"උසාවියට අපහාස කිරීමේ වරදට" පොඩි එවුන් ඇතුළට යන විට දේශපාලකයන් කී දෙනෙක් ඔවුන්ව බලන්න එයිද? ඔවුන් වෙනුවෙන් පෙළපාලි සංවිධානය කරයිද? ඊළඟට ඇතුළට යන කෙනා වෙනුවෙන් කී දෙනෙක් පාරට බහීද?
මේ රජය යන ගමන අවබෝධ කරගන්න විපක්ෂය තවමත් ළදරු වැඩි බව මට සිතෙයි. විපක්ෂය සිල්ලර කරුණු වෙනුවෙන් ප්‍රීති ඝෝෂා නගද්දී ඔවුන්ට නොපෙනෙන කුරිරු රාමුවක් තුලට ඔවුහු ස්ව-කැමැත්තෙන්ම කොටුවෙමින් සිටිති.
මේ ගමන ගැන අවබෝධ කරගන්න නම් LKY 66-70 පස් වසර ගැන හොඳින් අධ්‍යනය කරන්න.
LKY කිසිම දිනෙක නීතියෙන් පිට මර්දනයක් නොකළේය. ඒ වෙනුවට ඔහු අවශ්‍ය නීති සම්පාදනය කළේය.
මැලේසියාවේදී මට හමුවූ වයෝවෘද්ධ චීන ජාතිකයෙකු කී කතාවකින් මම මේ කෙටි ලිපිය අවසන් කරමි.
"විපක්ෂයේ අපි සිවිල් නීති කඩමින් විරෝධතා දැක්වුවා. LKY නීත්‍යනුකූලව අපිව කෲර ලෙස මර්ධනය කළා".
---------------------------------------------
ඔහුගේ මුළු කතාවම කියවීමට අවශ්‍ය නම් පහත ඇත.
"මම උපන්නේ පුලව් බ්ලකන් ප්‍රදේශයේ (අද එම ප්‍රදේශය සිංගප්පුරුවේ සෙන්ටෝසා දිවයින ලෙස ප්‍රසිද්ධය). මුලින්ම අපේ පාරම්පාරික ඉඩම් LKY පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරලා හමුදා කඳවුරු සඳහා ගත්තා. අපිට වෙනත් ප්‍රදේශයක මහල් නිවාස ලබා දුන්නා. කාටවත් ඒකට අකමැති වෙන්න ක්‍රමයක් තිබුණේ නැහැ උසාවි නියෝගයක් නිසා. මුළු රටේම බහුතරයක් LKY ගේ හොඳ කිව්වත් මා ඔහුව පිළිකුල් කළා. පොලිස් කාරයෙක් දෙසට වෙඩි තිබ්බා කියා 1971 දී ජූරියක් නැතිව නඩු අසා එල්ලා මරා දැමු ටියෝ චෙන්ග් ලිඔන්ග් මගේ සහෝදරයා. LKY අපේ විරෝධතාවලට කිසි විට පහර දුන්නේ නැහැ. පොලීසිය සහ හමුදාව පාර දෙපසට වී බලා සිටියා. රජයේ මාධ්‍යවේදීන් ඉදිරියෙන්ම යන ක්‍රියාකාරීන්ගේ චායාරූප ගත්තා. ටික දවසකින් උසාවි නියෝග රැගත් පොලිස් නිලධාරීන් පැමිණ අප එක එකාව අත්අඩංගුවට ගත්තා. අවුරුදු ගණන් ඒ නඩු ඇදී ගියා. එතෙක් ඒ සියළු දෙනාම රිමාන්ඩ් බන්ධනාගාරවල අපා දුක් වින්දා. අවසානයේදී මම තීරණය කළා සියල්ලම හැරදා මැලේසියාවට පැමිණීමට".
No comments:
Post a Comment