පෙරදිග බොහෝ ආගමික සහ ශාස්ත්‍රීය දර්ශන ගොඩනැගෙන්නේ "මම" නමින් භුතාර්ථයක් පැවතීම (හෝ නොපැවතීම) මුල් කරගෙන බව පසුගිය මාස කිහිපයේදී ඇසුරු කරන ලද පොතපත සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුලින් මට තේරුම් ගියේය (තවමත් අවබෝධයක් නැත). මේ "මම" නම් භුතාර්ථයේ පැවැත්ම පිළිබඳව අපට ඇතිවන සංවේදනය නාමකරණය කිරීමේදී ඉංග්‍රීසි බසින් "Consciousness" යන වදන යොදාගන්නා බව පෙනේ. බටහිර දාර්ශනිකයන් බොහෝ දෙනෙක් අතර මෙම Consciousness වදන අර්ථ දැක්වීමේදී සහ යොදා ගැනීමේදී යම් සමානතාවයක් ඇත.
නමුත් ඉංග්‍රීසි බසින් පෙරදිග දර්ශන පිළිබඳව හැදෑරීමේදී මෙම Consciousness යන වදන විස්තර කරන ආකාරයේ විශාල පරාසයක් දැකිය හැකිය. එය ආගමික දර්ශනය මත මෙන්ම එකම ආගමේ නිකාය අනුවද, පුද්ගලයා අනුවද වෙනස්වේ.
සිංහල අකුරුවලින් මෙම වදන ලිවිමේදී පවා ප්‍රබේද කිහිපයකි; විඤඤානය, විඥ්ඥානය, විඥානය. පහසුව තකා අපි මේ වදන විඥානය ලෙස භාවිත කරමු.
ඔබ "විඥානය" යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අර්ථ දැක්වීමකට වඩා මට අවශ්‍යවන්නේ එය ඔබ අවබෝධකරගෙන ඇති ආකාරය පිළිබඳව තේරුම් ගැනීමටයි. මෙය මා ලියමින් පවතින පොතකට ඇතුලත් කිරීම සඳහාය. මෙහිදී මම ඔබගේ අදහස් ඔබගේ නමින්ම එම පොතේ පළ කරමි.
No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.