Thursday, 6 August 2026

නොදන්නා ඉංගිරිසියට ගොස් වරිගය නසා ගැනීම


ජීවිතයේ එක් කලෙක මට marketing expert කෙනෙක් වීමේ උණක් තිබුණි. මේ නිසා මම CIM විභාගයට පෙනී සිටීම සඳහා පන්ති වලට සහභාගී වුනෙමි. මේ එහි දේශකයෙකු වූ රොෂාන් පෙරේරා (මට නම මතක හැටියට) කියූ කතාවකි.

එවකට ඉතා ප්‍රසිද්ධ ව්‍යාපාර ජාලයක හිමිකරු වූ දුර පලාතක ඉතා පහල තැනක සිට දියුණු වූ ව්‍යාපාරිකයෙකු හමුවීමට දිනපතා sales representatives ලා දෙදෙනෙකුවත් පැමිනෙයි. මේ high-end products විකිනීමටය. ඔවුන් අති බහුතරයක් පැමිණි වෙලේ සිට ඉංග්‍රීසියෙන් තම භාණ්ඩය විස්තර කිරීමට පටන් ගනියි. තත්පර 30ක් යන්නට පෙර අර ව්‍යාපාරිකයා (ඔහුව සියල්ලෝම හඳුන්වන්නේ ව්‍යාපාරයේ නම අගට මුදලාලි පදය යෙදීමෙනි) ඔවුන්ගේ කතාව නතර කර තම procurement officer හමුවන ලෙස ඔවුන්ට සිංහලෙන්ම අණ කරයි. එම නිලධාරියා මේ sales rep ලාව හැකි ඉක්මනින් ඉවතට යවයි. 

ඉඳහිට පැමිණෙන ශූර වෙළඳ නියෝජිතයෙක් හොඳ සිංහලෙන් කතාව පටන් ගනියි. මුදලාලි මහතා මේ අයට ටික වෙලාවක්වත් හොඳින් සවන්දෙන අතර සමහර විට භාණ්ඩය ගැනද වැඩිදුර විස්තර අසයි. අවසානයේ භාණ්ඩය ගැනීමට තීරණය කලත් නැතත් වෙළඳ නියෝජිතයාට සිසිල් බීම වීදුරුවකින් සංග්‍රහ කර පිටත්කරන්නේ මේ ගැන කල්පනා කර බලන බවට පොරොන්දු වෙමිනි. මේ සංසිද්ධිය නිරීක්ෂණ කර තිබුනේ ව්‍යාපාරිකයාගේ පෞද්ගලික ලේඛම්වරියයි. 

වෙළඳාමේදී වැදගත් වන්නේ තමන්ගේ භාෂා ප්‍රවීණත්වය ප්‍රදර්ශණය කිරීම නොව තම නිෂ්පාදනය හෝ සේවය අලෙවි කරගැනීමයි. මට මේ කතාව මතක් වුණේ තමා අවට සිටින අති බහුතරයකට ඉංග්‍රීසි වාක්‍යයක් ගැටගසා ගත නොහැකි තත්වයක් තිබෙන සමහර උදවිය AI software එකක ආධාරයෙන් බර ඉංග්‍රීසි බසින් පෝස්ට් දානවා දුටු විටයි. 


                       


Tuesday, 4 August 2026

සාම්ප්‍රදායික කුරුඳු තැලීම unattainable ද?

 


සංජය, දසුන් සහ මා අමිල සමග පැවති podcast එකෙන් පසු මම කුරුඳු තලන යාන්ත්‍රණය පිළිබඳව යම් අධ්‍යයනයක් කලෙමි. මට හිතෙන විදියට නම් කිතුල් tapping වලට මෙන්ම කුරුඳු තැලීම සහ සැකසීම පිළිබඳවද අප self-barrier එකක් යොදාගෙන ඇත. එනම් සාම්ප්‍රදායික ක්‍රමයෙන් අප ලබා ගන්නා නිෂ්පාදන යාන්ත්‍රිකව කල නොහැකි බවයි. 

මම mechanical engineer කෙනෙක් නොවුනත් මගේ අනුමානයේ හැටියට අවශ්‍ය හොඳ mechanizing & automation expert ටීම් එකක් පමණි. සම්ප්‍රදායික ක්‍රමයෙන් ලබා ගන්නා කුරුඳු වලට සමාන හෝ ඊට වඩා හොඳ quality එකේ කුරුඳු ඉතා කඩිනමින් සැකසීමට හැකි යාන්ත්‍රික ක්‍රමයක් ගොඩනැගීමට මෙබඳු team එකකට මාස හයකට වඩා ගතවන්නේ නැත. තියුණු අභියෝග සහ ගැටළු මතුවිය හැක. R&D කියා දෙයක් ඇත්තේ ඒ සඳහාය. 

අප සාම්ප්‍රදායික ක්‍රමවේදයන් රැක ගත යුතුය. නමුත් නව ලෝකයට සරිලන ලෙස අපේ තාක්ෂණය update කරගත යුතුය. නැත්නම් මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල් අප පසු කරගෙන යනු ඇත.