Thursday, 21 October 2021

ලාංකීය දේශපාලනය සහ ජවිපෙ


ඒකාධිපති පාලනයක් යටතේ රටක් කඩා වැටෙන විට සහ ඉතා දුර්වල පාලන තන්ත්‍රයක් යටතේ රටක් කඩා වැටෙන විට දකින්න ලැබෙන ලක්ෂණ වෙනස්ය. යම් සිතීමේ හැකියාවක් ඇති සියළු ලාංකිකයන් රටේ අනිවාර්යයෙන්ම ඇතිවන ආර්ථික සහ සාමාජීය බිඳ වැටීම ගැන පසුගිය වසර තුල අනාවැකි පළකළේය. එය දැන් සැබෑ වෙමින් පවතී. එහෙත් ඔවුන් බහුතරයකට වැරදුන කරුණක් ඇත. එනම් මේ බිඳ වැටීම ඒකාධිපති ස්වරූපයකින් සිදුවෙතැයි පලකල අනාවැකියයි. 

මේ වන විට සිදුවෙමින් පවතින්නේ ඉතා දුර්වල අඳබාලයෙක් හිට්ලර්ගේ වෙස් මුහුණක් දාගෙන කරන විගඩමකි. ගැසට් ගැසීමේ සිට, ගන්නා සියලු තීන්දු තීරණ වෙනස් කරමින්, ව්‍යාපාරික ප්‍රජාව ඉදිරියේ බයාදු ලෙස යටහත් පහත් වෙමින්, ලොව පුරා ණය යදිමින්, වෘතිය සමිති ඉදිරියේ නිවට නියාලු ගති පෙන්වමින් මේ වන විට ප්‍රදර්ශනය කරන්නේ බලාපොරත්තු වුවාට වඩා ඉතා දුබල නායකත්වයකි. එම කඳවුර තුල පැහැදිලිවම දැකිය හැක්කේ "රිලවුන්ට එදිරිව රිලවුන්" නාටකය පමණි. එක් අතකින් එය රටට අඩු අයහපතක් කරන බව මට හැඟෙයි.  අනෙක් අතින් ඔවුන් නෑදෑ හිත මිතුරන් සහ තම පවුල වෙනුවෙන් නීතිය සම්පුර්ණයෙන්ම අකර්මන්‍ය කර ඇත. මෙය භයංකාර තත්වයකි.

රටෙහි විපක්ෂය යයි කියා ගන්නා හරිත සංසදය (සජබ-එජාප) තුල ඇත්තේ ආණ්ඩුවටත් වඩා දුර්වල පැවැත්මකි. අසමගියට අමතරව මේ පාර්ශව දෙකෙහිම නායකත්වයෙහි ඇති විසුලුරූපී බව මනාවට දිස්වෙයි. සජබ නායකත්වය කිසිසේත්ම රටක නායකත්වයට නුසුදුසු අනුවණ දුර්වල චරිතයක් බව ගෙවෙන සෑම දිනකම ඔප්පුකර පෙන්වයි. තම මුහුණ අවශ්‍ය අනවශ්‍ය හැම තැනකම ප්‍රදර්ශනය කිරීමට යාමත්, නැති පාණ්ඩිතත්වයක් පෙන්නුම් කිරීමට යාමත්, අඳබාල පෙනුමත් මෙහි නායකත්වයේ දුර්වලතාය. නමුත් එහි යම් ඉහල ධනාත්මක හැකියාවන් ඇති, එහෙත් කිසිඳු සමගියක් නැති දෙවන පෙළක් ඇත. 

එජාප නායකත්වය මහ පොළවේ යථාර්තය තේරුම් ගත නොහැකිව මිය පරලොව ගිය ප්‍රේතාත්මයකි. ඊට වඩා දෙයක් ඒ ගැන කිව නොහැක. එහි දෙවන පෙලද ඉතා දුර්වල මහජනතාවගේ අවමානයට පාත්‍ර වූ පිරිසකගෙන් සමන්විතය. 

මගේ සරසවි සිසු ජීවිතයේදී මා ඇතුළු මා දන්නා හඳුනන බොහෝ මිතුරු මිතුරියන් ඉතාම අප්‍රිය කල දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණයි. සරසවිය තුල ජවිපෙ සාමාජිකයන්ගේ තිබූ මර්දනකාරී දරදඬු පිළිවෙතත්, රට තුල ඔවුන් ගෙනගිය භීෂණකාරී වැඩ පිළිවෙලත් ඔවුන්ව අපට අප්‍රසන්න කරලීය.  පසු කාලීනව ඔවුන් තුල දක්නට ලැබුණු වැල යන අතට මැස්ස ගැසීමේ පිළිවෙත (රටේ යම් අවස්ථාවක පවතින රැල්ලට අනුව පිහිනීම) ඔවුන්ගේ දරුණු ඇද වැටීමට හේතු වූ බව මට සිතෙයි. මා මේ පිළිබඳව ලියන්නේ වෙන කෙනෙකුගේ නොව මගේම අත්දැකීමෙන් ලබා ගත් දැනුම ආශ්‍රයෙනි. 

නමුත් වර්තමානය සහ මෑත අතීතය දෙස බලන විට තවමත් දුෂණය-භිෂණය-වංචාව පිළිබඳව කුණු නොතවරුණු එකම ප්‍රධාන පක්ෂය ජවිපෙයි. ඔවුන්ට එරෙහිව අනෙකුත් පක්ෂ කරපින්නා ගත් උදවිය පවසන කතා ඉතා විහිළු සහගතය. එම පෙරමුණේ නායකයන්ගේ සිරුරේ ස්වභාවය, පවුල් ජීවිතය, පක්ෂයේ වත්කම් සහ වියදම්, මෙන්ම අයර්ලන්තයේ ගෙවල් පිළිබඳවද මේ පිරිස් අවලාද නගන්නේ ඔවුන්ගේ අසරණකමට යයි මට සිතෙයි. තමන්ගේ නායකයන් බිලියන ගණනින් මහජන මුදල් වංචා කරමින් සුරසැප විඳිමින් ජනතාවටම කොකා පෙන්වද්දී මේ වහල් මනසින් යුත් මුග්ධයන්ට කර කියාගත හැකි දෙයක් නැති සේයකි. ඔවුන් රැකගන්න හදන්නේ තමන්ගේම ඉහ මොළ සූරා කන තක්කඩියන් රැලක් බව සමහර උගතුන්ට පවා නොතේරීම පුදුම සහගතය. 

ලංකාව යනු පිළිකාවෙන් පෙලෙන රෝගියෙකි. පිළිකාව ආපසු හැරවීම ඉතා අපහසුය. අඩුම ගණනේ යම් අවස්ථාවකදී නිවැරදි වෛද්‍ය තීරණ ගැනීමෙන් රෝගියාගේ මරණය පමා කරගත හැක. එහෙත් මේ තීරණ ක්‍රියාවේ යෙදවීම ඉතා කටුක සහ වේදනාත්මක කාර්යයක් වීම වලකනු නොහැක. 

මා දකින ආකාරයට ලංකාව ආගාධයට යන මග අහුරාලීමට නම් ජවිපෙ එම ක්‍රියාන්විතයේ අනිවාර්ය කොටස් කරුවෙකු විය යුතුය. ඊට හේතු වන කාරණා කිහිපයක් මම දකිමි.

දැනට ලංකාවේ පවතින අන්ත දුෂිත වූ ප්‍රධාන පක්ෂවලින් ස්වායත්ත වූ, රට පුරාම විහිදුනු දේශපාලනික මෙහෙයුම් ජාලයක් පවතින එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. මෙබඳු සංකීර්ණ මෙහෙයුම් ජාලයක් නොමැතිව දේශපාලනය කිරීම අති දුෂ්කර කාර්යයකි. 

ජවිපෙ වටා ගොඩ නැගුණු බුද්ධි ජාලයක් පවතී. මෙය රටේ පවතින ගැටළු විසඳීමට සහ අනාගත වැඩ පිළිවෙල ගොඩනැංවීම සඳහා අතිශයින් වැදගත්වෙයි.

පදනම් විරහිත මඩ හැරුණු විට ජවිපෙ ට එල්ල කල හැකි දුෂණ චෝදනා ඉතා අල්පය. 

කෙසේ නමුත් ජවිපෙන් සැබෑවටම ප්‍රශ්ණ කල යුතු කරුණු රාශියක් ඇත. 

ඔවුන්ගේ අධ්‍යාපන, ආර්ථික සහ විදේශ කටයුතු පිළිබඳව දැක්ම සහ ප්‍රතිපත්තිය කුමක්දැයි නිවැරදිව පැහැදිලි කල යුතුව ඇත.

ඔවුන් සමජවාදයෙහිම එල්ලී සිටිනවාද නැත්නම් වෙනත් රටට ගැලපෙන දේශීය දේශපාලනික ක්‍රමවේදයක් හඳුන්වා දෙනවාද යන්න ඇසිය යුතුය.   

ඔවුන්ගේ ජාති-ආගම් පිළිබඳව ඇති ප්‍රතිපත්තිය කුමක්ද යයි ඇසිය යුතුව ඇත.

නීතිය හා රටේ ව්‍යවස්ථාව පිළිබඳව ඔවුන්ගේ ස්ථිර අදහස කුමක්දැයි ඔවුන් ඍජුවම ප්‍රකාශ කල යුතුය. 

ජවිපෙ නායකත්වය තාප්පයට තද කර ඇසිය යුතු ප්‍රශ්න මේවාය. ඔවුන්ගේ පසුගිය දශක දෙකහමාරක කාලය තුල හැසිරීම මේ පිළිබඳව ජනතාව තුල අපැහැදීමක් ඇතිවීමට මූලික හේතුවක් වූ බව මගේ හැඟීමයි. 

නමුත් අනෙකුත් ප්‍රධාන දේශපාලන පක්ෂවල මානසික වහලුන් බවට පත් වූ උදවිය කරන්නේ ජවිපෙ ලබා ගත් 3% චන්ද ප්‍රතිශතය පිළිබඳව ඉතා බොළඳ හා ලාමක ආකාරයෙන් උසුළු විසුළු කිරීමයි. ලංකාවේ 97% නිවැරදි දේශපාලන තීන්දු ගත්තා නම් අද වන විට මෙය පාරාදීසයක් වන්නට තිබුණි. අද ඔබ ජීවත්වන අඳුරු ආගාධය මේ බහුතරයක් මෝඩයන්ගේ තීරණ වල ප්‍රතිඵලයකි. 



Saturday, 16 October 2021

ලාංකීය දේශපාලනයේ නාගානන්ද සලකුණ


මා පළමු සහ අවසන් වරට ලංකාවේ දේශපාලකයෙකු වෙනුවෙන් සමාජ මාධ්‍ය තුල කතා කලේ නාගානන්ද මහතා වෙනුවෙනි. ඒ සංජය ඇල්විටිගල සහෝදරයාගේ ඇරයුමක් පරිදිය. එතෙක් මෙතක් මා නාගනන්ද මහතා සමග කතා කර ඇත්තේ එකම එක වතාවකි. එයද විනාඩි කිහිපයක දුරකථන ඇමතුමකට සීමා විය. මේ අනුව මම ඔහුට සහයෝගය දීමට තීරණය කලේ තනිකරම ඔහු ඉදිරිපත්කල අදහස් හැදෑරීමෙන් පමණි. මම අදටත් ඒ පිළිබඳව සතුටු වෙමි. 

නාගානන්ද මහතාට සහයෝගය පළකරමින් මා එළිදැක්වූ පළමු වීඩියෝවෙන් පසු බොහෝ දෙනෙකු මට දිගට හරහට අපහාස උපහාස කරන්න විය. තම ජිවිත කාලය පුරාම දේශපාලකයා නමින් සුදු රෙදි පොරවා ගත් සොරුන්, මංකොල්ලකාරයන්, වංචනිකයන් සහ තක්කඩින්ට රැවටුණු, අදටත් රැවටෙන පිරිස්, මා හොරෙකුට හසුවී ඇති බව පැවසීය. ඔවුන් බොහෝ දෙනෙක් නාගානන්ද මහතා ගැන අසා තිබුණේද ඊට දින කිහිපයකට පෙරයි. දහනව වන ශතවර්ෂයේදී වහල් බවින් මිදීමට ඇමරිකාවේ වහලුන් තුල වූ දැඩි අකමැත්ත පිළිබඳව මා බොහෝ දේ කියවා තිබුණි. එහෙත් ඒවායේ නිරවද්‍යතාවය පිළිබඳව මට පැහැදිලි සහතිකයක් ලැබුණේ මේ කාලයේදීය. 

නාගානන්ද මහතාගේ දේශපාලන සංක්‍රාන්තිය සහ ඉන් පසු සිදු වූ සියළුම දේ මා දකින්නේ බෙහෙවින් ධනාත්මකවය. ඔහුට මැතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි වීම සහ ගෝඨාභය රාජපක්ෂ අභියෝගයකින් තොරව ජය ගැනීමද දිගු කාලීනව ජනතාව ලැබූ ජයග්‍රහණයන්ය. නොඑසේ නම් ගෝඨාභය අදටත් වීරයෙකි. වෙන කවුරු බලයට පත් වුනත් ගෝඨාභයව බලයට ගෙන ඒමේ සිහිනය ජනතාව අතහරින්නේ නැත. මේ අනුව ඔවුන්ට සත්‍යාවබෝධය තව දශකයකින් පමණ පිටුපසට යාමට ඉඩ තිබුණි. 

නාගනන්ද මහතා විසින් සිදුකල සමාජ පරිවර්තනය තවමත් බොහෝ දෙනෙකුට නොපෙනේ. මා දන්නා ඉතිහාසයේ පුද්ගලයෙකු හෝ පක්ෂයක් වෙනුවට වැඩ පිළිවෙලක් කරලියට නැංවුයේ ඔහුය. 

ඔහු නීතිවේදියකු බැවින් ඔහුගේ දැනුම සහ අවධානය, "නීතිය" යන සංකල්පයෙන් ඔබ්බට නොයන බවට ඔහු වටා රොක් වුනු පිරිස් අතරින්ද සංවාදයක් මතුවිය. මේ පිළිබඳව මටද ගැටළු තිබුණි.

පසු කලෙක මම මේ පිළිබඳව ස්වයං-විග්‍රහයක නිරත වුනෙමි. 

මා ඉතා ධනවත් රටවල සිට ඉතාම දුගී රටවල් දක්වා සංචාරය කර ඇති බැවින් මට රටක ඇති පහසුකම් සහ යටිතල ව්‍යහය පිළිබඳව හොඳ අවබෝධයක් ඇත. මා දකින ආකාරයට වැඩි දියුණු කිරීමට බොහෝ කාරණා තිබුනත් ලංකාවේ යහපත් පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන පද්ධතියක්, රෝහල් පද්ධතියක්, මහා මාර්ග පද්ධතියක්, සිවිල් සේවා යටිතල පහසුකම් පද්ධතියක් මෙන්ම අද වන විට වැදගත්වන අන්තර් ජාල සහ සංනිවේදන පද්ධතියක්ද ඇත. 

එසේ නම් ලංකාවේ ඇත්තටම ඇති ගැටළු මොනවාද? මට පෙනෙන්නේ කාරණා දෙකකි. 

අධ්‍යාපන ක්‍රමවේදය ඉහල සිට පහලටම ගැටළු සහගතය 

මුළු රටම වෙලාගත් දුෂණය, භිෂණය සහ වංචාව සමාජයේ ගැඹුරටම ඔඩු දුවා ඇත 

පාසැල් සහ සරසවි යනු අධ්‍යාපනය නොවේ. ඒවා අධ්‍යාපනයට අවශ්‍ය යටිතල පහසුකම්ය. අධ්‍යාපනය යනු පුරවැසියෙකුගේ දැනුම, විශ්ලේෂණ හැකියාව, දක්ෂතා සහ යහපත් පැවැත්ම වැඩි දියුණු කිරීමෙහිලා පහසුකම් සැපයීමයි. අධ්‍යාපනයේ මූලික පරමාර්ථය ලොවට වැඩදායක පුරවැසියෙකු බිහි කිරීමයි. අපේ රටේ ඇති "තොරතුරු රැස් කිරීම සහ වමාර දැමීම" මත පදනම් වූ ක්‍රමවේදය අධ්‍යාපනය ලෙස හැඳින්වීමට හැකි දැයි ප්‍රශ්න කිරීමට කාලය උදාවී ඇත.  

රටේ පවතින ගැටළු රට තුල විසඳා ගැනීමට තරම් හැකියාවක් ඇති පුරවැසියන් බිහි නොවීම, යහපත් තීරණ ගැනීමට නොහැකි අසතුටින් අසහනයෙන් පෙලෙන මානසික රෝගීන් බිහිවීම, සහ මේ අවැඩදායක ඵල ඊළඟ පරම්පරාවලට සම්ප්‍රේෂණය වීම අධ්‍යාපනය අයහපත්වීමේ ප්‍රතිඵලය. 

ඊළඟ කාරණයට මූලිකම හේතුව රටේ නීතිය වල් වැදීමයි. නීතිය යනු උසාවියේදී අප දකින ක්‍රියාන්විතය පමණක් නොවේ. නීති සහ ප්‍රතිපත්ති බිහිකිරීමේ යාන්ත්‍රණය,  පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, යුක්තිය පසිදලීමේ ක්‍රමවේදය, මෙන්ම සමාජය තුල පුරවැසියාගේ යහපත් හැසිරීමද නීතිය යන විෂයයට අදාළ වෙයි. 

රටක නීතිය බිඳ වැටෙන විට මුළු සමාජයම බිඳ වැටෙයි. සොරකම, භීෂණය සහ වංචාව සමාජයේ සෑම අහු මුල්ලකටම පැතිරෙයි. මෙහි ප්‍රතිඵලය සමස්ත සමාජ සංස්ථාවම කඩා වැටීමයි. එය අධ්‍යාපනයටද බලපායි. 

පාසල් සහ සරසවි පද්ධතියක් තිබුණාට අධ්‍යාපනය බිඳ වැටෙයි. මහාමාර්ග පද්ධතියක් තිබුනාට ප්‍රවාහනය බිඳ වැටෙයි,  රෝහල් පද්ධතියක් තිබුණාට සෞඛ්‍ය සේවය කඩා වැටෙයි. සිවිල් සේවා යටිතල පහසුකම් පද්ධතියක් තිබුනාට සිවිල් සේවය කඩා වැටෙයි, අන්තර්ජාල සහ සංනිවේදන පද්ධතියක් තිබුනාට එහි සේවය සාමාන්‍ය ජනතාවට ලබාගත නොහැකි තත්වයක් උදා වෙයි. අද ලංකාව පත්ව ඇත්තේ එතැනටයි. 

මේ අනුව නගානන්ද මහතාගේ අවධානයෙහි වරදක් නොමැති බව මට පෙනෙයි. නීතිය යලි ස්ථාපිත කිරීම තුලින් රටේ බොහෝ අංශ පුනරුත්තාපනය වෙයි. එය සමාජය ගොඩනැගීමේ අඩිතාලමයි. ඊට අමතරව අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කිරීමද වැදගත් කාර්යභාරයකි. එතුමා ඒ පිළිබඳවද කතා කල බව මගේ මතකයි.

මෙතැන් සිට කොයි බටද?

මේ වන විට රට තුල විශාල කඩා වැටීමක් ඇත. බොහෝ දෙනෙකු මෙහිදී දකින්නේ ආර්ථික කඩා වැටීමයි. නමුත් ඊට වඩා බොහෝ සෙයින් දරුණු අවපාත කිහිපයක් ඇත. සිවිල් පරිපාලනය දුර්වල වීම, නීතියේ ආධිපත්‍ය පිරිහීම සහ සමාජයේ තීරණ ගැනීමේ යාන්ත්‍රණය ආගම් නායකයන් අතට පත්වීම මා දකින ආකාරයට වඩාත් අහිතකර තත්වයන්ය. තවමත් මේ ආයතන කඩා වැටි නැත (එසේ වූ විට රටම අසමත්වෙයි), එහෙත් එසේ වීමේ දැඩි අවදානමක් ඇත. 

නාගනන්ද මහතා දුර දක්නා නුවණින් යුතු තම වෘත්තියේ හසල අත්දැකීම් ඇති පුද්ගලයෙකි. එහෙත් රාජ්‍ය පාලනය සඳහා මීට වඩා අති පුළුල් පරාසයක වූ යාන්ත්‍රණයක් සහ දේශපාලන ව්‍යක්තභාවයක් අවශ්‍යවේ. එය ඇති තැන්වල වෙනත් බොහෝ දුර්වලතා පවතී. එහෙත් අප අකමැති පුද්ගලයන් සහ පක්ෂ සමග පවා යම් මැදහත් ස්ථාවරයකට පැමිණීම දේශපාලනයේදී නොකරම බැරි දෙයකි. නමුත් එහි ඇති වැදගත්ම කරුණ අපගේ මුඛ්‍ය පරමාර්ථය ගනුදෙනුවේ අංගයක් නොකරගනිමයි. මේ අනුව එකතුවන සියලුම දෙනා නීතියේ ආධිපත්‍ය ස්ථාවර කල යුතු බව අනිවාර්යයෙන් පිළිගත යුතුය. මේ සඳහා මේ එකතුවන සියුලු දෙනාගේ මෑත ඉතිහාසයේ ක්‍රියාකාරකම් සැලකිල්ලට ගත යුතුව ඇත.  




 



Friday, 15 October 2021

ජනතාව පිනවූ නායකයෝ

මේ කියන්නේ මම දකින කතාවයි. එය ඔබ දකින කතාව නොවන්නට ඉඩ ඇත. 

මෑත කාලීන ලෝක ඉතිහාසය දෙස බලද්දී මට අපැහැදිලි, ඇදවූ සීමා ඉරකින් වෙන්වුන ගොඩවල් දෙකකට බොහෝ රාජ්‍ය නායකයන් බෙදිය හැක. එනම් තමා නිවැරදි යයි තීරණය කල දැක්මක් ඔස්සේ රටවල් ගෙන ගිය අය සහ බහුතරයක් ජනතාව පිනවීම වෙනුවෙන්ම තම දේශපාලනය කල උදවියයි. මෙයින් පලවෙනි කොටස බොහෝ විට රටවල් ගොඩගත් අතර තව පිරිසක් රටවල් විනාශ කර දැමිය. දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ බොහෝ රටවල්, ජපානය, සිංගප්පුරුව, පළමු කොටසට අයත් නායකයන් සිටි රටවල්ය. මැලේසියාවේ මහතීර් මොහොමඩ් මේ ගොඩට අයත් වන අතර ඔහුගෙන් බොහෝ යහපත් දේද සමහර අයහපත් දේද සිදුවිය. මේ ගොඩේ සිටි දරුණුතම පුද්ගලයා හිට්ලර්ය.

දෙවෙනි කොටසට අයත් දේශපාලකයන්ගෙන් දියුණු වූ රටක් පිළිබඳව මම දන්නේ නැත. මේ පාලකයන් බොහෝ දෙනෙක් තම රට අගාධයට යන බව ඇස් පනාපිට පෙනියදීත් ජනතාව මුලාවට පත්කරමින් ඉදිරියට ඇදුනේය. මේ බොහෝ නායකයෝ ජනතාවගේ අවිඥානික මානසිකභාවය තමන්ගේ වාසියට හරවා ගත්තෝය. මුලදී රටේ සම්පත් විකුණමින් හෝ විදේශ ණය ලබා ගනිමින් ඔවුහු ජනතාවට නොමිලේ බොහෝ දේ ලබා දුන් අතර ඉතා විශාල ධනස්කන්ධයක් සොරා කෑහ. රට ගොඩගත නොහැකි තැනකට ඇද වැටී  ජනතාව තමන්ට එරෙහිවන විට ඔවුන් දරුණු ඒකාධිපති ස්වරුපයකට පත්වීම සාමාන්‍යයෙන් අපට දකින්න ලැබෙන ප්‍රවණතාවයයි.  පොල්පෝට්, එර්ශාඩ්, මාර්කෝස්, මුගාබේ, චාවේස් මීට හොඳම උදාහරණය. ඔවුන්ගෙන් තවත් බොහෝ දෙනෙක් රට තවත් තමා වැනිම කෙනෙකුට බාර දී දියවී යනුද අපි දැක ඇත්තෙමු. 

මේ දෙපිරිසට අමතරව මේ කොටස් දෙක අතර දෝලනය වූ පාලකයෝද සිටියේ නැතුවාම නොවේ. 

මා කියවා ඇති සහ දන්නා ලංකා ඉතිහාසයේ තමන්ගේ දැක්ම අනුව රට පාලනය කල නායකයන් මම දකින්නේ දෙදෙනෙකි. ඔවුන් අධ්‍යාපන මට්ටමින් මෙන්ම දේශපාලන ක්‍රමවේදයෙන්ද අන්ත දෙකක සිටි දෙදෙනෙකි. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක සහ ජේ ආර් ජයවර්ධනයි. ඔවුන්ගේ කතාව ඉතිහාසයට එක්ව ඇති බැවින් එහි හොඳ-නරක තීරණය කිරීම ඔබට බාරය.

ලංකාව අද පවතින දුක්ඛිත තත්වයට පත් වීමට මුල් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ ජනතාව පිනවීමට තම තීරණ අරගත් හෝ වෙනස් කල දේශපාලකයන් බව මම විශ්වාස කරමි. අද වන විට එහි කූඨ ප්‍රාප්තියට අප පැමිණ ඇත. මා අද දකින්නේ ඇත්තෙන්ම  "එදා වේල ටුවර්ස්" පාලනයකි. ඔවුන් සැමදා උදෑසන එදින ජනතාව අන්දන ආකාරය පිළිබඳව කල්පනා කරන බව පෙනේ. ගැසට් රිවර්ස් කිරීම එයට කදිම උදාහරණයකි. 

මට හැඟෙන ආකාරයට තව දුරටත් ජනතාව පිනවීමට ඔවුන්ට හැකියාවක් නැත. ඒ රටේ මුදල් අවසන් වී ඇති බැවිනි. මේ එළඹෙන්නේ පිනවීම මර්දනයෙන් විස්තාපනය වන කාලයයි. දෙවන කාණ්ඩයේ බොහෝ පාලකයන් වෙතින් අපි මේ අවස්ථාව දැක ඇත්තෙමු. 

දශක ගණනාවක් ලංකාව මුහුණ දෙන ඉතා අයහපත් ජාතිවාදී මානසිකත්වයට (ජාති බේදයකින් තොරව පැතිරී ඇති) එක් මූලික සාධකයක් වන්නේ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකයි. සිංහල බෞද්ධ ජනතාවගේ තාවකාලික ආශ්වාදය සඳහා ඔහු ගත් පියවර ජාතිවාදී සහ අවස්ථාවාදී දෙමළ නායකයන්ට ඉනිමං බැඳීමක් විය. සෑහෙන කාලයක් යුරෝපයේ ජිවත් වූ, ඔක්ස්ෆර්ඩ් සරසවියේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ බණ්ඩාරනායක, ඔහුගේ තීරණ වල අයහපත් ඵල ගැන දැන නොසිටියා යැයි මම නොසිතමි. බලයට ඇති කෑදරකම නිසාම ඔහු බෞද්ධ නායකයන්ට නොවිය යුතු පොරොන්දු වූ බව මගේ හැඟීමයි. 

මේ කතාව ලිවීමට පෙර මගේ හිතවතුන් කිහිප දෙනෙකු සමග මේ ගැන සාකච්චා කල අතර එහිදී කීප දෙනෙකුගේම අදහස වුයේ ආර් ප්‍රේමදාස අනිවාර්යයෙන්ම සවිමත් දැක්මක් ඇතිව සිටි නායකයෙකු බවයි. නමුත් මගේ මතය නම් රාජපක්ෂලාට සහ බණ්ඩාරනායකට පසු ජනතාව පිනවීමට වැඩිපුරම ප්‍රතිපත්ති වෙනස් කල පාලකයා ප්‍රේමදාසය. කෙටි උදාහරණ දෙකක් දෙනවා නම්; තමාගේම අනුග්‍රහයෙන් ඇරඹු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ඔහු රජයට පවරා ගත්තේ ජේවීපීය වෙතට නැඹුරු වූ ජනතාව පිනවීමටයි. එහි ප්‍රතිඵලය ලෙස මැලේසියාවේ ඉදිවූ IMU සරසවියට මේ දක්වා ලාංකිකයන් වෙතින් ඇදී ගිය ඩොලර් මිලියන හෝ බිලියන ගණන කිසිවෙකුටත් පෙනෙන්නේ නැත. අනෙක් උදාහරණය නම් ඉතා විශාල ආයෝජනයක් සහිතව පටන් ගත් මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරයයි. ලාංකිකයාගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඉතා හොඳ පිලියමක් වූ මේ ආයෝජනය ඔහු හාමුදුරුවරුන්ගේ විරෝධය හමුවේ හකුලා ගත්තේය. මෙම හාමුදුරුවරු එවකට මාෆියාවක් වූ ටින් කල සාඩින් ආනයනකරුවන්ගේ ආයෝජනයක් බව පසුව හෙළිවිය. 


        


Friday, 8 October 2021

ඇන්ජෙලා ම'කල් කාගේ නිර්මාණයක්ද?


ජර්මනියේ පමණක් නොව ලොව බොහෝ දෙනෙකුගේ ඔල්වරසන් මැද ඇය නික්ම ගියාය. ඇය දැන් තවත් එක් සාමාන්‍ය ජර්මානු කාන්තාවක සේ නිදහසේ සුපර් මාර්කට් එකෙන් බඩු මිලදී ගෙන ට්‍රැම්ප් රථයක නැගී ගෙදර යන අයුරු පුවත්පත්වල පලවෙයි. ලංකාවේ බොහෝ දෙනෙකු ජර්මන් චාන්සලර් කෙනෙකු ගැන දන්නේ ඇන්ජෙලා ම'කල් පමණි. සමහරු හෙල්මුට් කෝල් සහ හෙල්මුට් ෂ්මිට් ගැන අසා ඇත.

මේ දිනවල මුහුණට මුහුණ මුණගැසී කෙරෙන සතුටු සාමිච්චි ඉතා අල්පය. මේ දුලබ අවස්ථාව අද මට ලැබුණේ අප සරසවියේ උපකුලපතිතුමා විසින් වාර්ෂිකව පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහයේදීය. කෙටි කාලයකට දකුණු අප්‍රිකාවට පැමිණ සිටින මහාචාර්යවරුන් දෙදෙනෙක් මා සමග දිගු සල්ලපයකට වැටුනේය. ඔවුන් අර්න්ස්ට් සහ ජොහෑන් විය. 

"පසු - ඇන්ජෙලා ම'කල් ජර්මනිය ගැන ඔබේ අදහස කුමක්ද?" මගේ පැනය බොහෝ දුර යන කතාවකට මග පෑදීය. 

කෙසේ නමුත් මගේ පැනයෙහි කිසිඳු හරයක් නොමැති බව මට පසුවට ඔවුන් දැක්වූ අදහස් වලින් වැටහුණි. ජර්මානුවන්ට ඇන්ජෙලා තවත් එක් යහපත් පාලිකාවක් පමණක් බව ඔවුන්ගේ අදහස් පිළිබිඹු කළේය. 

"ඇන්ජෙලා ම'කල් පමණක් නොව ජර්මනියෙහි පාලනය බාරගත් සියළුම පාලකයන් අහම්බයන් නොවේ. ඔවුන්ව නිර්මාණය කලේ ජර්මන් ජනතාවයි". එය ජර්මානු විද්වතුන් දෙදෙනාම එකඟවූ කාරණයකි. 

"ඔබ සිතනවා නම් මේ පාලකයන් උපතින්ම ශාන්තුවරුන් කියා එය ඔබ කරනා ඉතා වැරදි නිගමනයක්" ජොහෑන් පැවසීය. 

"දෙවන ලෝක යුද්ධයට පෙර සිටි පාලකයන් ගැන මට කිව නොහැකියි. එහෙත් ඉන් පසු පැමිණි සියළු නායකයන් තුල යහපත-අයහපත දෙකම තිබුනා. ජනතාව දේශපාලකයන් තෝරාගන්න කොට පැහැදිලිව දැනගෙන සිටියා ඔවුන්ගේ මේ දෙපසම ගැන. හිට්ලර්ගේ පාලනය ජර්මානුවන්ට ඉතා හොඳ පාඩමක් කියා දී තිබුනා. එනම් කිසිම නායකයෙකු දෙස සර්ව සුභවාදිව නොබලන ලෙස.  ඔබ කෙනෙකුට චන්දය දීමයි, ඔහු කරන කියන හැමදේම අනුමත කිරීමයි කියන්නේ නුවණ සහ අනුවණ අතර ඇති වෙනසයි."

අර්න්ස්ට් එතැන් සිට මේ කාරණය තවත් සරලව විස්තර කළා. "මම හැම මැතිවරණයකදීම චන්දය භාවිතා කලේ මගේ මනාපය ලබාදුන් කෙනාගේ යහපත් පසටත් වඩා අයහපත් පස ගැන හොඳ අවබෝධයකින්. මේ නිසා ඔවුන් අයහපත් පසට බරවෙන විට අපි සාමුහිකව එයට විරුද්ධ වුනා. මේ විරෝධය අප ඊළඟ මැතිවරණයේදී තමාට විරුද්ධව චන්දය දෙනවා යන පණිවිඩය නොව එසේ සිදුවිය හැකි බවට අනතුරු හැඟවීමක් බව නැණවත් පාලකයන් තේරුම් ගත්තා. මේ නිසා ඔවුන් වඩාත් යහපත් වුනා. එය නොතේරුම් ගත් මෝඩයොත් නොසිටියාම නොවෙයි. ඔවුන් ආ වේගයෙන්ම නැති වී ගියා. මේ විදියට මගේ ජිවිත කාලය තුල ජර්මනියේ බලයට පැමිණි හැම පාලකයෙක්ම සමස්තයක් ලෙස කලින් කෙනාට වඩා යහපත් වූ බව මගේ පෞද්ගලික මතයයි."

ඔබේ රටේ හොර, තක්කඩි, මිනීමරු පාලකයන් නිර්මාණය කලේ කවුදැයි ඔබ දැන් ඔබගෙන්ම අසා දැනගන්න. 

Monday, 4 October 2021

ධනාත්මක විවේචනය හෙවත් හීන් නූලෙන් රිදවීම


"ඔයාට මම මේක කියන්නේ තියෙන හිතවත්කමට. ඔයා අර විදියට කරපු එක හරිම වැරදියි. ඔයාට තිබුනේ මේ විදියට කරන්න". 

බොහොම සෙනෙහෙබර විලාශයෙන් තමන්ට කිසිසේත්ම අදාළ නොවන කාරණයක් ඇදගෙන ඔබව වරදකාරී හැගීමකට (guilty feeling) කොටු කරන ඒ යෙහෙළිය ඔබට මතකද? 

අපි වෙනත් තැනකින් කතාව පටන් ගනිමු. 

ඉරිසියාව සහ කුහකකම මේ දිනවල අපිට නිතර ඇසෙන වදන් දෙකකි. මේවායේ අර්ථ දැක්වීම් මොනවාදැයි ඔබ සිතා ඇත්ද?

ඉරිසියාව යනු තමන්ට නැති දෙයක් වෙනත් අයෙක්ට ලැබෙනවා දැකීමට ඇති අකමැත්තයි.

කුහකකම යනු තමන්ට ඇති දෙයක් වෙනත් අයෙක්ටත් ලැබෙනවා දැකීමට ඇති අකමැත්තයි.

මේ මනෝභාවයන් දෙකම පුද්ගලයෙකුගේ සැනසුම නසන මූළික කාරණා බව අපි සැවොම දනිමු. මානව ඉතිහාසය ඇරඹු දා පටන්ම ඉරිසියාව සහ කුහකකම අඩු වැඩි වශයෙන් මිනිසා තුල තිබෙන්නට ඇතැයි මට සිතෙයි. මේ ඍණාත්මක මානසික තත්වයන් මිනිසා විවිධ ක්‍රියාන්විතයන්ට යොමු කරවයි. එය සුළු සිත් රිදවීමක සිට ගම් බිම් ගිනිබත් කරමින් දියත් වූ මහා ජන සංහාර දක්වා විශාල පරාසයක විහිදෙයි. හීන් නූලෙන් රිදවීම මේ පරාසයේ එක අවස්ථාවකි. 

අපි කතාව පටන් ගන්නේ කාන්ත-වාචික මූලයක් සහිත පැනයකිනි. ඊට හේතුව මෙලෙස ව්‍යංග කරුණාවක් හරහා කෙරෙන දරුණු සිත් රිදවීම් ගැහැණු පාර්ශවය අතර සුලබ වීමයි. එහෙත් පිරිමි පාර්ශවය තුලද මේ ගතිගුණය ඇත්තන් නැතුවාම නොවේ. 

අවවාද, උපදෙස්, ධනාත්මක විවේචන ආදී යෙදුම් වලින් වසාගත් සිත් රිදවීම් කිරීමට යමෙක් පෙළඹෙන මූලික කාරණා කිහිපයකි. තරුණ වියේදී පෙම්වතෙකු නොමැතිවීම, පවුල් පසුබිමෙහි ගැටළු, තමා තුල ඇති නොහැකියාවන් ආදිය ඉරිසියාවට හේතුවන අතර තමා තුල අන් අයට නොමැති විශේෂ හැකියාවන්, වත්කම්, රූප සම්පත්තිය ආදී කාරණා ඇතැයි සිතීම කුහකත්වයට හේතුවෙයි. මැදිවියට පැමිණෙන විට පවුල් ආරවුල්, දරුවන් නොමැති වීම හෝ දරුවන් අඩු ප්‍රගතියක් පෙන්වීම, සමාජයේ කැපී පෙනෙන චරිතයක් වීමට නොහැකිවීම ආදී කාරණා මේ ගොන්නට එකතුවෙයි.

ඉහත හේතු නිසා බොහෝ දෙනෙක් මානසික රෝගයන්ට ගොදුරුවන අතර පසුගාමී සමාජ පසුබිමක හැදී වැදුණු අයෙකුට කුමන රටක සිටියත් මේ ආබාධිත තත්වයන් අවබෝධ කරගැනීම අසීරු වෙයි. මොවුන් බොහෝ විට ඉතා පරිත්‍යාගශීලී, ආගම ධර්මයට නැඹුරු, සුහදශීලී පුද්ගලයන් ලෙස පෙන්වීමට උත්සහ කරන අතර එම ප්‍රතිරූපයම තමන්ට කිට්ටු නෑදෑ හිත මිතුරන් රිදවීමට භාවිතා කරයි. 

මට ජිවිතයේ හමුවූ මේ හීන් නූල් රිදවන්නන් පිළිබඳව දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ මොවුන් බොහොමයක් බුදුවරුන්, රහතුන්, සාධුවරුන්, පාෂ්ටර්වරුන් ආදී නොයෙකුත් ස්වරුපයන්ගෙන් පෙනී සිටින්න වංචාකරුවන් පසුපස යන්නන් බවයි. එය ඔවුන්ගේ මානසික දුර්වලතාවයේ හේතුඵලයක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. 

ඔබට නිතරම බණ දේශනා කරන හෝ දේව භක්තිය පිළිබඳව අනවශ්‍ය ප්‍රමාණයෙන් කියවන හිත මිතුරියන් ඇත්නම් ඔබ කල්පනාකාරී වන්න. විශේෂයෙන්ම ඔවුන් අවශ්‍ය අනවශ්‍ය හැම දෙයකටම ඔබට අවවාද, අනුශාසනා දීමට අනාරාධිතවම ඉදිරිපත්වේ නම් ඒ ගැන වඩාත් සුපරික්ෂාකාරී වන්න. ඔවුන් බොහෝ විට ගොදුරු කරගන්නේ සංවේදී සිත් ඇති අයවයි. ඔබ ඔවුන්ට අවනත වන තරමට ඔවුන් ඔබව මානසිකව බිඳ දමයි. ඔවුන්ගේ සතුට ඔබගේ සන්තාපයයි. 

හීන් නූලෙන් තම හිතවතුන් රිදවන්නන් සමාජයේ සියළුම ස්ථරවල දැකිය හැක. මට මේ චරිතය සරසවියේදී මෙන්ම වැඩබිමේ දීද කිහිපවරක් මුණගැසී ඇත. වර්තමාන තාක්ෂණය මේ චරිතයට ඉතා පහසු වේදිකාවක් තනා දී ඇත. WhatsApp, Zoom, FB, Twitter ආදී විද්‍යුත් මාධ්‍ය තුලින් ඔවුන් ඉතා පහසුවෙන් තම ඉලක්ක සපුරා ගනී. 

        



Thursday, 16 September 2021

මන්නාරමේ තෙල්


මන්නාරමේ තෙල් කතාව 1967-68 තරම් ඈත කාලයකට ඇදී යයි. එවකට පැවති ධනවාදී කඳවුරට බරවූ එජාප රජය ප්‍රංශ සමාගමක් වූ CGG ආයතනය හරහා මේ පිළිබඳව දත්ත ලබා ගැනීමට යුහුසුලුවිය. ඉන්පසු පැමිණි සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජය මේ කටයුතු සෝවියට් සමාගමකට බාර කළේය. වසර කිහිපයක් පේසාලෙයි ප්‍රදේශයේ කැනීම් සහ විමර්ශන කටයුතු කල මෙම සමගම එය නිෂ්ඵල ක්‍රියාන්විතයක් බව නිගමනය කර අත්හැර දමන ලදී. එම රජය ඔවුන්ගේ අවසන් කාලයේ  නැවතත් යුරෝපීය සමාගම් හරහා මෙම තෙල් ගවේෂණයට අත ගැසූ මුත් එයද නිෂ්ඵල විය. 

ඉන්පසු පැමිණි සෑම රජයක් යටතේම පාහේ විටින් විට මන්නාරමේ තෙල් හිස ඔසවා පසුව කාටත් රහසේ සැඟව ගියේය. 2008න් පමණ පසු මන්නාරමේ තෙල් සහ මැතිවරණ අතර ඉතා කිට්ටු සබඳතාවයක් ඇතිවූ අතර එම තෙල් නිධි පිළිබඳව කතාවක් ඇතිවූ වහාම "ආ!  චන්දයක් ලඟද?" යයි අසන තරමට ජනතවට මෙය විහිළුවක් විය. 

මෙම මන්නාරමේ තෙල් අතීතය පිළිබඳව පුවත්පත් වාර්තා පිරික්සීමේදී  මට පෙනී යන කාරණා කිහිපයකි.

ඉන් පළමුවැන්න නම් යම් යම් කාල වකවානු වල ලොව බලවතුන් ඉන්දියාව ආසන්නයේ තම ආධිපත්‍ය ස්ථාපිත කරගැනීම සඳහා මන්නාරමේ තෙල් නිධි වෘතාන්තය භාවිතා කර ඇති බවයි.

දෙවැන්න මේ බලවතුන්ගේ අභිලාෂයන් ඉටු කරගැනීමට ශ්‍රී ලංකා රජය නිකරුනේ විශාල මුදලක් වැය කර ඇති බවයි. 

තෙවැන්න, ලංකාවේ ආණ්ඩුව තමන්ගේ ගිලිහෙන ප්‍රතිරූපය රැකගැනීම සඳහා මන්නාරමේ තෙල් නිධි කතාව නිරන්තරයෙන් උපයෝගී කරගෙන ඇති බවයි. කිහිප විටෙකම රාජ්‍ය නායකයා ජාතිය අමතා මන්නාරමේ තෙල්වලින් ජාතිය ගොඩ නගන බවට වහසි බස් දොඩා ඇත.

මේ ලිපිය මා ලියන්න සිතුවේ ඉහත පසුබිමට අදාළ රසවත් කතාවක් කීමටය.

ඒ 1998 පමණ වන්නට ඇත. මා ස්වීඩනයේ උප්සලා සරසවියේ අකුණු ආරක්ෂණය පිළිබඳව පර්යේෂණ කටයුතුවල යෙදී සිටි කාලයයි. දිනක් උදෑසන අප ආයතනයේ කෝපි කාමරයේ (coffee room) සුහඳ කතා බහක යෙදී සිටින අතර අසල මේසයක තිබු පත්‍රිකාවක් වෙත මගේ නෙත් ඇදී ගියේය. ඊට හේතුව එහි ලංකාවේ සිතියමක් තිබූ නිසාය.

මට මතක විදියට එය North Sea Exploration නම් ප්‍රවෘති පත්‍රිකාවකි (newsletter). මාස කිහිපයකට වරක් මෙය අපගේ ආයතනයට ලැබෙන නමුත් මම කිසිදාක එයට අවධානය යොමු කර තිබුණේ නැත. එහි අවසන් පිටුවේ කුඩා සටහනක සඳහන් වුයේ ලංකාවේ වෙරළෙන් ඔබ්බෙහි වූ තෙල් නිධි (offshore oil) පිළිබඳව නෝර්වේජියානු සමාගමක් දත්ත ලබාගෙන ඇති බවයි. එහි වූ කුඩා සිතියමේ මෙම තෙල් නිධිය පවතින ප්‍රදේශය පිළිබඳව  අනුමානයන් රතු පැහැයෙන් ලකුණු කර තිබුණි. එය දුටු විට මට එකවරම හැඟී ගියේ එවකට කොටි සංවිධානය ඊළම නමින් ලකුණු කරගෙන සිටින ගොඩබිම් ප්‍රදේශය සහ මෙම තෙල් නිධි පවතින බවට අනුමාන කරන මුහුදේ ස්ථාන අතර කදිම ගැලපීමක් ඇති බවයි. 

ඊට කලකට පසු එම පත්‍රිකාවේ තවත් වෙළුමක සඳහන් වුයේ ලංකාව අවට මුහුදේ තෙල් නිධි ගවේෂණයට ශ්‍රී ලංකා රජය විසින් නොර්වේ සමාගමක් තෝරාගෙන ඇති බවයි. 

1999 දී මා මගේ පර්යේෂණ කටයුතු අවසන් කර ලංකාවට පැමිණි අතර මේ තෙල් කතාව මගේ මතකයෙන් ඈත් විය. 

නැවතත් මට මේ සිද්ධිය මතක්වන්නේ ලංකාවේ මාධ්‍යවල නොර්වේ රජය එරික් සෝල්හයිම් හරහා යුද්ධය සම්බන්ධයෙන් පහසුකම් සපයන්නා ලෙස ඉටු කරන කාර්යභාරය පිළිබඳව නිතරම අසන්න වූ විටයි. ලංකාවට කිසිම සම්බන්ධයක් නැති ලොව එහා කෙලවරේ පිහිටි රටක් ලංකාවේ දේශපාලන කටයුතු පිළිබඳව දක්වන උනන්දුව පිළිබඳව යම් වැටහීමක් ඇති කරගැනීමට මට මේ සමගම හැකියාවක් ලැබුණි. 

වසර 2007 දී පමණ මට ඉන්ධන සම්බන්ධයෙන් පර්යේෂණ කරන විද්‍යාඥයන් කිහිප දෙනෙකු සමග මේ පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාවක් උදා විය. එහිදී ඔවුන් සියලු දෙනාගේ අදහස පහත දැක්වෙන පරිදි විය. 

"ඔබලාගේ රට අවට තෙල් නිධි ඇති බව සැබෑවක්. එහෙත් ඒවා වානිජමය අගයක් (commercial value) සහිතව ලබා ගැනීමට තෙල් බැරලයක මිළ තව විසි තිස් ගුණයකින් වැඩිවිය යුතුයි. ඊට පෙර ලෝකයේ වෙනත් බලශක්තියක් ඛනිජ තෙල් අභිබවා යනු ඇත".

ඊට ටික කාලෙකට පසු නොර්වේ රජය ලංකාවේ සාම සාධක කටයුතුවලින් ක්‍රමයෙන් ඉවත් වූ අතර එරික් සෝල්හයිම් මහතා පමණක් යම් කාරණාවක් හේතුවෙන් දිගටම මෙම අත පෙවීම්වල නිරත වූ බව පෙනුනි. 

.................................................................

මාගේ පුවත්පත් නිරීක්ෂණයන්ට අනුව 60 දශකයේ සිට මේ දක්වා එකොලොස් වතාවක් මන්නාරමේ තෙල් නිධි වෘතාන්තය පුවත් සිරස්තලයක් බවට පත්වී ඇත. ඒ සෑම වාරයකම පාහේ කතාව කෙලවර වන්නේ රජය විශාල මුදලක් වියදම් කරගෙන මාධ්‍ය නාඩගමක් රඟපෑමෙනි. මෙවරද මට එහි විශේෂයක් නොපෙනේ. 

කෙසේ නමුත් නුදුරු අනාගතයේදී මේ දේශපාලන විගඩම්වලින් ඔබ්බට ගොස් ලංකාවට අයත් මුහුදු තිරයේ තෙල් ලබා ගැනීමට ඇති  සක්‍යතාවය අධ්‍යනය කරනවා නම් එය සියළු ලාංකිකයන්ගේ හිත සුව පිණිස වනු ඇත. 

      


Thursday, 26 August 2021

අලියා පිට යාම

අප සමාජයේ බහුතරයක් නිර්මාංශ නොවෙති. එනම් ඔවුන් මස් පිණිස සතුන් මැරීමට දායක වෙයි. තවමත් අශ්වයා පිට හෝ අලියා පිට යාම ක්‍රීඩාවක් හෝ විනෝද කාර්යයක් බවට පත් කරගත් අය බොහෝය. අපේ ගෙවල්වල බල්ලන් සහ වෙනත් නොයෙකුත් සතුන් කූඩු කර ඇතිකරයි. මේ සෑම ක්‍රියාවකින්ම අපි සතුන්ගේ ස්වභාවික චරියා රටාව උදුරාගෙන ඇත. එය සතුන්ට කරනා වදයකි. ඒ ඔවුන් කිසි විටෙක නොකළ වරදකටය. නොකළ වරදකට වද දීම ඕනෑම කාල-අවකාශ රාමුවක "වැරදි" දෙයකි. 

මිනිසුන් හෝ සමාජය පරිපුර්ණ නැත. ඔවුන්ට නොයෙකුත් අවශ්‍යතා සඳහා වැරදි කිරීමට සිදුවෙයි. නමුත් සමාජය යමක් වැරද්දක් ලෙස දකින විට එය කාලයත් සමග ක්‍රමයෙන් වියැකී යයි. සමහර විට එයට දශක හෝ සියවස් ගණනක් ගතවිය හැක. නමුත් එය කෙදිනක හෝ සිදුවෙයි. මේ වැරදි නිවැරදි වීමට සමාජ ගති පැවතුම්වල වෙනස්කම් මෙන්ම තාක්ෂණයද බලපායි. 

ඉහත පුර්විකාව මට කියන්න සිදු වුයේ පෙරහරේ ඇතුන් ගෙන යාම ගැන කිහිප දෙනෙක්ම මගේ අදහස් විමසූ බැවිනි. පෙරහරේ ගෙනයාම පසෙක තැබුවත් කැලයේ ජිවත්වන අලි ඇතුන් අල්ලා හීලෑ කිරීමම වරදක් ලෙස මම දකිමි. එහෙත් නොයෙකුත් හේතුන් නිසා අපි චිරාත් කාලයක සිට මේ වරද කරමු. අතීතයේදී බඩු ප්‍රවාහනය සහ බර වැඩ කිරීම, යුද්ධය සඳහා, රාජකීය සහ ධනපති ගාම්භීරත්ව ප්‍රදර්ශනය සහ පෙරහැර වැනි ආගමික කටයුතු සඳහා යොදා ගැනුණු අලි ඇතුන් අද අවසාන කාරණා දෙකට පමණක් සීමා වෙයි. 

කැලේ නිදැල්ලේ සැරි සැරිය යුතු ඇතෙක් ඇඟ පුරාම විලංගු දමා හෙන්ඩු පහර දෙමින් විකාර රූපී ඇඳුම් අන්දවා ඇඟ පුරා විදුලි රැහැන් ඇද ලයිට් දල්වා පාරේ ගෙන යාම නරකක් නොවේ යයි කිව හැක්කේ කුමන දහම අනුවදැයි මට නොතේරේ. එය කල යුතුම නම් තව දුරටත් කෙරිය යුතුය. මන්ද සමාජය ඕනා තරම් "නරක" දේ කරන බැවිනි. නමුත් එය අඩුම ගණනේ නරක දෙයක් බව අවබෝධ කරගෙන කරනවා නම් කවදා හෝ දිනක තාක්ෂණය දියුණු වූ විට හෝ බහුතරයක් මේ සත්ව හිංසනය බැලීමට අකමැති වූ දවසක එය නවතිනු ඇත. මේ වන විට සතුන් කූඩු කර ඇති සත්ව උද්‍යාන කරා යන ජනතාව ශීග්‍රයෙන් අඩුවෙමින් පවතී. බොහෝ රටවල් එළිමහන් සත්ව උද්‍යාන සාදන්න උත්සුක වන්නේ ඒ නිසාය. 

ඇතෙක් පෙරහරේ යන්නේ ඉතා කැමැත්තෙන් සහ බුද්ධාලම්භන ප්‍රීතියෙන් යයි පවසන අය කරන්නේ තමන්ගේ සිතේ ඇතිවන වරදකාරී හැගීම සඟවා ගැනීම යයි මට සිතේ. ඇතාගේ සිතුවිලි ගැන ඇතාටත් වඩා දන්නේ ලාංකික බෞද්ධයාය.

අලි ඇතුන්ට කිසිසේත් අදාළ නැති, ලඟදී කිහිප දෙනෙක් පලකල අදහසකින් මම මේ ලිපිය අවසන් කරන්නම්.

-ගුරුවරයෙක් වෙනවා නම් තම පඩිය ගැන නොතකා ළමුන්ගේ දියුණුව දෙස පමණක් බලා, සතුටින් තම රැකියාව කල යුතුය-

ගුරුවරයා දෙවියෙකු යයි පම්පෝරි ගසන සමාජය ගුරුවරයාට ලැබෙන්නේ හිඟන පඩියක් බවද පැහැදිලිවම දනී.  නමුත් එය අමතක කිරීමට වෙර දරන සමාජය තම හෘද සාක්ෂිය පරයා කෑගසන විලාපයයි ඒ.


Monday, 23 August 2021

Good & Bad – Final Intellectual Advancement


In two articles that I wrote last year, I tried to model the development of ‘science” and “religion” where I emphasized that “human civilization” was not possible without human beings adopting the “after-life” concept (links in the comments section).

Thanks to the generous contributions that many of you have made as a response to the past series of posts on spiritual matters, now I am having a much-expanded view in this regard. 

I am writing this article, well-realizing that a majority of readers will find it ultra-difficult to come out of their respective religious models, and read what I write. Therefore, I request you to be as open as possible in your mind, although it is a difficult task for most of you to be open-minded.

As I see it, many religions have used the after-life concept to take control of the community and lead masses towards collective goals. I deliberately refrain from giving examples in this regard as some people are quite sensitive to such facts. 

A strong justification for the man-made nature of the after-life concept is the way that different religions define “good & bad”. The after-life concept survives only if there is recordkeeping of good & bad deeds of a person, which determines his after-life status. In some religions, this is defined as a divine process and in others it is credited to a natural law, most often referred to as “karma”. However, one can see that the definition of good & bad depends solely on the requirement of the creator of the religion or society during the time of origination. Few such cases are given below;

Killing animals: Many Indian-originated religions, evolved in highly fertile landscapes, brand animal slaughter as a very bad deed, whereas religions developed in regions where animal farming is essential for survival, state animal slaughter for food is a good deed. There are even festivals for slaughtering animals in these religions.

Killing human beings: Religions developed in peaceful space-time frames condemn man-slaughter under any circumstances as a cardinal sin (a very bad deed) whereas religions that evolved in violent societies allow man-slaughter under various conditions.

Religious worshipping: Every religion treats worshipping or praising their God/s, originator or other religious symbols as good and doing the same for entities that belong to other religions is bad. This is a simple act of making the religion continues in the timeline. 

Treating religion-keepers generously: Every religion considers contributing towards the well-being of the religion-keepers (monks, fathers, pastors etc.) and religious places of their own as a merit-attracting good thing. This is also an act of ensuring the continued existence of the religion.

Adultery: This is the act that has the widest variation of acceptance.  Depending on the numbers of participants and the connections between the people involved in sexual acts, the good & bad may be defined very differently among different religions, sectors of the same religion and even in the application of the rule to different layers of society (eg. an act which is bad for common people may be ‘ok” for royal families). In regions and time frames where the male population has dwindled due to wars and other natural calamities (male goes out for earning and poses a high risk of losing the life), it is very natural that a religion considered multiple wives as a good thing.  

Stealing or robing: Religions that were evolved for the survival of a community accept invading landscapes belong to other people and acquiring their wealth (and even taking the defeated as slaves) as a good deed unless the people of the defeated regions are converted to their religion. However, the religions that emerged in peaceful timeframes totally prohibit stealing or robing what belongs to others. 

Similarly, many other deeds such as lying (some religions warrant lying for survival), food selection (some food items are treated bad), alcohol consumption, greetings, and several day-to-day practices are defined as either good or bad depending on the need of the society where the religion was originated. Sometimes, over the centuries, these definitions have undergone significant changes based on the needs of time and space. 

The above argument shows that “good & bad” has no universal standard. Instead, it is space-time dependent. Such a scenario makes the recordkeeping process ultra-complex.  

This good & bad consciousness is an issue only for human beings. In the animal kingdom, every act is pre-programmed. A monkey knows very well what he should and should not eat, when to conduct sex, with/of whom to fight, to be friendly or to be scared of. There are no consciously decided “goods & bads” in such animal communities. 

Now consider that a man or woman who has lived in isolation (say in a forest) since childhood, is abruptly introduced into the civilization. He/she knows only the jungle laws. For example, in the first life, he/she may have been used to steal food from a lion’s prey or kill the first rabbit he/she comes across in the morning. Now how can one convince him/her to get adopted to this brand-new civilization? One way is to introduce fear into him/her regarding a person (head of the civilization) or a system (punishing mechanism such as the law). However, control of consciousness through such personal or human-intervened systems is short-lived as the demise of the person or changes of the system can make the people break free from the norms of good & bad. Thus, the best way is to introduce a physically non-existing entity (God/s, karma etc.) to enforce the civilization norms to the newly introduced human being. A non-existing entity can neither be destroyed nor proven non-existing (unlike something which is existing). Thus, the system will last much longer.  And………… the religion is born.

Have you ever thought that the only way that human beings could be convinced about religion is the after-life concept? 

One can see in everyday life that people who do good things according to their faith undergo serious bad things and vice-versa. Also while people of his own faith suffer a lot, people of other faiths enjoy happy and prosperous lifestyles. This could raise serious doubts on a human mind about his/her own faith. The only way that they can pacify themselves is by self-arguing that “The God/s or karma will facilitate getting the due merits or demerits to these people when they die”. Although they see mixed results in this lifetime for good & bad people they are 100% sure what those people will get in the after-life. 

Isn’t this way of thinking somewhat problematic?

---------------------------------------------------

What is the ultimate intellectual advancement of human beings?

Before addressing that question, let’s look at the disadvantages of adhering to a religion. There is no doubt that every religion has done a huge service to mankind in sustaining civilizations. However, once the facts are established as due to a source that cannot go wrong, it will be a dilemma to adjust the rules according to space and time (although it happens naturally over the centuries with many human-life and property losses). This leads to many unnecessary actions at a time where the rules are not accepted or applicable to civilizations (at another time frame). That has caused many unpleasant scenarios all over the world.

Human beings are herd animals from the fist species of homo- creatures. This, herd mentality still exists very strongly in the human mind. This is the reason behind people identify themselves by many labels such as country, race, religion, caste, community, profession and even school and village. Human beings get a feeling of security being in a herd. However, being inside a herd has its own drawbacks as well. Instead of concentrating on the original purpose of the label (eg. religion), the labelled person starts being proud of the label and develops a purpose of life as of protecting the label.  This leads to unpleasantness, headaches, heartbreaks, sadness, aggressiveness and anger etc.

How can a person in a civilization get rid of this religious model?

If nature decides to drive the human race back to animal nature, that will be one of the ways that the concepts of religion (and civilization) could be destroyed. Once the intellectual consciousness is replaced by animal instinct, the creature no longer needs an externally implemented set of rules to decide what is good & what is bad. Nature will take that role into her hand.

The other way is to improve the intellectual capacity to realize that there is nothing that continues beyond death, directly or indirectly, thus, there is no God or karma but still could develop a self-consciousness filled with pleasantness, blissfulness, peace and happiness. My view is that one is able to do this only and only if he/she could realize that there is no “I” and no “my” that continues after-life. I visualize this state of consciousness as the ultimate human intellectual capacity.

As I see it, a couple of thinkers in history clearly showed the pathway to this advanced intellectual capacity. It is so straightforward and simple that according to religious literature, many people who listened to these thinkers realized the reality (and are called enlightened) instantly. They did not need to read long sermons written in many thousand-page books. Unfortunately, the concept of the after-life enrooted into the human civilization for millennia, made common masses realizing the reality ultra-difficult. Thus, instead of seeing the obvious, they made those thinkers their spiritual leaders and the simple facts those thinkers tabled as religions which could support sustaining their herd mentality. And even today, a majority of people say that "this is my religion" to make themselves comfortable being inside a herd.

 

 


Tuesday, 17 August 2021

What happens when you enter a religious model?


Once upon a time, there was a rich farmer who lived in a somewhat isolated landscape. He was in fear and mental stress that one day robbers will break into his house to kill him and his family to rob his wealth. 

There was a large banyan tree at the corner of his garden. The farmer had a strong belief that some form of divinity lives in this tree. So, that every day just before the sunrise he used to light up an oil lamp at the base of the tree and prayed to the divinity to protect him from robbers.

There was actually a demigod that has made this tree his residence. The demigod was highly impressed by the devotion of the farmer and decided to help him. One day after the prayers of the farmer, the demigod appeared in front of him and gave the stunned farmer a golden sword, saying “if any robbers enter your house, attack them with this sword. They will be killed instantly. No one can harm you as far as the sword is in your hand”.  Then the demigod disappeared.

The farmer ran home ecstatically with the invaluable gift that he received. The golden sword was glittering in the morning sunlight. He felt very proud that now he is the owner of such a valuable sword. Then suddenly his mental stress was multiplied by many folds. What if the robbers get to know about this sword and come to grab it?

The farmer opened one of his large wooden trunks and placed the sword at the bottom. Then he filled the truck with paddy so that no one will suspect that something valuable is there. He sealed the trunk with a large padlock and kept the key all day with him. At night he used to sleep on the trunk top, from that day onwards.  

Monday, 16 August 2021

විචාරයක් නැති සමාජයක අවසානය


වසර දහයකට පමණ පෙර ගාල්ලේ වදුරඹ පැත්තේ අනුගාමිකයන් පිරිවරාගෙන සිටි පුද්ගලයෙක් තමා මෛත්‍රී බෝසතාණන් ලෙස තමන් විසින්ම නම් කරගත්තේය. අනුගාමිකයන්ද එය දොහොත්  මුදුන් දී පිළිගත්තේය. මේ ආකාරයටම තමන් බුදුවරුන්, රහතුන්, දෙවිවරුන්, සාධුවරුන්, මෑණිවරුන්, රජවරුන් ලෙස හඳුන්වා ගන්නා පුද්ගලයන් ලංකාවේ වරින් වර මතුවීම අසාමාන්‍ය සිදුවීමක් නොවේ. කල් ගතවන විට මොවුන් එක්කෝ මානසික ආබාධ වලින් පෙලෙන්නන් හෝ තදබල වංචාකාරයන් බව සොයා ගන්නන්ට ලැබුණි.

ජීවත්ව සිටින තවත් පුද්ගලයෙකුගේ අනුකාරකයක් (impersonation) නොවී ඕනෑම පුද්ගලයෙක්ට තමා අසවලා යයි කීමට අයිතියක් ඇත. එහි විශාල වරදක් මම නොදකිමි. එහෙත් අවාසනාව නම් මෙවැනි උම්මත්තකයන් හෝ වංචාකාරයන් පිටුපස මෙලෝ වග විචාරයක් නොමැතිව දුවන සැලකියයුතු ජන කොටසක් රටේ ජීවත්වීමයි. මේ අතරට පහල තලවල මෙන්ම ඉහලම තලවල අධ්‍යාපනය ලැබූවන්ද ඇතුලත් වෙයි. සමහර ලාංකිකයන් රට හැර ගියද ඔවුන්ගේ මේ අවිචාරවත් ගති පැවතුම් දුරුවන්නේ නැත. මේ ආකාරයට, බුදුවරුන්ට, දෙවිවරුන්ට, රජවරුන්ට රැවටෙන උදවියම තක්කඩි දේශපාලකයන්ට, හොර වෙදුන්ට, සාස්තර කාරයන්ට රැවටීමත් අපි නිරන්තරයෙන් දකිමු.   

මෙසේ රැවටෙන පුද්ගලයන්ගේ රැවටීමේ සීමාවක් නැත. අද තමන් පසු පස දිවූ මහා බෝසතාණෝ හෙට අපරාධකාරයෙකු බව තහවුරු වී නිතිය හමුවේ දණ්ඩනයට පත් වූ විට ඔවුන් තවත් බුදුවරයෙකු හෝ දෙවිකෙනෙකු සොයා ගනී. ධම්මික පෙදරේරු මහතා මේ මෑත කාලයකදී උපයෝගී කරගත්තේද බහුතරයක් ජනතාවගේ මේ මුග්ධ ගතිගුණයයි. 

මේ පිළිබඳව මා සමාජ විද්‍යා විෂය හා සම්බන්ධ මහාචාර්යවරුන්  කිහිප දෙනෙකු සමග සාකච්චා කලෙමි.  ඔවුන්ගේ අදහස වුයේ සමාජයේ සිටින තමන්ට යම් යම් දේ අහිමි වූ හෝ මානසිකව බෙලහීන වූ කොටස් බොහෝ විට මේ උම්මත්තකයන්ට හෝ රැවටිලිකාරයන්ට හසුවන බවයි. නිසි අධ්‍යාපනයක් නොලැබීම, නිසි රැකියාවක් හෝ මුදල් ඉපයුම් මාර්ගයක් නොමැතිවීම, ඉච්චාභංගත්වය, සෞඛ්‍ය සම්බන්ධ ගැටළු තිබීම, දරුවන් නොමැති වීම, පවුල් අවුල්, සමාජයේ කැපී පෙනීමට ඇති ආශාව, අසීමිත අපේක්ෂා ආදී කරුණු රාශියක් මීට බලපෑ හැකිය. 

ඕනෑම සමාජ සංස්ථාවක (නොදියුණු මෙන්ම දියුණු රටවලද) මේ ආකාරයේ මානසික පිරිහීමකට භාජනය වූ පිරිසක් සිටීම සුලබය. දක්ෂ වංචාකාරයන් ඉතා පහසුවෙන් මේ කොටස් හඳුනාගෙන තම ගොඳුරු බවට පත්කරගැනීම ඉන්දියාව, අප්‍රිකාවේ බොහෝ රටවල මෙන්ම ලංකාවේද නිතර නිරීක්ෂණය කල හැක. ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, යුරෝපය වැනි කලාපවලද මොවුන් නැතුවාම නොවේ.

සමාජයේ බහුතරයක් මේ ලෙස අවිචාරවත් ගමනක යෑම බොහෝ විට කෙලවර වන්නේ සමස්ථයක් ලෙස සමාජය විසින් ඉතා වැරදි දේශපාලනික හෝ සාමාජික තීන්දු තීරණ ගැනීමෙනි.

මේ තත්වය වලක්වා ගත හැක්කේ කෙසේද? ඒ සඳහා නව පර්යේෂණ මාලාවක් ඇරඹිය යුතු බව මා සමග සකච්චා කල වියතුන් සඳහන් කලේය.



    


Saturday, 14 August 2021

Why some people are scared when I say that every religion is a model?


What is a model? A model is a concept that we develop to realize what we have not realized. Once the concept is realized it becomes a fact. In the spiritual world, a model could only be self-realized to covert it into a fact.

What is self-realization of a religion?

If you follow an Abrahamian religion, any form of self-communication with God (physically or non-physically) is self-realization. In many India-based religions, this self-realization is termed “enlightenment” in the English Language. In native languages, the same is termed Nirvana (Buddhism) Moksha or Vimukti (Hindu) and Kevalajnana (Jainism). They may have differences in the intended meaning.

If a Hindu attains Moksha, the model he follows becomes a fact for him/her. However, still, it is a model for other Hindus. It is the same with any other religion.

If you know that you are following a model, it would be quite convenient for you to self-realize the model, thus either you reject it or turn it into a fact. On the other hand, if you get into the model (become a part of the model), then instead of self-realizing, you start defending the model and opposing other models. Whenever someone questions your model you get hurt and aggressive. This is simply because of your feeling of being threatened, as in your mind you have become a part of the model.

For those who know the life story of Siddhartha Gautama, you can easily understand that he has followed many models before he developed his own model which he turned into a fact (for himself), after self-realization (as he said). A close analysis shows that he has put each model into practice without being a part of the model. Thus, he could comfortably reject them when he self-realized that they could not deliver the outcome that he has expected from those models.

Imagine, what could have been the result, if Siddhartha Gautama entered into one of those models !!!

He would have ended up as a follower of Makkhali Gosala, Uddaka Rāmaputta or Sañjaya Belatthiputta etc., spending the rest of his life defending that model.

Wednesday, 7 July 2021

ලේබල් අලවන්නාගේ වේදනාව

 


ඒ මීට වසර 25ට පමණ පෙරයි. අපි ස්වීඩනයේ ගත කල කාලය තුල කිහිප වරක්ම ලංකාවට පැමිණියෙමු. ඒ හැම විටකම ලාංකිකයන්ට සුපුරුදු පරිදි ටින් හෝ බෝතල් කල දේශීය ආහාර රාශියක් රැගෙන යාම අපේ පුරුද්ද විය. එකල කටුබැද්දේ කඩයක කිසිඳු වෙළඳ නාමයක් නොමැති, ආහාර වර්ගයේ නම පමණක් සඳහන් කල, බෝතල් කල ආහාර වර්ග රාශියක් විය. කඩේ මුදලාලි සඳහන් කලේ ඒවා කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යන තරුණයෙකු විසින් සපයන බවයි. අප එක් වරක් මෙම බෝතල් කිහිපයක් මිළදී ගත් අතර ඒවා ඉතා හොඳ රසයකින් යුතු වූ බැවින් ඉන් පසු පැමිණෙන සැමවිට බෝතල් 10-15 ක් රැගෙන යාමට අමතක නොකළෙමු. 

අපගේ ගුවන් ගමන පසුදා හිමිදිරි උදෑසනට යෙදී තිබුණි. රෑ හතට පමණ අප කඩිමුඩියේ මෙම වෙළඳ සලට ගියේ පසුදා ගමනට ආහාර බෝතල් එකතු කරගැනීමටයි. වාහනයෙන් බසින විට අපට හමුවුයේ අපගේ ඉතා කිට්ටුවන්තව සිටි මිතුරෙකි. ඔහුව ඒ හමුවුනේ වසර ගණනාවකට පසුවය. සාමාන්‍ය කතා බහෙන් අනතුරුව ඔහුගේ රැකියාව පිළිබඳව විමසූ විට ඔහු කියා සිටියේ ප්‍රසිද්ධ සුපිරි වෙළඳ සැල් ජාලයක (එය ඊට අමතරව භාණ්ඩ රාශියක් නිෂ්පාදනය කරන වෙළඳ නාමයකි) ඔහු කළමණාකරුවෙක් ලෙස සේවය කරන බවයි. 

ඉන් පසු ඔහු තොරතෝංචියක් නොමැතිව එම වෙළඳ නාමයෙන් යුත් භාණ්ඩවල ගුණ වර්ණාව කරන්න විය. එම වෙළඳ නාමයේ තිබෙන විශිෂ්ඨ භාවය ඔහු අනෙකුත් ප්‍රසිද්ධ වෙළඳ නාම සමග සසඳන්න විය. 

"අපේ එකත් එක්ක ගත්තම අරවාට කිට්ටු කරන්නවත් බැහැ". ඔහුගේ සෑම ප්‍රකශයකම කියවුණේ මෙයයි.

කාලෙකින් හමුවූ හොඳ යාලුවෙකුගේ මේ හැසිරීම තරමක විමතියට තුඩු දෙන්නක් වූ අතර අප පැමිණි කාර්ය කරගැනීමට නොහැකිවේ යයි සිතුනු බැවින් (එකල රෑ 7, 8 වන විට කඩ වසා දමයි) ඔහුත් සමගම අපි බඩු ගන්නා වෙළඳ සැල වෙත ගියෙමු. 

අපව හඳුනා ගත් කඩයේ මුදලාලි අපි වෙනදාත් ගන්න සියලුම ආහාර වර්ග තිබෙන බව පැවසීය. බඩු ලැයිස්තුව ලබා ගත් හෙතෙම තම ගෝලයා ලවා කවුන්ටරය මතට ආහාර බෝතල් ගෙන්වා ගන්න විය. අපගේ මිතුරාගේ කරදරය පටන් ගත්තේ මේ අවස්ථාවේදීය. 

"අපෝ මේ මොන ජරාවක්ද, බ්‍රෑන්ඩ් නේම් එකක්වත් නැහැ. අපෝ මේවා ගන්න එපා. ෂුවර් එකටම මේ අහවල් බ්‍රෑන්ඩ් එකේ බඩු, අපේ ඒවත් එක්ක compete කරන්න බැරි නිසා නමක් නැතිව එවනවා" ඔහු මහා හඬින් කීය. දැන් කඩේ මුදලාලි මෙන්ම ගෝලයාද මේ ගෝරනාඩුවට අවධානය යොමු කරන බව අපට පෙනෙයි. 

"මේ නිෂ්පාදන අපි හැමදාම ලංකාවට ආවම ගෙනියනවා. මේක කරන්නේ සුළු ව්‍යාපාරිකයෙක්. එකයි බ්‍රෑන්ඩ් නේම් එකක් නැත්තේ" මම ඔහුට විස්තර කලෙමි. නමුත් ඔහු පසු බසින්නේ නැත. ඔහු කියන්නෙම මෙය අසවල් වෙළඳ නාමයට අයිති නිෂ්පාදන බවයි. ඉන් පසු ඔහු තමන් සේවය කරන ආයතනයේ නිෂ්පාදන එම අසවල් වෙළඳ නාමයෙන් යුතු නිෂ්පාදන වල ප්‍රමිතියත් සමග සසඳයි. එම අසවල් වෙළඳ නාමය ඔහු ඉතා පහත් කර කතා කරයි. 

"අනේ නැහැ මහත්තයා. මේවා හදන්නේ පිළියන්දල අසවල් තැන ඉන්න අපි හොඳට අඳුනන කෙනෙක්. දැනට පොඩියට තමයි කරන්නේ" මේ කන්දොස්කිරියාව නොනවතින තැන මුදලාලිත් කතාවට හවුල් විය. 

කෙසේ හෝ එදින මිතුරාගේ බලවත් විරෝධය මධ්‍යයේ අප ගන්නට ගිය සියලුම නිෂ්පාදන රැගෙන ආවෙමු. වාහනයට පැමිණෙන තෙක්ම ඔහු අපේ අනුවණකම ගැන දොඩවන්න විය. 

-----------------------------------------------

වසර 25ට පසුත් මට මේ මිතුරා ගැන සිහිවෙන වාර අනන්තය. අපේ සමාජයේ වැඩිපුර සිටින්නේ මේ ලේබල් අලවන්නෝය. නමුත් ඔවුන් බොහෝ දෙනෙකුගේ ජීවිතය මගේ මිතුරාට වඩා සංකීර්ණය. 

අද සමාජයේ බොහෝ දෙනෙකු මානසිකව බහලුම්ගතවී තමන්ටම ලේබල් අලවාගෙන ඇත. මෙහිදී අප දකින ඉතා සුලබ ලේබලය නම් දේශපාලන පක්ෂයයි. මීට අමතරව ආගම, ජාතිය, පාසල, රැකියාව ආදී ලේබල ගණනාවක් ඔවුන් තමන්ටම අලවා ගනී. 

මේ ලේබල් අලවා ගැනීම සමාජ ගැටළුවක් වන්නේ ලේබල් ගතවූ පුද්ගලයා තම වෙළඳ නාමය රැකගැනීම තමන්ගේ ඒකායන අරමුණ බවට පත්කරගැනිමත් සමගයි. මගේ මිත්‍රයාට ඔහුගේ වෙළඳ නාමය වෙනුවෙන් සටන් කිරීමට යම් හේතුවක් තිබුණි. ඒ ඔහු සේවය කරන ආයතනයට එම වෙළඳ නාමය අයත්වීමයි (කෙසේ වෙතත් තමන්ගේ දීර්ඝ කාලින මිතුරෙකුගේ හමුවීම හා සබැඳිව එය ඉතා දුර්වල සහ විකට ස්වරූපී හේතුවකි). එහෙත් අප සමාජයේ බොහෝ දෙනෙකු තමන් විසින්ම අලවා ගත් ලේබලය වෙනුවෙන් සටන් කරන්නේ කිසිඳු සහේතුක සම්බන්ධයක් නොමැතිවය.බොහෝ දෙනෙකු මෙහිදී කටයුතු කරන්නේ මනෝමය කඹයෙන් බැඳි බූරුවා මෙනි. 

මේ ලේබල් ගත වූ සැමදෙනාට ඇති විශාලම ගැටළුව සමාජයේ ලේබල් ගත නොවූ පුද්ගලයන් ජීවත්වීමයි. මගේ මිතුරා මුහුණ පෑවේද මේ අභියෝගයටයි. මේ ලේබල් ගතවුවන්ට තම වෙළඳ නාමය රැක ගත හැක්කේ තවත් වෙළඳ නාමයක් හා සංසන්දනය කිරීමෙන් පමණි. බොහෝ දෙනා ලේබල් ගතවන්නේ ජරාජීර්ණ වූ බහලුම් තුලයි. මේ නිසා තම බ්‍රෑන්ඩ් එකේ නිරපේක්ෂ ගුණ කථනය කිරීමට ඔවුන් බොහෝ දෙනෙකුට හැකියාවක් නැත. එබැවින් ඔවුන්ට කල හැක්කේ තවත් ජරපත් වූ ලේබලයක් හා තම බ්‍රෑන්ඩ් එක සංසන්දනය කිරීම පමණකි. මේ සඳහා අනෙකාට කෙසේ හෝ ලේබලයක් ගැසීම ඔවුන්ගේ ජිවිතයේ අත්‍යවශ්‍ය කර්තව්‍යයක් වී ඇත.

තමා විසින්ම බහලුම්ගතවී අලවා ගත් ලේබලයෙන් මිදීම බොහෝ දෙනෙකුට අති දුෂ්කර කාර්යකි. මේ නිසා අඩුම ගණනේ තමන්ගේ ලේබලය වෙනුවෙන් මාරාන්තික සටන් වලට නොපිවිසිමට උත්සහ ගන්න. එවිට ඔබට අන් අයට ලේබල් ඇලවීමේ අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇත.   


   



Sunday, 4 July 2021

රෙදි අපුල්ලන්නාගේ බූරුවා

 


මේ අද්වෛත වේදාන්තයේ හරය ඉතා ගැඹුරින් විග්‍රහ කෙරෙන බොහොම සරල උපමා කතාවකි. මම එම කතාවෙන් ඊට වඩා බොහෝ සෙයින් නොගැඹුරු, බොහෝ දෙනෙකුගේ චිත්ත අසහනයට හේතුවන කරුණක් පැවසීමට උත්සහ ගනිමි. 

බොහෝ කලකට පෙර ගමක රෙදි අපුල්ලන්නෙක් ජීවත්විය. ඔහු සතියකට දෙවරක් කලින් දින කිහිපයේ එකතු කරගත් කිලිටි රෙදි තම වටිනා වාහනය වූ බූරුවාගේ පිටෙහි පටවාගෙන නිවසේ සිට යොදුන් කිහිපයක් ඈතින් වූ කුඩා නදිය වෙත ගමන් කරයි. හිමිදිරි උදයේ ගමන් අරඹන රෙදි අපුල්ලන්නා රෙදි සෝදා, වේලා නැවතත් නිවසට පැමිණෙන්නේ රෑ අඳුරත් සමගයි. 

දිනක් කිලිටි රෙදිත් පටවාගෙන ගඟ ලඟට පැමිණි අපුල්ලන්නාට තමා වැඩ කටයුතු නිමවන තෙක් බූරුවා ගසකට තබා බැඳ තබන කඹය ගෙන ඒමට අමතක වී ඇති බව වැටහුණි. මෙයින් ඔහු ඉතා කනස්සල්ලට පත්විය. කඹය ගෙන ඒමට නැවතත් නිවසට යාමෙන් ඵලක් නැත. එවිට නැවතත් පැමිණීමට කාලයක් ඉතිරි නොවේ. බූරුවා ගැට ගැසුවේ නැත්නම් ඔහුට තම ජීවිකාව කරගන්නා එකම වාහනය නැතිවෙයි.

මෙලෙස විස්සෝපයෙන් සිටින රෙදි අපුල්ලන්නාට ගඟට යාබද අසපුවක වසන බමුණෙක් ඔහු සිටින දෙසට පිය නගනු පෙනුණි. ඔහු දිව ගොස් බමුණාට තමා පත්වී ඇති අකරතැබ්බය විස්තර කළේය. සිනාසුණු බමුණා එය ඉතා පහසුවෙන් විසඳිය හැකි ගැටළුවක් බව පැවසීය.

"ඔබ බූරුවාට පෙනෙන්න කඹය ගන්නා බව අභිනයෙන් පෙන්වන්න. ඉන්පසු බූරුවාගේ ඉදිරියෙන් ගොස් වෙනදා මෙන්ම  කඹය උගේ කරේ බැඳ අනෙක් කෙලවර ගසෙහි බඳිනවා සේ රඟපාන්න. ඉන්පසු ඔබගේ වැඩපල ටික වෙනදා වගේම කරගන්න".

රෙදි අපුල්ලන්නාද බමුණා කියපු ආකාරයෙන්ම බූරුවා ගසට තබා ගැට ගසන බව අභිනයෙන් දැක්වීය. 

ඉන්පසු රෙදි ටිකත් ගෙන ගඟ ලඟට ගිය අපුල්ලන්නා තම වැඩය කරන අතර වරින් වර ඈතින් සිටින බූරුවා දෙස බැලීය. ඌ වෙනදා මෙන්ම ගහ යට රැඳී සිටියි. 

සවස තම කාරිය නිමවා සේදු රෙදි ටික බූරුවාගේ පිට උඩ පටවාගත් අපුල්ලන්නා බූරුවාගේ පිටට අතින් පහරක් දුන්නේය. එය නිවසට යාම ඇරඹීමේ සංඥාව විය. එහෙත් බූරුවා හෙල්ලෙන්නෙවත් නැත. කිහිප වරක් උත්සහ කර බූරුවා ගමන් කරවීමට අපොහොසත් වූ රෙදි අපුල්ලන්නා බමුණාගේ අසපුවට දිව ගොස් අළුත් තත්වය පැහැදිලි කළේය. 

"ඕක සුළු දෙයක්. උදේ කළා වගේම දැන් බූරුවාව  කඹයෙන් ගලවා දමන බව අභිනය කරන්න". 

රෙදි අපුල්ලන්නා බමුණාගේ උපදෙස් එලෙසම ක්‍රියාත්මක කල අතර ඉන් පසු පිටට වැදුණු පහරත් සමගම  බූරුවා සුපුරුදු ගමන ඇරඹිය.

---------------------------------

රෙදි අපුල්ලන්නා විසින් බූරුවා ගැට ගැසුවේ එක් නොපවතින කඹයකිනි. නමුත් අප සමාජයේ සිටින අති බහුතරයක් මෙලෙස මනෝමය කඹ ගණනාවකින් බැඳ දැමූවන්ය. උපන්දා සිට දෙමාපියන්, නෑදෑ වැඩිහිටියන්, ගුරුවරුන් විසින් ආගම, ජාතිය, දේශපාලන පක්ෂය, කුලය, සමාජ මට්ටම ආදී අදෘශ්‍යමාන කඹ රාශියකින් මිනිසා බැඳ දමයි. වැඩිහිටියන් බවට පත්වෙද්දී මේ බොහෝ දෙනෙක් තමන්ගේම කඹ නිර්මාණය කරගන්නා අවස්ථා එමටය. 

කඹයේ බැඳි බූරුවාගේ ලෝකය ඌ කඹයේ දිග යැයි සිතන දුරයි. තමා බැඳ දමා ඇත්තේ මනෝමය කඹයකින් බව නොතේරෙන තාක් කල් බූරුවා නිදහස් ලෝකයට සාප කරමින් බර පොදිය පැමිණෙන තෙක් ගහ යට බලා සිටිනු ඇත. 



Wednesday, 16 June 2021

ලංකාවට නිදහස ලැබුනේ කවදාද?


මා පලකල පෝස්ට් එකක එක් හිතවතෙක් ඉහත පැනය අසා තිබුණි. ඔහු බලාපොරොත්තු වන්නේ ඔහුගේ දේශපාලන දැක්මට අනුගත වූ අහිංසක පිළිතුරක් බව මට හැඟෙයි. ඔහුගේ අරමුණ කෙසේ වුවත් එම පැනය ඉතා රසවත් සාකච්චාවකට දොරගුළු විවර කරයි.

රටක් යනු යම් බිම් කඩකි. එවැන්නක් නිදහස් වීම යන්නෙහි අර්ථයක් ඇත්දැයි මට ගැටළුවක් ඇතිවෙයි. ඊටත් පෙර අප විමසා බැලිය යුත්තේ නිදහස යනු කුමක්ද කියාය. නිදහස අර්ථ දැක්වීමට නම් අප මානව ඉතිහාසයේ ඇරඹුමට යායුතුය. 

කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වූ මානවයා සමුහයක් ලෙස ඒකරාශී වීමේදී ඔවුන්ට සාමුහික මග පෙන්වීමක අවශ්‍යතාවය දැනෙන්න ඇත. මේ අවශ්‍යතාවය පිරිමසා ගැනීමට ඔවුන් නායකත්වයක් සොයා ගැනීම ස්වභාවිකය. මේ නායකත්වය විසින් ලබා දුන් මගපෙන්වීම වෙනුවෙන් සමූහයට යම් ගෙවීමක් කිරීමට සිදුවිය. මරා ගත් සතාගේ හොඳම මස් කුට්ටිය, සමුහයේ සිටින රුමත්ම කාන්තාවන්, සමුහයේ ශ්‍රමය, ආදී වශයෙන් මෙම ගෙවීම කරන්න ඇත. නමුත් ඔවුන් විශාලම ගෙවීම කලේ එයින් නොවේ. ඒ ඔවුන්ට තනි තනිව සිටින විට හිමිව තිබූ සිතීමේ, කතා කිරීමේ සහ කටයුතු කෙරීමේ හැකියාවෙනුයි. මෙම සීමා කිරීම සමුහ පාලනය සඳහා අත්‍යවශ්‍ය කාරණයක් වූ අතර එක් එක් නායකයා මත මෙම සීමාවන්ගේ දිග පළල තීරණය විය. මා අර්ථ දක්වන ආකාරයට නිදහස යනු මෙම මානවයා සතු සිතීමේ, කතාකිරීමේ (භාෂණයේ) සහ කටයුතු කිරීමේ  හැකියාවයි. මනා සමුහ පාලනයක් සඳහා මෙම නිදහස සීමාකිරීම අත්‍යවශ්‍ය වෙයි. නමුත් එහි සීමා මායිම් මොනවාද? මෙය වැදගත් පැනයකි. 

ශිෂ්ඨාචාර ඉදිරියට ඇදෙද්දී නායකයා පාලකයා බවට පත්වෙමින් ඔහු වඩ වඩාත්  සමුහයේ නිදහස සීමා කර ඇති බව පෙනෙයි. මෙහිදී පාලකයා  තමාගේ කාර්යභාරයෙන් ඉවත්වී ස්වාර්ථය පිණිස කටයුතු කිරීම වැඩි කරන තරමට (අද වචනයෙන් නම් දූෂණය, භීෂණය, වංචාව වැඩි වන තරමට) ඔහු සමූහයේ නිදහස් සීමා කිරීම වැඩි කරන්න ඇති බව අපට නිගමනය කල හැක. 

යම් රටක පාලනය පවතින පාලන තන්ත්‍රය පරදා තම අනසකට නතු කරගැනීම එම බිම් කඩෙහි අයිතිය හුවමාරු කරගැනීමකි. මෙහිදී රටවැසියාගේ නිදහස අඩු වෙනවාද වැඩි වෙනවාද යන්න ඒ ඒ අවස්ථාව මත රඳා පවතී. උදාහරණයක් ලෙස දුටුගැමුණු රජු එළාර රජුගෙන් බිම්කඩෙහි අයිතිය ලබා ගැනීම රටවැසියාගේ නිදහසට කෙසේ බලපාන්න ඇත්දැයි පුරාවිද්‍යා සාක්ෂි මත නිගමනය කල යුතු කරුණකි. සමහර විට මෙම සටනින් දුටුගැමුණු පැරදුනා නම් එළාර විසින් ලංකාවම අත්පත් කරගැනීමට ඉඩකඩ තිබුණි. එසේ නම් අද අප එළාර වීරයෙකු සහ දුටුගැමුණු දුෂ්ටයෙකු ලෙස නම් කරනු ඇත.

නිදහසේ සීමාවන් පිළිබඳව මානවයා තුල පවතින මිනුම් සලකුණු (benchmarks) විවිධාකාර වේ. සාමාන්‍යයෙන් වැසියන්ගේ නිදහස ක්‍රම ක්‍රමයෙන් කප්පාදු වන විට හෝ ඇතිකරන වෙනස යම් කාල සීමාවක් ඉක්මවා පවත්වාගෙන යනවිට ඔවුන්ට ඒ පිළිබඳව දැනීමක් නැතිවෙයි. මේ අනුව ඔවුන් කාලයෙන් කාලයට තම මිනුම් සලකුණ වෙනස් කරගනිමින් ඉතා කටුක තත්වයක් වුවද සාමාන්‍ය ස්වභාවය යයි සම්මතයක් ඇති කරගනියි. ඉතිහාසයෙන් මේ සඳහා ගත හැකි උදාහරණයක් නම් ඇමරිකාවේ සිටි වහලුන්ය. ඔවුන් බොහෝ දෙනෙක් තමන්ව වහල්බාවයෙන් මුදවාලනවාට කැමැත්තක් නොදැක්වූ බව ඉතිහාසය පෙන්වා දෙයි. වර්තමානයේ මේ සඳහා ගත හැකි හොඳම උදාහරණය චීන වැසියන්ය. බොහෝ සාර්ථක පාලකයෝ රටවැසියන්ගේ මේ මනෝභාවය පිළිබඳව හොඳින් අවබෝධ කරගත් අය වෙති.

මිනිසුන්ට තමන්ගේ නිදහස කප්පාදු කර ඇති බව හැඟෙන අවස්ථා තුනක් ඇත. ඉන් පළමුවැන්න කවරෙකු විසින් හෝ ඔවුන්ට ඒ පිළිබඳව ඒත්තු ගැන්වීමට තරම් දක්ෂ වීමයි. මාටින් ලූතර් කිං, චේ ගවේරා, නෙල්සන් මැන්ඩෙලා ආදීන් මේ සඳහා උත්සහ ගත් චරිත කිහිපයකි. ඔවුන්ගේ බලපෑම ඉතා විශාල සමාජ පෙරලියක් කිරීමට පාදක විය හැකි බැවින් අදාළ රටේ පාලකයන් මෙම චරිත විනාශ කරදැමීමට හැකි සෑම උත්සාහයක්ම දරයි. 

මිනිසුන්ට තමන්ගේ නිදහස සීමා කර ඇති බව හැඟෙන ඊළඟ කාරණය නම් එකවර විශාල වෙනසක් වීමයි. හොංකොං රාජ්‍යයේ පසුගියදා සිදු වුයේ එවැනි වෙනසකි. එහෙත් අප කලින් දැක්වූ පරිදි මෙම වෙනසට කාලයත් සමග මිනිසුන් හුරුවෙයි. හොංකොං රාජ්‍යයේ මෙන්ම බුරුමයේද මේ වෙන විට සිදුවෙමින් පවතින රටවැසියාගේ මේ හුරුවීම අපට අධ්‍යනය කල හැක. 

මේ පිළිබඳව ඇති තෙවන කාරණය නම් පාලනය තමන්ගේ කෙනෙකුගෙන් පරිබාහිර පිටස්තර පුද්ගලයෙකු හෝ බලවේගයක් විසින් අත්පත් කරගැනීමයි. ඉස්ලාම් ආක්‍රමණිකයන් බටහිර ආසියාව හරහා ඉන්දියාවට පැමිණෙද්දී බොහෝ වැසියෝ ඔවුන්ට විරුද්ධව කැරලි ගැසුහ. එහෙත් පසු කලෙක ඒ කැරලි ගැසූ අයගේ පරම්පරාම ඉස්ලාම් ආක්‍රමණිකයන් බවට පත්විය. මේ ආකාරයටම ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් අත්පත් කරගනිද්දී ලාංකිකයා කැරලි ගැසීය. මෙහිදී ස්වදේශික රජුන් යටතේ රටවැසියාට තිබූ නිදහස තවදුරටත් කප්පාදු උනාද එසේ නැත්නම් වැඩි වුනාද කියා අධ්‍යයනයක් කිරීම වටින්නේය. මේ ආකාරයට තමාව පාලනය කරන පාලන තන්ත්‍රය පිටස්තර බලවේගයක් නතු කරගත් විට වැසියන් ඊට එරෙහි වන්නේ ඇත්තටම ඔවුන්ගේ නිදහස අඩුවන නිසාද නැත්නම් පිටස්තර පාලනයකට දක්වන අකමැත්ත නිසාද යන්න හැදෑරීම අපි මතුවට තබමු.

පාලකයන් බොහෝ විට බලාපොරොත්තු වන්නේ රටවැසියන් තමන් වෙනුවෙන් බොහෝ දේ කැප කිරීමයි. මෙය තමන්ගේ මාලිගා තැනීමේ සිට තමන් වෙනුවෙන් "සතුරන්" සමග සටන් කර දිවි පිදීම දක්වා දිව යයි. නමුත් සාමාන්‍යයෙන් මානවයා තවත් මානවයෙකුගේ අණ දීම් පිළිගැනීමට මැලි බවක් දක්වයි. මේ මානසික අවස්ථිතිය යටපත් කිරීමට පාලකයා විසින් ඉතා සාර්ථක උපක්‍රම තුනක් භාවිතා කරයි.

ඉන් පළමුවැන්න නම් අජීවී බිම් කඩකට සංකල්පීය ජීවයක් ලබා දීමයි. මෑතකදී උපුල් ශාන්ත සන්නස්ගල මහතා තම වැඩසටහනකදී දැන්වීම් සහ අලෙවිකරණ ආයතන ගැනුම්කරුවන්ගේ මනෝභාවයේ අති සංවේදී ස්ථාන කිතිකවන ආකාරය පිළිබඳව විස්තර කරන ලදී. මෙහිදී ඔවුන්ගේ ප්‍රධානම උපක්‍රමය "අම්මා" යන යෙදුම භාවිතා කිරීමයි. එය එළදෙනගේ සිට ගෑස් සිලින්ඩරය දක්වා ව්‍යාප්තවී ඇත. මෙම වෙළඳ උපක්‍රමය පාලකයා විසින් ප්‍රයෝජනයට ගන්නේ මීට සහශ්‍ර කිහිපයකට පෙරයි. මේ අනුව ඔවුන් අජීවී බිම් කඩක් වන රටකට මව ආදේශ කර "මව්බිම" තනා ගනී. ඉංග්‍රීසියෙන් "motherland" ලෙසද ලොව වෙනත් සියලුම භාෂාවලින්ද මෙලෙස බිම් කඩක් වෙනුවෙන් අම්මා අලෙවිකරයි. "මව්බිම නැත්නම් මරණය" ආදී සටන්පාඨ මෙහි ඇති අති සාර්ථක බව පෙන්නුම් කරයි.

දෙවැන්න ආගමයි. තවත් කෙනෙකුගේ අණ දීම් පිළිපැදීමට අකමැති මිනිසා තමන්ගේ පංචේන්ද්‍රියට ගෝචර නොවන බලවේගයන්ගේ අණපනත් වලට කිසිඳු පැකිලීමක් නොමැතිව කීකරු වෙයි. මේ අනුව පාලකයා විසින් තමන්ට අවැසි දේ මහජනතාව මත පැටවීම සඳහා දෙවියන් මවා ඇති බව පෙනෙයි. මෙහිදී පාලක-පූජක සංයෝගය ඉතා විශාල කාර්යභාරයක් ඉටු කරයි. මේ භෞතික නොවන බලවේගයන්ගේ අවශ්‍යතාවය කෙතරම් පාලකයාට අවශ්යවීද යත් එවන් ලෝ පාලක දෙවිවරුන් ප්‍රතික්ෂේප කල දහම් පිළිගන්නා රටවල පවා කෙසේ හෝ මිනිසාට අණ දීමට සමත් දෙවිවරුන් බිහිකරගෙන ඇත. සමහර අවස්ථාවලදී ගස්, කඳු හෝ පුජනීය ස්ථාන වලට අධිගෘහිත දෙවිවරුන් ලෙසද මේ බලවේග එළිදක්වා ඇත. 

තෙවැන්න ජාතියයි. ජාතියක් අර්ථ දක්වන්නේ යම් සමානතා ඇති සමුහයක් හැඳින්වීමටයි. නමුත් පාලකයා විසින් මෙම සංකල්පය ඊට වඩා බොහෝ සෙයින් තමාට පාලනය ගෙනයාම සඳහා උපකාරී වන්නාවූ කර්තව්‍යයකට යොදාගෙන ඇත. රටක පාලකයාට අමතරව ප්‍රාදේශීය නායකයන් තවත් උපකුලක රාශියක් පාලනයේ පහසුව සඳහා භාවිතා කරයි. කුලය, ගෝත්‍රය, වෘතිය මින් කිහිපයකි.  

දැන් අපි අපේ හිතවතාගේ පැනය දෙස බලමු. ලංකාව කෙසේ වෙතත් රටේ ජනතාවගේ නිදහස සාක්ෂාත් වූ අවස්ථා කිහිපයක් මෙරට ඉතිහාසයේ දකින්නට ලැබේ. 1948 පෙබරවාරි 4 වනදා මෙය සිදුවුනාද යන්න ප්‍රශ්නාර්ථයකි. මම දකින ආකාරයට මෑතකදී ජනතාවගේ නිදහස වැඩිවූ එකම අවස්ථාව 2009 මැයි මාසයයි. මෙහිදී නිදහසේ වැඩිම වර්ධනයක් සිදුවුයේ දෙමළ ජනතාවටයි. එය ලංකාවේ පමණක් නොව ලොව පුරා විසිරී සිටින දෙමල ජනතාවගේ නිදහසේ වැඩිවීමකි. ඔවුන්ට LTTE පාලන සමයේ තිබුනාට වඩා විශාල වශයෙන් සිතීමේ, භාෂණයේ සහ කටයුතු කිරීමේ නිදහස් හිමි විය. දකුණේ ජනතාවටද බියෙන් සැකෙන් තොරව ගමන් බිමන් යාමේ නිදහස හිමි විය. මෙය අප සැමගේ සතුටට කාරණයක් විය.

එහෙත් ඉන් වසර දොළහකට පසු මේ නිදහස පිළිබඳව ඔබට සිතෙන්නේ කුමක්ද? 
 



Wednesday, 5 May 2021

අපොස උපෙ රටට සාපයක් නොවීමට



අපොස උසස් පෙළ තරඟ විභාගයක්ද? මේ පැනයට ලංකාවේදී බොහෝ විට ලැබෙන්නේ "ඔව්" යන පිළිතුරයි. මම රටවල් ගණනාවක අධ්‍යාපනය හා සම්බන්ධ වී ඇත්තෙමි. ඒ සෑම රටකම උසස් පෙළ හෝ ඊට සමාන කඩඉම් විභාගයක් ඇත. එහෙත් බොහෝ දියුණු රටවල මෙය තරඟ ඉසව්වක් සේ සැලකෙන්නේ නැත.

කඩඉම් විභාගයක් යනු දරුවෙකුට තමාගේ අනාගත වෘත්තීය තීරණය කල හැකි තවත් එක් අවස්ථාවකි. මෙවැනි විභාගයකින් බලාපොරොත්තු වන්නේ දරුවාට තමා යා යුතු දිශාව පිළිබඳව යම් මග පෙන්වීමක් ලබා දීමයි. නමුත් එයින් දරුවාගේ මග අහුරාලීම හෝ දරුවා යම්  මාවතකට බලහත්කාරයෙන් තල්ලු කිරීම සිදු නොවිය යුත්තකි. කෙනෙකුගේ හැකියාව සහ ප්‍රඥාව උද්දීපනය වීමට නිශ්චිත කාල වකවානුවක් නැත. එය ජිවිතයේ ඕනෑම අවස්ථාවක සිදුවිය හැක. දියුණු යයි සම්මත රටවල් දියුණු වීමට එක් මූලික හේතුවක් වන්නේ රටේ නීති සම්පාදකයන් මේ බව මීට දශක ගණනාවකට පෙර තේරුම් ගැනීමයි. 

ලංකාව වැනි ඌන සංවර්ධිත රටවල මේ කඩඉම් විභාගය තරඟ විභාගයක් වන්නේ උසස් අධ්‍යාපනයට රටේ ඇති ඉඩකඩ ඉතා සීමිත බැවිනි. මේ අනුව නොමිළේ අධ්‍යාපනය සඳහා  දරුවන් අතර ඉතා තියුණු අසහනකාරී තරඟයක් හටගනී. රටේ සියළුම දෙමව්පියෝ තමාට හැකි (හෝ නොහැකි වුවත් දහසක් ආර්ථික අතවරයන්ට මුහුණ දෙමින්) පමණින් දරුවාට අමතර අධ්‍යාපනය ලබා දෙමින් මේ තුරඟ තරංග පිටියේ ඔවුන්ව දුවවයි. මෙය මා දකින ආකාරයට නොමිළේ අධ්‍යාපනයේ එක් අඳුරු ප්‍රතිඵලයකි (මේ පිළිබඳව දීර්ඝ ලිපියක් මම වසර කිහිපයකට පෙර පළ කලෙමි). මේ පිළිබඳව පුළුල් අධ්‍යයනයක යෙදී විසඳුමක් ලබා දීමට අපි දැනටමත් දශක දෙක තුනක් පමාවී ඇත.

මේ වන විට ලෝකයේ ඕනෑම දියුණු රටක හෙදියකට ජිවිතයේ ඕනෑම අවස්ථාවක තම අත්දැකීම් සමග අදාළ පාඨමාලා හැදෑරීමෙන් වෛද්‍ය වෘත්තිකයකු විය හැක. නමුත් ලංකාවේ එසේ නොමැතිය. දැන් දේශීය අපොස උසස් පෙළ විභාගය නොකළ හෝ ඉන් යම් නිශ්චිත සාමාර්ථයක් නොලද කෙනෙකුට ලෝකයේ කුමන වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තත් ලංකාවේදී එම වෘත්තියේ යෙදිය නොහැකිය. එසේම විදේශික වෛද්‍යවරයෙක් නොබෙල් සම්මාන ලාභියෙක් වුවත් ඔහුට ලංකාවේ සේවය කල නොහැක. 

මෙහි ඊළඟ ප්‍රතිඵලය වන්නේ ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන දරුවන් සහ විදේශ ගතව වෛද්‍ය විද්‍යාව හදාරන බොහෝ දරුවන් රට හැර යාමයි. මේ බොහෝ දෙනෙක් යම් ප්‍රමාණයක වත්පොහොසත්කම් ඇති පිරිසකි. ඔවුන් රට හැර යාමේ පල විපාක ඉතා කටුක විය හැක. 

කන්දක් තරණය කිරීමට තිබිය යුත්තේ එකම මගක් පමණක් යයි සිතන, ඒ සඳහා නීති පනවන, ජන සමාජයකින් ඈත්වීම ඔබගේ ජයග්‍රහණයක් වනු ඇත.  





Friday, 30 April 2021

අට වසර ගණිත ගැටළුවක් විසඳන්න පුලුවන්ද?


අසර්බයිජානේ හාදයෙක් මොංගෝලියාවෙන් ශීතකරණ ගෙන්වල තමන්ගේ රටේ විකුනන්න තීරණය කරනවා. ආනයනය කරන ශිතකරණයකට අසර්බයිජාන් ආණ්ඩුවෙන් 100% බදු ගහනවා. හැබැයි පොත්පත්වලට ඒ රටේ ආනයන බදු අයකරන්නේ නැහැ. අසර්බයිජාන්කාරය මොංගෝලියානු කොම්පැනියෙන් එකක් ඩොලර් 100 වන ශීතකරණ 1000 ක් ගෙන්නලා එකකින් ඩොලර් 40ක් ලාබ තියාගෙන විකුනන්න සුදානම් වෙනවා. ඒ කියන්නේ එක ශීතකරණයක් ඩොලර් 240 කට. ශීතකරණ දාහක් විකුණන කොට ඩොලර් 40,000 ක් ලාබයි. නරක නැහැ නේද?

මේ හාදයාගේ හොඳ යාළුවෙක් ඉන්නවා මොංගෝලියාවත් එක්ක නිතර ගනුදෙනු කරන. යාළුවට වැඩේ ආරංචි වෙලා මිනිහ ඇවිත් අපේ හාදයට යස උපදෙසක් දෙනවා. ඒක මොනතරම් අපූරූ අදහසක්ද කියල මේ හාදයට තේරෙන්නේ වැඩේ කෙරිලා ලාභය අතට එනකොට. මෙන්න මෙහෙමයි වැඩේ කෙරුණේ.

යාළුවගේ උපදෙස් අනුව අසර්බයිජාන් හාදය මොංගෝලියන් කොම්පැනියේ සේල්ස් මැනේජර්ට කතා කරලා මෙහෙම කියනවා.

"මට එකක් ඩොලර් 20 ගණනේ ශිතකරණ 1000 කට ඉන්වොයිස් කරන්න. ඒ එක්කම මොංගෝලියාවේ තියෙන එකක් ඩොලර් 1 ක් වෙන පොත් ලෝඩ් එකකටත් ඉන්වොයිස් කරන්න, එක පොතක් ඩොලර් 9 ගණනේ දාල. පොත් ලෝඩ් එක තීරණය කරන්න ඔයගොල්ලගේ කොම්පැනියට එකක් ඩොලර් 100 ගණනේ ශීතකරණ 1000 ටයි  පොතක් ඩොලර් 1 ගණනේ පොත් ලෝඩ් එකටයි මුදල් ලැබෙන විදියට". 

මොංගෝලියන් සේල්ස් මැනේජර්ට තේරුණා මේකෙන් ඒගොල්ලන්ට කිසිම පාඩුවක් නොවෙන වග. අනෙක මොංගෝලියාවේ රට ඇතුලේ නීතිරීති බොහොම තදට තිබුණට මොංගෝලියානු කොම්පැනි රටෙන් පිටත අයත් එක්ක කරන ගනුදෙනු වලදි ඇති වෙන ඔය සුළු සුළු අංක ගණිත ගැටළුවලට රජය අතගහන්නේ නැහැ.

ඉතින් අන්තිමේදී අසර්බයිජාන් හාදය ඉන්වොයිස්වල තිබුණ විදියටම බදු ගෙවල බඩු ටික ක්ලියර් කරගත්තා. 

දැන් ඔයාලගේ වාරේ.  

පොත් ලෝර්ඩ් එකේ පොත් කීයක් තිබුනද?

මිනිහ පොතක් ඩොලර් එක ගණනෙයි (ගත්තු ගානටම), ශීතකරණයක් කලින්  හිතපු මිලටමයි වික්කොත් මිනිහගේ ලාභය කොච්චරද?

මිනිහ පොත් ටික සීනි ඔතන්න සිල්ලර කඩවලට නොමිලේ ගෙනියන්න කියල ශීතකරණයක් කලින් හිතපු මිලටම වික්කොත් මිනිහගේ ලාභය කොච්චරද?


                                           


Tuesday, 6 April 2021

සුහුරුව හිතන්න - Think smart

බැංකුවකට පැමිණි තරුණයෙක් තමාට මුදල් හදිස්සියක් ඇති බැවින් ඩොලර් 500ක් ණයට ගත හැකිදැයි කළමණාකරුගෙන් ඇසුවේය. ඒ සඳහා ඇපයට තම BMW ස්පෝර්ට්ස් වර්ගයේ මෝටර් රථය තැබිය හැකියයි ඔහු පැවසීය. ඩොලර් 400,000ක්  පමණ වටිනා මෙම රථය ඇපයට තබා ගැනීම හොඳටම ප්‍රමාණවත් බව හැඟුණු බැවින් මුදල ලබා දීමට කළමණාකරු එකඟවිය. එහෙත් මසකට පොලිය 10% බව ඔහු පැවසීය.  මෙය ඉතාමත්ම අධික පොලියක් වුවත් (වසරකට වැල් පොලිය නොසලකා හැරියත් පොලිය 120%) තරුණයා කිසිඳු පැකිලීමක් නොමැතිව ඊට එකඟ විය. කාරය බැංකුවේ යටි මහලේ විශේෂ ආරක්‍ෂිත කලාපයේ ගාල් කිරීමෙන් පසුව ඔහු ඩොලර් 500 ද රැගෙන යන්න ගියේය.

මසකට පසු පැමිණි තරුණයා ඩොලර් 550 ලබා දී මෝටර් රථය රැගෙන යන්න හදද්දී, මේ ගනුදෙනුව සඳහා ලියකියවිලි සකස් කල තරුණ නිලධාරියා ඔහු වෙතට පැමිණ මෙසේ ඇසීය. 

"මහත්මයා මට සමාවෙන්න ඔබගෙන් පුද්ගලික පැනයක් අසනවාට. මෙතරම් වටිනා රථයක් තිබෙන ඔබට ඇයි මෙතරම් සුළු ණයක් ලබාගැනීමට සිදුවුයේ, මේ වගේ රථයක් ඇපයට තියල". 

සිනහවකින් මුව සරසා ගත තරුණයා මෙසේ කීය.

"මම ගිය මාසේ මගේ නිවස විකුණුවා ඉතා හොඳ ඉල්ලුමක් ලැබුණු නිසා. ඉන්පසු මම ලොව පුරා මාසයක් සංචාරය කිරීමට සිතුවා. සංචාරයෙන් පසු නව නිවසක් කුලියට ගැනීම මගේ අරමුණ වුණා. නමුත් ප්‍රශ්නය මම බොහොම ආදරය කරන මගේ මේ කාර් එක. මාසයක් කලින් ගේ ගත්තා නම් මට ඩොලර් 8000 ක් වැඩිපුර ගෙවන්න වෙනවා. වාහනය මාසයක් සුරැකිව රදවා ගැනීමට BMW සමාගම ඩොලර් 6000 ක මුදලක් ඉල්ලුවා. නමුත් ඔබේ බැංකුවට පිං සිද්ධ වෙන්න මම ඩොලර් 50 ගෙවා ඉතා සුරක්ෂිත තැනක කාරය තබා සැනසිල්ලෙන් ගමන ගොස් පැමිණියා".



Sunday, 28 March 2021

අනුරාධපුරයේ මහා සෑ ත්‍රිත්වයේ පිහිටීමට රණවිරු මහා සෑයේ බලපෑමක් ඇත්ද?

මා මේ ලියන්නේ මට කිසිසේත්ම අවබෝධයක් නොමැති කරුණක් සම්බන්ධවයි.

ගිය සිකුරාදා අප සරසවියේ මහාචාර්යවරුන් කිහිප දෙනෙකු අතර ඇතිවූ සතුටු සාමිච්චියකදී ඊජිප්තුවේ මූලික පිරමිඩ තුන පිළිබඳව කතා බහක් ඇතිවිය. එහිදී එක් මහාචාර්යවරයෙක් කියා සිටියේ මෙම පිරමිඩ තුන මගින් මානවයාට ගෝචර නොවන යම් බලවේගයන් අතර අන්තර් සම්බන්ධිත සංවේදනයක් සිදුවන බවයි. මම සාමාන්‍යයෙන් මෙවැනි අද්භූත කතා පිළිබඳව සැලකිල්ලක් නොදැක්වුවත් සංවාදය රසවත් වූ බැවින් අවධානය යොමු කරගෙන සිටියෙමි. 

මෙහිදී කිහිප දෙනෙකුගේම මතය වුයේ මෙම ශිෂ්ඨාචාරය පැවති වසර 3000 පමණ කාලය තුල (මෙම ශිෂ්ඨාචාරය අවසන් වී තවමත් ගතව ඇත්තේ වසර දෙදහසක් පමණ වේ) කිසිදු පාලකයෙක් මෙම පිරමිඩ තුනට යන්තමින් හෝ සමාන ප්‍රමාණයෙන් වෙනත් පිරමිඩ සාදා නැති බවයි. ඊට හේතුව මේ සන්නිවේදන ජාලයට එයින් බලපෑමක් ඇතිවිය හැකි වීම බව ඔවුන්ගේ මතය විය. මෙම සන්නිවේදන අද දක්වාම කෙරෙන බවත් තව වසර දහස් ගණනක් එලෙසම පවතින බවත් ඔවුන්ගේ මතය විය. 

මගේ පුදුමයට මෙන් එතන සිටි සියලුම වියතුන් පාහේ මේ කතාව තරයේ විශ්වාස කරන බව මට වැටහුණි. ඊළඟට ඇසුණු කතාවෙන් මගේ පුදුමය විශ්මයක් බවට පත්විය. 

මුලින් කතාව පටන් ගත් මහාචාර්යවරයා පැවසුයේ මෙම පිරමිඩවල වඩා සාර්ථක වූ නිර්මාණයක් ශ්‍රී ලංකාවේ පවතින බවයි. ඒවායේ ව්‍යුහයන්ගේ (structures) හැඩය සහ මාන අනුව ඇතිවූ වැඩි කාර්යක්ෂමතාවය නිසා ඒවා වඩා කුඩාවට සකසා අවශ්‍ය කාර්ය කරගැනීමට හැකිවූ බව ඔහුගේ අදහස විය. මට වැරදීමකින් ශ්‍රී ලංකා යන වචනය ඇසුනා දෝ යයි සිතමින් සිටින විට ඔහු ඉතා අපහසුවෙන් තම දුරකතනයේ වූ ගූගල් සෙවුම ආශ්‍රයෙන් (යැයි මම සිතමි) රුවන්මැලි සෑය, උච්චාරණය කරද්දී මට නොවැරදුනු බව පසක් විය. එතැන සිටි සියලු දෙනාම මා මැලේසියානුවෙක් යැයි සිතා සිටි බැවින් ඔවුන් මගෙන් මේ ගැන කිසිවක් නොවිමසීය. 

අද දින ලංකාවේ විද්‍යුත් පුවත්පත් බලන විට දුටු සඳහිරු සෑය හා සම්බන්ධ පුවත එකවරම මගේ මතකය වසර දෙක තුනක් පසුපසට ගෙන ගියේය. දිනක් මගේ දුරකතනයට ලංකාවෙන් ඇමතුමක් ලැබුණි. එකල අපි මැලේසියාවේ පදිංචිව සිටියෙමු. දුරකතනයෙන් ඇමතු මහතා (මට ඔහුගේ නම මතක නැත) ඇසුවේ ලංකාවේ ඉදිවන රණවිරු මහා සෑය මගින් අනුරාධපුරයේ ඇති මූලික දාගැබ් තුනේ පිහිටීමේ හැඩ තලයන්ට හානියක් නොවන්නේද යන්නයි.  සාමාන්‍යයෙන් මෙවැනි කරුණු දේශපාලනය හා සම්බන්ධ වන බැවින්ද මා ඇත්තටම ඒ ගැන කිසිවක් නොදැන සිටි බැවින්ද එම මහතා තුන් හතර විදියකින් ඇසූ එකම පැනයට මම කිසිවක් කිව නොහැකි බව ප්‍රකාශ කලෙමි. 



Saturday, 27 March 2021

අමරණීය පානය


හූ මින්ග් රජු ඉතා කෘර පාලකයෙක් විය. වයස අවුරුදු 20 දී සිහනසුනට පත් වූ ඔහු ධනවත් සිටුවරුන්ගෙන් මෙන්ම දිළිඳු ගොවියන් ගෙන්ද ඉතා අසාධාරණ ලෙස බදු අය කළේය. බදු ගෙවිය නොහැකි ගොවියන් පවුල් පිටින් මරා දැමිය. ඔහු වසරේ වැඩි කාලයක් තම අධිරාජ්‍ය විශාල කරගැනීම සඳහා ගම් නියම ගම් ගිනිබත් කරමින්, අසරණයන් වහල්භාවයට පත් කරගනිමින්, ආක්‍රමණයේ යෙදුනේය. ඉහල පෙළේ සෙනෙවිවරුන් පවා ඔහුට වඩා දක්ෂ බව හැඟී ගියහොත් ඔහු සුක්ෂම ලෙස ඔවුන්ව අපරාධවලට පටලවා හිස ගසා දැමිය. කෙමෙන් ඔහුට, මතුපිටින් නොපෙන්නුවත් සිත යටින් අකමැති වූ සතුරන් විශාල ගණනක් බිහිවන්න විය. මෙය ඉවෙන් වැටහුණු හූ මින්ග් තදබල අසහනයකින් පෙලෙන්න විය. මේ නිසාම ඔහුගේ සැකය දිනෙන් දින උත්සන්න විය.

හූ මින්ග් රජුට ඉතා සට කපට උපදේශකයෙක් සිටියේය. ඔහු රජුගේ මානසික තත්වය වටහාගෙන රජුට කදිම උපදේශයක් දුන්නේය. 

"කඳුකරයේ වෙසෙන සාධුවරුන් කිහිප දෙනෙකු ලඟම අමරණීය වන පානයක් තිබෙනවා, එය පානය කළහොත් ඔබ සදාකාලිකවම මේ මුළු ලෝකයටම එකම අධිරාජ්‍යයා වනවා" උපදේශකයා කීය. 

මේ බව කන වැකුණු වහාම හූ මින්ග්, කඳුකරය පීරා සාධුවරයෙකුගෙන් අමරණීය පානය පැහැරගෙන එන ලෙස දන්වා සේනා පිටත් කර හැරියේය. මේ දරුණු සෙබළුන්ද කඳුකරයේ සිටින සාධුවරුන් අල්ලා ඔවුන්ගෙන් අමරණීය පානය තමන්ට ලබා දෙන ලෙස අණ කරන ලදී. තමා ළඟ එසේ පානයක් නොමැති බව පවසන සියළු සාධුවරුන් ඔවුහු මරා දැමුහ. 

මේ විනාශය දරා ගැනීමට නොහැකි වූ නැණවත් රටවැසියන් පිරිසක් කඳුකරයේ ඈත පෙදෙසක වෙසෙන ලූ ජයන් නම් ධ්‍යානලාභී සාධුවරයා හමුවී මේ ව්‍යසනයෙන් මානව සංහතිය ගලවා ගන්නා ලෙස ඉල්ලා සිටින ලදී. ලූ ජයන් තුමා ඔවුන්ට කියා සිටියේ තමා ළඟ අමරණීය පානය ඇති බව සෙබළුන්ට පවසන ලෙසයි. 

සෙබළුන් පැමිණි විට ලූ ජයන් තුමා කියා සිටියේ, තමා ළඟ අමරණීය පානය ඇති නමුත් එහි ඵල ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම එය තම පූජා භූමියේ ඇති ඉපැරණි රොන්ෂු ගස පාමුලදී පානය කල යුතු බවත්ය. 

මේ බව දැන් වූ විට ඉතා අකමැත්තෙන් වුවත් අමරණීය වීමට ඇති ලෝභය නිසා මෙම සාධුවරයාගේ භූමියට යාමට හූ මින්ග් කැමති විය. තමා අමරණීය වූ වහාම තමාව ඔහුගේ දෙපා මුලට ගෙන්වා ගැනීමෙන් කල අවමානයට සාධුවරයාගේ හිස ගසා දැමීම හූ මින්ග්ගේ අභිප්‍රාය විය. 

පූජා භූමියට ගිය හූ මින්ග් රජුට රොන්ෂු ගස මුලදී ලූ ජයන් තුමා විසින් ශාක පොතු තම්බා සකස් කල ඉතා තිත්ත පානයක් ලබා දෙන ලදී. ලූ ජයන් තුමා කියූ වත්පිළිවෙත් පිළිපැද ඉතා අපහසුවෙන් තිත්ත දියරය පානය කල හූ මින්ග් ඊළඟට ලූ ජයන් තුමාගෙන් ඇසුවේ තමා අමරණීය බව ඔප්පු කරන්නේ කෙලෙසද යන්නයි. 

ලූ ජයන් තුමා ඉතා යටහත් පහත්ව මෙලෙස කියා "නරෝත්තමයාණෙනි ඔබගේ ගෙලට කඩු පහරක් එල්ල කරන ලෙස ඔබගේ සෙබළෙකුට අණ කරන්න" 

තම අණින්ම හූ මින්ග්ගේ ගෙලට කඩු පහරක් එල්ල වූ අතර ඉන් ඔහුගේ ගෙල සිඳී හිස බිමට පතිත විය. මේ සමගම එතෙක් කලක් මුළු රටටම තිබූ හිසරදයක් නිමා විය.