Saturday 25 May 2024

ඔබේ නායකත්ව හැකියාව කොතැනද?

පහත දැක්වෙන්නේ අතිශයින්ම සංකීර්ණ වූ සමාජ තත්වයකි. එය මානව අතීත කතාවේ කාල-අවකාශ ලක්ෂ ගණනාවකදී මතු වුවකි. මෙහිදී සුදුසු නායකත්වයක් ලැබීමට තරම් භාග්‍යමත් වූ මානව සමූහ තම පැවැත්ම තහවුරු කරගත්හ. එසේ නොවූ අභාග්‍යවන්තයෝ ඉතා අවාසනාවන්ත විනාශයකට ගොදුරු වුහ. දැන් ඔබේ වාරය පැමිණ ඇත. 

-----------------------------------------

උපකල්පනය කරන්න ඔබ මීට සහශ්‍රයකට හෝ දෙකකට පෙර ඉතා නිසරු භූමි භාගයක ජිවත්වන දුර්වල ගෝත්‍රික සමාජයක ඉපිද හැදී වැඩෙනවා. නිරන්තරයෙන් යුද කටයුතු වල යෙදෙන්න වීම නිසා මෙම ගෝත්‍රික ප්‍රජාව තුල පිරිමි ගහනය මෙන්ම සමස්ථ ජනගහනයද වේගයෙන් අඩුවෙමින් පවතිනවා. අවට භූමිභාග වල සිටින ශක්තිමත් මිනිස් සමුහයන්ගෙන් ඔවුන් නිතරම බැට කනවා. පිටතින් පැමිණෙන පීඩනය නිසාම ඔවුන් සුරාවට සහ සූදුවට ඇබ්බැහිව තිබෙනවා. කාන්තාවන් දිවි රැකගැනුමට ගණිකා වෘත්තියට නැඹුරු වෙනවා. විනය අතින්ද පිරිහුණු මෙම සමාජය ක්‍රමයෙන් අභාවයට පත්වෙනවා. මේ අවස්ථාවේදී තාරුණ්‍යට පා තබන ඔබට මෙම සමාජය නගා සිටුවා ඉදිරියට ගෙන යාම සඳහා නායකත්වය ලැබෙනවා.


ඔබ ගන්නා පියවර සඳහන් කල හැකිද?

2 comments:

  1. //ඔබට මෙම සමාජය නගා සිටුවා ඉදිරියට ගෙන යාම සඳහා නායකත්වය ලැබෙනවා.//කියන එක විස්තර කරන්න පුළුවන්ද? මොකද ඒ බලතල වල ස්වභාවය අනුව උත්තරය ගොඩක් වෙනස් වෙනවා. ඔය ට්‍රයිබ් එකේ ගෑනු සීයකුයි පිරිමි සීයකුයි ඉන්නව නම් ඒ දෙසිය දෙනාම අළුත් නායකයට කැමතිද නැත්නම් බාගයක් අකමැතිද නැත්නම් ඉහළ ඇවරියේ සෙට් එක අකමැතිද? ආගමික පූජකයො ඉන්නවද ඉන්නවනම් අළුත් නායකයගෙ පැත්තෙද? ඔය ට්‍රයිබ් එකේ සන්නිවේදනය මොන මට්ටමකද තියෙන්නේ, මොනවගේ අධ්‍යාපනයක්ද ළමයින්ට ලැබෙන්නේ? ජෙන්ඩර් හෝ වෙනත් discriminations තියේද? ඒව නව නායකයට බලපානවද? උදාහරණයකට, කාස්ට් සිස්ටම් එකක් තියේ නම් නායකයා අඩු කුළේද ඉහළ කුළේද? මේ වගේ ෆුල් ඇනලයිසිස් එකක් නැතුව දීල තියෙන දත්ත අනුව නම් ඉතින් මුකුත් කතා කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔය අහල තියෙන විස්තර කිසි දෙයක් අදාළ නැතුව, දීල තියෙන පරිසරය තුල නායකයෙක් බිහිවුණා වැලි කතරේ මක්කා නුවර මුහම්මද් කියල. මීට වසර 1500ට විතර කලින්. එයාගේ ක්‍රමෝපාය සහ යුද උපාය හදාරන්න. 21 වෙනි ශත වර්ෂයේත් එයා ගොඩනැගුව system එක ලෝකයම නතු කරගන්න තරම් ප්‍රබලයි

      Delete