Thursday 28 July 2022

ඉහිරුණු තීන්ත පැල්ලම

මීට දොළොස් වසරකට පමණ පෙර මට චීනයේ ශාන්ෂි ප්‍රාන්තයේ (Shanxi Province) ඇති ශුංග්ලින් පන්සල (Shuanglin Temple) වෙතට යාමේ භාග්‍ය උදා විය. UNESCO ලෝක උරුමයක් ලෙස නම් කර ඇති එහි මින්ග් රාජවංශයට (Ming Dynasty) අයත් කලා කෘති ගණනාවක් ඇත. මුලින් හමුවන සෑම මුර්තියක්, සිතුවමක්ම චායාරූප ගත කරන බොහෝ දෙනෙකු ටික වෙලාවකින් එය අත හැර දමන්නේ මෙය නිමක් නොවන කාර්යයක් ලෙස වැටහෙන බැවිනි. 

පන්සලේ එක් කෙළවරක ඇති බෝධිසත්ව රූපයක මුහුණේ මුර්ති ශිල්පියාට වැරදීමකින් රතු තීන්ත පාරක් ඉහිරී ඇත.

පන්සලේ සංචාරයෙන් පසු බස් රථය තෙක් පිරිස සමග පැමිණෙන මග පෙන්වන්නිය පිරිසගෙන් පැනයක් අසයි. මෙය ඇය දිනපතා පැමිණෙන සෑම නඩයකින්ම අසන දෙයක් විය හැක. 

"ඔබ මේ පංසලේ දැකපු හොඳටම මතක ඇති දේ කුමක්ද?"

"එක පිළිමයක මුහුණේ වැරදීමකින් තීන්ත පාරක් වැක්කෙරී ඇත" මේ අති බහුතරයකගේ පිළිතුරයි.

ඉන් පසු එම මග පෙන්වන්නිය අපූරු විස්තරයක් කරමින් එය වැරදීමක් නොව අධිරාජ්‍යයාගේ අණ පරිදි මුර්ති ශිල්පියා සිතා මතාම කල දෙයක් බව පවසයි. පන්සලෙන් පිටවන අයට පෙනෙන ලෙස එකල අධිරාජ්‍යයා පුවරුවක් සවිකර තිබූ බවට ඉතිහාසයේ සඳහන් වෙයි. එහි ලියා තිබී ඇත්තේ 

"ඔබ දුටු දහස් ගණනක් අති අලංකාර මූර්ති වලින් ඔබට මතක ඇත්තේ ඉහිරුණු තීන්ත පැල්ලම පමණයි. මින් පසු මා කල නරක දෙයක් දුට විට මෙය මතක් කරගන්න".

දහසක් තීන්ත පැල්ලම් අතර එක හොඳ පිළිමයක්වත් නොසාදන නුතන පාලකයාගේ සිට මින්ග් රාජවංශය වෙත අපි පිය නගමු.


  


6 comments:

  1. ඔන්න අජිත් ධර්මකීර්තිගේ පාසලේ ජේෂ්ඨ ශිෂ්‍ය, අන්ත දක්ෂිනාන්ශික විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මිලිටරි මර්ධනය වෛද්‍ය පැතුම් කර්නල් වත් අත්තඩංගුවට අරං. ඔහු ලන්ඩනයේ සිට ලංකාවට පැමිණ සිය මුළු ජිවිතයම කැප කලේ අරගලය වෙනුවෙන්. අවි ආයුධ පැහැරගත් බවට චෝදනා කරමින් ඔහුව හිරේ දාලා.

    පැතුම් කර්නල් මීට කලින් ශ්‍රී ලංකා හමුදාවේ සේවය කෙරු නිසා සන්නද්ධ පුහුණුව සහිත ඔහු තර්ජනයක්‌ විය හැකි නිසයි හිර කරන්නට ඇත්තේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හමුදා මේ වන විට පැතුම් කර්නල්ගේ ගුද මාර්ගයට පයිප්ප බටයක් ඔබා එය තුලින් කටු කම්බියක් ඇතුල් කර, පයිප්ප බටය ඉවත් කර ගුද මාර්ගය තුල ඇති කටු කම්බිය කරකවමින් වධ දෙනවා ඇති.

    හිසට පරාල ඇන ගසනවා ඇති.

    අජිත් ධර්මකීර්ති ඔබ මේ දෙස බලා මර්ධනයට එරෙහිව කිසිවක් නොකර සිටින්නේ කෙසේද?

    අපව පැහැරගෙන ගොස් දින ගනන් ඇගිලි වලින් උඩ එල්ලා තබා පහර දෙන විට ඔබ‍ට කිසිදු වේදනාවක් දැනෙන්නේ නැද්ද සිතට?

    අප ඔබ‍ට කල වරද කුමක්ද? අප කලේ යහපත් රටක් වෙනුවෙන් අරගල කිරීම පමණයි.

    දැන් අපගේ කාඩර්වරුන් අතුරුදහන් කරමින් පවතිනවා මෙම මිලිටරි ජුන්ටාව.

    කොමරේඩ් අලීව අල්ලං ගියා අහස්යාත්‍රාවේදී. ඔහුගේ දෑස් උගුල්ලා මිරිස් දමා පහර දුන්නත් ඔහු අරගලය පාවා දෙන්නේ නෑ සත්තයි.

    මෙලෙස කොමෙන්ට් ඔස්සේ අදහස් පල කරන මාවත් වධකයන්ට අල්වා දීමට අජිත් ධර්මකීර්ති උත්සහ දරාවි.

    අජිත්, උබට පුළුවන් ලොකුම දේ මාව මරලා දාන එක. ඊට එහා දෙයක් උබට බැහැ. කෑලි කපල මැරුවත් විමුක්ති අරගලය අතාරින්නෙ නැහැ.

    ReplyDelete
  2. මර්ධනයට එරෙහිව වර්ධනය වෙමු!

    "පැතුම් කර්නර් කියන්නේ මට මගෙ පක්ෂයේ නායකයා විතරක් නොවේ"

    "අපේ බැඳීම හදවත් වල"

    ඔහුගේ වචන වලින්ම කිව්වොත්,

    තාරුකටයි පැතුම්ටයි පුලුවන්,

    “ඕනෑම සතුරකුට විරුද්ධව පිටට පිට තියාගන විස්වාසයෙන් සටන් කරන්න”

    අපි ජයග්‍රහණය කරන බව ඔහුටත් මටත් විශ්වාසයි.

    "ඔහු නිසා මා හෝ මා නිසා ඔහු ලද කිසිඳු භෞතික ප්‍රතිලාභයක් නැත"

    නමුත් මාගේ පියාණන්ගෙන් පසු ලේ බැඳීමක් ඇති
    සහෝදරයෙකු ලෙස ඔහුගෙන් ලැබූ මානුශීය දායද ඇත.

    අපේ කුඹුරු යාය ලග ස්ලැබ් එක උඩ වාඩි වෙලා ඔහු කී වචන
    මට තවමත් මතක ය.

    තාරු,

    අපේ අම්මා මම යුද්ධෙට යනකොට මෙහෙමයි කිව්වෙ,

    “මට උඹව නවත්තන්න බෑ පැතුම්, යුද්ධෙට යන හැම දකුණෙ කොල්ලෙක්වම අම්මලා නැවැත්තුවොත්?

    මේ රට බේරගන්න වෙන කොහෙන්වත් එන්නෙ නෑ,

    රටේම ඉන්න අපිටමයි ඒ කැපකිර්‍රීම කරන්න වෙන්නේ"

    එදා තමයි ඔහු මට කියන්නේ,

    "මේ රට වෙනස් කරන්න ඕන බන්
    මිනිස්සු විඳවන එකෙන් ගොඩ ගන්නම ඕන.
    ඒකට මට උඹව ඕන"

    ලංකාවේ දේශපාලනය තිත්ත මම පක්ෂයකට එන්න
    එකඟ උනේ එදා.

    මුදල් සහ තනතුරු, මගේ දෑස් ඉදිරියේම ප්‍රතික්ෂේප කරපු නුඹ මට වීරයෙක් පැතුම්.

    අපි කොහොමහරි පාර්ලිමේන්තු යන්න නෙමේ තාරු ඕන,
    රට හදන්න පුලුවන් පාරේ පාර්ලිමේන්තු ‍යන්නයි ඕන.

    ඒ නිසා අපි මේ සටන කරමු.

    "වෙඩි කන්න, හිරේ යන්න, චරිතය විනාස කරගන්න ලෑස්ති වෙලා වරෙන්"

    ඔහු ලක්මව වෙනුවෙන් කළ සේවය නිසාම අද සිරගතව ඇත.

    👉 මානුශීය මෙහෙයුම අවසන් වනතුරුම 58 සේනාංකයේ ඉදිරි ආරක්ෂක වළල්ල අසල, පළමු සැරහුම් කුටියේ සේවය කරමින් රණවිරුවෝ බේරාගත් දෑත් වලට,

    👉 ලක් මහපොළොව මත පැළ 70,000ක් දායාද කරපු දෑත් වලට,

    👉ලංකාව පුරා පන්සල්, ආරණ්‍ය තමන්ගෙ දහදිය මහන්සියෙන් හදපු දෑත් වලට,

    👉 කොරෝනාවේ මිලියන ගානක මුදලක PPE , සනීපාරක්ෂක උපකරණ , වියළි ආහාර බෙදපු දෑත් වලට,

    👉දහස් ගානක් දුෂ්කර පළාත් වල ගැබිණි අම්මලාට අවශ්‍ය උපකරණ දුන් දෑත්වලට,

    👉 උතුරේ දෙමළ ජනයාට සැබෑ සහජීවනය අරන් ගිය දෑත් වලට
    ලක්ෂ ගානක් මිනිස්සු දැනුමෙන් සන්නද්ධ කළ මිනිසාගේ දෑත්වලට,

    👉ආර්ථික අර්බුදය එක්ක ලෝකයේ ඕනෑම රටක නිර්මාණය වන අරගලය සාමකාමී කරන මොඩල් එක හදපු දෑත්වලට,

    මාංචු දාන්න. නිහඩ කරවන්න.

    "නුඹලා බලාපොරොත්තු වන සිහින දේශය නිර්මාණය වේවි"

    යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්

    ඔහු වෙනුවෙන් සහ අනෙක් සියළු අරගලකරුවන් වෙනුවෙන්
    පෙනී සිටින්න.

    ReplyDelete
    Replies
    1. ජොන්ස්ටන් මහා මාර්ග ඇමැති කාලේ සිංහරාජෙ කපල පාරක් කපපු එක සාධාරණීකරණය කරල ලියපු පෝස්ට් එක ලඟ තියෙන කෙනෙක් ඒක මෙතන අලවන්න පුළුවන්ද? ඒ වගෙම 2020 මහමැතිවරණයේදී දියමන්තියෙන් චන්දෙ ඉල්ලපු එකත් එයාගෙ වැඩ ලැයිස්තුවට එකතුවෙන්න ඕන එකක්.

      Delete
  3. මුල කතාව කියන දෙයත් අන්තිම ජේදයේ කියන දෙයත් පරස්පරයි

    ReplyDelete
  4. ‘අරගලය’ යනු වෙනස් සංදර්භයකි. එය කුමක් වෙනුවෙන් කරනු ලබන්නක්දැයි පැහැදිලි නැත. මුලින් ජනාධිපති ගෝඨාභය පැන්නීමටය. දැන් රනිල් පැන්නීමටය. දැන් ‘අරගලයේ’ පියා බව පෙනෙන සරත් ෆොන්සේකා අගෝස්තු 9 දින පැමිණ වත්මන් ආණ්ඩුව ද පන්නා දමන්නැයි තම අරගල ‘දරුවන්ගෙන්’ පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ ඉල්ලීමක් කළේය. එසේ පැන්නීමෙන් පසු රටේ නායකත්වයට පත්විය යුතු හොඳම පුද්ගලයා ඔහුට අනුව නම් ඔහුම විය යුතුය. අරගලකරුවන් ඔහු බලයට පත්කළ පසු ඔවුන්ට සිදුවන්නට ඉඩ තිබෙන්නේ නිකම්ම නිකම් කලවැද්දන් බවට පත්වීමට විය හැකිය. කෙසේ වෙතත්, සරත් ෆොන්සේකාට රට ගොඩගැනීම සඳහා තිබෙන වැඩපිළිවෙල තබා ඔහුට සිටින කණ්ඩායමවත් කුමක්දැයි කිසිවෙකු දන්නේ නැත. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් ඔහු පවත්වන කතාවල නීත්‍යානුකූලභාවය පරීක්ෂා කළ නොහැකි වීම ඔහුට වාසිදායකය.

    අරගලය ‘සාමකාමී අරගලයක්’ ලෙස වරනැගීමක් තිබෙන අතර ඇමරිකා, කැනඩා තානාපතිවරුන් හා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය පවා එය එසේ යයි සිතන බවක් ඇතැම් ට්විටර් පණිවුඩවලින් පෙනිණි. එහෙත්, ‘සාමකාමී අරගලය’ යනු පැනඩෝල් වැනි වෙළඳ සන්නාමයකි. අරගලය යන ක්‍රියාකාරීත්වය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පොලුගසා මරාදැමීම, තවත් මන්ත්‍රීවරයකුට ඒ අන්දමින්ම පහරදීම හා නිවාස රාශියක් ගිනිතබා විනාශ කිරීම ද, තවත් දේපළ රැසකට කළ හානි ද තිබේ.

    අරගලය ‘කැරැල්ලක්’ ලෙස හැඳින්වීමට කැමති අය ද සිටිති. එහෙත්, සාධාරණව කල්පනා කර බැලූ විට සමස්ත අරගලය කැරැල්ලක් වන්නේ ද නැත. කිසිදු කැරැල්ලක් නායකත්වයකින් තොරව පවතින්නේ නැත. ස්වයං සිද්ධව පැනනැගුණ කැරැලිවලට පවා අවසානයේදී හෝ නායකත්වයක බලපෑම ඇතිවේ. මෙහි එවැනි වගකීම් භාරගැනීමක් නැත.

    එහි ‘මොබ් ප්‍රචණ්ඩත්වයන්’ මාලාවක් තිබිණි. එහෙත්, සමස්ත අරගලය ‘මොබ් ප්‍රචණ්ඩත්වයට’ ඌනනය කරන්නට ද බැරි ය. එහි යම් යම් ආදරණීය හා සුන්දර සංස්කෘතික ලක්ෂණ තිබිණි. එහෙත් එය ‘ආදරයේ අරගලයක්’ ද නොවේ. ඕනෑ තැනක තිබෙන ආදරය සේම එහි තිබුණු ආදරය ද වෛරයට ඉතා සමීප එකකි.

    ‘අරගලටඅඅඅඅඅඅහ් ජයහ්වේවාහ්!’ යනු මේ අරගලයේ ප්‍රධානම මන්තරය විය. එහෙත්, එසේ මැතිරූ පමණින් අරගල ජයග්‍රහණය කරන්නේ නැත.

    ‘කපා කපා කෑලි කපා – අප වළකනු සිතනු එපා – ලේ හැලුණත් පාර දිගේ – අපේ ගමන අපි යනවා’ යි කීවාට, කවුරුවත් කෑලි කපන්නට ආවේත් නැත. පාරවල් දිගේ ලේ හැලුණේත් නැත. අපේ ගමන අපි යනවා ය කී අය දැන් වෙන වෙනම තම තමන්ගේ ගමන් යාම පටන්ගෙන තිබේ.

    ‘මර්දනය’ ගැන කියන්නට තිබෙන්නේ ද එහෙමම දෙයකි. 1971 හෝ 1989 හෝ දෙමළ අරගලයේ අවුරුදු 30 තුළ මර්දනය ගැන අත්දැකීම් ලබා තිබෙන අය වර්තමානයේ සිදුවන දෙය මර්දනයක් ලෙස නොදකිති. එය ද මර්දනයේ ප්‍රබන්ධයකි.

    1983දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමෙන් පසු හදිසි නීතිය යටතේ අත්අඩංගුවට පත්වූ කිසිවකුට අවම මාස තුනක් පමණ ගතවන තෙක් ඇප ලබාගැනීමට නොහැකි විය. 1986දී මාත්, මනෝජ් ප්‍රේමකීර්තිත් බුලත්සිංහල අතුර පොළේ ජවිපෙ පත්‍රිකා බෙදමින් සිටියදී එවකට පැවති ආණ්ඩුවේ හිතවතුන් පිරිසක් මා පොලිසියට අල්ලා දුන් අතර, පොලිසියේ නීති විරෝධීව හා නීත්‍යානුකූලව දින ගණනක් තබාගෙන හරක් පයියෙන් පවා පහරදීමෙන් අනතුරුව මා මාස තුනක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තබන ලදී. තහනම් සංවිධානයක පත්‍රිකා බෙදීම සම්බන්ධයෙන් මා හට පවරන ලද නඩුවට මා 1989දී එළියකන්දේ සිටියදී මා අධිකරණයට ඉදිරිපත් නොකරන ලද අතර, එදා නෝඩේට් කළ නඩුව තවමත් නෝඩේට්ය.

    ReplyDelete
    Replies
    1. 1989 කැරැල්ල සමයේ හදිසි නීතියටත් වඩා ක්‍රියාත්මක වූයේ අනීතියයි. එළියකන්ද වධකාගාරයේ කලින් කල රඳවාගෙන සිටි පිරිස් අතරින් රැඳවුම් නියෝග තිබුණේ මටත්, වර්තමානයේදී දීර්ඝ කාලයක් තිස්සේ ඩලස් අලහප්පෙරුමගේ ලේකම්වරයකු වන සුමිත් චන්දනටත්, රැඳවුම් නියෝග තිබියදීම තලල්ල හමුදා කඳවුරේදී වධදී මරාදමන ලද ජවිපෙ ක්‍රියාකාරිකයකු වූ චම්ලි දිසානායකටත් පමණි. අප දීර්ඝ කාලයක් තිස්සේ නඩු නොමැතිව රඳවා තබාගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.

      හමුදාව ඉවත් වී පොලිසිය මර්දනයේ සමස්ත වගකීම භාරගත් පසු, නීත්‍යානුකූලව රැඳවුම් කඳවුරුවල සිටි පුද්ගලයන් නිදහස් කර, අධිකරණ භූමියේදීම පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සුලබ තත්වයක් විය. ඉහත් දැක්වූයේ මර්දනයක් සිදුවූ ආකාරය පිළිබඳ ඉතා කෙටි විස්තරයකි. දෙමළ කැරැල්ල මර්දනය කළ ආකාරය එමෙන් සියගුණයක් බිහිසුණුය.
      පසුගිය සමයේ සුලබම ක්‍රියා වූයේ වහසිබස් දෙඩීම, මොබ් හෙවත් ආවේගශීලී ජන සමූහයන් ලෙස චලනය වීමයි. මෙම මොබ් ක්‍රියාකාරකම් බොහොමයක් නීති විරෝධී වනමුත්, ඒවා බොහොමයක් සුළු වැරදි ලෙස සැලකිය හැකිය. එහෙත්, ගෙවල් ගිනි තැබීම්, දේපළ හානි කිරීම් හා මිනීමැරීම්වල ද යම් පිරිසක් නියැලුණහ.

      වැඩියෙන්ම සිදුවන්නේ ආවේගශීලී ජනරාශිවල බලය ඇඟට අරගෙන වහසිබස් දෙඩීමයි. විශේෂයෙන්ම දේශපාලන පක්ෂවල නායකයන් වහසි බස් ඔස්තාද්ලාය. ඒ හැරෙන්නට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා ගොනුකළ හැකි මට්ටමකින් ඔවුන් මේ ‘අරගලය’ සමග සම්බන්ධ වූ බවක් නොපෙනේ.

      කෙසේ වෙතත්, දැන් රජය පැත්තෙන් පොලිසිය යම් යම් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවක් පෙනේ. එම නීතිමය ක්‍රියාමාර්ග ගැනීම් යනු සිදුවූ නීති උල්ලංඝනයන්ගෙන් නොගිණිය හැකි තරම් සුළු ප්‍රමාණයක් සම්බන්ධයෙන් ප්‍රතික්‍රියාය. නීති උල්ලංඝනයන් සිදුවූ පරිමාණය අනුව විමර්ශන කිරීමට හෝ නීති ක්‍රියාත්මක කිරීමට පොලිසිය හා නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධ අනෙකුත් පද්ධති කිසිසේත්ම ප්‍රමාණවත් නැත. රාජපක්ෂවරුන් සොරකම් කර ලෝකයේ සඟවා තිබෙන මහජන ධනය සොයන්නට අප කටයුතු ආරම්භ කළ යුත්තේ මෙවැනි යුක්තිය පසිඳලීමේ පද්ධතියක් සමගය.

      ‘මර්දනය’ යනුවෙන් හඳුන්වනු ලබන මෙම ක්‍රියාවලිය ද ඉතා දුර්වල රාජ්‍ය ක්‍රියාකාරීත්වයකි. එමගින් සිදුවන්නේ වැරදිකරුවන් හඹාගොස් දඬුවම් කිරීමකට වඩා යුක්තිය පසිඳලීමේ පද්ධතිය මුළුමනින්ම අක්‍රිය වී නැති බව පෙන්වීම පමණි.

      පී ජයසිංහ -අගලවත්ත

      Delete