුම ආටෝප, ආභරණ (lipstick, powder & paint) අයින් කල විට ඩොක්ටර් නලීන් පවසන්න උත්සුක වූයේ "විශ්ව ස්වභාවය පිළිබඳව වෙනත් බොහෝ සමුහයන්ට වඩා ලංකාවේ ජිවත් වූ බෞද්ධයන් තුල අවබෝධයක් තිබුණා" යන පණිවිඩයයි. නමුත් ඔහු එය ඉදිරිපත් කල ආකාරයෙන් ගම්‍ය වුණේ "සිංහල බෞද්ධයා ලෝකයේ සියල්ලන්ට වඩා අති උතුම්, පරම පවිත්‍ර, නිර්මල, ශ්‍රේෂ්ඨ ....... ජාතියක්" වැනි හැඟීමකි. ඔහුට ගෝලබාලයන් වශී වුනේද මේ නිසාවෙනි. මේ අදහසට අනුයුක්ත වූ විට තමන්ට තමන්ම ගසා ගන්නා සිංහල-බෞද්ධ ලේබලය මේ ගෝලබාලයන්ට "ගැම්මක්" විය. අද දක්වා මේ ප්‍රවණතාවය මම ඔහු පසු පස යන්නන් තුල දකිමි. මේ හැඟීම ඩොක්ටර් නලීන්ටත් ගැම්මක් වුණාදැයි මට සැක සිතෙයි. 

ඩොක්ටර් නලීන්ගේ මූලික පණිවිඩය යයි මට හැඟෙන සංකල්පය ඔස්සේ සිතන විට අපව ක්‍රමයෙන් කුඩා වෙමින් ගොස් නොපෙනෙන අංශු මාත්‍රයක් බවට පත්වේ. මේ තුල අප අහ්ලාදජනක (blissful) නිරවුල් වසමක් (domain) තුලට පිවිසෙයි. යමක් අල්ලා ගැනීමෙන් හෝ යමක් තුලට ලේබල් ගතවීමෙන් තොරව එය විශ්ලේෂණය කිරීමේ හැකියාව ඒ සමගම මතුවෙයි. මට මානසික අවස්ථිතිය යන සංකල්පය පිළිබඳව හැඟීම ඇතිවන්නේද මේ ඔස්සේ කල්පනා කරන විටය. භෞතික විද්‍යා ආචාර්යවරයෙකුගෙන් පටන් ගෙන අධි-වෝල්ටීයතා ඉංජිනේරු විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙකු දක්වා පැමිණි ගමනේදී මට මේ සංකල්පය ඉතා ප්‍රයෝජනවත් විය. මම ආ ගමන ගැන මට ඇත්තේ විශාල සතුටකි. එහෙත් එහි ආඩම්බරවීමටවත් අන් අයට වඩා මා උසස් යයි සිතීමටවත් කිසිවක් නොමැති බවත් මම පැහැදිලිවම අවබෝධකරගනිමි. මම කෙතරම් කුඩා දැයි මම නිතර සිහි කරමි. කුඩා වීම විශාල භාග්‍යකි. එයත් ඩොක්ටර් නලීන් විසින් දුන් දේ තෝරා බේරා පෙරා ගැනීමේ ප්‍රතිඵලයකි. 

අනෙක් අතට ඩොක්ටර් නලීන්ගේ ගෝලයන් යයි ලේබල් ගසා ගත් බොහෝ දෙනා ගමන් කලේ මීට වඩා අංශක 180 පරස්පර දිශානතියකය. ඔවුන් කෙමෙන් විශාල වන්න විය. ප්‍රෞඩ සිංහල-බෞද්ධ ඉතිහාසයකට ලේබල් ගතවී ඒ පිළිබඳව ආඩම්බර වීම හැරෙන්න ඔවුන් ඩොක්ටර් නලීන්ගෙන් ගත් දෙයක් නැතැයි මට සිතෙයි. අදත් ඔවුන් එසේමය. ලේබල ගත වී ආඩම්බරයෙන් සිත පුරවා ගෙන විශාල වූ විට සිතට දැනෙන බර, වේදනාව, ක්‍රෝධය, වෛරය වැනි ආවේග සමග ඔවුන් දැඩි ලෙස ගැටෙති. සිදුවිය නොයුත්තක් සිදුවිය. එය අවාසනාවකි. ඩොක්ටර් නලීන්ගෙන් ගත යුතු බොහෝ දේ ලබා නොගෙනම අපතේ ගියේය. ඒ වෙනුවට ඔහුගෙන් නොගත යුතු දේ බොහෝ දෙනෙක් ලබා ගත්තෝය. මෙය ඩොක්ටර් නලීන්ගේ communication skills වල අඩුපාඩුවක්ද නැත්නම් ඔහුගේ පෞරුෂයේ අඩුපාඩුවක් දැයි මට නොතේරේ.

බොහෝ කුඩා මිනිසුන් බොහෝ විශාල දේ අදටත් අපට ඉතිරිකර මතුපිට පස බවට පත්ව ගියෝය. ඔවුන්ගේ නම් ගම් කිසිවක් ඔවුන් සඳහන් කර නැත. සුවිසල් විශ්වය තුල ඔවුන් දුහුවිලි කැට බව ඔවුන් වටහා ගන්න ඇත. මේ විසල් ඉඳිකිරීම්වල අයිතියට නම් ගසා ගත්තෝ රජුන්ය. ඔවුන් හැකි තාක් විශාල වීමට උත්සහ කළහ. නමුත් පතුපිට පසේදී ඔවුන්ගේ වෙනසක් නැත. 

මම කිහිපවරක්ම කී කතාවක් නැවත කියමි. අදාළ උදවිය උරණ නොවී ඒ ගැන යථාවාදීව සිතන්න. 

"නලීන් ද සිල්වා විසින් කඩා බිඳ දමන බටහිර චින්තනයේ තාප්පවල ගල් වැලි වලින්ම ඔහුගේ ගෝලබාලයෝ තවත් විශාල පවුරක් තමන් වටා බැඳ ගෙන එහි සිරකරුවන් බවට පත්විය".






11 comments:

  1. මහාචාර්ය නලින්ද සිල්වා පැහැදිලිවම සදහන් කර තිබෙනවා ඔහු මෙටාවේ ලියන්නේ ඔහුගේ අදහස් ඔහුටම නිරවුල් කර පැහැදිලි කර ගැනීමට කියලා ගෝමස්.

    ReplyDelete
  2. චන්දිම, මතකද කොකා කෝලා සීන් එක. Fun time නේ

    ReplyDelete
  3. ඔයාට භූත සීන් එකක් අල්ලගෙන අම්බානක දෙහි කැපුවා මතක් වුනා. කාලෝවයි කොවුර්වයිත් පටලවාගෙන ඔයා CID කාරයෙක් කිව්වා මතකද. උඩ කියල තියෙනවා වගේම ෆන් ටයිම් තමයි. ආයෙත් නම් එන්නේ නැහැ.

    ReplyDelete
  4. As uni-mates, we are really proud of you, Chandima. You have gone to a great height but still humble enough to be a good friend. Only a gutty person can write like this after Dr Nalin insulted you so arrogantly many times in the classroom. Keep it up.

    ReplyDelete
  5. චන්දිම, මමත් මීට අවුරුදු 12 කට පමන පෙර නලීන් ගැන ලිව්වා..ඒ කාලයේදී මම තරමක් නලීන්ගේ කදවුරේ හිට ගත්ත එක්කෙනක් කියලත් කියන්න පුලුවන්. ඒත් ඒක දැඩි අල්ලා ගැනීමක් කියන්නත් බෑ....

    මේ තියෙන්නේ ඒ ලිපිය. කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා දාන්නේ.....

    http://maiyyagelokaya.blogspot.com/2011/01/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඒ ලිපිය මමම නැවත ගිහිල්ලා කියෙව්වා...ඒ ලිපියේ තියෙන කමෙන්ටස් ඊටත් වඩා හොදයි...ඒ කාලේ බ්ලොග කරපු, ටැබූ, රිටිගල වගේ අය හොද අදහස් දීලා තියෙනවා. ඒ වගේම දැන් සමාජයේ ගොඩක් දෙනා දන්න භික්ෂු චරිතයක් එකල පිටස්තරයා 2 නමින් එතැන කමෙන්ට් කර තියෙනවා. පිටස්තරයා 2 බ්ලොග් එකත්, ඒ වගේම රිටිගල සම්භන්ධ වෙලා හිටපු බ්ලොග් කීපයත් ගොඩක් වටිනා අදහස් සහිත බ්ලොග්...එකල මම ඒ බ්ලොග්වල නිතර ගොඩ වැදුනු , ඒ වගේම මතවාදීමය ලෙස ගොඩක් රණ්ඩු වෙචිචි තැන්...සිංහල බ්ලොග්වල රන් සන්නාමය ටැබුගේ බ්ලොග් එක නම් දැන් බලන්නවත් බෑ...ඒක වහලා

      Delete
  6. මටනම් නලින් ද සිල්වායි, ඉරාජ් අතර ලොකු වෙනසක් නෑ. එකෙක් තමන්ගෙ වාසිය වෙනුවෙන් කඩේ ගිහින් සභාපතිකමක් ගත්තා. අනිත් කෙනා කඩේ ගිහින් තානාපති කමක් ගත්තා.

    ReplyDelete
  7. නලින් රෝහිණී දෙපළ ඊට වඩා රටට දෙයක් කරපු මිනිස්සු. කැම්පස් එකේ ගොඩක් ආචාර්යවරුන් තමන්ගෙ ලොකු කම පෙන්නන්න ළමයිව විභාගවලින් කෙල කරනකොට, මේගොල්ලෝ තමයි ළමයිව පාස් කළා, උපදෙස් දීලා ආචාර්ය උපාධි කරන්න උනන්දු කරලා යැව්වෙ

    ReplyDelete
  8. චන්දිම

    මහැදුරු නලීන් ද සිල්වා ගැන කතා කළොත් වැදගත්ම දේ තමයි ඔහු විසින් ඇතිකල දාර්ශනික කතිකාවත සහ ඒ හරහා මතුවූ සංවාදය. නමුත් නූතන දේශපාලන සමාජ ජාල වල පහුගිය රාජපක්ෂ රෙජීමය 2919 බලයට පත් වූ කාලේ තිබුණ සමාජ කතිකාවතවත් නෑ තනිකරම රැවටිල්ල සහ විකාරයක් තමයි තියෙන්නේ මේ දවස්වල විශේෂයෙන්ම, කොටින්ම ලංකාවේ උගත් සමාජය පවා රෙදි ගැන කතා කරනවා ගොසිප් ඕප දූප ගැන කතා කරනවා විතරයි නේ රටේ ආර්ථිකය ගොඩ දාගන්න සැලසුම් සහගත අරමුණකින් යුතුව කතා කරන වැඩ කරන කවුරුත් පේන තෙක් මානයක නෑනේ, දැන් බලන්න ආණ්ඩුව එක පැත්තකින් පෙරහැර තියලා උත්සව කරලා අනිත් පැත්තෙන් පඩි ගෙවන්න මැතිවරණ තියන්න සල්ලි නෑ කියලා අඬනවා, මගේ අදහස බැරි කමක් නෑ ගේමක් ගහන්න ඕනේ කමක් නෑ මිසක්.... එක දේශපාලකයෙකුට වත් ඒ ගේම ගහන්න ඕන නෑ හැමෝම තමුන්ගෙ පක්ෂය සහ බඩ වඩා ගැනීම විතරයි බලන්නේ.

    ඔය කියන ගම් මට්ටම NPP යට හෝ කාට හෝ ගමේ සිටින හොදම මිනිහාට යායුතු බව මගේ මතයයි. (පක්ෂ වලට ජැක් නොගැසීමට තරම් කොන්දක් ද තිබිය යුතුයි / මුදල් වලට ඇඹරෙන්නේ නැති කෙනෙක් විය යුතුයි...)

    මධ්‍යම ආණ්ඩුව හා ජනාධිපති කෙනෙක් NPP / සජබෙ / පූට්ටුව / අලියා තුලින් පත් වෙනවා නම් පහත ගැටලු වලට නිසි පිළිතුරු හා වැඩ පිළිවෙලක් මා බලාපොරොත්තු වෙමි...

    1/. අයවැය පරතරය (ප්‍රාථමික අංශයේ හිඟය) අඩුකිරීමේ වැඩ පිළිවෙල.

    2/. පවතින රාජ්‍ය සේවය හා රාජ්‍ය ව්‍යවසාය කාර්‍යයක්ෂම කිරීමේ වැඩ පිළිවෙල

    3/. දිගන් දිගටම පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය නොකර ඉතා අතිරික්ත සේවක කප්පාදු හෝ ප්‍රතිසංස්කරණය නොකර ලාභ ලබන්නේ කෙසේද යන්න. (නව ආයතන 100ක් ඇරඹීමේ ප්‍රායෝගික භාවය හා කුමන අංශ වලටද එම ආයතන ඇතිකරන්නේ යන්න පැහැදිලි පැහැදිලි කිරීමක් NPP එකට විශේෂයෙන්ම)

    4/. ත්‍රිවිධ හමුදා මහා බලගනයන් (work force) හරහා ආදායම් ලැබීමේ වැඩපිළිවෙළ කුමක්ද?

    5/. බදු කප්පාදු ප්‍රමාණයන් තුලින් නැවත පසුගිය ජනාධිපති සමයේ ඇතිවූ අර්බුදය නැවත repeat නොවන්නේ කෙසේද?

    6/. රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කෙසේ හැසිරීද, How they entertain by the Govt. (Again Specially for NPP)

    7./ විදේශ ප්‍රතිපත්තිය හා ණය බර අඩුකිරීමේ හෝ ප්‍රතිව්‍යුහගත කරගැනීමේ වැඩ පිලිවෙල..

    පැහැදිලි කිරීමට Die Hard Fan Base එකට ආරාධනා...

    ප.ලි..

    ඔන්න ඔහොම බුලත් දීලා ආරාධනා කලත් බුකියේ කොච්චර කමෙන්ට් කළත් මට තියෙන මේ දැවෙන ප්‍රශ්ණ එකකටවත් හරි හමන් පිළිතුරක් ඔය පක්ෂ වලට සෑහෙන්න කඩේ යන කවුරුත් කිව්වෙ නෑ..

    ReplyDelete
    Replies
    1. "දිගන් දිගටම පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය නොකර ඉතා අතිරික්ත සේවක කප්පාදු හෝ ප්‍රතිසංස්කරණය නොකර ලාභ ලබන්නේ කෙසේද යන්න"

      I don't think that can be done. The whole reason they are loosing money is due to the large workforce without proper job assignments. (This is because politicians filled those institutes with their supporters)

      My suggestions is to open the market so that private companies can complete in the domain. For example, multiple private companies can import oil. Petrol stations can buy fuel from anyone and sell.

      Once the market has enough suppliers, close down the LOLC. Lot of people will lose jobs, but I don't see anyother way of doing this.

      Delete
  9. pg slot asia สล็อต เป็นเว็บไซต์พนันสล็อตออนไลน์ ลำดับหนึ่ง ที่คนอีกหลายๆคนนั้นต้องเคยได้ฟังชื่อนี่กันมาบ้างแล้วเพราะเว็บไซต์ของพวกเรานั้น PG SLOT เปิดให้บริการโกรธยะหนึ่ง

    ReplyDelete