මට වරක් ලංකාවේ ඉහල මධ්‍යම සහ ධනපති පංතියේ සාදයකට ඇරයුම් ලැබුණි. එය මට නුහුරු රැයක් වුවත් එහිදී මම ජීවිතය පිළිබඳව වටිනා කරුණු කිහිපයක් ඉගෙන ගතිමි. මේ පංති කළාපය තුල වර්ගය හෝ ආගම පිළිබඳව අංශු මාත්‍රයක හෝ බෙදීමක් නැත. ඉඳ හිට එම මාතෘකා සාකච්චා කරලියට පැමිණියත්, ඒ පැමිණෙන්නේ ශාස්ත්‍රීය මට්ටමිනි.
ඉස්ලාම් නොවන පිරිස රෙමී මාර්ටින් (Remy Martin) හෝ ඩෑල්මෝර් (Dalmore) වීදුරුවක් තොලගාන අතර එකම මේසයේ යාබද අසුනේ සිටින ඉස්ලාම් ආගමිකයෝ දොඩම් හෝ දෙහි යුෂ වීදුරුවක රස බලමින් සතුටින් සල්ලාපයේ යෙදෙති. මස් මාංශ වල රස විඳින අනෙකුත් ආගමිකයන් අතරම හිඳ භක්තිමත් හින්දුවරු නිර්මාංශ ආහාර රස විඳිති. ඒ අතරේ හාස්‍ය රසයෙන් පිරුණු පිළිසඳර ඇසේ.
ජෝන් ලෙනන් පැතූ පරිකල්පිත ලෝකය මෙය යැයි මට සිතුනි.
මේ වකවානුවේ දීම අකුණු ආරක්‍ෂණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා මිනුම් ලබාගැනීමට මම කොටහේනේ ඉදිවන විශාල ගොඩනැගිලි සංකීර්ණයක් වෙත ගියෙමි. සෑම පසින්ම විවෘත වූ ගොඩනැගිලි සැකිල්ලක ඉහලම මාලයේ, ගිනි අව්වේ, සිමෙන්ති කුඩු සහ දුහුවිලි වළා තුලින් ඇවිද මිනුම් ගැනීම පහසු කටයුත්තක් නොවේ. මේ සඳහා මා නොමැතිව වෙනත් පළපුරුදු කණ්ඩායමක් යැවීම සඳහා මට එකල වත් කමක් නොවීය. අවාසනාවකට එදින මගේ ගෝලයා පැමිණියේද නැත. එබැවින් මම සිමෙන්ති බදාමය ඔසවාගෙන යන තරුණයෙකු ලඟට ගොස් "මල්ලි මට මේ ටේප් එක අල්ලන්න උදව් කරනවද? මම ඔයාට අලාබෙ ගෙවන්නම්" යැයි කීවෙමි. තමාට අදාළ නොවන වැඩකට යම් අයෙකුව ඇඳා ගෙන ලබා දෙන කුලිය අලාබය ලෙස හැඳින්වීමට ඒ දිනවල මම පුරුදු වී සිටියෙමි.
"හරි බොස්, ලොකු බාසුන්නැහැ එන්නේ දවල් කෑමෙන් පස්සේ එතකන් ටක් ගාලා වැඩේ දෙමු. කොහොමටත් අපි දැන් කෑමට වැඩ නවත්තනවා". ඔහුට කුලියක් දෙන ඕනෑම අයෙක් බොස් ය.
"ඒයි රංජියා, පොඩි ගේමක් තියෙනවා, ඕක දාලා වරෙන්" ඔහු වීල්බැරෝවක් තල්ලු කරගෙන යමින් සිටි තවත් තරුණයෙකුට කීවේය. ඔවුන් අතර තනිවම කෑමක් නැත.
දැන් දෙදෙනා එකතුව කඩියන් මෙන් වැඩේ කරයි. මට ඇත්තේ ටේප් පටියේ මිනුම කියවා පොතේ ලියා ගැනීම පමණකි. විනාඩි විස්සකින් පමණ වැඩේ ඉවර විය. දෙදෙනාටම මම අලාබය ගෙව්වෙමි. එය මගේ ගෝලයා පැමිණියා නම් දිය යුතුව තිබූ මුදලයි. අළුත් ගෝලයන් දෙදෙනාට එය ඉතා ඉහල මුදලක් බව ඔවුන්ගේ මුහුණු වලින් දිස් විය.
මේ වන විට අනෙක් කම්කරුවන් වැඩ නවත්වා කෑමට එක්වී සිටියේය. ඒ අසල, තාවකාලිකව තනාගත් ලිපක් මතවූ තැනින් තැන තැලී ගිය විශාල මුට්ටියක වතුර උණු වෙයි. පැසුණු කෙස් ඇති කෙසඟ කම්කරුවෙක් තේ කොළ පිරුණු විශාල ගොට්ටක් අතේ ඇතිව බලා සිටියි. ජලය පැසෙන විට ඔහු ගොට්ට ඒ තුලට ඇතුළු කළේය.
මේ වන විට මගේ උගුර කට වියලී ඇඟ පුරාම දහඩියෙන් තෙත්වී තිබුණි. මා දෙස බැලූ රංජි "බොස්, කැමති නම් ප්ලේන්ටියක් ගහල යන්න" කියා කිවේය.
මෙහි ඇති තාවකාලික සෝපානය දහවල් ආහාරය ගන්නා වෙලාවට නවත්වයි. මේ අනුව මට බිම් මහල දක්වා තට්ටු 12 ක් බැසිය යුතුය. එතැන් සිට මගේ මෝටර් රථයට වැඩබිම හරහා වූ ගිනියම් තාර පාරේ කිලෝ මීටර භාගයක් පමණ ඇවිදිය යුතුය. මේ තත්වය යටතේ ලැබෙන ප්ලේන්ටිය අමෘතයකි. එබැවින් මම ක්ෂණයකින් "හොඳයි එහෙනම් බොමු" කීවෙමි.
මා මුලින්ම කතාකළ ගෝලයා "බෙන්ජමින් අයියේ, අපේ බොස්ටත් ප්ලේන්ටියක් දාන්න" කිවේය. ඔහු අක්‍රම් නැමැති මුස්ලිම් තරුණයෙකු බව මම පසුව දැනගතිමි.
බෙලෙක් ජෝගුවකට දැමු තේ කහට එක, තේ සෑදු බෙන්ජමින්ම පැමිණ මට පිළිගැන්විය. ඉන්පසු ඔහු පරණ ජෑම් බෝතලයක බාගෙට පුරවා තිබු සීනි ටිකක් මගේ අත්ලට දැමීමට සැදුවත් මම එය කාරුණිකව ප්‍රතික්ෂේප කලේ මා එවන විටත් සීනි නොමැතිව තේ පානයට පුරුදු වී සිටි බැවිනි.
අනෙකුත් කම්කරුවන් මෙන්ම මමද එකපිට එක තැබූ බ්ලොක් ගල් දෙකක් මත හිඳ ගතිමි. දොළහක් පහළවක් පමණ වන එම පිරිසේ සිටි බහුතරයක් මුස්ලිම් ජාතිකයන්ය. ඒ අතර සිංහල සහ දෙමළ කිහිප දෙනෙක්ද සිටිති. බෙන්ජමින් අයියා බර්ගර් ජාතිකයෙකි. ඔවුන් කෑම පාර්සල් දිග හැරගෙන එකිනෙකා අතර බෙදාගෙන කති. සමහරෙක් අල්ලට දමාගත් සීනි ටික ලෙවකමින් තේ කෝප්පය තොල ගාති. ඔවුහු සිංහලෙන් මෙන්ම දෙමළෙන්ද කතා කරති. එතන සිටින සියලු දෙනාටම මෙම භාෂා දෙකම ව්‍යක්තව කතා කල හැකි බව මට තේරුණි. කෙතරම් කර්කශ පරිසරයක වුවත් එහි සමගිය මෙන්ම හාස්‍ය රසයද පිරී තිබුණි.
නැවතත් මම ජෝන් ලෙනන්ගේ පරිකල්පිත ලෝකය දුටුවෙමි.
මා කුඩා කල සිටම දැන හඳුනන සියළු දෙනාම පාහේ අයත් වුයේ ලාංකික සමාජයේ පහල මධ්‍යම පංතියටය. අදටත් ඒ සියලු දෙනාම පාහේ අයිති වන්නේ පහල මධ්‍යම පංතියටය. සමහරුන් පහල මධ්‍යම පංතියේම ඉහල හෝ පහල ස්ථර වලට සංක්‍රමණය වී ඇත. එලෙසම සමස්ථයක් වශයෙන් පසුගිය දශක කිහිපයේදී සමාජ පංති තුල ඇතිවූ යම් ධනාත්මක වර්ධනයන් හේතුවෙන් ඔවුන් පංතිය පිටින්ම පහල මධ්‍යම කළාපයේ තරමක් ඉහලට එසවී ඇත.
නූතන බටහිර වර්ගීකරණයට අනුව (Birdsall, 2010), දිනකට ආදායම ඩොලර් 10ට වඩා වැඩි ජනතාවගෙන් 95% දක්වා පිරිස මධ්‍යම පංතිය ලෙසත් ඊට ඉහල 5% ධනපති පංතිය ලෙසත් වර්ගීකරණය වෙයි. ආසියාව සඳහා මීට ඉහත කරන ලද වර්ගීකරණයන් කිහිපයක මෙම පහල අදායම් මට්ටම ඩොලර් 2 ලෙස සලකා තිබේ (Banerjee and Duflo, 2007; Ravallion, 2009).
වසර 2009 දී මා මාස කිහිපයක් ස්වීඩනයේ ගත කල අතර එහිදී වරක් මට මහාචාර්ය ගෝරාන් සුන්ඩ්ක්විස්ට් සමග අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව උදාවීය. එතුමා ආසියානු සමාජ ක්‍රම පිළිබඳව හසල දැනුමක් ඇති ස්වීඩන් ජාතික සමාජ විද්‍යාඥයෙකි. ඔහුගෙන් මම මෙසේ ඇසුවෙමි.
"දකුණු ආසියාවේ සමාජ පංති වර්ගීකරණය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?"
"මට හිතෙන විදියට දෛනික ආදායම මත පදනම් වෙච්ච මේ බටහිර අර්ථ දැක්වීම් ඉතා බොළඳයි. දකුණු ආසියානු සමාජය ඉතා සංකීර්ණයි. එය වර්ගීකරණය කිරීම සඳහා අපි මිනුම් දඬු කිහිපයක් යොදා ගත යුතුයි. මෙම සමහර මිනුම් දඬු නිරීක්ෂකයා මත යැපෙන (subjective) පරාමිති විය හැකියි". මහාචාර්ය ගෝරාන් කියාගෙන යයි.
"මට පෙනෙන විදියට ආසියාවේ බොහෝ රටවල ඉහල සහ පහල ලෙස මධ්‍යම පංතිය කළාප දෙකකට බෙදෙනවා. මෙම කළාප දෙකේ හැසිරීම එකිනෙකට බොහෝ වෙනස්. ඉහල මධ්‍යම පන්තිය හුඟක් කාරණා වලදී ධනපති පන්තිය සමග සමපාත වනවා. එහෙත් පහල මධ්‍යම පංතිය තුල විශාල උප-කුලක සහ උප-ස්ථර ප්‍රමාණයක් තිබෙනවා. බොහෝ පහල මධ්‍යම පාංතිකයන් තම වපසරිය පිළිබඳව ඇති අනවබෝධය නිසා අතිශයින් ව්‍යාකුල තත්වයට පත්වන අවස්ථා මම දැක තිබෙනවා". මේ ඔහුගේ අදහසයි.
මහාචාර්ය ගෝරාන්ට අනුව සමාජ ස්ථරයක මට්ටම මැනීම සඳහා ගත හැකි හොඳම මිනුම් දණ්ඩ නම් එම සමාජයේ පවුල් ඒකකයකට මානසික නිදහසින් යුතුව පරිභෝජනය කල හැකි සේවා සහ භාණ්ඩ ප්‍රමාණයයි.
තරුණ වියේදී මගේ කිට්ටුවන්තම මිතුරන් සිටියේ දකුණු පළාතේ එක්තරා ප්‍රදේශයකය. එබැවින් මා සමහර සති අන්ත වල මෙම ප්‍රදේශයට ගියෙමි. එහිදී මා දකින එක් විශේෂත්වයක් වුයේ බොහෝ නිවෙස්වල අලුතින් මිලට ගත් පුටු සෙටිය (මෙය නිතර යෙදෙන ව්‍යවහාරයයි) පොලිතින් ආවරණ යොදා සුරක්ෂිත කිරීමයි.
එපමණක් නොව සමහර ඇඳන් මෙට්ට පවා පොලිතින් කවර යොදා ආවරණය කිරීම එකල පුරුද්දක් විය. මෙමගින් පැල්ලම් පළුදු වලින් තොරව ගෘහ භාණ්ඩය පවත්වා ගැනීම නිවැසියන්ගේ අභිප්‍රාය වන්නට ඇත. එහෙත් මෙම කවර මත හිඳගැනීම හෝ නිදා ගැනීම අතිශය අපහසු (uncomfortable) කටයුත්තක් විය. එහෙත් ගෘහ භාණ්ඩයේ අලුත් පෙනුමේ නාමයෙන් නිවැසියන්ද, අමුත්තන්ද මෙම ගැහැට ඉවසීය.
කල්ගත වන විට මෙම කවරය දුර්වර්ණ වී ගියත් එය නොගලවයි. කවදා හෝ කවරය ගලවන දවසට භාණ්ඩය අළුත් පෙනුමෙන් පවතින බව නිවැසියන් සිතයි. එහෙත් මේ කවදා, කවදාවත් එළබෙන්නේ නැත. ඒ වෙනුවට පුටුව දිරා එය ඉවත්කළ යුතු දිනයක් උදාවෙයි.
කල්ගත වන විට මෙම කවරය දුර්වර්ණ වී ගියත් එය නොගලවයි. කවදා හෝ කවරය ගලවන දවසට භාණ්ඩය අළුත් පෙනුමෙන් පවතින බව නිවැසියන් සිතයි. එහෙත් මේ කවදා, කවදාවත් එළබෙන්නේ නැත. ඒ වෙනුවට පුටුව දිරා එය ඉවත්කළ යුතු දිනයක් උදාවෙයි.
මේ තත්වය නොයෙකුත් ආකාරයෙන් මම ලංකාව පුරාවටම දැක ඇත්තෙමි. සමහර සුඛෝපබෝගී වාහන අයිතිකරුවන් එය මිළදී ගත් දින සිටම වද වෙන්නේ එය භාවිතා කිරීමට වඩා එය ආරක්ෂා කරගැනීමටයි. ඒ එය විකුණන දිනෙක හොඳ මට්ටමෙන් පවත්වා ගැනීමටයි. වාහනයක් මිළදී ගැනීමේදී තම අවශ්‍යතාවයට වඩා එහි second-hand value එක ගැන සිතීම පහල මධ්‍යම පන්තියටම ආවේණික විශේෂත්වයකි.
මේ අනුව ඉහත පුටු සෙටිය හෝ මෝටර් රථය එහි අයිතිකරුවන් අයත් සමාජ මට්ටමට මානසික නිදහසින් යුතුව පරිභෝජනය කල හැකි භාණ්ඩ නොවේ. එනම් ඔවුන් සැබෑවටම අයත්වන සමාජ මට්ටම සහ ඔවුන් ආයෝජනය කර ඇති සමාජ මට්ටම අතර පරතරයක් පවතී.
ලංකාවේ ඉහල මධ්‍යම පන්තිය සහ ධනපති පන්තිය තුල මෙන්ම නාගරික සහ ග්‍රාමීය පහල පන්තිය (දුප්පත්) තුලද මම මේ විශේෂත්වය නොදකිමි.
ධනපති පන්තිය ජැගුවර් රථයක් මිලදී ගන්නේ එය ගරාජයේ තබා පරණ ජපන් වාහනයක වැඩට යාමට නොවේ. ඔවුන් කනස්සල්ලට පත්වන එකම කරුණ එම රථය අදාළ අධි වේග පරාස තුල ධාවනය සඳහා ලංකාවේ මාර්ග නොමැති වීමයි.
දුප්පත් ගැමි ගෙදරක හෝ කම්කරුවෙකුගේ නිවසකද ඔබට පොලිතින් කවර දැමු ගෘහ භාණ්ඩ දකින්න ලැබෙන්නේ නැත (ලැබුනත් ඒ කලාතුරකිනි). ඉඳහිට හෝ ලැබෙන, ඔවුන්ගේ මට්ටමින් සුඛෝපබෝගී වන, ඕනෑම දෙයක් ඔවුන් සතුටින්, නිදහසින් භුක්ති විඳිනු දකින්නට ලැබේ.
එදා වේල සරිකරගන්නා දුප්පත් කම්කරුවා, බලහත්කාරයෙන් පන්ති සටන් සඳහා ඇදගෙන යන්නේ මෙම මානසික ආතතියෙන් පීඩා විඳින පහල මධ්‍යම පන්තිකයාය. ඔවුන් මෙම අරඟල වල අණ දෙන නිලධාරීන් වෙති. ආගම් බේද, ජාතිවාද, ජාතික වාද, පුද්ගල වන්දනා, විදේශ කුමන්ත්‍රණ, රටේ කුමක් කරන්න ගියත් නැගෙන විරෝධතා මෙන්ම තවමත් අළු යට ගිනි පුපුරු සේ පවතින කුළ බේදයද පහල මධ්‍යම පන්තියේ ඛේදවාචකයන්ය. මෙම පන්තියට අයත් ඉහල උගතුන් යැයි සම්මත පුද්ගලයන් පවා වතපොත තුල පළ කරන ඍණාත්මක අදහස් සහ පසුගාමී ආකල්ප පෙන්වා දෙන්නේ ව්‍යසනය කෙතරම් ගැඹුරට ඔඩුදුවා ඇත්ද යන බවයි.
මහාචාර්ය ගෝරාන් පවසන පරිදි මෙම පහල මධ්‍යම පන්තියේ ඛේදවාචකයට හේතු වන්නේ එම සමාජ පන්තියේ පවතින තමාගේ උප-ස්ථරය පිළිබඳව ඇති අනවබෝධය සහ ඔවුනොවුන් අතර ඇති දැඩි තරඟකාරිත්වයයි. බොහෝ දෙනෙක් මානසිකව ජිවත් වන්නේ (වියදම් කරන්නේ) තමාගේ උප-ස්ථරයට මහලක් හෝ දෙකක් ඉහළිනි. සමහරු පහල මධ්‍යම පාන්තික ආර්ථික තත්වයක සිටියත් ඉහල මධ්‍යම පන්ති හෝ ධනපති පන්ති තත්වයන් සමාජය වෙත විදහා පෑම වෙනුවෙන් වියදම් කරති. මෙහි ප්‍රතිඵලය වන්නේ මෙම පන්තියේ බොහෝ දෙනා අධික ලෙස ණය වීමත්, ආර්ථික වශයෙන් දැඩි අසීරුතාවයන්ට පත්වීමත්ය.
ඉහත කරුණු මත දැඩි මානසික ආතතියකට ගොදුරුවන සමස්ත පහල මධ්‍යම පාන්තික සමාජය නිරතුරුවම තම ව්‍යසනයට හේතු සොයයි. පංසලේ, පල්ලියේ, මංගල්‍ය-අවමංගල්‍ය උත්සවයේ, කාර්යාලයේ, කැන්ටිමේ, පාර තොටේ මෙම පිරිස හමුවන හැමවිටම වාගේ සංවාද ගොඩ නැගෙන්නේ තමා පත්වී ඇති අසීරු තත්වය පිළිබඳවයි. මෙහිදී ඔවුනට එක් කාරණයක් පසක් වෙයි. එනම් තමා තනිවී නොමැති බවයි. අනෙකාටද තමාගේ ගැටළුව ඇත. අනෙකාත් තමන්ගේ වලේම සිටීම බොහෝ දෙනෙකුට සහනකාරී හැඟීමක් ඇතිකරයි.
උද්ගතවී ඇති ව්‍යසනකාරී තත්වයට හේතුව තමාගේ පැවැත්මේ අඩු ලුහුඬු කම් බව පිළිගැනීමට මේ කිසිවෙකුත් මැලිවෙති. ඒ වෙනුවට තවත් කාරණා සිය ගණනක් ඔවුන්ගේ සාකච්චා මණ්ඩපයට පැමිණෙයි. අමනුෂ්‍ය දෝෂ, ග්‍රහ දෝෂ, අන්‍යාගමිකයන්, අන් වර්ගයන් (ජාතින්), ජාත්‍යන්තර කුමන්ත්‍රණ, දේශපාලන දෝෂ, රැකියා ප්‍රධානීන්ගේ දෝෂ, නෑදෑයන්ගේ බලපෑම්, අසල්වැසියාගේ බලපෑම් ආදී කරුණු රාශියක් මේ අතර වෙයි. තමන්ගේ අභාග්‍යට හේතුව ලෙස තමන්ගෙන් ස්වායත්ත සාධකයක් සෙවීම මිනිස් ගතියයි. ඒ අතින් පහල මධ්‍යම පාන්තිකයා සුපිරි මිනිසෙකි.
මෙම තත්වය මැනවින් වටහා ගත් පිරිසක්ද මෙම සමාජ ස්ථරය තුලම ජිවත් වෙයි. ඒ ජ්‍යෝතිෂ්‍යවේදීන්, කපටි දේශපාලකයන්, දුස්සීල පුජ්‍ය පක්ෂය, බඩගෝස්තරවාදීන් (දේශීය මෙන්ම විදේශීය බලවේග මත යැපෙන) ආදීන්ය. කලින් කලට ඔවුහු කුමක් හෝ රංගනයක් වේදිකා ගත කරති. ඔවුන්ගේ ප්‍රධාන ගොදුරු බිම වන්නේ පහල මධ්‍යම පන්තික සමාජයයි.
කාර්යාලීය කාර්ය සහයකයන්ගේ සහ සුළු ව්‍යාපාරිකයන්ගේ සිට ප්‍රසිද්ධ නීතිඥයන්, විශේෂඥ දොස්තරවරුන්, විධායක ඉංජිනේරුවන් දක්වා කුමන රැකියාව කලත් අප බොහෝ දෙනෙක් අයත් වන්නේ මෙම පහල මධ්‍යම පන්තියටයි. තමන්ගේ මෙන්ම රටේද බොහෝ ඛේදවාචකයන්ට මුල් වන්නේද මෙම පහල මධ්‍යම පංතියයි.
පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය අද වන විට විෂම චක්‍රයක් තුලට ඇතුළුවී තව තවත් ඛේදනීය තත්වයකට පත්වෙමින් තිබේ.
පහල මධ්‍යම පංතියේ සිංහලයා ගිනි තබන්නේ එම පන්තියේම මුස්ලිම් මිනිසාගේ කඩයයි. ජාති දෙකේම ඉහල පංතිවල අයිතිකරුවන්ගේ ගොඩනැගිලි ගිනිගන්නවා අප දැක නැත.
පහල මධ්‍යම පන්තියේ යූ එන් පී කාරයා පහර දෙන්නේ එම පංතියේම ශ්‍රී ලංකා කාරයාටයි. දෙපසේම ඉහල පංති වල දේශපාලුවන් ගුටිකනවා අප දැක නැත.
පහල මධ්‍යම පංතියේ දොස්තරලා සහ වෛද්‍ය ශිෂ්‍යයෝ විරෝධතාවය පළ කරන්නේ තම පන්තියේම තවත් කෙනෙකුට ඉගෙන ගත හැකි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිවයි. ඉහල පංතිවල දරුවන් විදේශ ගතවී වෛද්‍ය උපාධි ලබාගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් නැත.
මහාචාර්ය ගෝරාන්ට අනුව මෙම තත්වයෙන් සමාජයක් ගලවා ගත හැකි එකම ක්‍රමය නම් සමාජ මානසිකත්වය (societal mindset) වෙනස් කිරීමයි. තමා ජිවත්වන සමාජ ස්ථරය තේරුම් ගැනීම සහ ඊට අනුරූපව තම සිතුම් පැතුම්, බලාපොරොත්තු (expectations), ජිවන රටාව සහ වියදම් සකස් කරගැනීම පිළිබඳව සමාජයට පැහැදිලි අවබෝධයක් ලබාදිය යුතුව ඇත. මෙහිදී අවධාරණය කල යුත්තේ වර්තමානය තුල තමා අයත්වන සමාජ ස්ථරයේ සැබෑ ලෙස ජීවත්වීමට සමාජය හුරුකිරීම මිස ඉහල සමාජ ස්ථරයන් කරා පුද්ගල මට්ටමින් හෝ සමාජයක් ලෙස පියනැගීම වාරණය කිරීම නොවේ.
විෂම සමාජයක ඉහත පියවර ක්‍රියාත්මක කිරීම කිරීම පහසු නැත. එහෙත් අප කෙසේ හෝ මේ සඳහා සමාජ නායකත්වයක් සොයා ගත යුතුය.
සමාජ-නායකත්වය යනු තනි පුද්ගලයෙක් මෙහෙයවන ක්‍රියාදාමයක් නොවේ. තනි තනි වශයෙන් කිහිප දෙනෙක් එකම අදහස සමාජ ගත කරන විට සමාජ නායකත්වයක් ගොඩ නැගේ. මීට තව තවත් පිරිස එකතුවන විට සමාජ නායකත්වය වර්ධනයවෙයි. එසේම පුළුල් වෙයි. මෙම නායකත්වයේ ක්‍රමවේදය ගොඩනැගීමද එක් අයෙකුගේ කාර්යභාරයක් නොවේ. එය සමස්ත නායකත්වයේම වගකීමකි. මේ සඳහා වේදිකා රාශියක් ඇත. පහල මධ්‍යම පන්තියේම අගතිය සඳහා භාවිතා වන වතපොත, අනෙකුත් මාධ්‍ය, කාර්යාලය, පාර තොට, සාමාජීය එකතුවීම් ආදිය සමාජයේ සුගතිය සඳහාද යොදාගත හැක.
සමාජ-නායකත්වය යනු තනි පුද්ගලයෙක් මෙහෙයවන ක්‍රියාදාමයක් නොවේ. තනි තනි වශයෙන් කිහිප දෙනෙක් එකම අදහස සමාජ ගත කරන විට සමාජ නායකත්වයක් ගොඩ නැගේ. මීට තව තවත් පිරිස එකතුවන විට සමාජ නායකත්වය වර්ධනයවෙයි. එසේම පුළුල් වෙයි. මෙම නායකත්වයේ ක්‍රමවේදය ගොඩනැගීමද එක් අයෙකුගේ කාර්යභාරයක් නොවේ. එය සමස්ත නායකත්වයේම වගකීමකි. මේ සඳහා වේදිකා රාශියක් ඇත. පහල මධ්‍යම පන්තියේම අගතිය සඳහා භාවිතා වන වතපොත, අනෙකුත් මාධ්‍ය, කාර්යාලය, පාර තොට, සාමාජීය එකතුවීම් ආදිය සමාජයේ සුගතිය සඳහාද යොදාගත හැක.
සමාජයේ ජිවන රටාව යහපත් වන විට එය ආර්ථික වශයෙන් සවිමත් වෙයි. සවිමත් ආර්ථිකයක් ඇති සමාජයක වාර්ගික, ආගමික, දේශපාලනික විෂමතා වියත් සංවාද (educated dialogues) බවට පත්වෙයි. එවිට බොහෝ ගැටළු, ගැටළු නොවන බව බහුතරයකට ඒත්තු යයි.
මේ නායකත්වයට උර දීම අප සැමගේම යුතුකමකි.
👊👊👊👊
ReplyDeleteඅදහස් නම් සුපිරි ඒත් ලාංකික සමාජය මේ වගේ වෙනසකට පරිවර්තනය වෙන්න මේ ඉන්න අවස්ථා වාදී දේසපාලුවන් ඉඩක් දෙයිද? අපේ රටත් සමාජයත් යන්නේ පරිහානියට මිසක වෙන කුමකටද? පුළුවන් කමක් තියෙන අය රට හැර යන්න ප්‍රධාන හේතුවත් මේකයි.
ReplyDeleteසමාජ-නායකත්වයට කෙටි කලකින් දේශපාලන බල අධිකාරිය අභිබවා යා හැකි බව පසුගිය වසර කිහිපය තුල අපිට රටවල් කිහිපයකම දැක ගත හැකි විය (එහි ප්‍රතිඵලයන්ගේ හොඳ නරක අප පසෙකින් තබමු). පසුගිය සති දෙක තුල ආගමික අන්තවාදයට පක්‍ෂව සහ ඊට එරෙහිව සමාජ-නායකත්වයන් ගොඩ නැගෙනු අප දුටුවේය. මට පෙනෙන තරමින් මේ දෙකම යම් ප්‍රමාණයකට සාර්ථක විය. සන්නිවේදන තාක්‍ෂණය දියුණු මට්ටමක පවතින අද දින සමාජ-නායකත්වය සාර්ථකව ගොඩනැගීම අපහසු නොවේ. සිදුවිය යුත්තේ එම නායකත්වය සමාජ ප්‍රගතිය /සුගතිය වෙත ස්ථාන ගත කිරීමයි.
Deleteඇත්තටම පසුගිය ජනාධිපතිවරණයේදී වුනේ ඔබ කියන සමාජ නායකත්වය ඉදිරිපත් වෙමින් ක්‍රියාත්මක වීම. නමුත් එයින් ලබාගත් ජයග්‍රහණයට මොකද වුණේ? දේසපාලුවන් කොල්ලකා තම අභිවෘද්ධිය පිණිස යොදා ගෙන අර සමාජ නායකත්වයට නැවත එවැන්නක් නොකරන තරම් කලකිරීමට පත් කිරීම.
Delete@kumara ඔබ පවසන දෙය සත්‍යයකි. එහෙත් මම පසුගිය වසර හෝ දෙක තුල ඉතා ධනාත්මක ප්‍රවණතාවයක් දකිමි. මීට පෙර යුගවලදී නව රජයක් බිහි කිරීමට උරදුන් සිවිල් සමාජ නායකයන්, තම ලාබ ප්‍රයෝජන උදෙසා පත්වූ රජයේ ගැත්තන් බවට පත් වන අයුරු අපි පැහැදිලිවම දුටුවෙමු. එහෙත් මෙවර ලංකා දේශපාලන ඉතිහාසයේ මුල් වරට එම සිවිල් සමාජය තමා සහයෝගයදී පත්කළ රජයේ හැසිරීම බරපතල ලෙස අභියෝගයට ලක් කරයි. මෙය මා සිතනා ආකාරයට ඉතා සුබවාදී පෙරනිමිත්තකි.
Deleteලංකාවෙ සමාජය ගැන අර්තවත් කියවීමක් තීයෙන ඕනැම ලිපියකට පලවෙනි ප්‍රතිචාරය තමයි දේශපාලනයට බනින එක. මට නන් පෙන්නෙ එක ඉතාම ලෙසි වගකිමෙන් මිදිමෙ උපක්‍රමයක් විදිහට. ලිපියෙන් ප්‍රශ්න කරන පාංතික පුරුදු වල තවත් එක අංගයක් ඕක.
Deleteතනිව හිතන්න ඉගනගන්නා තුරු ගැලවීම් නොමැත.
ReplyDeleteහිතන්න පොළඹවන අපුරු ලිපියක්.තුති චන්දිම.
Thanks a lot. Yes our though process should be independent.
Deleteසමාජවාදී රට වල පන්ති භේදයක් නොමැති බව ලංකාවේ වම්මු විශ්වාස කළහ. එහෙත් මගේ සත් වසක අද්දැකීම් අනුව සෝවියට් සමාජවාදී රාජ්‍යයේද එකල සෙසු සමාජවාදී රටවල් වූ පෝලන්තය , නැගෙනහිර ජර්මනිය, බල්ගේරියාව රුමේනියාව යන රටවලද පන්ති භේද තිබූ බව නිරීක්‍ෂණය විය.
ReplyDeleteවෛද්‍ය පීඨයේ ධනවත් බලවත් සිසු සිසුවියන් මෙන්ම දුප්පත් සාමාන්‍ය පවුල් වලට අයත් වූ සිසු සිසුවියන් ද වූහ. මින් සමහර දෙනෙකු මට තවම මතකය.
අප සමග නේවාසිකාගාරයේ සිටි ඊගර් පැමිණියේ කියෙව් නගරයෙනි. ඔහු සතුව වටිනා ඇඳුම් පැළඳුම් තිබූ අතර මේවා ඔහුගේ පියා මිලදී ගන්නා ලද්දේ බටහිර රටවල කරන ලද සංචාර වලදීය. ඊගර් ගේ පියා කියෙව් නගරයේ කොමියුනිස්ට් පක්‍ෂයේ බලවතෙකි.
ඊගර් මගේ මිතුරෙකු විය. ඔහු සතුව එකල ජනප්‍රිය පොප් ගායක ගායිකාවන් ගේ ගීත අඩංගු කැසට් එකතුවක් ද විය. මා ලඟ තිබූ බැරී ගිබ් ගේ කැසට් එකක් දී මම ඔහුගේ කැසට් ගොනුව පීරා බැළුවෙමි. එහි සෝවියට් දේශයේ මිලදී ගත නොහැකි රොක් ගීත කණ්ඩායම් වල ඇල්බම් සමූහයක්ද විය. වෛද්‍ය පීඨයේදී පළමු වසර අවසන් කිරීමෙන් පසු ඊගර් කීයෙව් හි වෛද්‍ය පීඨයකට මාරුවක් සදාගෙන ගියේය. මේ සඳහා ඔහුගේ පියා උපකාර වූවාට සැක නැත.
Read More : https://transyl2014.blogspot.ca/2017/02/blog-post_15.html
මට හැඟෙන ආකාරයට ප්‍රථමයෙන් සිදු විය යුත්තේ මේ "සමාජවාදියාගෙන්" රට ගලවා ගැනීමයි. ලංකාවේ පවතින සමාජවාදී ලේබල් අලවාගත් පක්‍ෂ පවා සමාජවාදයෙන් ගලවා ගතහොත් ඔවුන් ඉතා ප්‍රගතිශීලි පුද්ගලයන් වනු ඇති මට සිතේ.
Deleteසාරවත් ලිපියක්
ReplyDeleteThanks
Delete//පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය අද වන විට විෂම චක්‍රයක් තුලට ඇතුළුවී තව තවත් ඛේදනීය තත්වයකට පත්වෙමින් තිබේ.
ReplyDeleteපහල මධ්‍යම පංතියේ සිංහලයා ගිනි තබන්නේ එම පන්තියේම මුස්ලිම් මිනිසාගේ කඩයයි. ජාති දෙකේම ඉහල පංතිවල අයිතිකරුවන්ගේ ගොඩනැගිලි ගිනිගන්නවා අප දැක නැත.
පහල මධ්‍යම පන්තියේ යූ එන් පී කාරයා පහර දෙන්නේ එම පංතියේම ශ්‍රී ලංකා කාරයාටයි. දෙපසේම ඉහල පංති වල දේශපාලුවන් ගුටිකනවා අප දැක නැත.
පහල මධ්‍යම පංතියේ දොස්තරලා සහ වෛද්‍ය ශිෂ්‍යයෝ විරෝධතාවය පළ කරන්නේ තම පන්තියේම තවත් කෙනෙකුට ඉගෙන ගත හැකි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිවයි. ඉහල පංතිවල දරුවන් විදේශ ගතවී වෛද්‍ය උපාධි ලබාගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් නැත. //
මිනිසුන් බොහෝ දෙනෙක් දැකීමට අකමැති කටුක යථාර්තය මෙයයි! අප සමාජයේ බොහෝ දෙනා තරඟ වදින්නේ උත්සහ කරන්නේ තමා සිටින තැන, තමාගේ සමාජය උසස් කරගැනීමට නොව තමාගේ අසල සිටින්නා සමග තරඟ කිරීමටය. එක කරගන්න බැරි නම් කකුළෙන් ඇදල අනික් කෙනාවත් තමන්ගේ මට්ටමට ඇදල ගන්නවා :(
ඔබට බොහොම තුති මේ අදහස් වලට.
Deleteපහල මධ්‍යම පංතියේ දොස්තරලා සහ වෛද්‍ය ශිෂ්‍යයෝ විරෝධතාවය පළ කරන්නේ තම පන්තියේම තවත් කෙනෙකුට ඉගෙන ගත හැකි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිවයි. ඉහල පංතිවල දරුවන් විදේශ ගතවී වෛද්‍ය උපාධි ලබාගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් නැත.
ReplyDeleteමේ ටික හැර අනික් ටිකට එකෙන්ම එකගයි
ai e tika.. kuhakamatada.. oka gena thama oya article eke liyala thiyenne..
Deleteනිරීක්‍ෂණ සහ විශ්ලේෂණ අපුරුයි!
ReplyDeleteමා 2007 වසරේ දී මාතර ඥාතී නිවසකට ගිය විට දැක්කා ඔවුන්ගේ රූපවාහිනියේ උඩ වම් කෙලවරේ ඇති නිෂ්පාදකගේ ස්ටිකරය. එයින් තිරයේ සෑහෙන කොටසක් වැහෙනවා. ඒ අලුත් පිට නිසා ය කියා හිතුණත් වසර දෙකකට පසු 2009 දී ත් ඒ ස්ටිකරය එලෙසම තිබුණා!
Thanks for sharing this story
Deleteතිරයේ කොටසක් වසමින් අලවා තිබුණු ඒ ස්ටිකරය නැවත රෙපයාර් කළ නොහැකි පරිදි ටෙලිවිෂනය 2016 දී කැඩෙන තුරුඟ නිරුපද්‍රිතව තිබී ඇති බව පසුව සොයා ගත්තා.
Deleteඅලුතෙන් මිළට ගෙන ඇති විශාල රූපවාහිනී යන්ත්‍රයේත් දිග අතට 1/4 පමණ වැසෙන පරිදි ස්ටිකරයක් අලවා තියෙන බව අද දැන ගන්නට ලැබුණා!
ReplyDeleteමධ්‍යම පන්තිය තුළ මම අත්දැකීමෙන් දන්න තවත් පැතිකඩක් තියෙනවා. හුඟක් සමාජ වල විවිධ තලයේ මතවාද ගොඩක් බිහිවෙන්නෙ මධ්‍යම පාන්තික ආදායම් ඛණ්ඩයෙන්. සමාජ තත්වය, සමාජ ගෞරවය, සදාචාරය වගේ මාතෘකා වලට අදාළ කටයුතු වලදි මධ්‍යම පාන්තික සමාජයේ අනිත් සමාජ ස්ථර වලට වඩා වැඩි අවධානයක් යොමු වෙනවා.
ලංකාවෙත් මේක පොදුව දකින්නට තියෙන කාරණයක්. ධනපති පන්තියේ "සුඛ විහරණය" විවේචනය කරන්නටත්, නිර්ධන/දුප්පත් පන්තියේ "ගෝත්‍රික කම" විවේචනය කරන්නටත් මධ්‍යම පන්තිය නැඹුරු වෙලා තියෙන එක සාමාන්‍ය දෙයක්.
Thanks Vihan for your ideas
Deleteමධ්‍යම පන්තිකයාට පිඩනය වැඩි බව ඇත්ත. මෙය ලංකාවට පමණක් සීමා වු තත්වයක්ද නොවේ. මධ්‍යම පංතිකයා තමා ආර්ථික අවපාතයක් තිබ්බොත් ඉස්සෙල්ලම වැටෙන්නෙ. ආර්ථිකය දුවවන්නෙත් ඔහු. එය ලොකෙම පොදු තත්වයක්. මධ්‍යම පංතිකයාගෙ ජීවිතය සංකීර්ණයි. අවශ්‍යතා තිබ්බත් ඒව ඉටු කරගන්ඩ බෑ. ඒවා ඔක්කොම හරි.
ReplyDeleteහැබැයි ඉතිරි ටිකනං හිතලු මං හිතන්නෙ. සම්ප්‍රදායික විශ්වාස හෝ දේශපාලන නැඹුරුවන් දුප්පත්, මධ්‍යම හෝ ඉහළ කියා නෑ හැමෝ තුළම තියෙනවා. උදා ලෙස ජවිපෙට ආකර්ෂණය වන වැඩි පිරිස දුප්පත් පංතියේ අය. ඒ අය තුළත් තියෙන්නෙ බාහිරින් එන දේශපාලනික බලපෑම ගැන අදහසක්. මංනං හිතන්නෙ තමන් තුළටම හැරිලා ජීවත් වෙන එක වැඩිම මධ්‍යම පංතිකයගෙ. දැං ඔය යහපාලනය ගෙනාවමත් ඒක පෙනුනා. යහපාලනය කියන්නෙ පුද්ගලවාදී ඉල්ලීමක්. පහත පංතියේ හෝ ගැමි මනුස්සයා රට බේරගත්ත කියල මහින්දට දුන්න. මධ්‍යම පංතිකයා තමා යහපාලනේට දුන්නෙ. එතනදි ගැමියා හිටියේ ජ්‍යාත්‍යන්තර බලපෑම්, බෙදුම්වාදය හෝ ඒවා ගැන හිතන මානසිකත්වයක. ඒ නිසා ඒක මධ්‍යම පාංතික ගුණයක් ලෙස දකින එක වැරදියි. ස්විඩන් මහාචාර්යතුමා මොනව කිව්වත්. ආගමික විශ්වාස ගත්තත් එහෙමයි. ඉතාම දැඩිව ආගමික මතවාද තියෙන අය ඕනම සමාජ පංතියක ඉන්නවා. ඇත්තටම මධ්‍යම පාංතිකයන්ගෙ තමා ඔය අනාගමික ලයින් එක තියෙන්නෙ වැඩි හරියක්.
අනෙක මේ වර්ගවාදී ප්‍රහාර පහළ මධ්‍යම පාංතිකයා වගකිව යුතු නෑ. ඔවුන් සමහර විට සමාජ ජාලවල ඒවැනි අදහස් ප්‍රචාරය කරන්ඩ දායක වෙනවා ඇති. නමුත් ඔය ඇත්තටම ගිහිල්ලා ගහන්නෙ ඔවුන් නොවේ. බොහෝ විට කාගෙ හෝ යටතෙ සේවය කරන පහළ පංතියෙ පිරිසක්. අලුත්ගමදි වගේම මෙතනදිත් උනේ ඒක. ඒ නිසා මේ පසුව එන නිගමන ගොඩක් වෙනත් අදහස් ටිකක් බලෙන් ඔබන්ඩ ගිහිල්ලා විකෘති වෙලා කියා මං හිතන්නෙ.
Thanks for your ideas
Deleteඉතා සාධනීය ලිපියක් කලකින් කියවීම සතුටකි. අප සමාජය විනිවිද දැකීමට ගත වටිනා උත්සාහයකි.
ReplyDeleteආර්ථික දෘෂ්ටි කෝණයකින් පුද්ගල හැසිරීම විවරණය කිරීම එතරම් සුදුසු නොවන බව සිතේ. යුරෝපීය මහාචාර්යවරයා පවසන පරිදි සමාජ ස්ථර මට්ටම මැනීමට භාණ්ඩ සහ සේවා පරිභෝජනය භාවිතා කිරීම වරදක් ලෙස හැඟේ.
වෛද්‍ය අධ්‍යාපනය සුදුසු, මුදලට නොව දක්ෂතාවයට බව අත්දැකීමෙන් දනිමි.
Thanks for your ideas
Delete
ReplyDelete"පහල මධ්‍යම පංතියේ දොස්තරලා සහ වෛද්‍ය ශිෂ්‍යයෝ විරෝධතාවය පළ කරන්නේ තම පන්තියේම තවත් කෙනෙකුට ඉගෙන ගත හැකි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිවයි. ඉහල පංතිවල දරුවන් විදේශ ගතවී වෛද්‍ය උපාධි ලබාගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් නැත."
මෙන්න මේක කොහොමද වෙන්නේ කියල විස්තර කරන්න පුලුවන්ද?
පහල මධ්‍යම පන්තියේ මනුස්සයෙකුට කොහොමද කෝටියක් වියදම් කරල වෛද්‍ය උපාදියක් ගන්නේ? ලක්ශ 30ට 40ට බන්ග්ලාදේශයේ, චීනයේ උපාධි තියෙද්දී තම දරුවන් ලන්කාවේ තියාගන්න උත්සාහ කරන්නේ පහල මධ්‍යම පන්තියද?
දක්ශතාවය මත උපාධි පිරිනැමීම වෙනුවට මුදල මත උපාදධි පිරිනැමීම තුලින් හා ඒවාට තරගකාරීත්වය වැඩි කිරීම තුලින් ඔය කියන සමාජ ස්ථර පුලුල් වීම නෙවේද සිද්ද වෙන්නේ?
මේ නොගැලපෙන මුග්ද උදාහරණය මෙතනට එබුවේ වෙන අරමුණකින්ද?
If you have time please read "ලලිත් කොතලාවල, SAITM සහ Sunway අධිරාජ්‍යය" (second in the list of All time popular stories). Perhaps, it may give you some insight into the matter.
Deleteමමත් මහාචාර්‍ය චන්දිම ගෝමස් මහතාගේ අදහසට එකගයි. අපිත් කවදාවත් ඉහල පෙලේ කෙනෙක්ගෙ ළමයෙක් විදේශ රටක ඉගෙන ගත්තයි කියල ඒකට දොස් නොකියම, (එහෙම කලාට වැඩක් නැති නිසා උන් අපි වගේ නෙමෙයි නෙ කියලා වෙන් කරගෙනම ), හැබයි අපිත් එක්ක එකට පාසලෙ හිටපු අපේම සමාජ පන්තියෙ කෙනෙක් සයිටම් ගිහින් උපාධිය ගන්නවට විරුද්ධයි....
ReplyDeletespot on..
DeleteEthana mata hithena widiyatanm shishayo wirudda saitm gihin igana gannawata nemei.saitm wage ayathana nisa lankawe adyapanayata wena balapama ada wenakotath saitm ayathana kare wanchawak ekata wisadumak deela na.ewata wiruddawai shishyayo kagahuwe nathuwa igana gannawata wiruddawa nemei.anith de thamai adyapanaya kiyanne mudala matha padanam wiya uthu deyak nemei kiyala un eken pili aran thiyanawa eya padanm wiya yuththe dakshathawaya matha pamanai.
DeleteBuddhima Udaranga: Please check my comment below. Thanks for your time in writing the above comment
DeleteKasun Siriwardena: ඔබේ අදහස් වලට බොහෝම ස්තුතියි.
Deletemage adahasath ekama thama.. apita apple phone ekata coverayak noda use karanna barinam.. car eka kadunama aluth ekak ganna barinam hari... hire ekatawath ganan barinam thel gahanna salli neththam.. loketa pennana e sobanen wedak ne.... apith eke kotas karayo thama..
ReplyDeleteThanks for your reply
Deletehttps://www.facebook.com/TooMuchSavage/photos/a.1390812881008337.1073741829.1235925039830456/1646288168794139/?type=3&theater
ReplyDelete@ Buddhima Udaranga
ReplyDeleteබුද්ධිම ඔබේ අදහස් වලට ස්තුතියි. අපි ටිකක් මේ විදියට බලමු.
සයිටම් එකේ අධ්‍යාපන ප්‍රමිතිය සම්බන්ධයෙන් හඬක් නැගීමේ දැඩි අවශ්‍යතාවයක් මුල සිටම තිබුණා. ඒ පිළිබඳව කිසිඳු විවාදයක් නැත. එය සයිටම් පමණක් නොව ලංකාවේ සමස්ත සරසවි පද්ධතිය සඳහාම (රජයේ සහ පෞද්ගලික) කල යුතුයි. පෞද්ගලික ආයතනයක් ලෙස සයිටම් ආයතනය තුල සිදු වී ඇති මුල්‍ය සහ ආයතනික වංචා හෙළිදරව් වන්නේ එම ආයතනයේ කටයුතු පිළිබඳව මෙම විරෝධය ඔස්සේ පරීක්ෂණ කටයුතු කරන විටයි. එයද සිදු වූ පැසසිය යුතු කර්තව්‍යයකි. මෙහි අනෙක් පැත්ත නම් ලංකාවේ ඇති පෞද්ගලික ආයතන සියල්ල සඳහාම මෙම පරීක්ෂණ ක්‍රියාවලිය දියත් කළහොත් ඉන් කීයක මෙම තත්වය නොපවතීද යන්නයි?
සයිටම් විරෝධයේ පැහැදිලිවම පෙනුන කරුණ නම් වෛද්‍යවරු මෙන්ම සිසුන්ද කිසිම තත්වයක් යටතේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවේ පැවතීමට දැඩි ලෙස විරුද්ධ බවයි. මෙය ඔවුන් අනන්තවත් අවධාරණය කර ඇත. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රතිපත්තියක් පිටුවනවාටද විරුද්ධව ඔවුන් දැන් පෙළපාලි යන්නේ මේ නිසාය.
රටට යහපතක් වීම පතන පුරවැසියකු ලෙස ඔබ සිතන්නේ ධනවතෙකුගේ පුතෙක් තම සල්ලි යොදවා දේශපාලකයෙක්, දාමරිකයෙක්, සල්ලාලයෙක් වනවා නම් හොඳද, වෛද්‍යවරයෙකු වනවා නම් හොඳද?
ඔබ යම් සමාජයක ජිවත්වන විට එම සමාජයේ මූලික ධර්මතාවයන්ට අනුගත වීමට ඔබට අනිවාර්යයෙන්ම සිදු වේ. පහල බාලාංශයේ සිටම ලංකාවේ දෙමව්පියන් තම වත්කම් අනුව දරුවාට වඩාත් හොඳ අධ්‍යාපනයක් ලබා දීමට උනන්දු වෙයි. හොඳ මොන්ටිසෝරියක්, හොඳ elocution පන්තියක්, හොඳ ටියුෂන් ගුරුවරු, හොඳ ඉංජිනේරු, කළමනාකරණ, නීති, තාක්‍ෂණ සරසවි ... මේ ආදී වශයෙන් සමස්ථ සමාජයම මුදල් මත යැපෙන "හොඳ" අධ්‍යාපනයක් දරුවාට සොයති. මේ සමාජ ක්‍රමය තුලින්ම බිහිවූ මෙම විරෝධතාකරුවෝ "වෛද්‍ය විද්‍යාලය" යන එකම එක කරුණකදී පමණක් දක්ෂතාවය මතම පදනම් වූ සමාජ සාධාරණත්වයක් සෙවීම විහිළුවක් නොවේද?
අනෙක් අතට මෙම "හොඳ" අධ්‍යාපනය පසුපස සමාජය හඹා යාම තුල මම ධනාත්මක ඵල රාශියක්ද දකිමි. මේ තුලින් බිහිවී තිබෙන යහපත් රැකියා අවස්ථා ප්‍රමාණය අති විශාලය. එලෙසම මේ තුලින් බිහිවන්නේ යම් උගත් කමක් සහ සමාජ පරිණත භාවයක් සහිත පුරවැසියෙකි. තම දරුවන්ගේ සල්ලාලකම්, මැරකම් වෙනුවෙන් විශාල ධනයක් යොදවන මර්වින් සිල්වා, එස් බී දිසානායක වැනි පියවරු තව අනන්තවත් ලංකාවේ ඇත. හැකිනම් ඔවුන්ගේ ධනයද තම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වැයකරවීමට උත්සහ ගන්න. ඔබට යහපත් රටක් ලැබෙන්නේ එවිටය.
refreshing thought. Thank you. මේ පිළිබද තිබ්බේ ප්‍රශ්නාර්ථයක්. ඔබ එයට පිළිතුරක් දීලා තියෙනවා.
DeleteSpot on.. but one thing to highlight is that the Alcohol usage of lower middle cast and the lower class. This is a sad story. If you consider even villagers, people are addicted to alcohol and waste their daily income severly. I know few examples from Kegalle. Now I live in Kadawatha.its similar every where. People earn 1500-2500 rupees daily. They spend 1000-1200 Rupees on liquer and cigerrette. They spend another 200 rupees to go home after extensive consumption of liquer. They only spend less than Rs 1000 on their family.
ReplyDeletePeople are talking about 'Mathata Thitha'.. but i think we should try to educate people to drink alcohol in a bettér way rather erradicating it.
Finally the poor housewives and kids struggle with lots of social problems. This ia a common problem in middle lower and lower income people, specially sinhalese
Another very common thing we every day can see, is people who have bought Hybrid vehicles driving slowly to save fuel in spite of making the road traffic.
ReplyDeleteවටිනා පොස්ට් එකක.... හැමෝම කියවිය යුතු නිසා ෆේස්බුකීයේ ශෙයා කරා.....
ReplyDeleteආණ්ඩු සහ හම්බකරන් කෑම ====
ReplyDeleteතමන් හම්බකරගෙන කන්න ඕන. කම්මැලි වෙලා බෑ.. වැටුප් මදි නෑ, උපයගන්න ඕන තව තව...//
සිස්ටම් එකේ, යන්තමින් ගොඩ ගියපු උන් බහුතරයක් ගෙ අදහස.
ඔව් ඉතින්, බල්ලො මරල හරි සල්ලි හොයන සිස්ටම් එකක් ඇතුලෙ, මිනිහෙක්ගෙ මනෝභාවයකින් ඊට වඩා වෙනස් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
එතකොට, රටේ ආර්ථිකය හසුරවන්න, රජයක්, ඒ වෙනුවෙන් පත් කරගන්න ආණ්ඩු මොකටද..? අපේ බදු සල්ලි වලින් සැප ගන්නද..🙂
මේ සමාජෙ මිනිස්සු, කොස් ගෙඩියක් , මඤ්ඤොක්කා අලයක් තම්බගෙන කාල හරි ජීවිතේ ගැටගහ ගන්නව. උන් බහුතරයක් බුකියෙ නෑ. ආණ්ඩු වලට හිඟා කන්න එන්නෙ නෑ, ගතේ හයියෙන් හිතේ හයියෙන් ජීවිතේ ගැටගහ ගන්නව. මං මේ කියන්නෙ, බහුතරයක් ගැන. අර දෛනික ආදායම ඩොලර් දෙකකට වඩා අඩුයි කියල, මේ ආණ්ඩු වලින්ම කියන මිනිස්සු ගැන.
උන්ට , අපි හම්බකරගෙන අපි කන තියරිය ආදේශ කරන්නෙ කොහොමද. වගාකරන එළවළු ටිකට, නිපදවන වී ටිකට හරිහමන් මිලක් නෑ. ඒකට ආණ්ඩු වලට වැඩපිළිවෙලක් නෑ. ඉගෙනගන්න පොඩි එකාගෙ ඉස්කෝලෙ පහසුකම් මදි. ඒවටත් අතින් වියදම් කරන්න ඕන. ඉස්පිරිතාලෙ බෙහෙත් නෑ. තිබුනත්, අත්‍යාවශ්‍ය බෙහෙත්, පිටින් ගන්න වෙන අවස්ථාවන් වැඩියි.
ඕව ආණ්ඩු කරන මහ උන්දැලට දැනෙන්නෙ නෑ. මොකද උන්ගෙ දරුවො මෙහේ ඉගෙනගන්නෙත් නෑ බහුතරයක් , උන් මෙහේ හොස්පිටල් වලට යන්නෙත් නෑ...
පන්ති අවුලක් තියෙන ප්‍රශ්ණයක්.. මොකක්ද පන්ති අවුල. ඇති හැකි සහ, සිස්ටම් අවුල නිසාම නැති බැරි මට්ටමට ඇදල දාපු මිනිස්සු අතර, මධ්‍යමපාන්තික සෙට් එකක් වැටුනම,
උන්ගෙ මනෝභාවය වැඩ කරන්නෙ , අවස්ථාව හා එයින් ලැබෙන වාසිය අනුව.
තව පැහැදිලි කර ගත්තම මෙහෙම, නිර්ධනයාට ජයවේවා කියන ගමන්, ධම්මික පෙරේරගෙ මට්ටමේ ෆැන්ටසි හීනයක් දකින්න පුලුවන් උන්ට.
ඒකෙ වරදක් නෑ මේ ක්‍රමයට අනුගතව ගත්තම. ඒත් ඇත්ත තමයි, එතනදි තමයි මනුස්සයෙක්ගෙ සමාජ ජීවිතය එක්ක, හැඟීම් ආකල්ප, පරාර්ථකාමීත්වය , කියන දේ වැදගත් වෙන්නෙ.
මට යමක් තියෙනව නම්, අනිත් එකාටත් මට වගේ කරගන්න පුලුවන් නෙ කියන මනෝභාවය අතිශයින්ම පසුගාමී, මෝඩ සහ ආත්මාර්ථකාමී එකක්. ඒක සමාජ අරමුණු එක්ක වෙලෙන මිනිහෙක්ට , ගැලපෙන්නෙ නැති දෙයක්.
හරියට, හිඟන්නෙක්ට රුපියල් දාහක් දීල, හෙට රටේ සමස්ථ නැතිබැරි මිනිස්සු, නැති කරන්න හදනව වගේ වැඩක්.
ලෝකයේ, ඉහළම ධනපතීන් අතර ඉන්නව , ඉන්දියානුවන්. ඒ වගේම ඉන්දියාවේ සාතිශය බහුතරයක් , අන්ත දුගී ජීවිත ගෙවනව.
දුප්පත්කම , අධ්‍යාපනයක් නැති කම අවම කම, මිත්‍යාව, වාර්ගික ජාතිභේද, ඒ සියල්ලේම පදනම වෙන ආර්ථික ගැටළුව.
වෙළුනු සමාජයකට, ඉන් ගොඩ ගන්න අවශ්‍ය මොකක්ද. .?
නිවැරදි ආර්ථික ක්‍රියාවලියක් සහිත ආණ්ඩුවක්. නිෂ්පාදනය සාධාරණ ලෙස බෙදෙන සමාජයක්. ඉන්දියාවෙ වගෙම ලංකාවෙ නැත්තෙ අන්න ඒක.
ඒකට විසඳුම විදියට, තමන් හම්බුකරගෙන කෑම කියන තියරිය ආදේශ කරන එක කොච්චර ප්‍රායෝගික ද කියල හිත්ල බලන්න.
බදු, ණය ජීවිතේම උන සමාජයක, පුද්ගලයා කියන ඒකකයට චෝදනාව දාල , ගැලවෙන්න අවශ්‍ය නම්, මොකටද මේ ආණ්ඩු. මිනිස්සුන්ගෙම බදු වලින් යැපෙන හිඟන්නො ටිකක් පාර්ලිමේන්තු යවල, නියව නියව ඉන්න අවශ්‍ය නෑ.
මේක තනියම, වියුක්තව ගන්න බෑ. එකිනෙක ගැටගැහුණු ක්‍රියාවලියක්. සංකීර්ණයි.
ඒකෙන් මිදෙන්න, හම්බකරගෙන කාපන්, කියන තියරිය අදාල කරගන්න බෑ.
එකම මගයි, හරි පාලනයක් හදාගනින්ල..
උන් උඹලට, ජීවිතේ හදල දේවි, ජීවිත විකුණන්නෙ නැතිව.
කාලෙකින්න වටින අදහස් ටිකක් කියවන්න ලැබුන එකට සතුටුයි, 🤝🏻♥️
ReplyDeleteකාලෙකින්න වටින අදහස් ටිකක් කියවන්න ලැබුන
ReplyDeleteදැන් නම් පලවෙනි පන්තියටත් කෙල වෙලා තියෙන්නේ. මේවා මිනිස්සු අතරේ ගියා නම් කොච්චර දෙයක්ද! ජය
ReplyDeletegood read
ReplyDelete