Tuesday 8 March 2022

භාගෙට ෆ්ලොටින් ජරමරේ


ආර්ථික විද්‍යාව ගැන මට ඇත්තේ ඉතා සාමාන්‍ය වූ දැනුමකි. මේ නිසා මම අද සවස අප සරසවියේ මට සමීප එසේම මා නිසාම ලංකාව ගැන සෑහෙන දැනුමක් ඇති ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක් අමතා යම් පමණකට තොරතුරු ලබා ගතිමි. 

සඳුදා වන විට ඩොලරය මහා බැංකුව මගින් රුපියල් 198-202 වැනි අගයකට රඳවාගෙන සිටි අතර කළු කඩයේ එය රුපියල් 260 -280 අතර  විය.

අගහරුවාදා දැනගන්න ලැබුණේ හතරබීරි  කතාවකි. රුපියල පා කර ඇත. මහා බැංකුව විසින් ඩොලරය සඳහා රුපියල 225-230 අතර මිලක් තබාගැනීමට  බැංකුවලට උපදෙස් දී ඇත. ඔබ මෙය කියවන අවස්ථාවේ සමහර විට මේ උභතෝකෝටිකය මහා බැංකුව මගින් විසඳා තිබිය හැක. කෙසේ වෙතත් මෙය රුපියල භාගෙට පා කල අවස්ථාවක් ලෙස  දැක්විය හැක.

ඩොලරය පා කිරීමේ වාසි කිහිපයකි.

ලංකාවේ අංක එකේ ආදායම් මාර්ගයක් වන විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය මේ නිසා ඉහල යයි. නමුත් උණ්ඩියල් ක්‍රමයට මුදල් එවන්න හුරු වූ විදේශ සේවා නියුක්තිකයාට නැවත බැංකු හරහා මුදල් එවීමට තව ටික කාලයක් ගතවේ. 

දේශීය අමුද්‍රව්‍ය මත පමණක් පදනම් වූ නිෂ්පාදන අපනයනකරුවන් වාසියක් ලැබේ. මේ නිසා ඔවුන් දිරිගැන්වෙන අතර යම් කාලයකට පසු ඔවුන් වෙතින් ඉහල නිෂ්පාදනයක් බලාපොරොත්තු විය හැක.

ලංකාවට පැමිණෙන සංචාරයකයන්ට තම ඩොලරය සඳහා ඉහල අගයක් ලැබෙන බැවින් ඔවුනට ලංකාවට පැමිණීම දිරිමත් වෙයි. 

ඩොලරය පා කිරීමේ අවාසිද බොහොමයකි.

දැඩි ආනයන සීමා යටතේ වුවද ලංකාවේ ආනයන වියදම අපනයන ආදායම මෙන් දෙගුණයක් පමණ වේ. මේ නිසා රටේ බඩු මිල ඉතා වේගයෙන් වැඩිවෙයි. විශේෂයෙන්ම ඉන්ධන සහ ඒ හා බැඳුනු අනෙකුත් භාන්ඩ හා නිෂ්පාදන මිල ඉතා ඉහල අගයකට පත්විය හැක. එය ජනතාවට දැරිය නොහැකි අගයක් වනු ඇත.

රජයට තම බදු ප්‍රතිශතය වහා ඉහල දැමීමට සිදුවෙයි.

ලංකාවේ බහුතරයක් අපනයන නොයෙකුත් ආනයනිත භාණ්ඩ/ද්‍රව්‍ය මත පදනම් වේ. උදාහරණයක් ලෙස තේ වගාව සඳහා පොහොර සහ සැකසීමේ අවශ්‍යතා ආනයනය කරයි. මේ නිසා ඔවුන්ට වැඩි වාසියක් අත් නොවේ. 

----------------------------------------

රුපියල අඩ වශයෙන් පා කිරීමෙන් විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලංකාවට මුදල් එවීමේ සැලකිය යුතු වෙනසක් සිදු නොවේ. රුපියල් 270 ලබා ගත හැකි ඩොලරයට ඔවුන් රුපියල් 230 ලබා ගන්න සුදානම් වන්නේ නැත. 

සංචාරකයාටද දැනෙන තරම් වාසියක් නැත.

එහෙත් ඩොලරය පා කිරීමේ අවාසි සියල්ලම රටට ලැබෙයි.  

රට........ කබලෙන් ලිපට

3 comments:

  1. මහාචාර්ය චන්දිම ගෝමස් මහතාගෙන් ඉතාමත්ම වැදගත් ප්‍රශ්න කීපයක්ම අහන්න තියෙනවා, මේවාට ඔබේ පිළිතුරු අපේක්ෂා කරමි. ලංකාවේ ආණ්ඩුවෙ කැබිනට් තීරණ වල කියන විදිහට ලංකාවේ විදේශ ශ්‍රමිකයන්ට ඇතුලු විදෙස් විනිමය එවන අයට නීත්‍යානුකූල බැංකු හරහා මුදල් එවද්දි ඩොලර් එකකට අමතරව ලබාදීමට මීට කලින් රජය කටයුතු කරපු රු. 10 වෙනුවට රුපියල් 38 ක විශේෂ දිරි දීමනාවක් දෙන්න තීරණය කරල තියෙන්නේ මේක නිසා වෙන්න පුලුවන් ප්‍රශ්න කීපයක් තියෙනවා.

    මට තියෙන පළමු ප්‍රශ්නය දැන් පෙරේදා ආණ්ඩුවෙන් ප්‍රකාශයට පත් කරපු ඩොලර් එකකට රුපියල් 230 ක් අලුත් රේට් එක අනුව දැන් විදේශ ශ්‍රමිකයන්ට ඩොලර් එකකට රුපියල් 268 ක් ලැබිය යුතුයි නේද? මෙය ආර්ථික විද්‍යානුකූලව නිවැරැදිද? බ්ලැක් මාකට් එකේ ඩොලර් එකකට ගියේ රු. 245 - 255 වගේ හදිස්සියෙන් 260/265 අතර ගිය වෙලාවල් තිබ්බා නමුත් මේක නිසා ඊටත් වඩා මිල ඉහල යාමත් සමග ලංකාවේ ඩොලර් ප්‍රශ්නය පැත්තෙන් ලොකු අවුලක් වෙයිද? (මොකද ආණ්ඩුව මේ හරහා විදෙස් ශ්‍රමික ප්‍රේශන වලින් සංචිත ලෙස ඩොලර් එකතු කර ගන්න යන්නේ, දැනටමත් ලංකාවේ එල් සී ඕපන් කරන්න ඩොලර් එකක් 245 - 250 වත් වෙනවා තව සෝ කෝල්ඩ් "අත්‍යවශ්‍ය නොවන" ආනයන වලට අධික ලෙස බදු ගහන සැලසුමත් එක්ක මේක තවත් අවුලක් වේවි.)

    ඊළඟට ඩොලර් එකකට සාපේක්ෂව අනෙත් කරන්සි වලටත් මේක මේ අනුපාතය අනුව 16% ක් වැඩි වේවිද? උදාහරණයක් විදිහට ඕමාන් රියාල් එකකට නීත්‍යානුකූල බැංකු රේට් එක රු. 525.67 වුණත් හවාලා (මැදපෙරදිගින් ලංකාවේ ආන්යනකරුවන් සම්බන්ධවී ක්‍රියාත්මක වන උණ්ඩියල්) ක්‍රමයට රු. 690 - 700 ක් ගන්න පුළුවන්, නමුත් දැන් මේ වැඩි කිරීමත් සමග රියාල් එකක නිල අගයත් 230ට සාපේක්ෂව රු. 683.371 ක් දක්වා ඉහළ යනවා. ඒ වගේම ඩොලරයට රු. 38 ක් වැඩිවෙනවා නම් ඕමාන් රියාල් එකක් රු. 796.276 ක් දක්වා අධික ලෙස ඉහළ යා යුතුයි. මේක මෙහෙමම වෙයි ද?

    ඒ වගේම මේ ඩොලර් වලට වැඩියෙන් දෙන්න නිකුත් කරන (අච්චු ගහන?) අධික මුදල් කන්දරාව නිසා (මගේ ගණනය කිරීම් අනුව රු. ට්‍රිලියන් 1.4 ක්වත් වෙයි මේ අවුරුද්ද ඉවරවෙද්දී) නැවත වතාවක් රට තුල අධි උද්ධමනයක් ඇතිවෙලා අතිශය භයානක තත්වයක් ඇති වෙන බවත් ඩොලර් එක අසීමිත ලෙස ඉහළ යාහැකි බවත් පේනවා, මේකට දෙන්න පුළුවන් විසඳුමක් ගැන ඔබට අදහසක් තිබේද? තව අපනයනකරුවන්ටත් අපනයන වලින් ලංකාවට ගේන ඩොලර් එකකට රු. 30 ක් දිරි දීමනා කියලා මගුලක් දෙන බව ගොන්දුල බනවර්ධන බුල්ඩෝග් නාකියා මොකද්ද රට බයිලයක් ගැහුවනේ පහුගිය කාලේ, අන්න ඒකටත් ඔන්න ඊයේ කැබිනට් අනුමැතිය හිමිවෙලා, ඒකෙන් අපනයනකරුවන්ටත් (Exporters) සල්ලි අච්චු ගහලා බෙදල දෙන එකෙන් තවත් ප්‍රශ්නය වැඩිවෙලා ගොඩ ආ නොහැකි මහා අගාධයක ලංකාව හිර වෙලා වැනසිලා යන බව තමයි මගේ අනුමානය. (1 US$ = 230 + 30 = රු. 260 ක් පමණ ගනනක් ලැබෙයි වගේ).

    මේකට ලංකාවේ කිසිම කෙනෙක් ළඟ පැහැදිලි විසඳුම් නෑ, යම් තරමකින් හෝ දේශපාලන ක්ශ්‍රේත්‍රය මෙය හඳුනාගෙන සිටින්නේ විපක්ෂයේ නම් රනිල් සහ චම්පික පමණයි කියා හිතන්න පුලුවන්, හර්ෂ ද සිල්වා ආර්ථික විශේශ්ඥයෙක් කිව්වාට ඔහුගේ පැහැදිලි කිරීම් ඉතාම විහිළු සහගතයි, ඒ වගේම නිසි පදනමක් නෑ එක එක වෙලාවට එක එක කතා කියනවා, ජවිපෙ ජාතික බලවේගයත් එහෙන් මෙහෙන් කරුණු අල්ලගෙන සරල කතා කියනවා මිසක් නිසි ලෙස ප්‍රමාණාත්මක ගැඹුරු අද්‍යනයක් තාම කර බවක් පේන්නේ නෑ, ඔවුන්ගේ කඩිනම් විසඳුම නම් ලියවිල්ල ගැලරියට නිකුත් කරපු එකක් වුණත් සමාජ ජාල වල ගැඹුරු ප්‍රශ්න කිරීම් වලදී උත්තර නෑ. දැනට මහබැංකුව හසුරුවන කබ්‍රාල් බැසිල් ඇතුලු පිරිස දූශිත බවට චෝදනා රැසක් ඇති සූදු කාරයින් වැනි පිරිසක් නිසා මට නම් ඔවුන් ගැන පොඩ්ඩක් වත් විස්වාස නෑ, නමුත් මහබැංකුවේ ඇතුලු වෙනත් බොහෝ රජයේ ආයතන වල ඉහල තනතුරු රැසක් හොබවන දැන උගත් පරිණත විදෙස් අධ්‍යාපනය ලැබූ ආචාර්ය මහාචාර්ය වරුන් වන රජයේ නිලදාරීන් විශාල පිරිසක් ඉන්නවා 225 ට වඩා වැඩියි, මේකට ඒ අය මැදිහත් නොවන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මෙතන තවත් ලොකු පටලැවිල්ලක් තියෙනවා. මම ඒ ගැන තවත් ලිපියක් දැම්මා. ඔබේ ගැටලුව සියල්ලම සාධාරණයි. ඊට පෙර අපි මා සඳහන් කරන ගැටළුව විසඳාගන්න බලමු

      Delete
  2. සෑම කාන්තාවකටම රසවත් දිවක අයිතියක් ඇත!!

    අපේ පරම්පරාවෙ ගොඩක් පිරිමි දිව දානවා කියන එක සැලකුවෙ පහත් වැඩක් විදිහට. මාමයිට් කුප්පිය, බොම්බිලි ගඳ ආදී නානා ප්‍රකාර කතා කියමින් උන් ස්ත්‍රී යෝනියකට දිව්‍ය සංග්‍රහ කිරීම ගැන පරිභව කළා. උන්ගේ පුරුෂ ලිංගය ස්ත්‍රියකගේ මුව තුල බහාලීම අනිවාර්‍යයක් ලෙසත් ස්ත්‍රියකගේ වැජයිනාව දිවෙන් ස්පර්ශ කිරීම තරම් නොවන ක්‍රියාවක් ලෙසත් උන් විශ්වාස කළා.

    දිව කපා ගනිං ඕකෙ ඔබන්න යනවට වඩා හොඳයි..
    මගේ යාලුවෙක් මාව නෝන්ඩි කලේ එහෙමයි . ඒත් දැන් ඒ යාලුවම මට කියන්නෙ වෙන කතාවක්.
    දිව තමයි බං වැඩේ. අනිත් එක ඕන එකෙකුට කරන්න පුළුවන්නෙ. ඒත් දිව කියන්නෙ ආර්ට් එකක්..

    දිවේ අයිතිය කාන්තාවන් දිනාගැනීම කියන්නෙත් පුරුෂමූලික ලිංගික සංස්කෘතියෙ ලොකු ජයග්‍රහණයක්.

    කොහොම වුනත් දිවෙන් ඇය රසවත් කිරීම හෙවත් කනිලිංගස් කියන්නෙ මේ වෙද්දි හැමෝම ආසාවෙන් විඳින දෙයක්. ඒ වගේම ඒක ඇයව විවර කරන්න, ඇගේ බැමි මුදන්න හොඳම යතුරක්!

    -රංග තේනුවර(GTRZ)- ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි.)

    ReplyDelete