Monday, 1 December 2025

සුබසෙත කිව්වොත් කිව්වමයි

 



අපි පොඩි කාලේ ජ්‍යෝතිෂය පුවත්පතකට තිබුණේ සුබසෙත විතරයි. අපේ සීය හැම සතියෙම සුබසෙත මිළදී ගන්නවා. හැම පාරම පත්තරේ headline එක නම් ත්‍රාසජනකයි.  "රටට මහා දරුණු ස්වභාවික විපතක්", "රටම ආදරය කරන ප්‍රසිද්ධ කලාකරුවෙකුට මාරක අපලයක්", "රටම හෙල්ලෙන දේශපාලන පෙරලියක්" ආදිය මේ කීපයක්. පත්තරේ අරගෙන දවස් දෙකක් තුනක් යනකල් අපේ ආචිචිලගේ ගෙදර කතාව ඔය ගැනමයි. හොඳට ඉන්න මිනිස්සුන්වත් මරනවා, කඳු නාය යවනවා, එක වැඩයි.

ඔය කියන දේවල් ලේසියෙන් සිද්ධ වෙන්නෙ නැහැ. ටික දවසක් යනකොට ඕක  සුබසෙතට මතකත් නැහැ. ඊළඟ සතියේ හෙඩිම කියෙව්වට පස්සේ කොහොමටත් පරණ කතාව  මිනිස්සුන්ට මතකත් නැහැ, 

ඉඳල හිටලා මෝසම් වැස්ස වැඩිවෙලා ඇලක් දොළක් ගලලා ලංකාවේ ගමක් යටවෙනවා, එහෙම නැත්නම් මහා ඇලෙක්සැන්ඩර් නාටකේ අස්සයගේ පස්ස කකුලට ඇට් කරන මනුස්සයා මැරෙනවා, එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රී කෙනෙක් ආණ්ඩු පක්ෂයේ ඉඳගන්නවා.

ඊළඟ සතියේ පොල් ගෙඩි අකුරින් පළවෙනවා "සුබසෙත කිව්වොත් කිව්වමයි"



No comments:

Post a Comment