Friday 9 September 2022

බුද්ධිය ඇති උන් නැති උන් වෙනුවෙන්



ගී කියන උන් ගීත ගයපල්ලා 

ගී ලියන උන් ගීත ලියපල්ලා 

කවි ගොතන උන් පදවැල් ගොතපල්ලා 

කෙටිකතා නවකතා ලියන උන් 

පෑන මැනවින් හසුරුවාපල්ලා 

වේදිකාවේ නටන උන් 

පුංචි තිරයේ රඟන උන් 

නටල රඟලා රටටම කියපල්ලා                                                                                                                              

දේසපාළුවා අත්වැල් බැඳගෙන 

රටේ සම්පත් කොල්ල කන හැටි 

වහල් බැම්මෙන් ජනමනස වෙලලා 

බුද්ධි හීනයෝ බිහිකරපු හැටි 

කියා දීපල්ලා 

මැටි පිරුණු හිස් කබල් සොලවා 

ඇත්ත ඇති සැටියෙන් තේරෙන තෙක් 

කරුණු කියපල්ලා 


5 comments:

  1. අපි නටමු නටමු ගීත ගයාලා
    ඇමැතිවරූ පැටව් ගසාලා
    තව අඩුවක් නැත සසිරි පිරීලා
    ලල ලාල ලාල ලාල ලාල ලා

    ReplyDelete
  2. චන්දිම ගෝමස් මහත්මයාණෙනි,

    ලංකාවේ පවතින ආර්ථික අර්බුදය නිසා මේ වන විටත් ආණ්ඩුව තීරණය කර ඇත්තේ අයි එම් එෆ් එකේ වැඩ පිළිවෙළක් හරියට ක්‍රියාත්මක කළොත් රජයේ ආයතන පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් කර්මාන්ත වලට පවරා රජය කුඩා කරලා සහනාධාර කප්පාදුවට කටයුතු කර පුද්ගලික අංශයේ නිදහස් වෙළද පොළ ක්‍රමයක් හදුන්වා දෙන්න පුළුවන් වුණොත්ජ ලංකාවේ ආර්ථිකය වසර ගණනක් යනවිට සාර්ථකත්වයට පත්වන බව.

    කෙසේ වෙතත් මේ මතවාදයට විරුද්ධ වූ පාර්ශවයන් වලින් අප යම් තරමකින් හෝ විස්වාසයක් තබාගෙන සිටින ලංකාවේ විකල්පයක් ලෙස පවතින ජවිපෙ ජාතික ජන බලවේගයේ දේශපාලන භාවිතාව ඔවුන්ගේ පක්ෂයේ විනය නීති සහ ක්‍රමවේද පිළිබදව අද්දැකීම් ලද්දෙකුට මිස බලාසිටින්නෙකුට තේරුම් ගත නොහැකි බැවින් ජවිපෙ ජාතික ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනික ක්‍රියාකාරිකයෙකු වන ඔබගෙන් ඒ පිළිබඳ විස්තර සහිතව පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා අපි.

    ඔබගේ දේශපාලනික පක්ෂය වන ජවිපේ ජාතික ජන බලවේගයේ ක්‍රමය මට තේරෙන විදිහට නම් ජවිපෙ රටේ ප්‍රශ්න මිනිසුන්ට අවබෝධ කරවීමෙහිලා සෑහෙන දක්ෂ බවත් ඇතැම් විට නැති ප්‍රශ්න පවා මිනිසුන්ගේ ඔළු තුලට දැමීමට දක්ෂ වන නමුත් එම ප්‍රශ්න වලට විසදූම් ගැන කථා කිරීමක් ජවිපෙ දේශපාලනය තුල නැති බවයි විකල්පයක් සොයන බොහෝ දෙනෙක් පවසන්නේ, මටත් පේන්නේ එහෙමයි ඒ නිසා ඒක එහෙම නේද? ජවිපෙ සමස්ථ දේශපාලනය දෝලනය වන්නේ මෙම රාමුව තුල බවත් අපට නිරීක්ෂණය වූ දෙයයි.

    ඔබලාට තරම් අත්දැකීම් නැතත් මට තේරෙන විදිහට නම් ලංකාවෙ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් දීම පහසු නොවේ. කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ ජවිපෙ නායකත්වය මේ විසදුම් ගැන කථා කරනවාට අකැමැති ඒ නිසා බවයි පේන්නේ. උදාහරණයක් ලෙස, ඩොලර් බිලියන පණහක් පමණ වන ”විදේශ ණය අර්බුදය ”දැන් ලංකාව හමුවේ ඇති ලොකුම ගැටලුව වෙයි . ණය අර්බුධයට විසදුම ලෙස IMF වෙත යාමට ලංකාවේ සියළු ප්‍රධාන පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ සුබ, සුළු ජාතික ආගමික දේශපාලනික පක්ෂ විපක්ෂ කණ්ඩායම් එකගත්වයසහිතව කටයුතු කරන සමයක යම් තරමකින් හෝ විකල්පයක් ලෙස පවතින ජාතික ජන බලවේගයේ නායකත්වය දරන ජවිපෙ එක එක දේවල් කතා කරමින් ණය අර්බුධයේ දිග පළල ගැන කථා කරනවා විනා ඊට විසදුම් ලබාදීම වෙනුවෙන් කිසිම යෝජනාවක් ඉදිරිපත් කරන්නේ වත් කථා කරන්නේවත් නැති පසුබිමක ජවිපෙ මෑතකදී එළිදැක්වූ Rapist response to over come current challengers ලියවිල්ල තුලද ණය අර්බුධයට විසදුම ඉදිරි පත් කොට නැතිහින්දා ලංකාවේ ආර්ථිකය බේරා ගැනීමට ජවිපෙට ජාතික ජන බලවේගයටකිසිම උවමනාවක්නැති බව නිගමනය කරන්න පුළුවන් ප්‍රශ්න වවාගෙන කන්න පුරුදු වෙලාහැමදාමත් ප්‍රශ්නකතා කර කර විපක්ෂයේ කම්ෆෝට් සෝන් එකේ ඉන්නවා කියලා කියන්නේ ගොඩක් අය.

    මම හිතන්නේ කොහොමත් රටේ ජනතාව දන්න සිදුවීමකට තව කරුණු කිහිපයක් එක් කොට කට උල් කරමින් ''මං පොර'' ලීලාවේ කථාවක් පැවැත්වීම වගේ වීරවංශ ගම්මන්පිල මොඩලයේ යල් පැනගිය ක්‍රමය ජවිපෙ ජාතික ජන බලවේගයේ ද ක්‍රමය බව ඉතාමත් පැහැදිලියි. ඔවුන්ගේ කතා වලට උපහාසය ,අපහාසය, බොරුව පමනක් නොව ඔවුන්ගේගේ අතපයද හැකි පමන එකතු කරනු ලබයි නමුත් මෙයින් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දී මට කියලා කිසිම දෙයක් ගතයුතු දෙයක් නෑ ඉතින්.

    ජවිපෙ කියන්නේ, 75 වසරක් ලංකාවේ පාලනය කළ පක්ෂ සම්ප්‍රදායික දේශපාලනික කණ්ඩායම් දූෂිත බවත් තමන් සුදු නෙළුමක් සේ පිරිසිදු නිසා රට ගොඩගත හැකි බව වුණත් අහෝ කරුමයක මහත ! රට ගොඩගන්නා ක්‍රමවේදයක් ගැන ජවිපෙ කථා කරන්නේ නැති එකෙන් අපට ජවිපෙ ජාතික ජන බලවේගය විකල්පයක් ලෙස ඇති ප්‍රයෝජනයක් නෑ නේද?

    Contd...

    ReplyDelete
    Replies
    1. මීටත් වඩා ගොඩාක් සීරියස් බරපතල තත්වයක් තියෙනවා කියලා අරගලයට සමාන්තරව මේ ගැන සාකච්ඡා කළ සර්වපාක්ෂික නිර්පාක්ෂික තරුණ තරුණියන් පෙන්වා දෙන්නේ එවැනි විසදුම් පිළිබද සංවාද කිරීම වර්තමානයේ පවතින ජවිපෙ දේශපාලනය තුල දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. ගෙන්දගම් පොලොවේ යථාර්තය තහනම් මාතෘකාවක් වන විට මෙම නීති රීති සමග එකග නොවන අයෙක් වෙත් නම් ඔහු පක්ෂයෙන් ඉවත් විය යුතුය . එසේ නොමැති නම ජවිපෙ ක්‍රමයට ඔහු ඉවත් කරනු ලබයි

      මීට උදාහරණ වශයෙන් හිටපු විගනාධිපති සරත් මායාදුන්නේගේ සිට නිරූපා සේරංසිංහ දක්වා ජවිපෙ ජාතික ජන බලවේගයට එකතු වෙලා සෑහෙන කැපවීමෙන්ය වැඩ කරපු ගුණයහපත් වෘත්තිකයන් ගණනාවකට මෙම ඉරණම අත්විය.

      හරිනි අමරසූරිය ගෙන්දගම් පොළොවේ යථාර්ථය කථා කළ අයෙක් වූ නමුත් මෑතකදී අනුර කුමාර විසින් මෙහෙයවන කල්ලියක් වන ජවිපෙ පොලිට් බියුරෝව හරිනි ඉවත් කිරීමට තීන්දු කොට ඇති බව මාධ්‍ය වලින් වාර්තා විය.

      ජවිපෙට සැලැස්මක් නැතැයී මෑතකදී නිරූපා ප්‍රකාශ කළා.මේ පහත ලින්ක් එක බලන්න .

      https://fb.watch/eZUGCjGgrH/

      පසුගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් නිරූපාගේ ප්‍රකාශය හරිනි අනුමත කළේ පහුගිය කාලේ ගෝඨා ඉවත් කිරීමෙන් පසුව කළ යුතුදේ ගැන ජවිපෙට සැලැස්මක් නොවූ බව හරිනී මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කිරීමට සමගාමීව මෙම ප්‍රකාශය අනුරට එල්ල කළ කනේ පහරක්ලෙ
      ස ජවිපෙ හාඩ් කෝ සාමාජිකයන් අති බහුතරය සමග තීරණය කලාට පස්සේ. මේ වන විට ජවිපෙ ප්‍රසිද්ධ ‍රැස්වීම් වල කතා පැවැත්වීම හරිනිට තහනම් කොට ඇත . මේ පිළිබදව අප මෙන්ම බොහෝ මාධ්‍ය වලින් හරිනිගෙන් ඒ ගැන විමසීමක් කළද ප්‍රතිචාර දැක්වීමෙන් ඇය වැලකී සිටියා.

      සමහරඅංශ වලදී ජවිපෙ යනු පොදුජන පෙරමුණට සමාන ගතානුගතික අදහස් වලින් පිරුණු කාන්තා නියෝජනය අවම පක්ෂයකි. කාන්තාවන් දැඩි ලෙස හෑල්ලුවට ලක් කොට ඇති පක්ෂයකි.කාන්තාවන්ට වෙනස් කොට සලකන පක්ෂයකි. මේ තත්ත්වය වෙනස් කිරීමට ජවිපෙට බල කළ යුතුයි.

      හරිනිගේ ධූරය තුලින් ජවිපෙට කාන්තා නියෝජනයක් ලැබී ඇත . එනම් ඇපයක් දාගෙන ඇත. හරිනි ඉවත් කොට පත්කිරීමට වෙනත් කාන්තාවක් ජවිපෙ තුල නැත.අනුප්‍රාප්තිකයා පිළිබද ගැටළුව නිසා හරිනීට යම් කාලයක් තවදුරටත් මන්ත්‍රී ධූරය දැරීමට හැකිව ඇත

      ජවිපෙ නායකයන් කාන්තාවන්ට කරන කෙනහිලි ගැන දැනගැනීමට පහත ලින්ක් බලන්න

      https://www.facebook.com/photo/?fbid=10218682160197096&set=a.10206564703308247

      https://m.facebook.com/story.php?story_fbid=10159389521314047&id=629974046

      මේවා වෙනසක් කරන්න ඔබේ දායකත්වය ලබා දෙන මෙන ද ඉල්ලීමක් කරනවා මම. මේ කාරණා ගැන ගැඹුරින් කල්පනා කරලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා මේ ගැන ඔබේ පෞද්ගලික අදහස් ද ලබා දෙන්න

      Delete
  3. ජනතාව අඳුරේ තැබීම මෙන්ම මොළ නිර්වින්දනය කරගැනීම හේතුවෙන් අපි රටක් සහ ජාතික රාජ්‍යයක් හැටියට අපේක්ෂා භංගව සිටිමු!

    ReplyDelete
  4. ලංකාවේ එවුන්ට වීරයෝ වෙන්නෙම පල් හොරු. ඒක ලංකාවේ ප්‍රමුඛතම සූර චෞර රාජපක්ෂ චෞරනායක හොරපවුල, ඊළගට වික්‍රමසිංහ, ප්‍රේමදාස සහ අනුර කුමාර වැනි සටකපට දූෂිත අසික්කිත තක්කඩි චෞරනායක අමනයන්ගේ සිට උන්ගේ උප කොන්ත්‍රාත් කරුවන් වන එතනෝල් ජොනී, අලුත්ගමගේ සේල්ස් රෙපා, රෝහිත මාල හොරා, බදියුදීන් හොර දෙටුවා, හකීම්, කසිප්පු නලීන් බණ්ඩාර, කිරිඇල්ල හයිවේ හොරා, රණතුංග හොර පවුල, රවී කරුණානායක ගොංජන් බූරුනායක, හිරුනිකර් රටකපටි නීලකාස කම්බහෙර, විජිත හේරත් ගම්මිරිස් හජ්ජියාර් දක්වා වූ පුළුල් පරාසයක් තුළ විනිවිද යන අතර මේවා දැක්කම උන්ට වහල්කම් කරන්න වහල් මීහරක් රැලට හොඳටෝම රිදේවි ඒත් ඇත්ත ඒකයි

    ReplyDelete