යම් ආගමක්, දහමක්, දර්ශනයක් ඔබ ප්‍රයෝගිකව පරිහරණය කරනවාද? එයින් ඔබට සතුටක්, සැහැල්ලුවක්, තෘප්තියක්, ඇතිවුණා යයි සිතෙනවාද?
එසේ නම් එම දහම අන්‍යන්ට ඉදිරිපත් කරන්න හෝ මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරන්න මැලි නොවන්න. ඒ සඳහා ඔබට අයිතියක් ඇත.
මෙය කරන්නේ කෙසේද?
දහම හා ඒ ආශ්‍රිත කරුණු ග්‍රන්ථාරූඩ කරන්න. ඔබ දකින දහම් පණිවිඩය අනෙකාට ලබා දීමට ලිපි, කවි, ගී ලිවීම ඇතුළු සාහිත්‍ය කටයුතුවල යෙදෙන්න. දහම් සාකච්චා පවත්වන්න. අන්‍යයන්ට දහම හා සම්බන්ධවීමට පහසුකම් සලස්වන්න, ඒ හැම දේටම ඉහලින් ඔබ දහමෙහි හැසිරෙන්න.
ඔබත් භාවිතා නොකර, පෙට්ටගමක තැම්පත් කර අගුළු දමා, ලෝකයටම බැන වදිමින්, ආඩපාලි කියමින්, කඩුවක් වනමින් පෙට්ටගම වටේ කැරකුනා කියා ආගමක් රැකගත හැකිදැයි ඔබම සිතා බලන්න. විශේෂයෙන්ම බුදු දහම එසේ රැකගත හැකිද?
මදක් නැවතී සංසුන්ව සිහි බුද්ධිය අවදිකරගෙන සිතන්න.
ඔබ ආගම දහම තුල එම ඉගැන්වීම් වලට අනුකූලව හැසිරෙනවාද?
ඔබට ආගම දහම තුලින් ලැබුණු යහපත් දේ මොනවාද?
ඔබට අවශ්‍ය ඒ යහපත් දේ ලොව ලබනවා දකින්නද?
ඔබ වෙහෙසෙන්නේ ඒ වෙනුවෙන්ද?
එසේ නොමැති නම් ඔබට අවශ්‍ය ආගමික ලේබලයේ නාමයෙන් සමාජ රැකවරණයද?
ඒ රැකවරණය වෙනුවෙන් ඔබ ඔබගේ මනසේ ශාන්තිය, සතුට, සැනසුම, සැහැල්ලුව කැපකරන්න සුදානම්ද?
එලෙස කිරීමෙන් ඔබට හෝ ලෝකයට පලක් ඇත්ද?
ඔබවත් භාවිතා නොකරන ආගමක් දහමක් රැකගන්න හැදීමේ අර්ථය කුමක්ද?
අවසානයේදී ඔබ ආගම රැකගන්න කියා කරන්නේ ඔබේ හිත ක්‍රෝධයෙන් වෛරයෙන් පුරවා ඔබව හිඟා නොකා හිඟා කන තත්වයට පත්කළ දේශපාලක තක්කඩියන් රොත්තක් වෙනුවෙන් ඔබේ සැපත නැවත නැවතත් දන් දීම නොවේද?
ඔබ ඔබගෙන්ම ප්‍රශ්න කරන්න.