Sunday 13 January 2019

පොට පටලවා ගත් විදේශීය කුමන්ත්‍රණ



මට මුණගැසී ඇති විදේශිකයන් අතුරින් ශාලොම් රෝසන්බර්ග් (shalom Rosenberg) තරම් ලංකාව පිළිබඳව දැන සිටි අයෙක් නැති තරම්ය. ඔහු ඉතා කඩවසම් ස්වීඩන් ජාතිකයෙකි. උස අඩි හයකට වඩා වැඩි, ආරෝහ පරිනාහ දේහයකින් හෙබි ඔහු මට හමුවුයේ ක්වාලාලම් පූර් නගරයේදීය. එය අහඹු හමුවීමකි. මා ආචාර්ය උපාධිය සඳහා සැහෙන කාලයක් පදිංචිව සිටි ස්වීඩනයේ උප්සලා නගරය ඔහුගේ උපන් ගම වීම අපගේ කතා බහ ඇරඹීමට හේතු විය. 

ශාලොම්ගේ පියා යුදෙව් ජාතික (ස්වීඩන් - යුදෙව්) මහාචාර්යවරයෙකි. ශාලොම් කරන රැකියාව කුමක්දැයි මට අදටත් හරියටම නොතේරෙයි. ඔහු කිහිප වරක්ම ලංකාවට පැමිණ ඇත. ඒ ප්‍රධාන වශයෙන්ම මොණරාගල සහ හම්බන්තොට ප්‍රදේශයේ දොඩම් සහ දෙළුම් වගාව ආරම්බ කල හැකිදැයි ශක්‍යතා අධ්‍යනයක් සඳහාය. 

"ලංකාවේ මේ ප්‍රදේශ ෂමොටි දොඩම් (Shamouti orange) සඳහා ඉතා සුදුසු බව අපිට හැඟෙනවා. නමුත් අපේ තාක්‍ෂණය නොමැතිව ඔබගේ රටට මෙම දොඩම් වගා කරගන්නවත් විකුනගන්නවත් බැහැ" ඔහු අපේ යයි පවසන්නේ ඇමරිකානු-ඊශ්‍රායෙල් ආයතනයකට බව මට පසුව වැටහුණි.

ශාලොම් මට අදටත් ප්‍රෙහේලිකාවකි. ඔහු මට මුණ ගැසෙන්නේ අධි විද්‍යුත් වෝල්ටීයතා සම්මන්ත්‍රණයකදීය.  ඔහු විද්‍යුත් ආම්පන්න නිෂ්පාදනයේ ලා ප්‍රසිද්ධ ස්වීඩන් කොම්පැනියක ඉහල නිලයක් දරයි. ඒ අතරම ඔහු ලංකාවේ දේශගුණය, පස, කෘෂිකර්මය පමණක් නොව දුෂිත දේශපාලකයන් ගැනද පරතෙරටම දනී.

.....................................................................

ඊශ්‍රායලය දොඩම් අපනයනය කරන රටවල් අතර පළමු 15 දෙනාටවත් අයත් වන්නේ නැත. ඒ ඔවුන්ගේ රට කුඩා නිසා ස්පාඤ්ඤය, දකුණු අප්‍රිකාව වැනි දැවැත්ත රටවල නිෂ්පාදන ධාරිතාවයට ඔවුන්ට කිට්ටු විය නොහැකි බැවිනි. එහෙත් ඔවුහු දොඩම් වලින් සැලකිය යුතු තරම් විශාල ආදායමක් ලබති. ඒ ඊශ්‍රායලය තුල වැවෙන විශේෂ රසයෙන් යුතු දොඩම් වර්ග විකිණීමෙනි. ඒ සඳහා අන්තර්ජාතික වෙළඳ පොලේ ඔවුන්ට ඉතා ස්ථාවර ඉල්ලුමක් ඇත. මට ශාලොම් ගේ කතාවෙන් තේරුණේ ඔවුන් ලෝකයේ බොහෝ රටවල මෙම ඊශ්‍රායලයට වැදගත්වන පලතුරු වර්ග වැවිය හැකි ප්‍රදේශ පිළිබඳව ඉතා ඉහල සැලකිල්ලක් දක්වන බවයි. 

.....................................................................

මේ මීට කලකට පෙර අපි බොහෝ දෙනෙක් අසා ඇති කතාවකි. මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සහතිකයක් දීමට මට නොහැක. එහෙත් බොහෝ දෙනෙක් මෙය සත්‍ය බව මා සමග පවසා ඇත.

බිබිලේ දොඩම් ගැන අපි කුඩා කල කවි පවා ගායනා කර ඇත. 1960-70 ගණන් වන විට බිබිල ප්‍රදේශය දොඩම් වගාවෙන් ඉතා ඉහල ආදායමක් ලබාගෙන ලංකාවේ ධනවත්ම ප්‍රදේශයක් වන බවට අනාවැකි පලවිය. වගාව අන්තර්ජාතික තත්වයට ගෙන එම සඳහා එවකට පැවති රජය තෝරාගත් කුඩා කෘෂි විශේෂඥයන් කණ්ඩායමක් වැඩිදුර අධ්‍යනය සඳහා විදේශ රටකට යැවීය. මාස කිහිපයකට පසු ඔවුන් අධ්‍යනය නිම කර ලංකාවට පැමිණියේය. ඉන්පසු ගතවූ ඉතා කෙටි කාලයක් තුල බිබිලේ දොඩම් වගාව හඳුනා නොගත් රෝගයකින් සහමුලින්ම විනාශ වී ගියේය. 

මෙම විශේෂඥ කණ්ඩායමේ කිහිප දෙනා ඉන්පසු ඇමරිකාවේ නිත්‍ය රැකියා හිමිව ලංකාවෙන් සදහටම නික්ම ගිය බව සමහරු පවසයි.

.....................................................................

මා අපොස සාමාන්‍ය පෙළ හදාරන සමය වන විටත් ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ග තේ, රබර්, පොල් විය. වසර 1970 අවසන් භාගය වන විට ලංකාවද ඇතුළු ලොව බොහෝ රටවල ඉතා තදින් පැතුරුණු මතයක් නම් පොල් තෙල් ඉතා අධික කොලෙස්ටරෝල් සහිත මේදයක් බැවින් හදවත් රෝගවලට ඉමහත් සේ ඉවහල් වන බවයි. ලංකාවේ පාසල්වලද ගුරුවරු මේ කතාවම ඉගැන්වීය. මෙහි ප්‍රතිඵලය වුයේ ලොව පුරා පොල් සඳහා වූ ඉල්ලුම පහල වැටීමයි. ලංකාවේද ඇති හැකි තැන්වල උදවිය පොල් තෙල් වෙනුවට, එළවලු තෙල් භාවිතා කරන්න විය. ඒ ගැන උජාරුවෙන් අසල් වැසියන් සමග උදම් අනන්න විය. 

ලංකාවේ පොල් ගස් යායවල් පිටින් සිදී ගියේය. ඒ වෙනුවට ඉඩම් කට්ටි කර විකුණන බෝර්ඩ් හැම අස්සක මුල්ලකම දකින්න හැකි විය. මේ අතර ඇමරිකාව ප්‍රමුඛ කරගත් බහු ජාතික සමාගම් පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ හෙක්ටෙයාර මිලියන ගණනක පොල් සිටුවන්න විය. 

.....................................................................

මේ වන විට අප දන්නේ පොල්තෙල් යනු දැනට ලොව භාවිත කරන ගුණාත්මකම තෙල් විශේෂය බවයි. මුළු ලොව පුරාම පිරිසිඳු  පොල් තෙල් වලට අති විශාල ඉල්ලුමක් ඇත. එය සපුරා ලීමට බහු ජාතික සමාගම් දැන් අප්‍රිකානු සමුද්‍රාසන්න රටවලද ඉඩම් සොයයි. එහෙත් අපේ පොල් බිම් සිඳී ගොස් ඇත. පසුගිය සමයක ලංකාවට පැමිණි විට මා සුපිරි වෙළඳ සැලක රාක්කයක ඇති මැලේසියාවෙන් ආනයනය කල සුදු පොල්තෙල් බෝතලයක් දුටුවෙමි. දැන් එය ඇති හැකි අයගේ ආඩම්බරයි.



.....................................................................

සේනා ආවේ කොහොමදැයි අපි දන්නේ නැත. හෙට අනිද්දාට ගොයමට, බුලත් කොටුවට, කොස් ගෙඩියට පවා අමුත්තන් පැමිණෙනු ඇත. ඒ පසුපස කෘමි නාශක කන්ටේනර්ද සැපත් වනු ඇත.

.....................................................................

අපේ පොලිටික්කන් කෑගසන විදේශ කුමන්ත්‍රණ අද ලෝකයේ නැත. ඒවා ඇත්තේ පොලිටික්කා මවන සිහින ලෝක වල පමණකි. එහෙත් පසුගිය දශක තුන හතරක සිට ජාත්‍යන්තර මට්ටමින් ව්‍යාපාරික කුමන්ත්‍රණ ඉතා සුක්‍ෂම සහ තීව්‍ර අන්දමින් ක්‍රියාත්මක වේ.  ඒවා අවබෝධ කරගෙන නිසි ආරක්ෂක පියවර ගැනීමට තරම් අපේ දෙසපාලුවා බුද්ධිමත් නොවෙයි.

විපක්‍ෂයේ සිටින විට බහුජාතික බූවල්ලා හොඳ සටන් පාඨයකි. බලයට පැමිණි විට බූවල්ලා හා පැටියෙකු බවට පත්වෙයි.  




12 comments:

  1. ඔයි සේනා දළඹු සේනාවල් නම් පුංචි කාලයේ සිටම කීපවරක්ම දැක තියේ, බඩ ඉරිඟු වගාවල් වනසන බවක් නම් දැන සිටියේ නෑ, පුංච්කාලේ බඩඉරිඟු වගා කෙරුනේ නව දැලි හේන්වල, ඒවායේ හිතකර අහිතකර සියලුම ජීවියෝ අළු කරලනේ බොග හිටවන්නේ. මෑතක නම් විශාල බඩ ඉරිඟු වගාවල් කෙරුනේ ඇස්පේනමානේටම රවුන්ඩප් ඉහලයි, කොහෙද මේ හිටං එක්කලා.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් වලට ස්තුතියි. හැකි පමණින් එය සයිබර් අවකාශය තුලත් ඉන් පිටතටත් ගෙනයන්න. දේශපාලනයෙන් තොරව සත්‍ය වෙනුවෙන් ඔබ දන්නා දේ රටට කියන්න.

      Delete
  2. සැබෑව සහ මිත්‍යාව අතර වෙනස . මට හිතෙන්නේ මේකට හේතුව අපට ජාතිකත්වයක් නැතිවීමයි . එහෙම නැත්නම් විදේශවල සාර්ථක ව්‍යාපාර කරන ලාංකික පිරිස් කොච්චර ඇවිත් තියෙනවද උදව් කරන්න . මම අහල තියෙන විදිහට ගොයමට ගහන යුරියා සහ කෘෂි රසායන හරහා උණෙත් රජ කාලෙ ඉදන් තිබ්බ යහපත් වගාව විනාශ වුනු එකයි . දිගින් දිගටම ඔය දේශපාලන සංස්කෘතිය තියෙන කම් ඔබේ බහුජාතික බුවල්ලා සහ හාවා ඉදිවී .

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම මේ පිළිබඳව සයිබර් අවකාශයෙනුත් එහාට ගිය සංවාදයට පමණක් සීමා නොවූ ක්‍රියාන්විතයක් අවශ්‍යයි. සියළුම දේශපාලකයන් මේ වන විට බහු ජාතික සමාගම් වල වැටුප් දිගුවේ සිටින බැවින් ඔවුන්ගෙන් මේ සඳහා සාධනීය මෙහෙවරක් බලාපොරොත්තු විය නොහැක.

      මේ ලිපිය ඉතා නොගැඹුරු මට්ටමේ ඇස් ඇරවීමක් පමණකි. ඔබ සැමගේ දායකත්වය ලංකාව වෙනුවෙන් අනූපමය සේවයක් කරනු ඇත.

      Delete
  3. මම මේක Facebook එකට දාන්න ද
    Copy paste ලෙස

    ReplyDelete
  4. සේනා දැළඹුවා ආවාද? නැත්නම්, උන්ව කෑමට ගන්නා සතාව අපි කෘෂි රසායන ගහලා මරලා දැම්මා ද?

    ඩෙංගු හා පිටි මැක්කා වසංගත මට්ටමට ආවේත් ග්ලයිපොසේට් භාවිතයට ආවේත් එකම කාලයේ බව ලංකාවේ නායකයන් දන්නවා ද?

    කුඹුරුවල දුම්කොළ වවලා මෙම කෘමිනාශක ගහන විට මෙම ජාතිමාමකයන් හිටියේ මොන රටේද?

    රටට ගෙනෙන වස පිටට යන්නේ නැත්නම් ඒවා ඉතිරි වන්නේ කොහේද?

    ජාන තාක්ෂණයෙන් නිපදවන ලද ආහාර මෙරටට ආනයනය කැබිනට් එක මගින් තහනම් කළ විට ඊට විරුද්ධ වූ එකම පුද්ගලයා ඇ.එ.ජ. තානාපති පමණක් වූයේ ඇයි?

    ඒ වහාම එම තහනම ජාති මාමක ලක් රජය විසින් ඉවත් කර ගත්තේ ඇයි?

    ලංකාවේ පැපොල් දැන් ගන්න තියෙන්නේ මොන රටේ ද?

    ඩෙංගු වසංගතය මැඩලීමට පැපොල්වලට හැකියාව ඇති බව ලංකාවේ ඇලෝපති වෛද්‍යවරුන් නොපිලිගන්නේ ඇයි?

    අප රටේ ජලය පිරිසිදු කිරීම සඳහා ඇමරිකාවෙන් ඉඟිනි ඇට පිටි ආනයනය කරන බවත් එම පිටි සඳහා පේටන්ට් බලපත්‍රය හිමි ඇමරිකානු සමාගමකට බවත් ඇත්තක් ද?

    ඇමරිකාවේ ඉඟිනි වවන්නේ කොහේද? නැත්නම් ඉඟිනි ඇමරිකාවට ගෙන්වනවා ද? එහෙනම් ඒ මොන රටෙන් ද?

    බ්ලූමැන්ඩල් කුණු කන්දට නලයක් ගසා ගෑස් ලබාගෙන ගෑස් විකිණීමේ ව්‍යාපෘතියක් සඳහා විදේශිකයන් පිරිසක් පසුගිය රාජ්‍ය සමයේ ඉදිරිපත් වූ බවත් ඒ බව සලකා බැලීම පිණිස ලංකාවේ පරිපාලන නිලධාරීන් හට යොමු කරන ලද බවත් දන්නවා ද?

    කාබන්වලට බදු පනවන රටේ පොලිතීන් හා ප්ලාස්ටික්වලට ඇති බද්ද කුමක්ද කියා දන්නා කෙනෙක් ඉන්නවාද?

    මේවාට පිළිතුරු මේ වන විට පිලිපීනයේ තිබෙනවාද?
    මේවා ගැන දන්නා කෙනෙක් අපව දැනුවත් කරනවා ද?

    ReplyDelete
    Replies
    1. මා දක්වන්නේ ඉතා සීමිත අදහස් සමුහයකි. ඔබගේ ආකල්ප සුවිසල්ය. එය සංවාද මට්ටමේ සිට ක්‍රියාන්විතයක් දක්වා ගෙනයන්න.

      Delete
    2. හොද තොරතුරු ටිකක්. මෙිවට කාගෙන්වත් උත්තර නෑ නේද ? හැබැයි දේශ පාළුවො නමි මෙිවයින් උන්ගෙ පොකැටි පුරෝ ගනී.

      Delete
  5. බිබිල ප්‍රදේශයේ දොඩම් වගාව විනාශවී ගියේ 1970 ගනන් වල හැමූ මහා සුළි සුළඟින් පසු බවයි මා අසා ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. මා දන්නා තරමට බිබිලේ දොඩම් විනාශ වෙන්නේ 70 දශකයේ මුල් භාගයේදී (සිරිමාවෝ රජය සමයේදී). සුළිසුලන් එන්නේ 1978දී. කොහොමටත් සුළු සුළඟකින් හානි වුන වගාවක් නැවත ගොඩනගන්න බැරි කමක් නැහැ. කොහොම නමුත් මේ ගැන හොඳින් දන්නා අයගෙන් feedback එකක් ලැබුණ නම් හුඟක් වටිනවා.

      Delete
    2. මම අහල තියෙන්නෙත් ආචාර්ය ගෝමෙස් කියන කතාවමයි

      Delete