Sunday 7 August 2016

අර්ත් ප්ලේට් එකේ රේඩියම්



මීට මාස කිහිපයකට පෙර උදෑසනක නුපුරුදු ලංකාවේ නොම්මරයකින් මගේ ජංගම දුරකථනය නාද  වන්න විය. 

"හෙලෝ, චන්දිම ගෝමස්…. හියර්"

"ආ සර් මම ලංකාවේ ......... ටී වී චැනල් එකෙන් කතා කරන්නේ. සර් දන්නවද දන්නේ නැහැ ලංකාවේ මේ දවස්වල මිනිස්සු පරණ අර්තින් ප්ලේට් හොයනවා. ඒ වල එකතු වෙච්ච රේඩියම් ගන්න. සර් අපිට කියන්න පුලුවන්ද  අවුරුදු පනහක් විතර පොලව යට තිබුණ ප්ලේට් එකකින් රුපියල් කීයක විතර රේඩියම් ලබා ගන්න පුලුවන්ද කියල?" බොහොම උද්යෝගීමත් තරුණ කටහඬක් අනෙක් පසින් ඇසුණි.

මම හෙමිහිට කටහඬ අවදි කලෙමි.

"දරුවෝ මම දන්න විද්‍යාව අනුව නම් එහෙම කොපර් ප්ලේට් එකක් පොලව යට තිබුණ කියල රේඩියම් හැදෙන්නේ නැහැ. ඕක කාගේ හරි බොරුවක්"

"ආ එහෙනම් සර් දන්නේ නැතුව ඇති, නිකම්ම ප්ලේට් වල නෙවෙයි, ඔය අකුණු සන්නායකයට ලයිට්නින් වැදුනම ඒ ගලන කරන්ට් එකෙන් තමයි ඔය ප්ලේට් එකේ රේඩියම් හැදෙන්නේ" තරුණ මාධ්‍යවේදියා තරමක බිඳුණු කටහඬකින් මාව අකුණු විද්‍යාව පිළිබඳව දැනුවත් කරයි.

"ආ ඇත්තද?" මම ඔහුගෙන් උනන්දුවෙන් ඇසුවෙමි.

"සර්ට ඒ රේඩියම් හැදෙන ප්‍රමාණය ගැන පොඩි වොයිස් කට් එකක් දෙන්න බැරිද?" 

"දරුවෝ එහෙම රේඩියම් හැදෙන කතාවක් ජීවිතේට ඉගෙන ගෙන නැතුව මම කොහොමද වොයිස් කට් දෙන්නේ?" 

"ආ එහෙනම් කමක් නැහැ සර්" තරුණයා ඉතා බිඳුණු හඬකින් පවසා දුරකථනය විසන්ධි කළේය.

පැය කිහිපයකින් තවත් ලංකාවේ නොම්මරයක් දුරකථනය නාද කරවන්න විය.

"සර් මම ලංකාවේ ........ පත්තරෙන්"

"අනේ දරුවෝ අර්ත් ප්ලේට් වල රේඩියම් හැදෙන එක ගැනනම් මම කිසිම දෙයක් දන්නේ නැහැ...." ඔහු අසන්නත් පෙරම මම පැවසුවෙමි.

පසු කලෙකදී මෙබඳු තඹ ඵලක වල රේඩියම් නොව ඉරේඩියම්,  පොසිට්‍රෝන ආදී විවිධ දෑ තැම්පත් වන බවට කතා පැතිර ඇත. මේවාට සිනහ පහල කරනවා හැරෙන්නට වෙන දෙයක් කල නොහැක. 

මෙම ඵලක කෝටි ගණන් වටිනවා යැයි කීවාට ඒවා ගත්ත කෙනෙකු හෝ විකනපු කෙනෙකු හෝ මෙතෙක් කල් වාර්තා වී නැත.



6 comments:

  1. ඔරලෝසු මුනුනත් වල ඇති රාත්‍රියට දීප්තිමත් කොල පැහැයෙන් දිස්වෙන ද්‍රව්‍ය රේඩියම් යයි මිත්‍යා විශ්වාසයක් ජනතාව අතර පවතී. ඇත්තෙන්ම ඈත අතීතයේදී රේඩියම් අන්තර්ගත radioluminescence තීන්ත ඔරලෝසු වල අඩංගුව තිබුනද වර්තමානයේ ඔරලෝසු මුහුණත් වල රේඩියම් අඩංගු නොවේ. නමුත් එම කොළ පැහැ දිස්නය එන්නේ රේඩියම් වලින් බව තවමත් මිනිසුන් අතර විශ්වාසයක් ඇත.

    තඹ වලද පරණ වන විට මීට සමාන දීප්තිමත් කොළ පැහැයෙන් යුතු වර්ඩිග්‍රීස් නම් සංයෝගයක් සැදේ. මගේ අනුමානය නම් මෙම දීප්තිමත් කොළ පැහැයෙන් යුතු වර්ඩිග්‍රීස්, රේඩියම් ලෙස රැවටී කිසිවෙකු විසින් අමුලික බොරුවක් පතුරා ඇති විය හැකි බවයි.

    ReplyDelete
  2. ලංකාවේ මීඩියාකාරයෝ අතලොස්සක් ඇරුණුකොට බොහෝ දෙනෙකු 6 පන්තියේ විද්‍යාව වත් දන්නේ නෑ . මේ නිසා තමයි එලොවින් ආ ජීවකයන් ගැන , මළගිය ප්‍රාණකාරයන් ගැන ලියන්නේ.

    ReplyDelete
  3. ඔය පනදාගන හොයන්නේ , හම්බුන එකෙකුත් නැ , විකුනපු එකෙකුත් නැ , ගත්ත එකෙකුත් නැ

    ReplyDelete
  4. Sir, in a way that you are also responsible for such stupidity in the country. While I was in India doing my PhD, I first heard about you. The level headed Indians were telling that The Asian Top Lightning Protection Expert is coming to Bangalore, one Professor Chandima Gomes from Malaysia. It was much later that I understood that you are a fellow Sri Lankan. The whole world knows you, but how many Sri Lankans know you? It is simply because you haven't done much to SL. This is my humble opinion.

    ReplyDelete
  5. සිරාවටම මොකක්ද ඔය සීන් එක ගොඩක් අය හොයනව. මට ඇහිල තියන විදියට byte වලින් කතාකරන්නෙ.

    ReplyDelete