මීට වසර 15ට පමණ පෙර මා බ්ලොග් සටහන් ලියන්න පටන්ගන්නේ ප්‍රධාන වශයෙන්ම ස්වභාවික ආන්තික සිදුවීම් පිළිබඳව යම් පණිවිඩයක් කියවන්නන්ට ලබාදීමටය. එදා මෙදාතුර මා මේ පිළිබඳව ලිපි ගණනාවක් ලියා ඇත. පැවති සියළුම ආණ්ඩු මෙන්ම විපක්ෂද (දැන් පවතින රජයේ උදවිය විපක්ෂයේ සිටින විටද) හැමදාම කලේ මේ ගැටළුවලට කෙටි සහ දීර්ඝ කාලීන විසඳුම් සොයනවා වෙනුවට එකිනෙකාට චෝදනා එල්ල කරගැනීමයි.
මේ නිසාම රටේ ජනතාව අතරද කිසිඳු පදනමක් නැති ගොබ්බ, විකාරරූපී අදහස් පැතිරෙන්න විය. මෙය අධ්‍යාපන මට්ටම කුමක්ද යන්න හෝ ජීවත්වන්නේ ලංකාවේද, අසර්බයිජනයේද, කැනඩාවේද යන්නෙන් ස්වායත්තව පුළුල් සමාජ පරාසයක පැතිරී ඇත.
කෙසේ නමුත් ස්වභාවික ආන්තික සිදුවීම් සහ ඒවායින් සිදුවන මානව විපත් මෙයින් අවසන් නොවේ. තව නොබෝ දිනකින් මීටත් වඩා දරුණු තත්වයන් උදාවිය හැක. මේ නිසා අපි දේශපාලන කෝණයකින් තොරව කල යුත්තේ කුමක්දැයි විමසා බලමු. මට නොපෙනෙන බොහෝ පැතිකඩ ඔබ දැකිය හැක.
පහත දැක්වෙන පැනයන්ට පිළිතුරු දීමට ඔබට හැකිද? තෙවැනි පැනයට බොහෝ කරුණු මා මෙතෙක් ලියූ බ්ලොග් ලිපිවල පෙන්වා දී ඇත.
1. ආන්තික සිදුවීම පිළිබඳව සාමාන්‍ය අනාවැකියක් (general forecast) සහ නිශ්චිත අනාවැකියක් (exact forecast) ලැබුණු පසු කල යුතුව තිබූ එහෙත් මේ රජය නොකළ දේ මොනවාද?
2. කහ, තැඹිලි, රතු අනතුරු හැඟවීම් වලදී ජනතාව ගත යුතු එහෙත් මෙවර නොගත් පියවර මොනවාද?
3. දීර්ඝ කාලීනව මෙතෙක් කිසිඳු රජයක් නොකළ මේ රජයද නොකරන දේ මොනවාද?

No comments:
Post a Comment