මේ කතාව දන්නා දකුණු පළාතේ, දැන් වයෝවෘද්ධ බොහෝ දෙනෙක් ඇතැයි සිතමි. 1960 ගණන් වල දකුණු පළාතේ, පිරිමි දරුවන් පස් දෙනෙකුගෙන් සහ ගැහැණු දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පොහොසත් ඉඩම් හිමි ගොවි පවුලක් විය. තම දේපළ දරුවන්ට නිත්‍යානුකූලව පැවරීමකින් තොරව පියා මියගියේය. තරමක් ඉහලට අධ්‍යාපනය ලබා සිටි වැඩිමල් සොහොයුරන් මෙන්ම සහෝදරියන්ද වාද විවාද මැද තම පියාගේ ඉඩම් අත්පත් කරගත්තේය. ඔවුන්ගේ තරඟය තිබුනේ සාරවත් කුඹුරු ඉඩම් සහ කුරුඳු වත්තේ කොටස් අත්පත් කරගැනීමටයි. අඩු අධ්‍යාපනයක් ලද තරමක සෙල්ලක්කාර පුද්ගලයෙකු වූ බාලයාව ඔවුන් නොසළකා හැරියේය. අවසානයේදී තමන් ජීවත්වූ නිවසත් එක සොයුරියක විසින් අත්පත් කරගන්නා ලද අතර කිසිවෙක් උනන්දු නොවූ නිසරු මුඩු බිමක් පමණක් බාල පුතාට හිමිවිය. එහි කිසිඳු වගාවක් කල නොහැකි වූ අතර අඩියක් පමණ වූ පස් තට්ටුවට යටින් විශාල ගල් පරයක් තිබූ බැවින් නිවසක් තැනීමටද නොහැකි විය. මේ නිසා මුඩු බිමේ පැල් කොටයක් තනා ගත් බාල පුතා කරකාරයක්ද කරගත්තේය. ඔහුගේ ජීවිකාව වුයේ අසල්වැසියන්ගේ මෙන්ම තම සොයුරු සොයුරියන්ගේද ඉඩකඩම් වල කුලී වැඩ කිරීමයි.
1970 දශකයේ මැද භාගයේදී ඔහුගේ ඉරණම එක වරම වෙනස් විය. මෙම ප්‍රදේශයෙන් ගමන් ගත් කොළඹ ප්‍රදේශයෙන් පැමිණි ව්‍යාපාරිකයෙක්ට මෙම ඉඩමේ ගල් කොරියක් ලෙස ඇති වටිනාකම පෙනී ගියේය. ඔහු ඉඩමේ අයිතිකරු සමග කතා කර හවුලේ ගල් කොරියක් පටන් ගත්තේය.
ඉතා කෙටි කාලයකදී බාල පුතා ප්‍රදේශයේ පොහොසත්ම පුද්ගලයෙක් විය. අද ඔහුගේ දරු මුණුපුරන් ලංකාවේ සිටින ධනවත්ම ව්‍යාපාරිකයන්ය. අදද ඔබට පරණ ගාලු පාරේ ගමන් කරන විට මේ ගල් කොරියේ කොටස් දැක ගත හැකැයි සිතමි.
------------------------------
ලංකාව වටා ඇති ලංකාව මෙන් 8 ගුණයකට වඩා විශාල සාගර ප්‍රදේශයක් ලංකාව සතුව පවතී (Extended Continental Shelf). මෙහි වටිනාකම පිළිබඳව තවමත් කිසිවෙකුටත් නිවැරදි වැටහීමක් නැත. සමහර විට අප නොදන්නවාට මේ වන විට ලෝකයේ ඇති ධනවත්ම රාජ්‍ය ශ්‍රී ලංකාව විය හැක.
මෙම මුහුදු තීරයේ ඇති ස්වභාවික සම්පත් පිළිබඳව අපට තවමත් හරි අවබෝධයක් නැත. ඉතා විශාල කොබෝල්ට් නිධියක් පවතින බව පමණක් අපි දනිමු. නමුත් මීට අමතරව මෙම මුහුදු තීරය අනාගත ලෝකයේ ශක්ති-ජීවනාලිය වන හයිඩ්‍රෝකාබන් මුලාශ්‍ර සහ දුර්ලබ ලෝහ (hydrocarbon and mineral potential) වලින් අනුන බව ලාංකිකයා නොදන්නවාට ලෝකයේ ඇති mining industry එකේ අති දැවැන්ත බහුජාතික කොම්පැණි හොඳින් වටහාගෙන ඇත. එම ආයතන හා මා අත්සන් කර ඇති NDA නිසා මට මීට වඩා දෙයක් කිව නොහැක.
මීට අමතරව මෙම මුහුදු තීරයෙන් අපට ගත හැකි ප්‍රයෝජන අනුනය. පාවෙන ඉන්ධන ගබඩා (floating fuel storages), පාවෙන භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථාන (floating exchange centres), මුහුදු මංකොල්ලකරුවන්ට සහ සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජනවලට එරෙහි ජංගම ආරක්‍ෂක මධ්‍යස්ථාන (mobile security posts against ocean piracy and non-traditional security threats), පාවෙන මත්ස්‍ය තොරතුරු අංගනයක් සහ කාලගුණ මධ්‍යස්ථානයක් (floating fisheries information hub and weather surveillance centre) මෙන්ම පාවෙන සමුද්‍ර පර්යේෂණ මධ්‍යස්ථාන හෝ විශ්වවිද්‍යාල (flaoting maritime research centres or universities) සහ ගැඹුරු කිමිඳුම් පුහුණු පාසැල් (deep diving training schools) මෙම ප්‍රදේශය තුල ඇති කල හැක.
මෙම සියලු කටයුතු සඳහා ලංකාවට Indian Ocean Maritime Diplomacy පිළිබඳව විශේෂඥ දැනුම ඇත්තන් දැඩි ලෙස අවශ්‍යය. මා දන්නා තරමින් මේ පිළිබඳව පශ්චාත් උපාධිධාරීන් අපට ඇත්තේ අතලොස්සකි. ඔවුන්ද බොහෝ දෙනෙක් රට හැර ගොස් ඇත. මේ නිසා අවාසනාවන්ත ලෙස අපට ඉන්දීය විශේෂඥයන්ගේ සහය ගැනීමට සිදු වී ඇත. නමුත් ඔවුන්ගේ අභිප්‍රාය ඉන්දියාවට උපරිම වාසි අත්කර දීමයි.
මේ බව අවබෝධ කරගෙන හැකියාව සහ අත්දැකීම් ඇති diplomatic නිලධාරින් අදාළ පශ්චාත් උපාධි සඳහා නොපමාව යොමු කිරීම රජයේ යුතුකම බව මතක් කර දෙමි.