ලංකාවේ පැවති සියලුම රජයන්ගේ නොහැකියාව මත පැටවුණු ගෝඨාභය ආණ්ඩුවේ උද්දච්ච තක්කඩි ඔලමොට්ටලකම ලංකාව බංකොලොත්බාවයට පත්කළ බව යම් හෝ බුද්ධියක් ඇති සැමටම මේ වන විට වැටහේ. බලශක්ති අහේනිය සමගම ඇති වූ පෝලිම් යුගය මිනිසුන් මහමගට කැඳවිය. එය දැන් අතීතයට එක්වූ කතාවකි.
රනිල් ජනපති විය. "ඔබට රනිල් කියවාගත නොහැකි වුනාට රනිල් ඔබව කියවගෙන ඇත" යැයි මම ලිව්වෙමි. බොහෝ දෙනෙක් මෙයට උපහාසාත්මක comments දමා තිබුණි. එය සාධාරණය.
ඔහු සියළු ණය ගෙවීම් සම්පුර්ණයෙන්ම නවත්වා ඒ බර අනාගත පරපුරේ කර මත තැබීය. ඉන් පසු විදුලි බිල අසීමිත ලෙස වැඩි කළේය. විදුලිය සඳහා පෝලිම් නැත. ජනතාවට මේ වැඩි වූ බිලෙහි බර දැනෙන්නේ සති කිහිපයකට පසුවය. එවිට එහි උණුසුම අහවරය. බිල ගෙවා ගත නොහැකි නම් විදුලිය විසන්ධි වේ. එසේ නැති නම් යන්තම් එක් විදුලි පහනකින් රැය ගත කිරීමට ජනතාව හුරු වේ. මේ ක්‍රියා සිදුවන්නේ සාමුහිකව නොවේ (තෙල්, ගෑස් නොමැතිව පෝලිමේ සිටිනවා මෙන්). මේ නිසා රජයට මෙහි සාමුහික බලපෑම අඩුය.
මේ අතර IMF ප්‍රථම ණය වාරිකය ලැබුණි. ඉන්ධන සහ ගෑස් මිල සුලු වශයෙන් අඩුවිය. එය මිනිස්සුන්ට එදිනෙදා ජිවිතයට දැනුනි. ඔවුන් සතුටු විය. රනිල් වාදීන් උදම් ඇනීය.
දැන් දිනෙන් දින තෙල්, ගෑස් මිල මෙන්ම විදුලි බිලද වැඩිවෙයි. ඒ හා සාපේක්ෂව සියළුම භාණ්ඩ මිලද ඉහල යයි. රටෙහි ණය බරද දිනෙන් දින වඩ වඩාත් ඉහලට ගොඩ ගැසෙයි.
පෝලිම් නැත. එහෙත් බඩු මිළදී ගැනීමට මුදල් නැත. ඇති හැකි අතලොස්ස කා බී ජොලියේ සිටිති. නැති බැරි බහුතරය ලෙවකමින් බඩගාගෙන යති. මා පසුගිය වර ලංකාවට පැමිණි විට දුටුවේ ජනතාව වේගයෙන් මේ ජිවන රටාවට හුරු වෙමින් තිබෙන බවයි.
පීඩකයාටම ආවඩන ලංකාවේ වෙසෙන සමහර උදවිය දුටුවිට මට හැඟෙන්නේ රටේ ජනතාවගෙන් බහුතරයක් ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම් එකට අනුගත වුවහොත් ඔබ පුදුම විය යුතු නැති බවයි.
ඇත්ත!
ReplyDelete