Thursday 10 March 2022

පැතිරෙන ගින්න


ආණ්ඩුව අර්බුදය විසඳන්න හදන්නේ ඉන්දියාවෙන් ලැබෙන credit line එකෙනි. එහි අවසානය රුපියල කිසිඳු වටිනා කමක් නැති කඩදාසියක් බවට පත්වීමයි. මේ නිසා මුදල් අතේ ඇති සියලු දෙනාම දැන් ඩොලර් ගන්න පොරකන බව සැලයි. පළමුදා රුපියල් 198 තිබූ ඩොලරය පෙරේදා 230 විය. ඊයේ 260 විය. තව දින කිහිපයකින් සමහර විට රුපියල් 500 ඉක්මවා යනු ඇත. මෙය වෙනිසියුලාවේ, අර්ජෙන්ටිනාවේ, ලෙබනනයේ, ඉරානයේ, සිම්බාබ්වේහි සිදු  වනවා මම දුටිමි. ඒ ගැන ලිව්වෙමි. නැවත නැවතත් ලිව්වෙමි. අනාගත වාක්‍ය වර්තමානය වෙමින් පවතී. එය ඛේදජනකය. 

කොතරම් නොලියා ඉන්න සිතුවත් මගේ ඇඟිලි ඊට ඉඩ නොදේ. ගතින් සැතපුම් දහස් ගණනක් ඈත සිටියද සිතින් ලංකාවේ ජීවත්වීම ඇත්තෙන්ම කරුමයකි. 

භාවනාවට කාලය එළඹ ඇත. 

5 comments:

  1. සරලවම කිව්වොත් ලංකාව වැනි රටවල මුදල අවප්‍රමාණය කළ විට එහි වාසිය විදෙස් රටවලටයි. එවිට ඔවුන්ට අඩු මුදලක් දී වැඩිපුර භාණ්ඩ ප්‍රමාණයක් අපෙන් ගත හැකියි. ඔතනදි වෙන්නේ ලංකාවේ ශ්‍රමිකයින් මෙන්ම අමුද්‍රව්‍ය/ භාණ්ඩ එක්තරා විදියකින් නිසි මිලට වඩා අඩු මිලකට විදේශිකයින් විසින් අවභාවිතා කිරීමක්, වාමාංශික අදහසින් නම් සූරාකෑමක්.

    මීට අමතරව විදේශ රැකියාවල නිරත ලාංකිකයන්ට එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් ඩොලර් සඳහා විශේෂ දිරි දීමනාවක් ලබාදීමට රජය පියවර ගෙන ඇති බවත් විදේශ ශ්‍රමිකයන් දිරි ගැන්වීමට අවධානය යොමු කරමින් රජය එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විගමන ප්‍රේෂණ සඳහා ලබාදෙන දීමනාව ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසල තියෙනවා. ඒ අනුව විදේශ ශ්‍රමිකයන් ලංකාවට ප්‍රේෂණය කරන විදේශ විනිමය රුපියල් බවට පරිවර්තනය කිරීමෙන් පසු එසේ පරිවර්තනය කරන ලද අමෙරිකානු ඩොලරයකට රුපියල් 20ක දිරි දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. මෙය කෙසේ ආර්ථිකයට බලපාවිද කියන එක වෙනමම කරුණක්.

    ReplyDelete
  2. තේරෙන්නේ නෑ අප්පච්චි මොකද කරන්නේ කියලා මං.

    I've made a terrible mistake. Dad'd be so ashamed of me.

    ReplyDelete
  3. අපි ගල් යුගයකට යමින් ඉන්නවා,

    ReplyDelete
  4. වීරවංශලා සහ ගම්මන්පිල ඇතුලු පිරිස ඉතාමත් මැනැවින් පෙන්වා දෙන පරිදි ලංකාවේ සැබෑ ප්‍රශ්න මේවායි;

    01. පහුගිය 2020 - 2022 වසර දෙකක් තිස්සේ කොවිඩ්වලට අනුගමනය කරපු සිමා නිසා ලොව පුරාම සප්ලයි චේන් බිද වැටිල ලෝකෙම උද්ධමනය ඉහළ යාමක් තියෙනවා. ඊළගට පුටින් යුක්රේන ආක්‍රමණය මුල් කරගෙන තෙල් මිල ඩබල් එකෙන් අති විශාල ලෙස ඉහළයාමකුත් ඇත. මේ දේවල් ලෝකෙ හැම රටකටම බලපානවා. මේක ලංකාවටත් දැඩිව බලපාල තියෙනවා.

    02. ඊළඟට ලංකාවෙ ණය අර්බුදයට එක ප්‍රධාන හේතුවක් කියනවා කලින් මහින්ද ආණ්ඩුව කාලෙ (ඒ කාලෙත් කබ්රාල් මහ බැංකු අධිපති, පීබී ජයසුන්දර මුදල් අමාත්‍යාංශ ලේකම) වැඩි පොළියට අයි එස් බී හරහා ඩොලර් බිලියන් පහක් ඇතුළු වාණිජ ණය ගැනීම ගන්න පටන් ගැනීම. ඒ ගොඩක් ඒව දැන් තමයි කල් පිරෙන්නෙ. මේක ගැන ඒ කාලෙත් විමල් ඉවෙන් මෙන් තේරුම් අරන් පී බී ආර්ථික ඝාතකයෙක් කියලා පැහැදිලි කළා.
    (මීට අමතරව සුළු ගණනක් වන එතරම් ප්‍රයෝජනයක් නැති කන්ස්ට්‍රක්ශන් ප්‍රොජක්ට් දේශපාලනික හේතු හෝ කොමිස් මත පටන් ගැනිමත් පොඩියට බලපාල ඇති, නමුත් ගාන ගොඩක් අඩු නිසා සාපේක්ෂව පොඩි ප්‍රශ්නයක්, ප්‍රධානම ප්‍රශ්නය අරක.)

    03. ඊළඟට 2015 න් පස්සේ යහපාලන කාලෙ කියලත් වෙනසක් නෑ හෝ ගාල බොන්ඩ් ණය අයි එස් බී විතරක් ඩොලර් බිලියන් 12 ක් ගත්ත. ඒකට එක හේතුවක් යහපාලන කාලෙ රාජ්‍ය සේවක වැටුප් විශාල ලෙස එකපාර වැඩි කිරීම. ඒ වගේම සමෘද්ධිය දෙගුණ කිරීම සහ එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා කියල රජයේ බැංකු හරහා 4% - 6% දක්වා දේශපාලන හිතවතුන් විශාල පිරිසකට අඩු පොළී ණය දීම්, උදා ගම් ව්යාපාර වගේ නොයෙකුත් එකක් නාස්තිකාර වියදම්, මේව හැමදාම පැටව් ගහන වියදම්.

    04. ඒ වගේම වර්තමාන ආණ්ඩුව ආපු ගමන් 2020/2021 ලොකු ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙනව කියල දැන දැනම ජනතාවගේ ඉල්ලීම් කියලා බදු ප්‍රතිශත බාගෙට බාගයක් අඩු කරලා වැට් බද්දෙ ආදායම විශාල ලෙස අහිමි කරගත්ත. ඒ වගේම වියත් මගට රජයේ රැකියා වෙනුවට රැකියා මවන අය (ව්‍යවසායකයන්) හදනවා කියල බයිල ගහපු ජානධිපති යහපාලන කාලේ නවත්තපු තැනින් පටන් අරන් ආපහු හෝ ගාල රාජ්‍ය සේවයට කිසිම සුදුසුකමක් නැති විශාල පිරිසක් බදවා ගත්තා. ඊට අමතරව පේයී (PAYE) ටැක්ස් අහිමි කරගත්ත. මේවනං කවුරු හරි හිතාමතාම තනිකර ආර්ථික ඝාතන උපක්‍රම කියලයි හිතන්න වෙන්නෙ. වැරදිලා කරපුවානං නොවේ.

    05. ඔය වගේම ඊට පස්සෙ ඩබ්ලිව් ඩී ලක්ෂමන් ආර්ථික විද්‍යා මහාචාර්යවරයා මහ බැංකු අධිපති උනාම ලොවෙත් නැති මොඩර්න් මොනටරි පොලිසි කියල එකක් ගෙනහල්ල හෝ ගාල සල්ලි අච්චු ගහන්න ගත්ත. ආරක්ෂණවාදියෙක් වෙන ඔහු එවැනි දෙයක් කරේ ඇයි? සල්ලි අච්චු ගහල ආර්ථිකය දුවන එක ආරක්ෂණවාදයට එකගද? එතරම් ඉල්ලුමක් නැති රුපියල් අච්චු ගහන එකෙන් උද්ධමනය වැඩිවෙන බව ඔහු දන්නෙ නැත්ද?

    06. ඉන් පස්සේ 2020/ 2021 වසර දෙක පුරාම කොවිඩ් මර්ධනය උන්මාදයක් තත්වයට පත්වූ නිසා රටේ විදේශ විනිමය ගේන මාර්ග සෘජුව ඇහුරුනා. විදේශ ශ්‍රමිකයන් මිනිස් බෝමිබ කියල සැලකුවෙ. දේශපාලනකයන් විතරක් නොව බහුතර මිනිස්සුත් ඒකට පක්ෂ උනා. මිනිස්සුන්ව සමූහ වශයෙන් ගාල් කරල තිබ්බ ආසාදනය උනත් නැතත් ආසාදිතයන් ගො‌ඩේ. මේක තනිකර අපරාධකාරී ක්‍රියාවක්. නමුත් ඒ වෙලාවෙ තිබ්බ කොවිඩ් හිස්ටීරියාව නිසා මිනිස්සු මේක අනුමත කරා. නමුත් ඒක විදේශ ශ්‍රමිකයට විරුද්ධව කරපු ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඒකෙන් ආණ්ඩුවෙ හිතවාදීන් ධනවත් උනා. නමුත් ආණ්ඩුවට සහය දීපු විදෙස් ශ්‍රමිකයන් අතර ආණ්ඩුව දැඩිව පිරිහුණා.

    07. රට තුල නිරෝධායන කර්මාන්තය ඉතාම ලාභදායී කර්මාන්තයක් උනා. නමුත් ඒකට වන්දි ගෙව්වෙ විදේශ ශ්‍රමිකයන්. සමහරු වීසා ඉවර වෙලා ඒ රටවල අනාථ උනා. ඇත්තටම තමන්ගේ මිනිස්සු එහෙම අතඇරල දාපු රටක් නිසා ඒ රටවල් සහ රැකියා ඒජන්සි ලංකාවෙන් ශ්‍රමිකයන් ගේන එකට පසුබට වෙලා වෙනත් රටවල් වලින් ගේන හිතුවා.

    TBC...

    ReplyDelete
    Replies
    1. Cont'd...



      08. ඊළගට කොවිඩ් දඩමීමා කරගෙන සෞඛ්‍ය අංශයේ හාල්පාරුවන්ගේ මෝඩ කතා නිසා සංචාරක ව්‍යාපාරය නැත්තට නැති කරා. මෝල්ඩිව්ස් වගේ රටවල් 2021 වෙනකොටම විශාල ලෙස සංචාරකයන් ගෙන්න ගන්න සැලසුම් හදල ඉවරයි. ඔවුන් ඒකෙන් කලින්ටත් වඩා ආදායම් ලැබුව. නමුත් ලංකාවෙ කොවිඩ හිස්ටිරියාව නිසා ඒක තාමත් පණ අදිනවා.

      09. ඒකෙන්ම රටට විදේශ විනිමය ගේන කර්මාන්තශාලා ටාගට් කර කර කොවිඩ් කියා අර පට්ටපල් බොරු ෆෝල්ස් පොසිට්ව් ගහණ ටෙස්ට් එකක් කියල කුණුහරුපයක් කරලා කර කර වැස්සුවා. කර්මාන්ත පුර පිටින් වැස්සුවා. ඒ අස්සෙ වියට්නාමය, බංගලිදේශය කොවිඩ් ගනන් නොගෙන තමන්ගෙ කර්මාන්ත පවත්වාගෙන ගියා.

      10. ඊට පස්සේ දේශීය වෙදකමට ගරහපු මුග්ධ තකතීරු සෞඛ්‍ය ක්ශේත්‍රයේ අමනයින්ගේ ලණු කාලා මාස ගණන් රට වහල, රටේ ආර්ථික හදවත බදු බස්නාහිර පළාත වහන් හිටිය. ඉදිරියේ විශාල වශයෙන් ණය කන්දක් ගෙවන්න තියෙනවා කියල දැන දැනම.

      11. සෝ කෝල්ඩ් ටෙස්ට් කිට්, එන්නත්, මාස්ක් ජාවාරම නිසා විශාල විදේශ විනිමයක් නැති උනා. ඒවයින් කීප දෙනෙක් හම්බ කරගත්ත. මේ සේරම බයිලා කරලත් කලාපයෙ නිල කොවිඩ් මරණ අනුපාතය වැඩිම ලංකාවෙයි. (ඉන්දියා බංග්ලාදේශ් සහ පකිස්තාන් වගේ රටවල් ලංකාව වගේ ටෙස්ට් කෝලම් නොකරපු නිසා නිල සංඛ්‍යා අතින් අපිට වඩා උඩින් ඉන්න එක උන්ට වාසියට හිටියා විදෙස් සංචාරක ව්‍යාපාරය වගේ දේවල් වලදී.)

      12. ඊළඟට එකපාරටම කාබනික පෝර කෙළියක් කරල අපනයන කෘෂිකර්මයෙ ආදායම අඩු කරා. ඒක බිද වැට්ටුවා. ඒ අස්සේ චීනෙන් 'කාබනික පෝර' ගේන්න හදල තව කචල් එකක් හැදුනා, සාම්පල් පරීක්ෂා නොකර එල්සී ඕපන් කරේ ඇයි? මේවටත් අන්තිමට වන්දි ගෙවන්න උනා. ඉන්දියාවෙන් ප්ලේන් වලින් කාබනික පෝර ගෙනවා හදිස්සියට.

      13. පහුගිය යහපාලන ආණ්ඩුව වගේම වත්මන් ආණ්ඩුවත් කිසිම බලාගාරයක් අලුතෙන් ඉදි කරේ නෑ. විශේෂයෙන්ම ගෑස්/ ගල්අගුරු බලාගාර. ලංකාවට අඛණ්ඩ විදුලි සැපයුමක් අඩු මිලට දෙන්නනං ගෑස් / ගල්අගුරු බලාගාර අවශ්‍යයි. නමුත් ජනාධිපතිවරයා ඉන්නෙ ගල් අඟුරු වලට විරුද්ධ යූඑන් එකේ ගෝලීයවාදී හරිත සමාජවාදී න්‍යාය පත්‍රයෙයි. ඒකෙන් බලශක්ති සැපයුම අස්ථාවර වෙනවා වගේම බලශක්ති මිල ඉහළ යනවා.

      14. ඔය වගේම සැහෙන කාලයක් ඩොලර්ය ඉතාම අඩු අගයක පවත්වාගෙන ඉදලා විදේශ ශ්‍රමිකයන්ගෙ ආදායම වැට්ටුව. වෙනදට නිත්‍යානුකූලව එවන මිනිහත් උණ්ඩියල් එකට හුරු කරා. දැන් අන්තිමට වැඩේ පත්තු වෙලා.

      කොහොම හරි ඔය කාරණා අනුව ලංකාවෙ වර්තමාන ආණ්ඩුව යටතේ ආර්ථික සමුලඝාතනයක් ක්‍රියාත්මක වෙන බව පැහැදිලියි, ඒකෙ කිසි සැකයක් නෑ. කරන්නෙ මොකාද කොහොමද කියල අදාළ නැ. මොකා හරි කරනවා. නිල වශයෙන් ගත්තහම මේකට ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයම වග කියන්න ඕන නමුත් ඇත්තටම මේක පස්සේ ඉන්නේ කවුද?

      Delete