Monday, 7 July 2025

මේ වඳුරෝ ටික කාන්තාරේ මරා ගන්න දැම්ම නම් ...


වික්ටර් ඔස්ට්‍රොව්ස්කි යනු මොසාඩ් සංවිධානයේ සේවය කල බුද්ධි නිලධාරියෙකි. ඔහු 1986දී ඊශ්‍රායල් ඔත්තු සේවයෙන් ඉවත්වී කැනඩාවට සංක්‍රමණය කළේය. එහිදී ඔහු ක්ලෙයාර් හෝයි නම් කැනේඩියානු ලේඛිකාව සමග එකතුව තම ජීවිත අත්දැකීම් ඇතුළත් "By Way of Deception" යන කෘතිය ලිව්වේය. එය ලාංකිකයාට වැදගත් වුයේ එම ග්‍රන්ථයෙහි ලංකාව පිළිබඳව කිහිප තැනකම සඳහන්වන බැවිනි.

ඊශ්‍රායලය එකම කාල වකවානුවකදී ශ්‍රී ලංකා රජයේ හමුදාවටත්, LTTE සටන්කරුවන්ටත්  තම රටට අයත් ජුඩියන් කාන්තාරයේ කොටසක සටන් පුහුණුව ලබා දුන්නේය. ඒ එකිනෙකට කිලෝ මීටර් කිහිපයක් ඈතින් වූ කඳවුරු දෙකකදීය. මේ දෙපිරිසම මේ ගැන කිසිවක් නොදැන ඊශ්‍රායලයට ඉහළ ගෙවීමක් කර මේ සේවය ලබාගත්තෝය. එකල ලලිත් ඇතුළත්මුදලි ඇමතිවරයා තම හමුදාවට ඊශ්‍රායලය යුධ අවි පුහුණුව ලබා දෙන බව මාධ්‍ය සාකච්චා වලදී උජාරුවෙන් පැවසීය. 

එක් අවස්ථාවක ඊශ්‍රායෙල් හමුදා ප්‍රධානියෙක් මෙලෙස කියා ඇත. "Why don't we let these two groups of monkeys kill each other in the desert. It could have sapred 1000s of innocent civilians in Sri Lanka" (මේ වඳුරු කණ්ඩායම් දෙක මේ කාන්තරයෙදීම එකිනෙකා මරාගන්න සැලැස්සුවා නම් ලංකාවේ අහිංසක සිවිල් වැසියන් දහස් ගණනකගේ ජීවිත බේරාගැනීමට තිබුණා).

ඒ කතාවේ යම් ගත යුත්තක්ද ඇති බව මගේ හැඟීමයි.  

ඊශ්‍රායල් නිලධාරීන් විසින් ලංකාවට ලබාදෙන ණය සහ ආධාර මුදල්වලින් කොටසක් ඊශ්‍රායලයෙන් අවි ආයුධ ගැනීම සඳහා යෙදවීම පිණිස ලෝක බැංකුව සහ අනෙකුත් donorsලා අන්දන ආකාරය, ලංකාවේ දේශපාලකයන්ට ඉගැන්වූ බව ඔස්ට්‍රොව්ස්කිගේ පොතේ සඳහන් වන තවත් කාරණයකි. 

තවත් වරෙක ලංකාවෙන් පුහුණුවීම් පාඨමාලාවකට පැමිණි රජයේ නිලධාරීන් පිරිසකට ඉතා සංකීර්ණ රේඩාර් උපකරණයක ක්‍රියාකාරිත්වය කියා දුන්නේ වැකියුම් ක්ලිනරයක ඇතුළත පෙන්වීමෙන් බවද ඔස්ට්‍රොව්ස්කි ලියා ඇත. මේ කරණා පිළිබඳව පසුව ඊශ්‍රායලයෙල් නිලධාරීන් ඇතිවෙන්න සිනාසෙමින් විනෝද වූ බව ඔස්ට්‍රොව්ස්කි පවසයි. 

මේ වාර්තාවන එක කරුණකි, බිබිලේ පැණි දොඩම් වලට වූ දේ ගැනත්, ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස (මගේ පාසල් සඟයා) ගේ අවසානය පිළිබඳවත් අපි වෙනත් වෙලාවක කතා කරමු. 

2 comments:

  1. ගෝමස් ශ්‍රී ලාංකිකයෙක්ද? ඊශරයිල් කාරයෙක් ද

    ReplyDelete
  2. ඇත්තටම චන්දිම ඔබ ඉතා වැදගත් සහ සංකීර්ණ දේශපාලන විශ්ලේෂණයක් ඉදිරිපත් කරනවා. ජාත්‍යන්තර දේශපාලනයේ, විශේෂයෙන්ම මහා බලවතුන් කුඩා රටවල් සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව ඔබගේ අදහස් ගැඹුරු කියවීමක්.

    ජාත්‍යන්තර දේශපාලනය කියන්නේ ඉතා සංකීර්ණ සහ කුරිරු තැනක්. මහා බලවතුන්ගේ උවමනාවන් වෙනුවෙන් කුඩා රටවල් සහ ඒවායේ නායකයන් භාවිත කර, පසුව අතහැර දමන ආකාරය ඉතිහාසය පුරාම දැකගත හැකියි. මේ දිනවල කතාබහට ලක්වන සිදුවීම් සහ ඓතිහාසික කරුණු කිහිපයක් හරහා ලංකාවේ ඉරණම සහ ජාත්‍යන්තර බල දේශපාලනයේ සැඟවුණු පැතිකඩ විමසා බලමු.

    ලංකාවේ 1977 දී බලයට පත්වීමට ජේ.ආර්. ජයවර්ධනට, එවකට ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ සංවිධානයට සම්බන්ධ බටහිර රටවලින් දැවැන්ත මූල්‍ය අනුග්‍රහයක් සමග ප්‍රබල සහායක් ලැබුණේ එවකට ඔවුන්ගේ ගෝලීය "රෙජීම් චේන්ජ්" න්‍යායපත්‍රයේ ඔහු කොටස්කරුවෙක් වූ නිසා.

    කෙසේ වෙතත්, එවකට සෝවියට් කඳවුරේ සිටි ඉන්දියාව ඉන් පසුව ඇමරිකන් න්‍යාය පත්‍රයට අනුව වැඩපටන්ගත්තු ජේආර් ඉන්දියාවෙන් ගේම ඉල්ලපු නිසා ඒකට උත්තරයක් විදිහට රෝ බුද්ධි අංශ සහ තමිල්නාඩු දේශපාලන පක්ෂ වල සහාය ඇතිව ලංකාවේ උතුරේ බෙදුම්වාදී ත්‍රස්තවාදය අවුලුවාලූ විට, ඇමරිකාව ජේ.ආර්. ට කිසිදු ප්‍රායෝගික උපකාරයක් ලබා දුන්නේ නැහැ. ඔහුව "භාවිත කළ කොන්ඩමයක් ලෙස නොසලකා ඉවත දැමූ" ආකාරයක් පෙනී ගියා. මේ මොහොතේ, අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට හෝ සිතා, ජේ.ආර්. ට පිහිටට ආවේ ඊශ්‍රායලය පමණයි. මේ වගේම ඉන්දීය ලංකා සබඳතා පිළිබඳව එවකට ලංකාවේ හිටපු ඉන්දීය මහකොමසාරිස් ජේ එන් දික්සිත් බොහෝ තොරතුරු ලියා තිබෙනවා ඔහුගේ අත්දැකීම් ගැන MR නාරායන් ස්වාමි ලියා ඇති Tigers of Lanka : from boys to Guerrillas වගේ පොත් ගැනත් මේ වගේ විස්තර සහිතව ලියන්න පුළුවන්ද?

    එපමණක් නොව 1982 ෆෝක්ලන්ඩ් යුද්ධය ආරම්භයේදී කොන්දේසි විරහිතව එංගලන්තයට රෙදි නැතිව කඩේ යමින් මහත් අනුග්‍රහය දැක්වූ ජේ.ආර්. ට ප්‍රශ්න ආ විට, එංගලන්තය මහවැලි ව්‍යාපාරයට පමණක් ආධාර දී, යුද්ධයට කිසිත් නොකර, උතුරේ දමිළ බෙදුම්වාදයට උඩගෙඩි දෙමින් සිටි අවස්ථාවක, ඔහුට තිබුණ එකම විකල්පය ඊශ්‍රායලය වූ බව අප අමතක නොකළ යුතුයි. මේ තත්ත්වය, කුඩා රටක නායකයෙකුට ජාත්‍යන්තර බල දේශපාලනය හමුවේ ඇති වන අසරණභාවය මැනවින් පෙන්නුම් කරනවා.

    ඔබ පැවසූ ලෙසම ඊශ්‍රායලය සහ ලංකාව අතර අභිරහස් සබඳතා: "By Way of Deception" හි හෙළිදරව්ව වික්ටර් ඔස්ට්‍රොව්ස්කි නම් හිටපු මොසාඩ් බුද්ධි නිලධාරියාගේ "By Way of Deception" කෘතිය, ඊශ්‍රායලය සහ ලංකාව අතර පැවති අඳුරු සබඳතා පිළිබඳව ලොමුදැහැගන්වන තොරතුරු හෙළි කරනවා.

    ඇත්තටම By Way of Deception වැනි පොත්, රාජ්‍යයන් අතර පවතින "නිල නොවන" සබඳතා සහ ජාත්‍යන්තර දේශපාලනයේ අඳුරු පැතිකඩ හෙළිදරව් කරනවා. මෙම කරුණු වගේම ලංකාවේ ඉතිහාසයේ බොහෝ දේ අපට නොකියූ බවත්, ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලු පැවති බවත් පැහැදිලියි.

    එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, යුරෝපීය සංගමය, කැනඩාව ඇතුළු නේටෝ රටවල සහාය ඇතිව ලොව පුරාම "රෙජීම් චේන්ජ්" සිදු කිරීම, විශේෂයෙන්ම ලංකාවේ 2022 රෙජීම් චේන්ජ් එක සහ ඊට පසුව බංග්ලාදේශයේ එයම නැවත ප්‍රතිනිර්මාණය කිරීම වැනි සිදුවීම් වලදී, ඔවුන්ගේ නියෝජිත කණ්ඩායම් බලයට පත් කිරීමත්, ඊට පසුව ඒ බලයට පත්වන අය අතිශය අමානුෂික ලෙස අතහැර දැමීමත් දැකගත හැකියි. ඉරාකයේ, ලිබියාවේ, ඇෆ්ගනිස්ථානයේ, පාකිස්තානයේ, බංග්ලාදේශයේ පසුව බලයට ආපු එක්සත් ජනපද රූකඩ මෙන්ම, ලංකාවේ කලකට පෙර එක්සත් ජනපදය සිය අභිමතය අනුව බලයට පත්කරපු රනිල්-මෛත්‍රී යුවළ, තනි අලි රනිල් වැනි පාලකයන්, සහ ලංකාවේ වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුවත් මේ "ඇමරිකන් ටොෆි ගිලලා විහින් වරිගේ නහගත්ත මෝඩයන්ට" හොඳම උදාහරණ බවට ඔබට වැටහේවි.

    ජාත්‍යන්තර දේශපාලනයේදී කිසිදු රටකට ස්ථිර මිතුරන් හෝ සතුරන් නොමැති බවත්, ඇත්තේ ස්ථිර අවශ්‍යතා පමණක් බවත් මේ සියලු සිදුවීම්වලින් පැහැදිලි වෙනවා.

    මේ සියලු කරුණු ගැන ඔබ මොකද හිතන්නේ? ලංකාවේ අනාගතය වෙනුවෙන් රටේ සිටින විචක්ෂණශීලී ජනතාව සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වගේම දේශපාලන පක්ෂ සහ විශේෂයෙන්ම දේශපාලන නායකත්වය මේ පාඩම්වලින් ගත යුත්තේ කුමක්ද? මේ ගැන ඔබේ අදහස් මොනවාද?

    ReplyDelete